මුත්තයියා මුරලිදරන් – wallpaper cowkorner මේ wallpaper එක අද 41 වෙනි උපන්දින සමරන මුරලි වෙනුවෙන්. Original size එක සඳහා පින්තූරය මත click කරන්න. මුත්තයියා මුරලිදරන් wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 17) cowkorner දන්නවද අද තමයි මුරලිගෙ උපන්දිනය. ඔහු උපන්නෙ 1972 අප්‍රේල් 17 වැනිදා මහනුවරදී. අද 41 වෙනි උපන්දිනය සමරන මුරලි ටෙස්ට් වරම් ලබා ගත්තෙ වයස 20 දි ඕස්ට්‍රේලියාවට එරෙහිව. 2011 දි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමුදුන් මුරලි ටෙස්ට් තරගවලදී කඩුළු 800 කුත් එක්දින තරග වලදී කඩුළු 534 කුත් දවාගෙන තිබෙනවා. මේ දෙකම ලෝක වාර්තාවන්. ඊට අමතරව තවත් වාර්තාවන් ගණනාවක් මුරලි සතුයි. ඉතින් එදා ...
අර්ජුන රණතුංග – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. අර්ජුන රණතුංග wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 16) cowkorner 1986 අද වගේ දවසක බටහිර ඉන්දීය කොදෙව්වන් අතින් එංගලන්තය තරග 5-0 ක් ලෙස ටෙස්ට් තරගාවලි පරාජයක් ලැබුවා. මෙය ටෙස්ට් ඉතිහාසයේ තරග 5කින් සමන්විත තරගාවලියක් whitewash එකකින් අවසන් වූ 6වන අවස්ථාවයි. ඒ වගේම කොදෙව්වන් එංගලන්තයට එරෙහිව මේ දස්කම පිට පිටම සිදුකළ දෙවන අවස්ථාවයි. මෙහිදී කොදෙව් වේග පන්දු යවන්නන් වන ජොයෙල් ගාර්නර් සහ මැල්කම් මාර්ෂල් කඩුළු 27 බැගින් දවාගත් අතර ඩෙස්මන්ඩ් හේන්ස්, ...
අරවින්ද ද සිල්වා – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. අරවින්ද ද සිල්වා wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 15) cowkorner සර් විවියන් රිචර්ඩ්ස් විව් රිචර්ඩ්ස් වගේම ඔහු රැස්කළ වේගවත්ම ටෙස්ට් ශතකය ගැනත් මීට කලින් ‘අද ක්‍රිකට් පිටිය’ තුළින් කතා කරල තියෙනවා. විව් මේ ලෝක වාර්තාව තැබුවේ 1986 අද වගේ දවසක එංගලන්තයට එරෙහිව තම මවුබිම වූ ඇන්ටිගුවා හිදී. ශතකය වාර්තා කිරීමට විව් ට ගතවුණේ පන්දු 56ක් පමණක් වන අතර පන්දු 58 කදී ඔහු නොදැවී ලබාගත් ලකුණු 110 ට හයේ පහර හා ...
සනත් ජයසූරිය – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. සනත් ජයසූරිය wallpaper (1366×768)
කුමාර් සංගක්කාර – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. කුමාර් සංගක්කාර wallpaper (1366×768)
cowkorner වෙතින් ක්‍රිකට් wallpapers පෙළක් cowkorner ශ්‍රී ලංකාවේ මිලියන ගණනක් ක්‍රිකට් ලෝලීන් සිටියත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් අන්තර්ජාලය තුළ ඇති ගණන ඉතා සීමිතයි. ඉතින් මේ අඩුපාඩුව මගහරවන්න cowkorner එකෙන් පුංචි උත්සාහයක් ගන්නයි මේ ලෑස්තිය. මුල්ම උත්සාහය නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්, ඒව හදාගන්න ඔබේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 14) cowkorner 1984 ආසියානු කුසලාන අවසන් තරගය ගැන ඊයෙ කිව්ව මතකයිනෙ. 1995 අවුරුද්දෙ ආසියානු කුසලානයේ අවසන් තරගය පැවැත්වුණෙත් අද වගේ දවසක සාජා හිදී. මුල්ම ආසියානු කුසලානයේ ක්‍රීඩා කළ කණ්ඩායම් තුනට අමතරව බංග්ලාදේශයත් මේ තරගාවලියට ක්‍රීඩා කළා. නමුත් ඔවුන්ට කිසිම තරගයක් ජය ගැනීමට හැකි වුණේ නම් නැහැ. ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන කණ්ඩායම් තුනම තරග 2 බැගින් ජයගෙන තිබුණත් දළ ලකුණු වේගය ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 13) cowkorner පළමු ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ 1984 අද වගේ දවසක. ඒ ඉන්දියාව හා පකිස්ථානය අතර සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් සුනිල් ගවස්කාර් ගේ නායකත්වයෙන් යුත් ඉන්දියානු පිළ ලකුණු 188ක් රැස්කළා. අනතුරුව පකිස්ථානය ලකුණු 134 කට දවා ගන්නට ඔවුන්ට හැකි වුණා. මෙහිදී දුවද්දී දැවී යාම් 4ක් වාර්තා වීමත් සුවිශේෂී සිද්ධියක්. මෙම තුන්කොන් තරගාවලියට සහභාගි වූ අනෙක් කණ්ඩායම වූයේ ශ්‍රී ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 12) cowkorner බ්‍රයන් ලාරා නොදැවී ලකුණු 400 යි. ඔබ ටෙස්ට් ක්‍රිකට් ලෝලියෙක් නම් ඔබට 2004 අප්‍රේල් 12 වෙනිද අමතක කරන්නම බැහැ. මොකද එදා තමයි බ්‍රයන් ලාරා එංගලන්තයට එරෙහිව නොදැවී ලකුණු 400ක් ලබාගත්තෙ. ඒ ඇන්ටිගුවා හිදී. ටෙස්ට් ඉනිමක් තුළදී ක්‍රීඩකයෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව වන මෙය බොහෝ දුරට කවදාවත්ම බිඳෙන එකක් නැහැ. පන්දු 582 කදී හතරේ පහර 43ක් හා හයේ පහර ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 11) cowkorner 2000 වසරෙ අප්‍රේල් 11 වෙනිද බොහෝ ක්‍රිකට් විචාරකයින් හඳුන්වන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරුතම දිනයක් ලෙසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතළම තරග පාවාදීමේ සිද්ධියට වරදකරු වූ දකුණු අප්‍රිකානු නායක Hansi Cronje කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබුවේ එදායි. ඒ ඔහු විසින් සිදු කළ වරද පිළිගැනීමෙන් පසුවයි. මාස කිහිපයකට පසු Cronje ට ජීවිත කාලයටම බලපාන පරිදි තරග තහනමක් පැනවුණ අතර 2002 වසරේදී ඔහු අවාසනාවන්ත ලෙස ගුවන් අනතුරකින් ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 10) cowkorner කර්ට්ලි ඇම්බ්‍රෝස් 1990 අද වගේ දවසක බාබඩෝස් හිදී අවසන් වූ ටෙස්ට් තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක කර්ට්ලි ඇම්බ්‍රෝස් තම හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරන්නට සමත් වුණා. ඒ එංගලන්තයට එරෙහිව පන්දු වාර 22.4 කදී ලකුණු 45 කට කඩුළු 8ක් දවාගනිමින්. ඇම්බ්‍රෝස්ගේ මෙම දස්කම නිසා එම ටෙස්ට් තරගාවලිය පරාජයෙන් බේරා ගැනීමට කොදෙව්වන්ට හැකි වුණා. 1882/83 පළමු අළු ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 09) cowkorner නවසීලන්තයේ ග්ලෙන් ටර්නර් සහ ටෙරී ජාර්විස් බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 387 ක ආරම්භක සබඳතාවක් තැබුවේ 1972 අද වැනි දවසක. මෙය ටෙස්ට් තරගයක වාර්තා වූ හතරවන හොඳම ආරම්භක සබඳතාවයි. ඊට අමතරව 1995 අප්‍රේල් 9 වෙනිදා සාජා හි පැවති ආසියානු කුසලාන තරගයකදී ශ්‍රී ලංකාව ඉන්දියාව අතින් කඩුළු 8ක පරාජයක් ලැබුවා. මෙහිදී නොදැවී ශතකයක් රැස් කළ සචින් ටෙන්ඩුල්කාර් එක්දින ලකුණු 3000 සීමාව ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 08) cowkorner 2000 වසරේ අප්‍රේල් 8 වෙනිදා වසීම් අක්රම් ගේ නායකත්වයෙන් යුත් ආසියානු කණ්ඩායම සහ මාර්ක් වෝ ගේ නායකත්වයෙන් යුත් ලෝක කණ්ඩායම අතර එක්දින තරගයක් පැවැත්වුණේ බංග්ලාදේශයේ ඩකා හිදී. ආසියානුවන් ලබාගත් ලකුණු 320 හඹා ගිය ලෝක පිළ එක් ලකුණක තියුණු පරාජයක් ලැබුවා. මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවේ මයිකල් බෙවන් නොදැවී ලකුණු 185ක් රැස්කරන්නට සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් සනත් ජයසූරිය, අරවින්ද ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 07) cowkorner පුදුමයි නේද ? අද දවස නම් වෙන් වෙන්නෙ එක් ඓතිහාසික තරගයක් ගැන කියන්න. ඒ තමයි 1996 සිංගර් කුසලාන අවසන් තරගය. තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර සිංගප්පූරුවේදී. ජයග්‍රහණය සඳහා ලකුණු 216 ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ආරම්භක පිතිකරු සනත් ජයසූරිය අතිශය ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුණා. පන්දු 17ක් තුළ අර්ධ ශතකය වාර්තාකරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට ජයසූරිය සමත් වුණා. ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 06) cowkorner 1970 දශකයේ මැද භාගයේ සිට 1990 දශකය දක්වා කාලයේ බටහිර ඉන්දීය කොදෙව්වන් සැලකුණේ ලොව ප්‍රභලතම කණ්ඩායම ලෙසයි. 1988 අද වගේ දවසක ගයනා හිදී පැවති ටෙස්ට් තරගයකදී මේ ප්‍රභල කණ්ඩායම පරාජය කිරීමට ඉම්රාන් ඛාන් ප්රමුඛ පකිස්ථානුවන් සමත් වුණා. කොදෙව්වන් සිය මවුබිමේදී මෙලෙස ටෙස්ට් තරගයක් පරාජය වුණේ වසර 10කට පමණ පසුවයි. හිටපු සුපිරි ඉන්දීය පිතිකරු දිලිප් වෙන්ගසාකර්, ශ්‍රී ලාංකීය වමත් වේග පන්දු ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 05) cowkorner මාර්ක් වෝ සහ ස්ටීව් වෝ ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ සහ මාර්ක් වෝ නිවුන් සහෝදරයන් මතකයි නේද? ඔවුන් දෙදෙනා ටෙස්ට් වරම් ලබාගත්තේ පිළිවෙලින් 1985 දී සහ 1991 දී. නමුත් මේ දෙදෙනාම එකම තරගයක ක්‍රීඩා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1991 අද වගේ දවසක. ට්‍රිනිඩෑඩ් හිදී පැවති මෙම තරගය නිවුන් සොහොයුරන් දෙදෙනෙකු එකට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගය ලෙසත් ඉතිහාසගත වුණා. එදා ඇරඹි ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 04) cowkorner ටෙස්ත් ඉනිමකදී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව ගැන මාර්තු 28 වෙනිද කතා කළා මතකද? 1899 අද වගේ දවසක කේප් ටවුන් වලදි එංගලන්ත පන්දු යවන්නන් සත්කාරක දකුණු අප්‍රිකාව ලකුණු 35 කට දවා ගන්නට සමත් වුණා. මෙය ටෙස්ට් ඉනිමකදී කණ්ඩායමක් දැවී ගිය 4වෙනි අඩුම ලකුණු සංඛ්‍යාවයි. ටෙස්ට් තරගයකදී වාර්තා වූ ප්‍රථම ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට එංගලන්තයේ ඇන්ඩෲ සැන්ඩම් සමත් වුනේ 1930 අද ...