පාලමේ හිර වුණු බෝතලය චන්දනගේ සටහන් කොහේ හරි බ්ලොග් එකක දැක්ක හක්ක පනින කතාවක්. ඒක කොහෙද කියල මතක නෑ. ඒක කියවපු වෙලාවේ මට මතක් වුණේ ඈත ගමක හිටිය වයසක කෙනෙකු ට වුණු සිද්ධියක්. අද ඊයේ නෙවෙයි....., දශක ගණනාවක ට කලින්... මේ මනුස්සයා හයියෙන් කට පුරවලා ඈනුමක් අරින්න ගිහින් හක්ක පැනල.. ඒ කාලේ ඕවට පිළියම් දන්නා අය අඩුයි නේ. ඉතින් කට ඇර ගෙන ගියාලු කිලෝමීටර් තුනක් පයින් ...
තුවක්කුව චන්දනගේ සටහන් හදිසි තිගැස්මකින් අවදි වුනු මා මඳක් වික්ෂිප්තව ඇඳ මත එසේම වැතිරී සිටියෙමි.. සිරුර දහදියෙන් තෙමී තිබේ. ජනේලයෙන් පතිත වන ආලෝකයේ ස්වභාවය අනුව මට සිතුනේ බොහෝ දහවල් වී ඇති බවකි.. මගේ වම් පසින් බිත්තියේ ඇති හෝරා යන්ත්‍රය නගන ටික් ටික් හඬ මහා ඝෝෂාවක් මෙන් දෙසවන් තුල දෝංකාර දෙන්නට වූයේය.. ඒ දෙස නෙත් යොමු කල නමුත් පෙනීමේ යම් වෙනසක් ඇත්තාක් මෙන් මට ...
මේ කොයි යන්නේ.. (අවසානය වෙත) චන්දනගේ සටහන් පංදම් ටිකයි බැස්ටි දෙකයි පත්තු කර ගෙන දොළ දිගේ පල්ලැහැට එද්දී "බුදින්" ගේ තෙමිච්චි රෙදි කඩමාලු ටික ගල උඩ එහෙම්මම තිබුනා. ඒකත් පහු කරගෙන ඇවිදින් හිට ආපු ඉසව්වෙම්ම ගල් ගෙට ගොඩ වදින කොට එලි වෙන්ට හෝරා කීපයක් ඉතුරු වෙලා තියන්ට ඇති.. පොඩි සිඤ්ඤො ගිනි ගොඩ එක්කාසු කලාට පස්සෙන් පහු ඒක කිට්ටුව ට සේරෝම එක්කාසු වුනේ පිත්තල මුට්ටි දෙක ඇරලා බලන්ටයි..---------------------------------------------------------------------------------------------------------- ...
මේ කොයි යන්නේ (සිවුවැනි කොටස) චන්දනගේ සටහන් ආරච්චි වලව්වෙන් ගමන පටන් ගත්තු ලොකු ලොකු පොට්ටනි සෑහෙන ගණනක් අන්තිමට නැවතුනේ කැලේ මැද්දේ ගල් ගේ අස්සේ.. ඒ බඩු පොට්ටනි ගෙහුං දැම්මේ ඒ වෙනකල් සිඤ්ඤෝ විතරක් දැන ගෙන හිටිය ගුහා බිත්තියේ මුල්ලේ තිබිච්චි බිලේක... ගල් බිත්තියේ නැම්මකින් එහා පැත්තට වෙන්ට පිහිටලා තිබිච්චි මේ බිලේ කිසි එකෙකුට හොයා ගන්ට අමාරු එකක්.. කොහොමත් මේ ඉසව්වට නං කාලෙකින් මනුස්ස පරානයක් ආ වගක් දකින්ට ...
මේ කොයි යන්නේ (තෙවැනි කොටස) චන්දනගේ සටහන් දෙපාරක් නොහිතපු සිඤ්ඤෝ ගිනිකඳයා උස්සල ඇන්න අච්චුව දකුණු උරිස්සට හේත්තු කළා.. වං ඇහැ පියවුනා. කාලෙකට කලින් හිටි දඩයක්කාරයා ආයෙත් මතු වුනා. අගලේ පල්ලේ ඉන්න වලස් ගෙරියා තවමත් ඉහ උස් පාත් කර කර මහ සද්දෙන් ගොරෝනවා.. ගිනි කඳයා ගේ කොකා ට ඉස්සරහින් තිබිච්චි සිඤ්ඤෝ ගේ දබර ඇඟිල්ල පිටිපස්ස ට ඇවිදින් ඒ මත්තේ හේත්තු වුනා.... ඒත් එක්කම.....!! ----------------------------------------------------------------------------------------------------------------------------------------
මේ කොයි යන්නේ (දෙවැනි කොටස) චන්දනගේ සටහන් http://www.sxc.hu/browse.phtml?f=download&id=944947 "හ්ම්.. බොල සිඤ්ඤෝ.. වර වර.."ආරච්චිගේ පත උඩු රැවුලට යටින් දත් ඇඳි දෙකට තද වෙලා තිබුණු රට සුරුට්ටුව, ඒ කතාවේ තාලෙට ඩිංගක් උඩ පහල යද්දී ඒකෙන් ආපු දුම් ඩිංගක් වහලේ දිහාට ඇදිල ගිහින් අන්තරස්දාන වෙන හැටි යාන්තමට පෙනුනා.. ----------------------------------------------------------------------------------------------------------------------------------------
බ්ලොග් පෝස්ට්, සින්ඩි වල අප්ඩේට් නොවීම චන්දනගේ සටහන් පටන් ගත් කතාවේ අනෙක් කොටස ඉක්මණින් ලියනවා. එතෙක් මේ පෝස්ට් එක....... ------------මහන්සියෙන් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වට පස්සේ ඒක සින්ඩි වලට, රෝල් වලට ගියේ නැත්නම් මාර අප්සෙට් නේද.. සමහර විට නිදිවරාගෙන නේ ලියන්නෙත්. එහෙම ලියන පෝස්ට් එක, කියවන්න එන අය අතරට නොගියාම ඉතින්..... කියල වැඩක් නෑ ඒ හරිය..http://www.sxc.hu/pic/s/m/ma/marczini/1409438_thinking_kid.jpgඉතිරියත් කියවන්න » ...
මේ කොයි යන්නේ.... චන්දනගේ සටහන් ජබොක්..!!වත්ත පහල වෙලට මායිම් වුනු ඇල ඉවුරේ ගලක් උඩ ඉඳගෙන හිටි පොඩි සිඤ්ඤෝ එච්චර වෙලා අතේ තියාගෙන ඉඳපු ගල්කැටේ ඇලට විසි කළා. පොඩි සිඤ්ඤෝ උන්නු තැනට පිටිපස්සේ තිබුණු කදුරු ගහේ මැරිච්චි අත්තකට වෙලා ඔළුව හොලව හොලව හිටපු පිලිහුඩුවෙක් ඇලට පාත් වෙන්න ඇවිල්ල, ඒ සද්දෙට කලබල වෙලා කෑ ගහගෙන ආපහු ඈතට ඉගිලුනා. ඩිංග වෙලාවකින් බ්ලුප් බ්ලුප් ගාලා උඩට ආපු වතුර බුබුළු ...
මේ කොයි යන්නේ... චන්දනගේ සටහන් ජබොක්..!!වත්ත පහල වෙලට මායිම් වුනු ඇල ඉවුරේ ගලක් උඩ ඉඳගෙන හිටි පොඩි සිඤ්ඤෝ එච්චර වෙලා අතේ තියාගෙන ඉඳපු ගල්කැටේ ඇලට විසි කළා. පොඩි සිඤ්ඤෝ උන්නු තැනට පිටිපස්සේ තිබුණු කදුරු ගහේ මැරිච්චි අත්තකට වෙලා ඔළුව හොලව හොලව හිටපු පිලිහුඩුවෙක් ඇලට පාත් වෙන්න ඇවිල්ල, ඒ සද්දෙට කලබල වෙලා කෑ ගහගෙන ආපහු ඈතට ඉගිලුනා. ඩිංග වෙලාවකින් බ්ලුප් බ්ලුප් ගාලා උඩට ආපු වතුර බුබුළු ...
බූරු වෙළඳාම චන්දනගේ සටහන් අද පොඩි ජන කතාවක් ලියල දාන්න හිතුනා.මේක බොහොම ඈත කාලෙක එකෝමත් එක රටක සිද්ධ වුනු කතාවක්. අනෙක් හැම කතාවකම වගේම මේ කතාවෙත් ගමරාල කෙනෙක් ඉන්නවා. ඉතින් මේ ගමරාලගේ ගෙදර හිටියේ තුන් දෙනයි. ගමරාල, ගම මහගේ සහ ගැටවර වයසේ හිටිය ගම පුතා. ඒ ඇරුනම තව ඉතින් ඇති කරන හරක්, බල්ලෝ, බළල්ලු එහෙමත් හිටියා. ඒවා ඉතින් ගැමි ගෙවල් වල සාමාන්‍ය දේවල් නේ. ...
සුබ අලුත් අවුරුද්දක් වේවා..!! චන්දනගේ සටහන් සියළු දුක් දොම්නස් දුරුවී සතුට ඉතිරෙන සිනාරැල් විසිරෙන සුබ අලුත් වසරක් උදා වේවා සැමටම....!! ___~~___Image: http://btoptions.lk/serendib/cpanel/uploader/52/3.jpg.JPEG
ශත 75 හේ මැන්ටලේ... චන්දනගේ සටහන් මේ පොඩි පහේ දඩ කතන්දරයක්. කතන්දරයක්ම ත් නෙවෙයි. විස්තරයක් වගේ එකක්.සමහරු මේවට දඩ වංගු කියලත් කියනවා නේ..අර කලින් දාපු 1966 කාලේ පරණ දිනමිණ පත්තරේ සඳහන් වෙලා තිබුනු පුංචි පුවත් ටිකක් මේ. සුළු සුළු වැරදි සඳහා දඩ නියම කරලා තිබුණු විදිහ තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ..පින්තූරය මත ක්ලික් කරන්නඉතිරියත් කියවන්න » ...
ලෝපං බලු නගුට ඉව අල්ල අල්ලා චන්දනගේ සටහන් වැඩිපුර අහන්න ලැබෙන්නේ නැති කවි ටිකක් හම්බ වුනා.. ඔන්න කවි වලට කැමැති අයට..කොවුල් ඉරටු කෑරල් තුඩට ආලේයවුල් අරන් කළුගල් කඩන තාලේ සුසුම් ලලා ඉන්නේ මොටද රාලේ ඉලන්දාරි අඬවන තරඟමාලේ මේ පළමු කවියේ ව්‍යංගයෙන් කියන යමක් තියනවා කියලයි මට හිතෙන්නේ. බලන්න එහෙම එකක් තියනව ද කියල.ඉතිරියත් කියවන්න » ...
බණ්ඩි කියත.. චන්දනගේ සටහන් දැනට ටික කාලෙක ට කලින් අපට යන්න සිද්ධ වුනා ටිකක් කඳුකර ප්‍රදේශයක හිටපු, තරමක් දුරින් අපේ ඥාතියෙක් වෙන කෙනෙකු ගේ අවමගුල් කටයුත්තක ට සහභාගී වෙන්න. ඉහෙන් බහින රෝගයක් තිබුනේ නෑ ඔහු ට. නමුත් මේ පුද්ගලයා අධිකව දුම් පානයට ඇබ්බැහි වෙලා හිටිය. ඒ කාලේ ඒ ප්‍රදේශයට විදුලිය තිබුනේ නෑ. ආලෝකය සඳහා භාවිතා කලේ සූර්ය කෝෂ. සමහරු කාර් බැටරි පාවිච්චි කළා. මේ ...
හිත වෙහෙසන්න ට නොව.... චන්දනගේ සටහන් ඕනම කෙනෙකු ට පහසුවෙන් අවබෝධ වෙන මාධ්‍ය මොකක් ද..? මට හිතෙන්නේ පින්තූර. කියවල කැමති කැමති විදිහට රස විඳින්න පුළුවන්. මාත් ඉතින් ගේ වටේ යන ගමන් ගත්තු පින්තූර ටිකක් තිබුන. පරිස්සමට ත් එක්ක ඔන්න් දැම්ම බ්ලොග් එකට. :) කියවල බලන්නකො. මේවා බලල හිනා වෙන්ට එහෙම එපා ඕං.. නෑ එක්කොත් හිනා වෙන්න. මොකෝ අතින් පයින් යන එකක් යැ. "සිනා සී තර වෙනු" ...
පෝස්ට් වල පහලින් ටෙක්ස්ට් බොක්ස් එකක් යොදන හැටි චන්දනගේ සටහන් අයිලාෂ් අයියණ්ඩි අහල තිබුණු දෙයකට උත්තරයක් විදිහට ත් එක්ක මේ සටහන තබන්නේ ඒ අහපු දේ කමෙන්ට් එකකින් පැහැදිලි කරන්න අමාරු නිසා. මෙන්න ඒ පුරස්නේ.මේක කරන්නේ මෙහෙමයි..Dashboard > Template > Edit HTML > Expand Widget Templates වලට ටික් එකක් දෙන්න. ctrl සහ F මගින් මේ පහල තියන කෝඩ් එක හොයා ගන්න. (ඔක්කොටොම කලින් ටෙම්ප්ලේට් එක බැකප් කර ගන්න.)<b:includable id='threaded_comments' var='post'>මේකට පහලින් ...
බ්ලොග් රෝල උස වැඩි ද..? චන්දනගේ සටහන් ඔන්න කෙටියෙන් ම..අපි බ්ලොග් එකේ එල්ල ගන්න බ්ලොග් රෝල සමහර වෙලාව ට කමෙන්ට් වලිනුත් පහලට දිගට දිගේ වැල් ඉනිමග වගේ එල්ලෙනවා නේ. එහෙම වෙන්නේ නැතුව ඕක ඕන නම් ස්ක්‍රෝල් කරන්න හදා ගන්න පුළුවන්.. එතකොට කැමති, ගැලපෙන ප්‍රමාණයකට උස හදා ගන්නටත් හැකියි.Dashboard > Lay out ගියා.. බ්ලොග් රෝලේ හෝ ලින්ක් ලිස්ට් එකේ Edit තේරුවා. මෙන්න මෙහෙම. මං නම් ඉතින් ටයිටල් වලට ...
ඇන්ටික් - දැන් ආයෙත් පෙන්වනවා චන්දනගේ සටහන් ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටෙව්වා කියන්නේ 1890 අවුරුද්දේ දී. මුල්ම පුරා විද්‍යා කොමසාරිස් වුනේ එච් සී පී බෙල්. ඔහු ඒ තනතුරට පත් වෙන්න කලින් කෑගල්ල දිස්ත්‍රික් නඩුකාරයා විදිහට කටයුතු කරලත් තියනවා. බෙල්, කෑගල්ලේ ඓතිහාසික ස්ථාන ගැන වාර්තාවකුත් සකස් කල බව සඳහන් වෙනවා.ඔහු එම අවුරුද්දේ ජූලි හත් වෙනිදා අනුරාධපුරයට ගියා. ඒ ගියේ පුරාවිද්‍යා කටයුතු ආරම්භ කිරීම සඳහා. ඒ කණ්ඩායමේ මුල් කාර්යය වුනේ ...
රස්තියාදු + කාරයා චන්දනගේ සටහන් "කොහෙද යන්නේ... අද නිවාඩු කිව්වා නේද..?"වෙනදා ට වඩා මඳක් පමා වී පමණ අවදි වුනු දමිත්, දඩිබිඩියේ ලක ලැහැස්ති වී යතුරු පැදියට නගිනු බලා සිටි ඔහුගේ මව ඇසුවා ය. එහෙත් එය සවනට වැටෙන්නට ඔහු එතැන නොසිටියේ ය. පිටුපස ටයරයෙහි කට්ට වලට හසු වී තෙරපුණු වැලි කැට කිහිපයක් සිරිස් හඬින් බිත්තියෙහි වැදී යලි බිම වැටිනි. ඉදිරියෙහි වූ පාර පළල් කිරීම සඳහා දෙපස ...
දැඩිමුණ්ඩ දෙවියෝ චන්දනගේ සටහන් මේක කතාවක්. නිකන් කතාවක් නෙවෙයි දේව හා යක්ස කතාවක්. යක්ස කවිත් තියනවා.අලුත්නුවර දැඩිමුණ්ඩ බණ්ඩාර එහෙම නැත්නම් දැඩිමුණ්ඩ දෙවියෝ ඉන්දියාවේ ඉඳල ලංකාවට ආපු කෙනෙක්. ඔහු ආවේ කොයි කාලේ ද කියල හරියටම දන්නේ නැති වුනත් දීර්ඝ කාලයක් මහා පොලව මත සැරිසරපු බව නම් සඳහන් වෙනවා. අතීත කාලයේ දඹදිව කොරව්‍ය දේශයේ ඉඳිපත් නුවර කොරව්‍ය රජ්ජුරුවන් ගේ පුරෝහිතයා වුනු විදුර පඬිතුමා ව රවටලා කැඳවාගෙන ...