රංජිත් අයියා සහ තේ පෙට්ටිය Sirage Kamare විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිදයි. ජෑස් කොල්ලා ගැන කියවූ අයට ඇය අමතක වන්නට ඉඩක් නැත. එසේත් නැත්නම් කසිප්පු කලුවාගේ නිවසට ගිය සිදුවීම සමගද මේ තැනැත්තිය කරළියට ආවාය. මේ කියන්නට යන තේ පෙට්ටිය ඇගේය. එය ඔබ හිතනා තේ පෙට්ටියට මදක් වෙනස්ය.මා 3 වසර පන්තියේ පමණ ඉගෙන ගන්නා සන්දියේ පියාණන් සිටියේ විදේශගතවය. එකල මගේ මලයා පෙර පාසල් යන කුඩා එකෙකි. මලයාගේ ...
කාමරේ ජාතකේ Sirage Kamare ඉතිං ආයුබෝවන්ඩ කාලය අස්පවේගෙන් ගතවෙලා ගිහිල්ලා කොලුවා 1 වසරටත් ආවා. බොලා දන්න විදියට 1 වසරට එන්න එහෙම ලේසියෙන් පහසුවෙන් බෑ. මොට්ටසෝරි ගිහිල්ලා..හොටු පෙරාගෙන අඩලා...පාට් එක දාන කොල්ලන්ට අතින් බැරි නම් පැන්සලෙන් හරි ගහලා, අකුලු ලියන්න බෑ, අකුලු කැතයි කියලා අම්මගෙන් වගේම ටීචෑර්ගෙනුත් බැනුම් අහලා තමයි 1 වසරට කොලුවෙක් එන්නෙ.මේ කියන කොලුවා තමයි සත්ගුණවත් සිරා කොලුවා වන මම...බෝ පැලයක් වගේ අහිංසක ...
පරණ පත්තර එක්ක සිරා අයෙත් කාමරයට ආවෝ ! Sirage Kamare මාස දෙකකට කලියෙන් සිරා අවසන් බ්ලොග් සටහන නිමා කලේ “ සිරාගේ කාමරයට කෙටි විරාමයක් තබමි. එනමුදු නුදුරු දිනයක නැවතත් කාමරයට යන එන ඔබ වෙනුවෙන් නිසැකවම ලියමි. යනුවෙනි. අවිනිශ්චිත අනාගතයක් පිළිබද සුභවාදීව සිතමින් සිරා මවුබිමෙන් සමුගැනීම එයට හේතුවයි. නැවතත් කාමරයට පැමිණ මා කියවන උන් වෙනුවෙන් යමක් අකුරු කරන දිනය නිසැකවම දක්වන්නට ඒ අවස්ථාවේදී මා අපොහොසත් විය. මාස දෙකක විරාමයකින් පසු යළිත් ...
නගා Sirage Kamare නගා යනු උසස් පෙළ සමයේ මා සමගම සිටි මගේ අතිජාත මිත්තරයන්ගෙන් කෙනෙකි. කාමරය තුල ලියවුනු කථා කීපයකම මේකාගේ සාඩම්බර නම යන්තමින් කියැවුනද තවමත් වැඩි විස්තරයක් ලියවී නැත. ඒ අඩුපාඩුවත් මේ ලිපියෙන් පසු යම් තරමකට තුනී වී යනු ඇත.සාමාන්‍ය පෙළ දක්වාම නිවෙස කිට්ටුව පිහිටා තිබූ ගමේ පාසලෙන් අධ්‍යාපනය ලැබූ නගා අපේ පාසලට පැමිණියේ උසස් පෙළ වෙනුවෙන්. නමුත් ඊට කලින් ඉදන්ම මම ...
සිංගප්පූරුවේ දුම්රිය සහ නොකී කථා Sirage Kamare මේ සිරාගේ රට කථා මාලාවේ තුන්වන පියවරයි. බැලු බැල්මට සංවර්ධනයේ හිණිපෙත්තට පිවිස සිටින සිංගප්පූරුවේ පිටතට නොපෙනෙන පැතිකඩක් මෙන්ම එහි දුම්රිය සේවයේ ඇති දියුණුවද කියවන ඔබ වෙත අද මම හෙළිදරව් කරමි. කලින් කොටස් අතපසු වී නම් කියවගෙනම එන්න. 1 කොටස 2 කොටසනූතන තාක්ෂණයේ ආශිර්වාදය ලත් සිංගප්පූරුව මතුපිටින් සැබැවින්ම සුන්දර දේශයකි. බැලූ බැලූ අත මල් ගොමුය. උස් ගොඩනැගිලිය. වේගයෙන් ධාවනය වන අති ...
ඇදහැලුණු අහස Sirage Kamare පහන් දැල්ල සැලිසැලී දැල්වුණි. පහන මුදුණේ ලැගුම් ගත් කුකුළා සිය දෑසේ ඉලක්කය වෙනස් නොකර නොසෙල්වී සිටියි. පෙඟී ගිය කෘමින්ගේ තටුත් සිරුරුත් දෙකම පහනේ තෙල් තුළ කිඳා බැස තිබුණි. නොවැසූ, තිර රහිත කවුළුවෙන් කිසිදු බාධාවක් නැති හෙයින්ම පැමිණි වියළි සුළඟ පහන් දැල්ල සමග සෙල්ලම් කරයි. පහනේ පිත්තල නෙරුව කළුතලා කරගත්, ඒ මේ අතට ඇඹරෙන දැල්ල නොනිවී සිටින්නට තැත් දරයි........................................................................................................ක්‍රීස්...... ක්‍රිස්... ක්‍රීස්...... ...
සිංගප්පූරුවේ ලංකාරාමය - සහ වව්නියාවේ ගුරු පුරප්පාඩු Sirage Kamare සිංගප්පූරුවේ සිටියදී සිරා බොහෝ වාරයක් ආගිය ස්ථානයක් වටා අද සිරාගේ රට කථාව දිගහැරේ.සිංගප්පූරුවේ පවතින අති ධාවනකාරී ජන ජීවිතය පිළිබද කලින් ලිපියේදී සටහනක් තැබුවෙමි. මව්බිමේ සිය ආදරණීය පවුලෙන් වෙන් වී පීඩනයක් සහිත වාතාවරණයක් යටතේ සතියේ දින 5ක් සේවය කරන ලාංකිකයෙකුට එළඹෙන සති අන්තය මහත් සැනසීමක් ගෙන දෙන එකක් වනවා නොඅනුමානය. තමන්ගේ දේශයේම තවෙකෙක් හමු වී කථා බහ කිරීමට හෝ සිත් සේ ...
මැරතන් අසිරිය 1 Sirage Kamare බකං නිලාගෙන ඉන්නෙ හවුස් එක දිනවන්න මොනා හරි කරනවකො.... සිරා නියෝජනය කරන විජය නිවාසයේ ශ්‍රියාණි ටීචර් මොර දෙයි. කාලයක්ම අපි පළවෙනිතැන ගත්ත ඉවෙන්ට්ස් වලට මේ සැරේ එකෙක්වත් නෑ... අවුරුද්දෙන් අවුරුද්ද අපේ නිවාසෙ පල්ලම් බහිනවා...හැමෝම මීට වඩා කැපවීමෙන් යමක් කරන්න බලපල්ලා.... සෑම සිසුවෙක්ටම මවක් බදු මේ ගුරුතුමිය නිවාසාන්තර ක්‍රීඩා තරග ආරම්භ වන සමයේ හැමදාමත් මෙසේය. කොල්ලන් කෙසේ හෝ උනන්දු කරවා ක්‍රීඩා ...
පරණ පින්තූර තව සුට්ටක් Sirage Kamare සිරාගෙ කාමරේ මාසෙකට ලියවෙන ලිපි 7 න් හත්වෙනි ලිපිය ඔබට ලියන්න බාර කලේ පහුගිය ජනවාරියෙ ඉදන්. අද මේ පලවෙන්නෙ එහි දෙවැනි ලිපිය. සිරා කොලුවට ලැබෙන පිිළිවෙලට තමයි මේ අලුත් ලේබලේ වැදුනු ලිපි ඔබට කියවන්න ලැබෙන්නෙ.පළමු ලිපිය විදියට පළවුනේ සිරිලංකාවෙ පැරණි පින්තූර 50 ක්. ඒ අවස්ථාවෙ එහි දෙවැනි කොටසක් තිබුනෙ නැති වුවත් සවුදි අරාබියේ රියාද් නුවර ඉදන් සිරාගෙ කාමරේට නිතර එබිකම් ...
ගාමිණී විලාවේ සුන්දර සිකුරාදා Sirage Kamare සිංගප්පූරුවේදී සිරා කොලුවා නවාතැන් ගෙන සිටි ස්ථානය සහ මා වටා උන් සහෝදර කැළ පිළිබද තොරතුරු ඔබට කියන දිනය අදයි. කාර්යබහුල සිංගප්පූරුවේ විවිධ රාජකාරියන්හි නිරත වුවද ඔවුන් සියල්ලන්ම සහෝදරත්වයේ ශක්තිමත් බැම්මෙන් වෙලී සිටීම සැබැවින්ම ප්‍රීතියට කරුණකි.මෙතෙක් රට කථා නොබලපු ඇත්තන්ට මෙතැනින් ඒ ඉසව්ව සොයාගන්න පුලුවන්. එහෙනං ඉතිං අපි කථාවට බහිමු.ගාමිණී විලා වූ කලී වර්තමානයේ සිංගප්පූරුවේ සාර්ථකව රාජකාරී කරන බොහෝ වෘත්තිකයන් සිංගප්පූරුවේ ...
අෆ්රීඩි සහ මා දුටු ක්‍රිකට් Sirage Kamare සහීඩ් අෆ්රීඩි කියන්නෙ ක්‍රිකට් පිටියට අපූරු සුන්දරත්වයක් එකතු කරපු පාකිස්ථානු ක්‍රීඩකයෙක් බව ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ළමා, ළපටි, තරුණ, මහළු සියල්ලෝම දන්නවා. ඔහුගේ විකට නාමය තමයි Boom Boom. සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදිලා එක්දින ක්‍රිකට් පිටිය උඩු යටිකුරු කලා වගේ පාකිස්ථානය වෙනුවෙන් ඒ කාරිය කලේ ඔහු කියලයි මට හිතෙන්නෙ.සනත් ජයසූරිය හොදින්ම ක්‍රීඩා කරපු කාලෙ රූපවාහිනියෙන් ඇස් ඉවතට ගන්න ක්‍රිකට් ...
පින්තූර කථාවක් Sirage Kamare අල්ලට සිගාවත් රස නැති කැවිලි කකාවල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකාකල්ගිය රෙදි වැරලි ඇද දැලිකුණෙන් වකාඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකාවේවැල් කෝටු නාරං සියඹලා අතුකිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතුමෙවැනි ඉපල් මගෙ දැසට නොපෑ යුතුපමා නොවී එමි අකුරට මෙයින් මතුතිබු තැනක සොර සතුරන් ගත නොහෙනාඑසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනාකෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනාමේවා අපි ...
ඛේදවාචකයක් වූ ක්‍රිකට් පරාජය Sirage Kamare ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රීලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවයි. සුදු ජාතිකයන්ගේ යටත් විජිතයන් වෙත ඔවුන් මගින් සංක්‍රමණය වූ මෙම ක්‍රීඩාව අද අපේම ක්‍රීඩාවක් බදුය. ආසියානු කලාපයේදී ප්‍රේක්ෂකයන් වෙතින් ඊට ඇත්තේ නොමද ආකර්ශනයකි. මා හට හමු වී ඇති ඇතැම් ඉන්දියානු ප්‍රේක්ෂකයන් ක්‍රිකට් උණ වැලදුනු උන් ලෙස ඔවුන් හදුන්වනවාට කැමතිය. සිරා වරෙක ඉන්දියාව හා ලංකාව අතර අවසන් තරගයක් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සිට නැරඹුවේ ඉන්දියානු ජාතික මාධ්‍යවේදීන් කීප ...
ගම හෙල්ලූ වල් බූලා Sirage Kamare බූලා යනු ලොම් පිරුනු සුනඛ පෝතකයෙකුට කියන නමක් නොවේ. මුල්වරට මේ වචනය ශ්‍රවනය කරන අයට එවැනි චිත්ත රූපයක් මැවුනාට මට කොරන්න දෙයක් නැත. සිරි ලංකාවේ පලාතෙන් පලාතට ඇතැම් වචන මෙන්ම එහි අරුතද වෙනස් වනවා සේ මේ වදනද එසේම තැනින් තැනට වෙනස් වන එකකි.ඇතැම් තැනක මා මෙහි බූලා යනුවෙන් හදුන්වන චරිතයම ග්‍රීස් යකා යනුවෙන්ද හදුන්වයි. ඒ අනුව බූලා යනු කවරෙකුදැයි දැන් ...
කථා කරන පින්තූර Sirage Kamare වචන දාහකින් වුවත් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඉතාම පහසුවෙන් ඡායාරූපයකට කියන්න පුලුවන් කියලා බොහොම ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. ඒ කාරණය සත්‍යයක් බව ඔබට මේ ඡායාරූප කීපය දැක්කාම නිසැකවම හිතේවි.මාසයේ පළමුවැනි ලිපිය ජාලයෙන් පෙරලලා අරන් එන එක නොවැ. මේ ඊයෙ පෙරේදා අහම්බෙන් නෙත ගැටුන ඡායාරූප කීපයක් මේ ලේබලය යටතේ අද සිරාගෙ කාමරෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්න මම තීරණය කොලා. මේ ඡායාරූප ...
යකඩ අස්පයෝ සහ රන්ටැඹේ 2 Sirage Kamare පළමු කොටසටගිණි ගහන අව්වේ මග දිගට කරවීමෙන් ඇති වූ සියලු ශාරීරික අපහසුතාවන් කීර්තිබණ්ඩාර පුර නවැතැනේ වතුර මලෙන් ලද සිහිල් ජල පහරින් කෘෂව ගිය සෙයකි. ඇක්සලේටරය මිරිකීමෙන් සිරා කොලුවාගේ දකුණු අත රිදුම් දෙයි. එසේ වුවත් මෙතරම් දුරු කතර ගෙවාගෙන නිරුපද්‍රිතව අප කලින් සැලසුම් කල නවැතැනට එන්නට හැකි වීම පිළිබදව පිරිස සිටියේ සොම්නසිනි.නුවර මැණිකෙලාකීර්ති බණ්ඩාර පුර ඉසව්වේ එකලග පිහිටි ආපන ශාලා දෙකකි. ...
කලුවා සමග කසිප්පු චන්දරේ Sirage Kamare කසිප්පු පිළිබද යම් සටහනක් මීට පෙර ලිපියේදී එක් කළෙමි. ගම්බද ජනතාවට විශේෂයෙන්ම අඩු මිළකට මත් වීම අරභයා මේ නිෂ්පාදනය ගම් ආශ්‍රිතව නිපදවූයේ ගම්වාසීන් කීප දෙනෙකු මිස කොම්පැණි කරුවන් නොවන නිසාම කසිප්පු සම්බන්ධයෙන් ඇති කථා බොහොමයකි.කසිප්පු ගැන කථා කරනවා නම් කසිප්පු පෙරීම ගැන කථා නොකරම බැරිය. මක්නිසාද යත් කසිප්පු ආශ්‍රිතව ගොඩ නැගී ඇති රසකථා බොහොමයකටම අවස්ථා සම්බන්ධය ඒ ඔස්සේ වැටී ඇති ...
රු 7850/- ට ෆියට් කාර් එකක් Sirage Kamare එදා පත්තර ගැන ඔන්න අදත් අපි කථා කරන්නයි මේ සූජානම...පළමු ලිපිය කියවන්න අතපසු උනානම් මෙතැනින් ගොහින් එය කියවාගෙන ඒම ඔබට පහසුවක් වේවි. මුල් ලිපියෙන් අප ඡායාරූප වාර්තාවක් වෙත අවධානය යොමු කලත්, පැරණි පුවත්පතක බොහොම රසවත් අංගය තමයි වෙළද දැන්වීම්...වෙළද දැන්වීම් කලාව වර්තමානයේ ඉතාමත් තරගකාරී ව්‍යාපාරික ස්වරූපයක් ගත්තත්, අතීතයේදී මේවා පුවත්පත් ආයතන මගින්ම තමයි බොහෝදුරට සැකසීම කරලා තියෙන්නෙ... සිරා කොලුවා මේ ...
රුපියල් 40 කට තුවක්කුවක් Sirage Kamare එක ලග ලියැවුනු සිරාගේ රට කථා කීපයකින් පසු ඒ සදහා කෙටි විරාමයක් තබන්නට කල්පනා කළෙමි. එක දිගටම ඒ සම්බන්ධයෙන් කියවීම ඔබට නීරස විය හැකි යයි සිතුනු නිසා සිරාගේ සීයා පෙරදිනයක කියවූ පත්තර ඇසුරින් ඔබ වෙත ගෙන ආ එදා පත්තර කී කථා විශේෂාංගයට අද නැවතත් යොමු වෙමු. මේ වන විට මේ ලේබලයෙන් ලියවුනු සටහන් කීපයකි. ඒවා කියවීමට අතපසු වූ අය සිටී ...
බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ 2 Sirage Kamare එදිනෙදා යෙදුනු වැඩරාජකාරි අස්සෙ මේ සිදුවීම් පෙළ මට අමතක වෙලා තිබුන වෙලාවක තමයි වසරකට විතර පස්සෙ ගම්පහ දුම්රිය නැවතුමේදි ගයා කෙල්ල මට මුලිච්චි උනේ. එයත් මේ කිව්ව උපන් දින උත්සවේ දවසෙ එතන හිටියා. පුස්තකාලෙදි සුහද වෙච්ච තවත් යෙහෙළියක්.ඔතනින් අවසන් වෙච්ච පළවෙනි කොටස කියෙව්වෙ නැති අය මෙතැනින් ඒ කොටස කියවගෙනම ආවොත් හොදා.මගේ යාලුවෙකුගෙන් කැමැත්ත ඇහුවා කියලා ආරංචියක් ආවා...ගයා ඇගේ බොහෝ දිගුවන් ...