අපේ ගමේ රියල් බඩු Sirage Kamare සිරා කොලුවාගේ ගම් පියසේ රියල් බඩු දෙක තුනක් ගැන මම මෙයට පෙර වතාවක ලියුවෙමි. ඒ සියල්ලෝම මේ වන විට පස් යට සැගවී ගිය අයයි. මේ අයට අමතරව තවත් ගින්දර වැනි තරුණ බුවාලාද අපේ ගමේ අඩුවක් නැත. අන්න ඒ අය වෙනුවෙන් මේ ලිපිය වෙන්වෙයි.ෆස්ට් එක කියන්නෙ අපේ කොලු බලකායෙ මහා ෆයිලට් චරිතය රගපාපු, වලලු නැතුව ගස් වල ඇවිදින මාකස් ගොයියට කාලෙකට ...
ජීවන්ගේ මගුල් ගෙදර Sirage Kamare ජීවන් කියන්නෙ සිරා කොලුවා හා පුරා කියලා රැකියාවට ගිය තැන හිටිය ගොයියෙක්. ජීවන්ගෙ නම සිංහල නමක් වගේම තමයි. ඒත් වාසගමින් තමයි මිනිහා දෙමළ බව තව කෙනෙක් දැනගන්නෙ. කලු ජූලිය හෙවනෙ ඉපදුන එකෙක් නිසා ජීවන්ගෙ තාත්තා භය වෙන්න ඇති දෙමළ බව ඇඟවෙන පරිදි නම තියන්න. ජීවන්ට ඉතාම හොදට සිංහල කථා කරන්නත් හැකියාව තිබුන නිසා කිසිම කෙනෙක් මිනිහා දෙමළ කියලා කියන්නෙ නෑ. ...
හපුතලේ ගමන සහ ඉංග්‍රීසි සෑර් Sirage Kamare කලින් ලිපියෙන් බොලා අපේ ඉංග්‍රීසි සෑර් ගැන කියවූ නිසාම දැන් මේ චරිතය ගැන යම් දැනුමක් එකදු පහදු වී ඇති යැයි මගේ අක්මාව මට සන් කරයි. ඒ ඔස්සේ අතීතයට සිත මෙහෙයවමින් ඉංග්‍රීසි සෑර් සහ අප අතර තිබුන ඒ අකලංක ගුරු ගෝල සබඳතාවේ නැවුම් තොරතුරු සමුදායක් ඔබට තිළිණ කරන්නට කාමරයේ ලෑලි දොරට පයින් ගසා විවර කළෙමි.දැන් දැන් ඉරිදා දිනයන්හි පන්ති ගියද පන්තියේ ...
සිරාගේ ඉංග්‍රීසි සෑර් Sirage Kamare සිරා කොලුවා ඇතුලු උගේ මිත්තර නඩය උ/පෙ ලියා අවසන් කල කාල වකවානුව වන විට කඩ්ඩ පොලිෂ් වී තිබුනේ මඳ වශයෙනි. අනාගතයේ එල්ලවිය හැකි අභියෝග මෙන්ම, කිච වීම්, සාටර් වීම්, කොළඹ නංගිලා ඉදිරියේ ගොළු වීම් ආදී ගැටලු නිමක් නොමැති විය හැකි යැයි අපේ අක්මා වලට වේලාසනම දැනුන හෙයින් පාසල් ගමන අවසන් වන කල්හි අපි ඉංග්‍රීසි පන්ති ගාටන්නට පටන් ගත්තෙමු.අදින් දශකයකටත් එහා ...
ඩුබායි අන්දරය Sirage Kamare ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ? කාන්තාර ? ගෘහ සේවිකාවන් ? එහෙමත් නැත්නම් හොදට සල්ලි හම්බකරන්න පුළුවන් රැකියාවල් ? ඔන්න ඔය සේරටම වඩා මීට පස්සේ ඩුබායි කිව්වාම නදිනිගේ පෝස්ට් එක මතක් වෙන්න මේක ලියන්නයි මට ඕනි.මමත් ඩුබායි රටට ඇවිත් වැඩි කාලයක් නම් නෑ, හරියටම කිව්වොත් අවුරුදු 2 යි මාස ගණනක්...ඒ කාලේ ඇතුලත දැකපු අහපු දේවල් තමයි ඔයාලට මම කියන්න ...
සයිමන්ට හූ කියූ රවියා සහ අයුතු ජනරාශිය Sirage Kamare ඊයෙ පෙරේදා දවසක ඇඹිලිපිටියේ සිදු වූ ඛේදවාචකයෙන් පසු ලංකාවේ සාමාන්‍ය ජන සමාජය තුල වේගයෙන් පැතිරෙන නවතම වචනය අයුතු ජන රාශියයි. පොලෝසිය අත වරද තිබුනත් ඉහළින් ලැබෙන අණ පරිදි තමන්ගේ සහෝදර නිළධාරීන් වෙනුවෙන් සුදු හුණු ගාන්නට යන පොලෝසියේ මාධ්‍ය ප්‍රකාශක උතුමා ඔහුට කලින් රාජකාරි කොල උත්තමයා මෙන්ම විහිළුවක් බවට පත් වී ඇති ආකාරය දෙස සංවේගප්‍රාප්තව නෙත් යොමු කරමින් මේ ලියවිල්ල අරඹමි.මෙවැනි ...
වෙද රාළ සහ කලු ගාමිණී Sirage Kamare කවුද යකෝ ඔය පාහර කථාව කිව්වෙ....මේක එහෙනං වෙදාට ගිය ගමනෙ. ඌ කැමති දේවල් විතරද අපි කරන්න ඕනෙ. මට අහු උනොත් වෙදාගෙ හතර හන්දි දිග අරිනවා...අම්මපා....තදින් මිට මොළවාගත් දකුණත වරිච්චි බිත්තියේ අනිමින් කලු ගාමිණී සිත තුල පැන නැගී ඇති කෝපාග්නිය පිට කර හරියි. අත්ලේ පහසෙන් සැනහෙන බිත්තියේ මැටි අංශු වරින් වර බිත්තිය පාමුලට වැටෙන අයුරු කොස්තා බලා සිටියේ හොර බළල් තඩියෙකු ...
ඉංග්‍රීසි සෑර් නිසා කුජීත වූ සිරා කොලුවා Sirage Kamare ඉංග්‍රීසි සෑර් සමග සිරා කොලුවාට තිබුනු ගණුදෙනුව කවර ආකාරයේ එකක්දැයි මම දැන් ඔබට තරමක් දුරට වටහා දී හමාරය. එහෙත් මේ සටහන් කියවාගෙන යන ඇතමෙකුට ඇති වී තිබූ ගැටලු අතර සිරා කොලුවා රහමෙර පානය කර නිවසට පැමිණෙන විට මාපියන්ට හසු වූයේ නැතිද යන්න ප්‍රධාන විය. ඒ සඳහා පිළිතුරක් මෙන්ම ඉංග්‍රීසි සෑර් හා සම්බන්ධ තවත් මතක සටහන් සමගින් මේ ලියවිල්ල අරඹන්නට කැස ...
ඇපල් ගැන කථා Sirage Kamare රෝස පවුලට අයත් Malus Domestica නැමති කුළය යටතට ගැනෙන ඇපල් නැමති පළතුර ලොකු කුඩා සැමගේ ආදරය දිනාගත්, පළතුරු ලෝකයේ ඉහළම තැනක තිබෙන පළතුරකි. ඇපල් ගෙඩියේ ඇති වර්ණයත්, එහි සුවඳත්, එයටම ආවේණික රසයත් සෑම කෙනෙකුම මේ පළතුර වෙත ආකර්ශනය කරගන්නට සමත් වී තිබේ. වර්තමානය වන විට ලෝකය පුරාම මහා පරිමාණයෙන් අැපල් වෙළඳාම සිදුවන අතර ලෝක ඇපල් නිෂ්පාදනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ...
මල්ලක් එල්ලගෙන මැලේසියාවේ MATTA පොලේ යමු Sirage Kamare MATTA FAIR යනු මැලේසියාවේ සංචාරක අංශයට අදාළව වසරකට දෙවරක් පැවැත්වෙන අති දැවැන්ත ප්‍රදර්ශනයයි. Malaysian Association of Tour & Travel Agents යන්න ලඝු වීමෙන් MATTA යන වදන සැකසී තිබේ.සංචාරක අංශය කර්මාන්තයක් ලෙස ලෝක මට්ටමෙන් පෙරට ආවේ 90 දශකයෙක් පසු බව මගේ අදහසයි. ගුවන් යානා සමාගම්, ගුවන් තොටුපල වල යටිතල පහසුකම් දියුණු වීමත්, ගුවන් යානාවන්හි තාක්ෂණ ක්‍රමවේදයන් වැඩි දියුණු වීමත් ඒ සඳහා ...
සිතියමක් සමග පැය 24 ක් Sirage Kamare ඕන්න ඉතිං දෙයියනේ කියලා බොලාට අලුත් කථාවක් ඇද බාන්න සිරා කොලුවා ලෑලි දොරට පයින් එකක් ගහලා විවෘත කොරගෙන කාමරේට ආවා. පහුගිය දොහේ හවස් යාමෙ බොහොම තදට අහස් දිය ඇඳගෙන වැටුන හින්දාමදෝ කාමරේ ඇතුලෙ බොහොම හීතලයි. ඒ හීතල පයිසෙකට මායිම් කොරන්නෙ නැතුව අපි එහෙනං කථාවට බහිමු.2008 - 2011 කියන කාල වකවානුවෙ ලංකාවෙ මුල් පෙලේ බාහිර ප්‍රචාරන ආයතනයක ඩිසයිනරයෙක් විදියට තමයි සිරා ...
මැලේසියාවේ අභිමානය පෙට්‍රොනාස් Sirage Kamare අවසන් ජාලෙන් පෙරලපු ලිපියෙන් අපි විස්තර දැනගත්තෙ අයිෆල් කුළුණ ගැන..ඒ සඳහා ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. බොහෝ පිරිසක් ලිපියේ අන්තර්ගතය ගැන ප්රශංසාත්මකව කථා කලා. සමහරු අදහස් දක්වලා ඊයක් දෙකක් විද්දා. ඒ නිසාම මෙදා වාරෙ සිරා කොලුවා කල්පනා කලා මම නොදුටු දෙයක් වෙනුවට මට දිනපතාම සේවයට යද්දි එද්දි දකින්න ලැබෙන ඉඳිකිරීමක් ගැන විස්තර බොලාට කියන්න.ඒ තමයි මැලේසියාවෙ අගනුවර වන ක්වාලාලම්පූර් නුවර බොහෝ ...
දෑස් Sirage Kamare ලොකු දුවට දරුවා ලැබී වසරකට පසු, ලංකාවට පැමිණීමත් සමග තමන් එහි යෑම ඒම කෙමෙන් අඩු වී ගියේ යයි විමලජීව මා හා පැවසීය. සිදු විය යුත්ත නම් තම දරුවකුට දරුවකු ලැබුණු පසු සීයා කෙනෙක් වශයෙන් නිරන්තරව ඔවුන් හා ගැවසීම වුවද විමලජීව කලේ හෝ ඔහුට නොදැනීම සිද්ධ උනේ එහි අනෙක් පැත්තය.දුවගෙන් පමණක් නොව තමා බිරිඳගෙන්ද දුරස් වී ඇති බව ඔහු කීවේ වේදනාවෙන් ...
OIC සමග අඩියක් ගැසීමි Sirage Kamare ආම්ස්ට්‍රෝන්ග් යනු සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙකි. අප දෙදෙනා අතර මුල්ම හමුවීම සටහන් වූයේ තූර්ය වාදක ඛණ්ඩය තුලදී බව මට මතක තිබේ. ඒ කාලයේ ගමනේ යාම පුහුණු වන විට ආමාගේ අත් අනෙක් උන්ට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා මේ ආකාරයේ නමක් එකාට පට බැඳිනි.අාම්ස්ට්රෝන්ග් යන්න ඇසූ විට එක්වරම මතකයට එන්නේ හඳට ගිය ආම්ස්ට්‍රෝන්ග් වුවත් අපේ ආමා ඒ ආම්ස්ට්‍රෝන්ග් ගැන අසා නැති ...
අතින් කයිට් වැඩි ලාභ අඩු ජීවන්තයා Sirage Kamare හේවගේ ජීවන්ත කියන්නෙ සිරා කොලුවගෙ හොඳ බොක්කක්...ඒ කිව්වෙ සැපට දුකට දෙකටම ඉන්න ඉතාම කිට්ටු මිත්තරයෙක්. බොලා මීට කලින් එක වතාවක් මේකා ගැන සිරාගෙ කාමරෙන් කියවලා තියෙනවා. ඒ කාලෙකට ඉස්සෙල්ලා ගියපු මී මුරේ චාරිකාව ගැන මම ලිව්ව සටහනින්.ජීවන්තයා මට මේ ආත්මයෙදි ඉස්සෙල්ලාම මුණ ගැහුන හැටි මට තාම හොඳට මතකයි. සිරා කොලුවා සිස්සත්තෙ ලියන අවදියෙ උදේ හවස කිලෝමීටර් දෙකක් පමණ වෙච්ච දුර ...
බන්දුල බාප්පා Sirage Kamare කවුද මේ නොසන්ඩාල අවලං වැඩේ කරපු එකාලා...හොයාගෙන ඇවිත් කන පැලෙන්න දෙන්න කලිං මේ කාර් එකේ ලියලා තියෙන කුණු කථා ටික මකනවද නැද්ද ?මේ වෙඩිම සිරා කොලුවාගේ ඥාති සහෝදරයෙකු වන අතුල අයියාගේය. උගේ ජීවිතයේ ලස්සනම දවස ජල්තර කරන්න හදන්නේ කවුද ඩෝ...සිරා කොලුවාගේ සිංහයා ඇතුලු හදේ අවදි වී ඇති සෙයකි.අත පය දෙපසට වනමින් කෑ ගසනා චරිතය දුර තියා හදුනාගැනීමට අපහසු නැත. ඒ ...
නවරත්න සහ පද්මිණී Sirage Kamare රත්නයො තෝ කොහෙද බොල මක බෑ උනේ...ඉක්මනට වරෙංකො තේ එක හදාගෙන.තමා අත හැර ඉවතට ඇදෙන සිගරට් දුම දෙස බලා සිටිමින් කෑ මොර දෙන ඩගී මහත්තයාගේ හඩ පැල් කොටය අස්සේ සිටි නවරත්නට ඇසුනේ යන්තමිනි. ඉදහිට දවසක හේන පැත්තේ එන ඩගී මහත්තයා මුදලාලිගේ ගජ මිතුරා බවත් සිගරැට්ටුවක් පත්තු කරනා සෑම විටකම වාගේ තේ කෝප්පයක් තොල ගෑමේ පුදුමාකාර පෙරේත කමකින් පෙලෙන බවත් හේනේ ...
අහිමි පෙම සහ මම Sirage Kamare බූට් මාසය වෙනුවෙන් දාලා තිබුන ඔක්කොම ලිපි ටික කියෙව්වා. ඉතින් මමත් හිතුවා මගේ කථාවත් සිරාගෙ කාමරේට කියන්න ඕනෙ කියලා. මගේ කථාව මෙතැන පලවුනු අනිත් කථා වලට වඩා වෙනස් උනාට වින්ද වේදනාව නම් වෙනසක් නෑ. මේ කථාව නම් ගොඩාක් පරණ කථාවක්. face book, Skype විතරක් නෙවෙයි ජංගම දුරකථන වත් ඒ කාලෙ තිබුනෙ නෑ. (ගඩොල් භාගෙ cellphone එකක් ලක්ශ 1.5 යි.)මම ඉස්කෝලෙ ...
බංගලි සහ බංග්ලාදේශය Sirage Kamare බංග්ලාදේශය වර්ග කිලෝමීටර් 144000 කට ආසන්න රටකි. එහි අගනුවර ඩකාය. මුදල් වර්ගය ටකාය. ප්‍රධානම ආදායම් මාර්ගය ඇඟලුම් අපනයනයයි. එය ලෝක නිෂ්පාදනයෙන් 27% කි. මෙහි තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා වල කළමනාකරුවන්ගෙන් 50% ක් පමණ ශ්‍රී ලාංකිකයෝ වෙති. මෙයට වසර දෙකකට පෙර මා මේ රටට පැමිණියේ අගනුවර ඇති ප්‍රධාන ඇඟලුම් ආයතනයක ආරාධනයෙනි. මේ වසර 2ක කාලය තුල මා ලද අත්දැකීම් ඇසුරු කොට ...
මම තවමත් එයාට ආදරෙයි Sirage Kamare සිරාගේ කාමරයට......ඉතින් සිරා...මමත් හිතුව මගේ දුක් බර කථාවත් සිරාගෙ කාමරයට ලියන්න..ඒක ලියන්න කලින් මම මගේ ගැන කෙටියෙන් කියන්නම්. මම ගාල්ලේ. මීට අවුරුදු තුනකට කලින් තමයි මම ඇමරිකාවට ආවේ. සේවය කරන්නෙ ඉදිකිරිම් ආයතනයක සැලසුම්කරුවෙක් විදියට. මගේ ආදර කථාව මෙන්න මෙහෙමයි.මම ඉතින් ඔහොම වැඩ කරගෙන හිටියා. ඒක පුදුම ඒකාකාරි ජීවිතයක්. උදේට වැඩට යනවා. හවසට එනවා. කාමරේ බිත්ති හතරට කොටු වෙලා ඔහේ ඉන්නවා. ...