මහා බත් දන්සැල සහ වෑන් පිනුම් Sirage Kamare සුමියා මෙන්න මෙහෙ දීපන් ඔය කුළුගෙඩිය...උඹට දැන් මහන්සියි වගේනෙ...සුමියගෙ අතේ තිබුන ආයුදේ දෙලා අතට යන්නත් එතනින් කිත්තා අතට යන්නත් තවත් ටිකකින් ඩොනා අතට යන්නත් ඊටත් පස්සෙ බැල්ලි අතට යන්නත් මහ වෙලාවක් ගියේ නෑ. හැම එකාම පහර කීපයක් අවසානයේ හැති දාන්නෙ මහ දවාලෙ රස්නෙ ඉවසගන්න බැරුව බලු නකුටෙක් කට ඇරගෙන ඉන්න විදියට.මෙන්න මේ ගැටේ තියෙන තැනට කූඤ්ඤෙ තියලා ගහපිය.අනේ පලයන් සුමියා...උඹ ...
මැලේසියාවේ වෙසක් අසිරිය Sirage Kamare වෙසක් දිනයත් ගෙවී ගියේය. ලංකාවේ සිටියා නම් මේ දින කීපය ඉතා රසවත්ව ගෙවෙනු ඇත. දන්සැල්, තොරණ, වෙසක් කූඩු මෙන්ම වෙසක් සිරි නරඹන්නට ඒ මේ අත සැරිසරන මහා ජනකාය අතර මටද ඉඩක් තිබෙන බව සිහිවෙන සෑම වාරයකම මගේ සිත වෙසක් සිරි නැරඹූ අතීතයේ තැනක නතර වෙයි.මැලේසියානු දින දර්ශනයට අනුව මෙවර වෙසක් දිනය යෙදී තිබුනේ මැයි මස 13 වෙනි අගහරුවාදාටය. ඒ අනුව ...
හිරවී,තෙරපී,බැණුම් අසාගෙන කපිලවස්තුපුර ධාතු වන්දනා කළෙමි Sirage Kamare ඊයං සල්ල නිධානේ බුදස භගවතේ සකියානං සුකිත් හතානන් සහගිනිකානං සපුතදලානංඉංග්රීසි ජාතික ඩබ්ලිව්.ඩී. පෙප්පේ මහතා 1898 දී උතුරු ඉන්දියාවේ පිපරපවා ප්‍රදේශයේ ඉපැරණි නටඹුන් සහිත ස්ථානයක කළ කැණීමකදී ඔහුට හමුවූ සබන් ගල් කරඩුවක වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ භෂ්මාවශේෂ පිළිබදව ශාක්‍යයන් මෙයට වසර 2600 කට පමණ පෙර ලියා තිබුණේ එසේය.ශාක්‍යයන් විසින් ක්‍රි.පූර්ව පස්වැනි සියවසේදී පිළිස්සූ ගඩොලින් තැනූ චෛත්‍යයක් තුළ ඒ මහාර්ඝ වූ භෂ්මාවශේෂ ...
දිඹුලාගල දෙසට හැරෙමු ! Sirage Kamare උතුරුමැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන දිඹුලාගල පුරවරය ඉතාම ඈත ඉතිහාසයකට නෑකම් කියන ඓතිහාසික පුරවරයකි. විජයාගමනයට පෙර මේ ප්‍රදේශයේ විසූවෝ යක්ෂ හා නාග ගෝත්‍ර වලට අයත් වූ බැව් පුරවිද්‍යාව පිළිබඳ කරුණු ගෙන හැර බලන විට දැනගන්නට ලැබේ. මේ කියන ඉතිහාසයේදී යක්ෂපුරය ලෙස වර්තමාන දිඹුලාගල පෙදෙස හඳුන්වා දී ඇත. විජය කුමරුන් ලක් දිවට පැමිණෙන සමයේ මහාසේන නම් ප්රාදේශීයව බලවත් යක්ෂ ගෝත්‍රික ...
මා දුටු ඉන්දියාව Sirage Kamare මම වසර 6 කට මඳක් වැඩි කාලයක් අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගර කීපයකම සේවය කලෙමි. ඉන්දියාව යනු රටක් නොව මුළු ලෝකයම යැයි සමහරු කියනවා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ. භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අති විශාල මේ රට පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් මගේ අත්දැකීම් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.මට ඉන්දියාව බල යාමට සිදු වූයේ මා ...
අයිෆල් කුළුණ සහ නෑසු කථා Sirage Kamare යුරෝපා මහද්වීපයේ පිහිටි ප්‍රංශය නැමති රට නම් ගම් ජාතික ධජ කිසිවකින් තොරව ජාත්‍යන්තරයේ හඳුන්වාදෙන්නට එක් සංඛේතයක් හොඳටම ප්රමාණවත්ය. එය 1889 දී පැරිස් නුවරදී විවෘත කල අයිෆල් කුළුණයි. අයිෆල් කුළුණ ඡායාරූප ආදියෙන් දැක එක්වරම හඳුනාගන්නට හැකි මට්ටමේ බොහෝ දෙනෙක් සිටියද, මේ දැවැන්ත නිර්මාණය ගැන තතු දන්නෝ අල්පය. ඔබේ දැනුමට යමක් එකතු කරමින් අද ජාලෙන් පෙරලා මම ඔබට කියන්නේ අයිෆල් කුළුණ පිළිබඳවයි.ජාත්‍යන්තරයේ ...
ක්ෂය රෝගය සමග දෙදිනක් Sirage Kamare මැලේසියාවේ මා සේවය කරන ආයතනය සංචාරක කර්මාන්තයට අදාළ එකකි. මෙමගින් ඉටුකෙරෙන ප්‍රධාන සේවා දෙකක් වෙයි. මෙරට පුරවැසියන් වන මැලේසියානුවන් වෙත තමා කැමති රටකට සංචාරයේ යෙදෙන්නට පහසුකම් සැලසීම සහ වෙනත් රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට සිය සංචාරයට අදාළ හෝටල්, ප්‍රවාහන, ගුවන් ටිකට් පත් ඇතුලුව සියලුම පහසුකම් සැපයීම ඒ කාරණා දෙක ලෙස සරළව දැක්විය හැකිය.ලංකාවේ සංචාරකයන්ට අමතරව පකිස්ථානයේ සිට මැලේසියාවට පැමිණෙන සංචාරකයන් ...
ලුණු මිනිසා (The Salt Man) Sirage Kamare සෝඩියම් ක්ලෝරයිඩ් වලින් සමන්විත වන ලුණු සත්ව ප්‍රජාවගේ පැවැත්මට ඉවහල් වන ඛනිජ විශේෂයකි. නමුත් ඒ සුළු ප්‍රමාණයෙනි. ලුණු වැඩි වශයෙන් පරිභෝජනය ශරීරයට අහිතකර වන අතර රසකාරකයක් ලෙස ලෝකය පුරාම ලුණු භාවිතා වෙයි. ඊට අමතරව ආහාර ද්‍රව්‍ය කල්තබාගැනීමටද ලුණු වල සහාය ලබා ගනී. ලුණු යොදා කල්තැබීම සිදු කරන දෑ අතර මස් මාළු ප්‍රධාන තැනක් ගනී.ලුණු වල ඉතිහාසය සොයා බලන විට එය ...
සිංහරාජෙ ඇතුලට යමුද ? ( සිංහරාජෙ පැත්තෙ යමුද 2 කොටස) Sirage Kamare මෙහි පළමු කොටස කියෙව්වේ නැතිනම් මෙතැනින් කියවන්න.සිංහ රාජයේ හැකරැල්ලා ලංකාවට ආවේණික නැතසුපිරිසිදු ජලය සහිත දොල පහරමකුලු විශේෂයක්අපගේ මගපෙන්වන්නා වූ අජිත් අයියා ඉතා සුලු වේලාවක් තුල අප හා ඉතා සුහද වු අතර ඔහු සිංහරාජයට යාබද ගමක අයෙකි. මගපෙන්වන්නන් අලුතින් බදවා ගැනීමේදී අසල්වාසී තරුණයන්ට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ කුඩා කල සිට ඔවුන් මේ ප්‍රදේශයේ ගහකොළ, සතා සීපාව හදුනන නිසාය.මෙම තනතුරට පත්වීමට පෙර ඒ ඒ ...
පන්සලේ අපි කල පාඩම් 2 ( බූලා අහු වුනු හැටි ) Sirage Kamare කාමරේ නිදියගෙන හිටිය රුවන් වෙඩි වැදුන ඌරෙක් වගේ එකසැරේම පාඩම් කරන තැනට දුවගෙන ආවෙ කාටද බන් යකා ගැහුවෙ කියලා අහගෙන... ඌත් එක්කම ආවා පන්සලේ හැදෙන පින්ගොනා වගේ ඉන්න බොක්සර් වර්ගයේ දඩෝරියා.....මේකා පන්සලේ ඉන්න නිසා හරිම හීලෑයි... අපිත් ඉතිං පාඩම පැත්තක දාලා අඩියට දෙකට අතට අහුවෙන ඉදල, කොස්ස, සවල,රේක්කෙ ආදිය අරගෙන පන්සල් වැට පැන්නා...දඩෝරියත් අපිත් එක්ක ආවා...ඔන්න ඔතනින් තමයි පළමු කොටස ...
සමන්තගේ ඇත්ත කථාව Sirage Kamare අපි ඔහුට සමන්ත කියා කියමු. එය ඔහුගේ නියම නම නම් නොවේය. මේ කථාව ඔබට කියන්නට සිරා කොලුවා වන මවිසින් යෙදූ ආරූඩ නාමයකි සමන්ත. සමන්ත මා දන්නා කාලයේ සිටම ජීවත් වූයේ ගම්පහ නගරයට ආසන්න, නමේ අගට වත්ත යනුවෙන් කියවෙන තැනකය. මෝල වත්ත, නැබඩ වත්ත, රඹුටන් වත්ත, UC (Urban Council) වත්ත ගම්පහ නගරයට ආසන්නයේ තියෙන එවැනි වතු කීපයකි. ඉන්තේරුවටම සමන්තගේ නිවස පිහිටා ...
පොලිසිය සහ හැංගිමුත්තන් Sirage Kamare මේ පැත්තට තමා ආවෙ...අත අරින්න නරකයි. ඌ කවුරු කියලා හිතුවද දන්නෙ නෑ අපි දෙන්නා....පොලිස් නිලදරුවන් දෙදෙනෙකු පොලිස් බයිසිකලයකින් අල්ලපු ගෙදර පිළිකන්න දිගේ පසුපසට යන භීතිය කැටි වූ ත්‍රාසජනක දර්ශනයක් දැකලා තමයි කාමරේ උන්න සිරා කොලුවා එළියට පැන්නෙ.ඡායාරූපය asiafoundation.orgහත්වලාමෙ මේ මොකද මේ...කාන්තා දූෂණයට නම් දරාපු උන් වත්, කසිප්පු පෙරන, මාල කඩන, කුඩු විකුණන උන් වත් අපේ ගමේ නැති කොට මොකද මේ ...
සිංහරාජෙ පැත්තෙ යමුද ? Sirage Kamare සිරා වන මා හට ඇත්තේ අමුතුම අසනීපයකි...එනම් වසරේ කාර්තුවකට වරක් දිගු දුර මෙහෙයුමක් හෙවත්... මාගේ ඇන්ටික් බයිසිමොටෝවෙන් සිරිලංකාවේ අප නොගිය ඉසව්වක් කරා යාමට ඇති වන දොළදුක මේ අසනීපය ඇතිවීමේ ප්‍රධානම ලක්ෂණයයි. මටම හරියන මිතුරු කැළක්ද සිටීමෙන් මේ ආශාවන් සන්තර්පනය කර ගැනීමට සිරා හට එතරම් වෙහෙසිය යුතු නොවේ.වට්ටාරම, රංටැඹේ,පාහියංගල, කැකිරාව,අව්කන, මුන්නේස්සරම ආදී ප්‍රදේශ මීට කලින් මෙලෙස සංචාරය කර තිබේ. නිසි කාල ...
අරංතලාවේ ඛේදවාචකය Sirage Kamare අරංතලාව ස්මාරකයපොරොන්දුවක් වී නම් එය ඉටුකල යුතුමය.. එසේ නොහැකිනම් පොරොන්දු නොවී සිටිය යුතුය. දින හතරේ ආගිය තොරතුරු 4 වන කොටසේදී අරංතලාව ගැන පසුව ලියන්නට සිරා පොරොන්දු විය.මේ ඒ පොරොන්දුව ඉටුවන දවසයි. මේ පෝස්ටුව අග කොටස දක්වාම කියවන්න.. මන්ද මෙහි වැදගත්ම අපේක්ෂාව ඇත්තේ අග කොටසේ හෙයිනි. අවවාදයයි - වඩා සංවේදී හදවත් ඇති අය මෙහි ඇති ඡායාරූප මගහැර පෝස්ටුව පමණක් කියවන්න.කොටි ත්‍රස්තයා ...
70 දශකයෙන් සමුගනිමු | Lets Depart From The Decade of 70 Sirage Kamare 70 දශකයේ අප නොදුටු සුන්දරත්වය නැවතත් බ්ලොග් අවකාශයට රැගෙන පැමිණීමට සිරා කොලුවාට පසුගිය දිනක හැකිවූයේ ඩග්ලස් කැම්බල් මහතා නිසාවෙනි. එතුමාගේ ඡායාරූප ඇතුලත් කොට මවිසින් පලකල ලිපිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. ඒ පිළිබද ලියූ ලිපිය අවසානයේ නැවතත් 70 දශකයේ ඡායාරූප පෙලක් සමග හමුවෙමු යැයි මා කීවද පසුගිය බක් මාසය පුරාම ඒ සදහා ඉසිඹුවක් නම් නොලද්දෙමි.වෙසක් මස උදාවූ ඇසිල්ලේ නැවතත් ඒ ...
හොල්මන් Sirage Kamare හොල්මන් කියන වචනය ඇහුනත් පොඩි කික් එකක් තියෙනවනෙ බොලං..නැද්ද මම අහන්නෙ. හෙලවෙන මනස කියලනෙ දැන උගත් වැඩිහිටියො මේ වචනය අර්ථ දක්වන්නෙ. හැබෑටම සිරා කොලුවත් හොල්මනක් දකින්න හරි ආසාවෙන් කාලයක්ම බලා උන්නා. ඒත් අඩුගානෙ මෝහිණී තියා මෝහිනීගෙ අත දරුවා වත් දකින්න විදියක් නැති උනා. අනේ මල්ලි මේ දරුවා වඩා ගන්න කියලා මෝහිණී මට කිව්වොත් නම් මම කියන්නෙ අක්කා ඔහොම ඉන්න මම ...
කිරි අම්මා නික්ම ගියාය Sirage Kamare අනිච්ඡාවත සංඛාරා, පණ නම් තණ අග පිණි බිදු වැන්නේ, ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ (ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකකි), හා සංයොගා වියෝ ගන්තා (සෑම හමුවීමකම වෙන්වීමක් ඇත)නානා ප්‍රකාර අදහස් රැගත් මරණ බැනර් ධවල පැහැයෙන් නිවෙස වටා දිවෙන කොළ පාට දැලේ එල්ලී ඇත. ඇගේ අවසන් කටයුතු වලින් ඉක්බිති ගෘහය පුරා තවමත් ඇත්තේ වචනයෙන් කිව නොහැකි පාලුවකි. නිවැසියෝ තැන් තැන් වල කල්පනා ශරීරයෙන් සිටින අතර ...
එලොව දැක මෙලොව ආ දවසක් Sirage Kamare ජලාශ වල දියනෑමට, ක්‍රීඩා කිරීමට බාල මහලු හැමෝම කැමතියි... ජීවිත අවධානම අඩු කරගෙන විනෝද වෙන්න නම් පිහිනීමට හැකිවීම ඉතා වැදගත්. හදිසි අවස්ථාවක එමගින් ලැබෙන පිළිසරණ අපමනයි. පීනන්න ඉගෙන ගන්න කාලෙ සිරාට වෙච්ච සිදුවීමක් තමයි අද සිරාගෙ කාමරෙන් හෙළි කරන්න යන්නෙ.ඒ සිදුවීම මතක් වෙද්දි තාමත් මගේ ඇග ගැහෙනවා වගෙයි... මරුවා දැක දැක තාත්තගෙ පිහිටෙන් නැවතත් මෙලොව වෙසෙන්නට අවස්ථාව ලද ඒ උද්වේගකර ...
බුලතා සෙනෙවියා සහ සොරබොර වැව Sirage Kamare සොරබොර වැවඈතින් පෙනෙන කදු පෙදෙසට තමයි ඉහත්තෑව කියන්නෙලංකා ඉතිහාසයෙහි මහත් කාය ශක්තියෙන් යුත් යෝධ පුරුෂයින් ගැන සදහන්ව ඇත්තේය. දුටු ගැමුණු රජුගේ නන්දිමිත්ර ආදී දස මහා යෝධයින් ගැනද, එළාර රජුගේ දීඝජන්තු ආදී මහා යෝධයින් ගැනද, ගජබාහු රජුගේ නීල මහා යෝධයා ගැනද විශ්මයජනක කරුණු ඉතිහාස පොත්වල දක්නට ලැබේ. දුටු ගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ට අමතරව යුද්ධ හමුදාවට එක් වූ යෝධයකු පිළිබද ජන ...
පටි ජොකා Sirage Kamare ඔන්න සිරා තවත් නැවුම් දවසක දහසක් බලාපොරොත්තු හදේ දල්වාගෙන කාමරේ දොර ඇරියා.. කොයි කථාවද අද කියන්නෙ කියලා කම්පනා ලෝකෙ සැරිසරන කොට මෙන්න මේ කථාව මතක් වුනේ... මේ සිදුවීම වුනේ සහශ්‍රය ලබපු ගමන්.. ඒ කියන්නෙ අදින් දශකයකටත් එහා... ඒ වෙද්දි සිරා උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න අවදිය.. අධ්‍යාපනය වගේම බෑන්ඩ් ජීවිතයත් සමබරව ගලාගෙන ගිය කාලයක්...අපේ වැස්ටර්න් බෑන්ඩ් එකේ 1997 වසරේ නියාමකයා ...