කෙතරම් ඔප වුවත් හිවලා, හිවලා ය චන්දනගේ සටහන් ඔන්න ඉස්සර කාලෙක කැලැවක නරි රංචුවක් ජීවත් වුනා. මේ රංචුවෙ හිටිය හයිය තියන නරි නාම්බො, නරි නෑම්බියෙකුට ඉව අල්ලන්න හෙම ගිහින් උන් උන් අතර ටික වෙලාවකට ඇති වෙන රණ්ඩු සරුවල් ඇරුනහම උන් බොහොම සමගියෙන් තමයි හිටියෙ. රෑට හෙම දඩයමේ යද්දි ටිකක් එහෙ මෙහෙ විසිරිලා ගියත් කෑමක් ලැබුනු ගමන් 'හොක්කි හූ..' කියල කැලේ දෙවනත් වෙන්න හූ තියල අනෙක් උන්ට දැනුම් දෙන්න ...
අනුන්ගේ දරුවන් රකිනු දුටිමි ! චන්දනගේ සටහන් ලෝකයේ හරි අමුතු දේවල් සිද්ධ වෙනවා කියන එක ඔබත් මාත් අහල තියනවා නෙ. සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ ප්‍රබලයා විසින් දුබලයා පෙලන එකයි. ඒත් ඒ දහමෙන් පිට සිද්ධ වෙන අහඹු හෝ තාවකාලික සිදුවීම් නැත්තෙම නෑ. Image: Google Image මට වරක් දකින්න ට ලැබුනු මේ පහත ඇති වීඩියෝව එවැන්නක්. ඔබත් මේක දැක ඇති. නොදුටු කෙනෙක් වේ නම් බලන්න. මේකෙ තියන්නෙ පැටවෙකුත් එක්ක ඉන්න ...
කෙටි ලකුණක් කරා...! චන්දනගේ සටහන් පහුගිය දවසක සමනළ වැව කිට්ටුවටම යන්න ලැබුනා බලාපොරොත්තු නොවුනු වෙලාවක. ගිය රාජකාරිය සම්පූර්ණ කර ගන්න කල් තව පැයක් හමාරක් ඉන්න වෙන විදිහක් තමයි තිබුනෙ. ක්ෂණික යෝජනාවක් සම්මත කරගෙන අපි තුන් දෙනෙක් පල්ලම් බැස්සා වැව දිහාට යන්නට. ඒ යන මග ඇතැම් තැනක දකින්න තිබුනු ප්‍රමාණයෙන් විශාල ගල් වලින් දාල තියන ගල් වැටි අයත් වෙන්නෙ ඉස්සර හොඳින් තිබුනු අක්කර නවසිය අනූ නවයක ...
බොනව නම් බොමු...! චන්දනගේ සටහන් මේ පුංචි කතා දෙක තුනක්. මේවා අතරින් මුලින් තියන කතා දෙක, මාත් එහෙන් මෙහෙන් අහපු ඒවා. කලින් දවසක ලියපු ඒවත් එහෙම නෙ. කර්තෘ අඥාතයි..! Image: Google Image 1 දොස්තර මහත්තයෙක් ගාවට බෙහෙත් ගන්න එනව රෝගියෙක්. එයාට අපි කියමු පීටර් කියල. ඉතින් දොස්තර මහත්තයත් අර බෙල්ලෙ එල්ලෙන ගැජට් එක පපුවටයි, කොන්දටයි තිය තියා බලලා තව කට අරින්න කියල කට ඇතුලත් බලල ...
මැංගුස් කා.. චන්දනගේ සටහන් අපේ ගේ වටේට නානාප්‍රකාර ගස් හිටවල තිබුන මං පොඩි එකා කාලෙ.. දැන් නම් අඩුයි. ඉඩම මැදින් ගලාගෙන ගිය පුංචි වතුර පාර හරස් කරල වලවල් ගහල වතුර පුරෝගෙන, අර හිටවල තිබුනු පැල වලට වතුර දාන එක, ඒ කාලෙ නිතරම වගෙ හවසට කරපු දෙයක්.. එහෙම හිටවල තිබුන ඒවයින් වැඩි හරියක් එක්කො දුර බැහැරක ගියාම දැකල අරන් ආපු මොනව හරි පැලයක්. එහෙම නැත්නම් ...
මල මගුලයි...! චන්දනගේ සටහන් කතා... කවුද අකමැති කතා කියවන්න. ඒකනෙ අපේ බොහොමයක් ඈයො ටෙලිවිසොන් එකේ අර පැයවල් මේ පැයවල් දිහා කට ඇරගෙන බලා ඉන්නෙ, ගෙදර අනෙක් කාමරේ ඉන්න එකාගෙ බෙල්ල මිරිකල ගියත් දන්නෙ නැති ගාණට.. පොඩි වුන්ට එහෙමත් ඒ වගෙ නේ. එකම කතාව වුනත් සිය පාරක් කිව්වත් ඇති වෙන්නෙ නෑ. කතා කියවද්දි අපි පුංචි කාලෙට යනව ද..? නැත්නම් උස් මහත් වෙච්චි ශරීර කූඩුව අස්සෙ ...
නොදුටු මිනිසුන් චන්දනගේ සටහන් දිවා කල දැවෙන හිරු රැසින් නැහැවී යන මේ නගරය, සැඳෑ අඳුරත් සමග ඉක්මණින් සිසිල් වන්නට පටන් ගනියි. බටහිර දෙසින් ඇති පෙට්ටිගල කන්දේ තේ වතු පිස ගෙන එන මඳ සුළඟ, ගතට ත් සිතට ත් දනවන්නේ අමුතු සුවදායක හැඟීමකි.. වේගයෙන් ජනාකීර්ණ වෙමින් පවතින මෙහි, එදා අප තැබූ පිය සටහන් මතින් අද නේක විධ රථ වාහන හා මිනිසුන් කොතෙක් නම් දිනකට එහා මෙහා ...
ඔහෙ හිටු...පරයා.. අපේ ගෙට රිංගන්න ! චන්දනගේ සටහන් ඉස්සර කාලේ කැලෑබද ගමක හිටියා ගොවි මහත්තයෙක් නොහොත් ගමරාල කෙනෙක්. මේ ගමරාල ට හිටියා පුත්තරයෙකුක්. මේ පුත්තරයගේ නම ලොකු අප්පු.. ඒකා අර නහය උඩ හිටිය මැස්සා පොරවෙන් එලවපු සැම්පලේ එකෙක්. ඒක හින්ද ගමරාල තරමක් කණගාටුවෙන් තමයි හිටියෙ. ඒත් ඉතින් තමන්ගේ දරුවා නිසා ආදරේ නම් කිසිම අඩුවක් කෙරුවෙ හෙම නෑ. ඔහොම ඉතින් කාලේ ගෙවිලා ගියා. ලොකු අප්පු ත් ටිකෙන් ටික ඉලන්දාරියෙක් ...
මල් නොවූ මල් - වලින් ලියැවුණු පදවැල්.. චන්දනගේ සටහන් ලැබගෙන සහය දිරනා අරටු කොස් කොටේ නැගගෙන එක රැයෙන් මා දෙනුවනෙහි ගැටේ කැරකෙන ලෝකයේ ගිය තැන බාග වටේ ගැලවෙන කැබලි පනුවන් හා බිමට වැටේ පිපිලා උදෑසන මා නෙත පිනවන්නේ උගුලා අයෙක් ගෙන ගොස් කුස පුරවන්නේ ලබලා අල්ප දිවි වුව අරුතක් දෙන්නේ පටලා කාචයෙහි, සිතුවිලි ගලපන්නේ ____~~~~____ කවි ලියන කෙනෙකුට, කවියේ අග පද පේලිය එක ...
මීයන් අල්ලං අල්ලං අල්ලං... චන්දනගේ සටහන් මීයෝ කියන්නේ මහ කරදරකාර සත්තු වර්ගයක් නේ. පොත් පත් ඇඳුම් පැළදුම් ඕන නැති මගුලක් නෑ උන්ට. අහුවුණු එක කපනවා. දවසක් අපේ හිතවතෙක් ගේ මුද්දක් නැති වෙලා හොයනවා.. හොයනවා... ම්හු.. හම්බ වුනේ නෑ. පස්සේ හිත හදාගෙන ඉන්න අතරෙ වෙන මොකක් හරි හේතුවකට ගේ අස් පස් කරද්දී, ගෙදර පැත්තක දාල තිබුණු පොත් ගොඩ අස්සෙන් මතු වුනා අර නැති වුනු මුද්ද..ගෙවල් වල බලල්ලු ...
අප්පච්චි.... චන්දනගේ සටහන් ඇඳෙන් බැහැපු මං ඇස් දෙක පොඩි කර කර ගේ ඉස්සරහට ආව. උදේ ඉඳලම ආකාසේ කළු වලාකුළු වලින් වැහිලා.. වහින්න වාගේ. එතකොටම වාගේ තමයි අප්පච්චි වැඩට යන්න එලියට බැස්සේ. අද මං අහරින්න පරක්කු වෙලා. අප්පච්චි වෙනද ට නම් මාව ඇහැරවනවා එහෙම උනාම. ටිකක් දුර ගිය අප්පච්චි නැවතුනා.."ලොකු පුතේ.. මට ඔය කුඩේ ගෙනත් දෙන්න ඉක්මණට.."අප්පච්චිට කුඩේ ගන්න මතක නැති වෙලා.. මං ගෙට ...
ආතර් සී ක්ලාක් ට හිතිලා තියන දේවල් චන්දනගේ සටහන් මේ මගේ ඇන්ටික් පත්තර එකතුවේ තිබුණු ලිපියක්.. කලින් මේ ප්‍රවර්ගයේ ලිපි වල වැඩිපුර අන්තර්ගත වුනේ පින්තූර නෙ. අද ලිපියක් ම දාන්න හිතුව. මේ ලිපියේ මාතෘකාව විදිහට යොදල තියන්නේ "ලංකාව වටා පිහිටි ගොළු මුහුද අතපත ගෑම" කියලයි. ලේඛකයා විදිහට සඳහන් වෙන්නේ ආතර් සී ක්ලාක් යනුවෙන්.. ඊ ලඟට තියන හැඳින්වීම මේ විදිහට යි සටහන් වෙන්නේ."ගුවන් ගමන් පිලිබඳ ප්‍රබන්ධ කතා හා වෙනත් පොත් ...
මං පහු ගිය කාලේ බ්ලොග් එක නොලිව්වේ ඇයි..? චන්දනගේ සටහන් නිවාඩු දින කිහිපයකට පසුව යලිත් සේවයට යාම සඳහා මම නිවසින් පිටත් වුනෙමි. නිවසේ සිට කිලෝමීටරයක් පමණ ගිය තැන හමු වන සොහොන් පිටියක් වෙයි.. වංගු සහිත පාර ඔස්සේ සෙමෙන් ධාවනය වූ මගේ රිය කෙමෙන් ඉහත කී සොහොන් පල ආසන්නයට ලඟා වෙමින් පැවතිනි.. වෙනදා නොමැති මිදුමක් වැන්නක් ඒ පෙදෙස සිසාරා පවතින බවක් මට පෙනෙන්නට වූ අතර එක් වරම මගේ දෑස් නිලංකාර වන ...
අදයි ඔබව කලකින් පසු මා දුටුවේ.... blogger ! චන්දනගේ සටහන් ඔන්න ඉතින් එකෝමත් එක දවසක..... හවසක, මං කාමරේට වෙලා එදා දවල් ටවුන් ගිහින් එද්දී ගෙනාපු "අද" පත්තරේ බලනවා. මේ පත්තරේ මං ගන්නෙත් ඒ හැටි වුවමනාවකට නෙවෙයි. පත්තර මිටියක් අරන් බස් එකෙන් බස් එකට නගින පත්තර විකුණන මනුස්සයා ට ත් කීයක් හරි යන නිසාම යි.. පත්තරේ මිල වෙන්නෙත් රුපියල දහයයි නෙ..කාලෙකට ඉස්සර එහෙම එක එක වර්ගයේ පත්තර කියවන්න පුරුදු වෙලා හිටිය ...
සජීවී ටෙස්ටරේ චන්දනගේ සටහන් කුඹුරු වල ගොයම් කැපුවම පාගන්න එක එක ක්‍රම යොදා ගන්නව නෙ. සුනාමි ද භූතයෝ ද.. මොනවද නැත්තෙ. ඔය කියාපු ඒවා පාවිච්චි කරන්න පුළුවන් වෙන්නෙ ඉතින්, ටිකක් විශාල කුඹුරු වල විතරයි.. හත් අට දෙනෙක් එකතු වෙලා වරුවක් යනකොට ගොයම කපල, කොලේ ගහලත් ඉවර වෙන පුංචි පුංචි ලියදි කෑලි වලට ඔය ක්‍රම හරි යන්නෙ නෑ... එහෙම කුඹුරු වල දැන් කරන්නෙ ජිනසේන ගෙ ...
රා පීල්ල.. චන්දනගේ සටහන් අද වෙනකොට ටිකෙන් ටික අඩුවෙලා යන කර්මාන්තයක් වුනු කිතුල් රා මැදිල්ල, දැනට ටික කාලෙකට උඩදි නම් කර්මාන්තයක් හැටියට කෙසේ වෙතත් තම තමන්ගේ පරිභෝජනය සඳහා මීට වඩා වැඩි මට්ටමකින් කෙරිල තියනවා. මල් තලන එක වුනත් හැමෝටම කරන්න බෑ. තලනව කියන්නෙ තෙලිජ්ජ ගන්න පුළුවන් වෙන විදිහට ඒ ඒ රාජකාරි ටික කරල මල ඕන පදමට හදා ගන්න එකට. ඒකට ඒ ශාස්ත්‍රය ප්‍රගුන කරල ...
එය එසේම නොවී ය.. චන්දනගේ සටහන් ඕක බං.... කියන්න ආපු කතාව නවත්තපු පිංහාමි, පශ්තාත් බාගේ එහෙම්මම බංකුව උඩ තියද්දි තුනටියෙන් ඇඹරිලා හිටන් එහා පැත්තට කෙල පාරක් විද්දා.. ඒ කෙල පාර වැදුනේ එතන රොඩු ගොඩේ හිටපු කැරපොත්තෙක් ගේ බෙල්ලෙන් අල්ලාගෙන හිටපු මකු වැද්දෙකුට.. කැරපොත්තව අත හැරිච්චි මැස්සා පැත්තකට විසි වෙලා ගියා.. හ්ම්ම්..... ගමේ කඩපිලේ දී එක්කාසු වුනු තලත්තැනී ඇත්තෝ කීප දෙනෙක් පැත්තක තිබිච්චි බංකුව උඩට වෙලා මේ ...
සුනඛයා නොහොත් සපාකන්නා චන්දනගේ සටහන් "අපි දැන් "බල්ලට", බල්ලා කියන්නෙ නෑ..." දවසක් සයිට් එකේදි සුපවයිසර් කෙනෙක් කිව්වා."ඇයි ඒ?? " 'බල්ලට, බල්ලා නොකිය පූසා කියන්නද' කියලා අහන එක අමාරුවෙන් හිතේ තදකරගෙනම මම ඇහුවා." බල්ලා දැන් දන්නවා අපි බල්ලා කියන්නෙ ඌට කියලා. වැඩේ කියන්නෙ "බල්ලා" කියන වචනෙ තේරුමත් ඌ දන්නවනෙ..""හ්ම්ම්ම්.. එහෙමද කවුරුහරි කියල දෙන්න ඇති. දැන් ඉතින් "බල්ලා" කියලා ඉවරයි.." "හැක්.. අපේ උන් අන්න ඌට අලුත් නමකුත් ...
කාලෙකට පස්සෙ... ලිනක්ස් එක්ක.. චන්දනගේ සටහන් ලියනව ද නැද්ද ලියනව ද නැද්ද.... ඔහොම ටිකක් වෙලා කල්පනා කර කර හිටියට ලියන්න තරම් දෙයක් කල්පනාවට ආවේ නෑ. සෑහෙන දවසකින් මොකුත් ලිව්වේ නැති නිසා දැන් අමුතුවෙන් හුරු වෙලා ටියුන් කරගෙන එන්න වෙලා වගෙයි තියන්නේ... පහුගිය දවස් ටිකේ බ්ලොග් වලට ගොඩ වැදුනෙම නැති තරම්.පහුගිය දවසක මගේ අතින් වැරදිලා පෝස්ට් එකක් පබ්ලිෂ් වුනා නේ. "ජනේලයෙන් පැන හන්තානේ giyemi.. " කියල. ඒ ...
පෙර දිනක දුටු දින-පොතක තිබුනා මෙසේ... චන්දනගේ සටහන් අද දින පොතක තිබුනු දැන්වීම් ටිකක් දාන්න හිතුවා. මේක සාක්කු දින පොතක්. මේ දින පොත් ලියන කාලේ අපි කොහෙ ඉන්න ඇද්ද... බලන්න අවුරුද්ද... දින පොත් වල ඉතින් එක එක ඒවා ලියනවා නේ. මුලින් ම තමන්ගේ විස්තර. ඊට පස්සෙ නෙ අනෙක් ඒවා ලියන්නෙ. මම නම් ඕවයේ ලිවවේ මුල් පිටු දෙක තුන විතරයි.. ඉතිරියත් කියවන්න » ...