අද ක්‍රිකට් පිටිය (මැයි 23) cowkorner හිටපු එංගලන්ත පිතිකරු ග්රැහැම් හික් ඇමරිකා එක්සත් ජනපදයේ පැවති පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ගැන ඊයෙ කිව්වනෙ. මේ තරගාවලියේ දෙවන සහ අවසාන තරගය ජයගනිමින් තරගාවලිය සම කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා. එහිදී මුලින් පන්දුවට පහරදුන් නවසීලන්තය ලකුණු 81 කට සීමා කිරීමට නුවන් කුලසේකර, ලසිත් මාලිංග ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉන් අනතුරුව කඩුළු 3 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය ...
අද ක්‍රිකට් පිටිය (මැයි 22) cowkorner දන්නවද අද තමයි සර් ආතර් කොනන් ඩොයිල් ගේ උපන්දිනය. ගොඩක් දෙනෙක් දන්නෙ නැතිව ඇති අපි කවුරුත් ආදරය කරන ශර්ලොක් හෝම්ස් නවකතා රචකයා වන ඩොයිල් දක්ෂ පළමු පෙළ පිතිකරුවෙකු බව. ඒ විතරක් නෙවෙයි ඔහු තම කතානායකයා වූ ශර්ලොක් හෝම්ස් හට එම නම යොදා ඇත්තෙත් තම සමකාලීන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ නමක් ඇසුරින්. පළමු පෙළ තරග 10 කට ක්‍රීඩා කර ඇති ඩොයිල් ක්‍රීඩා කළේ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 21) cowkorner සයිඩ් අන්වර් – ලකුණු 194 මෑතක් වනතුරුම එක්දින ලෝක වාර්තාව ලෙස පැවති පකිස්ථානයේ සයිඩ් අන්වර්ගේ ලකුණු 194 වාර්තා වුණේ 1997 අද වගේ දවසක. ඉන්දියාවට එරෙහිව චෙන්නායි හිදී වාර්තා වූ අන්වර්ගේ ඉනිමට හතරේ පහර 22ක් හා හයේ පහර 5ක් ඇතුළත්. අන්වර් මෙහිදී බිඳහෙළුවේ ඊට වසර 13 කට පෙර විව් රිචර්ඩ්ස් තබා තිබූ වාර්තාවයි. මෑත කාලයේ චාල්ස් කොවෙන්ට්‍රි, සචින් ටෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ...
අද ක්‍රිකට් පිටිය (මැයි 20) cowkorner ටෙඩී ඇලස්ටන් වේගවත් පිතිහරඹයක අද මුලින්ම කියන්න යන්නෙ එංගලන්ත ප්‍රාන්ත තරගාවලි ඉතිහාසයේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් ගැන. 1911 අද වගේ දවසක නොටින්හැම්ෂයර් සහ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් අතර පැවති තුන්දින තරගයේදී නොටින්හැම්ෂයර් පිළේ ටෙඩී ඇලස්ටන් දියත් කළ වේගවත් පිති ප්‍රහාරය එදා මෙදා තුර ක්‍රිකට් ඉතිහාසයේ දුටු හොඳම ඉනිම් වලින් එකක් සේ සැලකෙනවා. අංක 9 ස්ථානයේ පිටියට පිවිසි ටෙඩී විනාඩි 90ක් වැනි කෙටි ...
අද ක්‍රිකට් පිටිය (මැයි 19) cowkorner ස්ටුවට් බ්‍රෝඩ් – 7/44 එංගලන්තය සහ නවසීලන්තය අතර ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවති ටෙස්ට් තරගය අද නිමාවට පත්වුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව හොඳින්ම කියාපාමින්. ජයග්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා යෑමට නවසීලන්ත පිතිකරුවන් පිටියට පිවිසෙන විට බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වුණේ මෙය ඉතා තියුණු තරගයක් වනු ඇති බවයි. නමුත් වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් ඒ සියළු බලාපොරොත්තු බිඳ හෙළමින් නවසීලන්තය ...
අද ක්‍රිකට් පිටිය (මැයි 18) cowkorner Clairmonte Depeiaza සහ Denis Atkinson හත්වන කඩුල්ලේ ලෝක වාර්තාව පිහිටුවීමෙන් පසු 1955 අද වගේ දවසක බාබඩෝස් හිදී පැවති ඕස්ට්‍රේලියා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී කොදෙව් පිතිකරුවන් වන Denis Atkinson සහ Clairmonte Depeiaza හත්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 347ක සබඳතාවක් පැවැත්වූවා. කොදෙව් ලකුණු පුවරුව 147/6 සිට 494/7 දක්වා ඉහළ දැමීමට සමත්වූ මෙම සබඳතාව අදටත් හත්වන කඩුල්ලේ ලෝක වාර්තාව ලෙස පවතිනවා. ...
අද ක්‍රිකට් පිටිය (මැයි 17) cowkorner W.G.ග්‍රේස් – ක්‍රිකට් ක්‍රීඩාවේ පියා 1997 අද වැනි දිනක ඉන්දියාවේ මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී එක්දින තරගයක් පැවැත්වුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර. මෙහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියානුවන් ලකුණු 225 කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකික පිතිකරුවන් පන්දුවාර 41ක් තුළ ජයග්‍රහණය ලබා ගන්නට සමත් වුණා. මෙහිදී සනත් ජයසූරිය පන්දු 120 කදී නොදැවී ...
අද ක්‍රිකට් පිටිය (මැයි 16) cowkorner ජිම් ලේකර් 2010 T20 ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණේ අද වගේ දවසක. ඒ ක්‍රිකට් ලොව බලවතුන් වන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර. ඒ බාබඩෝස් හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගනයේදී. එහිදී මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලබාදුන් ලකුණු 148 ක ඉලක්කය කරා ළඟා වීමට එංගලන්ත පිතිකරුවන්ට වැයවූයේ පන්දු වාර 17ක් පමණයි. එහිදී කඩුළු 3ක් බිඳවැටුණු අතර ක්‍රේග් කීස්වෙටර් ලකුණු 63ක් හා කෙවින් පීටර්සන් ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (මැයි 15) cowkorner මහේල ජයවර්ධන මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL)තරගාවලියේදී නම් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ගේ දස්කම් අහන්නට ලැබෙන්නෙ අඩුවෙන්. ඒ වුණත් පහුගිය 2012 IPL තරගාවලියේ අද වැනි දිනක පැවති Delhi Daredevils සහ Kings XI Punjab කණ්ඩායම් අතර තරගයේදී මහේල ජයවර්ධන පිත්තෙන් දස්කම් දැක්වූවා. ලකුණු 137 ක ඉලක්කයක් හඹායමින් සිටියදී 37/4 ක් ලෙස අසීරුතාවයට පත්ව සිටි Daredevils පිළ ගොඩගැනීමට අර්ධ ශතකයක් ලබාගත් මහේල් ...
අද ක්‍රිකට් පිටිය (මැයි 14) cowkorner මයිකල් හසී පන්දු 24 කදී නොදැවී ලකුණු 60 බටහිර ඉන්දීය දූපත් හි පැවති 2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර ශාන්ත ලුසියා හිදී පැවැත්වුණේ අද වගේ දවසක. ඒ වනවිට ලෝක ශූරයන් වූ පකිස්ථානය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 191ක් රැස්කරන්නට සමත් වුණා. කෙසේ වෙතත් ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් පන්දුවාරයේ පස්වන පන්දුවෙන් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය ...
අද ක්‍රිකට් පිටිය (මැයි 13) cowkorner කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක් 2003 මැයි 13 වෙනිද කියන්නේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ නව ලෝක වාර්තාවක් බිහිවූ දවසක්. එදින බටහිර ඉන්දීය දූපත් සහ ඕස්ට්‍රේලියාව අතර ඇන්ටිගුවා හිදී අවසානයට පත්වූ තරගයේදී ජයග්‍රහණය සඳහා හඹායනු ලැබූ වැඩිම ඉලක්කය වාර්තා කිරීමට කොදෙව්වන් සමත් වුණා. ඒ දැවැන්ත ලකුණු 418 ක ඉලක්කයක් හඹායමින්. ඔවුන් ජයග්‍රහණය කරා ළඟා වූයේ කඩුළු 3ක් පමණක් අතැතිවයි. මෙහිදී ශිවනරීන් චන්ද්‍රපෝල් සහ රම්නරේෂ් ...
අද ක්‍රිකට් පිටිය (මැයි 12) cowkorner සනත් ජයසූරිය පන්දු 24 කදී ලකුණු 41 ( 7×4 , 1×6 ) හරියටම මීට අවුරුද්දකට කලින් මාර්ක් බවුචර් ගේ නායකත්වයෙන් යුත් International XI කණ්ඩායම සහ සනත් ජයසූරිය ගේ නායකත්වයෙන් යුත් Asian XI කණ්ඩායම අතර ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්වුණේ කැනඩාවේ ටොරොන්ටෝ හිදී. සාමාන්‍යයෙන් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වන තරගයක් කැනඩාවේදී පැවැත්වෙන්නේ ඉතා කලාතුරකින් නිසා මේ තරගය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවුණා. තරගය ...
අද ක්‍රිකට් පිටිය (මැයි 11) cowkorner චාමර කපුගෙදර ශ්‍රී ලංකාව සහභාගි වූ T20 තරග අතරින් තියුණුතම තරගයක් ලෙස හැඳින්විය හැකි 2010 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මූලික වටයේ තරගය පැවැත්වුණේ අද වගේ දවසක. ඉතින් අද දවස වෙන්වෙන්නේ ඒ සුවිශේෂී තරගය ගැන කතාකරන්නයි. ශාන්ත ලුසියා හිදී පැවති මෙම තරග දෙපිළටම ඉතා තීරණාත්මක තරගයක් වුණේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටයි. ඉන්දියාවට නම් මෙය අනිවාර්යයෙන්ම වැඩි දළ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 10) cowkorner ක්ලැරී ග්‍රිමට් පසුගිය දවස් කිහිපයේම ඉනිමකදී කඩුළු 10 ම දවාගත් අවස්ථා ගැන කතා කරන්න වුණා. ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ ගුග්ලි පන්දු යවන්නෙකු වන ක්ලැරී ග්‍රිමට් පළමු පෙළ ඉනිමකදී කඩුළු 10 ම දවා ගැනීමට සමත් වුණේ 1930 මැයි 10 වෙනිදාවක. ඒ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් යෝක්ෂයර් ප්‍රාන්ත පිළට එරෙහිව ෂෙෆීල්ඩ් හිදී. ඔහු මෙහිදී ලබාදුන්නේ ලකුණු 37ක් පමණයි. ටෙස්ට් තරග 37 කදී කඩුළු 216ක් දවාගෙන ...
අද ක්‍රිකට් පිටිය (මැයි 9) cowkorner ක්‍රිකට් ලොව පෙරළිකාර සොයාගැනීම World Series Cricket World Series Cricket (WSC) ගැන අහල තියනවද? වර්ණ ඇඳුම්, දිවා රාත්‍රී තරග ආදී බොහෝ විප්ලවකාරී සොයාගැනීම් ගණනාවක් WSC නිසා ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වුණා. 1970 දශකයේ අග භාගයේ ඕස්ට්‍රේලියාවේ පැවති මෙම තුන්කොන් තරගාවලියට ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ලෝක කණ්ඩායමක් සහභාගි වුණා. කෙසේ වුවත් එතෙක් පැවති සම්ප්‍රදායික ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට ඇතිවිය හැකි බලපෑම නිසා ...
අද ක්‍රිකට් පිටිය (මැයි 8) cowkorner මයිකල් බෙවන් අද මුලින්ම කියන්න යන්නෙ එංගලන්ත ප්‍රාන්ත තරගයක සිදුවූ සිදුවීමක් ගැනයි. 1908 දි නොතැම්ටන්ෂයර් පිළ සහ යෝක්ෂයර් පිළ අතර පැවති මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් නොතැම්ටන් පිළ ලබාගත් ලකුණු 356 ට පිළිතුරු වශයෙන් යෝක්ෂයර් පිළට ලබාගත හැකි වූයේ පළමු ඉනිමේදී ලකුණු 27 කුත් දෙවන ඉනිමේදී ලකුණු 15 කුත් පමණයි. ඒ තරගයේදි යෝක්ෂයර් පිළ ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියත් ...
අද ක්‍රිකට් පිටිය (මැයි 7) cowkorner උපුල් චන්දන සාමාන්‍යයෙන් ඉන්දියාව ක්‍රිකට් ලෝකය තුළ ප්‍රසිද්ධියක් උසුලන්නේ එරටින් බිහිවූ අති දක්ෂ පතිකරුවන් සමූහය නිසයි. මෑත කාලයේ විතරක් නෙවෙයි 20 වන ශතවර්ෂයේ මුල් භාගයේ පටන්ම දක්ෂ ඉන්දියානු පිතිකරුවන් බිහිවී තිබෙනවා. K.S.Ranjitsinhji හෙවත් රංජි, K.S.Duleepsinhji හෙවත් දුලිප් සහ Nawab of Pataudi වැන්නවුන් ඉන්දියාව ටෙස්ට් වරම් ලැබීමට පෙර කාලයේ එංගලන්තය නියෝජනය කළා. මේ අතරින් K.S.Duleepsinhji එංගලන්තය නියෝජනය කළ විශිෂ්ඨතම පිතිකරුවන් කිහිපදෙනා ...
අද ක්‍රිකට් පිටිය (මැයි 6) cowkorner එංගලන්ත පිතිකරු ග්රැහැම් හික් Jennings Tune නමැති පන්දු යවන්නා එංගලන්තයේ යෝක්ෂයර් හි දිස්ත්‍රික් තරගයකදී කිසිදු ලකුණක් ලබා නොදී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුළු 10 ම දවාගැනීමට සමත් වී තිබෙනවා. පුදුමයි නේද? හැබැයි මෙම දස්කම සිදුකිරීමට ඔහු ඇතුළුව ක්‍රීඩකයින් 24 දෙනෙක් සමත් වී තිබෙන බව ඇහුවොත් ඔබ ඊටත් වඩා පුදුම වේවි. (සැ.යු. මේ එකක්වත් පළමු පෙළ තරගවලදී නොවේ.) නමුත් Jennings Tune කළ මේ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 5) cowkorner කොදෙව් ක්‍රීඩිකා ඩියැන්ඩ්‍රා ඩොටින් කාන්තා ක්‍රිකට් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ පසුගිය ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් නිසයි. අද මුලින්ම කියන්නෙත් කාන්තා ක්‍රිකට් ගැන කතාවක්. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා ඩියැන්ඩ්‍රා ඩොටින් කාන්තා 20-20 තරගයකදී වාර්තා වූ ප්‍රථම ශතකය වාර්තා කළේ අද වැනි දවසක. ඒ 2010 ලෝක කුසලානය සඳහා ශාන්ත කිට්ස් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව. ඇයට ශතකය වාර්තා ...
අද ක්‍රිකට් පිටිය (මැයි 4) cowkorner වසීම් අක්රම් සාජා හි පැවති 1990 ඔස්ට්රලේශියා කුසලානයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් ගැන පහුගිය දවස් කිහිපයේම කිව්වනෙ. ඉතින් මේ තරගාවලිය අවසන් වෙන්නෙත් තවත් එවැනිම සිදුවීමකින්. මෙහිදී සුපිරි වමත් වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්රම් ඕස්ට්‍රේලියනු ඉනිම අවසන් කරන්නේ කඩුළු ත්‍රිත්වයක් (hat-trick) සමගින්. මෙය ඔහු ලබාගත් දෙවන එක්දින කඩුළු ත්‍රිත්වයයි. මෙම කඩුළු තුනම කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් ලබාගත් ඒවා වීමත් විශේෂයි. තරගය ...