පරංගියාවාඩියට තෑගි දෙන්නට ගියෙමි. Sirage Kamare පරංගියාවාඩිය....ඔබ සමහරක් විටක කවදාවත් අහලා නැති නාමයක් වෙන්න ඇති. නමුත් මේ අපේ රටේ තවත් ග්‍රාමයක නමක්. සිරා කොලුවත් ඉස් ඉස්සෙල්ලාම මේ නම ඇහුවෙ හරියටම ගිය මාසෙ දවසක. පොසොන් බත් දන්සැල පවත්වන මාකේවිට තරුණ බෞද්ධ සංගමයෙ සභාපති තුමා තමයි පරංගියාවාඩිය ගැන මට හා පුරා කියා කියලා දුන්නෙ. අනුරාධපුරයේ සිට ත්‍රිකුණාමලය මාර්ගයේ හොරොව්පතාන නගරයට ලඟා වෙලා අළුත් ඔය මාර්ගයේ කිලෝමීටර් 8 ක ...
කුණු මාළු සමග කරුණෙ මාමා මදිවාට ටෙලිකොම් ජයා Sirage Kamare අප ජීවත් වූ, අප ඇසුරු කල අපූරු චරිත කෙතරම් කාලයක් ගතවුවත් අපේ මතකයෙන් ගිලිහී යන්නේ නැත. ඒ ඒ චරිත තුල ඔවුන්ටම ආවේණික ලක්ෂණ තිබීම එයට හේතුව යැයි මගේ අක්මාවට දැනෙයි. සිරා කොලුවා වන මගේ ගම් පියස තුල සහ එයට යාබද පරිසරයේ කුඩා කල සිට දකින්නට ලැබුනු මගේ මතකයේ තදින් සටහන් වූ චරිත කීපයක් වටා අද මේ කථාව ඔබට කියන්නට මම ...
ගෙඹි මස් සමග බත් කෑ දා... Sirage Kamare අදින් සති දෙකකට කලියෙන් සිරා කොලුවාගේ කාර්ය බහුලත්වය තවත් මාස 6 කින් නැවත හමුවෙන අටියෙන් වෙන් වී ගියේය. වසරකට දෙවරක් පැවැත්වෙන, මැලේසියාවේ සංචාරක අංශයේ ප්‍රධානතම ප්‍රදර්ශනය වන MATTA FAIR වෙනුවෙන් මම සේවය කරන ආයතනය සහභාගි වීම මේ කාර්ය බහුල තාවයට හේතුවයි. මේ ප්‍රදර්ශනයේ ජාතකය බොලා ඉදිරියේදී පෙර දිනයක මවිසින් කියා ඇති නිසා නැවත ඒ ගැන කිව යුතු නොවේ. කියවා නැති ...
සුදු මල්ලී සමග මාවරැල්ලේ ගියෙමි Sirage Kamare කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද මාවනැල්ල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුලම පිහිටා තිබේ. සිරාගේ අතීත පුස්තකාල කථාවක කලබල යන නමින් සටහන් ...
බට්ටි නගාට පෙම් කළෙමි. Sirage Kamare එදා 1996 අගෝස්තු මාසෙ 12 වෙනිදා.... මම අරමුණක් නැතුව ටවුමට ඇවිදගෙන ආවා. සඳමාලි නංගි මගේ ඉස්සරහටම ඇවිදගෙන ආවෙ මේ අතරෙ...ආ සඳමාලි නංගි...කොහොමද ? කාලෙකින් දැක්කෙවරදක් නෑ අයියා...අයියට කොහොමද ?මටත් වරදක් නෑ නංගි...ඒත් හිතට පුදුමාකාර වේදාවක් දැනෙන්නෙ...දැන් මාස ගානකින් සජීගෙන් ලියුමක්වත් පණිවිඩයක් වත් නැහැ . මම දවසක් දෙකක් එයාලගෙ ගෙවල් පැත්තෙත් ගියා. එක දවසක් උන්න වගේ දැක්කා. මම හිතන්නෙ මාව දැකලද ...
උපුල් විලේදී මනුස්සකමේ සුවඳ විඳ ගත්තෙමි. Sirage Kamare තවත් මඳ දුරක් ගියාට පස්සෙ ලොකු හාමුදුරුවො බස් රථය එක් තැනක නවතන ලෙස සංඥා කලා. මාර්ගයට යාබද කැළෑවෙ කණින ලද වලක් අළුතින් පස් යොදා වසා ඇති බවක් දකින්න ලැබුනා. අපේ කණ්ඩායම ඒ දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියා.1 කොටසටඅද එතැන් සිට.....ලොකු හාමුදුරුවො අත දික් කර පෙන්වූ ඉසව්වට බස් රථයේ හැමෝගෙම නෙත් යොමු උනා. ඔතන ඔය අලුතින් වහලා දාලා තියෙන පස් යට ...
නගාගේ පොල්ල නැති බයිසිකලේ අතවරයට ලක් වූ දා.... Sirage Kamare සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් ලෙස කලක් බොක්කට බඩවැල සේ ආශ්‍රය කල නගා කොලුවා ගැන සිරාගේ කාමරයට එන යන බොලා දැන් හොඳින් දනියි. ඒ කාලයේ එ්කාට සිදු වූ සාටර් ක්‍රියා බොහොමයක් මවිසින් මෙහි අකුරු කොට තිබේ. මගේ වාසනාවකටදෝ නගා කොලුවා සිරාගේ කාමරය ගැන හාංකවිසියක් වත් දන්නේ නැත. ඒ නිසාම තවමත් අතුරු උපද්‍රවයකින් තොරව නගා කොලූගේ ඇඳිවතේ ඉතිරියත් ගලවා දමන්නට මා හට ...
සිරා කොලුවාගේ පළමු ගීතය අහමුද ? Sirage Kamare සිරා කොලුවාගේ ගායක හීනේ ගැන මම බොලාට කිව්වෙ 2015 අවුරුද්දෙ අගෝස්තු මාසෙ අන්තිම දවසෙ. මුහුණු TV ආයතනය සංවිධානය කරපු Cover Song Challenge තරගාවලියෙ පළමු වටයෙදි සිරාගෙ කාමරයට එන යන ඇත්තො සිරා කොලුවා වෙත දක්වපු සහයෝගය මට අමතක නෑ. ඒ කාලෙ මම උන්නෙ ලංකාවෙන් බැහැරව උනත් තරගයේ ඉදිරි වට වලට සහභාගි උනේ ලංකාවෙදි.පළමු වටයෙන් දෙවැනි හෙවත් අවසාන වටයට තෝරගත්ත පිරිස 10 ...
රොබිනාගේ බලු කථාව Sirage Kamare බල්ලා හෙවත් සුනඛ තෙමේ යනු මිනිසාගේ ලගම මිත්තරයාය. බල්ලා කියා නින්දා සහගත නමක් මේ වර්ගයට පට බැද තිබුනද සත්‍ය ලෙසම මොවුන් ඉතා හොද ගති ගුණ ඇති පිරිසකි. බොරුව වංචාව දන්නේවත් නැත. එහෙත් ඉද හිට හොරකෑමට සිතක් පහල වුවත් ස්වාමියා කෙරේ දක්වන්නේ පරම පවිත්‍ර අකලංක ආදරයකි. ලක්ෂ ගනන් වියදම් කර, දහ අතේ ණය වී, මගුල් කා ගෙදර ගෙනා ගෑණු පරාණයවත් මෙවැනි ...
පති භක්තිය සමග වෙසක් කූඩු Sirage Kamare ආකාලයේ අපෙන් වියෝ වූ පන්ති සගයා නිශාන්ත පිළිබඳ දුක් මුසු මතක ආවර්ජනයට පසුව අපේ 11 වසර පන්තිය පිළිබඳ තවත් මතක සමුදායක් මා හට හදිසියේ මෙන් මතක් වී තිබේ. ඒවා ඒ වෙලාවට කාමරේ දොර ඇර ලියා දැමුවේ නැතිනම් නැවත මේ කපේට මතක් වෙනවා බොරු කියා මගේ අක්මාවට දැනෙයි.6 වසරේදී E පන්තියේ සිටි සිරා කොලුවා 9 වසරේදී තාක්ෂණ විෂයන් අනුව පන්ති වෙන් ...
අපි සමග අපි Sirage Kamare සිස්සත්තෙ සමත් වෙලා නගරෙ මහ ඉස්කෝලෙට ඇතුලු උන දවසෙ ඉදලම අපේ අම්මගෙ හිතේ තිබුනෙ කොහොමද මේකව සාමාන්‍ය පෙලින් එගොඩ කරන්නෙ කියන කාරණේ. ඒ හින්දම දන්න කියන ඇත්තන්ගෙන් කරුණු කාරණා හොයලා 6 වසරෙදිම සිරා කොලුවව දැම්මා නොවැ විද්‍යාව සහ ගණිතය අතිරේක පන්ති දෙකකට. සති අන්තයේ තමයි මේ පන්ති තිබ්බෙ. ඒ කාලෙ ගම්පහ නගරයේ මේ විෂයන් දෙකටම නම් දරාපු ගුරුවරු දෙන්නෙක් තමයි ...
ඇල්ෆ්රට් බාස් Sirage Kamare ඇල්ෆ්රට් බාස් වාසය කලේ සිරා කොලුවාගේ නිවාසයට යාබදවයි. ඇල්ෆ්‍රඩ් කියා ඔහුගේ නම නිවැරදිව කිව යුතු උවත් ගමේ උන් මෙන්ම පවුලේ අයද ඔහුව ඇමතුවේ ඇල්ෆ්රට් යනුවෙන් නිසාම මමද ඒ නමම මෙහි යෙදුවෙමි. අත් උදව් කරුවෙකු ලෙස නිවාස ඉඳිකරන තැන් වල මේසන් බාස්වරුන් සමග අාරම්භ කල ඔහුගේ වෘත්තීය ජීවිතයේ මැද භාගයේදී මේසන් බාස් කෙනෙකු ලෙස උසස් වන්නට ඔහුට හැකි විය.සිරා කොලුවා කුඩා ...
සාජන් සිල්වා Sirage Kamare මොකද අයිසෙ නුපුරුදු මිනිහෙක් වගේ බලාන ඉන්නෙ ඔය පුටුව අරගෙන වාඩිවෙනවා. පොලිස් ස්ථානාධිපති තැන උපැස් යුවලට යටින් තමා දෙස බොහෝ වෙලාවක් බලා ඉන්නට ඇතැයි යන උපකල්පනයෙන් සාජන් සිල්වා අසල පුටුවකට හනි හනික බර වූයේ දෙගිඩියාවෙන් ගැහෙන හදවත වාරුකරගනිමිනි.තමාට විරුද්ධව තියෙන විනය පරීක්ෂණයෙන් තමා නිවැරදි කරු කියලා ඔප්පු උනොත් ආයෙ රස්සාවට එන්න පුලුවන්. එතකං තාවකාලිකව වැඩ තහනම් කොරන්න කියලයි පොලිස් අධිකාරී ...
රුධිරය සමග බාර ඔප්පු කරනු දුටිමි. (සංවේදී දසුන් සහිතයි) Sirage Kamare සංවේදී හදවත් ඇත්තන් මේ ලිපිය කියවීමෙන් වළකින්න. මෙම ලිපියේ ඇති ඇතැම් ඡායාරූප ඔබට පීඩාකාරී විය හැක.ජීවිතය යනු මේ යැයි නිශ්චිත අර්ථ කථනයක් දෙන්නට අපහසු දෙයකි. දුක සතුට, නින්දා ප්‍රශංසා, යස අයස මැදින් ජීවිතය ගලන්නේ බාධක මතින් ගලා යන ගංගාවක් පරිද්දෙන් බව බොහෝ දෙනාගේ අදහසයි. තම ජීවිතය හමුවේ නොනැවතී හමුවෙන කරදර බාධක හමුවේ දුර්මුඛව යන ඇතමෙක් ඇසට නොපෙනෙන දෙවියන්ගේ පිහිට යඳිති. ...
පීතර මාමා Sirage Kamare සිරා කොලුවා වාසය කොරන්නෙ ඉතින් ගම් තුලානක කියලා සිරාගෙ කාමරය ඇතුලෙ නොයෙක් වර ලියවිලා තියෙනවා නොවැ. මැලේසියාවෙ ඉදලා මෙහෙට පාත් උනාට පස්සෙ ගමයි නගරයයි අතර වෙනස මට හොඳට දැනුනා. සතියක් දෙකක් යනකං කාලෙකට පස්සෙ විඳින ගමේ වෙල් ඉපනැල්ලෙ සුවඳ එක්ක ඉස්සර දවසක පුංචි සන්ධියෙ අපි කරක් ගැහුව ඉසව් වලට වෙලා අතීතයේ දවසක හිත නතර කරගෙන ඉන්න බොහොම ලොකු කැමැත්තක් තමයි ...
බියුටිෆුල් ස්ටෝන් Sirage Kamare කාලය - බෑන්ඩ් ගැහිල්ලෙන් සමුගත් ආසන්න දවසක හැන්දෑවකස්ථානය - ගම්පහ ටවුමෙ ඇට්ටේරියා ගහ යට ජයන්ත අය්යගෙ ස්පොට් එක අවස්ථාව - ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොක්කට හලා ගන්න වෙලාවක්මෙච්චර කාලයක් අව්වට කර උනා...වැස්සට තෙමුනා...ගුරුවරුන්ගෙන්,ගෙදරින් බැණුම් ඇහුවා...දැන් ඉතින් ඒ කෙළියත් ඉවරනෙ බං....ආයෙ ඉතින් බෑන්ඩ් ගහන්න වෙන්නෙ ලබන ආත්මෙදි තමා....ලොකු අයියා සියරැට් එකක් දකුණු අතින් මේසෙට තට්ටු කරන ගමන් අපි දිහා බලාගෙන කිව්වෙ හදිස්සියෙ ...
බණ්ඩාර Sirage Kamare ඔහු බැලූ බැල්මට චීන ජාතිකයෙක් බදුය. සුප්‍රකට සටන් නළු ජැකී චෑන්ගේ පෙනුමට ඔහුගේ පෙනුම බොහෝ දුරට සමානය. එනමුදු බුලත් කහටින් දුර්වර්ණ වූ ඔහුගේ දසන් ඔහු පිටරැටියෙකු නොවන වග ඔහු අවට සිටින ඇත්තන්ට සන් කරයි. හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. මේ ජීවන ගමන යාත්‍රා කරන අතර තුර මා හට හමුවූ අමතක නොවන ගණයේ මිනිසෙකි. ඉදින් ඒ මිනිසාගේ අව්‍යාජ ජීවිත කථාව සිරාගේ කාමරය ...
වසර 800 කට පසු මුට්ටියෙන් මතු වූ පරණ වට්ටක්කා Sirage Kamare සිරා කොලුවට දැන් වැළදී තියෙන්නෙ බොහොම දරුණු කම්මැලිකමක්. ඒ කම්මැලි කම නිසාම තමයි දැන් සිරාගෙ කාමරයට ඉදලා හිටලා ලිපියක් ලියවෙන්නෙ. ඒ උනාට අද දවසෙ කියවන්න ලැබුන ඉංග්‍රීසි ලිපියක් දැක්ක ගමන් මට හිතුනා කාමරේට එන යන අයට කියවන්න මෙතනට රැගෙන ආ යුතුයි කියලා. ඇත්ත වශයෙන්ම මේ ලිපිය බොහොම රසබර එකක්.2008 වසරෙදි ඇමරිකාවෙ විස්කොන්සින් නුවර (Wisconsin) පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකල කැණීමකදි ඔවුන්ට ...
බත් සමග මනුස්ස කමත් බෙදූ දන්සැලක් Sirage Kamare විදේශ ගතව සිටීම නිසා වසර කීපයක්ම පොසොන් උත්සවය සැමරීමෙන් බැහැරව සිටි සිරා කොලුවා මෙවර පොසොන් උත්සවය සමරන්නට එක්වූයේ වසර 3 කට පමණ පසුවය. පොසොන් යන නම ඇසූ සැනින් ලංකාවේ අපට සිහිවන්නේ අනුරාධපුරයයි. ලංකාවේදී සිරා කොලුවා සංචාරය කරන්නට කැමතිම ස්ථානය කිමෙක්දැයි කිසිවෙකු මාගෙන් විමසුවහොත් මාගේ නිසැක පිළිතුර රුවන් වැලි සෑ මළුව යන්නයි. එතැනදී හිතට මෙන්ම ගතටද දැනෙන සිසිලස, ප්රබෝධය, සැහැල්ලුව අති ...
කිත්තාගේ අටපට්ටම Sirage Kamare මේ අවුරුද්දෙ වෙසක් දවස උදා වෙනකං සිරා කොලුවා බොහොම ආශාවෙන් පොඩි එකෙක් වගේ බලාන උන්නෙ සිරාගෙ අතිජාත ස්කූටරේ නැගලා යාලු හිත මිත්තරාදින් එක්ක ඉස්සර වගේ රවුමක් කාරිය යන්න පුලුවන් හින්දයි. අවුරුදු 3 ක්ම සිරා කොලුවට ලංකාවෙ වෙසක් දකින්න බැරි උන නිසා මේ වතාව බොහොම විශේෂ එකක් උනා. එහෙත් අයහපත් කාළගුණය හමුවේ මේ බලාපොරොත්තු බිඳ වැටුනා. ඇරත් සිරා කොලුවගෙ හිත මිත්තරාදින් ...