කප්පාදුවෙන් ඇස් රතු කර ගතිමි Sirage Kamare ඒ සහශ්‍රය උදා වූ වසරයි. කාලයෙන් කාලයට විවිධ මල් පැල සිටවා මගේ මව් තුමිය විසින් අලංකාර කරන අපේ මිදුලේ ඒ වකවානුව වන විට විසිතුරු ශාක කීපයකටද අවස්ථාව ලැබී තිබුනි. නම නොදන්නා අලංකාර රතු පැහැති පත්රයන්ගෙන් යුතු වු ශාකයක් මිදුලේ පසෙක පඳුරක් ආකාරයෙන් සරුවට වැඩී ඒ වන විටත් තම අණසක පතුරවා හමාරය.නිවැසියන් කිසිවෙකු මේ පැලය කිසිවෙකුගෙන් ඉල්ලාගෙන හෝ පැල තවානකින් මිළදී ...
වෙද රාළ සහ කලු ගාමිණී Sirage Kamare කවුද යකෝ ඔය පාහර කථාව කිව්වෙ....මේක එහෙනං වෙදාට ගිය ගමනෙ. ඌ කැමති දේවල් විතරද අපි කරන්න ඕනෙ. මට අහු උනොත් වෙදාගෙ හතර හන්දි දිග අරිනවා...අම්මපා....තදින් මිට මොළවාගත් දකුණත වරිච්චි බිත්තියේ අනිමින් කලු ගාමිණී සිත තුල පැන නැගී ඇති කෝපාග්නිය පිට කර හරියි. අත්ලේ පහසෙන් සැනහෙන බිත්තියේ මැටි අංශු වරින් වර බිත්තිය පාමුලට වැටෙන අයුරු කොස්තා බලා සිටියේ හොර බළල් තඩියෙකු ...
සිතියමක් සමග පැය 24 ක් Sirage Kamare ඕන්න ඉතිං දෙයියනේ කියලා බොලාට අලුත් කථාවක් ඇද බාන්න සිරා කොලුවා ලෑලි දොරට පයින් එකක් ගහලා විවෘත කොරගෙන කාමරේට ආවා. පහුගිය දොහේ හවස් යාමෙ බොහොම තදට අහස් දිය ඇඳගෙන වැටුන හින්දාමදෝ කාමරේ ඇතුලෙ බොහොම හීතලයි. ඒ හීතල පයිසෙකට මායිම් කොරන්නෙ නැතුව අපි එහෙනං කථාවට බහිමු.2008 - 2011 කියන කාල වකවානුවෙ ලංකාවෙ මුල් පෙලේ බාහිර ප්‍රචාරන ආයතනයක ඩිසයිනරයෙක් විදියට තමයි සිරා ...
මයෙ මලයා සහ ලේලන්ඩ් දොර Sirage Kamare ට්රිංට්රිංට්රිංට්රිංට්රිංට්රිංට්රිංට්රිං................................ජංගම දුරබණුව කම්පොනය වන්නේ පන්සල් හන්දියේ පුෂ්පෙ කොලුවාගේ ඇමතුමක් නිසාවෙනි. සති අන්තයේ නිවාඩු දවසේවත් ලස්සන හීනයක් බලාගෙන දැරිවියකට තුරුල් වෙලා මල්වත්තෙ අකුලක් අස්සට රිංගන්න මුන් ඉඩ දෙන්නෙ නැති හැටියක්...හිතින් බැන බැන මම දුරබණුව අතට ගත්තා.මස්සිනා....උඹ තවම නිදිද....පොඩි දෙයක් කියන්න ගත්තෙ...කලබල වෙන්න එපා හැබැයි.කියපං කියපං කලබල වෙන්නෙ නෑ.උඹලගෙ මල්ලිට පොඩි කරදරයක්...ඇයි බං මොකද උනේ....මට හදිස්සියේ අකුණක් වැදුනා වගෙයි. බම්බලපිටි
බන්දුල බාප්පා Sirage Kamare කවුද මේ නොසන්ඩාල අවලං වැඩේ කරපු එකාලා...හොයාගෙන ඇවිත් කන පැලෙන්න දෙන්න කලිං මේ කාර් එකේ ලියලා තියෙන කුණු කථා ටික මකනවද නැද්ද ?මේ වෙඩිම සිරා කොලුවාගේ ඥාති සහෝදරයෙකු වන අතුල අයියාගේය. උගේ ජීවිතයේ ලස්සනම දවස ජල්තර කරන්න හදන්නේ කවුද ඩෝ...සිරා කොලුවාගේ සිංහයා ඇතුලු හදේ අවදි වී ඇති සෙයකි.අත පය දෙපසට වනමින් කෑ ගසනා චරිතය දුර තියා හදුනාගැනීමට අපහසු නැත. ඒ ...
අපි නොදන්න ටජ් මහල Sirage Kamare ජාලෙන් පෙරලලා බොලාට කථාවක් කියන්න හොයා බලන කොට සිරා කොලුවගෙ ඇහැ ගැහුනා නොවැ හරිම අපූරු විස්තරයක්...ඒ විස්තරය තමයි ඕන්න මම අද කියන්න තනන්නෙ.ටජ් මහල ගැන ඉතිං කවුද අහලා නැත්තෙ. අසල්වැසි ඉන්දියාවෙ අග්‍රා නුවර තියෙන මේ ඉපැරණි ස්මාරකය ආදරයේ සංඛේතය හැටියටත් සමහරු සළකනවා නොවැ. යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් වගේම නූතන ලෝකයේ පුදුම 7 තුලත් තියෙන ටජ්මහල පිටිපස්සෙ තියෙන කථාව ගැනත් බොහෝ අය ...
උපත් පාලනය Sirage Kamare “ලේ....ලේ මට දැන් ඔන ලේ රහ බලන්න මිනිහෙක්.....ඉස්සෙල්ලම මූණට හම්බුවෙන එකාගෙ ලේ පනිනකල් හපාගෙන ඉන්නවා. මං උගේ උගුරු දණ්ඩටම පනිනවා....වයිටාගේ කෙඳිරුම් කලූගේ ඔලුවේ කැකෑරෙන්නේ හෙණ පහරක් මෙනි.මට දැන් උඹෙන් වැඩක් නෑ. උඹ අර හන්දියට පලයන්. උඹව අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි.මිනිසා තුලවත් දක්නට නොමැති වර්ගය පිළිබද කැක්කුම බලු බසින් බලු මුවින් එසේ වචනයට පෙරළී තිබුනි.කලූගෙ ඇස් දෙක රතුවෙලා. එළවෙනකල් අඬලා තියෙන තරමට ...
නගාගේ විරහා වේදනා Sirage Kamare සිරා කොලුවගෙ මිත්තරයෙක් වෙච්ච නගා කොලුවගෙ ආදර කථාවට අවසානයේ මක්කද උනේ කියලා බොලාට කියන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. පහුගිය දොහේ කාමරයට ආව ගියා බොහෝ ඇත්තො ඒ හරිය දැනගන්න ඉන්නෙ බොහොම කැමැත්තෙන් කියලයි මගේ අක්මාවට දැනෙන්නෙ.නගාගෙ කලින් කථා කියවන්න අතපසු වෙච්ච ඇත්තන්ට මෙන්න ඒ ඉසව්වට පාර.. 1 කොටස 2 කොටස 3 කොටසඖෂධවේදී විභාගයෙන් අසමත් උනාට පස්සෙ චූටි නංගි මානසිකව ඉතාම පහත් ...
ආදරය, සරසවිය, චූටි නංගි සහ නගා Sirage Kamare සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවාගේ ආදර අන්දරයේ අලුත් පිටුවක් පෙරලන්නයි සිරා කොලුවගෙ මේ සූජානම. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පිට වූ අන්දමත්...ඒ ප්‍රතිඵලය සිරා කොලුවා වෙත සන්නිවේදනය කර නගා තමන්ගෙ පොල්ල නැති බයිසිකලයට නැගුන බවත් ඔබ දැන් දන්නවා.1 කොටස 2 කොටසචූටි නංගිගෙ විභාග ප්‍රතිඵලය කුමක් වුවත් ඇයට මෙවරත් සරසවි යන්නට හැකියාවක් නැති බව තවත් ටික දොහකින් සිරා කොලුවට ආරංචි ...
චූටි නංගිගේ ස්වයංවරය Sirage Kamare සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවගෙ ආදර කථාව බොලාට කියන තවත් දවසක අපි හමු වෙලා. මේ සිදුවීම් අද ඊයෙ වෙච්ච ඒවා වගේ හදවතේ ගැඹුරු තැනක සටහන් වෙලා තිබුනත් අපටත් හොරා කාලය වේගයෙන් ගතවෙලා දශකයකටත් වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා. චූටි නංගිගෙ මුදල් පසුම්බියෙන් එළියට පැන්න ඇගේ පෙම්වතාගෙ රූපයෙන් කලින් කොටස අහවර උනේ. අද එතැන ඉදන් ඉදිරියට. පුස්තකාල ජීවිතය හමාර කරලා ...
අපේ නගාගෙ චූටි නංගි Sirage Kamare සිරා කොලුවගෙ අතිජාත මිත්තරයෙක් වෙච්ච නගා කොලුවා ගැන මෙයට කලින් වංගියකත් මම කථා දෙක තුනක් ඇදබෑවා නොවැ. ඒවා කියවපු ඇත්තන්ට ඒකාගෙ චරිත ස්වභාවය ගැන යම් තරමකට අවබෝධයක් ඇති. නගා ගැන අන්තිමට කියපු කථාවෙදි අපි තිත තැබුවෙ ගම්පහ පුස්තකාලයට පාඩම් කරන්න ගිය තැනින්.මේ පුස්තකාලය ඒ දවස් වල මල් වගේ කෙල්ලන්ගෙන් පිරී තිබ්බ බවත්...ඒ මැද්දෙ අපි පාඩම් කොරාපු ආකාරයත් මම වේලාසනින් ලියපු ...
කමලා නිසා අඟලාගෙන් ගුටි කෑ වීර චොපා Sirage Kamare සිරා කොලුවා 9 කැලෑසියේ ඉගෙනගත්ත කාලෙ අපිට විද්‍යාව විෂය ඉගැන්නුවෙ සුගතදාස කියලා සෑර් කෙනෙක්. මෙතුමා බොහොම මිටි කෙනෙක් හින්දම අපිට කලියෙන් එතුමාගෙන් ඉගෙනගත්ත කුපාඩි කොල්ලො අඟලා කියලා විකට නාමයක් එතුමාට පට බැදලා තිබුනෙ.අපි ඉතිං ඔය කියන කාලෙ කොට කයිසං අදින සූටි එව්වො වෙච්චි කොට සෑර්ට කවදාවත් අඟලා කියලා කථා කොලේ නෑ එතුමා ලගපාතක ඉන්න වෙලාවට. සිරා කොලුවා හිටියෙ 9 F ...
සංචාරය මරණයෙන් කෙළවර වන සෙන්ටිනල් දූපත Sirage Kamare අපේ පෘථිවිය අතීතයට වඩා තාක්ෂණය පැත්තෙන් දැන් සෑහෙන්න දියුණුයි. ලෝකයේ එහා කොනේ ඉන්න කෙනාගෙ මුහුණ බලාගෙන සජීවීව කථා කරන්න, එහෙමත් නැත්තං පෘථිවිය වටා තියෙන ග්‍රහලෝක වලට යානා යවන්න තරම් පෘථිවියේ තාක්ෂණය දියුණු වෙලා. මේ කියන තාක්ෂණය දවසින් දවස සෑම අහු මුල්ලක් දක්වාම ව්‍යාප්ත වෙමින් තියෙන වටපිටාවක, චන්ද්‍රිකාවක් තබා ගුවන් විදුලියක් හෝ දැක නැති මිනිසුන්ද ඉන්න බව ඇහුවම ඔබ පුදුම වෙන්නත් ...
මම සහ ඇමරිකාව Sirage Kamare සිරා කොලුවා කියපු නිසාම ඔන්න මමත් හත්වෙනි ලිපියට සටහනක් ලියනවා. කාලෙකට පස්සෙ ලියන නිසා හරිම කම්මැලියි. ඒත් පොරොන්දු උනා නම් ලියන්නම එපැයි. අනික මාතෘකාවත් Coming Soon ලෑල්ලෙ දාලා තියෙද්දී. මගේ මූණු පොතේ ඉන්න යාළුවො නම් දන්නවා ඇති දැන් මං ජීවත් වෙන්නේ ලංකාවේ නොවන බව. මහත්තයා රස්සාව කරන්නේ ඇමෙරිකාවේ නිසා මටත් එහෙට යන්න සිද්ධ උනා. ඉතිං සිරාගේ ආරාධනාව උනේ ඒ රට ...
ලංකාවේ වර්තමාන ගීතය නපුංසකද ? Sirage Kamare සිරා කොලුවා නොරටක සිටියද හදවත තියෙන්නේ සිරි ලංකාවේ නිසා එහි ඇති තතු විත්ති දැනගනිමින් අන්තර්ජාලය හරහා සිංහල ගීතයක් ශ්‍රවනය කරමින් රැකියාවේ කටයුතු කරගෙන යන්නට මෑතකදී උත්සාහයක් ගතිමි. ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සදහා ලංකාවේ ගුවන් විදුලි ආයතන වැඩසටහන් සම්පාදනය කර තිබෙන්නේ අතලොස්සක් නිසා තමන් අංක 1 යැයි කියා ගන්නා එක් නාලිකාවක් අසල අවසානයේ නතර වීමි.අහෝ ලංකාවේ ගීතය වර්තමානයේ මේ යැයි දැන හදුනාගතිමි. සතියකට ...
අපි නොදන්න Mujahid Sirage Kamare නාදුනන කෙනෙක් දුටු පමණින් ඔහු හෝ ඇය කෙරෙහි ලෙංගතු කමක්, හුරු පුරුදු ගතියක් දැනෙනවා නම් ඒ අැත්තන් පෙර සසරක හෝ අප සමග සමීපව සිටි අය බවට විශ්වාසයක් බොහෝ අය අතර තියෙනවා. මේ අත්දැකීම පුද්ගලිකව මමත් කීප වතාවක්ම විද තිබෙන බව මතකයි. අප මේ ගමන් කරනා දිගු සංසාර ගමන් මගේ එක් නවාතැන් පලක ඔබ හා මා දැන් නතර වී සිටියත් මරණෙන් ...
නවරත්න සහ පද්මිණී Sirage Kamare රත්නයො තෝ කොහෙද බොල මක බෑ උනේ...ඉක්මනට වරෙංකො තේ එක හදාගෙන.තමා අත හැර ඉවතට ඇදෙන සිගරට් දුම දෙස බලා සිටිමින් කෑ මොර දෙන ඩගී මහත්තයාගේ හඩ පැල් කොටය අස්සේ සිටි නවරත්නට ඇසුනේ යන්තමිනි. ඉදහිට දවසක හේන පැත්තේ එන ඩගී මහත්තයා මුදලාලිගේ ගජ මිතුරා බවත් සිගරැට්ටුවක් පත්තු කරනා සෑම විටකම වාගේ තේ කෝප්පයක් තොල ගෑමේ පුදුමාකාර පෙරේත කමකින් පෙලෙන බවත් හේනේ ...
නෙවිල් අයියා සහ ගමේ සංගීතේ Sirage Kamare මට මතක ඇති කාලයේ අපේ ගමේ සංගීත කාරයෙකුට හිටියේ නෙවිල් අයියාය. 90 දශකයේ මුල භාගය වූ මේ කියන කාලයේ නෙවිල් අයියා භද්‍ර යෞවනයෙකි. සිරා කොලුවා තුනේ පන්තියේ සිටියේ වුවද රටේ එවකට පැවති සංගීත රැල්ල පිළිබද යම් මතකයක් තිබීම මේ ලිපිය ලියන්නට ආශිර්වාදයකි. ගමක් ගමක් පාසා සංගීත කණ්ඩායම් හදා ගැනීමේ උන්මාදයකින් එකල තරුණ කැළ පෙළුනු බව සැබෑවකි. අන්තර්ජාලය හෝ වර්තමානයේ ඇති ...
සිරාගේ මහවේ ප්‍රේමය Sirage Kamare සිරා කොලුවා වෘත්තීය ජීවිතයේ හා පුරා කියා සම්බන්ධ වූ දැන්වීම් ප්‍රචාරණ ආයතනය පිහිටා තිබුනේ බොරැල්ල කොටා පාරේය. උදෑසනට ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වී මරදානෙන් බැස ඉතිරි දුර බස් රථයකින් ගමන් කලත් ආපසු ගමනේදී අතුරු සිදුරු නැතිව මරදාන දුම්රිය ස්ථානයේ පොදි කන දුම්රිය මගීන් හමුවේ දුම්රියකට ගොඩවීම උගහට හෙයින් සන්ධ්‍යා භාගයේ දුම්රියට පිවිසීම පිණිස මා එකල භාවිතා කලේ කොටුව දුම්රිය ...
චොකලට් නොකන චොකලට් ගොවීන් Sirage Kamare අලුත් මාසයක ආරම්භය සිරාගෙ කාමරය ඇතුලෙදි බොලාට කියන්නෙ ජාලෙන් අරගෙන මට ඇහැකි විදියට පෙරලලා කාමරයට ගේන ජාලෙන් පෙරලපු කථා ලේබලය වදින කථාවෙන් කියලා මේ වසරෙ මුල ඉදන් මේ ඉසව්වට යන එන ඇත්තො දැන් දන්නවා. අන්න එතැනදි බොහෝ ඇත්තො නොදන්න යමක් ඇද බාන්න තමයි සිරා කොලුවගෙ වැඩි මනාපය තියෙන්නෙ. ඒ මගේ තවත් එක මං සලකුණක් තියමින් ඔන්න අදත් අපූරු කථාවක් ඇදබාන්නයි ...