මැලේසියාවේ අපේ අවුරුදු Sirage Kamare සුන්දර මැලේසියාව තවත් සුන්දර කල දිනයක් ඊයෙ දිනයේ නිමාවට පත් විය. මව්බිමෙන්, තම ඥාති හිතෛශීන්ගෙන් ඈත්ව රිංගිට් සෙවීමේ සටනක නිරතව සිටින අපේම ජනතාවට මව්බිමේ ජීවත් වෙනවා යැයි මැලේසියාවේ සිට දැනෙන දවසක් වේ නම් ඒ මැලේසියාවේ බක්මහා උළෙල පැවැත්වෙන දවස බව අතිශෝක්තියක් නොවේ.උදෑසන සිටම සතුටේ ගිලුන ඇස්ගෙඩි සහ උද්යෝගයේ හසරැලි සහිත අක්කලා නංගිලා අයියලා මල්ලිලා මෙන්ම නැන්දලා මාමලාද දකින විට බක්මහ ...
ජීවන්ගේ මගුල් ගෙදර Sirage Kamare ජීවන් කියන්නෙ සිරා කොලුවා හා පුරා කියලා රැකියාවට ගිය තැන හිටිය ගොයියෙක්. ජීවන්ගෙ නම සිංහල නමක් වගේම තමයි. ඒත් වාසගමින් තමයි මිනිහා දෙමළ බව තව කෙනෙක් දැනගන්නෙ. කලු ජූලිය හෙවනෙ ඉපදුන එකෙක් නිසා ජීවන්ගෙ තාත්තා භය වෙන්න ඇති දෙමළ බව ඇඟවෙන පරිදි නම තියන්න. ජීවන්ට ඉතාම හොදට සිංහල කථා කරන්නත් හැකියාව තිබුන නිසා කිසිම කෙනෙක් මිනිහා දෙමළ කියලා කියන්නෙ නෑ. ...
මගේ මුල්ම තෑග්ග Sirage Kamare සිරා කොලුවාගේ කුඩා අවධිය කාමරය ඇතුලේ ලියවුනේ පිළිවෙලකට නොවේ. අනෙකුත් බොහෝ දේ පිළිවෙලකට ලියවුනද මගේ බාල කාලය පිළිවෙලකට ලියන්නට මම අපොහොසත් වූයෙමි. විඩෙන් විඩේ මතක් වන පරිදි සමහර දෑ මෙතුවක් ලීවෙමි. මේ ක්‍රමයෙන් මට ඉදිරියේදී හෝ ගොඩයාමක් නැතැයි අක්මාවට වැටහෙයි.ඔබට මතක ඇති පරිදි ඔබේ ජීවිතයේ ලද මුල්ම තෑග්ග කුමක්ද ? කවදද ? කොතැනදීද ?මේ ගැටලු කීපය මා ඔබට යොමු කලහොත් ...
අයිෆල් කුළුණ සහ නෑසු කථා Sirage Kamare යුරෝපා මහද්වීපයේ පිහිටි ප්‍රංශය නැමති රට නම් ගම් ජාතික ධජ කිසිවකින් තොරව ජාත්‍යන්තරයේ හඳුන්වාදෙන්නට එක් සංඛේතයක් හොඳටම ප්රමාණවත්ය. එය 1889 දී පැරිස් නුවරදී විවෘත කල අයිෆල් කුළුණයි. අයිෆල් කුළුණ ඡායාරූප ආදියෙන් දැක එක්වරම හඳුනාගන්නට හැකි මට්ටමේ බොහෝ දෙනෙක් සිටියද, මේ දැවැන්ත නිර්මාණය ගැන තතු දන්නෝ අල්පය. ඔබේ දැනුමට යමක් එකතු කරමින් අද ජාලෙන් පෙරලා මම ඔබට කියන්නේ අයිෆල් කුළුණ පිළිබඳවයි.ජාත්‍යන්තරයේ ...
දෑස් Sirage Kamare ලොකු දුවට දරුවා ලැබී වසරකට පසු, ලංකාවට පැමිණීමත් සමග තමන් එහි යෑම ඒම කෙමෙන් අඩු වී ගියේ යයි විමලජීව මා හා පැවසීය. සිදු විය යුත්ත නම් තම දරුවකුට දරුවකු ලැබුණු පසු සීයා කෙනෙක් වශයෙන් නිරන්තරව ඔවුන් හා ගැවසීම වුවද විමලජීව කලේ හෝ ඔහුට නොදැනීම සිද්ධ උනේ එහි අනෙක් පැත්තය.දුවගෙන් පමණක් නොව තමා බිරිඳගෙන්ද දුරස් වී ඇති බව ඔහු කීවේ වේදනාවෙන් ...
ලොකු දුව බඳිනවා Sirage Kamare කාර්යබහුල සති අන්තයක නිමාව සටහන් වන විට අවට පරිසරයේ උෂ්ණත්වය තව තවත් පහළ යමින් තිබුනි. ධන ලකුණෙන් සමු අරගෙන සෘණ දෙසට ගමනේ යෙදෙන එය අවට පරිසරයේ සුදෝ සුදු හිම කැටිති මවන අරුමය මා හට තව දුරටත් අරුමයක් නොවේ. කවුළුවට එපිටින් පෙනෙන දේවදාර ගස් මුදුන් වල හිම සිත්තම් දෙස ආශාවෙන් බලා සිටින්නට හැකි තරමේ සෞන්දර්යයක් කැටි වී තිබේ. ඈත සීතල යුරෝපයේ ...
ඩඩ් ඩඩ් ඩබල් බනිස් සමග ගමේ ඩයල් Sirage Kamare අපේ ගමේ ඩයල් ගැන මම ලියාගෙන යන සටහන් කියවන්න බොහෝ ඇත්තො මනාප වග ලිපිය කියවපු ප්‍රමාණය දිහා බැලුවාම මගේ අක්මාවට දැනෙනවා. ඒ හින්දම තවත් චරිත දෙක තුනක් මෙතනට අරගෙන ඇවිල්ලා බොලාට හඳුන්වාදෙන්න මට හිතුනා.අපි ගැටයො කාලෙ ගමේ සම වයසෙ කොල්ලො අතර සහයෝගය සමගිය වැඩි උනේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. පිල්ලෑවෙ පොල් වත්තට හැන්දෑවට හැන්දෑවට ගාටලා බෝල තලන අස්සෙ තමයි මේ කියන ...
මල්ලක් එල්ලගෙන මැලේසියාවේ MATTA පොලේ යමු Sirage Kamare MATTA FAIR යනු මැලේසියාවේ සංචාරක අංශයට අදාළව වසරකට දෙවරක් පැවැත්වෙන අති දැවැන්ත ප්‍රදර්ශනයයි. Malaysian Association of Tour & Travel Agents යන්න ලඝු වීමෙන් MATTA යන වදන සැකසී තිබේ.සංචාරක අංශය කර්මාන්තයක් ලෙස ලෝක මට්ටමෙන් පෙරට ආවේ 90 දශකයෙක් පසු බව මගේ අදහසයි. ගුවන් යානා සමාගම්, ගුවන් තොටුපල වල යටිතල පහසුකම් දියුණු වීමත්, ගුවන් යානාවන්හි තාක්ෂණ ක්‍රමවේදයන් වැඩි දියුණු වීමත් ඒ සඳහා ...
අපේ ගමේ රියල් බඩු Sirage Kamare සිරා කොලුවාගේ ගම් පියසේ රියල් බඩු දෙක තුනක් ගැන මම මෙයට පෙර වතාවක ලියුවෙමි. ඒ සියල්ලෝම මේ වන විට පස් යට සැගවී ගිය අයයි. මේ අයට අමතරව තවත් ගින්දර වැනි තරුණ බුවාලාද අපේ ගමේ අඩුවක් නැත. අන්න ඒ අය වෙනුවෙන් මේ ලිපිය වෙන්වෙයි.ෆස්ට් එක කියන්නෙ අපේ කොලු බලකායෙ මහා ෆයිලට් චරිතය රගපාපු, වලලු නැතුව ගස් වල ඇවිදින මාකස් ගොයියට කාලෙකට ...
නගාගේ ජොකා Sirage Kamare කිසිම ලකයක් තිබ්බෙ නැති උදේ ඉඳලම වැහි බීරුමට යට වෙලා, අව් රැල්ලක් වැටුනෙ නැති මුස්පේන්තු දවසක් ගෙවිලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ දුරබණුව හදිසියේ කම්පොනය උනා. තිරයෙ වැටිලා තිබුනෙ ජිවන්ත කියලයි. මිනිහා මගෙ අතිජාත මිත්තරයෙක්. දැනටම කාමරේට එන යන බොලා මේකව අඳුනනවා. ඒ මම කලින් දවසක ජීවන්තයා ගැන බොලාට කියපු නිසයි.උඹ කොහෙද ඉන්නෙ ? මොකද කරන්නෙ ?ගෙදර බං...කොරන්න දෙයක් නැතුව ...
කොමඩෝ ඩ්‍රැගන් | Komodo Dragon Sirage Kamare දෙහිවල සත්ව උද්‍යානයේ විවිධ ආකාරයේ ගැටළු පැනනැගී සෑහෙන කලකි. එහි සිටින සතුන්ට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීම, ආහාර නොමැති වීම, නිසි කලට වෛද්‍ය පහසුකම් නොමැති වීම වැනි කාරණා විටින් විට කරළියට ආ බවක් මට මතක තිබේ. දැන් සත්තුවත්තේ සතුන් කූඩු වලින් පැන යන්නටද පටන් ගෙන ඇති සෙයකි. මාරාන්තික විෂ සහිත කොමඩෝ මකරෙක් සත්තු වත්තෙන් පැන ගියා යැයි පුවතක් ඉකුත් සතියේ ...
කම්මල සමග දොස්තර බූට් Sirage Kamare පිරිමි පාසලක හිටිය මම පහේ පන්තියේ සිස්සත්තෙන් පාස් වෙලා , හහේ පන්තියට මිශ්‍ර පාසලකට යන්න උනත් මේ ම්ශ්ර බවේ ඇඳුමක වෙනස මිසක් වෙනත් දෙයක් තිබුනෙ නෑ . සපත්තු ,ඇදුම් ගුරු පාරක බෝල ගහපු සුදුපාට ටෙනිස් බෝලවගේ පාටවෙලා ඒ වෙනසත් මකල දැම්මා. බැනගන්න, ගහගන්න ,සෙල්ලම් කරන්න යාළු වෙන්න ,තරහ වෙන්න මේ මිශ්‍ර බව බාධාවක් උනේ නෑ . මේ නොවෙනස් බව අවුරුදු ...
පවිත්‍රි Sirage Kamare සිරාගෙ කාමරේ බූට් මාසය දැන් ඉවර වෙන්නත් ළඟයි. ආදරයේ විරහව පිළිබඳ කෙරුන කථා බහ අතරෙ ඉතාම හොද මිත්තරයො ගනනාවක් අලුතෙන් අඳුන ගන්නත් මේ කාල සමය සිරා කොලුවට ඉවහල් උනා. ආදරයේ වියෝව නිසා මේ පෙබරවාරිය ආරම්භ වෙද්දි හිතට දැනුන වේදනාව දැන් කොහෙ ගිහිල්ලද මන්දා...හිත ගොඩාක් සතුටෙන්. එකිනෙකාගෙ අත්දැකීම් මේ මාසය පුරාම අපි කියෙව්වා. ඒ ඔස්සේ සිත මෙහෙයවීමෙන් අාදරයේ විප්ප්රයෝගය බොහොම සුලභ ...
මම තවමත් එයාට ආදරෙයි Sirage Kamare සිරාගේ කාමරයට......ඉතින් සිරා...මමත් හිතුව මගේ දුක් බර කථාවත් සිරාගෙ කාමරයට ලියන්න..ඒක ලියන්න කලින් මම මගේ ගැන කෙටියෙන් කියන්නම්. මම ගාල්ලේ. මීට අවුරුදු තුනකට කලින් තමයි මම ඇමරිකාවට ආවේ. සේවය කරන්නෙ ඉදිකිරිම් ආයතනයක සැලසුම්කරුවෙක් විදියට. මගේ ආදර කථාව මෙන්න මෙහෙමයි.මම ඉතින් ඔහොම වැඩ කරගෙන හිටියා. ඒක පුදුම ඒකාකාරි ජීවිතයක්. උදේට වැඩට යනවා. හවසට එනවා. කාමරේ බිත්ති හතරට කොටු වෙලා ඔහේ ඉන්නවා. ...
බට්ටි නගාට පෙම් කළෙමි. Sirage Kamare එදා 1996 අගෝස්තු මාසෙ 12 වෙනිදා.... මම අරමුණක් නැතුව ටවුමට ඇවිදගෙන ආවා. සඳමාලි නංගි මගේ ඉස්සරහටම ඇවිදගෙන ආවෙ මේ අතරෙ...ආ සඳමාලි නංගි...කොහොමද ? කාලෙකින් දැක්කෙවරදක් නෑ අයියා...අයියට කොහොමද ?මටත් වරදක් නෑ නංගි...ඒත් හිතට පුදුමාකාර වේදාවක් දැනෙන්නෙ...දැන් මාස ගානකින් සජීගෙන් ලියුමක්වත් පණිවිඩයක් වත් නැහැ . මම දවසක් දෙකක් එයාලගෙ ගෙවල් පැත්තෙත් ගියා. එක දවසක් උන්න වගේ දැක්කා. මම හිතන්නෙ මාව දැකලද ...
කෙල්ලො චපලද ? Sirage Kamare සිරා කොලුවගෙ කාමර කබල හදිසියේ දැනුන විරහා දුකෙන් පාලුවට ගිහිල්ලා තියෙන වෙලාවක හිත තදකරගෙන මම සුකුමාර්ගෙ කදුළු කථාව අකුරු කොලාට පස්සෙ කීප දෙනෙක්ම කිව්වා මේ පෙබරවාරිය බූට් මාසයක් කොරමු කියාලා. ඉති සිරා කොලුවා වන මටත් මේ ගෙවෙන පෙබරවාරිය කිසිදාක මතකයෙන් ඈත් නොවෙන දුක්බර එකක් වෙච්ච හින්දම මමත් හිතුවා ආදරයේ විරහව හඳුනන හැමෝම ආදරයෙන් වට කරගෙන අාදරයේ වියෝ දුක ගැන වැඩිපුර ...
ආදරය සහ වේදනාව Sirage Kamare ආදරය සහ වේදනාව යනු එකටම යාවූ වදන් දෙකක් යැයි ඇතැම් විටෙක මට සිතේ...මේ දෙක අතර ඇත්තේ කෙස් ගසක තරමේ වෙනසකි. ආදරයක් යහපත් අන්දමින් ගලා යන විට සතුටත්..ආදරයේ වියෝව හමුවේ දුකත් ඇති වීම ලෝක ධර්මතාවයයි.හදවත් දෙකක් ආදරයේ රැහැනෙන් බැඳී එකට යා වූ පසු ජීවිතයම මිහිරකි. මහා වර්ෂාවකට හසු වුවත් ගිණියම් අව්වේ පිළිස්සුනත් ආදරයේ චමක්කාරයෙන් සිත පිරී ඇති නිසා ඒ බවක් පීඩාවක් ...
එලීසාගේ අභිරහස් මරණය Sirage Kamare ඊයෙ පෙරේදා දවසක ජාලය අස්සෙ කරක් ගහනකොට දැක්ක කුතුහලය දනවන ලිපියක් ලග මගේ ඇස්ගෙඩි දෙක නතර උනා. මේ සිදුවීම පසුපස තියෙන සත්‍ය කරුණු මොනවද...ඇත්තටම එතැන මොකද වෙන්න ඇත්තෙ. මගේ හිත මගෙන් ප්‍රශ්න කලා. ඒ විස්තර බොලා එක්ක බෙදාගන්නයි මගේ මේ වෑයම.Elisa Lamඇගේ නම Elisa Lam 2013 වසරෙ පෙබරවාරියෙ මේ අවාසනාවන්ත සිදුවීම වෙද්දි ඇගේ වයස අවුරුදු 21 ක්. කැනඩාවෙ වැන්කූවර් නගරයෙ ...
කවි දෙකක් Sirage Kamare ඇයත් අම්මා කෙනෙකිආවත් පැවත බෝසත් පරපුරක මතසැම අම්මටම ඒ හොද ගති ගුණය නැතනුපන් බිලිදු මරු තුරුලට යවන හිතඅම්මල අතර බෝසත් මව් වරුද ඇත.දරු සෙනෙහසට ලේ කිරි කර දොවා දෙයිකැතකුනු අත ගගා සතුටින් සිනා සෙයිඅම්මා කෙනෙක් ගැන කීමට වෙලාවෙයිමේ අම්මා ඉන්නේ මාතලේ දිසාවෙයිඉපදී වසරකින් අසනීපව වැටුන වැඩිමල් පුතා උකුලට අරගෙන සිටින28 වසක් තිස්සේ ඔහු මත හැපෙනදෑතම එක් කරමි මම බුදුනට වදිනඑක ...
කුණු මාළු සමග කරුණෙ මාමා මදිවාට ටෙලිකොම් ජයා Sirage Kamare අප ජීවත් වූ, අප ඇසුරු කල අපූරු චරිත කෙතරම් කාලයක් ගතවුවත් අපේ මතකයෙන් ගිලිහී යන්නේ නැත. ඒ ඒ චරිත තුල ඔවුන්ටම ආවේණික ලක්ෂණ තිබීම එයට හේතුව යැයි මගේ අක්මාවට දැනෙයි. සිරා කොලුවා වන මගේ ගම් පියස තුල සහ එයට යාබද පරිසරයේ කුඩා කල සිට දකින්නට ලැබුනු මගේ මතකයේ තදින් සටහන් වූ චරිත කීපයක් වටා අද මේ කථාව ඔබට කියන්නට මම ...