ඒ හීනෙට චුට්ටි දුරයි Sirage Kamare සිරාගේ ජීවිතයේ හා පුරා කියා නිරත වූ රැකියාවෙන් මිළදී ගත් දෑ අතරින් ශේෂ වී තිබූ අවසන් සැමරුමත් මගෙන් සමුගත්තේ ඉකුත් සතියේ දිනකය. එය වූ කලී අතේ බදිනා ඔරලෝසුවකි. මගේ දුකෙහිදී මෙන්ම සැපේදීද මගේ හද ගැහෙනා රිද්මයට සවන් දෙමින් මා සමගම සිටි මේ අජීවී වස්තුව වූ කලී මට ඔරලෝසුවක්ම පමණක් නොවීය. එය වැර වෑයමෙන් වෘත්තීය ජීවිතය තුල ඉහළට ආ මගේ ආරම්භය ...
දඹුල්ලේ ටිකට් කැඩුවෙමි Sirage Kamare ඒ 2004 වසරයි. සිරා කොලුවා උසස් පෙළ විභාගයෙන් අනතුරුව පරිගණක අධ්‍යාපනය ලබමින් සිටි සමයකි. පාඨමාලාව පැවැත්වෙන්නේ සති අන්තයේ බැවින් සතියේ දින වල ඇති පදමට විවේකය තිබුනේය. ඒ විවේකයෙන් වැඩි හරියක් වැය වුනේ හැන්දෑ කොරේ සිදුකල ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. සැහැල්ලු පන්දුවෙන් සිදුකල මේ ක්‍රීඩාව තුල සිරා කොලුවාගේ හැකියාවන් මොනවට ප්‍රදර්ශනය වූ නිසාම අසල්වැසි ගම්මාන වලින්ද ඇතැම් විටක කොලු කුරුට්ටන් මා සොයා ...
ලොකු හදවතක් ඇති 96 ලෝක ශූරයන් Sirage Kamare ට්‍රීං ට්‍රීං හඩින් අවසන් කාලජේදයේ නිමාව සටහන් කරමින් 1996 මාර්තු මස දිනක පාසලේ විදුලි සීනුව නාද විය. මිටින් හල කුරුල්ලන් මෙන් වෙනදා නැති තරමේ උනන්දුවකින් පාසලේ කොල්ලන් නිවෙස් බලා දිව්වේ පුදුම තදියමකිනි. නමුත් දෛවයේ සරදමකටදෝ සිරා කොලුවාට නිවෙස්බලා යාමට නොහැකිය. සිරාගේ මෑණියන් තොරතුරු සොයා අනුමත කල පාසලට යාබද ඉංග්‍රීසි අතිරේක පන්තියේ ආරම්භය එදිනට නියමිතව තිබීම එයට හේතුවයි. තත්වය එසේ වුවත් ...
හලාල් සහ ජාතිවාදය Sirage Kamare සිරා අද ලියන්නට යන්නේ තරමක අවධානම් සහගත ලියවිල්ලකි...එසේත් නැතහොත් ආගමික අන්තවාදයකට එරෙහි ලියවිල්ලකි....මෙයින් අනතුරුව සිරාට එරෙහිව විවිධ චෝදනා එල්ල වීමට ඉඩ ඇතත් කාරියක් නැත... සාධාරණ යැයි මා විශ්වාස කරනා කාරණයක් වෙනුවෙන් ශ්‍රී ලාංකික ප්රජාතන්ත්රවාදී ජන රජයේ පුරවැසියෙකු ලෙස අදහස් ප්‍රකාශ කිරීමට මා හට හිමිව ඇති අයිතිය මත...මෙම ලියවිල්ල අරඹන්නට කැස කවමි...මගේ බ්ලොගියේ මට කැමති දෙයක් ලිවීමට අයිතියක් ඇති බව සියල්ලෝ ...
මුත්තරා බොක්කට සහනය, අලුත්ම සොයාගැනීමක් 18+ Sirage Kamare THE Royal Costume Survival Kit.අපහසුතා අවම කරන රාජකීය ඇදුම් ආධාරක උපකරණයපසුගිය දිනක සිරා ලියූ මුත්තරා බොක්ක පිළිබද පෝස්ටුව කියවූ මා හිතවත් හෙන්රි බ්ලොග් වෝකර් හෙවත් ඩූඩ් මහතා විසින් එම ඇදුම භාවිතා කරන්නන්ගේ සකලවිද අපහසුතා අවම කල හැකි නවතම නිර්මාණයක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බලමින් සිටී.. මා වෙත එවන ලද එම මූලික තොරතුරු මෙසේ ඔබ අතට පත් කරමි. ඒ ඔබේ සෞඛය තත්වය ...
අපේ බෑන්ඩ් මාස්ටර් Sirage Kamare ඊළග කාලජේදයේදී වහාම බෑන්ඩ් කාමරයට වාර්තා කරන්න... පණිවිඩකරුවෙක් සිරා ඒ වෙද්දි අධ්‍යාපනය ලබමින් සිටි 11 F පන්තියට රැගෙන ආව පණිඩිඩය තමයි ඒ. අවේලාවෙ පත්තු උනේ මොන මරාලයක්ද කියලා හිතන ගමන් රතු පාට මැයි මල් වලින් හැමදාම පාසල් ක්‍රීඩාංගනය වර්ණවත් කරපු මැයි ගහ අද්දර පඩිපෙළින් පල්ලම් බැහැලා සිරා ක්‍රීඩා ගාරයේ උඩුමහලෙ අපිටම වෙන්වූ අපේ නවාතැනට සේන්දු වුනා. ඒ තමයි බටහිර තූර්ය ...
ඔටුවා සහ චාරිකා Sirage Kamare ඡායාරූපය http://srilanka.for91days.comවර්ෂ 2001 වූ කලී සිරා කොලුවා ඇතුලු මා මිත්තර නඩය උසස් පෙළට ඉදගත් වසරයි. දෑ වසරක් තුල ඉගෙන ගත් දෑ රජයේ මුද්‍රණාලය මගින් සැපයූ සුදෝ සුදු ක්‍රීම් වෝව් වර්ගයේ කඩදාසි කොළ මත සටහන් කරන්නට අප ගත් වීරිය නිසාමදෝ ජීවන මගේ එක් සංධිස්ථානයක් මේ කියන වසරේ සටහන් වී තිබේ.උසස් පෙළ විෂයන් 4 කට පෙනී සිටින්නට මට කලින් උපන් උන්ට චෑන්ස් ...
අම්පාරේ මහ පිංකම Sirage Kamare පත්තර කන්තෝරුවේ රාජකාරිය අහවර කර පුටුවකට බර දී හෝරා දෙකක් පමණ ගත වන්නට ඇත... නිදිබර නෙත් කෙවෙනි පියවෙන්නට ආ නමුදු අද දින සහභාගි වන්නට නියමිත පිංකමේ නාමයෙන් සිරා ඉවසා සිටියේය. අළුයම 4 පසුවී මිනිත්තු 30 ක් ගිය තැන දුරබණුව කම්පනය විය. Raj යනුවෙන් එහි සටහන් වී තිබුනි. මල්ලි අපි ළගම එනවා පල්ලෙහාට වරෙන් ඔහුගේ ලෙංගතු හඩ සවන් පිරවීය.එකම පාසලක ඉගෙන ...
අපි නොදන්න මැලේසියාව 2 කොටස Sirage Kamare 1 කොටසමැලේසියාව පිළිබද මෙයට පෙර පලවූ ලිපියෙන් මැලේසියාවේ භූ පිහිටීම, නිදහස ලබාගන්නට පෙර පරිසරය හා පසු පරිසරය, මැලේ භාෂාව, ජන වර්ග, ආගම් ආදිය පිළිබද යම් දැනුමක් ඔබට ලබා ගන්නට හැකි වුනා. අද ලිපියෙන් ඔබට අපි නොදන්නා මැලේසියාව ගැන තවත් තොරතුරු රාශියක් දැනගන්නට ලැබේවි.මැලේසියාවෙ ජාතික ගීය හදුන්වන්නෙ නෙගරාකු කියන නමින්...එහි අර්ථය මගේ රට යන්නයි. මේ රටේ ජාතික කොඩියෙ තියෙන සංඛේත ගැන ...
කජු මුලට පෙම් බැදි ජයවර්ධන Sirage Kamare http://medicmagic.net/wp-content/uploads/2010/07/cashew-nut-tree.jpgසිරා ගැටයා කාලෙ අපේ ඉසව්වෙන් එහා ගමක ප්‍රාන්ත කිරිකට් කණ්ඩායමක ආරම්භක පිතිකරු වෙලා හිටියා. ඒ කණ්ඩායමට වමතින් පිත්ත හසුරුවන ක්‍රීඩකයො හිටියෙ නැති නිසා අපේ ප්‍රාන්තයේ නමක් දිනා සිටි සිරා කොලුවාව මගේ පාසල් මිත්තරයෙකුගෙ රෙකමදාරුව පිට ඔය කියන කණ්ඩායමට ආනයනය කොලා. අපේ ගමේ නෙමෙයිනෙ කියලා වෙනස් සැළකීමක් මට ඒ කාලෙ ඔවුන්ගෙන් ලැබුනෙ නෑ... සහභාගි වුන හැම තරගෙකදිම පිත්තෙන් බැරි වුනොත් පන්දුවෙන් ...
මිත්‍රත්වය සහ ආම්ස්ට්‍රෝන්ග් (Armstrong) Sirage Kamare ජීවිතය යනු කුමක්ද ? එයට පැහැදිලි නිර්වචනයක් දිය හැකිද ? ඇතැම්හු ජීවිතය යනු සාංසාරික ගමන් මගේ තාවකාලික නැවතුම් පලක් ලෙස හදුන්වයි. තවත් සමහරෙක් එය මායා රගමඩලක් ලෙසත් මෙලොව ජනිත වූ ජීවීන් එහි රැගුම් පාන්නන් ලෙසත් අර්ථ නිරූපනය කරයි.තත්වය එසේ වුවත් ජීවිතය යනු ජීවිතයයි. එය ජීවත් කරවන්න..යන සරළ අදහසේ සිටිමින් අතීතය දෙස නැවතත් ආපසු හැරී බලන කල අප කෙතරම් නම් මිතුරන් ...
අපේ අම්මගෙන් අහන්න Sirage Kamare සැබෑ නම හෙළි කරන්න අවසර නැති නිසාම අපි එයාට නිලන්ත කියලා කියමු...... උසස් පෙළ කරන කාලෙ සිරාගෙ පන්තියෙ හිටපු සගයෙක් තමයි මේ නිලන්ත. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලෙදි වගේම ඉන් එපිට කොට්ඨාශ, දිස්ත්‍රික්, පළාත්, සමස්ත ලංකා සෑම අදියරකම මැදි දුර දිවීම තරග වලදි පාසලේ නම තියපු කෙනෙක් තමයි මිනිහා.කුඩා අවදියේදි වෙනත් පන්ති වල සිටීම හේතුවෙන් 12 වසරෙදි හදුනගෙන 13 වසරට එද්දි ...
මළ බෑන්ඩ් Sirage Kamare උඹ තාම නිදිද....නැගිටලා ඉක්මනට ලෑස්ති වෙයන් යකෝ...අපිට මළ බෑන්ඩ් ගහන්න වෙලා....සිහින ලෝකෙ සැරිසරමින් සුර කුමරියො සමග මල් නෙලමින් සිටි සිරාගෙ නින්ද කැඩුවෙ නිවසේ දුරබණුවට බෑන්ඩ් එකේ අයිය බඩා ගත්ත ඇමතුම හින්දා.ඈ....හ් කවුද බොල මළේ...මේ ඉරිදා....තවමත් පියවෙන්නම ට්‍රයි කොරන ඇස් කෙවෙනි දකුණු අතින් හීනියට විවර කරගන්න උදව් වෙමින් සිරා කොලුවා රිසීවරය වම් අතින් කණට තද කොරගෙන ඇහුවා.අපේ එකෙක් නෙමෙයි බන්...මේ කොහෙවත් ...
දරුවෝ නැති අම්මාලා Sirage Kamare මීට පෙර ලිපියකදි දරුවන් කියන්නෙ ජීවිතේ වටිනාම සම්පත බව දොස්තර අංකල්ගෙ අදහස් ඇසුරින් සටහන් වුනා. ඒ සම්පත ලබාගන්න විවාහ ජීවිතයට එළැඹුන බොහෝ දෙනා පෙරුම්පුරනා බව කවුරුත් දන්න කාරණයක්. සෑම කාන්තාවක්ම පරිපූර්ණ කාන්තාවක් වෙන්නෙත් මාතෘත්වය නම් උතුම් පදවිය ලැබුවට පස්සෙ කියලත් කථාවක් තියෙනවා. බොහෝ අවිවාහක කාන්තාවන්ගෙ පළවෙනි සිහිනය වෙන්නෙ තමන්ට ගැලපෙන පුරුෂයෙක් සමග දීගතලා යන එක, ඊටත් පස්සෙ ඇගේ සිහිනය වෙන්නෙ ...
මැරතන් අසිරිය 2 Sirage Kamare පළමු කොටසට මෙතැනින්සිරාගේ මැරතන් කෙරුවාව ඇරඹුන ආකාරය කලින් පෝස්ටුව කියැවු අය දනිති. නොකියවූ අය කියවලාම ආවොත් හොදා.පළමු වාරයෙන් පස්සෙ දෙවැනි වතාවෙ තරගයට සහභාගි වෙද්දි සිරා කොලුවා යම් තරමකට අත්දැකීම් සහිත තත්වයකට පත්වෙලා හිටියෙ. තරගයේ මාර්ගය වැටී ඇති අන්දම, වේගය වැඩිකල යුතු තැන්, අනිත් තරගකරුවන්ගෙන් මිදිලා ඉස්සරහට යන ආකාරය ගැන ගැන දළ අවබෝධයක් ඒ වෙද්දි ඇතිවෙලා තිබුනා. තරගය පැවැත්වෙන්න සතියකට පමණ ...
මගුල් හටන් Sirage Kamare මගේ වෘත්තීය ජීවිතයේ දෙවන නැවතුම වූ කලී දැන්වීම් ප්‍රචාරණ කටයුතු කරනා ලංකාවේ ප්‍රකට ආයතනයකි. පුවත් පතක පළවී තිබූ දැන්වීමකට අනුව අයදුම් කර පරීක්ෂණ ආදියෙන් සමත් වී, ඔවුන් සමග එක් වූ මා හට වැඩිකල් නොගොස්ම ආයතනයේ පිරිසක් සමග සුහද සාදයකට එක් වන්නට වරම් ලැබුනි. ඒ අපේ සීනියර් ඩිසයිනර් ගොයියාගේ වෙඩිම කන්නට.....මල්ලි....උඹත් මගේ වෙඩිමට වරෙන්...මගේ නමට අකුරු කල කාඩ් පතක් මා අත ...
ඔක්කොම සැට් වෙන ගම්පහ ගෙට්ටුව Sirage Kamare ගම්පහ යනු බස්නාහිර පළාත තුල පිහිටා ඇති සිව්වන ස්ථානයට විශාලම නගරයයි. එය ගම්පහ දිස්ත්‍රික්කයේ අග නගරයද වෙයි. අතීතයේදී ගම්පහ යන නාමය වෙනුවට භාවිතා වී ඇත්තේ හෙනරත්ගොඩ යන නමයි. කොළඹ රැකියාවෙහි නියුතු රජයේ සේවකයන් වැඩි ප්‍රමාණයක් ගම්පහ පදිංචි කරුවන් වීම හෙයින්දෝ එය උගතුන්ගේ නගරය ලෙසද හදුන්වයි. ගම්පහ යන නම සෑදී ඇත්තේ එහි නමින් කියවෙන පරිදිම ගම්මාන 5 ක එකතුවකිනි. බහුතර අදහස ...
ගණිකාව සහ සිරි ලංකාව (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි) Sirage Kamare අම්මේ.... ගණිකාව කියන්නෙ කවුද ? සිරා හා පුරා කියා ගණිකාවක් ගැන විමසුවේ 5 පන්තියේ සිටියදීය. ඒ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයකට සහභාගී වීමට වෙනත් පාසලකට ගිය ගමනකදී බැව් මට තාමත් ඉතා හොදින් මතකය. මගේ මවට එදා කට උත්තර නැතිව සිටියදී ඈ වටා සිටි මගේ මිතුරන්ගේ මව්වරුද විශාල කල දෙනෙතින් මා දෙස බලාසිටියේ පන්සලේ පිංකැටය කොල්ල කෑ හොරෙකු දෙස බලා සිටින ආකාරයෙන්ය. පත්තර කොළයකින් ...
ලංගමෙන් ගහපු බල්ටිය Sirage Kamare 1998 කියන්නෙ සිරා කොලුවා අ.පො.ස සා/පෙට පෙනී හිටිය අවුරුද්ද...දෙමාපියන්ගෙ වගේම ඥාති හිත මිත්තරාදීන් රැසකගේ අවධානය මා කෙරේ යොමු වී තිබුන නිසාම තරමක පීඩනයකුත් දැනුන වසරක්. වසර උදාවෙද්දිම හිතට දැනුනෙ වසර අගට වෙන්න තියෙන විභාගෙ බර. ඒ බරින් කොටසක් හෑල්ලු කර ගන්න තමයි ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි වගේ විෂයන්ට අතිරේක පන්ති ගෑටුවෙ.ඒ කාලෙ ගම්පහ නගරයේ තිබුන හොදම යයි සම්මත ගණිතය උපකාරක පන්තියට ...
50 දශකයේ ඉට්ටයිල් සහ බියුටි කචල් Sirage Kamare 1 කොටස 2 කොටසසීයාට පින් දෙමින් සිරාගේ කාමරේ දිගහැරෙන, පැරණි පුවත් පත් චමත්කාරය ඔබට ගෙන එන තෙවැනි දිනය අදයි. සීයාගේ පුවත් පත් එකතුවේ තිබූ වෙළද දැන්වීම් වලින් සිරා කොලුවා වන මා විසින් අද තෝරා ගත්තේ කාන්තා පාර්ශවයට වැඩිපුර ඇගෑලුම් කමක් ඇති මාතෘකාවකි. Beauty Culture ලෙස ලෝකයා හැදින්වුවද කුපාඩි කොල්ලෝ බියුටි කචල් ලෙස හදුන්වන මේ විෂය වූ කලී වර්තමානයේ ඉතාමත්ම පුලුල් ...