ගිනි කචල්.... චන්දනගේ සටහන් අන්න අරෙහෙ Dude අයියයි බ්ලොගර් ලොක්කයි කෑම පිඟානකට වලියක්.. ගිහින් බලන්ඩෝ.පින්තුරේට කොටන්න උදෑසන ආහාරය:දොඩම් ගෙඩියකින් භාගයක්කර කරන ලද දුඹුරු පාන් පෙත්තක්යොදය ඉවත් කරන ලද කිරි මිලී 300ක්කැෆේන් රහිත කෝපි. මොකක් ද මේ.. කෝ ඉතුරු හරිය... ඉතුරු ටික දන්නේ මෙන්න මෙයා.. The Henry Blogwalker...... >>>> ගිහින් බලන්න. ...
කොන්ඩුම් පෝ....! චන්දනගේ සටහන් ඈත කාලෙක කැලෑබද ගම්මානෙක හිටියා ගමරාළ කෙනෙක්. මේ ගමරාල ඉතින් හේනක් කාරිය කොටාගෙන ගම මායියාත් එක්ක පුංචි ගේ කෑල්ලක ජීවත් වුනා. දරු මල්ලෝ නම් හිටියේ නෑ. හැබැයි මේ දෙන්නගෙ ම තිබුණු දුර්වලතාවය තමයි දෙන්නටම නිතර කේන්ති යන එක. මේ ගමරාළගේ කටින් නිතරම පිට වෙන වචනයක් තිබුන. පය ලිස්සල වැටෙන්න ගියත්, වැඩක් පලක් කරද්දී මොකක් හරි වුනත්, ඉඳ ගත්තත්, නිදාගෙන ඉඳල ...
ඇටිකුටු චුස්..... චන්දනගේ සටහන් ඈත කාලෙක, ඒ කියන්නේ රජ කාලේ වෙච්චි සිද්ධියක් මේ. මේ කාලේ රට පාලනය කරපු රජතුමා ට ලස්සන දියණියක් හිටියා. තරුණ දියණියක්. ඒ කාලේ ඔය ඔලිඳ ඇට වලින් විවිධ සෙල්ලම් කරලා තියනවා නෙ. මේ දියණියත් එහෙම සෙල්ලමක් කර කර ඉන්න අතරේ වුනු වැරද්දකින් ඔලිඳ ඇටයක් ගියා නහය ඇතුලට. මේ කුමාරි එක එක උපක්‍රම දාල ගන්න හැදුවත් ඒක තව තවත් හිරවුණු එක ...
වනේ විත්ති - හදිසියේ ආ අමුත්තා චන්දනගේ සටහන් මැස්සෙන් බිමට බැස්ස සේතන් ගොයියා වාඩියේ පැලැල්ල ගාවට ගෙහුං ඇඟිලි දෙකක් කටට තියාලා කෙළ පීරක් එලියට විදලා ආයේ ඇවිදින් ගිනි ගොඩ ගාවින්ම ඇන තියා ගත්තා. ඇස් ගෙඩි දෙක ලොකු කොර ගත්තු කළුවා තවමත් කට ඇරගෙන බලන් ඉන්නේ සේතන් ගොයියාගේ කටෙන් වචනයක් පනින කල්. සේතන් කට අරින පාටක් නැති හන්දා කළුවා හඬ අවදි කෙරුවා.."ඉතින් බං සේතන් අයියේ කියාපන්කෝ අපටත් දැන ගන්ට. ...
අතුරුදහන් වූ ලිපිය ට පාර චන්දනගේ සටහන් අද දැමූ පෝස්ටුව සින්ඩිකේටර වල පෙන්වන්නේ අන්තිම අඩියේ ය. ඒ ඊයේ දැමූ එකක් විලසින් ය. එබැවින් පහත සබැඳිය ඔස්සේ අලුත් ලිපිය වෙත පිවිසෙන්න.. ඔබ පත් වූ අපහසුතාවය ගැන මගේ කණගාටුව..! Recent Comments වෙනම පිටුවක ට දාමු ද..? ...
Recent Comments වෙනම පිටුවක ට දාමු ද..? චන්දනගේ සටහන් ඊයේ වැරදීමකින් පබ්ලිෂ් වුනු පෝස්ටුව ඔන්න හරිගස්සලා දැම්ම එලියට.අපි ලියන ඒවා කියවන්න එන අය සමහර වෙලාවට පැරණි පෝස්ට් වලටත් කමෙන්ට් කරලා යනවනේ. ඉතින් අලුත් පෝස්ට් එකේ කමෙන්ට් විස්සක් විසිපහක් වැටුනට පස්සේ Dashboard ගිහින් බැලුවත් සමහර විට අර පැරණි පෝස්ට් වලට දාපු කමෙන්ට් මග හැරෙන්න පුළුවන්. ඒකට විසඳුමක් විදිහට Recent Comment Gadget එකක් දා ගන්න පුළුවන්. ඒ වුනාට ඒක දාන්න තියන්නේ ...
පාන් බයිසිකලේ චන්දනගේ සටහන් මේ වෙනකොට නම් හැම පාරකම නිතරම වාගේ චෑන් චූන් ගාගෙන පාන්, බනිස්... වගේ කෑම අරන් යන වාහන ඕන තරම් දකින්න පුළුවන්. මුලින් මුලින් ප්‍රධාන පාරවල් දිගේ විතරක් ගාටපු මේ වාහන හුඟක් වෙලාවට ත්රීවිලර් එකක්, නැත්නම් අර බඩියක් ද මොකක් ද කියන රෝද හතරේ එකක්. පොඩි එවුන් ඕකට හදා ගත්තු චූන් පාන් නම පස්සේ රේජිස්ටර් වෙලා ස්ථිර වුනා. කුණු අදින ට්රැක්ටරේකත් ...
වරදින්නේ නැත්තේ කාට ද... චන්දනගේ සටහන් ඔන්න මං දවසක් පෝස්ට් එකක් ලියාගෙන ලියාගෙන යනවා. ඔහොම ලියන අතර ප්‍රිවිව් කරලා බලන එක මං කරන වැඩක්. ලියාගෙන යන අතර ඔටෝ සේව් උනත් සමහර වෙලාවට ෂුවර් නැති නිසා සේව් බට්න් එකටත් ඇනල දානවා නිකන් තියන එකනේ කියල. ඔහොම සේව් කරන්න ගිහින් හදිසියට පබ්ලිෂ් උනා නේ පෝස්ට් බාගේ. කාල වරෙන්කො..! බාගෙට ඇඳගෙන පාරට බැස්ස වගේ වැඩක් තමයි උනේ. මොකද කරන්නේ. ...
පෝස්ට් එකේ පින්තූර වටේට බෝඩර් එකක්... ! චන්දනගේ සටහන් මගේ මිත්‍රයෝ බලනවද දන්නේ නෑ මේ බ්ලොග් එක ටෙක් බ්ලොග් එකක් වෙන්න යනවාදෝ කියල. මොකද ළඟ ළඟ තාක්ෂණික පැත්තට බර ලිපි දෙක තුනක් වැටුන නේ. අනේ ඉතින් එහෙම නෑ. මේ දවස් වල වැඩ ගොඩකට හිරවෙලා ඉන්නේ. බ්ලොග් කියවන්නෙත් අරෙහෙන් මෙහෙන් පැන පැන. ඉතින් ලියන්න වෙලාවක් එනකල් draft වල පුස් කකා තිබුණු මේ පෝස්ට් ටික පබ්ලිෂ් කරන්න හිතුවා. කියවන්න පුළුවන්, කියවල ...
වෙබ් අඩවියක බර මනිමු ද..? Web Page Speed Test චන්දනගේ සටහන් අපි සාමාන්‍යයෙන් වෙබ් පිටුවකට පින්තූර, වීඩියෝ, ෆ්ලෑෂ් බැනර් වගේ ගොඩක් දේවල් එකතු කරනවා නේ. සමහර දේවල් අවශ්‍යමත් නෑ. ඒ වගේ අවශ්‍ය නොවන ඒත් අලංකරණය සඳහා එකතු කරන දේ වලින් වෙන්නේ පිටුවේ අඩංගු දත්ත ප්‍රමාණය (KB/MB) වැඩි වෙන එක. අපි දන්නවනේ අපේ රටේ පාවිච්චි කරන හුඟක් අන්තර්ජාල සම්බන්ධතා සීමිත දත්ත පැකේජයන් කියල. මේ මමත් එහෙමයි. 5GB පැකේජ් එකක් තමයි මං පාවිච්චි ...
පාන් බයිසිකලේ චන්දනගේ සටහන් මේ වෙනකොට නම් හැම පාරකම නිතරම වාගේ චෑන් චූන් ගාගෙන පාන්, බනිස්... වගේ කෑම අරන් යන වාහන ඕන තරම් දකින්න පුළුවන්. මුලින් මුලින් ප්‍රධාන පාරවල් දිගේ විතරක් ගාටපු මේ වාහන හුඟක් වෙලාවට ත්රීවිලර් එකක්, නැත්නම් අර බඩියක් ද මොකක් ද කියන රෝද හතරේ එකක්. පොඩි එවුන් ඕකට හදා ගත්තු චූන් පාන් නම පස්සේ රේජිස්ටර් වෙලා ස්ථිර වුනා. කුණු අදින ට්රැක්ටරේකත් ...
පේර කොලයා - පින්තූර දෙක තුනක් පමණි චන්දනගේ සටහන් අද ලිපියක් දාන්න හිතාගෙන හිටියේ නෑ. ඒත් පෙරේදා හවස අපේ මිදුලට ආපු අමුත්තෙක් නිසා හිතුන මේක දාන්න ඕන කියල. කොටින්ම කියනවා නම් පින්තූර දෙක තුනක් විතරයි අද දාන්නේ. මෙයා මිදුලේ බිම වැටිලා හිටියේ. ගේ ඉස්සරහ තියන මල් වැලෙන් බිමට වැටුණු මල් ටිකයි කොළ ටිකයි අහුලා ගෙන යද්දී තමයි දැක්කේ. කොලයක් කියල අතට ගන්න තත්පරයක් තියද්දි තේරුණා මේ සතෙක් බව. මේ ...
තේරවිලි සිව්පද... චන්දනගේ සටහන් කාලෙකින් කයියක් කිව්වේ නෑනේ. වටපිට බලද්දී තේරවිලි කවි ටිකක් හම්බ වුනා. කියවල බලන්න තෝරන්න පුලුවන් ද කියල.1පත්‍ර දෙකකි පා දෙක අට ඇඟිල්ල කීචිත්ර දෙකකි කතුරකි ඇස් පන් දෙක කී සද්ද හඬකි යුදයට ආයුද දෙක කී සුද්ද මලකි නුවණින් තෝරන්න ස කී2අට වම්බටු නවයක් ඉව්වයි මාළුඑක මිනිහෙක් නව බානක් ගෙන් සාළුඑල වස්සෙක් මිණිමුතු හඬ පුරවා ළුඅද බැරි නම් හෙට තෝරා එව ...
නිමක් නොවන - ආවර්ජනා ... චන්දනගේ සටහන් අපගේ එලවළු කොටුව/කොරටුව ට නුදුරින් පිහිටි විශාල රබර් ගසෙහි ගෙඩි හට ගන්නා කාලය ට එහි ඇට ද යොදාගෙන රූං පෙත්තක් සකස් කර ගැනීම කුඩාවුන් කාගේත් පුරුද්දකි. හිරු රශ්මිය නිසා මේරු ගෙඩි හඬ නංවමින් පුපුරා යන්නේ එහි ඇට තරමක් දුරට විසුරුවමිනි.. රබර් ඇටයෙහි කුඩා සිදුරු තුනක් විදගෙන එහි මදය ඉවත් කිරීම මුල්ම අවධියේ නම් මට මහත් අසීරු කටයුත්තක් වූයේය. නූලක් ආධාරයෙන් ...
එකල රජවරු ද කවි කීහ..! චන්දනගේ සටහන් අපේ රට පාලනය කරපු තවත් රජ කෙනෙක් තමයි රාජාධි රාජසිංහ (ක්‍රි. ව. 1782-1798) කියන්නේ. එතුමා දක්ෂ පාලකයෙක් වගේම හොඳ කවියෙක් කියලත් සඳහන් වෙනවා. මේ ලිපියෙන් සටහන් කරන්නේ ඒ රජතුමා විවිධ අවස්ථා වලදී කියූ කවි කිහිපයක්...අතීතයේ හිටපු රජවරු වෙස් වලාගෙන රටේ තොටේ ඇවිද්දා කියනවා නේ. එහෙම ගිහින් තියන්නේ රට වැසියා තමන් ගැන මොනවද කියන්නේ කියල දැන ගන්න. මේ තියන්නේ එහෙම ගිය ...
ගල්ඔය ගොවි ජනපදයේ ආරම්භය චන්දනගේ සටහන් (පැරණි ඡායාරූප සමග...) ගල් ඔය ගොවි ජනපදය අපේ රටේ 50 දශකයේ පමණ ආරම්භ කර ව්‍යාපෘතියක්.. ඒ වගේම මේක තමයි අපේ රටේ ප්‍රථම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය. මේක 1949 ආරම්භ කළා කියලයි වාරිමාර්ග අමාත්‍යංශ වෙබ් අඩවිය කියන්නේ.* ඒ කාලේ වෙනකොට මහ වන ගහනයක් වෙලා තිබුණු ඒ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කාර්යය කරපු හැටි ඒ කාලේ පත්තරයක තිබුණු විදිහ තමයි මේ ලියන්න යන්නේ. ...
හා.. තමුසෙට නේ ගන්න බැරි.. ඉන්නවා මං ගන්න.. චන්දනගේ සටහන් 1මේක පාසල් කතාවක්... මේක මතක් වුනේ මං කලින් ලිපියක් ලියන අතරේ දී.. ඒ කාලේ පාසල් වල වෙරළු, අඹ වගේ පලතුරු ඕන තරම්. ඕන කෙනෙකුට කඩාගන්න පුළුවන්..ඒත් ගුරුවරු හැමදාම කියන එකක් තමයි පන්තිය වෙලාවේ ඕවා කන්න එපා කියල. ඕක කොච්චර කිව්වත් අහන්නේ නැතුව වෙරළු නෙල්ලි වගේ ගෙඩි වර්ග කලිසම් සාක්කුවේ තියාගෙන උගන්වන වෙලාවෙත් හපන වුන් හිටියා. හුඟක් වෙලාවට මේක කරන්නේ පන්තියේ ...
අතීතයෙන් කපා ගෙන..... පැරණි පත්තර චන්දනගේ සටහන් අභ්‍යාස පොත් එහෙම නැත්නම් Exercise පොත් නොදන්නා කෙනෙක් නෑනේ. වයසක අය නම් කියන්නේ ඇස්සයිස් පොත් කියල. මේ පොත් වල උස හා පළල නියමිත ප්‍රමාණයක් තියනවා. උස මිලි මීටර් 210 සහ පළල මිලිමීටර් 148 ක් විදිහට. ඔය ප්‍රමාණය පොත් නිෂ්පාදනය කරද්දී වෙන අතපසු වීම් නිසා ඔය අගයන් වෙනස් වුනාම ඒවා Eka eka size පොත් බවට පත් වෙනවා. කලින් දවසක් කිව්ව වගෙ ...
ආවර්ජනා...! චන්දනගේ සටහන් පරිසරයේ සමතුලිතතාවය බිඳෙන්නට පෙර, මෑත අතීතයේ වුවද වැසි කලට ලැබෙනු කුඩා අපට මතකය. එකල වගාවක් කෙරුනේ නම් ඒ ඒ කාල වකවානු අල්ලා එයට ගැලපෙන බෝග යොදා ගනිමිනි. ගෙවත්තේ ඉඩකඩ ඕනෑවටත් වඩා තිබූ බැවින් හරිත වර්ණයෙන් බැබලුනු පරිසරය අපට අරුමයක් නොවීය. වත්ත වටේට පිහිටි විශාල කොස් ගස් පෙළ අපට ආරක්ෂාව දෙන්නට මෙන් නැගී සිටියේය. ඊට මෙපිටින් වෙරළු ගස් බහුලව දක්නට තිබූ ...
පුංචි කතා ටිකක්.. චන්දනගේ සටහන් Image: http://bokertov.typepad.comමුලින්ම කියන්න ඕනේ මේ කතා වලින් ඇතැම් ඒවා පත්තර වල එහෙම තිබිලා සෑහෙන කාලෙකට කලින් කියවපුවා. ඉතින් මුලින් ලියපු/ නිර්මාණය කරපු සියල්ලන් ට ස්තුතියි.. තිබුනේ කොහෙද කියල වෙන වෙනම දාන්න මතකයක් නෑ මේ වෙනකොට.1ඔන්න දවසක් ලස්සන කෙල්ලෙක් යනවා පාරේ. ඔය කෙල්ල පස්සෙන් එනවා කෙල්ලට ට්‍රයි කරන කොල්ලා. මූ දවස් ගානක් වටේ කැරකිලා කැරකිලා ඉඳල එදා නම් කොහොම හරි අහන්න ...