බණ්ඩාර (2 කොටස) Sirage Kamare බණ්ඩාරවෙල ටවුන් එකේ බේකරියක් ලග මම දැන් කැරකෙනවා. හිතේ ගින්නයි කුස ගින්නයි දෙකම එකට එකතු වෙලා මගේ මුලු ඇගම නලියනවා. කවුරුවත් මා දිහා බලා ඉන්න වගක් මට දැනුනෙ නෑ. අතේ තිබුන මුදලින් බනිස් ගෙඩියක්වත් කනවා කියලා හිත හදාගන්නකොටම කවුදෝ කෙනෙක් මගේ අතක් තදින් අල්ල ගත්තා. අද එතැන් සිට.... පළමු කොටස මග හැරුන අය කියවගෙන එන්න.මොකද මෙතන කරන්නෙ. මම සෑහෙන වෙලාවක ...
කම්මල සමග දොස්තර බූට් Sirage Kamare පිරිමි පාසලක හිටිය මම පහේ පන්තියේ සිස්සත්තෙන් පාස් වෙලා , හහේ පන්තියට මිශ්‍ර පාසලකට යන්න උනත් මේ ම්ශ්ර බවේ ඇඳුමක වෙනස මිසක් වෙනත් දෙයක් තිබුනෙ නෑ . සපත්තු ,ඇදුම් ගුරු පාරක බෝල ගහපු සුදුපාට ටෙනිස් බෝලවගේ පාටවෙලා ඒ වෙනසත් මකල දැම්මා. බැනගන්න, ගහගන්න ,සෙල්ලම් කරන්න යාළු වෙන්න ,තරහ වෙන්න මේ මිශ්‍ර බව බාධාවක් උනේ නෑ . මේ නොවෙනස් බව අවුරුදු ...
ඇය ෆාතිමා නම් වූවාය. Sirage Kamare අද කථාවේ ප්‍රවේශය කාලයකට කලින් මවිසින් ලියූ සිරාගේ මහවේ ප්‍රේමය නැමති ලිපිය ඔස්සේ වැටී තිබේ. ඒ නිසා එම ලිපිය කියවා නැති ඇත්තන් මේ ලිපියට පෙර ඒ ලිපිය කියවීම මැනවි.සිරා කොලුවාගේ පෙම් ජවනිකාවක් සෑහෙන දොහකින් ලියා නැත. මගේ ලිපි කියවීමට කාමරයට එන යන ඇත්තන් සමහරෙක් පෙම් ජවනිකා වලට වඩාත් ඇළුම් කරති. ඒ බැව් ඒ අයගේ ප්‍රතිචාර වලින් පැහැදිලි වී තිබේ. සිරා ...
කාමරේ දොර ආයෙමත් විවෘතයි. Sirage Kamare සුභ 2016 වසරක් වේවා බොලා හැමෝටම...කාලෙකට පස්සෙ සිරා කොලුවා ආයෙමත් කාමරේ ලෑලි දොර විවර කොලා. කාමරේ පැත්ත පළාතෙ නෑවිත් හිටිය පහුගිය කාලය බොහොම කාර්ය බහුලයි. දැන් කියලා ඉතින් වෙනසක් නෑ. ඒත් ඉතින් දන්න නොදන්න ඇත්තො ආයෙමත් යමක් ඇදබාන්නෙ නැතෙයි අහලා සතියකට තුන හතරක් ඊ විදිනකොට මගේ හඳුන්පොත මෙලෙක් උනා. ඒ හින්දම අකුරු දෙක තුනක් හරි කොටලා මකුළුදැල් බැඳුන මගේ දුප්පත් ...
රඹුටන් Sirage Kamare රතට රතේ බැබලෙන රඹුටන් ගෙඩියක් දැක්කම කාටද රස බලන්න හිතෙන්නෙ නැත්තෙ. ලොකු කුඩා කවුරුත් රඹුටන් ගෙඩියක රස බලන්න කැමතියි. මේ පළතුරේ පෙනුමත් ඉතාම ආකර්ශනීයයි. රඹුටන් කිව්වම කාට කාටත් ඉක්මනට මතකයට එන්නෙ මල්වාන. වෙළඳපොල ඉලක්ක කරලා විවිධ ප්‍රභේද මුසු කරලා හදපු අලුත්ම රඹුටන් වර්ග මල්වානෙ වගා කරලා තියෙනවා.මල්වානේ රඹුටන්ඉස්සර සිරා කොලුවගෙ පන්තියෙ හිටියා මල්වානෙ රඹුටන් වතු හිමියෙකුගෙ පුත්‍රයෙක්. තමන්ගෙ වත්තක රඹුටන් ...
මාටින් මුදලාලි Sirage Kamare මාටින් මුදලාලි අඩි 6 ක් විතර උස දේහදාරියෙක්. කොටු වැටුන සරමට කොලර් එක තියෙන ටී ෂර්ට් තමයි ඔහු නිතරම ඇන්දෙ. යුක්තියට මිස අයුක්තියට හිස නමන්නෙ නැති, තමන්ගේ මතයේම එල්බ සිටි සෘජු චරිතයක්, තමන්ගෙ දරු මුණුබුරන්ට අසීමිතව ආදරය කරපු, තමන්ගෙ ඇඹේණිය එක්ක සමගියෙන් පවුල් කාපු, ආදරණීය චරිතයක් විදියටත් ඔහුව හඳුන්වා දෙන්න පුලුවන්. අද සිරාගෙ කාමරෙන් මම බොලාට කියන්නෙ මගේ සීයා වෙච්ච ...
එලීසාගේ අභිරහස් මරණය Sirage Kamare ඊයෙ පෙරේදා දවසක ජාලය අස්සෙ කරක් ගහනකොට දැක්ක කුතුහලය දනවන ලිපියක් ලග මගේ ඇස්ගෙඩි දෙක නතර උනා. මේ සිදුවීම පසුපස තියෙන සත්‍ය කරුණු මොනවද...ඇත්තටම එතැන මොකද වෙන්න ඇත්තෙ. මගේ හිත මගෙන් ප්‍රශ්න කලා. ඒ විස්තර බොලා එක්ක බෙදාගන්නයි මගේ මේ වෑයම.Elisa Lamඇගේ නම Elisa Lam 2013 වසරෙ පෙබරවාරියෙ මේ අවාසනාවන්ත සිදුවීම වෙද්දි ඇගේ වයස අවුරුදු 21 ක්. කැනඩාවෙ වැන්කූවර් නගරයෙ ...
මිත්‍ර සහ ආදරය Sirage Kamare රතු පැහැති ස්පෝට් වර්ගයේ පා පැදිය ගම්පහ පුස්තකාලයේ පසෙකින් තිබෙන සුදු අරලියා ගස අසල කම්බි වැටට හේත්තු වන විට පුස්තකාලයේ දොරටු විවර වී වැඩි වේලාවක් ගත වී තිබුනේ නැත. උදෑසනම මිදුලේ සුදු වැලි මත පැහැදිලි රටා මවමින් මේ මිදුල අමදින්නේ පුස්තකාලයට යාබදව පිහිටා තිබෙන නගර සභාවේ කම්කරු ළඳක් විසින් බව බයිසිකලයෙන් බිමට බට මිත්‍ර හට සැනෙකින් මෙනෙහි වූවේය. අතරින් පතර ...
මොරිස් මයිනරය සහ Vibration Sirage Kamare සිරා කොලුවාගේ බෑන්ඩ් කෙරුවාව ගැන බොහෝ තතු කාමරයට යන එන ඇත්තෝ සෑහෙන කාලයක සිට කියවති. පාසල් සමයේ මුලු හදින්ම පෙම්බැදි තූර්ය වාදක ඛණ්ඩ ඉතිහාසයත්, ඒ තුල විඳින්නට ලැබුන දුක්ඛ දෝමනස්සයන් මෙන්ම කම්කටොළුද නැවතිල්ලේ මෙනෙහි කරන වර්තමාන දවසක සිතට දැනෙන්නේ කදිම ප්‍රහර්ශයකි. එදා සිරා කොලුවාගේ සම වයසේ සිටි අයිය බඩා, ජපන් චමියා, කිඩා වැනි උන් සමග කල මහත් කැපකිරීම් වල ප්‍රතිඵලය ...
නික්මණ Sirage Kamare ඇය උදෑසන පිබිදෙන විට ඔහු සයනයේ නොසිටියේය. හනි හනිකට ඇඳුමද සකස් කරගත් ඕ නැගිට ඔහු කුස්සියේවත් වෙත්දැයි බලන්නට යන්නට වූවාය. ඇය පිබිදෙන විට ඔහු පහුගිය කාලයේම ඇය අසලම සිටියේය. නමුත් කවර හෝ මොහොතක ඔහු නොසිටීවි යැයි සැකයක් ඇය තුල කලක සිටම විය. එහිද ඔහු නැත්තෙන් නම කියා හඬ ගෑවාය. නමුත් ඔහු ඒ කොහේවත් නොවීය. ගෙයිහි තවත් සොයන්නට තැනක් නොමැත්තෙන් මහත් ...
මයිනරය, Vibration සහ තවත් කථා Sirage Kamare සිරා කොලුවා කාලයක් නියෝජනය කල පාසල් බටහිර තූර්ය වාදක ඛණ්ඩයේ Vibration 2006 ප්‍රසංගය පිළිබඳ ඔක්තොම්බර් මස අවසානයේදී පළ වූ ලිපිය සමග මේ ලිපිය සබැඳේ.පළමු කොටසටනිදි වර්ජිතව උදෑසන වනතුරුම පෝස්ටර් කෙලියේ නිරතව, සිරුර පුරා පාප්ප පැල්ලම් සහිතව, දැඩි විඩාවකින් පීඩිතව සිටින අපගේ චිත්ත සන්තානයම වතුර ටැංකිය අසබඩ කොළ ටයි පටි කෙල්ලෙකුගේ සිනා කැකුලකට ක්ෂණිකව විකසිත කරන්නට හැකි බැව් අපි එදා දැනගතිමු.කෙතරම් ...
අපි නොදන්න ටජ් මහල Sirage Kamare ජාලෙන් පෙරලලා බොලාට කථාවක් කියන්න හොයා බලන කොට සිරා කොලුවගෙ ඇහැ ගැහුනා නොවැ හරිම අපූරු විස්තරයක්...ඒ විස්තරය තමයි ඕන්න මම අද කියන්න තනන්නෙ.ටජ් මහල ගැන ඉතිං කවුද අහලා නැත්තෙ. අසල්වැසි ඉන්දියාවෙ අග්‍රා නුවර තියෙන මේ ඉපැරණි ස්මාරකය ආදරයේ සංඛේතය හැටියටත් සමහරු සළකනවා නොවැ. යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් වගේම නූතන ලෝකයේ පුදුම 7 තුලත් තියෙන ටජ්මහල පිටිපස්සෙ තියෙන කථාව ගැනත් බොහෝ අය ...
බස් අජිත් Sirage Kamare පින්තූරය මෙතැනින්බස් අජිත් යනුවෙන් පැවසූ විගසම මෙය කියවන බොලාට මතක් වෙන චරිතය ගැන මට සිතා ගත හැක. පෙම්වතිය දාලා ගියා යනුවෙන් කොයි වෙලෙත් වැළපෙන සින්දු ගායනා කරන, බස් රථ වල ගමන් ගන්නා සුවහසක් මගීන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වූ, ගායක තැනක්ද බස් අජිත් නමින් හදුන්වයි. ඇතැම් විටෙක ඔහු කෙරේ ඇති ජනතා ආදරය වැඩි වූ තැනක බස් අජියා නමින් නමෙන් කොටසක් ලොප් ...
කන්දේගමට අරුණළු පෑයූ වගයි. Sirage Kamare එක දිගට ගෙවුනු වෙහෙසකර දිවා රෑ ගනනාවකට පසු තවත් එක් දිනයක් පමණක් ඉතිරිව තිබේ. හෙට දින අප යන චාරිකාව හුදෙක් විනෝද ගමනක් නොවේය. අප විසින් ගෙන යන දෑ, අප විසින් ඔවුන්ගේ ජීවිත තුලට එකතු කරන දෑ ඒ කුඩා ජීවීන්ගේ ජීවන ගමනට යම්කිසි හෝ ශක්තියක් වනු නිසැකය.මාර්තු 19 වන දින රාත්‍රී 12 කණිසම ගෙවී 20 වෙනිදාව උදා වන ඇසිල්ලේ අපි පිටත් ...
නිදි නැති රැයක ජීවමාන වූ කාන්තා මළ සිරුර Sirage Kamare සිරා කොලුවා හිච්චි එකා සංන්ධියේ අපේ අම්මා අල්ලපු ගෙදර විමලාවතී උන්දෑ සමග හැන්දෑකොරේ දර කැබැල්ලක් දෙකක් අහුලා ගන්නට වෙල් ඉස්මත්තට යාම බොහොම සුපුරුදු දසුනක් වූවේය. විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිඳ බව මම මෙයට බොහෝ කාලයකට පෙර බොලාට කියා තිබේ. දෙගොඩහරි වයසේ සිටි මේ දෙපළට දූ දරුවන් නොවූයෙන් වැඩි වගකීමක් නොමැතිව ජීවත් වන්නට අවකාශ ලැබී තිබුනි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කල ...
නැට්ට කොටා Sirage Kamare සිරා කොලුවා කාමරයේ දොර වසරකින් මෙහා විවෘත කොට නැත. ඒ නිහඬතාව බිඳිමින් ගෙවී යන 2020 වසරට ලිපි දෙක තුනක් හෝ ලියා තබන්නේයැයි අධිටනින් මේ ලියමන අරඹමි. එදා මෙන්ම අදත් සිරාගේ කාමරයේ පයුරු පාසානමට ළබැඳිව සිරා කොලුවෝ තෝ ලියන්නේ නැද්දැයි අසා විමසූ සැමට ස්තූතියි...සිරා කොලුවා මැලේසියාවේ සිට සිරි ලංකාවට ආනයනය වූ 2015 වසරේ අග භාගයේදී ...
සඳරුවගෙ කැරකෙන කූඩුව Sirage Kamare මෙදා පාර අපි හන්දියෙ ගහමු ඩෝ හොද කැරකෙන කූඩුවක්...නිකංම නිකං කැරකෙන කූඩුවක් නෙමෙයි තට්ටු දෙක දෙපැත්තට කැරකෙන කූඩුවක් අරිද ඩෝ...සයිඩ් එකෙන් පොඩි විරිදු පාරක් හරි ඔලුබක්කො පාරක් හරි දාලා කීය කීය හරි දෙයියනේ කියලා එකතු කරගෙන වෙසක් පහුවෙලා හොඳ ආතල් එකක් දාමු. එවකට අපේ ගමේ අපිට වඩා වයසින් අඩු ගැටයන්ගෙ සංගමේ සභාපති වගේ හිටිය සඳරුවා ඕනෙම කුණු ගොඩකට එක හිතෙන් ...
මාවරැල්ලේ පුංචි සිනා සමග සුදු මල්ලී Sirage Kamare කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල නම් ඉසව්ව පිළිබඳ කාමරයට යන එන බොහෝ දනා දැන සිටියත් මාවරැල්ල පිළිබඳ අසා ඇත්තෝ අඩු බව මම දනිමි. මාවරැල්ල මෙතෙක් කල් කරළියට නොපැමිණ ඇති වටපිටාවක එය පුදුමයට කාරණයක් නොවන්නේය. සිරා කොලුවාද මාවරැල්ල පිළිබඳ අසා තවමත් වැඩි කාලයක් ගත වී නොමැත. මාවරැල්ලද මාවනැල්ල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුලම පිහිටා තිබේ. ...
රබානකට පෙම්බැඳි සිරා කොලුවා Sirage Kamare සිරා කොලුවාගේ බෑන්ඩ් ඉතිහාසයෙන් යමක් ලගදි දවසක මම බොලාට කියා නැත. ඇතමෙකු ඒ ගැන විමසා ඊයක් දෙකක් විදිති. බොලාගෙ බෑන්ඩ් කථා අහවරද...උන් අසති. මෙසේ විමසන්නේ පාසල් යන සමයේ බෑන්ඩ් උණ තදින් වැළඳුනු එකෙකු හෝ එකියක බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. සෑහෙන දොහකට පසු සිරා කොලුවාගේ බෑන්ඩ් ජීවිතයෙන් කථාවක් ඇදබාන්නේ එහෙයිනි.සිරා කොලුවාගේ තූර්ය වාදක ඛණ්ඩ නඩයට අයත් අයිය බඩා, ජපන් චමී, ...
නාග දුපත Sirage Kamare සර්පයො කියන්නෙ බොහෝ දෙනා අතිශයින් බිය වෙන, දකින්නට පවා කැමති නැති, දෂ්ඨනයකට ලක් උනොත් වේදනාත්මක අත්දැකීමක් ලැබෙන සත්ව කොටසක්. සිරා කොලුවා වන මමත් එහෙමයි. සර්පයින්ට ගොඩාක් භයයි. සර්පයන්ටම වෙන්වුන දුපතක් ලෝකයේ එක තැනක තියෙනවා කියලා ඔබ දන්නවද ? ජාලෙන් පෙරලා අපි ඒ ගැනයි අද දැනගන්න යන්නෙ.Ilha de Queimada Grandeදේශීය භාෂාවෙන් Ilha de Queimada Grande යනුවෙන් හඳුන්වන අත්ලන්තික් සාගරයේ පිහිටා තිබෙන ...