මං නුඹෙ දෝණී Sirage Kamare මවුබිමෙන් බැහැරව රැකියාව කරන අසංක ශ්‍රී ලාල් සහෘදයා කලක පටන්ම සිරාගේ කාමරයට යන එන හිතවතෙකි. මාසයේ අවසාන ලිපිය හෙවත් හත්වෙනි ලිපිය වෙනුවෙන් මෙවර ඉඩ කඩ වෙන්වනුයේ ඔහු විසින් නිර්මාණය කර එවන ලද ගද්‍ය නිර්මාණ එකතුවක් වෙතටයි. මෙයට පෙර සිරාගෙ කාමරය තුල කාව්‍ය නිර්මාණ පලවී නැති හෙයින්ම මෙය නැවුම් වෙනසක් වනු ඇත.මෙහි සටහන් වන අවසාන මාතෘකාව අරභයා ඔබේ අදහස් මුසු කර ...
දඹුල්ලේ ටිකට් හොරු සහ තවත් කථා Sirage Kamare දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තුන්කොන් තරගාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරගයකිනි. අපේ රට තරග වදින නිසාම අතිමහත් ප්‍රේක්ෂක ජනතාවක් පිටිය කරා පැමිණියෙන් එම තරගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරමින් සිටි සිරා කොලුවා ඇතුලු කණ්ඩායම මුහුණ දුන්නේ තරමක අපහසුතාවකට බැව් පෙර ලිපියකදී මම කීවෙමි.දඹුළු කථා 1 කොටස 2 කොටස 3 කොටසප්රවේශ පත්‍ර සියල්ලම අළෙවි වී අවසන් වූයේ නැතිනම් ...
නිමල් අයියා (දඹුළු කථා 3 කොටස) Sirage Kamare දඹුළු කථා 1 කොටසදඹුළු කථා 2 කොටසනිමල් යනු කවරෙක්දැයි සිරා කොලුවා මුලින්ම හදුනාගත්තේ මේතාක් විස්තර කල දඹුළු සංචාරයේදී යැයි කීම අතිශෝක්තියක් නොවේ. ඊට පෙර වතාවලදී මේ පුද්ගලයාව රූපවාහිනියෙන් ක්‍රිකට් තරග නරඹන ඇතැම් දිනෙක දැක ඇතත් ඔහුගේ නම මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඔහුට ඇති පයුරු පාසානය කුමක්දැයි මා හට අවබෝධයක් නොවීය.දකුණු පස බිම ඉදගෙන සිටින්නේ නිමල් අයියායදඹුළු සංචාරය පිළිබද ...
MH 17 ගැන නෙැඇසූ කථා Sirage Kamare සිතු දෙය නොම වෙයි නොසිතු දෙයම වෙයි යන වදන් පෙළට අලුත් අර්ථකථනයක් එක් කරමින් මැලේසියානු ගුවන් සේවයේ තවත් යානයක් 2014 වසර තුලදී දෙවන වතාවටත් අනතුරට පත් වී තිබේ. පසුගිය මාර්තු 8 වැනි දින අතුරුදහන් වූ MH 370 යානය නිසාවෙන් කැළඹුන මැලේසියානු ජන ජීවිතය කෙමෙන් කෙමෙන් නිසල වී යන වටපිටාවක සිදු වූ අලුත් ගුවන් අනතුර නිසා එය නැවතත් සසල වී තිබේ. ...
ටිකට් කෙරුවාවේ ආරම්භය Sirage Kamare පළමු කොටසකම්මැලි ගමනින් අප ඉදිරියට පැමිණ මද වේලාවක් කලූ සහ අප කණ්ඩායම අතර සිදුවන පන්දු ක්‍රීඩාව දෙස සැහැල්ලුවෙන් බලා සිටි සනා තම දුරකථනයට ලැබුනු ඇමතුමක් නිසා අපෙන් ඈතට ගියේය. මදින් මද රෑ බෝ වී දැන් වේලාව රාත්‍රී 9 ට පමණ ආසන්නය. ක්‍රීඩකයන් නැවත ඔවුන් ලැගුම් ගෙන සිටින හෝටලයට පිටත් වීමට තම බඩු බාහිරාදිය එකතු කරන විට හෙට තරගය සුභ වෙන්නට ...
දඹුල්ලේ ටිකට් කැඩුවෙමි Sirage Kamare ඒ 2004 වසරයි. සිරා කොලුවා උසස් පෙළ විභාගයෙන් අනතුරුව පරිගණක අධ්‍යාපනය ලබමින් සිටි සමයකි. පාඨමාලාව පැවැත්වෙන්නේ සති අන්තයේ බැවින් සතියේ දින වල ඇති පදමට විවේකය තිබුනේය. ඒ විවේකයෙන් වැඩි හරියක් වැය වුනේ හැන්දෑ කොරේ සිදුකල ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙනි. සැහැල්ලු පන්දුවෙන් සිදුකල මේ ක්‍රීඩාව තුල සිරා කොලුවාගේ හැකියාවන් මොනවට ප්‍රදර්ශනය වූ නිසාම අසල්වැසි ගම්මාන වලින්ද ඇතැම් විටක කොලු කුරුට්ටන් මා සොයා ...
අපි නොදන්න මැලේසියාව 2 කොටස Sirage Kamare 1 කොටසමැලේසියාව පිළිබද මෙයට පෙර පලවූ ලිපියෙන් මැලේසියාවේ භූ පිහිටීම, නිදහස ලබාගන්නට පෙර පරිසරය හා පසු පරිසරය, මැලේ භාෂාව, ජන වර්ග, ආගම් ආදිය පිළිබද යම් දැනුමක් ඔබට ලබා ගන්නට හැකි වුනා. අද ලිපියෙන් ඔබට අපි නොදන්නා මැලේසියාව ගැන තවත් තොරතුරු රාශියක් දැනගන්නට ලැබේවි.මැලේසියාවෙ ජාතික ගීය හදුන්වන්නෙ නෙගරාකු කියන නමින්...එහි අර්ථය මගේ රට යන්නයි. මේ රටේ ජාතික කොඩියෙ තියෙන සංඛේත ගැන ...
සෞදි අරාබියේ උණු කදුළු Sirage Kamare ජීවත් වෙන හැමෝගෙම බලාපොරොත්තුව තමන් ඉන්න තැනින් එක අඩියක් හරි ඉස්සරහට තියන්න. ඒ වෙනුවෙන් අපි ගන්න ක්‍රියා මාර්ග සමහර ඒවා නීත්‍යානුකුල වෙන්නත් පුළුවන් නීත්‍යානුකුල නොවෙන්නත් පුළුවන්. ඒ තීරණ නිත්‍යානුකූල හෝ නොවන ඕනෑම දෙයක් හරියන්නත් වරදින්නත් පුළුවන් කියන කාරණය අපේ හිත්වල තැන්පත්වෙලා තියෙනවා. අන්න එහෙම හොද සමාජ තත්වයක් ලබාගන්න අතමිට මුදලක් ඉතිරි කරගන්න ගෙයක් දොරක් හදාගන්න එහෙමත් නැත්තං දරුවන්ට හොද අධ්‍යාපනයක් ...
අමන්දි Sirage Kamare ලා දම් පැහැය තවත් නිමේෂයකින් තද දම් පැහැයට හරවා අවසානයේ දිය බිදිති එකින් එක පොළව කරා එවන්නට අහස් කුස සමත් වූවේය. දුර ඈතක සිටින පෙම්වතෙක් තම පෙම්වතියට තෑගි එවන්නා සේ පොළෝ තලයද ඒවා මහත් හරසරින් වැළද ගනියි. උසස් පෙල පන්ති යන එන කොල්ලන් කෙල්ලන් එක කුඩයක් යට ගුලිවී යනෙන දසුන වර්ෂාවෙන් බේරෙන්නට කේක් කඩය අද්දර සිටින කසුන්ගේ නෙතට සමීප වෙයි. ...
හිතුමතේ ජීවිතේ 4 (අවසාන කොටස) Sirage Kamare කලින් කොටස් කියවා නැති අයට.... 1 කොටස 2 කොටස 3 කොටසසිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව ...
හිතුමතේ ජීවිතේ 3 Sirage Kamare මෙයට පෙර කොටස් කියවන්න අතපසු වූයේ නම්..1 කොටස2 කොටසඅනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල ...
හිතුමතේ ජීවිතේ 2 Sirage Kamare පළමු කොටස මෙතැනින් කියවන්න.බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව ...
කුසුමා නිසා සිරගෙය උරුම වූ හිතුමතේ ජීවිතේ Sirage Kamare කථාව කියවන්නට ප්‍රථම මේ කාරණය ඔබට කියන්නට සිරා කොලුවා වන මම රිසි වෙමි. පහත පලවී ඇති සටහන මවිසින් ලියූවක් නොවේ. එය සිරාගේ කාමරය වෙත කාංචන නම් පාඨකයෙක් විද්‍යුත් තැපෑලෙන් එවන ලද්දකි. මේ කථාවේ ඇති ත්‍රාසජනක ස්වභාවය නිසාත් සත්‍යම සිදුවීමක් නිසාත් මෙහි පලකරන්නට මා හට සිත් විය.මේ ලියමනේ නියම හිමිකරුවා සොයා අන්තර්ජාලය පීරුවද හෙතෙම මට හමු නොවීය. නමුත් මීට සමානව ලියවුනු ...
අපි නොදන්න මැලේසියාව Sirage Kamare මැලේසියාව යනු ආසියානු මහද්වීපය තුල පිහිටා තිබෙන මෑත ඉතිහාසයේදී ආර්ථික දියුණුව ලබා ගනිමින් ඉහළට පැමිණි සුන්දර රටක්. මේ රට පිළිබද ශ්‍රී ලාංකික අපේ දැනුම එතරම් නැති උවත් ශත වර්ෂ ගනනාවකට උඩ ඉදලයි ලංකාව සහ මැලේසියාව අතර සබදතා ඇති වී තිබෙන්නේ. ලංකාවේ මැලේ යනුවෙන්ද ජන කොටසක් සිටින බව ඔබ දන්නවා. අතීතයේදි බෞද්ධ රාජ්‍යයක් ලෙස පැවතුනත් වර්තමානයේදී මුස්ලිම් බහුතර ජනතාවක් සිටින රටක් ...
ලංකාවේ කලාව මිනිසුන් මරයි.... Sirage Kamare ආදරය කරලා පිහියෙන් අනින්න පුළුවන්ද කියලා මට හිතුනා. එක් ගිතයක මෙහෙම කියනවානේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි බිදුනු දා පුජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි කියලා. මේ වෛරයේ ඇදහිල්ල මෙරට සිනමාව ,ගීතය,නාට්‍ය තුලින් මතුවී අප මනසට පැමිණි විට තවත් මිනිස් ජිවිතයක් නිමාවට පත්වන බව කිසිදු විටෙක් සිතන්නේ නැත. කලා කරුවා කලාව තුල නිර්මාණය කරනු ලබන නිර්මාණය හමුවේ තවත් සිතුවිලි ...
ක්ෂය රෝගය සමග දෙදිනක් Sirage Kamare මැලේසියාවේ මා සේවය කරන ආයතනය සංචාරක කර්මාන්තයට අදාළ එකකි. මෙමගින් ඉටුකෙරෙන ප්‍රධාන සේවා දෙකක් වෙයි. මෙරට පුරවැසියන් වන මැලේසියානුවන් වෙත තමා කැමති රටකට සංචාරයේ යෙදෙන්නට පහසුකම් සැලසීම සහ වෙනත් රටවල සිට මෙරටට පැමිණෙන සංචාරකයන්ට සිය සංචාරයට අදාළ හෝටල්, ප්‍රවාහන, ගුවන් ටිකට් පත් ඇතුලුව සියලුම පහසුකම් සැපයීම ඒ කාරණා දෙක ලෙස සරළව දැක්විය හැකිය.ලංකාවේ සංචාරකයන්ට අමතරව පකිස්ථානයේ සිට මැලේසියාවට පැමිණෙන සංචාරකයන් ...
ඇක්ස්ට්‍රා ස්පෙෂල් සමග දන්සැල් කෙරුවාව Sirage Kamare වෙසක් අහවර උනාට දන්සැල් කථා තවම අහවර නෑ. සිරා කොලුවා ඇතුලු ගමේ නඩේ ඉස්සර දවසක පවත්වපු බත් දන්සැලේ ජාතකේ යම් තරමකට මම බොලාට කිව්වා නොවැ. එදා කියන්න බැරිවුන මේ කතන්දර ටික කියනකං මගේ කට කොකියනවා. ඒ හින්දම මේ කථා ටිකත් කියලා දන්සැල් කථා අහවර කරන්නයි සිරා කොලුවගෙ මේ වෑයම. ආයෙම දන්සැල් කථා කියන්නෙ ඊලග අවුරුද්දෙ.පින්තූරය මෙතැනින්අපේ බත් දන්සැල සදහා ගමේ ...
මැලේසියාවේ වෙසක් අසිරිය Sirage Kamare වෙසක් දිනයත් ගෙවී ගියේය. ලංකාවේ සිටියා නම් මේ දින කීපය ඉතා රසවත්ව ගෙවෙනු ඇත. දන්සැල්, තොරණ, වෙසක් කූඩු මෙන්ම වෙසක් සිරි නරඹන්නට ඒ මේ අත සැරිසරන මහා ජනකාය අතර මටද ඉඩක් තිබෙන බව සිහිවෙන සෑම වාරයකම මගේ සිත වෙසක් සිරි නැරඹූ අතීතයේ තැනක නතර වෙයි.මැලේසියානු දින දර්ශනයට අනුව මෙවර වෙසක් දිනය යෙදී තිබුනේ මැයි මස 13 වෙනි අගහරුවාදාටය. ඒ අනුව ...
මහා බත් දන්සැල සහ වෑන් පිනුම් Sirage Kamare සුමියා මෙන්න මෙහෙ දීපන් ඔය කුළුගෙඩිය...උඹට දැන් මහන්සියි වගේනෙ...සුමියගෙ අතේ තිබුන ආයුදේ දෙලා අතට යන්නත් එතනින් කිත්තා අතට යන්නත් තවත් ටිකකින් ඩොනා අතට යන්නත් ඊටත් පස්සෙ බැල්ලි අතට යන්නත් මහ වෙලාවක් ගියේ නෑ. හැම එකාම පහර කීපයක් අවසානයේ හැති දාන්නෙ මහ දවාලෙ රස්නෙ ඉවසගන්න බැරුව බලු නකුටෙක් කට ඇරගෙන ඉන්න විදියට.මෙන්න මේ ගැටේ තියෙන තැනට කූඤ්ඤෙ තියලා ගහපිය.අනේ පලයන් සුමියා...උඹ ...
70 දශකයෙන් සමුගනිමු | Lets Depart From The Decade of 70 Sirage Kamare 70 දශකයේ අප නොදුටු සුන්දරත්වය නැවතත් බ්ලොග් අවකාශයට රැගෙන පැමිණීමට සිරා කොලුවාට පසුගිය දිනක හැකිවූයේ ඩග්ලස් කැම්බල් මහතා නිසාවෙනි. එතුමාගේ ඡායාරූප ඇතුලත් කොට මවිසින් පලකල ලිපිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. ඒ පිළිබද ලියූ ලිපිය අවසානයේ නැවතත් 70 දශකයේ ඡායාරූප පෙලක් සමග හමුවෙමු යැයි මා කීවද පසුගිය බක් මාසය පුරාම ඒ සදහා ඉසිඹුවක් නම් නොලද්දෙමි.වෙසක් මස උදාවූ ඇසිල්ලේ නැවතත් ඒ ...