දෙණියායේ බේබඳු කථාව Sirage Kamare ඉංග්‍රීසි සෑර්ගේ කථා මාලාව කියවා තිබෙන සිරාගේ කාමරයේ පාඨක ප්‍රජාවට දැන් ඒ චරිතය ආගන්තුක නොවෙයි. ඉංග්‍රීසි පන්තිය අතරතුර දළුලා වැඩුන පරම පවිත්‍ර හිතවත්කම නිසාම සෑර්ගෙන් අපට නොමිලේ ලැබුන රහමෙර පදම ඉක්මවා යද්දී ගෙදරින් තහංචි වැටුන ආකාරයත්..සිරා කොලුවාගේ පියා එල්ල කල අනුකම්පා විරහිත කනේ පහරත් බොලාට මතක ඇතුවාට සැක නැත.වේලාසන නොතිබූ ආකාරයේ විරෝධතාවක් ඇතමෙකුගේ නිවෙස් වලින් එල්ල වන කල සෑර්ට කලින් ...
මස්සිනා Sirage Kamare කාලවර්ණ දේහයකට හිමිකම් කියන මස්සිනා ඕනෑම අයෙකුගේ සිත් දිනා ගැනීමට සමත් පුද්ගලයෙකි. සිරා කොලුවා නොරටක සිට රැකියා අහේනියට ලක්ව ඒ මේ අත ගිය ගමනේදී මස්සිනා සේවය කල සේවා ස්ථානයෙන් රැකියාවක් ලැබුනු හෙයින් අපේ අද කථා නායකයා සමග සති දෙකක් පමණ ගත කරන්නට මා හට අවස්ථාව ලැබිනි. වයස අවුරුදු 25 කට මදක් වැඩි ඔහුගේ නියම නම අන් එකක් වුවත් බොහෝ අය ...
මම සහ ඇමරිකාව Sirage Kamare සිරා කොලුවා කියපු නිසාම ඔන්න මමත් හත්වෙනි ලිපියට සටහනක් ලියනවා. කාලෙකට පස්සෙ ලියන නිසා හරිම කම්මැලියි. ඒත් පොරොන්දු උනා නම් ලියන්නම එපැයි. අනික මාතෘකාවත් Coming Soon ලෑල්ලෙ දාලා තියෙද්දී. මගේ මූණු පොතේ ඉන්න යාළුවො නම් දන්නවා ඇති දැන් මං ජීවත් වෙන්නේ ලංකාවේ නොවන බව. මහත්තයා රස්සාව කරන්නේ ඇමෙරිකාවේ නිසා මටත් එහෙට යන්න සිද්ධ උනා. ඉතිං සිරාගේ ආරාධනාව උනේ ඒ රට ...
අපි නොදන්න Mujahid Sirage Kamare නාදුනන කෙනෙක් දුටු පමණින් ඔහු හෝ ඇය කෙරෙහි ලෙංගතු කමක්, හුරු පුරුදු ගතියක් දැනෙනවා නම් ඒ අැත්තන් පෙර සසරක හෝ අප සමග සමීපව සිටි අය බවට විශ්වාසයක් බොහෝ අය අතර තියෙනවා. මේ අත්දැකීම පුද්ගලිකව මමත් කීප වතාවක්ම විද තිබෙන බව මතකයි. අප මේ ගමන් කරනා දිගු සංසාර ගමන් මගේ එක් නවාතැන් පලක ඔබ හා මා දැන් නතර වී සිටියත් මරණෙන් ...
අමන්දි Sirage Kamare ලා දම් පැහැය තවත් නිමේෂයකින් තද දම් පැහැයට හරවා අවසානයේ දිය බිදිති එකින් එක පොළව කරා එවන්නට අහස් කුස සමත් වූවේය. දුර ඈතක සිටින පෙම්වතෙක් තම පෙම්වතියට තෑගි එවන්නා සේ පොළෝ තලයද ඒවා මහත් හරසරින් වැළද ගනියි. උසස් පෙල පන්ති යන එන කොල්ලන් කෙල්ලන් එක කුඩයක් යට ගුලිවී යනෙන දසුන වර්ෂාවෙන් බේරෙන්නට කේක් කඩය අද්දර සිටින කසුන්ගේ නෙතට සමීප වෙයි. ...
කමලා නිසා අඟලාගෙන් ගුටි කෑ වීර චොපා Sirage Kamare සිරා කොලුවා 9 කැලෑසියේ ඉගෙනගත්ත කාලෙ අපිට විද්‍යාව විෂය ඉගැන්නුවෙ සුගතදාස කියලා සෑර් කෙනෙක්. මෙතුමා බොහොම මිටි කෙනෙක් හින්දම අපිට කලියෙන් එතුමාගෙන් ඉගෙනගත්ත කුපාඩි කොල්ලො අඟලා කියලා විකට නාමයක් එතුමාට පට බැදලා තිබුනෙ.අපි ඉතිං ඔය කියන කාලෙ කොට කයිසං අදින සූටි එව්වො වෙච්චි කොට සෑර්ට කවදාවත් අඟලා කියලා කථා කොලේ නෑ එතුමා ලගපාතක ඉන්න වෙලාවට. සිරා කොලුවා හිටියෙ 9 F ...
බොඩි ගාඩ්ලා සමග යන එන සුදු රයිනෝ Sirage Kamare මනුසතා යනු අරුම පුදුම සතෙකි. අප ජීවත් වන පෘථිවිය මනුසතා වෙනුවෙන් පමණක් බිහි වූවක් නොවුනත් මිනිසා සිතන්නේ එය තමාගේ බූදලයක් බවයි. එහි වෙසෙන අවශේෂ සත්ව ප්‍රජාව, තුරු ලතා මනුසතාගෙන් අනේක ගැහැට විඳියි. වෙනත් සත්වයන්ට නැති තරමේ බුද්ධියක් මේ අරුම පුදුම මනුසතාට ලැබීම අනෙක් සත්වයන්ගේ ආයුෂ කෙටි කර ඇති සෙයකි. මහා ලොකු බුද්ධියක් තිබුනා වුවත් ඒ බුද්ධියෙන් තමාගේ සුඛවිහරණය පමණක් සලකන ...
පන්සලේ අපි කල පාඩම්.... Sirage Kamare අද කියන්න යන්නෙ 2001 වර්ෂයෙ සිදුවුන අවාසනාවට ඇත්ත කථාවක්... මේ වසරෙ සිරා අ.පො.ස උ/පෙ විභාගයට පෙනී සිටි නිසා බොහොම වැර වීරියෙන් පාඩම් කරමින් සිටි කාලයක්... ගෙදර වටේම උන් රාත්තිරියට මහ හයියෙන් ටෙලි ජවනිකා ආදිය බලන නිසා සිරා ඇතුලු මිතුරො සැට් එක සෙට් උනා පාඩම් කරන්න අපේ පළාතෙ පන්සලකට... මේ කියන පන්සලේ නායක හිමියනුත් ඒ අවදියේ අපේ පාසලේ ගුරු මණ්ඩලයේ සේවය ...
ගංජා සහ ඇගිල්ල Sirage Kamare ඔන්න අද සිරාගෙ කාමරෙන් කියන්න යන්නෙ මෙතෙක් කල් කියපු නැති අමුතුම තාලෙ කථාවක්. මේ කථාවෙ පුක කියන ඉතා දරැණු කුණුහරැප වචනෙ යෙදෙන නිසා මෙතනින් එහාට කියැවීම හෝ නොකියවීම ඔබ සතුය.. පස්සෙ හෙම මට ගහන්න සිරාගෙ පස්සෙන් එළවන්න හදන්න එපා ඔන්න, මොකද මම වේලාසනම ඒ ගැන කියා ඇත.සිරාගෙ ගෙදර වත්තෙ තියෙන පොල් ගස් හතර පහ අවුරැදු 30 කට වඩා පරණයි... ඒ ...
දුක දිනූ බිලියන පතියෝ Sirage Kamare දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු සේ මියයාම ඔබේ වරදකි යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ කියමනේ හිමිකාරයා වර්තමාන ලෝකයේ ඉහළම ධනවතා බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නට පුලුවන. දෙමාපියන් එතරම් වත් පොහොසත් කම් ඇති අය නොවුනත් තමන්ගේ මහන්සියෙන් ධනය රැස්කර ධනවතෙකු වීමට එය බාධාවක් නොවේ යන්න මේ වාක්‍යය තුල සැඟවුන අරුත වෙයි. මේ කාරණය ඔප්පු කරනා සත්‍ය කථා ප්රවෘත්ති සිය ...
ඇක්ස්ට්‍රා ස්පෙෂල් සමග දන්සැල් කෙරුවාව Sirage Kamare වෙසක් අහවර උනාට දන්සැල් කථා තවම අහවර නෑ. සිරා කොලුවා ඇතුලු ගමේ නඩේ ඉස්සර දවසක පවත්වපු බත් දන්සැලේ ජාතකේ යම් තරමකට මම බොලාට කිව්වා නොවැ. එදා කියන්න බැරිවුන මේ කතන්දර ටික කියනකං මගේ කට කොකියනවා. ඒ හින්දම මේ කථා ටිකත් කියලා දන්සැල් කථා අහවර කරන්නයි සිරා කොලුවගෙ මේ වෑයම. ආයෙම දන්සැල් කථා කියන්නෙ ඊලග අවුරුද්දෙ.පින්තූරය මෙතැනින්අපේ බත් දන්සැල සදහා ගමේ ...
අදින් පස්සෙ උඹ මගේ කෙල්ලෙ.. Sirage Kamare ඔන්න සිරා අද කියන්න යන්නෙත් වෙනස් කථාවක්... අලුත් කථා අහන්න, කාමරේට එන ඇත්තො බොහොම මනාපයි කියලා දැනගත්තට පස්සෙ ඒවායින් තව එකක් කියන්නයි මේ වෑයම... මම මේ කියන්නෙ මීට දශකයකට එහා වෙච්ච සිදුවීමක්. සිරාට වඩා වසරකින් බාල ගමේ හිච්චො කාලෙ ඉදන් හිටපු යාලුවෙක් හිටියා ලක්මාල් කියලා. මේ හාදයා මේ කියන අවුරුද්දෙදි තමා අ.පො.ස උ/පෙළට පෙනී හිටියෙ ඒ ගණිත අංශයෙන්... කොතරම් දක්ෂයෙක් ...
අපි නොදන්න මැලේසියාව Sirage Kamare මැලේසියාව යනු ආසියානු මහද්වීපය තුල පිහිටා තිබෙන මෑත ඉතිහාසයේදී ආර්ථික දියුණුව ලබා ගනිමින් ඉහළට පැමිණි සුන්දර රටක්. මේ රට පිළිබද ශ්‍රී ලාංකික අපේ දැනුම එතරම් නැති උවත් ශත වර්ෂ ගනනාවකට උඩ ඉදලයි ලංකාව සහ මැලේසියාව අතර සබදතා ඇති වී තිබෙන්නේ. ලංකාවේ මැලේ යනුවෙන්ද ජන කොටසක් සිටින බව ඔබ දන්නවා. අතීතයේදි බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවතුනත් වර්තමානයේදී මුස්ලිම් බහුතර ජනතාවක් සිටින රටක් ...
ගැමුණු / තිස්ස ඉතිහාසගත සහෝදර හබය Sirage Kamare සිරා.... පොරොන්දුවක් තියෙනවා නේද ඉටු කරන්න ? සිරාගෙ කාමරේ පාඨකයෙක් ඉටු කිරීමට පමාවූ පොරොන්දුවක් පිළිබද මතක් කර මා හට ඊයක් එවා තිබුනේ ඉහත පරිදි ආරම්භ කල සටහනකිනි. මා මේ පොරොන්දුව වූයේ චාරිකා සටහන් 3 වන කොටසේදීය. දෙමට මල් විහාරය පිළිබද විස්තර කිරීමේදී මේ කියන්න යන සහෝදර හබයද මතුවිය. එදා එම සටහන මා නිමාකලේ ගැමුණු සහ තිස්ස අතර වූ හබය පිලිබද ...
කුසුමා නිසා සිරගෙය උරුම වූ හිතුමතේ ජීවිතේ Sirage Kamare කථාව කියවන්නට ප්‍රථම මේ කාරණය ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි. පහත පලවී ඇති සටහන මවිසින් ලියූවක් නොවේ. එය සිරාගේ කාමරය වෙත කාංචන නම් පාඨකයෙක් විද්‍යුත් තැපෑලෙන් එවන ලද්දකි. මේ කථාවේ ඇති ත්‍රාසජනක ස්වභාවය නිසාත් සත්‍යම සිදුවීමක් නිසාත් මෙහි පලකරන්නට මා හට සිත් විය.මේ ලියමනේ නියම හිමිකරුවා සොයා අන්තර්ජාලය පීරුවද හෙතෙම මට හමු නොවීය. නමුත් මීට සමානව ලියවුනු ...
තොල් තැටිය සහ මුර්සි කෙල්ලෝ Sirage Kamare මුර්සි(Mursi) එහෙමත් නැත්තං මුර්සු (Mursu ) කියන්නෙ ඉතියෝපියාවෙ ඕමෝ (Omo) මිටියාවතේ ඉන්න බොහොම ජනප්‍රිය ගෝත්‍රික ජන වර්ගයක්. මේ අය කථා කරන්නෙත් මුර්සි භාෂාව. කෙතරම් ජනප්‍රියයි කියලා කිව්වත් සිරි ලංකාවෙ අපි නම් මේ අය ගැන අහලා තියෙන්නෙ අඩුවෙන්. ඒ හින්දම තමයි අද ජාලෙන් පෙරලලා ඒ අය ගැන බොලාට කියන්න මම කම්පනා කොලේ.තොල් තැටිය සහිත මුර්සි තරුණියක්මේ කියන මුර්සි ජන වර්ගය ඔය ...
සිරා කොලුවාගේ ගායක සිහිනේ... Sirage Kamare සිරා කොලුවා පුංචිම සන්ධියේ සිටම ගායනයට මනාපය. ඒ බැව් මගේ ළමා කාලය පිළිබඳ කල්පනා කරනා විටෙක නිරායාසයෙන් සිහිකල හැකිය. මතකයේ අග රැඳුන කවියක් සී පදයක් ටින් බෙලෙක්කයකට මහ හඬින් පහර දෙමින් අඳුර වැටෙන විට නිවසේ ඉස්තෝප්පුවට වී උස් හඬින් ගායනා කිරීම සිරා කොලුවාගේ ගායන ප්රකාශනය මා වටා සිටින පිරිසට දැක ගැනීමට හැකි වූ මුල්ම අවස්ථාව ලෙස මම විශ්වාස කරමි.මම ඉතා ...
මල් ජංගියා කෑවෝ.... Sirage Kamare ඒ, විවේක කාලයෙන් පසු එළැඹි කාලපරිජේදයක් විය යුතුය. මැංගුස් ගහ යට 10 F පන්තියේ සියල්ලෝ ගණිතය විෂය උගන්වන දිසානායක ගුරුපියාට ඇහුම් කන් දෙමින් සිටි අවස්ථාවකි. අපේ සෑර් හිත හොද කෙනෙකු වුනත් කෝපාග්නියෙන් දැවෙන කල දිගට දිගේ ඇති දෑත් විදුලි වේගයෙන් ක්‍රියා කරන හෙයින්දෝ පන්තියේ උන් ගණිතය උගන්වන වේලාවට බොහෝ කීකරුය. හරිම සංවරය. ගෙදර වැඩ ගෙදරදී කරගන්නට බැරි උනත් වේලාසනින් පාසලට ...
ගිණි අව්වෙන් මතුවුන සහෝදරත්වය Sirage Kamare සිරාගේ තූර්ය වාදක ජීවිතය ගැන මෑතකදී යමක් ලියවුනේ නැත. සිරාගේ කාමරයට පැමිණෙන ඇතමෙක් ඒ වර්ගයේ කථා කියවන්නට මහත් අභිරුචියෙන් සිටින වග ඔවුන් නොයෙක් වර මවෙත එවා තිබෙන අදහස් නිසාම මම දනිමි. ඒ අතර කාන්තා පිරිමි භේදයක් නැත. මේ අයගෙන් බහුතරයක් තම පාසල් කාලය තුල බෑන්ඩ් කෙරුවාවේ රහ බැලූ උන් වෙති.සිරා කොලුවා වන මම 9 පන්තියේදී බෑන්ඩ් ගැහිල්ලට එකතු වන කාලයේ ...
සංචාරය මරණයෙන් කෙළවර වන සෙන්ටිනල් දූපත Sirage Kamare අපේ පෘථිවිය අතීතයට වඩා තාක්ෂණය පැත්තෙන් දැන් සෑහෙන්න දියුණුයි. ලෝකයේ එහා කොනේ ඉන්න කෙනාගෙ මුහුණ බලාගෙන සජීවීව කථා කරන්න, එහෙමත් නැත්තං පෘථිවිය වටා තියෙන ග්‍රහලෝක වලට යානා යවන්න තරම් පෘථිවියේ තාක්ෂණය දියුණු වෙලා. මේ කියන තාක්ෂණය දවසින් දවස සෑම අහු මුල්ලක් දක්වාම ව්‍යාප්ත වෙමින් තියෙන වටපිටාවක, චන්ද්‍රිකාවක් තබා ගුවන් විදුලියක් හෝ දැක නැති මිනිසුන්ද ඉන්න බව ඇහුවම ඔබ පුදුම වෙන්නත් ...