ගිමන් හරින දියඹ දිගේ හමු වූ ඔහු Sirage Kamare ගලන අතට පිහිනීමත් උඩුගං පිහිනීමත් යනු දෙකකි. සැඩපහර දිගේ පහළට යාමට ශක්තිය වැය වන්නේ නැත. එහෙත් නිර්භීත කමත් චිත්ත ශක්තියත් ඇති පදමට ඇති මිනිසුන් ගලන ගඟට අභියෝග කර විරුද්ධ දිශාවට පිහිනති.ක්ෂේත්රය කුමක් වුවත් උඩුගං බලා යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ ඒ ක්ෂේත්රය තුල තමන්ගේ දැනුම මට්ටමේ වපසරිය පුළුල් වීම මත ඇතමෙකුට ඒ සඳහා මග හසර එළි පෙහෙළි වී තිබේ. ...
අතින් කයිට් වැඩි ලාභ අඩු ජීවන්තයා Sirage Kamare හේවගේ ජීවන්ත කියන්නෙ සිරා කොලුවගෙ හොඳ බොක්කක්...ඒ කිව්වෙ සැපට දුකට දෙකටම ඉන්න ඉතාම කිට්ටු මිත්තරයෙක්. බොලා මීට කලින් එක වතාවක් මේකා ගැන සිරාගෙ කාමරෙන් කියවලා තියෙනවා. ඒ කාලෙකට ඉස්සෙල්ලා ගියපු මී මුරේ චාරිකාව ගැන මම ලිව්ව සටහනින්.ජීවන්තයා මට මේ ආත්මයෙදි ඉස්සෙල්ලාම මුණ ගැහුන හැටි මට තාම හොඳට මතකයි. සිරා කොලුවා සිස්සත්තෙ ලියන අවදියෙ උදේ හවස කිලෝමීටර් දෙකක් පමණ වෙච්ච දුර ...
බස් අජිත් Sirage Kamare පින්තූරය මෙතැනින්බස් අජිත් යනුවෙන් පැවසූ විගසම මෙය කියවන බොලාට මතක් වෙන චරිතය ගැන මට සිතා ගත හැක. පෙම්වතිය දාලා ගියා යනුවෙන් කොයි වෙලෙත් වැළපෙන සින්දු ගායනා කරන, බස් රථ වල ගමන් ගන්නා සුවහසක් මගීන්ගේ ගෞරව ආදරයට පාත්‍ර වූ, ගායක තැනක්ද බස් අජිත් නමින් හදුන්වයි. ඇතැම් විටෙක ඔහු කෙරේ ඇති ජනතා ආදරය වැඩි වූ තැනක බස් අජියා නමින් නමෙන් කොටසක් ලොප් ...
තාත්තේ අර... Sirage Kamare දුම්රිය කවුළුවෙන් හමාවිත් මුහුණේ දැවටෙන සුළං රැල් මාලිකාගේ දඟකාර කෙහෙරැල් තවත් දඟකාර කරනා අයුරු ඇය අසලම සිටින සම්පත්ගේ නෙතට හසුවෙයි. දුම්රිය විටෙක ඉබි ගමනේද තවත් විටෙක අධි වේගයෙන්ද ධාවනය වෙයි. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ සිට වේයන්ගොඩ දක්වා කොටස රැකියාවට යන්නට එන්නට පටන් ගත් පසු දහස් වාරයක් පසුකර තිබුනත් හා පුරා කියා මේ මග ගමන් ගන්නා එකෙකුට ඇති වෙන අන්දමේ හැගීම් ...
අවතාර නැති හොල්මන් නගරය Sirage Kamare හොල්මන් කිව්ව ගමන් ඉතිං ඒ වචනය ඇතුලෙම අපිට දැනෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. සමහරු කියනවා හොල්මන් කියලා දෙයක් නෑ කියලා. සමහරු කියනවා එහෙම දෙයක් තියෙනවා කියලා. තවත් සමහරු හොල්මන් කියන්නෙ සෙලවෙන මනස කියලා විග්රහ කරනවා...එහෙමත් නැත්තං මානසික විකෘතියක් කියලත් අර්ථ දක්වනවා. බුදු දහමේත් අපට නොපෙනෙන ලෝක ගැන සඳහන් කොට තිබෙන නිසා හොල්මන් කියන්නෙ බොරුවක් නොවන බව තමයි මගේ හැගීම. වැල්ලට යටවුනු හොල්මන් ...
ඩුබායි අන්දරය Sirage Kamare ඩුබායි කිව්වාම කට්ටියට මොනවද මතක් වෙන්නේ ? කාන්තාර ? ගෘහ සේවිකාවන් ? එහෙමත් නැත්නම් හොදට සල්ලි හම්බකරන්න පුළුවන් රැකියාවල් ? ඔන්න ඔය සේරටම වඩා මීට පස්සේ ඩුබායි කිව්වාම නදිනිගේ පෝස්ට් එක මතක් වෙන්න මේක ලියන්නයි මට ඕනි.මමත් ඩුබායි රටට ඇවිත් වැඩි කාලයක් නම් නෑ, හරියටම කිව්වොත් අවුරුදු 2 යි මාස ගණනක්...ඒ කාලේ ඇතුලත දැකපු අහපු දේවල් තමයි ඔයාලට මම කියන්න ...
මොරවකදී සාටර් ජීවියෙක් වූයෙමි Sirage Kamare සෑර්ගේ දෝතින් සභාවට පැමිණි බෝතලය හිස් කිරීමේ වගකීම කරට ගන්නට නගා කොලුවා ඉදිරිපත් වූයේ නැත. මහ දවාලේ කට් ඩවුන් වීමෙන් පසු දැනෙන අසික්කිත හැගීම් විදිමින් ඒකා ඇඳෙහි වැතිර උන්නේය. මමත්, පුෂ්පෙ ගොයියාත් සෑර් සමග බෝතලයට තනි රැක්කෙමු. බොර පාට හොද්දේ පෙගෙන පරාටා කැබැල්ලක්, රට කජ්ජක්, කඩල ඇටයක් සමග රහමෙර බඩවැල් දිගේ පල්ලම් බසියි.1 කොටසටබෝතලයේ අඩිය පෑදෙන විට පුෂ්පෙ කොලුවාගේ කරටිය ...
දෙණියායේ බේබඳු කථාව Sirage Kamare ඉංග්‍රීසි සෑර්ගේ කථා මාලාව කියවා තිබෙන සිරාගේ කාමරයේ පාඨක ප්‍රජාවට දැන් ඒ චරිතය ආගන්තුක නොවෙයි. ඉංග්‍රීසි පන්තිය අතරතුර දළුලා වැඩුන පරම පවිත්‍ර හිතවත්කම නිසාම සෑර්ගෙන් අපට නොමිලේ ලැබුන රහමෙර පදම ඉක්මවා යද්දී ගෙදරින් තහංචි වැටුන ආකාරයත්..සිරා කොලුවාගේ පියා එල්ල කල අනුකම්පා විරහිත කනේ පහරත් බොලාට මතක ඇතුවාට සැක නැත.වේලාසන නොතිබූ ආකාරයේ විරෝධතාවක් ඇතමෙකුගේ නිවෙස් වලින් එල්ල වන කල සෑර්ට කලින් ...
මාකස් සහ ඇලිස් නෝනා සමග අතීතයට ගියෙමි Sirage Kamare සිරා කොලුවා වන මම අද ඔබට දෙසන්නට යන කථාවට දශක දෙකකට වැඩි ඉතිහාසයක් තිබේ. පාසල් යන වයසේ සිටි මා මෙන්ම මගේ ගමේ අසල්වැසි කොලු කුරුට්ටන්ද ජීවිතය පිළිබද මෙලෝ සංසාරයක බරක් නැති, දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටි මේ සුන්දර අතීතය ඉතාමත් රසබර එකකි. ගමක ඉපදුන එකෙක් ලෙස මම ඉතාමත් සුන්දර ළමා කාලයක් අත් විද්දෙමි. වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදින්නටත්, ...
තවත් එක් විරහා කථාවක් Sirage Kamare මේ ලගදි දවසක මූණු පොතේ මිත්‍රයෙක් මට දුන්න ඔත්තුවක් නිසා තමයි ඒ අදුරු වේදනාත්මක මතකය ආයෙත් සැරයක් 2006 අවුරුද්ද දක්වා පල්ලං බැස්සෙ. උඹේ පරණ කෑල්ල අන්න ෆේස් බුක් එකේ ඉන්නවා...එහෙම තමයි ඒකා කිව්වෙ. බැලින්නම් ඒ කථාව සහතික ඇත්ත. මට ඒ සීදේවී මූණු පොඩ්ඩ දැක්ක ගමන් එයාව හාපුරා කියලා මුලිච්චි වෙච්ච අපේ දහම් පාසලේ පිංකම තමයි කරදරයක් නැතුවම මතක් උනේ. එදා ...
රබානකට පෙම්බැඳි සිරා කොලුවා Sirage Kamare සිරා කොලුවාගේ බෑන්ඩ් ඉතිහාසයෙන් යමක් ලගදි දවසක මම බොලාට කියා නැත. ඇතමෙකු ඒ ගැන විමසා ඊයක් දෙකක් විදිති. බොලාගෙ බෑන්ඩ් කථා අහවරද...උන් අසති. මෙසේ විමසන්නේ පාසල් යන සමයේ බෑන්ඩ් උණ තදින් වැළඳුනු එකෙකු හෝ එකියක බැව් මම දැන් අත්දැකීමෙන් දනිමි. සෑහෙන දොහකට පසු සිරා කොලුවාගේ බෑන්ඩ් ජීවිතයෙන් කථාවක් ඇදබාන්නේ එහෙයිනි.සිරා කොලුවාගේ තූර්ය වාදක ඛණ්ඩ නඩයට අයත් අයිය බඩා, ජපන් චමී, ...
ඇපල් ගැන කථා Sirage Kamare රෝස පවුලට අයත් Malus Domestica නැමති කුළය යටතට ගැනෙන ඇපල් නැමති පළතුර ලොකු කුඩා සැමගේ ආදරය දිනාගත්, පළතුරු ලෝකයේ ඉහළම තැනක තිබෙන පළතුරකි. ඇපල් ගෙඩියේ ඇති වර්ණයත්, එහි සුවඳත්, එයටම ආවේණික රසයත් සෑම කෙනෙකුම මේ පළතුර වෙත ආකර්ශනය කරගන්නට සමත් වී තිබේ. වර්තමානය වන විට ලෝකය පුරාම මහා පරිමාණයෙන් අැපල් වෙළඳාම සිදුවන අතර ලෝක ඇපල් නිෂ්පාදනයෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් ...
මා දුටු ඉන්දියාව Sirage Kamare මම වසර 6 කට මඳක් වැඩි කාලයක් අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාවේ ප්‍රධාන වාණිජ නගර කීපයකම සේවය කලෙමි. ඉන්දියාව යනු රටක් නොව මුළු ලෝකයම යැයි සමහරු කියනවා ඔබ අසා ඇතිවාට සැකයක් නෑ. භූමි ප්‍රමාණයෙන් මෙන්ම ජනගහනයෙන්ද අති විශාල මේ රට පිළිබද සිරාගේ කාමරයේ 7 වෙනි ලිපිය වෙනුවෙන් මගේ අත්දැකීම් ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්නට සිතුවෙමි.මට ඉන්දියාව බල යාමට සිදු වූයේ මා ...
ජැක් කාරයෝ Sirage Kamare අද මා බොලාට කියන්නට යන්නේ ජැක්සන්ලා ගැනයි. ජැක්සන් කියූ පමණින් ඔබට පළමුව මතකයට එන්නේ පොප් සංගීත ලොව කිරුළු පලන් මයිකල් ජැක්සන් ලොකු අයියා විය යුතුය. අනේ නැත. මා මේ කියන්නට යන්නේ ඔහු ගැන නොවේය.එහෙනං සිරා කොලුවා කියන්නට තනන්නේ මහ රජතුමාගේ දෑත ශක්තිමත් කරනා පනාපුත්‍ර කුහුඹු පැනියා ගැන විය යුතු යැයි තවෙකෙකු කියනු ඇත. නැත පින්වත, ඔබද නිවැරදි නොවේ. සකලවිද කාන්තා ...
අරලියා සෙවනක ඔබ සෙව්වෙමි Sirage Kamare ඉඳින් හිතවතිය / මිතුරිය / සොයුරිය ඔබ එදා පැතූ ලෙස සුදු අරලියා සෙවනක මම අද නැවතී සිටින්නෙමි. හිරිගඬු නංවන නත්තල් සුළග එදාටත් වැඩියෙන් අද දැනෙනා බවක් මට සිතෙයි. තරුණයකු සන්දියේ මහත් අභිරුචියෙන් විඳගත හැකිව තිබූ මේ සොභාව සෞන්දර්යයට දැන් මගේ ගත අවනත නැති බවක් මට දැනෙයි. බොඳ වූ දෑස් අග්ගිස්සෙන් මම හඳුනන රූප කායක සිහිලස සොයමි. නමුත් හැම තැනකම ඇත්තේ ...
ඉංග්‍රීසි සෑර් නිසා කුජීත වූ සිරා කොලුවා Sirage Kamare ඉංග්‍රීසි සෑර් සමග සිරා කොලුවාට තිබුනු ගණුදෙනුව කවර ආකාරයේ එකක්දැයි මම දැන් ඔබට තරමක් දුරට වටහා දී හමාරය. එහෙත් මේ සටහන් කියවාගෙන යන ඇතමෙකුට ඇති වී තිබූ ගැටලු අතර සිරා කොලුවා රහමෙර පානය කර නිවසට පැමිණෙන විට මාපියන්ට හසු වූයේ නැතිද යන්න ප්‍රධාන විය. ඒ සඳහා පිළිතුරක් මෙන්ම ඉංග්‍රීසි සෑර් හා සම්බන්ධ තවත් මතක සටහන් සමගින් මේ ලියවිල්ල අරඹන්නට කැස ...
හපුතලේ ගමන සහ ඉංග්‍රීසි සෑර් Sirage Kamare කලින් ලිපියෙන් බොලා අපේ ඉංග්‍රීසි සෑර් ගැන කියවූ නිසාම දැන් මේ චරිතය ගැන යම් දැනුමක් එකදු පහදු වී ඇති යැයි මගේ අක්මාව මට සන් කරයි. ඒ ඔස්සේ අතීතයට සිත මෙහෙයවමින් ඉංග්‍රීසි සෑර් සහ අප අතර තිබුන ඒ අකලංක ගුරු ගෝල සබඳතාවේ නැවුම් තොරතුරු සමුදායක් ඔබට තිළිණ කරන්නට කාමරයේ ලෑලි දොරට පයින් ගසා විවර කළෙමි.දැන් දැන් ඉරිදා දිනයන්හි පන්ති ගියද පන්තියේ ...
සිරාගේ ඉංග්‍රීසි සෑර් Sirage Kamare සිරා කොලුවා ඇතුලු උගේ මිත්තර නඩය උ/පෙ ලියා අවසන් කල කාල වකවානුව වන විට කඩ්ඩ පොලිෂ් වී තිබුනේ මඳ වශයෙනි. අනාගතයේ එල්ලවිය හැකි අභියෝග මෙන්ම, කිච වීම්, සාටර් වීම්, කොළඹ නංගිලා ඉදිරියේ ගොළු වීම් ආදී ගැටලු නිමක් නොමැති විය හැකි යැයි අපේ අක්මා වලට වේලාසනම දැනුන හෙයින් පාසල් ගමන අවසන් වන කල්හි අපි ඉංග්‍රීසි පන්ති ගාටන්නට පටන් ගත්තෙමු.අදින් දශකයකටත් එහා ...
දුක දිනූ බිලියන පතියෝ Sirage Kamare දුප්පතෙකු වී ඉපදීම ඔබගේ වරදක් නොවූවත්, දුප්පතෙකු සේ මියයාම ඔබේ වරදකි යන්න ප්‍රසිද්ධ කියමනකි. මේ කියමනේ හිමිකාරයා වර්තමාන ලෝකයේ ඉහළම ධනවතා බව බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නට පුලුවන. දෙමාපියන් එතරම් වත් පොහොසත් කම් ඇති අය නොවුනත් තමන්ගේ මහන්සියෙන් ධනය රැස්කර ධනවතෙකු වීමට එය බාධාවක් නොවේ යන්න මේ වාක්‍යය තුල සැඟවුන අරුත වෙයි. මේ කාරණය ඔප්පු කරනා සත්‍ය කථා ප්රවෘත්ති සිය ...
බංගලි සහ බංග්ලාදේශය Sirage Kamare බංග්ලාදේශය වර්ග කිලෝමීටර් 144000 කට ආසන්න රටකි. එහි අගනුවර ඩකාය. මුදල් වර්ගය ටකාය. ප්‍රධානම ආදායම් මාර්ගය ඇඟලුම් අපනයනයයි. එය ලෝක නිෂ්පාදනයෙන් 27% කි. මෙහි තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා වල කළමනාකරුවන්ගෙන් 50% ක් පමණ ශ්‍රී ලාංකිකයෝ වෙති. මෙයට වසර දෙකකට පෙර මා මේ රටට පැමිණියේ අගනුවර ඇති ප්‍රධාන ඇඟලුම් ආයතනයක ආරාධනයෙනි. මේ වසර 2ක කාලය තුල මා ලද අත්දැකීම් ඇසුරු කොට ...