වයිකින් දේසේ වෙසක් මංගල්‍යය තරංග වයිකින් දේසෙට පායපු වෙසක් පුන් සද දෙන්නෙක් කසාද බැන්දට පස්සේ එළඹෙන අළුත් අවුරුද්ද , උපන්දින , වෙසක් පොසොන් උත්සව එක්තරා ආකාරයකට විශේෂයි කියලයි මම නම් හිතන්නේ. ඒ අතින් බැලුවාම මේ අවුරුද්දේ වෙසක් උත්සවය අපි දෙන්නාට බොහොම විශේෂයි. අනිත් අතට බැලුවහම ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුර, පන්සලක් කියලා නාමයක් නැති ලෝකයේ උතුරු කොනේ ඉදන් ගෙවෙන පළවෙනි වෙසක් මංගල්‍යය. මුලින්ම නම් ...
උසස් පෙළට දැන් ලෑස්තිද? .... (2) තරංග කලින් ලිපියේ අපි සාකච්චා කලේ විභාගයකට මුහුණ දෙනකොට අපි විසින් මූලිකවම දැන ගන්න ඕනේ කරුණු කාරණා කිහිපයක්. අද මේ ලිපියෙන් ඉන් තරමක් ඔබ්බට ගිය කරුණු කිහිපයක් තේරුම් බේරුම් කර ගමු. කලින් ලිපියේදී අප කියා සිටියා උත්තර සපයන එකත් එක්තරා සන්නිවේදන ක්‍රියාවලියක් කියා. සන්නිවේදනයේදී අප උත්සාහ කරන්නේ අපේ හිතේ ඇති යම් අදහසක් හෝ හැගීමක් තව කෙනෙකුගේ හිතට ඇතුළු කිරීම. එහෙමත් ...
උසස් පෙළට දැන් ලෑස්තිද? තරංග නිමේෂ්ට ඉංග්‍රීසි වතුර වගේ කතා කරන්න පුළුවන්. ඒ වුනාට විභාගයේදි නිමේෂ්ට වඩා ඉංග්‍රීසි වලට ලකුණු ගන්න ළමයි දහයක් පහළවක් විතර ඉන්නවා. චමත්ට ඉලෙක්ට්‍රොනික් වැඩ කිරි කජු වගේ පුළුවන් විශ්ව විද්‍යාල සිසුවෙක්. ඒ වුනාට චමත්ට විභාගයේදී ඉලෙක්ට්‍රොනික් වලට හම්බවුනේ B+ එකක් විතරයි. අපිට ජීවිතයේදී මේවගේ යාළුවෝ ඕනෑ තරම් මුන ගැහිලා ඇති. ඇයි මේ දක්ෂයන්ගේ දක්ෂකම් විභාගයකින් මනින්න බැරි? ඒක අනිවාර්යයයෙන්ම ...
2020 කරා .......... අපිට මොකද උනේ? තරංග කතාව පටන් ගන්න කලින් අපි ටිකක් අතීතයට යමු. වැඩි ඈතකට නෙමෙයි මීට අවුරුදු 60කට විතර අතීතයට. හරියටම කියනවා නම් වර්ෂ 1955 ට. ඒ කියන්නේ අපි නිදහස ලබලා වසර හතක් ඉක්ම ගිය තැන. ඇත්තටම එදා රටේ ආර්ථික තත්වය මොනවගේද? ටිකක් බලමු ඒ ගැන. රටේ මුලු ආදායම - රුපියල් මිලියන 1159 රටේ මුලු වියදම - රුපියල් මිලියන 1008 අයවැය අතිරික්තය - ...
සෙනසුරයි සෙනසුරාගේ අම්මයි තරංග ඔන්න දවසක් සෙනසුරාගේ අම්මා සෙනසුරාගෙන් ඇහුවලු ඇයි පුතේ උඹ හැමදාම දුප්පත් අසරණ මිනිස්සුන්ටම කරදර කරන්නෙ? ඇයි අර හොදට කාලා බිලා සැපට ඉන්න එවුන්ට මුකුත් කරන්නෙ නැත්තේ අනික උඔ හැමදාම කරදර කරන්නේත් එකම මිනිස්සු ටිකකටනේ කියලා. සෙනසුරා ඉතින් අම්මට ඕව තේරෙන්නෙ නෑ කියලා යන්න ගියාලු. දවසක් සෙනසුරා අම්මට කිව්වලු අම්මේ මට කෙහෙල් ගහක් විනාස කරන්න ඕනෙ කියලා. ඉතින් අම්මා කිව්වලු ...
තර්කය හරි සුන්දරයි ඒත්..................... තරංග ඉතිහාසය කන්නද? සමහරු අහන දෙයක් මගෙන් ඉතිහාසයෙන් තොර අනාගතයක් නෑ තවත් සමහරු කියන දෙයක් බුදු හාමුදුරුවෝ ලංකවේ උපන්නා හිත දෝලනය වන්නේ මෙතනයි මේ දවස් වල කතාවනම් හුගක් තර්කානු කූලයි ඒකෙ නම් සැකයක් නෑ සාක්කිත් එමටයි ඒ වුනත් ඒ ගැන තර්ක කිරීමෙන් පලක් වේද? හිත ලතවෙන්නේ එතනයි තර්කය හරි සුන්දරයි පුදුම එළවන සුලුයි හැබැයි ප්‍රතිඵලය.......? ඊට වඩා වැදගත් බුදු හිමියන් ...
සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම්ව විද්‍යාවක් බිහි කළ හැකිද? තරංග මුලින්ම කියන්න ඕනේ මම කවදාකවත් මහාචාර්ය නලීන් ද සිල්වා මැතිතුමාගේ අනුගාමිකයෙකුවත් එතුමාව දැඩි ලෙස විවේචනය කරන්නෙකුවත් නොසිටි බව. උසස් පෙළ සමත් වීමෙන් පසු එතුමාගේ විද්‍යා කතන්දර කෘතිය මිලට ගත්තත් අද වනතුරු හරියට කියවලා නොතිබුනත් ( දැන්නම් කොහොම හරි කියවන්න ඕනේ) එතුමාගේ මතය එතුමාගේ වචන වලින්ම අහගන්න ආසාවක් හිතේ අස්සක මුල්ලක සැගවිලා තිබුනා. ඇත්තටම අපි යමක් පිළිගන්න හරි විවේචනය කරන්න හරි ...
BTI බැක්ටීරියාව තරංග BTI බැක්ටීරියාව එහෙමත් නැත්නම් Bacillus thuringiensis israelensis යන බැක්ටීරියාව Bacillus thuringiensis යන බැක්ටීරියා වර්ගයේ එක් විශේෂයක්. Bacillus thuringiensis කෘමිනාශක හැකියාවක් සහිත බැක්ටීරියා විශේෂයකි. මෙය delta-endotoxin, හෝ "toxic crystal" ලෙස හදුන්වන ප්‍රෝටීනය නිපදවන අතර එය අදාළ කෘමියාගේ ජීර්ණපද්ධතිය අක්‍රිය කිරීමට සමත්කම් දක්වයි. ඒ අනුව මෙම බැක්ටීරියා විශේෂ කෘමිනාශක ලෙස භාවිතයේදී එය කෘමියාගේ ශරීරගත විය යුතුය. එවිට ජීර්ණපද්ධතිය අක්‍රිය වී කෘමියා කුසගින්නේ ...