අද ක්‍රිකට් පිටිය (ජූනි 11) cowkorner ශක්ලේන් මුෂ්ටාක්ට hat-trick එකක් පකිස්ථානය හා සිම්බාබ්වේ අතර එංගලන්තයේ ඕවල් පිටියේදී පැවති 1999 ලෝක කුසලාන super six වටයේ තරගයේදී පකිස්ථානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ශක්ලේන් මුෂ්ටාක් කඩුළු ත්‍රිත්වයක් ලබා ගන්නට සමත් වුණා. ශක්ලේන් මෙහිදී දවාගත්තේ සිම්බාබ්වේ ඉනිමේ අවසන් කඩුළු 3 වන අතර ඉන් මුල් කඩුළු 2ම stump කිරීම් වීමත් විශේෂයි. මෙම කඩුළු ත්‍රිත්වය ලබාගැනීමත් සමගම ඔහු එක්දින කඩුළු ත්‍රිත්ව ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 10) cowkorner “Yeah Viv, Talk nah…” නොම්බර 11 ස්ථානයේ ක්‍රීඩා කරන පිතිකරුවෙක් ටෙස්ට් ඉනිමකදී ලබා ගෙන ඇති වැඩිම ලකුණු ගණන කීයද කියල දන්නවද? කොදෙව් ක්‍රීඩක ටීනෝ බෙස්ට් එංගලන්තයට එරෙහිව ලකුණු 95ක් රැස් කරමින් වාර්තාවක් තැබුවේ ගිය අවුරුද්දෙ අද වගේ දවසක. ඔහු විසින් බිඳ හෙළන ලද්දේ ඉන්දියාවේ සහීර් ඛාන් විසින් බංග්ලාදේශයට එරෙහිව 2004 දී රැස්කළ ලකුණු 75 වාර්තාවයි. පන්දු 112 කදී වාර්තා වූ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 09) cowkorner සිම්බාබ්වේ පිළේ පළමු එක්දින ජයග්‍රහණය තුන්වන ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයේදී ආරම්භ වුණේ 1983 අද වගේ දවසක. මෙහිදී තමයි ක්‍රිකට් ක්‍රීඩාවට කෝඩුකාරයන් වූ සිම්බාබ්වේ කණ්ඩායම මුල්වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ. නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් තම මංගල එක්දින තරගයෙන්ම ප්‍රභල ඕස්ට්‍රේලියාව ලකුණු 13කින් පරාජය කරන්නට ඔවුන්ට හැකිවුණා. නොටිංහැම් හිදී පැවති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිළ නියමිත පන්දුවාර 60 ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 08) cowkorner ටෝනි ග්‍රේග් ශ්‍රී ලංකාවේ අපි කවුරුත් ආදරය කළ එංගලන්තයේ ටෝනි ග්‍රේග් ටෙස්ට් වරම් ලබා ගෙන ඇත්තේ 1972 අද වගේ දවසක. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව අළු බඳුන කුසලානයේ මැන්චෙස්ටර් හි පැවති තරගයකදී. තරගයේ ඉනිම් දෙකේදීම අර්ධ ශතක වාර්තා කරමින් සහ කඩුළු 5ක් දවාගනිමින් තම කණ්ඩායම ලකුණු 89ක ජයග්‍රහණයක් කරා ගෙන යෑමට ටෝනි ට හැකි වුණා. මෙහිදී ඉනිම දෙකේදීම එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 07) cowkorner ගවස්කාර්ගෙන් මන්දගාමී ඉනිමක්… පළමු එක්දින ලෝක කුසලාන තරගාවලියේ මංගල තරගය ලන්ඩනයේ ලෝඩ්ස් පිටියේදී සත්කාරක එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වුණේ 1975 අද වගේ දවසක. එක් පිළකට පන්දු වාර 60 කින් සමන්විත වූ මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 334ක් රැස් කළා. පිළිතුරු ලෙස ඉන්දියාව ක්‍රීඩා කළ ආකාරය ඉතා විමතිය දනවන සුළුයි. පන්දු වාර 60 තුළම කඩුළු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 06) cowkorner බ්‍රයන් ලාරාගෙන් තවත් සුපිරි ඉනිමක් 501* වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාව පිහිටුවා සති කිහිපයකට පසු බ්‍රයන් ලාරා නැවතත් තමන්ගේ නම වාර්තා පොත් අතරට එක් කළේ වැඩිම පළමු පෙළ ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවද සියතට ගනිමින්. ඒ 1994 අද වැනි දිනක බර්මිංහැම් හිදී වොරික්ෂයර් ප්‍රාන්ත පිළ වෙනුවෙන් ඩරම් පිළට එරෙහිව නොදැවී ලකුණු 501ක් රැස් කරමින්. (ලාරා බිඳ හෙළුවේ පකිස්ථානයේ හනීෆ් මොහොමඩ් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 05) cowkorner නෙදර්ලන්තයට අනපේක්ෂිත ජයග්‍රහණයක්… 2009 එංගලන්තයේ පැවති 20-20 ලෝක කුසලානය ආරම්භ වුණේ අද වැනි දවසක ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී. තරගාවලියේ මංගල තරගයේ විශේෂත්වය වන්නේ සත්කාරක එංගලන්ත පිළ නෙදර්ලන්තය හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබීමයි. ඉතා තියුණු තරගයකින් අනතුරුව අවසන් පන්දුවේදී ලකුණු 163ක ඉලක්කය පසු කිරීමට එංගලන්තය සමත් වුණා. මෙය නෙදර්ලන්ත කණ්ඩායමක් විසින් මුල් පෙළේ කණ්ඩායමක් පරාජය කළ පළමු අවස්ථාව ලෙසත් ඉතිහාසයට එක් වෙනවා. හිටපු එංගලන්ත ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 04) cowkorner සියවසේ පන්දුව හෙවත් ball of the century 20 වන සියවසේ යවනු ලැබූ හොඳම පන්දුව ගැන අහල තියෙනවද? 1993 අළු බඳුන වෙනුවෙන් මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති තරගයේදී නවක ඕස්ට්‍රේලියානු පාදඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් සියවසේ පන්දුව හෙවත් ball of the century යවනු ලැබුවේ මීට හරියටම වසර 20 කට පෙර, ඒ කියන්නෙ 1993 ජූනි 4 වෙනිද. ෂේන් වෝන් විසින් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 03) cowkorner ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෝකයේ ඇති දර්ශනීයම ක්‍රිකට් ක්‍රීඩාංගන කිහිපය අතරින් එකක් ලෙස සැලකෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පළමු වරට ටෙස්ට් තරගයක් පැවැත්වුණේ 1998 අද වගේ දවසක. එය ලෝකයේ 79 වෙනි මෙන්ම ලංකාවේ 7 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස ඉතිහාසගත වෙනවා. මංගල තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර. ශ්‍රී ලංකාව තරගය ඉනිමකින් හා ලකුණු 16කින් ජයගත් අතර ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් ශතකය ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 02) cowkorner අද දිනය නම් ක්‍රිකට් පිටියේ එතරම් විශේෂ සිදුවීම් කිසිවක් සිදුවූ දවසක් නෙවෙයි. හැබැයි ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම අද දවසේ උපන්දින සමරනවා. ඒ අතරින් පළමු වැන්නා ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්ත්මාන නායක ඇන්ජලෝ මැතිව්ස්. මැතිව්ස් අද සමරන්නෙ ඔහුගෙ 26වන උපන්දිනය. ඕස්ට්‍රේලියාවේ වෝ සොහොයුරන් ඒ වගේම ක්‍රිකට් ලොව ජනප්‍රියතම නිවුන් සොහොයුරන් යුගලය වන ඕස්ට්‍රේලියාවේ ස්ටීව් වෝ සහ මාර්ක් වෝ උපත ලබා ඇත්තේ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 01) cowkorner ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සම්බන්ධ තොරතුරු පසුගිය දින කිහිපයකදීම කිව්වනෙ. මේ කියන්න යන්නෙ 2008 අද වගේ දවසක පැවැත්වුණු මංගල IPL තරගාවලියේ අවසන් තරගය ගැන. මුම්බායි හිදී පැවති මෙම තරගය පැවැත්වුණේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර. මුලින් පන්දුවට පහරදුන් මහේන්ද්‍ර සිං දෝනි ගෙ නායකත්වයෙන් යුත් චෙන්නායි පිළ කඩුළු 5 කට ලකුණු 163ක් රැස්කළා. ඉතා තියුණු තරගයකින් ...
ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම ටෙස්ට් පිතිකරුවා කවුද ? cowkorner ශ්‍රී ලංකාවෙන් බිහිවූ හොඳම පිතිකරුවා කවුද කියල හොයල බලන්න මට හිතුණෙ සෑහෙන කාලෙකට උඩදි. මේ ගැන අපි එකිනෙකා අතර විවිධ මත තියෙන්න පුළුවන්. “Cowkorner මත විමසුම” තුළින් ඔබ ඒ ගැන දැක්වූ ප්‍රතිචාර ගැන පස්සෙ කියන්නම්. මේ ලෑස්ති වෙන්නෙ ඇසුරින් ලබාගත් සංඛ්‍යාත්මක දත්ත ඇසුරින් මේ පිළිබඳ සරල ගණිතමය විශ්ලේෂණයක් කරල බලන්න. ක්‍රීඩකයන් සැසඳීමේදී වඩා නිවැරදි අදහසක් ලබාගැනීම සඳහා මෙහිදී සලකා බැලෙන්නේ ...
අද ක්‍රිකට් පිටිය (මැයි 31) cowkorner විව් රිචර්ඩ්ස් එදා මෙදා තුර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිම ලෙස සැලකෙන විව් රිචර්ඩ්ස් නොදැවී රැස්කළ ලකුණු 189 වාර්තා වූයේ 1984 අද වැනි දිනකයි. එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන්ගේ එංගලන්ත පන්දු යැවීම හමුවේ දැඩි අසීරුතාවයකට පත්වුණා. අංක 4 ස්ථානයේ පිටියට පිවිසි විව් හැරෙන්නට මුල් පිතිකරුවන් 8 දෙනාගෙන් කිසිවෙකුට ...
අද ක්‍රිකට් පිටිය (මැයි 30) cowkorner තවත් දරුණු කඩාවැටීමක් – Cardiff 2011 ශ්‍රී ලංකා කණ්ඩායමේ 2011 එංගලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගය අවසන් වුණේ අද වගේ දවසක. කාර්ඩිෆ් හිදී පැවති තරගයේ අවසන් දිනයේ ලකුණු 96ක් පිටුපසින් ලංකාව තම දෙවන ඉනිම ආරම්භ කරද්දි බොහෝ දෙනා සිතුවේ තරගය අනිවාර්යෙන්ම ජය පරාජයෙන් තොරව අවසන් වෙයි කියල. ඒත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ විදිහට පන්දු වාර 25ක් තුළ ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 82කට ...
අද ක්‍රිකට් පිටිය (මැයි 29) cowkorner සිම්බාබ්වේ පිළෙන් අනපේක්ෂිත දස්කම්… එදා මෙදා තුර ඉතිහාසයේ ටෙස්ට් තරග 2000 කට අධික සංඛ්‍යාවක් පවත්වා ඇතත් ඒ අතරින් එක් කඩුල්ලකින් ජයගත් අවස්ථා වාර්තා වී ඇත්තේ අවස්ථා 12 කදී පමණයි. 2000 වසරේ අද වැනි දිනක මෙවැනි විරල සිදුවීමක් වාර්තා වුණේ ඇන්ටිගුවා හි පැවති කොදෙව්වන් සහ පකිස්ථානය අතර ටෙස්ට් තරගයේදී. මෙහිදී තරගයේ සහ තරගාවලියේ ජයග්‍රහණය සඳහා ලකුණු 216ක ඉලක්කයක් හඹා යමින් සිටි ...
අද ක්‍රිකට් පිටිය (මැයි 28) cowkorner ටෙස්ට් තරගයකදී කඩුළු ත්‍රිත්වයක් (hat-trick) ලබාගන්නව කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයිනෙ. ඉතින් එකම තරගයේ ඉනිම් දෙකේදීම hat-tricks ලබාගන්න, එහෙමත් නැත්නම් එකම දවසකදි hat-tricks දෙකක්ම ලබාගන්න එක කොච්චර විරල සිදුවීමක්ද. හැබැයි අදට වසර 101 කට උඩදි ඒ කියන්නෙ 1912 අද වගේ දවසක ඕස්ට්‍රේලියානු පාදඟ පන්දු යවන ක්‍රීඩක ජිමී මැතිව්ස් ඔය විරල සිදුවීම් දෙකම කරන්නට සමත් වුණා. පුදුමයි නේද? හැබැයි ඊටත් වඩා ...
අද ක්‍රිකට් පිටිය (මැයි 27) cowkorner ජයග්‍රාහී කල්කටා නයිට් රයිඩර්ස් පිළ 2013 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ඊයේ අවසන් වුණේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ශූරයන් බවට පත්කරමින්. හැබැයි මේ කියන්න යන්නෙ පසුගිය 2012 IPL තරගාවලිය ගැන. එහි අවසන් තරගය චෙන්නායි හිදී පැවැත්වුණේ අද වගේ දවසක. මෙහිදී ගෞතම් ගාම්භීර් නායකත්වය දැරූ කල්කටා නයිට් රයිඩර්ස් පිළ ශූරතාවය ලබාගත්තා. මෙවර තරගාවලියේ වගේම අනුශූරයන් බවට පත්වුණේ චෙන්නායි සුපර් කිංස් කණ්ඩායමයි. මීළඟට ...
අද ක්‍රිකට් පිටිය (මැයි 26) cowkorner ගැන්ගුලි සහ ඩ්‍රාවිඩ්ගෙන් දැවැන්ත සබඳතාවක්… 1996 ලෝක ශූරයන් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් අනතුරුව එංගලන්තයේ පැවති 1999 ලෝක කුසලානය ආරම්භ කළේ තම කිරුළ රැකගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් අද වැනි දිනක සමර්සෙට් හිදී පැවති මූලික වටයේ තරගයේදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමත් සමගම ඒ බලාපොරොත්තු අතහැර දමන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා. මෙහිදී සව්රව් ගැන්ගුලි සහ රාහුල් ඩ්‍රාවිඩ් දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (මැයි 25) cowkorner මුරලි විජේගෙන් වේගවත් ඉනිමක් පසුගිය වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ දෙවන තරගය (2nd qualifier) චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම් අතර චෙන්නායි හිදී පැවැත්වුණේ අද වගේ දවසක. මෙහිදී මුලින්ම පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම කඩුළු 5ක් පමණක් දැවී දැවැන්ත ලකුණු 222ක් රැස්කළා. ආරම්භක පිතිකරු මුරලි විජේ හතරේ පහර 15ක් හා හයේ පහර 4ක් ඇතුළුව පන්දු 58කදී ...
අද ක්‍රිකට් පිටිය (මැයි 24) cowkorner නසාර් හුසේන් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරගාවලිය දැන් අවසන් අදියරටම ළඟාවෙලා. ඇඩම් ගිල්ක්‍රිස්ට් ගේ නායකත්වයෙන් යුත් ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම 2009 පැවති දෙවන ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ දිනා ගන්නට සමත් වුණේ අද වගේ දවසක. දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවති අවසන් තරගයේදී ඔවුන් අතින් පරාජයට පත්වුණේ අනිල් කුම්බ්ලේ ගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි. පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ලකුණු ...