මං මුලා වැල් චන්දනගේ සටහන් බඩු පොට්ටනි කරේ තියාගෙන පින්න මැද්දෙන් හෙමීට කන්ද උඩහට ඇදෙන පුංචි කාණ්ඩයක්. ලිස්සන ගල් උඩින් සීරුවට අඩිය තිය තිය... පොළවෙන් උඩට මතු වෙච්චි කෝටු කෑලි වාගේ පේන, පොකූරු පිටින් කකුලේ එල්ලෙන කූඩැල්ලෝ ගලවන්න සුනංගු නොවී කටු අකුල් අස්සෙන් බට පඳුරු අස්සෙන් බඩ ගාගෙන මේ කාන්ඩේ යන්නේ ඈත හීතල මහ වනන්තරේ එක ඉසව්වක් හොයාගෙන.. උඩට එන්න එන්නම ගමන ටිකෙන් ටික අමාරු ...
මං මුලා වැල් ... අවසානය චන්දනගේ සටහන් එක එකා මැස්ස උඩට වෙලා බුලන්කේට්ටු අස්සට රිංග ගත්තා. කෝඩු කාරයෝ දෙන්නා නං ටික වේලාවකින්ම ලී කොට ඉරන්ට තියා ගත්තේ දවසේ තෙහෙට්ටුව මදි නොකියන්න තිවුණු හින්දා. අනික් වුන් සැරින් සැරේ ඇහැරිලා ගිනි මැලේ ගැනත් විපරං කලේ පුරුද්ද හින්දාම යි. ඔහොම හිරිගඩු පිපෙන හීතල මැද්දෙන් රාත්තිරිය ගෙවීගෙන යනවා... ( පළමු කොටසට මෙතනින් >>>) පින්නෙන් තෙත් වූ ගහකොළඈතින් යාන්තමට ඇහුන ගෙරවිලි හඬ ...
කැප කිරීම... (කෙටි කතාවක්) චන්දනගේ සටහන් වෙලාව රාත්රී දෙක පසුවී තිබේ. නිසල රැයෙහි නිහඬ බව මකන්නට බිත්තියේ ඇති ඔරලෝසුව නිශ්ඵල උත්සාහයක නිරත වෙයි. පමා වී පැමිණි දුරුතු මස සීතල පිණි බිඳු ඊට සහාය පිණිස ඉඳ හිට ටික් ටොක් හඬ අනුකරණය කරන්නට උත්සාහ කරමින් සිටියි.දිනයේ කටයුතු අහවර කර නිවසට පැමිණි සනත් රාත්රී නවයට පමණ පරිගණකය ඉදිරිපිට හිඳ ගත්තේ..., තවමත් එතැනම ය. සීතල මකා ගැනීමට හැඳගත් ජැකට්ටුවත් කන් ...
මුරණ්ඩු හුටු හුටුව චන්දනගේ සටහන් ඉස්සරෝම කාලේ රෝද දෙකේ වාහන වල රෝද තිබුනේ දෙපැත්තේ. ඒත් පස්සේ කලෙකදී, එක රෝදයක් අනිත් රෝදෙට වඩා ඉස්සරහට ඇවිදින් දෙකම එක පෙලට හිට ගත්තා. ඕක සිද්ද වුනේ මෙහෙ නෙවෙයි.. ඒරොප්පේ.. ! තව ටික කලක් යද්දී ඒ යන්තරේ ඔන්න මෙහෙට්ටත් ආව. මේ විකාරේ මුලිම්ම දැකපු ගමේ පෙළක් උන් නං කිව්වේ "සුද්දට වැරදිලා බොල..!" කියාලයි. ඇයි වදේ කරත්තේ තියද්දි නං මේ රෝද ...
කාලයෙන් වැසී ගිය... පත්තරේ.. පත්තරේ... චන්දනගේ සටහන් කාලයාගේ වැලිතලාවෙන් වැසී ගිය... කාලයාගේ වැලි තලාව කියන්නේ මොකක් ද..? වැලි අඩු මේ කාලේ ඒ වැලි තලාව හොයා ගන්න පුළුවන් නම් සල්ලි තමයි.. මොකද ගෙදර වැඩකට වැලි ටිකක් ගෙන්න ගන්න එකත් ලේසි නෑනේ. එහෙම කිව්වේ වැලි ගොඩ දාන මනුස්සයෙක්. හරි.. එව්වා ඕනේ නෑ. මට අද හම්බ වුනා කාලෙකට කලින් පළවුණු දිනමිණ පත්තර පිටු කීපයක්.. මාර සුවඳයි. ටිකක් වෙලා දිග ඇරලා ...
යුග ගීතය චන්දනගේ සටහන් ලංකාවේ නිල් මැණික සොයන්නට නම් මිණිකැට...බැසිය යුතුමයි ගෙයින් එලියට..පෙර කල තරම් නම් - සුලබ නැති විය හැකි මුත්,නැත්තේම යයි - කියන්නේ අප කෙලෙස ද..කිසිදු ඇද පලුද්දක් - නොමැති මිණි නම් දුලබ වේ මය.. වෙහෙසුනොත් තරමක් - හැකි වෙයි සොයා ගන්නටකපා ඔප දමා වත් - අල්ප වූ දිස්නයක් ලැබ දෙනඅදට මිල නොවුනත් - හෙට දිනක මිල කල හැකි..!ඉතිරියත් කියවන්න » ...