සාධාරණ මැවිල්ල...... කුරුටු ගෑ ගී පවුර විෂ්ණු දෙවිඳු දවසක් දා නිදැල්ලේමහා බ්‍රහ්මයා සමගින් වාඩිවෙලාපුංචි චැට් එකක් දාගෙන හිඳින්නේලෝකෙ සිද්දවෙන දේවල් ගැන හිතාලාඔන්න ඉතින් හොඳ මොහොතක් බලාලාවිෂ්ණු දෙවිඳු ඇහුවේ මේ පුරස්නයමහා බ්‍රහ්ම තුමනි ඉතින් කියනු මැනහොඳම ලෙසට මැව්වේ ඔබ කුමන රටමහා බ්‍රහ්මයා දෙවරක් නොසිතාලාපැනපු ගමන් 'සිරි ලංකා' ලෙස කිව්වාඊට එපිට කරුණු තවත් දැනගන්නවිෂ්ණු දෙවිඳු කන අයාන දැන් ඉන්නාමුහුදෙන් වට වූ මුතු ඇටයකි ඒකදේශගුණය සමබරවයි මම මැව්වේස්වාභාවික විපත් ...
- නො එනු මැන - කුරුටු ගෑ ගී පවුර කිව්වට නාවත් ඔබ මගෙ දිවියටපෙරදා කඳුලින් ඉල්ලද්දීඑන්න එපා දැන් මගෙ ඇස් මානෙටඔහු සතු වී කල් බෝ ඉක්මීවරක් නොවේ ඔබ හිත රිද්දූයේවරද මගේ යයි නිති පවසාඑහෙව් වු වරදක් තවමත් නොදනිමිපමා වැඩී දැන් ඔබ මෙදිනාසතුටින් ඇරඹූ ප්‍රේමය නිමියේඇස්වහ කාගේ වැදිලාදෝසිහින විජිතයේ නිරිඳුන් ඔබ මුත්කිරුළු පළන් රජු ඔහු නේදෝනොපතන ලෙස මා යළි ඔබෙ දිවියටවත්මන කඳුලින් ඉල්ලමි මංපිටුපා ගිය මුත් පෙරදා කඳුලටඅදවත් සලකනු එහි ...
විශ්ව විද්‍යාල නවකවද විචාරය සහ නලීන් ද සිල්වාගේ සුළග එනු පිණිස විචාරය කුරුටු ගෑ ගී පවුර සුළග එනු පිණිසවිචාරය කරන්නටලෙනින්එක පුරවාමහා සෙනගක්‘‘මේවා කුණුහරපකනවා බොනවා*කනවා විතරයිකොහෙද චිත්‍රපටියක්‘‘පළමුව කතාකළනලීන් ද සිල්වා මහාචාර්ය තෙමේපලු යන්න බැණුමක්ලේ රත්කරන්පුටු උඩ නගිමින්අසා සිටි අපෙන්අත්පුඩි වරුසාවක්නිහඩව බලාසිටවේදිකාවට විත්හදගම ගුරාගෙන්අහපි පැණයක්මේ වගේ දේවල්සර් නොබැලුවත්බැලුවාද චිත්රපටයකරන්නට විචාරයක්උත්තරය - *&% *&*^ *&$% *&^ $#@ *&% #@$# &^%@ *%^$ නිදාන කතාව - කැළණිය විශ්ව විද්‍යාලයේ ලෙනින් එකේ (ලෙනින් එක කියන්නේ ධර්මාලෝක ශාලාවට කියන අන්වර්ථ නාමයයි) දෙතුන් දාහක
රත්නපුර පැල්මඩුල් උඩරංවල විද්‍යාලයේ නෙලුම් මල් පිපුණු දා.......... කුරුටු ගෑ ගී පවුර දුවේ,ඔය පහණ වගේදවසක දැල්වෙමින්පාසල විතරක් නෙමෙයිලෝකය ම එළිය කරන්න...දුෂ්කර මාවතක යන හැම ගමනක ම අවසානයේජයග්රහණය තියෙනවා...සුමට පාරක ගිහින්ජීවිතේ දිනපු උන්ට වඩානුඹලාගේ ජයග්‍රහණය වටිනවා...මොකද ඒ ජයග්‍රහණය දුක පරදා අත්පත් කරගත්තු තනිකර ම නුඹලාගේ ජයග්‍රහණයක් වන නිසා...ජීවිතේ කියන්නේ මමහ අමුතු දෙයක්...දුක කියන්නේ මහැමෝම විදින දෙයක්...කදුළ කියන්නේ ම සිනහවට අභියෝගයක්...වේදනාව කියන්නේ මසතුටට ආරාධනයක්...ජයග්‍රහණය කියන්නේ මපරාජයන් පරාජය කිරීමක්.....ඊයේ දිනයේ අප විසින් රත්නපුර පැල්මඩුල්ල උඩරංවල ...
ගඟ ගලා ගියා...... කුරුටු ගෑ ගී පවුර ඈත කන්දෙන් ගලා ආ සඳදහර සමගින් එක්වෙලාඔබේ සුදු මුදු නැවුම් ආලයමගේ ලොව මන්මත් කළාරැහැයි නාදෙක පාළු අරණකදෙදෙන එක්වී තනිවෙලාලොව්තුරා රස පහස ගඟුලකහිතුමගේ කිමිදුම් කළාඑකම ගඟුලක දෙපස ඉවුරකඅපි මෙසේ ඇයි වෙන්වෙලාකිමිද එන්නට නොහැක මා හටගඟ දියත් සැඩ රළු වෙලාගඟ දියේ ඇයි ඔබ ගියේඇය රැගෙන සරු කෙත් ගං බලාමං මෙසේ අද තනි වුණේ මැයිනිසරු නිම්නෙක හුදකලා අසංක ගයාන් අබේසිංහ ...
මැයි දිනේ තොපෙයි යකුනේ......... කුරුටු ගෑ ගී පවුර මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........එළිය වැටෙන්නත් කලියෙන්ගල් ගැහෙන හීතලට ගැහෙමින්දළු නෙලන්න වත්තට යන තොපෙයි බොලව්නේ.........කළු ගැහුණු තොපේ හම විකුණගෙනමහතැන්වල සැප පුටුවල කැරකෙන මහඋන්ට ඉතුරු අවුරුද්දම තියෙනවා යකුනේ.........මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........බ්ලොග් ගල් සිමෙන්ති එක්ක උදේ ඉදලා කළුවර වැටෙන කල්ඔට්ටු වෙමින් දාඩිය පෙරණතොපෙයි බොලව්නේ.........කරගැට ගල් වෙච්චි තොපේ අත්වලින් නැගලාසීතල කාමර වලට ගොඩ වුණ උන්ටඑදාටවත් කඩේ යන්නැතුව හිටපල්ලා යකුනේ.........මැයි දිනේ තොපෙයි මිනිසුනේ..........ගිනි ගහන කාෂ්ටකේ ...
ලෙඩේ මොකක්ද?...... කුරුටු ගෑ ගී පවුර දවසක් දා එක සීයෙක් - දොස්තර හමුවට ඇවිදින්තමන්ට ගැටළුවක් ඇතැයි - මෙලෙස පැවසුවාමට හරියට නින්ද යන්නේ - නෑනෙ දෙගොඩ හරිය වෙලත්පහුවදාට හරි හමනට - ටොයිලට් යන්නෑමලබද්ධය වගෙයි නේද - නින්දත් හරියට නොවේදඒව අහල දොස්තර තැන - තුණ්ඩුව ලිව්වාතවත් සීය කෙනෙක් ඇවිත් - තමුන්ගෙ ලෙඩ කන්දරාවදොස්තර මහතැන් වෙත මේ - ලෙසට පැවසුවාඅනේ මහත්තයො මා හට - නින්ද යනව යස අගේටමළ මුත්‍රා ...
......මාල කවි...... කුරුටු ගෑ ගී පවුර එදා ඔයාට මතකද අපි හීන මැව්වා දවස ගැන අද ඔයාට පුළුවන්ද කියන්න එදා වගේම ආදරෙයි කියා මට තවමත් පුළුවන් හිතේ කහටක් නැතුව කියන්න ඔයාට ආදරෙයි බලන්නකෝ ආයෙත් පරණ හැඟුම්බර විදිහටම වගේම ඇස්වලින් එදා -අසංක ගයාන් අබේසිංහ- ...
බවුන් වඩමි මා...... කුරුටු ගෑ ගී පවුර පඬු සුවඳේ - මුදු පවනේවැලි මළුවේ - බෝ සෙවණේසිලි සිලියේ - මිමිණිල්ලේහිත නවතින්නේඔබෙ ළඟමයි අම්මේ...මල් සුවඳේ - රෑ හුළඟේහෝ හඬ මැද - පාළු යමේපහන් සිලක - ළෙලවිල්ලේහිත නැළවෙන්නේඔබෙ තුරුලේ අම්මේ...සීත හිමේ - වන අරණේමිටියාවත - නිහඬ පෙතේඈත කොනේ - රුවක් මැවේඔබමද එන්නේමගෙ පියාණනේ...වග වළසුන් - නිති සරනේනැත සරණේ - ඔබ සෙවණේයළි ඒදෝ - දැන් ඒදෝහිත විමසන්නේමගෙ පියාණනේ...සිහිවන විට - වාවන්නේනෑ ...
දෙවැනි හයිකුව - එන්න අපි හයිකු කුරුටු ගාමු........... කුරුටු ගෑ ගී පවුර දැල්වෙනා ඉටිපන්දමවහන්න වෙර දැරුවත් වෙසක්කූඩුවේ සව්කොළඌ කරුමක්කාර පළගැටියෙක්තුෂාර විතාරණපළමු හයිකුව - http://kurutugegeepawra.blogspot.com/2016/04/blog-post_19.htmlපසු සටහන - දෙවැනි හයිකුව මේ තරම් ඉක්මනට එන්න හේතු කීපයක් තියෙනවා. පළමුවැනි හේතුව තමා පළමු හයිකුව තුළ ඇති වුණ සාකච්ඡාවේ හරවත්බව. දෙවැන්න තමා පළමු හයිකුවෙන් පස්සේ ඒ සාකච්ඡාව සක්‍රීය ව ඉදිරියට නොයෑම. තෙවැන්න තමා මේ වන විටත් හයිකුව නෙලුම්යායෙන් හැළීමේ යම් අවධානමක් තියෙනවා කියලා ලැබෙන ආරංචිය. මං හිතන්නේ ...
හාදු වැස්සක සුවය හන්දා - සීත අත් ගිනියම් ව තිවුණා...................... කුරුටු ගෑ ගී පවුර නුරා නෙතක රූසිරු සඟවන්නේසරා සලෙළ නා දළු රඟදෙන්නේපරා වළලු බිඳගෙන නලියන්නේහමා ඇදෙන සුළඟට රහසින්නේනෙතු අද්දර හිඳගෙන ඔබ පාන නුරානෙක පැහැ සිත්තමක් ඇන්දට හීන පුරාගත උණුසුම් ව වෙව්ලන ඒ දෙතොල අරාහාදු දහසෙ වැසි වැස්සා රැයක් පුරාගිනි ගහන හිරු කිරණ පරයාරුපු දෑස් මග අරව අරවානුරා නෙත් කෙවෙනි අග තවරාඔබේ උණුහුම් සුසුම් දැවුණාහද දෑල පිරි සුසුම් ඉහුණානුරා ඇරයුම් ළං ව දැනුණාහාදු වැස්සක සුවය ...
ඒ විතරක්නං මදැයි පේළිත් තුනයි - ආදර හයිකුව කුරුටු ගෑ ගී පවුර අපේ ආදරයත් හරියට හයිකුවක් වගේඑක පේළියකට පද පහයි අනිකට පද හතයිඒ විතරක්නං මදැයි පේළිත් තුනයිතුෂාර විතාරණ.පසු සටහන - හයිකු පිළිබද අසා තිබුනෙමි. නමුත් හයිකුවක් කිසිදා ලියා හෝ ලිවීමට උත්සහ කොට නොතිබුණි. හයිකු කියවූ කිසිවිටෙක ඒවා මගේ සිතට දැනුණ බවක් මට මතක නැත. ඒ නිසා ම හයිකු පසුපස නොගියෙමි. නමුත් දින කිහිපයකට පෙර හිතට ආ සිතුවිල්ලකට අනුව ජපනුන්ගේ යුද්ධ පුදුම සහගතය, ...
ඇගේ වත දකින සඳ ............... කුරුටු ගෑ ගී පවුර සිරියහන් විමන දුලනුරාවේ පහන් සිලඅප්සරා වත මඬලසිත් අහස එකලු කලසරා හසරැල් පවනබිඳ දමයි සිල් දැහැනසුනිල ඉඳුවර නයනඑළි කරයි පෙම් විමනපෙමින් මත් වූ දෙතොලපරදවයි සුරත් ඵලරණ තිසර සරන විලපුබුදුවයි මෙසිත් මලසොඳුරු පෙම් පහස විඳගෙතෙන්නේ සඳැස් පදඇගේ වත දකින සඳසැඟවේය සුපුන් සඳඉසූ. ...
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා..... කුරුටු ගෑ ගී පවුර දහඩිය හෙලළා හම්බකරපුධන ධාන්‍ය ටික ගෙට අරන්තමන්ගේ ම මහන්සියෙන්හොයාගත්තු වසන්තය ආවෝ ආවෝ කියන්නෙතමන්ට ම කියලා කූඩුවක් හදාගන්න බැරිඅනුන්ගේ පහණින් එළිය බලන කොවුලෝ.ඒකයි මං කියන්නේමෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා.............එකෙක්ට එකෙක් පේන්න බැරිවතුවක්කු අමෝරාගෙන උන්නුකැති පොරෝ අරගෙන ගිහින්බඩදරු අම්මලා කපලා මරාදාපු හිංගලයෝ දෙමළුඑකම නැකතට එකම ජාතියක් විදිහට එකට එකතු වෙලා කැවිලි බෙදාගන්න අවුරුද්දඒකයි මං කියන්නේ මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............අවුරුද්දක් ...
පරසතු... මා සතු... කුරුටු ගෑ ගී පවුර පරසතු කුසුමක පෙති සැලුනානුපුරුදු රසයක සුව හැඟුනාසුවඳ සොයා ඉව පාරේ පියැඹූබඹරිඳු මා පමණද ලඳුනේ...රහසක්ව කොඳුරලාමඳ පවන හා එවාකැන්දුවේ ඔබ ළඟටමා පමණදෝ...ජීවිතයේ නිම් තෙර මානේ වූජීවන රසයේ පහස කියාදුන්ඈ අමතක කර එනු මා ඔබ වෙතකෙලෙස කියන් ලඳුනේ...ඔබ වෙතට තැබූ පයඈ දෙසට යළි තබමියළිඳු මා නොපතන්නසොයුරියේ...-අසංක ගයාන් අබේසිංහ- ...
දඬුවම... කුරුටු ගෑ ගී පවුර දවසක් දා එක මිනිහෙක් - සිය බිරිඳයි නැන්දම්මයිසමග ට්‍රිප් එකක් යන්නට - එළියට බැස්සාඒ ට්‍රිප් එක හරි අමුතුයි - බෝට්ටුවෙන් යා යුතු වෙයිනවමු අත්දැකීමකි ඒ - හැමටම ලැබෙනාඒත් කරුමයක් පළදී - කවුරුවත්ම නැති තැනකදිබෝට්ටුවේ ඇන්ජිම - නැවතී ලෙඩ දුන්නාඅමාරුවෙන් හබල් ගසා - එහා ඉවුරෙ ගොඩ බැහැලාරට ඇතුළට කැලේ මැදින් - තිදෙනා යන්නාඅහෝ දෛවයේ සරදම - මේ තිදෙනා වට කොරානගෝත්රිකයො රැළක් ...
නිළියකට පෙම් බැඳ... කුරුටු ගෑ ගී පවුර සොමි කැළුම් උතුරනා - රෑ සැඳෑ සාදයේරන් පබළු එළි වැටක - රැඳුනු මුතු කුමරියේඔබෙ දිස්න නෙතු මැණික් - කළඹවන්නේ හදයිඑක් සිනාවක් ඔබේ - ලැබගන්න ආසමයිරුවන් මුතු කුමරියේ...රූබර වු යුවතියේ...දෑස මගෙ පින් කළත් - ඔබේ රුව දැකගන්නගත මගේ එලෙස වෙද - පහස නුඹෙ විඳගන්නසිත මගේ මුමුණන්නෙ - ප්‍රේමයේ සොඳුරු කවලදොත් මා ඔබේ පෙම - සක්විති වු රජෙක් වෙදදහස් නෙත් පරදවා - ...
අනාවැකි නං අනාවැකි.... කාළගුණ අනාවැකි.... කුරුටු ගෑ ගී පවුර ඉදිරි දින කිහිපය තුළදිවයිනේ යම් යම් ප්රදේශවලටඅපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දීගිගුරුම් සහිත හෝ කඩින්කඩ වැහි ඇතිවිය හැකිය...................කසුප් අනුරාධ.
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ..... කුරුටු ගෑ ගී පවුර වීදි බසින සඳ එළියේසුවඳ අරන් ඇදෙන ලියේතුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේසැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.......නග්න අහස විසිරි තරුයිනුඹෙ තනියට ළඟ උන්නේරෑ කුමාරි මල තනිකරනුරා බඹරු පැන යන්නේගිනි ගත් කුස සනසවන්නදෙලෝ ගිනිද අවුලන්නේවිලවුන් තැවරූ සියොලඟ කෙලෙස් ගඳද මතුවෙන්නේවීදි බසින සඳ එළියේසුවඳ අරන් ඇදෙන ලියේතුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේසැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....ඉසූ. ...
නොසිඳෙන ආශාව... කුරුටු ගෑ ගී පවුර ඈත මෑත සොයමි නිතරහද ඇඳි රුව ඇතිද කියාවරෙක මහත් වෙහෙසකි මටඑකම රුවක් මදිය කියාමේ ලැබුණා දැන් ලැබුණාකියා සිතට සැනසුම එයිඒත් සැනින් නිමේශයෙන්ඊට වැඩිය රුවක් මැවෙයිඑකම පෙමක රැඳුනු සිතක්සතුටු සිතින් හිඳිනු කෙසේඑයද මහත් පැනයකි මටසලකන විට වෙනස් රසේසනසනු බැහැ මගේ සිතත්තිබහට ලුණු දිය බිව් සේගහෙන් ගහට පනින්නටයිහිත කියන්නෙ හැම මොහොතේසංස්කෘතිය සභ්‍යත්වය ආගම හා ලැජ්ජා බියපසුපසටම අදිනු වගේ මගේ නොතිත් ආශාවමඒත් අනේ ...