අද ක්‍රිකට් පිටිය (මැයි 3) cowkorner තරගාවලියේ වීරයා ස්ටීව් වෝ 1978 අද වැනි දිනක ජැමෙයිකාවේ පැවති ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය දූපත් අතර ටෙස්ට් තරගය ප්‍රේක්ෂකයින්ගේ කළහකාරී හැසිරීම නිසා නවතා දමන්නට සිදුවුණා. ඒ විනිසුරුවරයෙකු ලබාදුන් තීරණයකට විරෝධය පාමින්. තරගයේ අවසන් දවස වූ එදා ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණය සඳහා දවාගත යුතුව තිබුණේ එක් කඩුල්ලක් පමණයි. හිටපු ඕස්ට්‍රේලියානු නායක බොබ් සිම්සන් ක්‍රීඩා කළ අවසන් තරගයත් මෙයයි. ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය දූපත් ...
අද ක්‍රිකට් පිටිය (මැයි 2) cowkorner රවී රත්නායක (Photo : Getty Images) අද තමයි බ්‍රයන් ලාරාගේ උපන්දිනය. ටෙස්ට් හා එක්දින තරගවලදී ලකුණු 10000 සීමාව පසුකළ ලාරා එදා මෙදා තුර බිහිවූ හොඳම පිතිකරුවන් කිහිපදෙනා අතරින් එක් අයෙකු ලෙස සැලකෙනවා. ලාරා පිත්තෙන් දැක්වූ දස්කම් ගැන කිහිප වතාවක්ම “අද ක්‍රිකට් පිටිය” තුළින් කතා කරල තියනවනෙ. ඒ විතරක් නෙවෙයි, 1980 දශකයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂතම වේගපන්දු යවන්නෙක් වන රවී ...
අද ක්‍රිකට් පිටිය (මැයි 1) cowkorner ස්ටීව් වෝ ගෝර්ඩන් ග්‍රිනිජ් ගැන මම ඔබට කිව්වෙ ඊයෙ දවසෙ. මේ සුපිරි පිතිකරුවා ගැන අදත් කතාකරන්න දෙයක් තියෙනවා. මොකද අද තමයි ඔහුගෙ 62 වෙනි උපන්දිනය. ටෙස්ට් තරග 108 කදී ශතක 19ක් ඇතුළුව ලකුණු 7500 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් සහ එක්දින ලකුණු 5000 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කළ ග්‍රිනිජ් ටෙස්ට් සහ එක්දින තරග වල 45 කට ආසන්න ලකුණු සාමාන්‍යයක් පවත්වාගන්නට සමත් ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 30) cowkorner කොදෙව් පිතිකරු ගෝර්ඩන් ග්‍රිනිජ් 1983 අද වගේ දවසක ඉන්දියාව සහ බටහිර ඉන්දීය දූපත් අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණේ ඇන්ටිගුවා හිදී. මෙහිදී ලකුණු 154ක් ලබා සිටි කොදෙව් පිතිකරු ගෝර්ඩන් ග්‍රිනිජ් තම ඉනිම අත්හිටවූයේ (retired not out) තම දියණිය හදිසියේ රෝගාතුර වීම නිසා. දින දෙකකට පසුව ඇය අවාසනාවන්ත ලෙස මිය යෑම හේතුවෙන් ග්රිනිජ්ට නැවත තරගයට එක්වෙන්නට හැකිවුණේ නැහැ. මෙවැනි සිද්ධියක් සිදුවූ එකම අවස්ථාව ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 29) cowkorner අරවින්ද ද සිල්වා ක්‍රීඩකයෙකු ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක වාර්තා කිරීම එහෙමත් නැත්නම් twin centuries කියන්නෙ සුවිශේෂී සිදුවීමක්. මේ ගැන “අද ක්‍රිකට් පිටිය” තුළින් අවස්ථා කිහිපයකදීම කතා කරල තියෙනවා. දන්නවද ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම නොදැවී ශතක (unbeaten twin centuries) වාර්තා කිරීමට සමත්වී ඇත්තේ එකම එක පිතිකරුවෙකු පමණයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ශ්‍රී ලංකාවෙ අරවින්ද ද සිල්වා. ඔහු මේ දස්කම කළේ 1997 ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 28) cowkorner මතභේදාත්මක තරගයක්… අප්‍රේල් 28 වෙනිද ගැන මුලින්ම කියන්න තියෙන්නෙ නම් ශ්‍රී ලාංකික අපට එතරම මිහිරි මතකයක් නෙවෙයි. මීට අවුරුදු 6 කට කලින් ඒ කියන්නෙ 2007 ලෝක කුසලාන අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බාබඩෝස් හිදී පැවැත්වුණා. 1996 ලෝක කුසලානයෙන් පසුව පළමු වරට ලෝක කුසලාන අවසන් තරගයකට සුදුසුකම් ලැබීම නිසත් 96 මෙන්ම මෙහිදීත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව තරග කරන්නට සිදුවීම නිසාත් ඉතිහාසය නැවත ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 27) cowkorner ෂොයිබ් අක්තාර් – Rawalpindi Express කලකට පෙර ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුකළ නොහැකි යැයි සිතූ බොහෝ දේ අද වනවිට යථාර්ථයක් බවට පත්වී තිබෙනවා. එක්දින තරගයකදී කණ්ඩායමක් ලකුණු 400 සීමාව පසුකිරීම, ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු ලකුණු 400ක් ලබාගැනීම, එක්දින තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගැනීම, පිට පිට පන්දු 4 කදී කඩුළු 4ක් දවාගැනීම මීට උදාහරණ. වේග පන්දු යවන්නෙකු පැයට සැතපුම් 100 ක වේගය ඉක්මවීමත් මෙවැනි දෙයක්. ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 26) cowkorner ෂෝන් පොලෝක් 2007 ලෝක කුසලානයේදී ලසිත් මාලිංග පිට පිට කඩුළු 4ක් දවාගනිමින් කළ දස්කම මතකයි නේද? අන්තර්ජාතික මට්ටමින් මේ දස්කම කළ එකම ක්‍රීඩකයා මාලිංග වුණත් දේශීය එකදින තරග (List A) වලදී ක්‍රීඩකයින් 3 දෙනෙකු මාලිංගට පෙර මේ දස්කම සිදුකොට තිබෙනවා. ඒ අතරින් දෙවැන්නා වන දකුණු අප්‍රිකාවේ ෂෝන් පොලෝක් මෙලෙස පන්දු 4ක් තුළ කඩුළු 4ක් දවාගත්තේ 1996 අද වැනි දවසක. එංගලන්තයේ ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 25) cowkorner චමින්ද වාස් එක්දින තරගයකදී කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා වුණේ අද වගේ දවසක. 2004 හරාරේ හිදී චමින්ද වාස් ප්රමුඛ ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු 35 කට මෙසේ දැවී ගියේ සිම්බාබ්වේ කණ්ඩායමයි. මෙහිදී කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාවට ළඟා වීමට හැකිවුණේ නැහැ. මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බිඳ හෙළුවේ ඊට වසරකට ඉහත දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලානයේදී තමන් විසින්ම කැනඩාව ...
මාවන් අතපත්තු – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. මාවන් අතපත්තු wallpaper (1366×768) Tagged: ක්‍රිකට්, ක්‍රිකට් wallpapers, මාවන් අතපත්තු
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 24) cowkorner සචින් ටෙන්ඩුල්කාර් සර් ඩොන් බ්‍රැඩ්මන් ගෙන් පසු බිහිවූ සුපිරිතම පිතිකරුවා ලෙස සැලකෙන ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර් අද තම 40 වෙනි උපන්දිනය සමරනවා. සචින් ගැන නම් ක්‍රිකට් ලෝලී ඔබට අමුතුවෙන් හැඳින්වීම් කරන්න ඕනෙ නැහැනෙ. ටෙන්ඩුල්කාර් ගෙ සමකාලීනයන් වන හිටපු ශ්‍රී ලාංකික දඟ පන්දු යවන ක්‍රීඩක හා වර්තමාන ජාත්‍යන්තර විනිසුරු කුමාර් ධර්මසේන, හිටපු ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ඩේමියන් ෆ්ලෙමිං සහ හිටපු සිම්බාබ්වේ ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 23) cowkorner ක්‍රිස් ගේල්ගෙන් සුපිරි ඉනිමක් 20-20 තරග බිමේ වාර්තා පිට වාර්තා බිහිවූ දවසක් අද. ඒ IPL තරගාවලියේ බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ක්‍රිස් ගේල් පූනේ වොරියර්ස් පිළට එරෙහිව නොදැවී පන්දු 66 කදී දැවැන්ත ලකුණු 175ක් රැස් කිරීම නිසයි. ගේල් මෙහිදී 20-20 වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා බ්‍රෙන්ඩන් මැකලම් සතුවූ ලකුණු 158* වාර්තාව බිඳ හෙළුවා. ඒ වගේම ඔහු පන්දු 30 කින් රැස් කළ ශතකය ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 22) cowkorner රන්ජන් මඩුගල්ලේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගය මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණේ 1983 අද වගේ දවසකයි. ටෙස්ට් ලොව ආධුනිකයන් වූ ශ්‍රී ලංකාව මෙහිදී ඕස්ට්‍රේලියාව අතින් ඉනිමකින් හා ලකුණු 38 කින් පරාජයට පත් වූවා. මෙහිදී ලංකාව වෙනුවෙන් අර්ජුන රණතුංග පළමු ඉනිමේ ලකුණු 90 ක්ද සිදත් වෙත්තමුණි දෙවන ඉනිමේ ලකුණු 96 ක්ද රැස්කළා. ඕස්ට්‍රේලියානු නායක ග්‍රේග් චැපල් නායකත්වය දැරූ ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 21) cowkorner නවසීලන්තයේ රිචර්ඩ් හැඩ්ලි එදා මෙදා තුර බිහිවූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිප දෙනා අතුරින් එක් අයෙකු වන නවසීලන්තයේ රිචර්ඩ් හැඩ්ලි තම ටෙස්ට් දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව (151*) වාර්තා කළේ 1987 අද වැනි දිනකයි. ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹදී තමයි ඔහු මේ දස්කම සිදු කළේ. ඒ වගේම හැඩ්ලි ලබාගත් දෙවන සහ අවසාන ටෙස්ට් ශතකයත් මෙයයි. ටෙස්ට් කඩුළු 413ක් ලබාගත් හැඩ්ලි ව බොහෝ ...
ක්‍රිකට් වාග් මාලාව -2 (D-G) cowkorner පකිස්ථානයේ සක්ලේන් මුශ්ටාක් Doosra – පිට දඟ පන්දු යවන්නෙකු විසින් තම සුපුරුදු දිශාවට විරුද්ධ අතට දඟ කැවෙන සේ යවන පන්දුව මෙලෙස හඳුන්වනවා. පකිස්ථානයේ සක්ලේන් මුශ්ටාක් විසින් මුල්වරට භාවිතා කළ මෙහි අරුත උර්දු බසින් “අනෙක් එක” යන්නයි. මුත්තයියා මුරලිදරන් සහ පකිස්ථානයේ සයිඩ් අජ්මාල් දුස්රා පන්දුව හොඳින් ප්‍රගුණ කළ පන්දු යවන්නන් දෙදෙනෙක්. Drift – දඟ පන්දු යවන්නෙකු යවන පන්දුව ගුවනේදී දඟ කැවීමට ...
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 20) cowkorner 1994 ඔස්ට්රලේශියා කුසලානය සඳහා වූ දෙවන අවසන් පූර්ව තරගය සාජා හිදී පැවැත්වුණේ අද වගේ දවසක. ඒ පකිස්ථානය හා නවසීලන්තය අතර. මෙහිදී පකිස්ථානයේ අමීර් සොහේල් සහ ඉන්සමාම් උල් හක් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 263ක සබඳතාවක් පිහිටෙව්වා. ඒ වනවිට ඕනෑම කඩුල්ලක් සඳහා ලෝක වාර්තාව ලෙසද මෙය ඉතිහාසගත වුණා. මෙහිදී සොහේල් ලකුණු 134ක්ද ඉන්සමාම් නොදැවී ලකුණු 137ක්ද රැස් කළා. පකිස්ථානය කඩුළු 2 කට ...
ලසිත් මාලිංග – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. ලසිත් මාලිංග wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 19) cowkorner බ්‍රෙන්ඩන් කුරුප්පු ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ආරම්භක පිතිකරුවෙකු සහ කඩුළු රකින්නෙකු වූ බ්‍රෙන්ඩන් කුරුප්පු තම මංගල ටෙස්ට් තරගයේදීම ද්විත්ව ශතකයක් වාර්තා කළේ 1987 අද වගේ දවසක. ඔහු මේ දස්කම කළ ලොව තුන්වැන්නායි. එසේම මෙය ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ පළමු ටෙස්ට් ද්විත්ව ශතකයයි. ඒ විතරක් නෙවෙයි, රිචඩ් හැඩ්ලි ප්රමුඛ නවසීලන්ත පන්දු යවන්නන්ට එරෙහිව කොළඹ CCC පිටියේදී මිනිත්තු 777 ක් ...
අසංක ගුරුසිංහ – wallpaper cowkorner Original size එක සඳහා පින්තූරය මත click කරන්න. අසංක ගුරුසිංහ wallpaper (1366×768)
අද ක්‍රිකට් පිටිය (අප්‍රේල් 18) cowkorner බ්‍රයන් ලාරා 2004 පැවති ටෙස්ට් තරගයකදී නොදැවී ලකුණු 400ක් රැස් කරමින් තැබූ ලෝක වාර්තාව ගැන මම ඔබට කිව්වෙ මීට දවස් 6කට උඩදි. හැබැයි ඒ ටෙස්ට් ඉනිමකදී ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඊට කලිනුත් ලාරා සතුවයි තිබුණෙ. 1994 අද වගේ දවසක එංගලන්තයටම එරෙහිව ඇන්ටිගුවා හිදීම ලාරා වාර්තාගත ලකුණු 375ක් රැස්කළා. පන්දු 538කින් සමන්විත ලාරා ගේ ඉනිමට හතරේ පහර 45ක් ඇතුළත් ...