පුතුනි නුඹ හට සුවය සදනෙමි........... කුරුටු ගෑ ගී පවුර ඈත අහසේල හිරුගෙ සැඩ රැස්පෙරා දෝතින් රැගෙන එන්නෙමි...ගතේ රතු ලේ කිරට හරවාමගේ පුතු හට දොවා දෙන්නෙමි....හදේ පොපියන උතුම් සෙනෙහේපුතුගෙ නාමෙන් බැබළි බැබළී....දුටුවාද පුත රෑට අහසේතාරකා එළි ලෙසට හිනැහේ....මෙලෝ වඩිනට පෙරුම් පිරුවේමගේ කුසයෙන් දිවිය ලැබුවේ....මව්ගෙ උණුහුම පිරුණ ළැමතුරසිහින දකිමින් තුටින් නැළවේ....උතුම් පදවිය නුඹෙන් ලැබුවෙමිනුඹට ප්‍රාණය වුවත් පුදනෙමි....මගේ තුරුලේ නිදන කිරි කැටිපුතුනි නුඹ හට සුවය සදනෙමි....ඉසුරිකා උත්පලානී. ...
බල්ලා, උෟරා, *&^,%$@,*&$................ කුරුටු ගෑ ගී පවුර 1 - හෙලෝ.....2 - ඔව්..... කවුද කතා කරන්නේ1 - මේ වාසු මහත්තයාද....???2 - ඔව් ඕයි.... අැයි....?????1 - අපි කොළඹ ඉන්න කට්ටියක් කොළඹ අපේ ගෙයක් තියෙනවා කුලියට දෙන්න.. මං මේ...2 - ඉතින් මට %&@ ඕයි... බල්ලා, උෟරා, ^&%,*&^, ................1 - හෙලෝ.....2 - ඔව්..... කවුද කතා කරන්නේ1 - මේ වාසු මහත්තයාද.....???2 - ඔව් ඕයි අැයි....?????1 - අපි නුවර ඉන්න කට්ටියක් කොළඹ ඔයාලගේ ...
හිනා එක්කලා නුඹ අැවිත් උන්නා........ කුරුටු ගෑ ගී පවුර ඉඳින් බැසපලයන්...............තවත් කුමකට එබෙනවාදෝ වළාකුල් අතරින්පළාතම රන් පෑ කෙරූ - මවා පෙන්නන්නට හැදූහීන ලෝකය තවත් පාරාවීහඩන්නට කඳුළැල් නැතීඅහිංසක මගෙ නෙත්පෙතී............මගබලා ඉඳලා..........සියොලඟම වැහැරිලා කොළ හැලිලා.නුඹේ උණුහුම මයෙ ළඟින් තියලා.ගව් ගණන් අෑතින්............. පෙනී නාෙපෙනී නුඹ යන්න යනවා.....නිල් ගුවන පීරා...........නේක පෑයට වළාකුල් මැවිලා.අදහ ගන්නට බැරි කතා කිව්වා.ඒත් පහුවෙනිදා............ හිනා එක්කල නුඹ අැවිත් උන්නා....හිතින් දුක්වින්දා..........මට අයිති නැති හීනයක් දැකලා.පූදින්න වෙර
වනේ සරණා අපිට කවුරු සරණක් වේවි .......... කුරුටු ගෑ ගී පවුර වෑහෙනවා මහතුනේ අාදරේ හිත් අගින්කැකෑරෙයි හද පතුලේ දරු සෙනෙහෙ දළුලමින්නොමිනිසුන් නොවේ අප හිගා කෑවත් නුඹෙන්මිනිස් ගති තේරෙනවා ඉදින් තරහා නොවෙන්වෑස්සෙන කිරි කදුළු මුගේ කුස පුරවාවිබඩ බැදන් කිරි කැටිය රැකවරණයත් දේවිඒත් කිරි උණන්නට කුසට අහරක් නේවිවනේ සරණා අපිට කවුරු සරණක් වේවිපුතේ දවසක නුඹට හැකිවේවි අැවිදින්නඅතුපතර හිත් විලස පැද්දෙමින් පියඹන්නමේ මවට හැක එතෙක් නුඹේ පණ රැකදෙන්නපුතේ දහිරිය ගන්න.... වැරෙන් අල්ලාගන්න.................තුෂාර විතාරණ ...
පුතා පාස් කරලා බැහැ පුතා................ කුරුටු ගෑ ගී පවුර අන්තිමයි කියවීම නංයම්තම්වත් ගැටගහගන්න බැරි හැටිවැරදි කරනකොට මේ තරංයවලා කොහොම ද උඩ පන්තියට.....????කසුප් අනුරාධ.
මේ සටහන මධූමාධවී වෙනුවෙනි........ කුරුටු ගෑ ගී පවුර පාලුයි මචං...උඹ නැති බ්ලොග් කරලියමහිනාවේ අඩුවක් දැනෙනවාහිනා වෙන්නට බැරි තරම්.....පාලුයි මචං...උඹ නැති කමෙන්ටු ඔක්කොමඉන්නවා අපි මගබලංඉක්මනට එනකං තුටිංපාලුයි මචං...උඹ නැති සයිබරයමමගබලං ඉන්නං ඉතිංහිනා වෙන්නට අා සැනිංකුගෑගීපසටහන - මධුමාධවී හී මධුවා රෝගාතුර වීමෙන් පසුව රෝහල්ගත වී සිට මේ වන විට නිවසේ වෙෙද්‍ය උපදෙස් මත විවේකීව ඉන්නා බව දිනකට පමණ පෙර දැනගත්තෙමු... මේ සටහන ඔහු වෙනුවෙනි... ඉක්මනින් අායෙම බ්ලොග් ලියන්නට එනතුරා අපි ...
කඳුළු හංගන දෙනෙත් අභියස...... කුරුටු ගෑ ගී පවුර කඳුළු හංගන දෙනෙත් අභියසමතකයට නැගුනා ද කිසිවක්....ජීවිතේ බර වුනත් දියණියඔරුව මුවදොර බලා පැදපං....වෙඬරු පිඩ සේ සැනින් උණුවන....සිත් පොඩිය රිදුනාට ඉඳහිටලෝකයෙම බර වැටේ හිස මත....දරාගන්නට වේ ය නුඹහටනුඹ රැඳෙන්නේ යෙහෙන් මිහි පිටකාගෙ හෝ වෙන නිසා තවමත්....නමුදු සිහියට නගන් දියණියතනිවෙන්න සිදුවේ ය නුඹටත්....ඉසුරිකා උත්පලානී. ...
කඳුළු කැට කැට තවත් වෑහෙනවා............. කුරුටු ගෑ ගී පවුර හිතේ පාලුව තවත් ඉකිලනවාරාේස පෑ උවනට මුවාවී නීල දෙනයන තෙත් කරාවීපෑල දොර අැරලා දුක පලා යනවාහිතේ පාලුව තවත් ඉකිලනවා................සැඩ සුළං හමලාතැනූ මන්දිර අරං ඉගිලෙනවාඔය හිනා නැතිඔය කතා නැති අාදරේ හෙට තවත් තනිවෙනවානෙත් කෙවෙනි පලලාකඳුළු කැට කැට තවත් වෑහෙනවා.............මුතු හිනා මැවිලාමගෙ හීන ටික බලෙන් උදුරනවානුඹ ළඟින් නැතිසුවඳ එන්නැතිමගෙ හීන හෙට තවත් තනිවෙනවාමගෙ සවන් පලලාඉකිගහන හඬ තවත් රැව්දෙනවා..............තුෂාර විතාරණ. ...
පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං .......... කුරුටු ගෑ ගී පවුර වයිෆ්- මා සමග දොඩන්නට අද ඔබට වෙලා නැතහස්බන්ඩ්- මගේ වැඩ ලෝකෙ වැඩවලට මං හිරව ඇත වයිෆ්- කඩදාසි තීරු වෙයි ඔබේ පෙම් ලෝකෙ අදහස්බන්ඩ්- දොඩන්නට ඔබ සමග පෙම් වදන් නොමැත මටවයිෆ්- එදා කීවානෙ ඔබ මං ඔබේ මුලු ලොවයිහස්බන්ඩ්- කවදාද මං කිව්වෙ මතක නෑ හැබෑමයිවයිෆ්- සිතුවෙ නම් ඔබ එදා පෙම් මැදුරු තනන්නට ජීවිතේ හැම සැපම සෙනෙහසින් පුදන්නට හස්බන්ඩ්- වැඩ බහුල ලෝකයේ ඉඩ ...
ඔබයි හිමියනි ලොවක් පතනා මෙතේ බුදු රජිඳෝ.............. කුරුටු ගෑ ගී පවුර ඔබයි හිමියනි අපේ කාලේමහ කසුප් තෙරණෝ...........................වනේ සිට වැඩලාදහම් හඩ නගලාසාසනේ පිරිසිදු කළා මෙන්මේ බිමට පහණක් වුණා.......ඔබයි හිමියනි අපේ කාලේඅනඳ මහ තෙරණෝ...........................කල්පයක් බලලාදස පෙරුම් පුරලාකලින් දා අරහත් වුණා මෙන්ඔබේ යුතුකම ඉටුකළා.......ඔබයි හිමියනි ලොවක් පතනාමෙතේ බුදු රජිඳෝ...........................මෝහ දුක දුරලාඝණ අඳුර මකලාසිත් සතන් සුවපත් කරන් නන්දනන් නිවනට කැඳවනා.......කුගෑගීප. ...
ලක්ෂයට කොඩිය දැමීම....................... අපි ලක්ෂය පැන්නෝ.... කුරුටු ගෑ ගී පවුර නැරඹූවන් ගණන - 100,260 ට වැඩිබ්ලොගයට වයස - දින 900පෝස්ට් ගණන - 331කමෙන්ටු ගණන - 10,030 ට වැඩිෆලෝවර්ස් ගණන - 138ගූගල් මිතුරු කැළ - 270ෆ්ලෑග් කවුන්ටර් රටවල් ගණන - 80කවි වලින් විතරක්මෙහෙම ගමනක් යන්නඅපිට හිටපු ලොකුම ශක්තියඋඹලා හැමෝම තමා......ඒ වෙනුවෙන් කුරුට්ටෝ හැමෝමඋඹලා ඔක්කොට ම මෙහෙම කියන්නම්බොහොම ස්තූතියි මචං......... ...
දීපං යකෝ......!!! කුරුටු ගෑ ගී පවුර දිනක් දේශපාලකයකු හොරෙකුට හසුවෙයි. ඌ පිස්තෝලය උරුක් කරගෙන සිටින්නේ මොහු මැති සබේ උත්තමයකු බව නොදැනය.හොරා : දීපං යකෝ උඹ ළඟ තියනා සල්ලීදේශපාලක : දෙන්න සල්ලි මා ළඟ දැන් නෑ මල්ලීහොරා : ඒත් උඹේ පෙනුම වෙයිනෙ මහමෙරකදේශපාලක : ඒත් අනේ මා වෙමි හරි අහිංසකහොරා : දුප්පත් කමක් උඹ අහලක නැති ගානයිදේශපාලක : ඒක ඉතිං අපි කළ පිං මහිම තමයිහොරා : ලොව ...
නැතුව නැතුව - නැතුව නැතුව ................... කුරුටු ගෑ ගී පවුර අපි නං කවදාවත් ම හොරුන්ට තක්කඩියන්ට තනතුරු දෙන්නෑඅනේ ඔව් මහත්තයෝමේ රටේ මිනිස්සු පහුගිය කාලේ ඔය තක්කඩියන්ට යට වෙලා බයෙන් හිටියේනැතුව නැතුව - නැතුව නැතුව ...................අපි නං කවදාවත් ම මිනිස්සුන්ගේ සල්ලි ගසාකන්නේ නැහැඅනේ ඔව් මහත්තයෝමේ රටේ මිනිස්සු හරිම අමාරුවෙන්කීයක් හරි හොයාගෙන ජීවත් වෙන්නේනැතුව නැතුව - නැතුව නැතුව ...................අපි නං කවදාවත් ම මාධ්‍ය මර්ධනය කරලා තර්ජන කරන්නේ නැහැඅනේ ඔව් මහත්තයෝපහුගිය කාලේ මාධ්‍ය ...
දෙපා බැදි යදම් වැල් නූල් පොටකට තරං ............. කුරුටු ගෑ ගී පවුර වඩිනු මැන හිමි සදුනිමා උරෙන් රැගෙන යමි..බැඳි දෙපා හෙමි හෙමින්තබා ඔබ නොසොල්වමි..දෙකන් පෙති මත තබාපවන් පත් සලන්නෙමි..නොහිතන්න සාමිනේමම ඔබව රකින්නෙමි..හෙණ්ඩුවට බය කරන්දෙපැත්තෙන් ඉන්නවදගිණි බෝල කරවංතවත් බය කරනවදතිරිසනෙක් නං පිටේකරඩුවක් තියෙනවදකුහුඹු වැනි මිනිස්සුන් දෑත් බැඳ වදිනවදදෙපා බැඳි යදම් වැල්නූල් පොටකට තරංහෙණ්ඩු ගිණිබෝල වැල්බයක් නොදැනෙන තරංගරුසරු ව පය තබා වඩම්මන්නට උරෙංහිත පුරා කරුණාව තියෙනවා අැති තරංතුෂාර විතාරණපසු සටහන - අලුත්නුවර කතරගම දේවාලයේ ...
තාම හිත අස්සේ හිරවුණ ඉකිය විජේ අයියා ........ කුරුටු ගෑ ගී පවුර පළවෙනියට ම ඔෆිස් ගිය දාරස්සාවත් එපා කරවං ඔෆිස් එක පුරා ඔරවං හිටපුනාකි මූණු හිතුවේ මං උංගේ රස්සාව හොරකං කරා කියලා ..........වෙනම කාමරයක හිටියාටමොකක් දෝ ලෙංගතුකමක් හෘදයාංගම කමක් එක්ක හිනාවුණඑකම එක මූණක් තිබුණාකට්ටියගේ ම අාමන්ත්‍රණය වුණේ විජේ අයියා........වැඩ පටං ගන්න කලින් ම බ්‍රීෆ් කේස් එකේ හංගන් එනබුලත්, පුවක්, හුණු ගුලිකරලාවිටක් හපන්න පටං ගන්න ගමන්මේක නැතුව බෑ බං කිව්වේ විජේ අයියා .........හරියට ...
කළ කම් පළ දේ ය දුවේ නුඹ අැවිදින මේ සසරේ කුරුටු ගෑ ගී පවුර සැප කුටියේ බලු සෙනෙහස ගුලිකරගත් දියණියේබලු කුටියේ පිය සෙනෙහස එක් තැන් කළ දියණියේබලු කැත කුණු සතුටු සිතින් අත පත ගෑ දියණියේඔබේ කැත කුණු අැති නිරයේ ගාල් වෙලා දියණියේදරු තැනුමට බැරි බර දී වෙහෙසූ කය අබලන් වීවියපත් වන විට අැති හැකි බව වියැකී එක් තැන් වීලෙයින් මසින් හැදුමුත් පණ මෙන් සිය දරුවන් පේවීමොළයේ ගුණ නැති උන් හැම දා ඔවුනට දුක් දේවීදහදුක් ...
ඔය මොනවා වැඩි වුණත් බජට් එක අාවාම බලන්නකෝ......... කුරුටු ගෑ ගී පවුර කාර් වැඩිවුණා තමයිඒකට කමක් නැහැසල්ලිකාරයන්ටනේ වදින්නේඅරක්කු සිගරට් වැඩිවුණා තමයිඒකටත් කමක් නැහැබීලා මැරෙන්න හදන උන්ටනේ වදින්නේසීනි තෙල් වැඩි කරයි තමයිඒකටත් කමක් නැහැඒවා නිසානේ මිනිස්සු ලෙඩ වෙන්නේබඩු මිල වැඩි වෙනවා තමයිඒකට කමක් නැහැඅවධමනය රටකට හොදම නැහැනේඔය මොනවා වැඩි වුණත්බජට් එක අාවාම බලන්නකෝකොත්තමල්ලි, පල්මානික්කම් එහෙම හිටු කියලා මිල බස්සනවා ෂුවර්..................... අම්මපා.....කසුප් අනුරාධ.රූපය - ලංකාදීපයෙනි..... ...
මෑත කාලීන අපරාධ සහ උගත්පාඩම්.................. කුරුටු ගෑ ගී පවුර පුද්ගලයා - 17 හැවිරිදි පාසල් සිසුවානිරීක්ෂණ - ලැප් එකේ අරවා තිබීම ෆේස් බුක් ෆොටෝ තිබීමනිගමනය - කොල්ලා සැක පිට අත්අඩංගුවට ගැනීමක්රියාමාර්ග- එල්ලා පහර දී ප්‍රශ්ණ කිරීමඋගත්පාඩම - ළගපාත අපරාධයක් සිදුවුවහොත් ලැප් ෆෝමැට් කිරීමපුද්ගලයා - එක් දරු පියානිරීක්ෂණ - කොණ්ඩය කැපීම රැවුල බෑමනිගමනය - පියා සැක පිට අත්අඩංගුවට ගැනීමක්රියාමාර්ග- එල්ලා පහර දී ප්‍රශ්ණ කිරීමඋගත්පාඩම - රැවුල සහ කොණ්ඩය එකවර නොකැපීමපුද්ගලයා - ...
කොහෙන්ද මේ කොණ්ඩයාට අයියෙක් අෑ...................... කුරුටු ගෑ ගී පවුර අර අවුරුදු 17 කොල්ලා ගත්තාඒක සාධාරණයිනේමේකා මළගෙදර ගිහිල්ලත් නැහැටිකක් මූඩ් අවුල් වෙලා ඉදලා තියෙනවාඉතින් ඉස්කෝලේ ගියත් නැතත්අපිට සැක පිට මොකා ගන්න බැරි අැයිඅර එක්දරු පියා ගත්තාඒකත් සාධාරණයිනේගෙට පිටිපස්සේ ගෙදර ඉදලා තියෙන්නේමූ කුරුමානම අැල්ලුවානම්අනික මූණත් ටිකක් පැණි පෙනුමයිහිනාවත් අපිට අැල්ලුවේ නැහැඉතින් සැක කරන එකේ අවුලක් නෑනේඅර කොණ්ඩයා ගත්තාඒක නම් පට්ටම සාධාරණයිනේඋෟ ඉස්කෝලේ ගිහිල්ලත් නැහැඉදලා තියෙන්නෙත් කැලේමනුස්ස ගතියක් පේන්නෙත් නැහැඔය වල් වැඩ ...
ගහන්න එපා සර්...... මම තමයි සර් කොන්ඩයා....... කුරුටු ගෑ ගී පවුර දවසක් දා පොලීසියට අාරාධනයක් ලැබුණාස්කොට්ලන්ඩ් පොලීසියෙන් සීල් තියාලාඅපේ ලොක්කො කලබල වී ගත්තා අැමතුමක් හනිකමොකක්ද මේ හතිලව්වෙ වෙන්නේ කියලාඅනේ මචං ඩෝන්ට් වොරී පුංචි තරගයක් තියෙනවාඋඹලත් දැන් රෙකග්නයිස් චරිත කියාලායූ එන් එක හොල්ලාගෙන ඉන්න නිසා ලොක්කා කිව්වාකාඩ් එකක් ඔය පැත්තට යවන්න කියලාඅපේ ලොක්කා ගෙන්නාපී කොස්තාපල්ලා හතරක්සාජන් කෙනෙකුට දුන්නා බලය පවරලාහවසම නැගලා ගුවනට බැහැලා බැලින්නම් එරටටහෙලිකොප්ටර් අමුතු මැෂින් අරුන් ගෙනැල්ලාරටවල් තිහ හතලිහකම පොලීසි ...