මාලි බේරාගන්න හැමෝම එන්න Sirage Kamare අලියා හෙවත් හස්තියා යනු ගොඩබිම වෙසෙන විශාලම සත්වයාය... එය අද කාලයේ මොන්ටිසෝරි දරුවාද දන්නා කාරණයකි. අලියා තරම් මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර වූ තවත් සත්වයෙක් සිටී දැයි විටෙක මට සිතේ.... අලියා සම්බන්ධව අප අසා ඇති ඇතැම් සිදුවීම් බුදුරජානන් වහන්සේගේ කාලය දක්වාම දිව යයි.... මහාමායා දේවිය සිදුහත් උපතට පෙර දුටු සිහිනයේද සිටියේ සුදු ඇත් පැටවෙකි. බුද්ධත්වයට පත් වූ පසු දසවන වස් කාලය ගතකිරීමට ...
අති සාර්ථක තැඹිලි මෙහෙයුම Sirage Kamare සිරා කලක් අතිශයින් ආදරය කල බෑන්ඩ් ජීවිතය ගැන තවමත් ලියා ඇත්තේ බොහෝම කෙටියෙනි. එයද බූරුගසා සිදු වූ සිදුවීමක් ගැනය. ඒ හේතුවෙන් නැවත වතාවක් රසබර බෑන්ඩ් ජීවිතයෙන් යමක් හාරා අවුස්සන්නයි මේ වෑයම. ඇතැම් විට මෙය මගේ බෑන්ඩ් කණ්ඩායම අතිශෝක්තියෙන් වර්ණනා කරන එකක් ලෙස ඔබට දැනෙන්නටත් පුලුවන... නමුත් මා කලේ ඒ හා බද්ධ වී තිබෙන මගේ හැගීම් හා සත්‍ය සිදුවීම් වචන බවට ...
සත්ගුණවත් සිරාගේ රෙදි ගැලවුනු දවස Sirage Kamare සත්ගුණවත් සිරා කොලුවාට පිය පාර්ශවයෙන් නැන්දා වන චරිත 4 කි. මේ අය අතරින් අඹේපුස්සේ ජොශපින් නැන්දාගේ ගෙදර යන්න සිරා හිච්චි එකා කාලෙ ඉදලාම හරිම මනාපය. ඒ ජොශපින් නැන්දගෙ දරු කැළත් එක්ක තිබ්බ පයුරුපාසානම ඉතා දැඩි එකක් හින්දා. මගේ පියා පවුලෙ බාලයාට කලින් කෙනා හින්දා තාත්තගෙ සහෝදරියන් සෑහෙන්න වැඩිමහල් වගේම ඒ අයගෙ දරුවොත් අපට වඩා සෑහෙන තරමට වැඩිමල්. අඹේපුස්සෙ නැන්දා පුත්‍රයො ...
සිංගප්පූරුවේදී හමු වූ කළණ මිතුරා Sirage Kamare සිංගප්පූරුව පිළිබද ලිපි මාලාවේ තවත් අලුත් යමක් ඔබට කියන්නයි මේ වෑයම.සිංගප්පූරුවේ ජන ජීවිතය අති ධාවනකාරී වේගයකින් ඉදිරියට ඇදෙන්නකි. ඒ තුල නවීන තාක්ෂණයේ ආශිර්වාදය මොනවට ලැබී තිබුනද බොහෝ ස්වදේශිකයන් ජීවත් වන්නේ යම් කිසි වැඩසටහනකට අනුව ක්‍රියා කරන රොබෝ වරුන් පිරිසක් මෙනි. ඔවුන් තුල සිනහව, සුහදතාව ආදිය සීමා වී ඇත්තේ තමා හොදින් දන්නා කියන අය අතර පමණකි. දුම්රියේ මෙන්ම බස්රියේද හැමවිටම දැකිය ...
අයියෝ සල්ලි.... Sirage Kamare හුග කාලෙකින් සිරා කයිවාරුවක් ඇද බා නැත... පහුගිය දොහේ ගණිකාවන් නීතිගත කිරීම, Dudesira හුජ්ජ බෑග් බෙදා හැරීම ආදී සමාජය හිතැති, භාර දූර්ය, ඉතාමත් වටිනා කාර්යයන් බොහොමයක යෙදී සිටීම නිසාම සිරාට කයිවාරු අමතක වී ගියේය. එනමුදු කාමරේ ලෑලි දොර අභියස සිට තට්ටුව දමා ඇතුලට ඒමට අවසර පතන සුපින්වත් සහෘද කැළ මතක් වෙද්දි මගේ අක්මාව ගැහෙයි, හෘදය සංකෝචනය වී ප්‍රසාරණය වේ... දියං ...
යකඩ අස්පයෝ සහ රන්ටැඹේ Sirage Kamare සිරා කොලුවා ඉතින් සෑහෙන්න බෑන්ඩ් උණ තිබුන එකෙක් බව බොලා දන්නවා නොවැ... සමහර දේවල් දැනටමත් මම ලියලා හමාරයි. ආයෙමත් වංගියක් මෑත අතීතෙ හිත නැවතුන වෙලාවක මතක් වෙච්ච කථාවක් තමයි එහෙනං අද කියවන්න ලැබෙන්නෙ.මේ කියන කථාව සිද්ධ වුනේ 2011 වසරෙ. ශිෂ්‍යභට ව්‍යාපාරයේ නියලෙන අයට තමන්ගෙ කණ්ඩායම් වලට අදාළව රන්ටැඹේ කදවුරු භූමියෙදි තරග පැවැත්වෙන සැප්තැම්බර් මාසය උදාවෙද්දි හරිම කාර්යබහුල තත්වයකට තමයි මුහුණ ...
මුත්තරා බොක්ක නූලෙන් බේරුන දවසක් Sirage Kamare බර්ර් ර්ර් බ්ර්ර්ර්..... මේසෙ උඩ තිබ්බ දුරබණුව සද්දෙ දාගෙන කම්පනය උනා...හෙලෝ.... මචන්.... මම ප්‍රියා... අපේ අයියගෙ වෙඩිම ලබන මාසෙ...බොට පුලවන් නේද දෙවැනි මනමාලයා වෙන්න... එහා පැත්තෙන් එහෙම ඇහුනා....අයියෝ ඕවා සිම්පල් බොලං... දෙවැනි මනමාලිත් ලස්සනට ඇති නොවැ.... සිරාගෙ හිත කිව්වා...ඒ උනාට කටෙන් පිට වුනේ හරි හරි මට පුලුවන් කියලා විතරමයි...අපේ තාත්තා නුවර නිසා මුල් ඇදුම ඒ කිව්වෙ නිළමෙ ඇදුම තමා අයියට ...
බෝම්බ හාල් සහ පල්ලිය Sirage Kamare පාරම්පරික බෞද්ධයින් සහ කතෝලික බැතිමතුන් පමණක් වෙසෙන අප ගම් පියස තවමත් වර්ගවාදී හෝ ආගමික ගැටුම් වලට මැදිවී නැත. එහි වර්තමානය වන විටත් දේශපාලන ගැටුම් හෝ නොතිබීම ගැන මම ඉතාම සතුටු වෙමි. පෙර කියූ ආගම් දෙකට අයත් සිංහල ජනතාව පමණක් 100% වෙසෙන පළාතකි මේ කියන ඉසව්ව.අදින් දශක දෙකකටත් එහා කාලයේ සිටම මේ ගමට වරින් වර සුභාරංචි කරුවෝ පැමිණියහ. බොහෝ ඇත්තන් මේ ...
සිරිතිලක සහ කුලී රථය Sirage Kamare දෙවැනි වේදිකාවට පැමිණි දුම්රිය පොල්ගහවෙල බලා පිටත් වෙයි.එම දුම්රිය පොල්ගහවෙල දක්වා සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.ගම්පහ දුම්රිය ඉස්ටේසුමේ යකඩ කට වෙනදා වගේම බෙරිහන් දෙද්දී සිරිතිලක කුලී රථගාලේ පිටිපස්සට වන්නට තිබූ ගරාදි වැටට හේත්තු වී තමා හැර දමා ඉහළට ඇදෙනා ත්‍රී රෝසස් සිගරැට්ටුවේ දුමාරය දිහා මළානික දෑසින් බලා සිටියේය.මදින් මද හිරු එළිය නගරය ගිලගත්තා වුවත් හිරු දෙවියා තවමත් සැර පරුෂ නැත. ...
පත්තරේ දැන්වීම හා මාලදිවයින Sirage Kamare ඒ 1990 වසරේ ජූනි මාසයට පෙර දිනයකි. ලංකාවේ ප්‍රධාන පුවත්පතක පල වී තිබූ දැන්වීමකි. ඔබ උපන්නේ 1965 ජූලි මස 27 වන දින නම් මාලදිවයින් නිදහස් දින උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන රාජ්‍ය දුත කණ්ඩායමට එක්විමට ඔබටත් අවස්ථාවක්...වහාම අයදුම්පතක් යොමු කරන්න, යනුවෙන් අමාත්‍යාංශයක නමක් හා ලිපිනයක් ඊට යටින් විය.මේ කියන කාලයේ අද පෝස්ටුවේ කථානායකයා වන ඉන්ද්‍රනාම 25 හැවිරිදි වියේ පසු වූ ...
ටිකට් කෙරුවාවේ ආරම්භය Sirage Kamare පළමු කොටසකම්මැලි ගමනින් අප ඉදිරියට පැමිණ මද වේලාවක් කලූ සහ අප කණ්ඩායම අතර සිදුවන පන්දු ක්‍රීඩාව දෙස සැහැල්ලුවෙන් බලා සිටි සනා තම දුරකථනයට ලැබුනු ඇමතුමක් නිසා අපෙන් ඈතට ගියේය. මදින් මද රෑ බෝ වී දැන් වේලාව රාත්‍රී 9 ට පමණ ආසන්නය. ක්‍රීඩකයන් නැවත ඔවුන් ලැගුම් ගෙන සිටින හෝටලයට පිටත් වීමට තම බඩු බාහිරාදිය එකතු කරන විට හෙට තරගය සුභ වෙන්නට ...
අනේ එහෙමත් දවසක් Sirage Kamare පහුගිය දිණ කීපයේ හලාල් පිළිබද කථිකාව බොහොම සැරටම ගිය හින්දා සිරාගෙ කාමරේ දුප්පත් ලෑලි දොරේ සරනේරුත් බුරුල් වෙලා, පුටු කකුල් ඇද වෙලා, එහෙව් වෙලාවක සැහැල්ලුවෙන් යමක් දෙසාබාන්නයි මේ වෑයම...සිරා කොලුවා ඉතිං කාට කාටත් උදව්වක් පදව්වක් කරගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න එකා වෙච්චිකොට, කවුරුහරි සහයෝගයක් ඉල්ලුවොත් ඉතිං කවදාවත් බෑ කියන පුරුද්දක් නෑ නොවැ... අන්න ඒ නිසාම තමයි මේ කියන්න යන කාරණේට සිරා ...
සිරාගේ මහවේ ප්‍රේමය Sirage Kamare සිරා කොලුවා වෘත්තීය ජීවිතයේ හා පුරා කියා සම්බන්ධ වූ දැන්වීම් ප්‍රචාරණ ආයතනය පිහිටා තිබුනේ බොරැල්ල කොටා පාරේය. උදෑසනට ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී මරදානෙන් බැස ඉතිරි දුර බස් රථයකින් ගමන් කලත් ආපසු ගමනේදී අතුරු සිදුරු නැතිව මරදාන දුම්රිය ස්ථානයේ පොදි කන දුම්රිය මගීන් හමුවේ දුම්රියකට ගොඩවීම උගහට හෙයින් සන්ධ්‍යා භාගයේ දුම්රියට පිවිසීම පිණිස මා එකල භාවිතා කලේ කොටුව දුම්රිය ...
මැලේසියාවේ අපේ අවුරුදු Sirage Kamare සුන්දර මැලේසියාව තවත් සුන්දර කල දිනයක් ඊයෙ දිනයේ නිමාවට පත් විය. මව්බිමෙන්, තම ඥාති හිතෛශීන්ගෙන් ඈත්ව රිංගිට් සෙවීමේ සටනක නිරතව සිටින අපේම ජනතාවට මව්බිමේ ජීවත් වෙනවා යැයි මැලේසියාවේ සිට දැනෙන දවසක් වේ නම් ඒ මැලේසියාවේ බක්මහා උළෙල පැවැත්වෙන දවස බව අතිශෝක්තියක් නොවේ.උදෑසන සිටම සතුටේ ගිලුන ඇස්ගෙඩි සහ උද්යෝගයේ හසරැලි සහිත අක්කලා නංගිලා අයියලා මල්ලිලා මෙන්ම නැන්දලා මාමලාද දකින විට බක්මහ ...
බකිනි ගහේ බකිනි මලෙන් පාර අහන්නේ Sirage Kamare සිරා කොලුවා දැන් ඉන්නේ නොරටක බව සිරාගේ කාමරයට එන යන ඇත්තො බොහොමයක් දන්නවා. ආදරණීය දෙමාපියන්ගෙන්, සහෝදරයගෙන් වගේම මිත්‍ර සමාගමෙනුත් වෙන් වෙලා ඉන්න නිසාම රැකියාවෙන් පස්සෙ නවාතැනට ගියාම කථා බහ කරන්නත් කෙනෙක් හිටියෙ නැත්නම් සමහර වෙලාවට දැනෙන්නෙ පුදුමාකාර පාලුවක්. අන්න ඒ පාළුව දුරු කරගන්න තමයි සිරාගෙ ජංගම දුරබණුව රසපිරි සිංහල ගීතයන්ගෙන් පිරිලා තියෙන්නෙ.මම බොහෝ වෙලාවට නව පරපුරේ ගීත අහන්නෙ අඩුවෙන්. ඒකට ...
අපිත් ගියානෙ මී මුරේ 3 (අවසන් කොටස) Sirage Kamare බුර බුරා නැගෙන ගිණි මැලේ වටේට පිරිස දැන් එකදු පහදු වෙලා. රම් සුවදට ඉව අල්ලන ගමන් බැදපු හුරුල්ලො එකා දෙන්න කුස කරා ඇදෙනවා. ඒ අතරෙ ජීවන්තයගෙ කොංගෝව වෙනදා වගේම උගෙන් සෑහෙන්න පහර කනවා. කාත් කවුරුවත් අහලක පහලක නැති පාලු වනාන්තරයක...ගෙවෙන මේ රාත්‍රිය කොපමණ සොදුරුද...ඒ අත්දැකීම විදපු කෙනෙක් තමයි ඒ චමත්කාරය ගැන දන්නෙ.කලින් කොටස් දෙක කියෙව්වෙ නැත්නම්1 කොටස2 කොටසවනාන්තරයට රාත්‍රිය උදා ...
දතේ හිලක්ද ? Sirage Kamare මේ 2001 කාල වකවානුවයි. හෙනගැහුවා මෙන් හිටි අඩියේ හිල් වූ මාගේ හක්කේ උඩුඇන්දේ පුරස්චාර්වක වර්ගයේ දතක් මට නිතර දෙවේලේ දුක් දෙන විට කිරි ටොයියෙකු ලෙස අලුතින්ම විවෘත වූ පාසල් දන්තාගාරයේ සේවයට පැමිණියේ රූමත් තරුණ වෛද්‍යවරියකි. බාලක පාසලක් වූ අප පාසලේ උසස්පෙළ පන්තිවල බහුතර කොල්ලන්ට දත් අමාරු ඇතිවූයේ ඇගේ ආගමනයෙන් පසුව බව මට ඉදුරා කිව හැක.දත් වැඩක් කරගැනීමට අවශ්‍ය වූයේ පන්ති ...
ලංකාවටම එකයි.... තියෙන්නෙ මෙතනයි... Sirage Kamare පහුගිය දොහේ අනම් මනම් වල් පල් කථා කොරපු එකේ අද නැවතත් වැදගත් යමක් කථා කොරන්නයි සිරා කොලුවගෙ මේ සූජානම... අන් අයට කෙසේ වෙතත් මම නම් ඉතිහාස තොරතුරු හොයාගෙන කියවන්න බොහොම මනාපයි... ඒ ආශාව කාමරයට එන ඔබටත් බෝ කරන්නයි සිරාගෙ මේ අහිංසක වෑයම...අපි අද කථා කරන්න යන්නෙ ලංකාවෙ තියෙන මේ වර්ගයේ එකම එක තියෙන ඉසව්ව ගැන... මේ කුණුහරුපෙ මොකක්ද කියලා තව ...
බයිසිකලේ Sirage Kamare පා පැදිය හෙවත් බයිසිකලයට මා පෙම් බැන්දේ ඉතා කුඩා එකෙකු සන්දියේ සිට බැව් මට අද ඊයේ මෙන් මතකය. සිරා කොලුවා දුවන පනින අවදිය වන විට රජයේ සේවකයෙකුව සිටි මගේ පියා සතු වූයේද පා පැදියක් වීම එයට එක් හේතුවක් වන්නට බැරි නැත. කොළොන්නාවේ රජයේ කර්මාන්ත ශාලාවට සේවයට වාර්තා කිරීම පිණිස අප නිවසේ සිට ගම්පහ දුම්රිය ස්ථානය දක්වා ඇති කිලෝමීටර් හතරකට මදක් ...
මගේ යාලු සාදු Sirage Kamare නවම් මාසය...එහෙමත් නැතිනම් කවුරුත් හදුනන පෙබරවාරි මාසය බොහෝ අය සුභ කටයුතු සදහා යොදා නොගන්නෙ එහි දින අඩුයි කියලයි. අඩුමාසෙ කියලා කටවහරෙ එන හින්දමද කොහෙද මේ මාසයේ එහෙමත් තැනක තමයි විවාහ මංගල්ලයක් උනත් කෙරෙන්නෙ. ඒ වගේම අලුත් ව්‍යාපාරයක් කාරිය ආරම්භ කරන්නෙ. නිවසක් තනන්න මුල් ගලක් තියන්නෙ. විවාහ උත්සව සමග සෘජුව සම්බන්ධ වෘත්තිකයො වසරේ අඩුම ආදායමක් ලබන්නෙත් මේ කියන නවම් මාසයේ.සිරා කොලුවාට ...