අපි නොදන්න ටෙඩී සහ ඔබ නොදන්න අසංක Sirage Kamare අසංක, ඉගෙන ගන්නෙ නැත්නම් ඉගෙන ගන්න ළමයෙකුටවත් ඉගෙන ගන්න දීලා පැත්තකට වෙලා ඉන්නවා... 5 වසර සිංහල පොත අතට ගෙන පන්ති භාර ලලිතා ටීචර් කෑ ගසයි. කට කැඩෙනකන් කිව්වත් මේකා ඉගෙන ගන්නෙ නැති හැටියක් ...ඒ මදිවාට හැමදාම පැමිණිලි...අදින්නෙත් හරිම අපිරිසුදු විදියට... සිරා කොලුවා සිස්සත්තෙට ඉදගත්ත 92 වසරේ ඇසුනු කථා බහක් තමයි ඒ...5 A ...ඒ තමයි අපේ පන්තිය...අපේ කාලෙ පන්තියෙ අගට අරලිය,වැටමාර, ...
වූෂු ශූර අබේරත්නට සහාය වෙමු Sirage Kamare ලෝක විනාශ කථා තඹයකට මායිම් නොකර 2013 වසර නිරුපද්‍රිතව උදා වූයේය. රතු කහ වැසි , උල්කාපාත, බඩුමිළ, දෝෂාභියෝග අස්සෙන් නව වසර හිනැහෙන්නේය. ගිය වසරේ කල නොහැකි බොහෝ දෑ උදා වූ වසරේ හෝ කරන්නෙමියි බොහෝ පිරිස අධිටන් කරන්නේ නව වසරක් උදාවීමේදී සිතට දැනෙන චිත්තප්‍රීතිය නිසාවෙන් විය යුතුය. ගිය වසරේ කල නොහැකි වූ දෑ මේ වසරේ හෝ ඉටුකරගෙන දන්න කියන වයසේ සිට ...
නිමල් අයියා (දඹුළු කථා 3 කොටස) Sirage Kamare දඹුළු කථා 1 කොටසදඹුළු කථා 2 කොටසනිමල් යනු කවරෙක්දැයි සිරා කොලුවා මුලින්ම හදුනාගත්තේ මේතාක් විස්තර කල දඹුළු සංචාරයේදී යැයි කීම අතිශෝක්තියක් නොවේ. ඊට පෙර වතාවලදී මේ පුද්ගලයාව රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නරඹන ඇතැම් දිනෙක දැක ඇතත් ඔහුගේ නම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඔහුට ඇති පයුරු පාසානය කුමක්දැයි මා හට අවබෝධයක් නොවීය.දකුණු පස බිම ඉදගෙන සිටින්නේ නිමල් අයියායදඹුළු සංචාරය පිළිබද ...
ඔටු නැටුම් සහ සංගීතේ Sirage Kamare පොඩි වැඩක් තියෙනවා කරමුද ? පාසලේ 12 කැලෑසියෙ මම හිටපු පේලියෙම හිටිය බඩියා මගෙන් එහෙම ඇහුවෙ දවසක්දා උදෑසනක පාසල පටන් ගත්ත විගසම වගේ...මොකක්ද බොල වැඩේ...කියහං බලන්න...කොරන්න පුලුවන් දෙයක් නම් කොරමු....නෑ බොල මේකයි කාරණේ...අපේ ගමේ යෞවන සමාජෙ මෙදා පොටේ අවුරුදු උත්සවයක් එක්ක සංගීතෙකුත් අටවලයි තියෙන්නෙ...අපිට පොඩි පුරස්නයක් තියෙනවා....ඡායාරූපය ikman.lk වෙතිනි.හෑ....ඒ මොකක්ද?අපිට සින්දු කියන්න ගායකයො නෑ....බඩියා එහෙම කියලා අසරණ බැල්මක් දැම්මා...එතකොට මේක ...
සෞදි අරාබියේ උණු කදුළු Sirage Kamare ජීවත් වෙන හැමෝගෙම බලාපොරොත්තුව තමන් ඉන්න තැනින් එක අඩියක් හරි ඉස්සරහට තියන්න. ඒ වෙනුවෙන් අපි ගන්න ක්‍රියා මාර්ග සමහර ඒවා නීත්‍යානුකුල වෙන්නත් පුළුවන් නීත්‍යානුකුල නොවෙන්නත් පුළුවන්. ඒ තීරණ නිත්‍යානුකූල හෝ නොවන ඕනෑම දෙයක් හරියන්නත් වරදින්නත් පුළුවන් කියන කාරණය අපේ හිත්වල තැන්පත්වෙලා තියෙනවා. අන්න එහෙම හොද සමාජ තත්වයක් ලබාගන්න අතමිට මුදලක් ඉතිරි කරගන්න ගෙයක් දොරක් හදාගන්න එහෙමත් නැත්තං දරුවන්ට හොද අධ්‍යාපනයක් ...
නයා සහ එම්බාම් Sirage Kamare මාතොට ආතා වාරු නැති දෙපා ආයාසයෙන් බිම තියමින් හැරමිටියේ වීරියෙන් ඕවිට කෑල්ලට එන විට ඉර මුදුන් වන්නට හෝරා කීපයක් තිබුනේය. නිදහසේ හමාගිය සුළං රොදක දැවටුන අතු ඉති ඒ මේ අත වැනෙද්දී ඇලෙක්සැන්ඩර් තවත් දුම් උගුරක් ඉහළට ඇද තූ යන හඩින් කෙළ පිඩක් අසල වූ දිය හබරල කොළයක් මතට අත ඇරියෙන්. ඒ අසලම උන් කහ පැහැති සමනලයෙක් හබරල ගාලෙන් මිදී ඉහළට ...
මං නුඹෙ දෝණී Sirage Kamare මවුබිමෙන් බැහැරව රැකියාව කරන අසංක ශ්‍රී ලාල් සහෘදයා කලක පටන්ම සිරාගේ කාමරයට යන එන හිතවතෙකි. මාසයේ අවසාන ලිපිය හෙවත් හත්වෙනි ලිපිය වෙනුවෙන් මෙවර ඉඩ කඩ වෙන්වනුයේ ඔහු විසින් නිර්මාණය කර එවන ලද ගද්‍ය නිර්මාණ එකතුවක් වෙතටයි. මෙයට පෙර සිරාගෙ කාමරය තුල කාව්‍ය නිර්මාණ පලවී නැති හෙයින්ම මෙය නැවුම් වෙනසක් වනු ඇත.මෙහි සටහන් වන අවසාන මාතෘකාව අරභයා ඔබේ අදහස් මුසු කර ...
පාසල් සේවය Sirage Kamare සිරා කොලුවා 5 සිස්සත්තෙ සමත් වුනාට පස්සෙ නගරෙ තිබුන එකම බාලක පාසලට ඇතුලත් කරන්න මගේ මැණියන් තීරණය කලා. ඒ වෙද්දි තාත්තා විදේශගතව හිටපු හින්දා මේ තීරණය ගැනීමේ පූර්ණ බලතල ඇයට තමයි පැවරී තිබුනේ. අන්න එතැනදි තමයි පුංචි පහේ පුරස්නයක් පැන නැග්ගෙ.මේ පොඩි කොලුවා බස් එකේ තනියම යවන්න පුලුවනෑ...එවකට ජීවතුන් අතර සිටිය අපේ තාත්තගෙ අම්මා හෙවත් අපේ ආච්චි එහෙම කිව්වා. බස් ...
මගුල් හටන් 2 Sirage Kamare කවුද කවුද අපේ කෙල්ලට තුණ්ඩු දුන්නෙ....ඇදලා ගනු ඕකාට දෙකක් දෙන්න...මංගල සභාවේ අවවාද අනුශාසනා මැදින් අනතුරක සේයා මතුවෙයි.... ඔන්න ඔතනින් තමයි අපි පළවෙනි කොටසට විරාමය තැබුවෙ. එද එතැන් සිට....තුණ්ඩුව දුන්නෙ ලලියා හින්දා ඒකා භයවෙලා වගේ වටපිට බලනවා...ඒකට උල්පන්දම් දීපු එකා මම නිසා මමත් ඇස්බෝලෙ වටේටම කරකෝලා බැලුවා...ඒත් භය වෙන්න කාරියක් නෑ නොවැ...අපි තුණ්ඩුව දුන්න කෙලී අම්මත් එක්ක අර අපූරුවට ඉදගෙන ඉන්නෙ....ලලියො ...
පොත්ගුලේදී ගින්දර ට පෙම් කළෙමි Sirage Kamare ඔන්න ඉතිං ආයෙමත් වංගියක් සිරාගෙ කාමරෙන් සිරාගෙ පෙම් ජවනිකාවක් ගැන ඇද බාන්නයි සිරා මේ සුජානම් වෙන්නෙ... සිරා කොලුවා කෙතරම් නම් සත්ගුණවත් වුනත් ට්‍රයි එක දීපු එකම එකියක්වත් මුල් කාලෙදි සිරාට සැට් උනේ නෑනෙ හැබෑටම... රතු කොණ්ඩෙ කියන්නෙ සිරාගෙ ප්‍රථම ප්‍රේමය... එතකොට අද මේ කියන්න යන්නෙ සිරාගෙ අති (අ) සාර්ථක දෙවැනි ප්‍රේමය ගැන.අ.පො.ස සා/පෙ එහෙම ගොඩ දාගෙන සිරා උසස් පෙළ පන්තියටත් ...
මොන්ගලයා සහ නයිට් කඩේ Sirage Kamare ඒ සිරා කොලුවා පාසලෙන් නික්මෙන්නට ඔන්න මෙන්නව තිබූ සමයයි. සෑම හමුවීමකම වෙන්වීමක් ඇත යන බුදුන්ගේ ධර්මය පසක් කරමින් වසර ගණනාවක බෑන්ඩ් ජීවිතයෙන් මෙන්ම පාසලෙන්ද සමුගන්නට පෙර සහභාගි වීමට නියමිත අවසාන වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙලයි. බෑන්ඩ් කෙරුවාව කල උන් මේ කියන සමයේ ඇති අවිවේකී බව හොදාකාරව දනී. උදෑසන සිට අදුර වැටෙන තැන දක්වා ගිණි අව්වේ පිච්චෙමින් පහුණුවීම් කිරීම බෑන්ඩ් උණ තියෙන ...
අරක්කු සහ ආතල් Sirage Kamare සුරාපානය පිළිබදව ඇත්තේ අවුරුදු දහස් ගණනක ඉතිහාසයකි. මේ අපූරු සොයාගැනීම කලේ කිසිවෙකුදැයි නිශ්චිතව සනාථ කල නොහැකි වුවත් එක් විකට කථාවක එන පරිදි මත්පැන් සොයාගෙන ඇත්තේ චියර්ස් (Cheers) නම් සුද්දෙකු විසිනි. බොහෝවිට සාදයක ඇරඹුම හෙවත් පළමු ෂොට් එක බොකු බඩවැල් කරා යැවීමට ප්‍රථම චියර්ස් යනුවෙන් මතක් කරන්නේ ඒ අනර්ඝ සොයා ගැනීම කල සුද්දාවය. මත්පැනින් සන්තර්පණය වන ජනතාව වූ කලී එතරම් කලගුණ ...
චීන නව නිපැයුම් Sirage Kamare චීන ජාතිකයො කියන්නෙ ලෝකෙ වැඩිම ජනතාවක් සිටින දේශයට අයත් වැසියො. ලෝකයේ වැඩිපුරම කථා කරන භාෂාවත් චීන භාෂාව. ලෝකෙ අංක 1 වරාය අයිතිත් චීන්නුන්ට...ඒ වරාය සතියක් වහලා තිබුනොත් එහි බලපෑම සමස්ත ලෝකෙටම දැනෙනවා කියලයි කථාවට කියන්නෙ.ශරීර ප්‍රමාණයෙන් විශාල නොවුනට චීනා වැඩට බැස්සම කඩියා වගේ තමයි. මුද්‍රණයට කඩදාසි, මුද්‍රණ ශිල්පය, වෙඩිබෙහෙත්, ඉන්ධනයක් ලෙස ගල් අගුරු භාවිතා කල හැකි බව, , අපිට හොයලා ...
හිතුමතේ ජීවිතේ 3 Sirage Kamare මෙයට පෙර කොටස් කියවන්න අතපසු වූයේ නම්..1 කොටස2 කොටසඅනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල ...
දොස්තර අංකල් Sirage Kamare කාලෙකට කලින් සිරා ලිව්ව හුජ්ජ පෝස්ටුවෙ මනමාලයගෙ මල්ලි තමයි ප්‍රියා. ඒ කිව්වෙ මම උසස් පෙළ කරන අවධියෙ මගේ ජීවිතයට ලං වෙච්ච කදිම මිතුරෙක්. අපේ මේ මිත්‍රත්වය දළු ලා වැඩෙද්දි තමයි අපි එකිනෙකාගෙ නිවෙස් වලට යාම් ඒම් කරන්න පටන් ගත්තෙ. මගේ මිතුරෙක් අපේ ගෙදර ආවොත් අපේ අම්මා දවල්ට කන්න දෙන්නෙ නැතුව යවන්නෙ නෑ වගේම උන්ගෙ ගෙදරකට මම ගියොත් ඒ නිවෙස් වල ...
අම්පාර විද්‍යානන්ද පිරිවෙනින් මතු වූ පුංචි සිනා මල් Sirage Kamare මේ පෝස්ටුවේ සිට රට කථා කියන්නට මම කලින් සිතා සිටියෙමි. සිරාගේ කාමරයට පැමිණි බොහෝ අයගේ ඉල්ලීම වූයේද එයයි. එනමුදු හදිසියේ මා ලද විද්‍යුත් ලිපියක් ඒ සියල්ල කණපිට පෙරලූයෙන් කලින් සැලසුම් නොකලද මෙවන් ලිපියක් අද සිරාගේ කාමරයේ හදිසියේම පලවෙයි. ඔබ බ්ලොග් ලියන්නේ ඇයි ? මේ ගැටළුවට විවිධ අය විවිධ පිළිතුරු දිය හැකි වුවත් සිරාගේ අවංක පිළිතුර නම් මා බ්ලොග් ලියන්නේ සිරා ...
අලුත් ලේබලයක් සමග සිරාගේ රට කථා Sirage Kamare මාස දෙකකට වැඩියෙන් ගත වූ කාල සමයකින් පසු සයිබරයේ මගේ පුංචි අවකාශය තුල සිට නැවතත් ඔබ හමුවීමට ලැබීම සැබවින්ම සතුටට කරුණකි. සිරාගේ කාමරය නිසොල්මන් වී ගෙවී ගිය කාල සමය තරම් මගේ ජීවිතයට අත්දැකීම් එකතු කල තවත් කාල සමයක් නැත්තේමය. එහි දුක මෙන්ම සතුටද එකසේ තිබේ. මාර්තු මස දෙවැනි දින උපන් බිමෙන් සමුගෙන නොදන්නා රටකට ගියේ දන්නා කියන වයසේ සිට හිතේ ...
අපි නොදන්න ප්ලාස්ටික් Sirage Kamare 2014 වසරෙ නමෝවිත්තියෙන් කාමරේ දොර ඇරලා ඔබට කියන කථාවයි මේ. කියවන අයට වැදගත් වන ලිපියකින් කාමරේ බ්ලොග් කෙරුවාව අලුත් වර්ෂය උදෙසා අරඹන්නයි මේ වෑයම.අපේ ඔපීසියෙ මගේ අංශයෙ කළමනාකාර වරයා තමයි සුබ්රා කියන්නෙ. මැලේසියානු ජාතික දමිළ පුද්ගලයකු වන තරබාරු සුබ්රා බොහොම තැන්පත් කෙනෙක්. ඒ වගේම නිර්මාංශ ආහාර මත පමණක් යැපෙන කෙනෙක්. සුබ්රා ගෙ කකුල් දෙක ලගට වෙන්න හැමදාමත් වගේ වතුර බෝතලයක් ...
සැලූන් ඩි ටෝනි Sirage Kamare සැලූන් ඩි ටෝනි යනු බාබර් සැලූනයකි. එය පිහිටා තිබුනේ ගම්පහ -ජා-ඇල බස් නැවතුම පිටුපසට වන්නටය. මෙහි සේවය කලෝ එක බඩවැල කඩාගෙන ආ අයියා සහ මල්ලි වූහ. අයියා ලෝකු ටෝනි වන විට මල්ලී පොඩි ටෝනි විය. පෙම්වතිය සමග කයියකට සැටමෝල් වෙන්නට, අඩ්ඩක් ගසා හිත සනසා ගන්නට, බල්ලොත් බත් නොකන මූණත් තහඩුව හෙයාර් ඉට්ටයිල් එකක් මාර්ගයෙන් නිසි මගට ගන්නට , අතරැදි දුම්වැටියෙන් ...
ගම්පහ ගෙට්ටුවේ අය-වැය සහ නොකී කථා Sirage Kamare ජනවාරි 27 වන දින පැවැත්වුනු ගම්පහ ගෙට්ටුව දැන් අතීතයට එකතු වී හමාරය. ඒ ගැන තව තවත් එකම දේ ලිවීමෙන් පලක් නොවන බැව් මගේ අදහසයි. මේ වට විට ඇති තරම් බ්ලොග් අවකාශයේ ඒ ගැන ලියවී තිබේ. ගම්පහ ගෙට්ටුව ගැන කෙටියෙන් යමක් කියනවා නම් එය ජීවිතයට අලුත් අත්දැකීමක් එක් කල අමතක නොවන දිනයකි. බ්ලොග් කරුවන් මෙන්ම බ්ලොග් කියවන අයද කාන්තා පිරිමි, උස් ...