නායකත්වය පුහුණුව ...................... කුරුටු ගෑ ගී පවුර උසස් පෙළින් සමත් වෙලා හිතට දැනුන සතුට අරංකැම්පස් වෙනුවට ඇවිදින් හමුදා කදවුරු පෙරළංබස් පුරවං උදේ ඉදන් හතර අතේ කරක් ගහංනායකයෙක් වෙන අයුරුව ඉගෙන ගන්නේ කෝම කියංසුදට ඇදන් PT ගිහිං අඩි දහයක් ඇවිද්දාමදකුණ වමට බලා හැරිලා අඩි උස්සලා බිම තිබ්බමනායකයින් වෙනවානම් අනේ ඔයිට වඩා හොදටකොක්කු රෑන් පිටිං ඉදියි නායකයින් වෙලා යසටකෑම වේල් තුනක් කාලා තේ තුනකින් බඩ පුරවන්ෆිල්ම් බලලා බජව් අහලා ...
පොලිස් මාමේ........ මම නැවතී සිටිමි. ඔබ නවතින්න............ කුරුටු ගෑ ගී පවුර පොලිස් මාමෙ දැක්කත් හිත බය වෙනවාකාකි ඇඳුමෙ කොළ පාටට හිත දනවාඅම්මලා තාත්තලා මේ ගැන කියවනවාඇහෙනව මාමෙ, කෙරුවද මෙහෙමත් ඒවා ..............ඉස්සර මාමලා රැවුලත් වැව්වාලූකට මැද කියවලා මිනිසුන් නැව්වාලූදැං බැරි ඇයි මාමෙ රයිෆල් ඕනෑලූසාමය එක්කනම් ගිනිඅවි නෑ යාලූ ..............පොලිසියෙ බිත්ති වල තීන්ත ගෑවාටඑස් පහ කරලා බෝඩ් ගහලා තිබ්බාටජනතා හිතවාදි වෙන්නම් කීවාටමිනිසුන් බයයි එහි ඉන්නා යක්කුන්ට ..............වාහන නවතලා මහ මග මරනවදහිරේ ඉන්න අය ...
ඒක කරන විදිහ ...................... කුරුටු ගෑ ගී පවුර ආදරේ දැනෙනවා.ආදරේ හිතෙනවා.ඒ වුණාට ආදරේ කරන්නත් විදිහක් තියෙනවා.ජීවිතේ විදිනවා.දිනෙන් දින ගෙවෙනවා.ඒ වුණාට ජීවත් වෙන්නත් විදිහක් තියෙනවා.ආයෙමත් දකිනවා.බලන්නට හිතෙනවා.ඒ වුණාට අහන්නත් විදිහක් තියෙනවා.සුමුදු බව දන්නවා.සුමට බව හැගෙනවා.ඒ වුණාට නොරිදන්නත් විදිහක් තියෙනවා.ලෝකයෙන් මිදෙනවා.මා ළගින් ඉන්නවා.ඒ වුණාට ඕනෙම දෙයක් කරන්න විදිහක් තියෙනවා.......තුෂාර විතාරණ. ...
අර පාරේ ඉන්න බූරුවාගෙන් අහලා වරෙන් ගෙවල් රත්නපුරේද ... ගාල්ලෙද කියලා...... කුරුටු ගෑ ගී පවුර කංකං බූරූ.... සිංසිං නෝරූ.......මං කියන දේ කරනවාද???කරනවා....එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්විජයමුණි මාමාගෙන් අහලා වරෙන්අප්පච්චි මළාද..... නැත්තං පුතා මළාද කියලා..... කංකං බූරූ.... සිංසිං නෝරූ.......මං කියන දේ කරනවාද???කරනවා....එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්විමල් මාමාගෙන් අහලා වරෙන්මහින්ද මාමා ඊළගට ඉල්ලන්නේපළාත් සභාවටද...... ප්‍රාදේශීය සභාවයටද කියලා......කංකං බූරූ.... සිංසිං නෝරූ.......මං කියන දේ කරනවාද???කරනවා....එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්එස් බී මාමාගෙන් අහලා වරෙන්පැරදුනේ මහින්ද හින්දද ..
මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේනේ සර්....... හත්තිලව්වයි ඒකද???? කුරුටු ගෑ ගී පවුර හෙලෝ.....................මං මේ කතා කරන්නේ හිටපු කෙනාමේ මහනුවර මාලිගාවද????ආනේ බුදු සර්.......කොච්චර කාලෙකින් ද කටහඩ ඇහුවේදැන් ඉතින් සර් කට උත්තර දෙනවා විතරනේඅපිට කටහඩ අහන්නවත් දෙන්නෑනේ....මේ මේ විකාර කතා කරන්න එපා බංඔය මාලිගාව කොතනද තියෙන්නේ...?මෙව්වත් මාලිගා ද සර්සර්ලටනේ මාලිගා තියෙන්නේ.කොළඹ එක නං කොල්ල කෑවා නේද...?ඔය කොළඹ එක හදපු සල්ලි දාලා ගමේ එක හදාගන්න තිබ්බේ සර්..........මේ මගුලක් කතා කරන්න එපා බංඔය මාලිගාවේ මොකක් ද ...
කුරුටු ගෑ ගී පවුර ගෙඩි පිටිං හොරකම් කරලා............ කුරුටු ගෑ ගී පවුර කුරුටු ගෑ ගී පවුර කියලා මේ වෙද්දි බුකියේ පවත්වා ගෙන යන ගිණුමක් පිළිබද ව අද සින්දු අැනෝට විස්තරයක් ලැබිලා ඒ ගැන අපිව දැනුවත් කළා. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කලින් වතාවකත් අපේ මිතුරෙක් කියලා තිබුණාට ඒක ගැන අපිට කිසිම විස්තරයක් හොයාගන්න හැකි වුණේ නැහැ. ඒත් මේ වෙද්දි හොද සාක්ෂියක් ලැබිලා තියෙනවා. සත්සරණී කෝකිලා මධුමතී යන නමින් මේ බුකි ගිණුම අයිති ...
අපිට නං ඒක අහපු වෙලාවේ ඉඳලා නින්දක් නෑ................. කුරුටු ගෑ ගී පවුර මේ තරම් බය හිතෙන්නහොල්මන් කතාවක් කියද්දිත්ඔහොම නිදාගන්නේ කොහොමෙයි..........?අපිට නං ඒ කතාව අහපු වෙලාවේ ඉඳලාහරිහමං නින්දක් නෑ...... රෑටවත්.............කසුප් අනුරාධරූපය - http://www.gettyimages.ie/photos/lankan-minister?excludenudity=true&sort=mostpopular&mediatype=photography&phrase=lankan%20minister. ...
අසම්මත ප්‍රේමය ...................... කුරුටු ගෑ ගී පවුර සොදුරු නිශාන්තයේදුටු හීන බොද වුණා.ඒ හීන හැඩ කරපු ඔබ මාව හැරගියා.ගතින් නොවෙතත් සිතින් අප ළංවුණා.පාට පෙවු හීන මාදවයි මුළු රෑ පුරා ......................මුහුණු පොතේ පිටු පෙරළුණා.ඔබේ සද ඔබ අසල වැජඹුණා.මා සෙව්ව හීන මට වද වුණා.අසම්මත ප්‍රේමය ම ගොළුවුණා ...................මගේ සද මා වෙතට යා වුණා.ඔබේ සද ඔබ වෙතට යා වුණා.අපි අපි ම දුටු හීන බොද වුණා.මාව හැර දමා ඔබ බොහෝ දුර ඉගිලුණා ...
ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැන්නා වාගේ........ කුරුටු ගෑ ගී පවුර එදා හෙළ ජන වහර කියූ කතා මනහරපහත දැක්වේ විස්තරතවත් ලියනුව කතා එක්කර ගලේ පහරපු බලළා වගේවිමල් වීරවංශකාලේ හොදවුණාම බඹරේ වැල්ලෙත් කැරකෙනවාරනිල් වික්රමසිංහඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයිමෙෙත්රීපාල සිරිසේනවදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමතිස්ස අත්තනායකදැලි පිහිය අහුවුණ රිලවා වාගේඋදය ගම්මංපිලඋන්නත් දාහයි මලත් දාහයිඒ. එච්. එම් ෆවුසිකතාව දෝලාවෙන් ගමන පයින්සරත් ෆොන්සේකානැව ගිලුණත් බෑන් චූන් (පෙරළුන පිට හොදයි කියනවා)අාරුමුගම් තොන්ඩමන්දෙන දෙයියෝ ...
උඹලට ලැජ්ජා නැති වුණාට අපිට ලැජ්ජයි ............................../// කුරුටු ගෑ ගී පවුර දුම්වැටි පිටු දැකීමේ දිනයබෝඩ් උස්සං, කටවල් වල, නහය වල් වල පටි බැදගෙනවටරවුම් ගානේ දාඩිය පෙරා ගෙන,ගෙදරින් ගෙනාපු බත් එකවත් කන්න තැනක් නැතුවකටේ කෙළ හිදිලා දිව ගිලෙන්න එනකංමොකක් ද මේ නටන විලි ලැජ්ජා නැති නාඩගම.........................ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්අද සිගරට් බිව්ව ද ????ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්තුන් හිතින් ම කැමැත්තෙන් ඕක කරනවා ද ????ඔය බෝඩ් උස්සං ඉන්න කීයක්ඕක කරලා දුම්වැටි නවත්තන්න ...
වසන්තය නොඑනු මා වෙත............. කුරුටු ගෑ ගී පවුර අකල් ගිම්හානෙකට වීදෛව මාරුතේ සමගගිලිහී ගිය මුදු මලෙකසුවඳ සිහිනෙන් විඳිමි..............ගොම්මන් සැඳෑ යාමේඇය දැවෙන චිතකයේඅවසාන ගිනි සිළුදගිල ගනී නිශාන්තය ...............වියරුවෙන් ලය පතුලනොනැවතී ඇවිලෙනාවියෝවේ චිතකයේදැවෙයි මා සියොළඟම ...............ඇගේ පියැවුණු දෙනෙත්දකින්නට පවු කරපුමා දෙනෙත් වලට තවකඳුළු නෑ හඩන්නට ...............සිනා සැලු ඇගෙ උවනඋණුසුම් වූ රත් කොපුලසෙනෙහසින් පිරුණු සුවගෙන ගියා උඩු හුළඟ ..............සසරෙ මා පැතු එකම පෙම් මලඅහිමි වූ සඳ නිමේෂයකින්කුමට මා හට අන් කිසිත් ...
අලුත් ම ත්‍රස්තවාදී අවදානම.................. කුරුටු ගෑ ගී පවුර එරට උතුම් යැයි කියනා තැනක් වේ ගරුමේ තැන ඉන්නේ බලගතු මැති ඇමතිවරුඒ අය එක්වී සමයක මේ සැරසෙන්නේසමුළුවකට යන්නට පිටරට සැනසිල්ලේ...........මෙතැන තියෙන ඔළුගෙඩි ටික ගණන් බැලුවොතින්බාගයකට වැඩිය ඇතේ පාර්ලිමන්ට් එකෙන්ඒක නිසා රැකිය යුතුයි මේ රන් කඳවල්ඉහළම රැකවල් දී ඇත දා මුරකාවල්...........කෙසේ වුව ද යන මග ඇති තොටුපොළක ගුවන්නවතන්නට සිදුවිය මේ යානය දොසකින්එහෙදි සිද්ධ වුණේ දෙයකි නොසිතුව විලසින්කඩා පැනපි ත්‍රස්තවාදි රැළක් හදිසියෙන්...........ගත්තනේ ...
කුරුටු පුවක් පුවක් කියා - සින්දුවකුත් රසට ගයා - හොදට ඉදුණු පුවක් හොයා - මේ දෙන්නා එගොඩ ගියා...... කුරුටු ගෑ ගී පවුර 2014 වෙනතුරුබොහොම ඉහත කොරවක්කා පුවක් මිලට ගෙන වික්කාවැඩි කල් යන්නට මත්තෙන්ලොකුම දියුණුවක් දැක්කා2014 අග භාගයගමේ ගොඩේ අැවිදින්නයිපුවක් මිලට අරගන්නයිඒ පළාතේ නම ගත්තේකොරවක් අඹු සැමි දෙන්නයිකුරුටු පුවක් පුවක් කියාසින්දුවකුත් රසට ගයාහොදට ඉදුණු පුවක් සොයාඒ දෙන්නා එගොඩ ගියාමේ කොරවක් මුදලාලීපොඩි දරුවොත් දනිති ගමේඔහුගෙ යාළු ඔරුකරුවෙකිඅදුනන කොට්ටෝරු නමින්2015 ජනවාරිපුවක් ගෝනි එගොඩ ගොඩේකඩ තියෙන්නේ මොගොඩ ගොඩේඔරුවෙන් අරගෙන ඒමයිදැන් කළ යුතු හොදම වැඩේමෙහෙම හිතා කොරවක්කාකොට්ටෝරුව ...
නැතුව නැතුව - නැතුව නැතුව ................... කුරුටු ගෑ ගී පවුර අපි නං කවදාවත් ම හොරුන්ට තක්කඩියන්ට තනතුරු දෙන්නෑඅනේ ඔව් මහත්තයෝමේ රටේ මිනිස්සු පහුගිය කාලේ ඔය තක්කඩියන්ට යට වෙලා බයෙන් හිටියේනැතුව නැතුව - නැතුව නැතුව ...................අපි නං කවදාවත් ම මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නේ නැහැඅනේ ඔව් මහත්තයෝමේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නේනැතුව නැතුව - නැතුව නැතුව ...................අපි නං කවදාවත් ම මාධ්‍ය මර්ධනය කරලා තර්ජන කරන්නේ නැහැඅනේ ඔව් මහත්තයෝපහුගිය කාලේ මාධ්‍ය ...
ලොව තෘප්තිමත් ම මිනිසාගේ නිර්මාණශීලීත්වය කුරුටු ගෑ ගී පවුර මට දවසක් දා මිනිසෙක් මුණගැහුණාඔහු කවදාවත් ම විරහම අකුරු කරලා නැහැ.අකුරු කරන්න තරං විරහවක් ඔහු කවදාවත් ම විදලා නැති නිසාඒකේ වරදක් කියන්නත් බැහැ....තව ටිකක් කතා කරද්දි ඔහු මට කිව්වා"මම කවදාවත් වේදනාවක් විදලා නැහැ"ටිකක් පුදුම වුණ මම මෙහෙම අැහුවා."ඒ අැයි..?"ඔහුග් හිනාව පිරුණු මුවේ සටහන් වූ පිළිතුර"මට කවදාවත් ම වේදනාවක් දැනිලා නැහැ".....මේ අපූරු මිනිසාගෙන් මං මෙහෙම අැහුවා"ඔබ කදුල ගැන ගීත කුරුටු ගාලා ...
දැන් ඉතින් මං මැරෙනවා ම තමයි......... කුරුටු ගෑ ගී පවුර මට හම්බුණා පුදුම මිනිසුන් දෙදෙනෙක්එක්කෙනෙක් ජීවිතේට බොරුවක් කියලා නෑ.අනික් කෙනා ජීවිතේට ඇත්තක් කියලා නෑ.මං ඇහුවා කවුද ඇත්ත කියන්නේ කියලාදෙදෙනාම තමන් ව පෙන්නුවා.මං ඇහුවා කවුද බොරු කියන්නේ කියලාදෙදෙනාම අනෙකාව පෙන්නුවා.එකපාරට ම දෙදෙනාම කිව්වාමං ඔබව මරණවා කියලා....................මං හොදට ම බය වුණා.ඒත් ටික වෙලාවකින් මට සතුටකුත් දැනුනා.මාව බේරගන්නත් මෙතනම කෙනෙක් ඉන්නවානේ කියලා.ආයෙම කල්පනා කරපු එයාලාඅදහස් වෙනස් කරා.එක් අයෙක් කිව්වා මම ඔබව බේරගන්නවා කියලා.ඒක ...
අනේ සාදු............ කුරුටු ගෑ ගී පවුර රූපය 01 රූපය 02 මෙය මහා තරගයකි තෑගි ගන්නට අැහැකිනමුත් ලේසියක් නැති දරුණු අභියෝගයකිඅැහැක් නම් කරනු රිසි ලියන්නට අැති දෙයකිඉහත රූපයන් හට නමක් දෙනු මැනැවි සකි........කුරුට්ටන්ගේ යෝජනාවරූපය 01 - බුදුහාමුදුරුවෝ දැක්කොත් මේවා...........රූපය 02 - බන්ධනාගාර බල සේනා................රූප 01 හා 02 - http://www.lankadeepa.lk/. ...
අධිකරණ අමාත්‍යංශයේ සම්මුඛ පරීක්ෂණය කුරුටු ගෑ ගී පවුර "සමථකරණ නිලධාරී"පුරප්පාඩු 50පන්ති සාමාර්ථ සහිත උපාධියට ලකුණු 25පශ්චාත් උපාධියට 30ඩිප්ලෝමා වලට 25පරිඝණක සාක්ෂරතාවයට 15පෞරුෂයට 05දුටුවෙමි මෙලෙසකාර්යාල දැන්වීම් පුවරුවේ දිස්වනු ...................දින 01 ක රාජකාරි නිවාඩුපැය 12 ක් බස්රියේඅයදුම්කරුවන් 250 ක් දිවයින පුරාවෙන්ගියෙමි මම දැයේ යුක්තිය පසිදලන නීතිරීතිවල තෝතැන්නට.............ලදිමි ලකුණු 100%පිනාගියා සිතවියතුන් සභා මැදලදිමි දිනුම මම .........................දින සති මාස ගත වියසමථකරණ නිලධාරිණියක පැමිණ ඇත කාර්යාලයටසොයා බැලූවෙමි මම .....................ඇය බා
අනේ අායෙත් එන්නකෝ මහින්ද.................. කුරුටු ගෑ ගී පවුර ගිය ජනවාරි අටතිබුණ ඡන්දය මේ රටඡන්ද තව කුමකටගත්තා අාතල් දිගට හරහටමෙව්වාත් ඡන්දදමරා ගත්තේ කීයදකාර්යාල ගිනි තිබ්බදමෙහෙම ඡන්ද අපිට දැනෙනවදගිය පාර ඡන්දේදෙන්න කියලා උන්දේපපුවට ගගහා වැන්දේකෝ මුන්ගේ ඒ සද්දේලේකම්වරු ටිකසභාපතිවරු ටිකහමුදාපතිවරු ටිකහැම තැනකම ඉන්නා ලොක්කෝ ටිකහෝ ගාලා රැස්වීම්තියලා කට්ටිය ගෙන්වීම්බය කරලා කියු කීම්නොදුන්නොත් ඡන්දය බලාගන්නම්රෙදි නැතිව උන්අපේ රටේ උන්සුදු රෙදි අන්දවන්ගියා සිල්ගන්නට පන්සල්නැතුවත් වතුරබෙදුවා ටැංකි බර බරඒවා ගහගෙන කරඅපි ගියේ පෙන්නලා ...
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා..... කුරුටු ගෑ ගී පවුර දහඩිය හෙලළා හම්බකරපුධන ධාන්‍ය ටික ගෙට අරන්තමන්ගේ ම මහන්සියෙන්හොයාගත්තු වසන්තය ආවෝ ආවෝ කියන්නෙතමන්ට ම කියලා කූඩුවක් හදාගන්න බැරිඅනුන්ගේ පහණින් එළිය බලන කොවුලෝ.ඒකයි මං කියන්නේමෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා.............එකෙක්ට එකෙක් පේන්න බැරිවතුවක්කු අමෝරාගෙන උන්නුකැති පොරෝ අරගෙන ගිහින්බඩදරු අම්මලා කපලා මරාදාපු හිංගලයෝ දෙමළුඑකම නැකතට එකම ජාතියක් විදිහට එකට එකතු වෙලා කැවිලි බෙදාගන්න අවුරුද්දඒකයි මං කියන්නේ මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............අවුරුද්දක් ...