අද ක්‍රිකට් පිටිය (ජූලි 01) cowkorner ජූලි පළමු වෙනිද ක්‍රිකට් පිටියේ සිදුවූ සිදුවීම් ගැනනම් කියන්න විශේෂ යමක් නැහැ. නමුත් ක්‍රිකට් ලොව දැවැන්තයින් දෙදෙනෙකු මෙලොවින් සමුගත් දිනයක් ලෙස අද දිනය හඳුන්වන්න පුළුවන්. එදා මෙදා තුර ක්‍රිකට් ක්‍රීඩාකළ සුපිරිතම පිතිකරුවන් අතරින් එක් අයෙකු ලෙස සැලකෙන එංගලන්තයේ වොලී හැමන්ඩ් අභාව ප්‍රාප්ත වුණේ 1965 අද වැනි දිනකයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 62 යි. අදටත් 58.45 ක් වන හැමන්ඩ් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 30) cowkorner සුභ උපන්දිනක් ! අද තමයි සනත් ජයසූරියගෙ උපන්දිනය. අද සනත් සමරන්නෙ ඔහුගෙ 44 වන උපන්දිනය. ඒ විතරක් නෙවෙයි, ටෙස්ට් පිටියේ වාර්තා වූ පස්වන කඩුළු ත්‍රිත්වය (hat-trick) වාර්තා වූයේ 1899 අද වැනි දිනක. ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙඩිංලිහිදී මේ දස්කම සිදුකළේ එංගලන්ත පන්දු යවන්නෙකු වූ ජැක් හර්න්. මෙහිදී දැවීගිය පිතිකරුවන් තිදෙනාම ලකුණු නොලබා දැවීයමත් සුවිශේෂී කරුණක්. 1924 අද වගේ දවසක ලෝඩ්ස් හිදී පැවති එංගලන්ත දකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 29) cowkorner අද දවස ගැන කියනකොට මුලින්ම මතකයට එන්නෙ සනත් ජයසූරිය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළ සනත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නෙ හරියටම මීට අවුරුදු 2කට කලින්. ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඕවල් පිටියේ පැවති එක්දින තරගයකදී. සනත් තැබූ ලෝක වාර්තා, දිනාගත් කුසලාන එමටයි. ක්‍රිකට් ලෝලී ඔබට ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. සනත් ජයසූරියගේ ක්‍රිකට් wallpaper එකක් මෙතනින්. සනත් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 28) cowkorner මුශ්ටාක් අහමඩ් 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ජූනි 28 වැනිදා නම් ක්‍රිකට් පිටියේ එතරම් සුවිශේෂී සිදුවීම් කිසිවක් සිදුවූ දිනයක් නෙවෙයි. ඒ වුණත් ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගේම උපන්දින අදට යෙදී තිබෙනවා. ඒ අතරින් කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක රෝයි ගිල්ක්‍රිස්ට් මුල්තැන ගන්නවා. එතරම් ටෙස්ට් තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්නට වාසනාවන්ත නොවුණත් එදා මෙදා තුර බිහිවූ භයංකාරම පන්දු යවන්නෙක් ලෙස සැලකෙන ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 27) cowkorner ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කිරීම එහෙමත් නැත්නම් twin centuries කියන්නෙ එක්තරා විදියක දුර්ලභ අවස්ථාවක්. මෙවැනි අවස්ථා ගැන කිහිප වතාවක්ම කියල තියෙනවනෙ. මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්. 1939 අද වගේ දවසක කොදෙව් පිතිකරු ජෝර්ජ් හෙඩ්ලි ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ලෝඩ්ස් හිදී මේ දස්කම කළ ප්‍රථම පිතිකරුවා ලෙස ඉතිහාසගත වුණා. ඒ විතරක් නෙවෙයි මෙය හෙඩ්ලි ටෙස්ට් තරගයකදී twin centuries රැස්කළ දෙවන ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 26) cowkorner 90 දශකයේ එංගලන්තය නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වූ ඩොමිනික් කෝක් තම මංගල ටෙස්ට් තරගයේදීම ලෝකයේ අවධානය දිනා ගන්නට සමත් වුණේ 1995 අද වැනි දවසක. කොදෙව්වන්ට එරෙහිව ලෝඩ්ස් හිදී පැවති ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී කොදෙව් දෙවන ඉනිමේ කඩුළු 7ක් ලකුණු 43කට දවාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට කෝක්ට හැකිවුණා. මේ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය හිමිවුණෙත් ඔහුටමයි. එංගලන්තයෙන් බිහිවූ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 25) cowkorner 1983 ලෝක ශූර ඉන්දීය පිළේ නායක කපිල් දේව් ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ අමතක නොවෙන දවසක් වූ 1983 ලෝක කුසලාන ජයග්‍රහණයට අදට වසර 30ක් සපිරෙනවා. එංගලන්තයේ ලෝඩ්ස් හිදී පැවති අවසන් මහා තරගයේදී ඉන්දියාව සමග ක්‍රීඩා කළේ ඒ වනවිට පිටපිට දෙවරක් ලෝක ශූරතාවය දිනා සිටි බටහිර ඉන්දීය කොදෙව්වන්. නායක ක්ලයිව් ලොයිඩ්, ගෝර්ඩන් ග්රිනිග්, විව් රිචර්ඩ්ස් ඇතුළු කොදෙව් පිළේ ක්‍රීඩකයින් හත්දෙනෙකුම පසුගියවර ලෝක ශූරතාවය ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 24) cowkorner ටෙස්ට් පිටියේ වාර්තා වූ කඩුළු ත්‍රිත්ව ගැන ලිවූ ලිපිය ඔබට මතක ඇතිනෙ. අද මුලින්ම කියන්න යන්නෙ ටෙස්ට් පිටියේ වාර්තා වූ ආන්දෝලනාත්මකම සහ අමතක නොවන කඩුළු ත්‍රිත්වය ගැන කතාවයි. ග්‍රිෆින්ගේ කඩුළු ත්‍රිත්වය පුවත්පත් වාර්තා කළ අයුරු 1960 වසරේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ලෝඩ්ස් පිටියේදී පැවති ටෙස්ට් තරගයකදී මේ දස්කම සිදුකළේ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ජෙෆ් ග්‍රිෆින්. කුඩා කළ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 23) cowkorner ජොයෙල් ගානර් අද දවසෙ මුලින්ම කියන්න තියෙන්නෙ 1979 ලෝක කුසලාන අවසන් මහා තරගය ගැනයි. ලෝඩ්ස් හි පැවති මේ තරගයට සහභාගි වූයේ එවකට ලෝක ශූරයන් වූ කොදෙව්වන් සහ සත්කාරක එංගලන්තයයි. මුලින් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 60 අවසානයේදී කඩුළු 9ක් දැවී ලකුණු 286ක් රැස්කරන්නට සමත්වුණා. අගනා ඉනිමක් ක්‍රීඩා කළ විව් රිචර්ඩ්ස් නොදැවී ලකුණු 138ක් රැස්කළා. විව් තම අන්තය ආරක්ෂා කරගනිද්දී අනෙක් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 22) cowkorner ජූනි 22 ගැන කියද්දි ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තමන්ගෙ මංගල ටෙස්ට් තරගයේදී සිදුකළ සුවිශේෂී දස්කම් ගැන නොකියාම බැහැ. ඉන් පළමුවැන්නා ඕස්ට්‍රේලියාවේ රොබර්ට් මැසී. 1972 දී එංගලන්තයට එරෙහිව ලෝඩ්ස් හිදී පැවති අළු බඳුන තරගයකදී ටෙස්ට් වරම් ලද දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක මැසී මංගල තරගයේදී ක්‍රීඩකයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව දිනාගන්නට සමත් වුණා. ඒ ඉනිම දෙකේදී ලකුණු 84 කට කඩුළු 8ක් හා ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 21) cowkorner ලෝක ශූරතාව කොදෙව්වන්ට 1975 පැවති පළමු ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වුණේ අද වගේ දවසක එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඕස්ට්‍රේලියාව අතර. මුලින් පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පන්දුවාර 60 තුළදී කඩුළු 8 කට ලකුණු 291ක් රැස් කරන්නට සමත් වුණා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ක්ලයිව් ලොයිඩ් පන්දු 85ක් තුළදී වේගවත් ලකුණු 102ක් රැස්කළා. පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාවට පන්දුවාර 58.4ක් තුළදී ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 20) cowkorner 1999 ලෝක ශූර ඕස්ට්‍රේලියා කණ්ඩායම අද දවසෙ මුලින්ම කියන්න යන්නෙ 1999 ලෝක කුසලාන අවසන් තරගය ගැන. තරගය පැවැත්වුණේ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ඕස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතරයි. සාමාන්‍යයෙන් ලෝක කුසලාන අවසන් තරගයක් කියන්නෙ බොහොම තරගකාරී සමබර තරගයක්නෙ, හැබැයි 1999 අවසන් තරගය නම් එහෙම වුණේ නැහැ. කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් පකිස්ථානයට සියල්ලන්ම දැවී ලබාගත හැකිවූයේ ලකුණු 132ක් පමණයි. මෙහිදී ශේන් වෝන් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 19) cowkorner එංගලන්තයේ ඉයන් බොතම් දිනය 1978 ජූනි 19 වෙනිදා. එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ එංගලන්තය සහ පකිස්ථානය අතර ටෙස්ට් තරගයේ අවසන් දිනය. දිනය ආරම්භ වනවිට පකිස්ථානය දෙවන ඉනිම සඳහා කඩුළු 2ක් දැවී ලකුණු 96ක් ලබා සිටියා. ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ඔවුන්ට තවත් ලකුණු 163ක් අවශ්‍ය වුණා. බොහෝ දෙනෙක් සිතුවේ ඔවුන්ට කෙසේ හෝ එදා දවස කඩුල්ලේ රැඳී සිටිමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගන්න ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 18) cowkorner ඒ අතරින් මුලින්ම කියන්න තියෙන්නෙ කිසිවෙකු නොසිතූ පරිදි 2005 දි බංග්ලාදේශය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කළ තරගය ගැන විස්තරයි. මෑත කාලයේ සිදුවූ අනපේක්ෂිතම ජයග්‍රහණයක් ලෙස හැඳින්වෙන මේ තරගය බොහෝ ඕස්ට්‍රේලියානුවන් හැඳින්වූයේ ඕස්ට්‍රේලියාව බෙහෙවින් ලැජ්ජාවට පත්වූ තරගයක් (most embarrassing defeat) ලෙසයි. වේල්සයේ කාර්ඩිෆ් කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහරදෙමින් කඩුළු 5 කට ලකුණු 249ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය කඩුළු ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 17) cowkorner අමතක නොවන තරගයක් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තියුණුම තරගයක් ලෙස අවිවාදයෙන්ම හැඳින්විය හැකි ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර 1999 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය පැවැත්වුණේ අද වගේ දවසක. තරගය පැවැත්වුණේ එංගලන්තයේ බර්මිංහැම් හිදී. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු පිතිකරුවන්ට සාර්ථක වීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන් ඉඩ දුන්නෙ නැහැ. කෙසේ වෙතත් නායක ස්ටීව් වෝ (ලකුණු 56) සහ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 16) cowkorner ශ්‍රී ලංකා කණ්ඩායමක් පළමු වරට එක්දින තරගයක් ජයගත්තෙ කවදද කියල දන්නවද? 1979 ලෝක කුසලානයේ අද වැනි දිනක අසල්වැසි ඉන්දියාවට එරෙහිව පැවති තරගයකදී තමයි ලංකාව තම පළමු ජාත්‍යන්තර තරගය ජයග්‍රහණය කළේ. එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවති මේ තරගයේ විශේෂත්වය වන්නේ එහි ඉනිම් දෙක ජූනි 16 සහ 18 දිනවල දී පැවැත්වූ නිසා. (ඒ කියන්නෙ ඇත්තටම මේ තරගය එක්දින තරගයක් නෙවෙයි!) මීට හේතු වූයේ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 15) cowkorner ප්‍රවීණ ක්‍රිකට් විචාරක රිචී බෙනෝඩ් ශ්‍රී ලංකා කණ්ඩායමක් මුලින්ම බටහිර ඉන්දීය දූපත් වල ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 1997 දි, ඒ කියන්නෙ ටෙස්ට් වරම් ලබා වසර පහළවකට විතර පස්සෙ. මෙම තරගය 1997 අද වැනි දිනක නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාව කඩුළු 6ක පරාජයකට ලක්වෙමින්. කෙසේ වෙතත් සනත් ජයසූරිය (පළමු ඉනිමේ ලකුණු 85) සහ මුත්තයියා මුරලිදරන් (34/5 හා 72/3) ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 14) cowkorner 1979 ලෝක කුසලානයේ අද වැනි දිනක මැන්චෙස්ටර් හිදී පැවති එංගලන්තය හා කැනඩාව අතර තරගයේදී කැනඩාව ලකුණු 45 කට දැවී ගියා. මෙය ඒ වනවිට එක්දින ඉනිමක වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාවයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම ලකුණු 45 වාර්තා කිරීමට කැනඩාවට පන්දු වාර 40.3ක් වැය වීමයි. ඒ වගේම අංක 3 පිතිකරුවා වූ ෆ්රෑන්ක්ලින් ඩෙනිස් (ලකුණු 21) හැර අන් කිසිවෙකුට ලකුණු 5 ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 13) cowkorner ගිබ්ස්ගේ අතින් ගිලිහුණු ලෝක කුසලානය “Catches win matches” කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රිය කියමනක්. ඉතින් අද මම කියන්න යන්නෙ මේ ගැන කතාවක්. ජොන්ටි රෝඩ්ස් ගෙන් පසුව දකුණු අප්‍රිකාව නියෝජනය කළ සුපිරි පන්දු රකින්නෙකු වූ හර්ෂල් ගිබ්ස් අතින් 1999 ලෝක කුසලානයේ අද වැනි දිනක ගිලිහී ගිය උඩපන්දුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ වටිනාම උඩපන්දුව ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. හෙඩිංලි හිදී පැවති මෙම තරගයේ ...
අද ක්‍රිකට් පිටිය (ජූනි 12) cowkorner ජාවෙඩ් මියැන්ඩාඩ් අද මුලින්ම කියන්න යන්නෙ 1983 ලෝක කුසලානයේ මුල් වටයේ තරගයක් ගැන. මේ තරගය පැවැත්වුණේ එවකට ලෝක ශූර කොදෙව්වන් හා ඕස්ට්‍රේලියාව අතර හෙඩිංලි හිදී. මෙහිදී ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානුවන් ලකුණු 151කට දැවී ගියා. මෙහිදී කොදෙව් ක්‍රීඩක වින්ස්ටන් ඩේවිස් ලකුණු 51 කට කඩුළු 7ක් දවාගන්නට සමත් වුණා. පකිස්ථානයේ අකීබ් ජාවෙඩ් විසින් 1991 දී බිඳ හෙළන තුරු මෙය හොඳම ...