අද ක්‍රිකට් පිටිය (ජූලි 20) cowkorner සංගක්කාරගේ ආගමනය අද දවස ගැන කියනකොට මුලින්ම අද පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා එක්දින තරගය ගැන නොකියාම බැහැ. මෙහිදී කුමාර් සංගක්කාර විශිෂ්ඨ ඉනිම නම් හැමෝම බලන්න ඇතිනෙ. ඔහු පන්දු 137 කදී රැස්කළ ලකුණු 169 ශ්‍රී ලංකාවේදී වාර්තා වූ හොඳම එක්දින ඉනිමයි. ඔහු විසින් බිඳහෙලන ලද්දේ ඉන්දියාවේ ගෞතම් ගාම්භීර් ලකුණු 150ක් රැස්කර තබා තිබූ වාර්තාවයි. එමෙන්ම එය ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 19) cowkorner සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෆ්‍රෙඩ් ටෲමන් අද මුලින්ම කියන්න යන්නෙ 1952 අද වගේ දවසක එංගලන්තයේ මැන්චෙස්ටර් හිදී පැවති එංගලන්තය හා ඉන්දියාව අතර ටෙස්ට් තරගයක සිදුවූ සුවිශේෂී සිදුවීමක් ගැනයි. තුන්වන දිනයේ උදෑසන එංගලන්තය තම පළමු ඉනිම අත්හිටවූයේ කඩුළු 9 කට ලකුණු 347ක් රැස්කිරීමෙන් අනතුරුවයි. මෙහිදී ලෙන් හට්න් ශතකයක් රැස්කළා. ඉන් පසුව ක්‍රියාත්මක වූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෆ්‍රෙඩ් ටෲමන් ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 18) cowkorner අද දවසේ නම් විශේෂ සිදුවීම් කිසිවක් සිදුවෙලා නැහැ. නමුත් ජූලි 18 වෙනිදට ක්‍රිකට් ලොව දැවැන්තයින් දෙදෙනෙකුගේ උපන්දින යෙදිල තියෙනවා. ඒ අතරින් පළමු වැන්නා වෙන කවුරුත් නෙවෙයි ක්‍රිකට් ක්‍රීඩාවේ පියා ලෙස සැලකෙන දොස්තර W.G.ග්‍රේස්. ඔහු ඉපදුණේ 1848 අද වැනි දිනක. ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් අවධියේදී වාර්තා රැසක් බිහිකළ තුන් ඉරියව් ක්‍රීඩක ග්‍රේස් බොහෝ ක්‍රිකට් නීති රීති සම්පාදනය කරන්නටත් දායක වුණා. ඊට හරියටම ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 17) cowkorner දහනමවන ශතවර්ෂයේ අග භාගයේදී ඇරඹි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට සෑහෙන්න දියුණු වෙලා. පිතිකරුවන් කිහිපදෙනෙකුම මේ වන විට ටෙස්ට් ලකුණු 10000 සීමාව පසුකර ගිහින්. හිටපු එංගලන්ත පිතිකරු ආතර් ෂෲස්බෙරි ටෙස්ට් ලකුණු දහස පසුකළ පළමු පිතිකරුවා ලෙස ඉතිහාසගත වුණේ 1893 අද වැනි දිනක. මෙහිදී ඔහු ලෝඩ්ස් හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 106ක් රැස් කරන්නට සමත්වුණා. ඒ වගේම එංගලන්තයේ කිම් බානට්, බොබ් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 15) cowkorner අද දවසෙ මුලින්ම කියන්න යන්නෙ 1995 එංගලන්ත දේශීය සීමිත ඕවර් තරගාවලිය වූ බෙන්සන් සහ හෙජස් කුසලාන අවසන් තරගය ගැන තොරතුරු. මේකෙ ඇති විශේෂත්වය මොකද්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙන්ට් හා ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම් අතර ලෝඩ්ස් පිටියේ පැවති මේ තරගයේදී ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා පිත්තෙන් දැක්වූ දස්කම් අපි නොදන්නව වුණාට බොහෝ ඉංග්‍රීසි ජාතික ක්‍රීඩා ලෝලීන්ට අදටත් අමතක නැහැ. මෙහිදී මුලින් පන්දුවට ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 16) cowkorner K.S. රංජිත්සිංජි හෙවත් රංජි ක්‍රිකට් ක්‍රීඩාවේ මුල් අවධියේදී බිහිවූ සුපිරි පිතිකරුවන් වන දුලිප් සහ රංජි ගැන මීට කලින් දවසකත් “අද ක්‍රිකට් පිටිය” තුළින් කතා කළා. ඒ අතරින් රංජි හෙවත් K.S.රංජිත්සිංජි ටෙස්ට් වරම් ලබාගත්තේ 1896 අද වගේ දවසක. ඒ මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගකදී. මෙහිදී රංජි මුල් ඉනිමේ ලකුණු 62ක් හා දෙවන ඉනිමේ නොදැවී ලකුණු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 15) cowkorner අද දවසෙ මුලින්ම කියන්න යන්නෙ 1995 එංගලන්ත දේශීය සීමිත ඕවර් තරගාවලිය වූ බෙන්සන් සහ හෙජස් කුසලාන අවසන් තරගය ගැන තොරතුරු. මේකෙ ඇති විශේෂත්වය මොකද්ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. කෙන්ට් හා ලැංකෂයර් ප්‍රාන්ත කණ්ඩායම් අතර ලෝඩ්ස් පිටියේ පැවති මේ තරගයේදී ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා පිත්තෙන් දැක්වූ දස්කම් අපි නොදන්නව වුණාට බොහෝ ඉංග්‍රීසි ජාතික ක්‍රීඩා ලෝලීන්ට අදටත් අමතක නැහැ. මෙහිදී මුලින් පන්දුවට ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 14) cowkorner තනි අතින් පිතිකරණයේ යෙදෙන මැල්කම් මාර්ෂල් මේ කියන්න යන්නෙ ක්‍රිකට් පිටියේ සිදුවූ අමතක නොවන සිදුවීමක් ගැන කතාවක්. මේ කතාවේ කතා නායකයා තමයි සුපිරි කොදෙව් වේග පන්දු යවන්නෙකු වූ මැල්කම් මාර්ෂල්. මේ තරගය පැවැත්වුණේ හෙඩිංලි හිදී එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව්වන් අතර 1984 අද වගේ දවසක. මුල් ඉනිමේ පන්දු රකිමින් සිටියදී තම වම් අතේ සිදුවූ අස්ථි බිඳී යාමක් නිසා මාර්ෂල් හට තරගයෙන් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 13) cowkorner දැනට එක්දින ක්‍රිකට් වලින් අංක එක ස්ථානයේ සිටින ඉන්දියාව මුල්වරට එක්දින තරගයකට සහභාගි වූයේ 1974 අද වගේ දවසක. එංගලන්තය සමග හෙඩිංලි හිදී පැවති මේ තරගයෙන් ඉන්දියාවට හිමිවුණේ කඩුළු 4ක පරාජයක්. අමතක නොවන තරගයක් ඊට හරියටම වසර 28 කට පසු එනම් 2002 අද වැනි දිනක මේ කණ්ඩායම් දෙකම ලෝඩ්ස් හිදී මුණගැහෙන්නෙ Natwest කුසලාන අවසන් මහා තරගයේදී. එහිදී එංගලන්තය ලබාදුන් ලකුණු 326ක ඉලක්කය ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 12) cowkorner කාලෙකට පස්සෙ… 2009 මුත්තයියා මුරලිදරන්ගේ සමු ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ හරියටම මීට වසරකට පෙර. මෙරටදී පැවති තරග 3 කින් සමන්විත තරගාවලියේ පල්ලෙකැලේදී පැවති අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග ශ්‍රී ලංකාව තරගාවලිය 1-0 ක් ලෙස ජයගත්තා. ජයග්‍රහණය සඳහා ලකුණු 270ක් ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව ඒ ඉලක්කය කරා යනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 11) cowkorner ඇෂ්ටන් ආගාර් ජූලි 11 වැනිදා නම් ක්‍රිකට් පිටියේ වාර්තා අළුත් වූ දවසක්. ඒ අතරින් මුලින්ම කියන්න තියෙන්නෙ අද එංගලන්තයේ නොටිංහැම් හිදී පැවති අළු බඳුන තරගය ගැන. මෙහි දෙවන දිනයේදී ඕස්ට්‍රේලියානු නවක දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ආගාර් පිත්තෙන් දස්කම් දැක්වූවා. තම කණ්ඩායම 117/9 වැනි අසීරු අඩියකට වැටී සිටියදී පිල් හියුස් සමග එක්වූ දහනව හැවිරිදි ආගාර් වේගවත් ලකුණු 98ක් රැස්කරමින් ඕස්ට්‍රේලියානු ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 10) cowkorner එංගලන්තයෙන් බිහිවූ දක්ෂ පිතිකරුවෙකු මෙන්ම හිටපු නායකයෙකු වන ග්රැහැම් ගුච් ටෙස්ට් වරම් ලබා ගත්තෙ 1975 අද වගේ දවසක. ඒ බර්මිංහැම් හිදී පැවති අළු බඳුන තරගයකදී. කොහොම වුණත් ගුච්ගේ ආරම්භය නම් එතරම් සුභදායී වුණේ නැහැ. ඉනිම දෙකේදීම ලකුණු නොලබා දැවී යන්නට (pair) ඔහුට සිදුවුණා. කෙසේ වෙතත් වසර 20 කට ආසන්න කාලයක් ක්‍රීඩාවේ නිරත වෙමින් ටෙස්ට් ලකුණු නව දහසකට ආසන්න ප්‍රමාණයක් රැස්කරන්නට ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 09) cowkorner හිටපු එංගලන්ත ආරම්භක පිතිකරු ජෝන් එඩ්රික් 1965 අද වගේ දවසක හෙඩිංලි හිදී එංගලන්තය හා නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයකදී අදටත් නොබිඳුණු වාර්තාවක් බිහිවුණා. එංගලන්ත ආරම්භක පිතිකරු ජෝන් එඩ්රික් නොදැවී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළේ එදා මෙදා තුර ටෙස්ට් ඉනිමකදී පිතිකරුවෙකු එල්ල කළ වැඩිම හතරේ පහර සංඛ්‍යාවට හිමි වාර්තාව සියතට ගනිමින්. ඔහු එල්ල කළ හතරේ පහර ගණන 52ක්. ඊට අමතරව හයේ පහර ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 08) cowkorner 1961 අද වැනි දිනක, ටෙස්ට් පන්දු යවන්නන් අතර අති බිහිසුණුම පන්දු යවන්නෙකු ලෙස සැලකෙන එංගලන්තයේ ෆ්‍රෙඩ් ටෲමන් පන්දු 24ක් තුළදී කිසිදු ලකුණක් ලබා නොදී කඩුළු 5ක් දවා ගත්තේ ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙඩිංලි හිදී. ටෲමන් මෙම ඉනිමේ කඩුළු 6ක් දවාගත් අතර සමස්ථ තරගය තුළදී කඩුළු 11ක් දවාලන්නට සමත් වුණා. පළමු පෙළ ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුළු ලාභියා වන ඉංග්‍රීසි ජාතික විල්ෆ්රඩ් රෝඩ්ස් මෙලොවින් ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 07) cowkorner Super sub – තවත් අසාර්ථක අත්හදාබැලීමක්? ICC එක ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය ඉහළ නංවන්න කාලෙන් කාලෙට නීති පොත් අළුත් කරනවනෙ. හැබැයි ඉතින් මේ වෙනස්කිරීම් කොතරම් දුරට සාර්ථක වුණාද කියන එකනම් ප්‍රශ්නයක්. Super sub කියන්නෙත් මේ වගේ අත්හදාබැලීමක්. Football වලදි වගේ තරගයේ ඕනෑම අවස්ථාවක එක් ක්‍රීඩක ආදේශනයක් (substitution) කරන්න අවස්ථාව දීපු එක තමයි මේකෙන් වුණේ. මේ නීතිය ගෙනාවේ 2005 දි. එය පළමුවරට තරගයකදී ක්‍රියාත්මක ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 06) cowkorner ක්‍රිකට් විචාරක ඩේවිඩ් ලොයිඩ් ජනප්‍රිය ක්‍රිකට් විචාරකයෙකු වන ඉංග්‍රීසි ජාතික ඩේවිඩ් ලොයිඩ් දන්නව නේද? ටෙස්ට් තරග 9 කට පමණක් ක්‍රීඩා කර ඇති ලොයිඩ් තමන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 214* ලබාගත්තේ අද වැනි දිනක. ඒ එංගලන්තය සහ ඉන්දියාව අතර බර්මිංහැම් හිදී පැවති ටෙස්ට් තරගයකදී. ලොයිඩ් රැස්කළ මේ ද්විත්ව ශතකය සුවිශේෂී වන්නේ ඔහු ලකුණු 50 සීමාව පසුකළ එකම අවස්ථාව මෙය වන නිසයි. ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 05) cowkorner මැල්කම් මාර්ෂල් සුපිරි කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක මැල්කම් මාර්ෂල් තම ටෙස්ට් දිවියේ ඉනිමකදී හොඳම පන්දු යැවීම වාර්තා කළේ 1988 අද වැනි දිනක. එංගලන්තයට එරෙහිව මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති ටෙස්ට් තරගයේදී ලකුණු 22 කට කඩුළු 7ක් දවාගනිමින් එංගලන්ත දෙවන ඉනිම ලකුණු 93 කට සීමා කරන්නට මාර්ෂල් සමත් වුණා. තමන් ටෙස්ට් තරගයක යවන පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට හැකිවීම ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 04) cowkorner සුපිරි කොදෙව් පිතිකරු ඇල්වින් කාලිචරන් අද දවසත් ක්‍රිකට් පිටියේ එතරම් සුවිශේෂී සිදුවීම් සිදුවූ දවසක් නෙවෙයි. හැබැයි 1984 අද වගේ දවසක එංගලන්ත ප්‍රාන්ත එක්දින තරගයකදී සුපිරි කොදෙව් පිතිකරු ඇල්වින් කාලිචරන් සිදුකළ මේ සුවිශේෂී දස්කම ගැන නම් නොකියාම බැහැ. වොරික්ෂයර් සහ ඔක්ස්ෆෝර්ඩ්ෂයර් ප්‍රාන්ත අතර බර්මිංහැම් හිදී පැවති මේ තරගයේදී වොරික්ෂයර් පිළේ ඇල්වින් කාලිචරන් ලකුණු 206ක් රැස්කළා. මෙය දේශීය එක්දින තරගයකදී පිතිකරුවෙකු ද්විත්ව ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 03) cowkorner ජූලි තුන්වෙනිදා කියන්නෙ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම උපත ලැබූ දවසක්. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ගැන කතාකරන කොට නොකියාම බැරි නමක් තමයි ඕස්ට්‍රේලියාවේ චාල්ස් බැනර්මන්. 1877 මෙල්බර්න් හිදී පැවති ඉතිහාසයේ මුල්ම ටෙස්ට් ක්‍රිකට් තරගයේ මුල්ම පන්දුවට මුහුණ දුන්නේ බැනර්මන්. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ මුල්ම ලකුණ රැස්කළ ක්‍රීඩකයා මෙන්ම මුල්ම අර්ධ ශතකය/ ශතකය රැස්කළ ක්‍රීඩකයා ලෙසත් ඔහු ඉතිහාසගත වෙනවා. බැනර්මන්ගේ උපත ලබා ඇත්තේ ...
අද ක්‍රිකට් පිටිය (ජූලි 02) cowkorner අයර්ලන්තය කියන්නෙ ක්‍රිකට් ලෝකයේ මුල් පෙළේ කණ්ඩායම් අතරට ගැනෙන කණ්ඩායමක් නම් නෙවෙයි. හැබැයි පසුගිය වසර කිහිපය තුළදී කිසිවෙකු නොසිතූ පරිදි අයර්ලන්තය විසින් ප්‍රභල කණ්ඩායම් ලැබූ පරාජයන් නම් බොහෝ දෙනාගේ කතා බහට ලක්වුණා. 2007 ලෝක කුසලානයේදී පකිස්ථානය සහ 2011 ලෝක කුසලානයේදී එංගලන්තය ලැබූ පරාජයන් ඒ අතරින් ප්‍රධානයි. නමුත් 1969 තරම් අතීතයේදීත් අයර්ලන්තය මෙවැනි දස්කම් සිදුකොට තිබෙන බව ඔබ දැනගෙන හිටියෙ නෑ ...