එකක් නොව අත පුරා සම්මාන ත්‍රිත්වයක් - නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ කුරුටු ගෑ ගී පවුර තෙවසරක බ්ලොග් දිවිය විඩාබර කාලයක්බැලූ කල ආපස්සදුක සතුට මතකයක්ජීවිතේ පොරබැදපු දාහකුත් දින තිහක්අත්දැකපු දේ අරන්කවි කෙරුණු පද ගොඩක්බලා අදහස් කියූ බ්ලොග් සොහොයුරන් රැලක් ළග ඉදන් දිරිදුන්නු සහෝදර බැදීමක්මුල් වරට බ්ලොග් ලොවේදිරිය සම්මානයක්එකක් නොව අත පුරාසම්මාන ත්රිත්වයක්නෙලුම්මල් පිපුණු දිනසතුට පිරි සාදයක්හිතේ තිබු පැතුම් පොදිහැබෑ වුණ දාවලක්...............2015 වසරේ හොදම බ්ලොගය - කුසලතා සම්මානය2015 වසරේ හොදම ප්‍රහසන පෝස්ටුව - දෙවන ස්ථානය2015 වසරේ හොදම ...
කලින් ආණ්ඩුවයි දැන් ආණ්ඩුවයි අතර වෙනස කුරුටු ගෑ ගී පවුර ඉස්සර කරන්ට් එක ගියාමඅම්මාගේ කටහඩ ඇහෙනවා කුස්සිය පැත්තෙන්,ලොකු පුතා...... එළියට ගිහින් බලන්නඅනික් ලයින් එකේ කරන්ට් එක තියෙනවාද කියලා....... දැන් කරන්ට් එක ගියාම අම්මාගේ කටහඩ ඇහෙනවා කුස්සිය පැත්තෙන්,චූටි පුතා........මාතර නැන්දලාටකෝල් එකක් දීලා බලන්නඑහෙටත් කරන්ට් ගියාද කියලා.......ඉස්සර කරන්ට් එක ගියාමතාත්තා ඉන්න තැන ඉදලා කෑ ගහලා කියනවා......................ලොකු දුව......ඉක්මනට ගිහින් ටීවී එක ඕෆ් කරන්න. අනික් අය හෙල්ලෙන්න එපාඔය ගිය පයින් ම කරන්ට් එක එනවා.............දැන් ...
අවාරේ වසන්තය එලඹුනා............... කුරුටු ගෑ ගී පවුර මා හැඟුම් පිබිදුනාඔබ සිතුම් හෙළි වුනාඅපි අපේ ලෝකයේමොහොතකට තනි වුනාලෝකයේ නෙත්වලින් මුවා වුනු විරාමේනිශා කල හමා එන පෙමාතුර සුයාමේඅවාරේ වසන්තය එලඹුනාසිත් යදම් වැට කඩොලු සුන් වුනාවස්සාන මේඝයන් වසාගත් ආකහේගුගුරුවන හෙන හඬින් යුග සවන් පිබිදුනේසිනාසුනු තත්පරය ගිලිහුනාමුලාවුනු සිත කිලිටි තැවරුනාඉසූ. ...
බ්ලොග් පරිප්පු පාන් වගේ මෙතැන ලියන්න - නෙලුම්යාය වාද බයිලා මඩුව කුරුටු ගෑ ගී පවුර කැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූබ්ලොග් ලියනා කොල්ලෝ කෙල්ලෝ ගන්නවා නම්බූබ්ලොගර්ස් ඩෑල් ගිය ගිය තැන ගන්නවා නම්බූකැළණි ගගේ පාවෙනවා බ්ලොග් උණ බම්බූගලක් උඩින් මලක් තියලා ගල මල කියපංනෙලුම්යාය පැත්තේ ගිහින් ගල් මල් ගැණපංනෙලුම්යාය පැත්තේ ඇහෙන ගල් මල් හොයපංගලක් උඩින් මලක් තියලා ගල මල කියපංකෑමෙන් හොද කෑම තමයි ඉල්ලං කෑමගෑමෙන් හොද ගෑම තමයි බ්ලොග අතගෑමරීමෙන් හොද රීම තමයි පෝස්ට් කිරීමයෑමෙන් හොද ...
අයිතියක් පසක් කර තුරුලෙහිම හොවා හිඳ.......... කුරුටු ගෑ ගී පවුර මගෙම වූ සිහින දැකමගෙම තුරුලේ නිදන සඳරැය මැවූ සිහිල් පිණිදෙලවන් තෙමයි සිඹින ලෙදනිමා වූ වසත් කලඅරුමයකි ගිමන් කලමැකී යයි සරාසඳඝන වලා වැතිරි සඳඅයිතියක් පසක් කරතුරුලෙහිම හොවා හිඳසුරැකි මුත් පන කෙන්දයලි අතැර නොයෙන ලෙදකුලියට ගත් කුනප කයකල් ඉකුත් වූ කලටඅප අතැර යයි දිනෙකනොදන්වා රහසින්මඉසූ. ...
නෙලුම් යායක් නැවුම් හෙටකට පිපී හිනැහෙනවා................... කුරුටු ගෑ ගී පවුර පිපී හිනැහෙනවා...............සියගණන් මල් එකම යායට පිපී හිනැහෙනවා...............හමායන මද පවන මුහුකොටඅපේ සුසුවඳ බෙදා ලෝකෙටනෙලුම් යායක් නේක පෑයට පිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා."අ"යනු "ආ"යනු සමව අරගෙනකවි කතා රස ගඟුල පාදනතර්ක හා සංවාද අතරිනඅනාගත ලොව දිශාගත වෙනනෙලුම් යායක් අලුත් ආරටපිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා.විසිර විහිදුණු ලොවේ නන්දෙසඅපට හරියන අපේ අදහසවැට කඩොලු මායිම් නොවන ලෙසලියන්නෙමු අපි සොයා නිදහසනෙලුම් යායක් නැවුම් හෙටකටපිපී හිනැහෙනවා...................සියගණන් මල් එ
වේදිකාවෙන් බැස ගියා නුඹ............ කුරුටු ගෑ ගී පවුර දනිමි ගෝසා නොකර යන වගඅහිමි වූවා යැයි කියා මමපයට පෑගෙන වියලි කොලයකිනුඹට මා දැන් දිරාපත් වුනසෙනේ පිදුවා කියා සිතමිනවෙලී ඇදුනේ නුඹේ පසුපසදැනෙන විට මං මුලා වුන වගඅස්සයා පැන ගොස් බොහෝ දුරප්රේමයේ දෙව්රුව කියා නුඹපිදුම් ලැබුවේ සිය දහස් වරඅමුතු දෙවියන් ලෙසින් රහසෙමමරා දැමුවේ මගේ හදවතලොවේ මිහිපිට සිටින උත්තමපරම පිව්තුරු පිරිමි චරිතයහීන් සීරුවෙ රංගගත කොටවේදිකාවෙන් බැස ගියා නුඹඉසූ. ...
ජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්, මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන් කුරුටු ගෑ ගී පවුර පෙර වගේ යළි යළිත් නුඹ හිතට එබෙනවාඅළු ඇතුළෙ වැහුනු ගිනි පුපුරු එලියට පනිනවාහිත හොරෙන් දිව යන්න දොර අගුලු අරිනවාඇසිල්ලෙන් හිත නුඹේ පසු පසින් ඇදෙනවාමගෙ වගේ නුඹෙ හිතෙත් ආදරේ තිබුණාදනොකී රහසක් විලස දැවි දැවී උන්නාදඅපි අපිට හමු උනේ පතා ආ ලෙස නොවෙදඒ නිසා ළං වෙන්න වරම් අත නූනාදජීවිතේ උඩු අතට ඇදි ඇදී යනවනම්මං හිඳී නුඹ ළඟම ආදරේ ගුලිකරන්යළි හැරෙනු බෑ සොඳුර ...
මේකේ තියෙන්නේ අප මහා බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේනේ සර්....... හත්තිලව්වයි ඒකද???? කුරුටු ගෑ ගී පවුර හෙලෝ.....................මං මේ කතා කරන්නේ හිටපු කෙනාමේ මහනුවර මාලිගාවද????ආනේ බුදු සර්.......කොච්චර කාලෙකින් ද කටහඩ ඇහුවේදැන් ඉතින් සර් කට උත්තර දෙනවා විතරනේඅපිට කටහඩ අහන්නවත් දෙන්නෑනේ....මේ මේ විකාර කතා කරන්න එපා බංඔය මාලිගාව කොතනද තියෙන්නේ...?මෙව්වත් මාලිගා ද සර්සර්ලටනේ මාලිගා තියෙන්නේ.කොළඹ එක නං කොල්ල කෑවා නේද...?ඔය කොළඹ එක හදපු සල්ලි දාලා ගමේ එක හදාගන්න තිබ්බේ සර්..........මේ මගුලක් කතා කරන්න එපා බංඔය මාලිගාවේ මොකක් ද ...
අහවල් වැඩේ කොරන්නේ නැත්තං - ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ............... කුරුටු ගෑ ගී පවුර ළමයෙක් කෑම බෙදා ගත්තාටළගින් හිටියාට, එකට කෑම කෑවාට ඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ.................ඔය කිව්වාට කෙළ ගෑවුණාමඒඩ්ස් බෝවෙනවා කියලා කිව්වාඅල්ලපු ගෙදර සිමියොංගේ පවුල...... එන්සිනා.............ළමයෙක්ගේ ගෑවුණාට ඇතිල්ලුනාටඇදුම් වලින් හරි වැසිකිලි වලින් හරිඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ................ඔය කිව්වාට ළගින් ම ඉන්න එකාගෙන්බෝවෙන්නට පුළුවන් ය කියලා කිව්වාඋඩහෙ ගෙදර ලොකු මල්ලිගේ පුතා....... දර්සන..............අහවල් වැඩේ කොරන්නැත්තංඋගෙන් කිරි බොන්නෙත් නැත්තංඒඩ්ස් බෝවෙන්නෑ යකුනේ...............දැන්කාලේ එවුන් වි
ඒ අදුර මැකෙන්නෙත් බැබළෙන්න හිතුනමයි... කුරුටු ගෑ ගී පවුර විඩාබර ජීවිතේඉසුඹුලන විරාමේමඟබලන් ඉන්නවාහැමදාම පෙර වගේ...දුටු නුදුටු හීනයක්හිත අගින් ඉඟිකරයිඅත වනා මහ දුරකපැතුම් නෙක පොදි ගහයි...ගඟ ගලයි හිතු මතේසිසිල දී හැම අතේඒ වගෙද ජීවිතේහැමදාම මට සිතේ...වට පිටේ එළි වුණත්හිත් කුටිය කළුවරයි.ඒ අඳුර මැකෙන්නෙත් බැබළෙන්න හිතුනමයි...ඉසුරිකා උත්පලානී (ඉසූ). ...
සුවඳ අඬගසයි හෙමිහිට මා වෙත එනු මැන හනිකට..... කුරුටු ගෑ ගී පවුර කීරි ගැහෙන අතීතයකසොඳුරු මතක දිගන්තයකතනි වී සිටි අනන්තයකසිත දිවයයි මිරිඟුව දැකසුවඳ අඬගසයි හෙමිහිටමා වෙත එනු මැන හනිකටඅවනත වී නපුරු හිතටළං වෙන්නට බෑ නුඹ හටචපල වේද නුඹ ළඟ සිතමතක පොතෙන් නොමැකෙන වතමට අවනත නොවේ මනෙතදැවටෙයි රුව සමඟ මසිතනිහඬ රැයක අඳුරු පැයකලොව නැවතුනු නිමේෂයකයළි කිසිදා නොඑන දිනෙකසිත දිවයයි අනන්තයක...ඉසුරිකා උත්පලානී. ...
අපි හිටියේ හරි උඩ නෙවැ මුරුංගා අත්තක වුණාට - දිට්ඨධම්ම වේදනාව දැන් දැනෙනවා හරි තදේට............. කුරුටු ගෑ ගී පවුර ලෙඩා - වයිට් මාමේ මේ අහන්න. මං ආවා බෙහෙත් ගන්න. රෑ තිස්සේ නින්දක් නෑ. මේ ලෙඩාට බෙහෙත් දෙන්න.දොස්තර - අනේ බේබි මක් වුණාද. ලොකු බේබිත් ලෙඩ වුණාද. පැණි වරකෙට හෙණ ගහනා අබුද්දස්ස කාලෙ නොවෙද.ලෙ - පැණිවරකා දැන් මොකට ද. කළ කං එනවා පස්සෙම. බය වෙනවා මං හීනෙන්, නිදි නෑ එළි වෙන තුරාම.දො - නිදි නැතිකම මාර ලෙඩකි. බය වෙනවං දෙගුණෙකි. ...
ජීවිතේ හොයාගෙන ජීවිතෙන් යනවාද.........???? කුරුටු ගෑ ගී පවුර උපන් බිම හැර දමා පුත කොහේ යනවාදබඩු මුට්ටු රෙදි පෙරෙදි කුමට ගෙන යනවාදකෙලි දෙලෙන් දුව පැන්න ගෙදර හැර යනවාදජීවිතේ හොයාගෙන ජීවිතෙන් යනවාදනුඹලාට ඇත අයිතිවාසිකම් රාශියක්විසදන්න උසාවිත් විනිසුරුවනුත් රැසක්විද්වතුන් එක් වෙලා කරයි සංවාදයක්ඒත් අඩු නොවෙයි පුත ඔය අව්වකින් බිදක්ජීවිතේ හරි බරයි දරාගන්නට වේවිපුංචි අත් පා රිදෙයි නවතින්න බැරි වේවිදෙක හතර නොතේරෙන සහෝදරකම පේවිභය මැදින් දුක මැදින් සෙනෙහසක් පෙන්නාවිනුඹට වැටහෙන දිනෙක නුඹෙ ...
අරයාගේ පුතාගෙන් ගත්තා මෙයාගේ අයියට දුන්නා................ කුරුටු ගෑ ගී පවුර මිනිස්සු කරේ ඡන්දය දුන්න එක විතරයි.ඡන්දය ගත්තු අය හුගක් දේවල් කරා.ඒවා පහත පරිදි වර්ගකර දැක්විය හැකියි.1. අරයා ගියා මෙයා ආවා.2. අරයාගේ කට්ටිය ගියා මෙයාගේ කට්ටිය ආවා3. අරයාගේ කට්ටිය උසාවි ගියා මෙයාගේ කට්ටිය දියවන්නාවට ගියා4. අරයාගේ කට්ටිය ගෙදර ගියා මෙයාගේ කට්ටිය ලොකුපුටු වලට ගියා5. අරයාගේ යාලුවෝ අමාරුවේ වැටුණා මෙයාගේ යාලුවෝ ගොඩ ගියාඒ විතරක් නෙමෙයිමේ වර්ග අතරට ආපු අලුත් ම වර්ගය මේකයි.6. ...
මං හැදුවේ මකරෙක්................. කුරුටු ගෑ ගී පවුර මං හැදුවේ මකරෙක්....මේ වැඩවසම් ක්‍රමය ගිනිතියන්න.මේ විකාර ව්‍යුහයන් බිමට සමතලා කරන්න.ඒත් අද ඒ මකරා හීලා වෙලා.චූටි ගින්දරක් පිටකරනවාවැඩවසම් පාලකයන්ට සුරුට්ටු පත්තු කරන්න....................මං හැදුවේ ව්යාග්රයෙක්...දූෂිතයෝ නිය පහරින් හූරන්න.වංචනිකයෝ රෞද්‍ර ව සපාකන්න.එ්ත් අද ඒ ව්යාග්රයා හීලා වෙලා.චූටි බංකුවක් උඩ නැගලා.සර්කස් පෙන්නනවා ජනතාව සතුටු කරන්න..................මං හැදුවේ තල්මහෙක්...පුංචියට ඉපදිලා ලොකු වෙන්න.මහා සාගරයක් වුණත් ජයගන්න.ඒත් අද ඒ තල්මහ මැරිලා.ඇගේ මස් ටික දන්දෙනවා,මුහුදේ ඉන්න අනික් මාලු ...
දෙපැත්තට වැනෙන රාළේ, රෙද්ද පල්ලෙන් අන්න බේරේ.............. කුරුටු ගෑ ගී පවුර කොකාගේ ගිය වාරේදැන් තිත්තයා බාරේදෙපැත්තට වැනෙන රාළේරෙද්ද පල්ලෙන් අන්න බේරේ..............ගලේ පහරපු බලළාවහන්නට වෙර දරලාමේ කුණු කතා අහලාවහලා මොකටද හිතයි බලළා.............කට තිබුණු පළියටභාවිතයට ගත් විටනහින මාලුවන් විලසටඋඩපනී මරි මෝඩ තාලෙට.............විලිලැජ්ජාව ඇවිදින්හිරිකිතය හා මුහුවෙමින්අප්පිරියාව දනවමින්ඔක්කාරයට එයි හරි තදින්.............කරනට දෙයක් නැත්තංඅර තීන්දුත් බඩ බැදංපරණ තනතුර කුදලංමුහුදේ පැනලා මැරිලා පළයං..............කසුප් අනුරාධ.පසු සටහන - හිටපු සරත්තුමා හිටපු මහින්දතුමාගේ හොර රැස්වීමක මයික් ටයිස
දේශපාලන අායෝජන සහ දේශපාලන පරිභෝජන කුරුටු ගෑ ගී පවුර දේශපාලනයේ ද අායෝජන කළ යුතුයඒ සදහා සුදුසු කාලයන් ද තිබේ.යමෙක් විපක්ෂයේ ඉන්නේ නම්ඒ සුදුසු ම කාලයයි..............................පළමුවෙන් ම අාණ්ඩුවට විරුද්ධවයුධ ප්‍රකාශ කළ යුතුය.පාර්ලිමේන්තුවේ පිකට් කළ යුතුය.ලිප්ටන් වට රවුම බදුගත යුතුය.කොහේ හෝ වැසිකිලියකට අත දාහැකි පළමු අවස්ථාවේ ම බන්ධනාගාර ගත විය යුතුය....................පොලිසියෙන් කදුළු ගෑස් කෑ විටඅායෝජන දෙගුණ වේඋසාවි ගොස් සිර ගත වීමට හැකි වූ විටඅායෝජන තෙගුණ වේපාර්ලිමේන්තුවේ දී නම කියා බැනුම් අසාගත් ...
වට් ඊස් පීස්.....................? කුරුටු ගෑ ගී පවුර ඒ අපේ පළවෙනි ම දේශනයපොත් පෑන් අමෝරං දැනුම පිපාසාවෙන්අැදුරුතුමා එනතුරු මගබලා සිටිඒ ලෙවල් ඉවර කරපු ගමන් අාටියුට්ස් එකතු කරලා පුරුදු නෝට්ස් කඩපාඩම් කරන ගිරා රැළක්...................................සුදුම සුදු කොන්ඩයක් අැතිකට පැත්තකින් හිනාවක් පිරිහරිම සරළ අැදුමක් අඟලාගත්දැක්කා ම ප්‍රියජනක මුහුණක්ටයිම් ටේබල් එකට අනුව නම් මේමහාචාර්ය ජයන්ත සෙනෙවිරත්නයන්.............................හ්ම්... අලුත් ම කට්ටිය නේද.....කියනවල්ලාකෝ බලන්නවට් ඊස් පීස්.....................................?වචන තුනකින් අහපු දේටබරව
අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි.............. කුරුටු ගෑ ගී පවුර එදා දුටු හිරුම අද පායලා තියේ නම්එදා වාගෙම අදත් මල් සුවඳ දේවි නම්එදා දුටු කුරුල්ලන් අදත් සැරිසරයි නම්එදා වුණු දේ අදත් නොවේ කොහොමද කියම්.................දරුවන්ගෙ නෙතින් ගැලු කදුළු වැල් නොසිඳේවි.ඒ කදුළු සමවෙන්න පියවරුත් හඩවාවි.වීරයන් දවසකින් දෙකෙන් හිවලුන් වේවි.අතීතය අද මැවී හෙටත් යළි සිදුවේවි...................මේ කරපු පව් එදා ඔය නෙතට නොපෙනුණිදඑදා කළ පව් කොහොම අද හේදිලා යාදදෑස් බැඳි රෙදි කඩට ලෝකයක් වී අන්ධදෙව්දුවනි ...