ලොකු දුව බඳිනවා Sirage Kamare කාර්යබහුල සති අන්තයක නිමාව සටහන් වන විට අවට පරිසරයේ උෂ්ණත්වය තව තවත් පහළ යමින් තිබුනි. ධන ලකුණෙන් සමු අරගෙන සෘණ දෙසට ගමනේ යෙදෙන එය අවට පරිසරයේ සුදෝ සුදු හිම කැටිති මවන අරුමය මා හට තව දුරටත් අරුමයක් නොවේ. කවුළුවට එපිටින් පෙනෙන දේවදාර ගස් මුදුන් වල හිම සිත්තම් දෙස ආශාවෙන් බලා සිටින්නට හැකි තරමේ සෞන්දර්යයක් කැටි වී තිබේ. ඈත සීතල යුරෝපයේ ...
ඇඹුල් දොඩම් Sirage Kamare ඔහුගේ උප්පැන්නයේ නම ඇක්මන්ය. නමුත් පොළේ ඒ නමින් ඔහුව දන්නේ එහෙමත්ම පිරිසකි. පොළේ සියල්ලන්ම ඇක්මන් හදුනන්නේ ඇඹුල් දොඩම් කියූ විටය. නිවසට හා ගමට ඇක්මන් උනාට පොළට ඇක්මන් ඇඹුල් දොඩංම විය. ඒ මාතර බත් කඩේ කට හොද නැති රෝහණ මුදලාලිට පිං සිද්ධ වන්නටය.කඩයට ගොඩවන කාට හෝ කොලොප්පමක් කර සිනාසීම මුදලාලිගේ සිරිතය. එක්කෝ කාට හෝ නමක් පටබදියි. නැත්තං අමු තිත්ත කුණුහරුප පද ...
අපිත් ගියානෙ මී මුරේ 2 Sirage Kamare පාර අද්දරට වෙලා පොල් රොටියක් එක්ක ලුණුමිරිස් තවරලා කන ගමන් බොක්කට හලපු පණු බෙහෙත් කෝප්පෙන් දෙකෙන් පස්සෙ දැන් අපේ චාරිකා නඩේ සුට්ටක් විතර ප්‍රබෝධමත් වෙලා. දවල් කාලෙට පාර පැනගන්න බැරි තරමට වාහන යන එන මේ මාර්ගයෙ ඒ වෙලාවෙ වාහනයක් ගියේ බොහොම ඉදහිට...පළමු කොටස කියවන්න ලැබුනෙ නැති ඇත්තො මෙතැනින් කියවන්න.අපි හුන්නස් ගිරියටම ගිහිල්ලා ඇලර්ට් එකක් දාමු...රථාචාර්ය චතුර ගොයියගෙ අදහසට හැමෝම එකගයි. ...
හිතුමතේ ජීවිතේ 2 Sirage Kamare පළමු කොටස මෙතැනින් කියවන්න.බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව ...
දුක් විදින අලියා Sirage Kamare ක්ෂීරපායි හෙවත් මැමාලියා ගණයට අයත් අලියා ගැන නොඇසූ කථා කීපයක් ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි. එහෙත් අලියාගේ බොහෝ තොරතුරු ඔබද දනියි. සමහරු කැපුවත් අලියා හැර නොයන බැව් කියති. නැතිනම් ආණ්ඩුවේ සිටිනා දේශපාලුවෙක් කියූ අලි බොරුවක් හෝ කරන ලද අලි වංචාවක් ගැන කථා වෙති. අනේ මගේ මූණෙ උලන්නට අලි ගැට පේර ගෙඩියක් දෙකක් අරන් එනවකො. බිරින්දෑවරු සැමියන් අමතා ...
ගව මුත්තරා ටිකක් බොමුද ? Sirage Kamare අපේ කාර්යාලයට මාස 6 කට පමණ කලියෙන් සම්බන්ධ වූ, නවදිල්ලියෙන් මැලේසියාවට පැමිණි වරුන් ඛේරා (Varun Khera) බොහොම පැහැපත් පෙනුමක් තියෙන හැඩකාරයෙක්. මුල් කාලෙ ඔපීසියෙ යුවතියො එක්ක විතරයි මිනිහා පයුරු පාසානම් පැවැත්වුවෙ. කාර්යාලයෙ පුරුෂ පාර්ශවය ඉතින් මේ වගේ වෙලාවට ස්වභාවිකව ඇතිවෙන ඉරිසියාවත් එක්ක මේ ගොයියව වැඩිය ගනන් නොගෙන අතඇරලා දාලා ඒකාට Chicky Boy කියලා ලස්සන නමකුත් දැම්මා.කාර්යාලයේ ඇත්තො රාත්‍රී කෑමකට චීන ...
පෙරහැර සහ අලියා Sirage Kamare මලයාගේ කථාව නිසා යටගිය අලියාගෙ ඉතිරි කථාව අද කියන්නෙමි. මගේ අලි කථාව තුල වඩාත් අවධාරනයෙන් ඔබට පවසන්නට සිටියේද මේ කොටස බැව් කිව යුතුය.සොබාව ධර්මයාගේ කදිම දායාදයන් රැසක් දෝතින් දරාගත් ශ්‍රී ලංකාව වූ කලී සුන්දර දිවයිනක් බැව් ලොව බොහෝ දෙනා පිළිගන්නා කාරණයක් බැව් සැබවි. ඒ සුන්දරත්වය නිසාම අපේ පුංචි දිවයිනට සංචාරකයන් බොහෝ සෙයින් පැමිණෙන බවද සැබෑවකි. එහි වැඩි කොටසක් ලංකාව පුරා ...
පරණ පින්තූර Sirage Kamare 2013 වසරෙදි සිරා අතින් ලියවුනු අවසන් පෝස්ටුවෙදි මම බොලාට දැනුම් දුන්නා අභිනව 2014 වසරෙ ඉදලා කාමරේ දොරේ අලුත් ලේබල් දෙකක් අලවන වග. ඒ ලේබල් දෙකෙන් පළවෙනි ලේබලේ විදියට ජාලෙන් අරන් ඇවිල්ලා ප්ලාස්ටික් ගැන කියාදුන්නා ඔබට මතක ඇති...අද එහෙනම් හා පුරා කියලා අලවන දෙවැනි ලේබලය...පාඨක ඔබේ නිර්මාණ හෙවත් පාඨක සටහන්.අද මම ආරම්භයක් විදියට පලකරන්නෙ පසුගිය වසරෙ ඔක්තොම්බර් මස ඊ පණිවිඩයක දවටා ...
මයෙ මලයා Sirage Kamare අලි ගැන කියන්න තියෙන ඊළග අලි කථාව පැත්තක තියලා මේ කථාව ලියන්න හිතුනෙ අද විශේෂ දවසක් හින්දයි. මේ කථාව බොලාට කියන්න කලියෙන් සුට්ටක් විතර අතීතයේ කිමිදිලා ඒ කිව්වෙ හිතින් ළමයෙක් වෙලා ඉන්න මට උවමනා කොලා. හැබෑට ඒ විදියට ඉද්දි හිතට දැනෙන සැහැල්ලුවත් ප්‍රීතියත් හරිම අපූරුයි. හැමදාමත් අපිට අපේ ලස්සන පුංචි කාලයේම ජීවත්වෙන්න තියේ නම් කියලා හිතුන තවත් දවසක් තමයි අද.එයාගෙ ...
අයිය බඩා Sirage Kamare සිරාගෙ කාමරයට එන යන අයට අයිය බඩා කියන්නෙ තව දුරටත් අමුත්තෙක් නෙමෙයි. රතු කොණ්ඩෙ ගැන කියද්දි තමයි ඉස්සෙල්ලාම මේ හාදයා ඔබට මුලිච්චි උනේ. 9 වසරෙදි පාසලේ බටහිර තූර්ය වාදක ඛණ්ඩයට සිරාට ටිකක් කලියෙන් තමයි මිනිහත් බැදුනෙ. පස්සෙ කාලෙක ඊට නායකත්වය දීලා තමන්ගෙ හැකියාවන් හොදටම පෙන්වන්න මගේ මිත්තරයට හැකි වුනා.මුල් කාලයෙදි මට මේකව දිරෙව්වෙම නෑ...අපි දෙන්න හමුවෙච්ච හැම තැනකම වචන හුවමාරුවකින් ...
අපේ නගාගෙ චූටි නංගි Sirage Kamare සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවා ගැන මෙයට කලින් වංගියකත් මම කථා දෙක තුනක් ඇදබෑවා නොවැ. ඒවා කියවපු ඇත්තන්ට ඒකාගෙ චරිත ස්වභාවය ගැන යම් තරමකට අවබෝධයක් ඇති. නගා ගැන අන්තිමට කියපු කථාවෙදි අපි තිත තැබුවෙ ගම්පහ පුස්තකාලයට පාඩම් කරන්න ගිය තැනින්.මේ පුස්තකාලය ඒ දවස් වල මල් වගේ කෙල්ලන්ගෙන් පිරී තිබ්බ බවත්...ඒ මැද්දෙ අපි පාඩම් කොරාපු ආකාරයත් මම වේලාසනින් ලියපු ...
පවිත්‍රි Sirage Kamare සිරාගෙ කාමරේ බූට් මාසය දැන් ඉවර වෙන්නත් ළඟයි. ආදරයේ විරහව පිළිබඳ කෙරුන කථා බහ අතරෙ ඉතාම හොද මිත්තරයො ගනනාවක් අලුතෙන් අඳුන ගන්නත් මේ කාල සමය සිරා කොලුවට ඉවහල් උනා. ආදරයේ වියෝව නිසා මේ පෙබරවාරිය ආරම්භ වෙද්දි හිතට දැනුන වේදනාව දැන් කොහෙ ගිහිල්ලද මන්දා...හිත ගොඩාක් සතුටෙන්. එකිනෙකාගෙ අත්දැකීම් මේ මාසය පුරාම අපි කියෙව්වා. ඒ ඔස්සේ සිත මෙහෙයවීමෙන් අාදරයේ විප්ප්රයෝගය බොහොම සුලභ ...
ඔටුවා සමග අපි Sirage Kamare ඔටුවා යනු, සිරා කොලුවා වන මම අ.පො.ස සා/පෙ පන්තියේ ඉගෙන ගන්නා කාලයේ මගේ පන්තියේ සිටි පතෝල මෙන් මෙලෝ රහක් නැති එකෙකි. මේකා සුදුය...කෙට්ටුය, උසය...උගේ කට ඇරියොත් ඒ කටින් පිටවෙන වචන තවෙකෙකු සමච්චලයට ලක් කරන ඒවාමය. ඒ නිසාම පන්තියේ කවුරු කවුරුත් ඔටුවා සමග යාප්පුවෙන් දිවි ගෙවන්නට තීරණය කලේ මේකා අපිට මුලිච්චි වූ 9 වසරේ කැලෑසියේ සිටමය.ඔටුවා යමක් පවසන විටෙක එය තවත් ...
MH 17 ගැන නෙැඇසූ කථා Sirage Kamare සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි යන වදන් පෙළට අලුත් අර්ථකථනයක් එක් කරමින් මැලේසියානු ගුවන් සේවයේ තවත් යානයක් 2014 වසර තුලදී දෙවන වතාවටත් අනතුරට පත් වී තිබේ. පසුගිය මාර්තු 8 වැනි දින අතුරුදහන් වූ MH 370 යානය නිසාවෙන් කැළඹුන මැලේසියානු ජන ජීවිතය කෙමෙන් කෙමෙන් නිසල වී යන වටපිටාවක සිදු වූ අලුත් ගුවන් අනතුර නිසා එය නැවතත් සසල වී තිබේ. ...
සිංගප්පූරුවේ මිත්‍ර සමාගම Sirage Kamare කාලය අස්පවේගයෙන් ගොස් සිංගප්පූරුව තුල මා ගත කරන හතර වෙනි සතියටද එළැඹුනි. මට සතියකට පමණ කලින් රැකියා දඩයම පිණිස සිංගප්පූරුවට පැමිණ ගාමිණී විලාවෙහි ලැගුම්ගෙන සිටි මෘදුකාංග ඉංජිනේරුවන් කීප දෙනෙකුම නැවත ලංකාවට ගියේ සිංගප්පූරුවේ රැකියා අපේක්ෂා කරන විදේශ සේවකයන් කෙරේ සිංගප්පූරු රජය පනවා ඇති නීති රීති වල තරම මොනවට කියා පාමිනි. මා ලංකාවෙන් පැමිණෙන විට සැලසුම් කරගෙන ආවේ මාස 2ක් මෙහි ...
චූටි නංගිගේ ස්වයංවරය Sirage Kamare සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවගෙ ආදර කථාව බොලාට කියන තවත් දවසක අපි හමු වෙලා. මේ සිදුවීම් අද ඊයෙ වෙච්ච ඒවා වගේ හදවතේ ගැඹුරු තැනක සටහන් වෙලා තිබුනත් අපටත් හොරා කාලය වේගයෙන් ගතවෙලා දශකයකටත් වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා. චූටි නංගිගෙ මුදල් පසුම්බියෙන් එළියට පැන්න ඇගේ පෙම්වතාගෙ රූපයෙන් කලින් කොටස අහවර උනේ. අද එතැන ඉදන් ඉදිරියට. පුස්තකාල ජීවිතය හමාර කරලා ...
ලංකාවේ කලාව මිනිසුන් මරයි.... Sirage Kamare ආදරය කරලා පිහියෙන් අනින්න පුළුවන්ද කියලා මට හිතුනා. එක් ගිතයක මෙහෙම කියනවානේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි බිදුනු දා පුජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කියලා. මේ වෛරයේ ඇදහිල්ල මෙරට සිනමාව ,ගීතය,නාට්‍ය තුලින් මතුවී අප මනසට පැමිණි විට තවත් මිනිස් ජිවිතයක් නිමාවට පත්වන බව කිසිදු විටෙක් සිතන්නේ නැත. කලා කරුවා කලාව තුල නිර්මාණය කරනු ලබන නිර්මාණය හමුවේ තවත් සිතුවිලි ...
ගිමන් හරින දියඹ දිගේ හමු වූ ඔහු Sirage Kamare ගලන අතට පිහිනීමත් උඩුගං පිහිනීමත් යනු දෙකකි. සැඩපහර දිගේ පහළට යාමට ශක්තිය වැය වන්නේ නැත. එහෙත් නිර්භීත කමත් චිත්ත ශක්තියත් ඇති පදමට ඇති මිනිසුන් ගලන ගඟට අභියෝග කර විරුද්ධ දිශාවට පිහිනති.ක්ෂේත්රය කුමක් වුවත් උඩුගං බලා යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ ඒ ක්ෂේත්රය තුල තමන්ගේ දැනුම මට්ටමේ වපසරිය පුළුල් වීම මත ඇතමෙකුට ඒ සඳහා මග හසර එළි පෙහෙළි වී තිබේ. ...
සිරාගේ අතිජාත ස්කූටරේ Sirage Kamare සිරා යනු පැරණි දෑ කෙරෙහි ආකර්ශනය වන ඇන්ටික් රසඥතාවයක් සහිත ජීවී පරානයකි. පාසල් වියේදී බාලදක්ෂයකුව සිට කාසි සහ මුද්දර එකතු කිරීමෙන් ඇරඹුන මේ ආශාව අද වන විට වාහන දක්වා පැතිර ගොසිනි. මාගේ කාසි එකතුව වර්ෂ 1740 තරම් ඈත අතීතය සරසන VOC කාසි වලින්ද යුක්තය....රුපියලේ නෝට්ටු වල සිට ඉහළට එය සන්නද්ධය, මුද්දර එකතුවද ඉංග්‍රීසි ආණ්ඩුව විසින් නිකුත් කල සත 3 මුද්දරය ...
මා ඉදිරියේ හැඩූ මිල්ටන්ගේ මිතුරා Sirage Kamare ඡායාරූපය මෙතැනින් ප්‍රේමය වනාහි පුදුමාකාර මානුෂීය හැගීමකි.. එය මෙන්න මේ යැයි අරුත් දක්වන්නට කිසිවෙකුත් අපොහොසත්ය. සමහරෙකුගේ ජරා ජීර්ණ වී කුණු ගද ගහන ජීවිතය රෝස මල් යහනාවක අතුරා සුවද මලින් සරසන්නට තරම් ඒ ආදරය උතුම්ය... තවත් සමහරෙකු තමන් නියෝජනය කරන සමාජ පන්තියෙන් නෙරපා දිළින්දෙකු /හිගන්නෙකු බවට පත් කලේද මේ කියන ආදරයමය. එක්ටැම්ගෙයක විසූ චිත්රාවන්ද... රජකම හැරදා සැඩොල් ලදකට ආලය කල සාලිය ...