ඉංග්‍රීසි වෙන්න හදන අමුම අමු සිංහල ගෑණු............ කුරුටු ගෑ ගී පවුර තොල් රතට රතේ පාට ගාකම්මුල් රෝස පෑ තැවරූඅනේක දෑ ඉලූ මූණු අැති ගෑණුදන්නා සිංහලෙන් සිතමින්හිතේ බාගයක් හිර කරගනිමින්නොදන්නා ඉංග්‍රීසියෙන් මොන මොනවාද කියති.....................තිහ හතලිහ පැන්නාට පසුගැටිස්සියන් වෙන්නට තතනන ගෑණුදණිස්සෙන් අඩියක් උඩට අැන්දවිනිවිද පේනා සේද සළුපටින් විලිවසා ගන්නට දුක් විදිමින්අරෙහෙට මෙහෙට අැඹරෙති......................බත් හැන්දකට හුරු වූ බඩගින්නහීනියට ලියා කූරු වල ගැසූඅනේක විධ මස් මාංශයන්අමාරුවෙන් අෑත් මෑත් කරගෙනකෘන්තක දත් වලින් හපමින්පුරවා ගන්නට වෙරදරති....................ඒ
උපාධි පත්වීම................................ කුරුටු ගෑ ගී පවුර අවුරැදු හතරක් වාසිටියේ කට්ට කාලා ගත්තඋපාධියට අවස්ථාවක් මෙන්න රජයෙන් .... ලොරියෙන් පැළ බාන්න පැළ බෙදන්න ඇට බෙදන්න වසමට කිලෝ මීටර 70 යි මුළු ගමනට පැය පහයි සාරි උස්සගෙන මඩේ. තව පැය දෙකයි.......... පැළ කාලෙට පැළ මිස් ලු ඇට කාලෙට ඇට මිස් ලු ඒත්............ S 3ට අමාරුවෙන් ගොඩදාගත්ත බාහිර උපාධියට මල් හතයි..... ඇමතිතුමාගෙ පත්වීම් ලු අව්වෙ යන්නත් බෑලු ඇට බෙදන්නත් ...
තාම මතකයි ඒ දවස ............................... කුරුටු ගෑ ගී පවුර නැගුණු හිරු අඹරත මවනු පෙනුණි කවදාවත් දැක නැති තරම් අමුතුම අමුතු ලස්සන සිතුවම්...................හිරුට නොදෙවෙනිව ඒ මේ අත දුවනනිල් හිඩැස් වසන්නට වෙහෙසුණ වළාකුළුත් අමුතුයි ...................කලා සොළොසක් නැතිව නැගුණු ගණකළුවරට යටවුණු හද පළුවේ තිබුණ හැඩය ..................තරු කැටයක්වත් නැතුව තනිවුණඅහසින් වැටුණු පිණිබින්දුවලත් තිබුණේ සතුටක් ........................කැළේට පිපිලා හැමදාම හිනාවුණකටරොල් මල් වල තිබුණු ඇස් සනසන ලස්සන ................තාම මතකයි මට ගිණි ගහන අව්වේ පිච්චි පිච්චි ඉද්දිත් ...
ගහපියකෝ ලක්ෂ දෙකමහාරක්ම............. ඉවරයිනේ. කුරුටු ගෑ ගී පවුර දැන් ඔය කියන විදිහට රට වල්වැදිලානංහැම එකාම බීලා ලයිසන් නැතුව යනවානංකනේ ගෑවෙන්වන වමෙන් ඉස්සර කරනවානංගහපියකෝ ලක්ෂ දෙකමහාරක්ම............. ඉවරයිනේ.තගදාලා බය කරාම ඔය තරංම හැදෙනවානංනීතිය නහයට උඩින් ගලද්දි රට බබළනවානංදඩ ගගහා උසාවි ගානේ දක්කද්දි තොපිට මාරයිනංදීපියකෝ ජීවිතාන්තය දක්වා ම................. ඉවරයිනේ.මහඋන්ට පඩි වැඩි වෙලා කාර් පර්මිට් හම්බෙනවානංමහබැංකුවෙන් අරහෙන් මෙහෙන් ගතමනාවත් ලැබේනංඡන්දෙ දුන්න උන් ටිකෙන් ටික නංපචං ගානවානංදීපියකෝ මරණ දඩුවමම....................... ඉවරයිනේ.කසුප් අනුරාධ. ...
දූරියන් ද ........... ඇපල් ද .................... කුරුටු ගෑ ගී පවුර දූරියන්............ගඳයි.කාලා බලන්න, පුදුම රසයි.ඒ වගේ ම ගුණයි.කාපු අය ආයේ හොය හොය කන්නේ............කාටවත් දෙන්නේ නැහැ.පෙරේතකමට බිම පෙරළගෙන කන්නේ.හැබැයි ටිකක් ගණං.හැමදාම නෑ.............. හැමතැනම නෑඇපල්..................සුවදයිකාලා බලන්න, ටිකක් සුවඳයිටිකක් විතර ගුණයි.කාපු කෙනෙක් ආයෙම කවුරුහරි දුන්නොත් විතරයි කන්නේ.තනියම කන්නේ නෑ.ළග ඉන්න අයටත් අනිවාර්යෙන්ම දෙනවා.ගොඩවල් ගානට විකුණන්නේ.විලි ලැජ්ජා නැති අඩු ගානට.........හැමදාම තියෙනවා..............හැමතැනම තියෙනවාඉතින් ඔබේ තේරීමදූරියන් ද ? .......... ඇපල් ද ?- අසංක
දෙපැත්තට වැනෙන රාළේ, රෙද්ද පල්ලෙන් අන්න බේරේ.............. කුරුටු ගෑ ගී පවුර කොකාගේ ගිය වාරේදැන් තිත්තයා බාරේදෙපැත්තට වැනෙන රාළේරෙද්ද පල්ලෙන් අන්න බේරේ..............ගලේ පහරපු බලළාවහන්නට වෙර දරලාමේ කුණු කතා අහලාවහලා මොකටද හිතයි බලළා.............කට තිබුණු පළියටභාවිතයට ගත් විටනහින මාලුවන් විලසටඋඩපනී මරි මෝඩ තාලෙට.............විලිලැජ්ජාව ඇවිදින්හිරිකිතය හා මුහුවෙමින්අප්පිරියාව දනවමින්ඔක්කාරයට එයි හරි තදින්.............කරනට දෙයක් නැත්තංඅර තීන්දුත් බඩ බැදංපරණ තනතුර කුදලංමුහුදේ පැනලා මැරිලා පළයං..............කසුප් අනුරාධ.පසු සටහන - හිටපු සරත්තුමා හිටපු මහින්දතුමාගේ හොර රැස්වීමක මයික් ටයිස
අපේ ගමේ මෝඩ හැත්ත................... කුරුටු ගෑ ගී පවුර එන්රිකේ මොන පොරක්දඅන්න ඒකටඅපේ ගමේ හිටිය අැන්ටන් සිරා...බීලා වෙරි වුණාමපාර දිගේ සින්දු කිය කිය ගියාටබ්රා විතරක් නෙමෙයි උෟටපෑන්ටිත් දාලා තිබුණා කෙල්ලෝ.මෙහෙව් සම්පතක වටිනාකමදශමයක්වත් තේරුම් නොගත් අපේ ගමේ මෝඩ හැත්තගල්ගහලා පැන්නුවානේ උෟටජංගි හොරා කියලා...!කසුප් අනුරාධ. ...
මුඩුක්කුවට එහා ............................ කුරුටු ගෑ ගී පවුර හැකිවෙයි ද බර කරට ගන්නටහැපි හැපී වැටෙන ජීවිත,දුප්පත්කමින් පීඩිත මුහුණු,කුසගින්නෙන් හඩන පොඩිවුන්,බේබදුකම, නූගත්කම .................. තව ඕනේ තරම්.හැකිවෙයි ද මේ දේවල් අතික්‍රමණය කරන්නටදුඹුටු ගැහුණු කොණ්ඩ ගුළියක් බැදගත්,කර ඉරුණු කමිසයක් ලා ගත්,කුණු ගොඩින් ඇහිලූ කලිසමක් දැවටූ,මේ පුංචි උඹට .................ඔය සිමෙන්ති බාල්දිය එසවූ දාටකුණු ඇලට බැම්මක් නොව,අම්මා හිතන මහා මන්දිරයකුත් නොව,මහ උන්ට ඕන කොන්ක්‍රීට් පාරකුත් නොව,ක්‍රිකට් ගහන්නට පිට්ටනියකුත් නොව,උඹට හදන්නට හැකියඔය මුඩුක්කුවෙන් එතෙර ...
පබළු නගේ- නාමල් තිලකේ..... කුරුටු ගෑ ගී පවුර සම වයසේ පසුවන ළමයින් එකතු වූ විට කෙළිදෙලෙන් කාලය ගත කිරීම බොහෝවිට දක්නට ලැබෙන්නකි. එසේම මෙලෙස ඔවුන් එකතු වූ විට ඔවුන් සිටින්නේ ද ඔවුන්ටම ආවේනික වූ ලෝකයක කිරුළු දරාය. තවද ඔවුනොවුන් අතර වෙන් කළ නොහැකි සෙනෙහසකින් එකට බැදී ඇත. මෙලෙස කාලයක් තමාගෙ ලෝකයේ තනි නොතනියට කෙළිදෙලෙන් කාලය ගතකළ තම හෙවනැල්ල සේ ළගින් සිටි තම මිතුරිය තමාගෙන් අකාලයේ සමුගෙන යාමක් ...
අරයාගේ පුතාගෙන් ගත්තා මෙයාගේ අයියට දුන්නා................ කුරුටු ගෑ ගී පවුර මිනිස්සු කරේ ඡන්දය දුන්න එක විතරයි.ඡන්දය ගත්තු අය හුගක් දේවල් කරා.ඒවා පහත පරිදි වර්ගකර දැක්විය හැකියි.1. අරයා ගියා මෙයා ආවා.2. අරයාගේ කට්ටිය ගියා මෙයාගේ කට්ටිය ආවා3. අරයාගේ කට්ටිය උසාවි ගියා මෙයාගේ කට්ටිය දියවන්නාවට ගියා4. අරයාගේ කට්ටිය ගෙදර ගියා මෙයාගේ කට්ටිය ලොකුපුටු වලට ගියා5. අරයාගේ යාලුවෝ අමාරුවේ වැටුණා මෙයාගේ යාලුවෝ ගොඩ ගියාඒ විතරක් නෙමෙයිමේ වර්ග අතරට ආපු අලුත් ම වර්ගය මේකයි.6. ...
එදා මාවිල්ආරැ .................... අද රතුපස්වල කුරුටු ගෑ ගී පවුර එදා මාවිල්ආරු සොරොව්ව,දෙමළ ජනතාවට වගා කරන්න වතුර දෙන්න,හමුදාව ම කැපවී කළා.''මානුෂීය මෙහෙයුම''ඉවර කළේ,ප්රභාකරන් මරා දමා,නන්දිකඩාල් කලපුවේදී .......................අපි කිරිබත් කෑවේ,නුවරපාර අයිනේ .............................. අද රතුපස්වල,බොන්න වතුර ටිකක් ඉල්ලපු අමු සිංහල ජනතාවට,හමුදාව කළා.''අමානුෂීය මෙහෙයුම''ඉවර කළේ,තරුණයින් තුන්දෙනෙක් බල්ලෝ වගේ මරලා දාලා,නුවරපාර අයිනේ ........................... කානුවකඅපි කිරිබත්කාපු,නුවරපාර අයිනේ ............................... තුෂාර විතාරණ. ...
උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ??? කුරුටු ගෑ ගී පවුර තෙල්බැම්ම පුරාහිනා කටවල් ගොඩයි.පළවෙනිම දවස සරසවියට ගොඩවැදී....උහුලා ගත නොහෙන කැළණියේ රස්නයවපුලයි දහඩිය බිඳු නහය උඩ....ආ.. ඒ .. මෙහෙට මෙහෙට....ගියෙමි අයියා කෙනෙකුගේ ආරාධනයෙන්.ගෙවල් කොහෙද ? නුවර නුවර කොහෙද ? පේරාදෙණියේමල්වත්ත ළඟද ? ඔව්උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ? නෑපල පල යන්න. අනේ නෑඋඹේ කාඩ් එක එබිකම්................අදට ද මිතුරන් අමතන මා ප්‍රියතම නම.ආ..... අර අතන ඉන්න අක්කා පේනවද? ඔව්ගිහින් අහපං ...
වාද බයිලා මඩුව........... මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා කුරුටු ගෑ ගී පවුර මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලාසුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලාසුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලාමෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලාහිතෙන දෙයක් ලියලා ගිහිං අායෙ වරෙල්ලාබැනලා තියෙන එවුන් එක්ක වාද කරල්ලාඅතින් පයින් නැතුව වචන හරඹ කරල්ලාවාද පිටිය මේක තමයි දැන් අරඹල්ලාමෙහෙං වරෙල්ලා - අැවිල්ලා කවි ලියහල්ලාගින්දර බයිලා - මල්ලි හිටගෙන බයිලාසුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලාමෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද ...
කොළඹ කොටුවේදී මවක් ගෙළවැලලා ගැනීමට උත්සහ ගනී ............. කුරුටු ගෑ ගී පවුර වෙනකෙක් නෙමේ දරුවන් දූෂණය කරේඋන්ගෙම තාත්තාදරුවෝ ටික අරං ගිහිං පොලීසියටඅනික් දවසේ දැම්මා උසාවියටපරිවාසේ නෝනා උඩින් පල්ලෙන් අහලා විස්තරළමයි දානවැයි කිව්වා ළමා නිවාසයකටගෙදර ආරක්ෂාවක් නැතැයි කිව්වමමං මොනවා කියන්න ද දෙයියනේ ................එදා ඉදලා බෑ මට ගෙදර ඉන්ටඇහෙන්නෙම පොඩි උන්ගේ ඇඩිල්ලහීනෙන් ඇවිත් හීං එකී කියනවාගෙදර එක්කන් යන්ට කියලා ගිහිං ඇහුවම ළමා නිවාසෙටළමයි පෙන්නන්න බෑලු කියන්නලු පරිවාසෙටපරිවාසේ නෝනට පිටිං යන්න බැරිලු උසාවි නියෝගෙටමං මොනවා ...
අද රෑත් සීතලයි නොකියපන් මොනාලිසා.................. කුරුටු ගෑ ගී පවුර හිටගෙනම දෙපැත්තෙන්පහන් කණු නිදි කිරයි......මා එක්ක කැමැත්තෙන්දොඩවපන් මොනාලිසා......ඉටිපහන නිවුණු රෑඩාවින්චි මියැදුනා.....අද රෑත් සීතලයි නොකියපන් මොනාලිසා.......පින්සලෙන් වැඩක් නැහැපුයරු හරි සුවඳයි.........පින්තූර රාමුවම හිරගෙයක් මොනාලිසා........සූරසේන(ආධුනික කුරුටු කවියෙකි) ...
යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවන දුක්බරිත බව හොදාකාරව ම දනිමි මම .......................... කුරුටු ගෑ ගී පවුර ශේෂ වුණු කදුළක් කොපුල් රූරාගෙනශ්වේත අංජන නෙතින් අභිනික්මන් කරරෝස පෑයට පිපුණු කම්මුල් මතවේලිලා ඉරිතලනු ඇති බව දනිමි මම ...........................අතොරක් නැති කර්කෂ ගෝෂාව මැදඅයාගත් දෑස් පියන්නට අතහැරීඅනන්තය දකින්නට යත්න දරමින් කල්පනාබරිත ව සිටින බව දනිමි මම ..........................ප්‍රේමය සංතර්පනය කොට උනුන් වෙලාපරිධියේ කොනක පෙම් කෙළින් පෙම්වතුන්යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවනදුක්බරිත බව හොදාකාරව ම දනිමි මම ..........................ලම්භාකාරව පොළවට පතිත වනවැහි බින්දු ජනිත කරන ...
ගැහැණුන් ගැන හොයන පිරිමිකම ........... කුරුටු ගෑ ගී පවුර කෙතරම් වැරදි කළත්නාවලා ගෙට ගත්තම පිරිසිදුයි කීවදයුවතියනේ........................අපේ හදවත් දනී අපි අපිරිසිදු බවඅපි අයාලේ යන අතරතුරනිරතුරු ඔබේ චරිතය ම සෙව්වදයුවතියනේ ........................අපි දනිමු අපි දුස්චරිත බවසෙව්වද ඔබේ පතිවතනොරකින ගමන් අපේ පතිනිවතයුවතියනේ .........................අපි දැවෙන්නෙමු ඔබේ කඳුළු තුළඋරුමයෙන් ලද පිරිමිකමඋතුම් බවකට හරවා නොගත්වල් වැදී ගිය සමාජයකදූෂිත වූ සිත් සතන් මැදඅපි අතරමං වුව ද යුවතියනේ .......................අපි අගය කරන්නෙමු ඔබේ උතුම් බවපද මාලාව පිළිගැන්වීම - උතුම් ...
දෑස් නොපෙනෙන මව්පිය යුවළක් කියන කතාවක් කුරුටු ගෑ ගී පවුර අපේ පුංචි දියණිය එක්ක සතුටින් ඉන්න අපිත් හරිම කැමතියිදෑස් නොපෙනෙන මව්පිය යුවළක් කියන කතාවක්Source - http://amaleymunasinghe.blogspot.com/රොහාන්-රසිකා දෙන්නා තමන්ගේ පුංචි ගැහැනු දරුවා එක්ක ඇවිද යනවා. අපි ඔවුන් යන දිහා ටිකක් වෙලා බලා හිටියා.“පව් නේද?” ළඟ හිටපු කාර්යාලයේ තවත් මිතුරෙක් කියනවා අපට ඇහුණා.රොහාන්ලා ඇත්තටම පව් තමයි. ඒ ඇයි කියලා දන්නවද? ඒ ඔවුන් උපතින්ම අන්ධ අය විදිහට මෙලොවට ආපු හන්දා.“මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ ...
මාව අත්අඩංගුවට ගත්තොත් මහජන කැළඹීමක් අැති වෙනවා...... කුරුටු ගෑ ගී පවුර ලසන්න මැරුවා කියලා රටම දන්නවාමහ දවල් මහ පාරේ යන ගමන්වෙඩි තියලා මරලා දාලා තිබුණේකෝ මුකුත් ම වුණාදලසන්තම වෙඩි තියාගත්තා කියලත් කිව්වාමහජනතාව කැළඹුණාද ................ මොන පිස්සුද...?එක්නැලිගොඩ අතුරුදහන් කියලා රටම දන්නවාපත්තරේට ලිය ලිය හිටපු ගමන්උදේ ගිය මිනිහා හවස නෑකෝ මුකුත් ම වුණාදපිටරටක හැංගිලා ඉන්නවා කියලත් කිව්වාමහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?ජෙනරාල්ගෙන් පළිගත්තා කියලා රටම දන්නවාඡන්දෙ තිබිලා ඉවර වුණ ගමන්හොරෙක් වගේ හිරකරලා තිබුණේකෝ මුකුත් ම ...
ආසියාවේ ආශ්චර්යයට බොහෝ දුර වූ කොළොන්ගස්තැන්න...................... කුරුටු ගෑ ගී පවුර හද්දා පිටිසර කොලොන්ගස්තැන්න ගම පිහිටා තියෙන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළයි.බෙරගල සිට වැල්ලවාය මාර්ගයේ කොස්ලන්ද පසු කර කි.මී 8ක් පමණ ගිය පසුව ස්වභාව සෞන්දර්යයෙන් පිරි මෙකී ගම්මානය හමුවේ.බෙරගල සිට කි.මී 35 ක් වුවත් කොලොන්ගස්තැන්න සිට වැල්ලවායට ඇත්තේ කි.මී 7 ක් පමණි.අධ්‍යයන කටයුත්තක් සඳහා කොලොන්ගස්තැන්නට ගිය ගමනෙහි තතු කිහිපයක් ඔබට කියන්නට මා අදහස් කළේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය ...