නිදි නැති රැයක ජීවමාන වූ කාන්තා මළ සිරුර Sirage Kamare සිරා කොලුවා හිච්චි එකා සංන්ධියේ අපේ අම්මා අල්ලපු ගෙදර විමලාවතී උන්දෑ සමග හැන්දෑකොරේ දර කැබැල්ලක් දෙකක් අහුලා ගන්නට වෙල් ඉස්මත්තට යාම බොහොම සුපුරුදු දසුනක් වූවේය. විමලාවතී යනු අපේ ජෑස් කොල්ලාගේ බිරිඳ බව මම මෙයට බොහෝ කාලයකට පෙර බොලාට කියා තිබේ. දෙගොඩහරි වයසේ සිටි මේ දෙපළට දූ දරුවන් නොවූයෙන් වැඩි වගකීමක් නොමැතිව ජීවත් වන්නට අවකාශ ලැබී තිබුනි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ කල ...
බොඩි ගාඩ්ලා සමග යන එන සුදු රයිනෝ Sirage Kamare මනුසතා යනු අරුම පුදුම සතෙකි. අප ජීවත් වන පෘථිවිය මනුසතා වෙනුවෙන් පමණක් බිහි වූවක් නොවුනත් මිනිසා සිතන්නේ එය තමාගේ බූදලයක් බවයි. එහි වෙසෙන අවශේෂ සත්ව ප්‍රජාව, තුරු ලතා මනුසතාගෙන් අනේක ගැහැට විඳියි. වෙනත් සත්වයන්ට නැති තරමේ බුද්ධියක් මේ අරුම පුදුම මනුසතාට ලැබීම අනෙක් සත්වයන්ගේ ආයුෂ කෙටි කර ඇති සෙයකි. මහා ලොකු බුද්ධියක් තිබුනා වුවත් ඒ බුද්ධියෙන් තමාගේ සුඛවිහරණය පමණක් සලකන ...
නගාගේ පොල්ල නැති බයිසිකලේ අතවරයට ලක් වූ දා.... Sirage Kamare සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙක් ලෙස කලක් බොක්කට බඩවැල සේ ආශ්‍රය කල නගා කොලුවා ගැන සිරාගේ කාමරයට එන යන බොලා දැන් හොඳින් දනියි. ඒ කාලයේ එ්කාට සිදු වූ සාටර් ක්‍රියා බොහොමයක් මවිසින් මෙහි අකුරු කොට තිබේ. මගේ වාසනාවකටදෝ නගා කොලුවා සිරාගේ කාමරය ගැන හාංකවිසියක් වත් දන්නේ නැත. ඒ නිසාම තවමත් අතුරු උපද්‍රවයකින් තොරව නගා කොලූගේ ඇඳිවතේ ඉතිරියත් ගලවා දමන්නට මා හට ...
ත්‍රී වීල් බාබු Sirage Kamare ඇළකන්දේ බාබුගෙන් පසු තවත් බාබු කෙනෙකු ගැනම ලියන්නට සිරා කොලුවාට සිත් වී තිබේ. මේ චරිතය පිළිබඳවත් සටහනක් තිබුවේ නැති වුවහොත් එය බලවත් අඩුපාඩුවක් බව මගේ අක්මාවට දැනෙයි. ඇළකන්දේ බාබුට වඩා සහමුලින් වෙනස් ගතිගුණ සහිත අපේ ගමේ බාබුවාගේ නම වෙනකක් වුවත් බාබු යැයි කියූ සැනින් කවුරුත් දන්නා තැනට ඒකා ලඟා වූයේ පියවරෙන් පියවර කාලයට සමානුපාතිකවය.අපේ ගමේ පිල්ලෑව ඉසව්වේ පොල් වත්තක අපි ...
ඇළකන්දේ බාබු Sirage Kamare ඇළකන්ද යනු වත්තල ප්‍රීතිපුර වෙරළට ආසන්නයේ තිබෙන පෙදෙසකි. ධීවර ප්‍රජාව මෙන්ම වෙනත් වෘත්තිකයන්ද මේ ඉසව්වේ කලවමේ වෙසෙති. ඇළකන්ද අගට හන්දිය යන පදය එකතු කල විට බොහෝ දෙනා මේ පෙදෙස හඳුනති. සිරා කොලුවාට ඇළකන්ද සමග කිසිම පයුරු පාසානමක් තිබුනේ නැති වුවත් වෘත්තීය ජීවිතය තුලදී හමුවුන තවත් ඩිසයිනරයන් දෙදෙනෙකු වූ වයසින් මට වඩා පහළ කක්කුට්ටා සහ ජංගම ග්‍රැෆික් දොස්තරගේ නිවාස පිහිටා තිබුනේ ...
රඹුටන් Sirage Kamare රතට රතේ බැබලෙන රඹුටන් ගෙඩියක් දැක්කම කාටද රස බලන්න හිතෙන්නෙ නැත්තෙ. ලොකු කුඩා කවුරුත් රඹුටන් ගෙඩියක රස බලන්න කැමතියි. මේ පළතුරේ පෙනුමත් ඉතාම ආකර්ශනීයයි. රඹුටන් කිව්වම කාට කාටත් ඉක්මනට මතකයට එන්නෙ මල්වාන. වෙළඳපොල ඉලක්ක කරලා විවිධ ප්‍රභේද මුසු කරලා හදපු අලුත්ම රඹුටන් වර්ග මල්වානෙ වගා කරලා තියෙනවා.මල්වානේ රඹුටන්ඉස්සර සිරා කොලුවගෙ පන්තියෙ හිටියා මල්වානෙ රඹුටන් වතු හිමියෙකුගෙ පුත්‍රයෙක්. තමන්ගෙ වත්තක රඹුටන් ...
නික්මණ Sirage Kamare ඇය උදෑසන පිබිදෙන විට ඔහු සයනයේ නොසිටියේය. හනි හනිකට ඇඳුමද සකස් කරගත් ඕ නැගිට ඔහු කුස්සියේවත් වෙත්දැයි බලන්නට යන්නට වූවාය. ඇය පිබිදෙන විට ඔහු පහුගිය කාලයේම ඇය අසලම සිටියේය. නමුත් කවර හෝ මොහොතක ඔහු නොසිටීවි යැයි සැකයක් ඇය තුල කලක සිටම විය. එහිද ඔහු නැත්තෙන් නම කියා හඬ ගෑවාය. නමුත් ඔහු ඒ කොහේවත් නොවීය. ගෙයිහි තවත් සොයන්නට තැනක් නොමැත්තෙන් මහත් ...
අපි සමග අපි Sirage Kamare සිස්සත්තෙ සමත් වෙලා නගරෙ මහ ඉස්කෝලෙට ඇතුලු උන දවසෙ ඉදලම අපේ අම්මගෙ හිතේ තිබුනෙ කොහොමද මේකව සාමාන්‍ය පෙලින් එගොඩ කරන්නෙ කියන කාරණේ. ඒ හින්දම දන්න කියන ඇත්තන්ගෙන් කරුණු කාරණා හොයලා 6 වසරෙදිම සිරා කොලුවව දැම්මා නොවැ විද්‍යාව සහ ගණිතය අතිරේක පන්ති දෙකකට. සති අන්තයේ තමයි මේ පන්ති තිබ්බෙ. ඒ කාලෙ ගම්පහ නගරයේ මේ විෂයන් දෙකටම නම් දරාපු ගුරුවරු දෙන්නෙක් තමයි ...
තුනෙන් හතරට Sirage Kamare අදින් හරියටම වසර 3 කට පෙර මම මගේ සිහිනයක් සැබෑ කරගත්තෙමි. එය වූ කලි ඕපපාතිකව රෝපණය වී කාලයක් යද්දි අතු ඉතිලා මහා වෘක්ෂයක් බවට පත්ව තිබූ සිහිනයකි. වරෙක සිහිනය සැබෑ කරගන්නට බොහොම තද උවමනාවක් ඇති වෙයි. තවත් වරෙක එය නැතිව යයි. මේ අන්ත දෙකේ දෝලනය වූ මගේ සිහිනය අවසානයේ සිරාගේ කාමරය නමින් ඔබ හමුවට පැමිණියේය.සිරා කොලුවා බ්ලොග් කියවන්නෙක්ව පමණක් සිටි ...
නාග දුපත Sirage Kamare සර්පයො කියන්නෙ බොහෝ දෙනා අතිශයින් බිය වෙන, දකින්නට පවා කැමති නැති, දෂ්ඨනයකට ලක් උනොත් වේදනාත්මක අත්දැකීමක් ලැබෙන සත්ව කොටසක්. සිරා කොලුවා වන මමත් එහෙමයි. සර්පයින්ට ගොඩාක් භයයි. සර්පයන්ටම වෙන්වුන දුපතක් ලෝකයේ එක තැනක තියෙනවා කියලා ඔබ දන්නවද ? ජාලෙන් පෙරලා අපි ඒ ගැනයි අද දැනගන්න යන්නෙ.Ilha de Queimada Grandeදේශීය භාෂාවෙන් Ilha de Queimada Grande යනුවෙන් හඳුන්වන අත්ලන්තික් සාගරයේ පිහිටා තිබෙන ...
ඇමරිකාවේ මගේ පාට් ටයිම් එක Sirage Kamare ඇමරිකාවට පය තියද්දි තමන්ගෙම කියලා මිත්‍රයෙක් නැදෑයෙක් ලඟපාත හිටියෙ නැත්තං අතේ තියෙන සල්ලි ටික ඉවර වෙන්න කලියෙන් කල යුතුම දේ තමයි ඉක්මනින් රැකියාවකට එකතු වෙන එක. ඇමරිකාව වගේ විශාල රටක තමන්ගෙ සුදුසුකම් වලට රැකියාවක් ලබාගන්න තියෙන තරගය ගැන කියන්න දෙයක් නෑනෙ. ඉතින් ජීවන වියදමවත් දරාගන්න පුලුවන් රැකියාවකට හරි හා පුරා කියලා සම්බන්ධ වෙන්න තමයි ලංකාවෙ අය වගේම අනිත් රටවලින් මෙහාට ...
පති භක්තිය සමග වෙසක් කූඩු Sirage Kamare ආකාලයේ අපෙන් වියෝ වූ පන්ති සගයා නිශාන්ත පිළිබඳ දුක් මුසු මතක ආවර්ජනයට පසුව අපේ 11 වසර පන්තිය පිළිබඳ තවත් මතක සමුදායක් මා හට හදිසියේ මෙන් මතක් වී තිබේ. ඒවා ඒ වෙලාවට කාමරේ දොර ඇර ලියා දැමුවේ නැතිනම් නැවත මේ කපේට මතක් වෙනවා බොරු කියා මගේ අක්මාවට දැනෙයි.6 වසරේදී E පන්තියේ සිටි සිරා කොලුවා 9 වසරේදී තාක්ෂණ විෂයන් අනුව පන්ති වෙන් ...
නිෂාන්ත නම් වූ ඔහු... Sirage Kamare නිශාන්ත සුදු ලස්සන පොඩි කොල්ලෙක්. 9 වසරෙදි තාක්ෂණ විෂයන් අනුව පන්ති බෙදාගෙන යනකොට තමයි සිරා කොලුවයි නිෂාන්තයි පාසලේ එක පන්තියකට වැටුනෙ. වැඩිය උස මහත නැති සාමාන්‍ය තරමේ ශරීර කූඩුවක් තිබුන මේ හාදයා හරිම අහිංසකයි. තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන පන්තියෙ දගලන්නෙ නැති ගොඩේ ළමයි එක්ක තමයි මුල් කාලය ගත කලේ. අධ්‍යාපනයට කියලා කැපී පෙනෙන දක්ෂතා ප්‍රකට නොකලට ගුරුවරුන්ගෙන් බැනුම් ඇහුවෙ නෑ ...
හොල්මන් Sirage Kamare හොල්මන් කියන වචනය ඇහුනත් පොඩි කික් එකක් තියෙනවනෙ බොලං..නැද්ද මම අහන්නෙ. හෙලවෙන මනස කියලනෙ දැන උගත් වැඩිහිටියො මේ වචනය අර්ථ දක්වන්නෙ. හැබෑටම සිරා කොලුවත් හොල්මනක් දකින්න හරි ආසාවෙන් කාලයක්ම බලා උන්නා. ඒත් අඩුගානෙ මෝහිණී තියා මෝහිනීගෙ අත දරුවා වත් දකින්න විදියක් නැති උනා. අනේ මල්ලි මේ දරුවා වඩා ගන්න කියලා මෝහිණී මට කිව්වොත් නම් මම කියන්නෙ අක්කා ඔහොම ඉන්න මම ...
පුංචි හොරු සමග බෑන්ඩ් කථා Sirage Kamare හෙට උදේ 8 වෙද්දි පෝලිම් වෙන්න බලාගෙන වරෙල්ලා...පරක්කු වෙන උන්ට දැඬි දඬුවම්...කලින් දවසෙ පුහුණුවීම් අවසන් වෙද්දි ලොකු අයියා කිව්වෙ එහෙමයි. සාමාන්‍ය වෙලාවට සහෝදරයෙක් වගේ ඉන්න ලොකු අයියා බෑන්ඩ් එකේ පුහුණුවීම් කරන වෙලාවට නම් නීතියට වැඩ කරන හාදයෙක්.සිරා කොලුවගෙ බෑන්ඩ් ජීවිතයෙන් යමක් ඇඳබාන්නයි මේ සූජානම. ළඟකදි ඒ ගැන යමක් ලියවුනෙත් නැති නිසා අද ඉතිං ඒ අතීතය ගැන යමක් ලිව්වොත් හොඳා කියලයි ...
OIC සමග අඩියක් ගැසීමි Sirage Kamare ආම්ස්ට්‍රෝන්ග් යනු සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙකි. අප දෙදෙනා අතර මුල්ම හමුවීම සටහන් වූයේ තූර්ය වාදක ඛණ්ඩය තුලදී බව මට මතක තිබේ. ඒ කාලයේ ගමනේ යාම පුහුණු වන විට ආමාගේ අත් අනෙක් උන්ට වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වීම නිසා මේ ආකාරයේ නමක් එකාට පට බැඳිනි.අාම්ස්ට්රෝන්ග් යන්න ඇසූ විට එක්වරම මතකයට එන්නේ හඳට ගිය ආම්ස්ට්‍රෝන්ග් වුවත් අපේ ආමා ඒ ආම්ස්ට්‍රෝන්ග් ගැන අසා නැති ...
මැලේසියාවේ අභිමානය පෙට්‍රොනාස් Sirage Kamare අවසන් ජාලෙන් පෙරලපු ලිපියෙන් අපි විස්තර දැනගත්තෙ අයිෆල් කුළුණ ගැන..ඒ සඳහා ලැබුන ප්‍රතිචාරය ඉතාම ඉහළයි. බොහෝ පිරිසක් ලිපියේ අන්තර්ගතය ගැන ප්රශංසාත්මකව කථා කලා. සමහරු අදහස් දක්වලා ඊයක් දෙකක් විද්දා. ඒ නිසාම මෙදා වාරෙ සිරා කොලුවා කල්පනා කලා මම නොදුටු දෙයක් වෙනුවට මට දිනපතාම සේවයට යද්දි එද්දි දකින්න ලැබෙන ඉඳිකිරීමක් ගැන විස්තර බොලාට කියන්න.ඒ තමයි මැලේසියාවෙ අගනුවර වන ක්වාලාලම්පූර් නුවර බොහෝ ...
මගේ ප්‍රථම ප්‍රේමය Sirage Kamare ප්‍රථම ප්‍රේමය..හ්ම්...හරි ලස්සන වචන දෙකක්. ප්‍රේමවන්තයො කවදාවත් වයසට යන්නෙ නෑ කියනවා වගේ, වයස්ගත කෙනෙක්ට උනත් තමන්ගෙ ප්‍රථම ප්‍රේමය කිසි දවසක අමතක වෙන්නෙ නෑ. මම දන්න විදියට ගොඩාක් අයට ප්‍රථම ප්‍රේමය ජයගන්න ලැබිලා නෑ. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම ආදරයක රහ දැනුන අවස්ථාව නිසා ඒ මතකය මිහිරි රිදුමක් වෙලා අපේ හදවතේ ගැඹුරුම තැනක රැදෙන්නෙ ආශ්චර්යමත් විදියට. කසාද බැඳලා දරු මුණුපුරන් හිටියත් ප්‍රථම ප්‍රේමය ...
පොඩි ඇඟිල්ල සහ වෙසක් සඳ Sirage Kamare සිරා කොලුවා බයිසිකලයට පෙම් බැන්දේ කෙසේදැයි අතීතයේ දවසක ලියා තිබේ. බොහෝ උන්ට මෙන්ම මටද මගේම කියා බයිසිකලයක් ලැබුනේ සිස්සත්තය සමත් වීමෙන් අනතුරුවයි. මේ පුංචි බයිසිකලය සමග කෙමෙන් කෙමෙන් කරදඬු උස් මහත් වන විට ශරීරයේ ප්‍රමාණයට බයිසිකලය නොගැලපෙන අවස්ථාවක් උදාවෙයි.සාමාන්‍ය පෙළ ලියන අවදිය වන විට අපේ කාලයේ කොල්ලන්ට තිබුනේ මවුන්ටන් බයිසිකලයක් පැදීමේ ආශාවයි. මමත් බොහෝ උන් මෙන් ඒ සඳහා සිහින මැව්වෙමි. ...
ඇල්ෆ්රට් බාස් Sirage Kamare ඇල්ෆ්රට් බාස් වාසය කලේ සිරා කොලුවාගේ නිවාසයට යාබදවයි. ඇල්ෆ්‍රඩ් කියා ඔහුගේ නම නිවැරදිව කිව යුතු උවත් ගමේ උන් මෙන්ම පවුලේ අයද ඔහුව ඇමතුවේ ඇල්ෆ්රට් යනුවෙන් නිසාම මමද ඒ නමම මෙහි යෙදුවෙමි. අත් උදව් කරුවෙකු ලෙස නිවාස ඉඳිකරන තැන් වල මේසන් බාස්වරුන් සමග අාරම්භ කල ඔහුගේ වෘත්තීය ජීවිතයේ මැද භාගයේදී මේසන් බාස් කෙනෙකු ලෙස උසස් වන්නට ඔහුට හැකි විය.සිරා කොලුවා කුඩා ...