නුඹට අවසරයි...... සංවේදී (Sanwedi) අට විසි වියේදී මා සූවිසි වියැති පුතුන්ගේ පියෙකු කළ ආදරණීය පුතුනි.....මා දෙපා නමැද සරසවි මවු තුරුලෙන් නික්මී ඉගිල යාමට අවසර පතන පුතුනි......නුඹට අවසරයි......එහෙත්....නුඹ ගැන බියක් මසිත නැතුවාම නොවෙයි...මන්ද....අදින් පසු නුඹ ගැටෙන්නේ පරිපූර්ණ තත්ත්ව තුළ හැසිරෙන අථත්‍ය යථාර්තය සමඟ නොව,පරිපූර්ණ යථාර්තය සමඟ නිසායි.ඒක තේරුණේ නැතුව ඇති....මට කියන්න ඕන වුනේ මෙපමණකි.....ආදරණීය පුත,කඩුල්ලෙන් එහා ලෝකය නපුරුයි..... ඒ නපුරු ලෝකයේ ලොකු මිනිසෙක් නොව, හොඳ ...
බියකරු අත්දැකීමක් සංවේදී (Sanwedi) මම ඉගෙන ගත්ත කැම්පස් එක කඳු පළාතක තිබුන එකක්. කාලෙකට ගිණියම් මේ පළාත සීසන් එකට, ඒ කියන්නෙ නොවැම්බර්, දෙසැම්බර් කාලෙට නුවරඑළිය වගේ සීතල වෙනවා.අපේ නවාතැන තිබුණේ කඳු මුදුනක. මේ කාලෙට වලාකුළු යන්නේ අපේ ෆෝටිකෝව මැදින් කිව්වොත් ඒක කිසිසේත්ම අතිශයෝක්තියක් නෙමෙ.මේ ගෙදර අයිතිකාරයො දුර පළාතක පදිංචි වෙලා හිටියෙ. අපි කැම්පස් කොල්ලො සෙට් එකක් තමයි මේක අරක්ගෙන හිටියෙ. වෙන කවුරුවත් නැහැ.මේක වුන ...
මාර්ෂල් ලෝ සංවේදී (Sanwedi) වේලාව උදෑසන 8.00ට පමණ.ලැප්ටොප් පරිගණකය උරෙහි දරාගෙන ඔහු කොළඹ සරසවියේ පිවිසුම් ගේට්ටුව අබියසය. අඳුරු වර්ණ ගැන්වුණු නිළඇඳුම ළාගත් නිලධාරියා මහ හඬින් ගුගුරන්නේ මහා අපරාධ කාරයෙක්ගෙන් ප්‍රශ්න කරන පොළිස් නිළධාරියෙක්ගේ ස්වරයෙනි."තමුන් කවුද?""මම ස්ටාෆ්." "මොකද්ද තනතුර..?""ආධුනික කථිකාචාර්ය.""අයි.ඩී. එක...?""මම ගිය සතියෙ ආවෙ. අයි.ඩී. එක ඇප්ලයි කරල තියෙන්නෙ.""මෙන්න මෙයාට යුනිවර්සිටි අයි.ඩී. එකක් නෑ. ස්ටාෆ්ය කියන්නේ.." දැඩි අවඥාවෙන් 'වරදකරු' පෙන්වා ඔහු තවකෙකුට කියයි."මොරටුවෙ අයි.ඩී. එක ...
සමාධි සුව සංවේදී (Sanwedi) ඇල්ලකන්ද කියන්නෙ වනගත ආරණ්‍යයක්. මේකෙ බොහොම සිල්වත් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා බොහොම නිදහසේ භාවනායෝගීව කල් ගත කරනව. මනුෂ්‍ය ආශ්‍රය, භෞතික සම්පත් පරිභෝජනය ඉතා අල්පයි. මේ මෑතක් වෙනතුරුම ඒ ස්වාමීන් වහන්සේලාගේ කුටිවලට (වෙන වෙනම කැලේ මැද තියෙන්නෙ.) විදුලියවත් තිබුණෙ නැහැ. කාලෙකට පිණ්ඩපාතෙන් තමයි දානය සරි කර ගන්නෙ. දැඩි විනයක් රකින නිසා දනිස් පොල්කටු ළඟින් ලනුවකින් ගැටගහලා කියලයි මිනිස්සු කියන්නෙ.(මම නම් ඒ කතාව ...
නුහුරු හැඟුමක් සංවේදී (Sanwedi) පසුගිය සතිඅන්තයේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මා ගමන්ගත් බසය, කළුතර බෝධියට මීටර 100ක් තිබියදී පමණ කාර්මික දෝෂයකට ලක්ව නවත්වන ලදී. සියලු මගීන්ට ඉන් බැස කොළඹ දෙසට ධාවනය වන වෙනත් බසයකට ගොඩ වන කොන්දොස්තර මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ආසන්නයේ තිබූ බස් නැවතුම් පොළ වෙත පියමං කළෙමි.එහිදී මා නෙත ගැටුණේ තරමක් නුහුරු දසුනකි.ඇය සිඟන්නියකි. "ඔයා හිඟන්නියො දැකලා නැත්ද..?" යි ...
අපි දික්කසාද වෙමු සංවේදී (Sanwedi) වෙනස් සංස්කෘතියක තියෙන කිසිම දෙයක් අපිට මතුපිටින් බලා හොඳ නරක නිර්ණය කරන්නට නොහැකියි. මේක තේරුම් ගැනීමේ අඩුපාඩුවක් නිසා මම මේ ලඟදි අලි අමාරුවක වැටුණා.මගේ රුසියානු ජාතික මිතුරිය මරීයා වරක් මගෙන් විමසුවා "ඔබේ රටේ මිනිසුන් ජීවිත කාලයම එකම සහකරුවා සමඟ ජීවත් වනවා. දික්කසාදය සලකන්නේ අවමානයක් ලෙසටයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?"මගේ පිළිතුර වූයේ "ඒක අපේ සංස්කෘතියේ තිබෙන හොඳ දෙයක්. මා එයට ...
ෆේස්බුක් මචංලා සංවේදී (Sanwedi) උදේ පාන්දරම මෙහෙම සටහනක් තැබීමට සිදුවීම කරුමයකි. එක අතකට මෙය කිසිම තේරුමක් නැති ලියවිල්ලකි. එහෙත්, අපේ රටේ ෆේස්බුක් භාවිත කරන්නන්ට ඇඟිල්ලෙන් ඇන මේවා කියා දීමට සිදුවීමට තරම් මූලික ආචාර ධර්ම (Fundamental Ethics) අතින් පිරිහී ඇති බව වැටහෙන විට දැනෙන්නේ කණගාටුවකි.ෆේස්බුක් හි සම්බන්ධවන සෑම අයෙකුම එම සන්දර්භයේදී සැලකෙන්නේ මිතුරකු හැටියටය. එය හුදෙක් සබඳතාවක් නිරූපණය කිරීමට යොදාගැනෙන යෙදුමක් පමණක් බව ඇතැම් නවක ...
ගෝණි බිල්ලන් සහ සමාජවාදය සංවේදී (Sanwedi) මෙය මාතලන් තබා ඇති මෙම සටහනට ඌන පූර්ණයකි. පළමුව මේ පිළිබඳව මගේ ස්ථාවරය ඉදිරිපත් කරමි. ගෝණිබිළි ඇඳුම යනු ආගමික අන්තවාදයේ ප්රතිමූර්තියකි. ඒ බව මධ්‍යස්ථ මුස්ලිම්වරුන් පවා පිළිගනී. (විශාලනය කර කියවීමට පින්තූරය මත ක්ලික් කරන්න.)මා එයට විරුද්ධ වන්නේ මා ඉස්ලාම් විරෝධියෙක් නිසාවත්, බොදුබල සේනා වැනි සංවිධාන වල පෙළඹීමෙන් හෝ රජයට පක්ෂපාතී නිසාවත් නොවේ. විචාර බුද්ධියෙන් විමසීමෙනි. මා ඔය කී පිරිස් 3 ...
ඔෆිස් ආතල් සංවේදී (Sanwedi) මෙවර තරමක් වෙනස් සටහනක් තබන්නට සිතුවා. නැත්නම් ඔබ සිතයි මේ විස්ස විජ්ජාලවල උගන්නන එව්වෝ මෙලෝ රහක් නැති අලයෝ කියා. මා කලින් සේවය කළ පුද්ගලික ආයතනයේ සිදුවූ රසවත් සිදුවීමක්.අපේ ඔෆිස් එක තියෙන්නේ ගාළු පාරෙන් ටිකක් ඇතුලට වෙන්න. මීටර් 700ක් යන්න ඕන අතුරු පාරක. දවසක් මම ඔෆිස් යන්න පයින් යනකොට ඇහුනා 'ස්...ස්...'කියලා නයෙක් පිඹිනවා වගේ සද්දයක්. බලනකොට කතා කරලා තියෙන්නේ අපේ ඔෆිස් ...
පියාඹන මාලුවා සහ තවත් කතා සංවේදී (Sanwedi) Flying Fish ගැන කතිකාවතක් දැන් සමාජයේ ඇතිවෙමින් පවතී. මේ මොහොත වන විටත් මගේ බොහෝ මිතුරන් එය වාරණය කිරීම නිර්මාණශීලී කළාකරුවෙකුට කරන ලද බලවත් අසාධාරණයක් බව කියමින් සමාජ ජාලවල මහත් පෙරළියක් කරනු දක්නට ලැබේ.සැබෑවටම එය අප හමුදාවට හෝ රට අපහසුතාවයට පත්කරනවා හෝ කරනවානම් හෝ සිද්ධාර්ථ ගෞතමට අවමන් කරනවා නම් මා පෞද්ගලිකව එය අනුමත කරන්නේ නැත. නමුත් මා මා එය මෙතෙක් නරඹා ...
කඳු පාමුල සංවේදී (Sanwedi) සරසවියේ ඉගෙන ගනිද්දී සෑම සති අන්තයකම පාහේ මිතුරු මිතුරියන් සමග කොහේ හෝ ඇවිදින්නට යන්නට මම පුරුදුව සිටියෙමි. මෙවර අප තෝරා ගත්තේ නමුණුකුළ කන්ද තරණය කිරීමයි. උදෑසන 7.30 වනවිට කඳු පාමුලින් ගමන් ඇරඹුවද මග වැරදුණු අපට සැලසුම් කළ වෙලාවට කඳු මුදුනට යා ගත නොහැකි විය. අපේ ගමන් මග මීටර් දෙසියයකට නොඅඩු අංශක 85ක පමණ දැඩි බෑවුමකින්ද සමන්විත වුනේ පාර වැරදීමේ ප්‍රථිපලයක් ...
තාත්තා - ඌන පූර්ණය සංවේදී (Sanwedi) මට එල්ල වී තිබූ චෝදනාව ඉතා බරපතල එකකි. ගමේ ප්රභූවරයෙකුගේ නිවසක් වන 'වැවේ ගෙදර' ඉපැරණි රේඩියෝ යන්ත්‍රය කඩා දැමීම චෝදනාව විය. ඒ වන විට අප වාසය කළේ මගේ අම්මාගේ මහගෙදරයි. අම්මාගේ වැඩිමල් සොයුරියන්ගේ පවුල් කිහිපයක්ම මෙහි වාසය කළ නිසා මගේ පියා මෙහි 'ගෘහ මූලිකයා' නොවීය. ඉතින්, මේ අසරණ මා දඬුකඳේ ගැසිය යුතුබව එක් අයෙක් හැර අන් සියල්ලෝම ඒකමතික එකඟතාවකට පැමිණ ...
තාත්තා සංවේදී (Sanwedi) තමන්ගේ පියා තරම් මිහිපිට වෙනත් කිසිම පුරුෂයකු (ආගමික නායකයන් මේ කුලකයෙන් ඉවත් වේ) උත්තරීතර නොවන බව ඕනෑම සුජාත පුනණුවෙකුගේ, දියණියකකේ විශ්වාසය වේ. මමද එම විශ්වාසයේ දැඩිව එල්බ ගත්තෙක්මි. නමුත් සෑම තාත්තා ගෙනෙකු තුළම ස්වභාවයෙන්ම පිහිටන පිය ගුණයට අමතරව සුවිශේෂී වූත්, දුර්ලභ වූත් ගුණාංග කිහිපයක්ම මම ඔහු තුළින් දුටුවෙමි. සාමාන්‍යයෙන් තාත්තලා, දරුවන්ට, වෙසෙසින්ම පිරිමි දරුවන්ට සිය ආදරය එළිපිටම නොපෙන්වති. මා කියන්නේ ...
පිහි ඈනුම (වැරදීමක් නොවේ) සංවේදී (Sanwedi) මේක සංවේදී කතාවක් නෙමේ. කපටි කතාවක්. හැබැයි සිද්ධිය ඇත්ත.මං කැන්ටිමට ගියෙ රෑ කෑම කන්න. ඒත් එතන ලොකු කළබලයක්. එකෙක් පිහියක් වන වන මොනවද දොඩවනවා. හෙන සෙට් එකක් ඌව අල්ලගෙන. මාත් හොස්ස දාලා බැලුවා මොකද වෙන්නේ කියලා. එතන හිටිය එකෙක් කිව්වා, "ඊයේ හා කිව්ව මුගේ කෙල්ල අද වෙන එකෙක් එක්ක ගිහින්, මූ උන්ට පිහියෙන් අනින්න හැදුවා."පිහියෙන් අනින්න ගිය එකා මම දන්න ...
ජීවිත තුට්ටුවකට නොවටිනායයි සිතන මාතර මහ රෝහල සංවේදී (Sanwedi) මා කරන්නට යන්නේ ඉතා බරපතල චෝදනාවකි. එනම්,ලංකාවේ ඉතා අකාර්ය්යක්ෂම සහ නොසැලකිලිමත්ම රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වාසය කරන්නේ මාතර මහ රෝහලේ බවය.සඳුදා උදේ දේශනයක් අතරතුර, (11.00 ට පමණ.) මට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. හදිසි යනු රාජකාරි දිනවල කාර්යාල වේලාවේ මා කාර්යබහුල බැවින්, මා අමතන්නට එපා යයි ගෙදර මිනිස්සුන්ට කලින්ම දැනුම් දී ඇති බැවින්, එවන් වේලාවක ලැබෙන්නේ ඉතා වැදගත් පණිවුඩයක් පමණක් හෙයිනි.ඉන් ...
අධ්‍යාත්මික හීන (Spiritual Dreams) සංවේදී (Sanwedi) හීන වල ඇත්තේ අප දිවා කල දකින දේ සහ මායාවන් පමණක් යයි එක්තරා සිද්ධියක් වන තුරා මමද විශ්වාස කළෙමි. සරසවියේ පළමු වසරේදී මම එක්තරා තැනැත්තියකට හදවතින් පෙම් කළෙමි. (කුළුඳුල් දෙවන වතාවට.) කළබල වෙන්න එපා! ඇය සිහිනෙන් පෙනීම කිසිසේත් අරුමයක් නොවේ. පසුව ඇයට පෙම්වතකු සිටින බව දැනගෙන සිත හදාගෙන කළක් ගතකළෙමි. නමුත් මාස කිහිපයකට පසු...මා ඇයට අනවශ්‍ය යෝජනා කරමින් කෙටි පණිවුඩ ...
සංවේදී කමට බිලි දුන් රස්සාව සංවේදී (Sanwedi) 'කට වැඩි නිසා' සරසවියෙන් රස්සාවක් දීම ප්‍රතික්ශේප කළ හෙයින් පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගන්නට සිදු වූ බව ඔබ දනී. මට ලැබුනේ මෘදුකාංග ක්ෂේත්රයේ රැකියාවකි. මගේ වැඩි කැමැත්ත තිබුනේ ඉගැන්වීමට මුත් කරන්නට දෙයක් නොමැති තැන හිත හදාගෙන එය කරගෙන ගියෙමි. මෙහිදී තරමක් මානසිකව වැටී සිටි මට හොඳ මිතුරියක් සම්භවුනි. මිතුරියක් යනු මිතුරියක් (යෙහෙළියක්) මිස ආදරවන්තියක් නොවේ! ඇයට පෙම්වතකු සිටී. මා කිසිදිනක ...
දෙමළු... සංවේදී (Sanwedi) වස කම්මැලිකමෙන් මං උදේ නැගිටිනකොට 'මචං යූ ප්‍රිෆර් ටී ඕර් කොෆී?' කියල අහල තාමත් නිදි මරගාතෙ ඉන්න මගෙ අතට 'බෙඩ් ටී' එක දෙන එකා දෙමළෙක්.ටික වෙලාවකින් උදේ කෑමට කැන්ටිමට එනව. "සර් මොනවද?" කියල අහල කන බොන ජාති ස්ටාෆ් ටේබල් එකටම ගෙනත් දෙන එකා දෙමළෙක්.ඊට පස්සෙ ඔෆිස් එකට එනව. මාව දැකල දෙයියො බුදුන් දැකල වගෙ අතුගගා හිටපු කොස්ස කෙළින් කරල අල්ලගෙන ...
හයිබ්‍රිඩ් සිහිනය බොඳ කළ එකාලාට සුද්ධ සිංහලෙන්.... සංවේදී (Sanwedi) හයිබ්‍රිඩ් ගැන හරවත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. එයට පොහොර දමමින් බ්ලොග් එකෙහි මකුළුදැල් කැඩීමට තීරණය කළෙමි.සතුට නම් සිළුමිණේම මෙවැනි අගනා අපක්ෂපාතී ලිපියක් පළ වීමය. (එහෙත් යහපාලනය ෂෝක්..! කීමට ඉක්මන් නොවෙමි.)ලංකාවේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් භාවිත කරන අයගෙන් 95% කට වඩා උගත් වෘත්තිකයින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධනපතීන් වන දේශපාලඥයින්, සුපිරි වය්‍යාපාරිකයින්, නින්දගම් වලින් ඕසෙට සල්ලි ගලන නායක හිමිවරුන්, මහාපරිමාණ ටියුෂන් ගුරුවරුන් වැන්නවුන් ...
අවදි කිරීම සංවේදී (Sanwedi) සති අන්තයේ අගනුවර කොන්ක්‍රීට් වනාන්තරයේ ලැග සිට ඉරිදා රාත්‍රී ගෙදර යාමට ලැබීම තාවකාලිකව වුවත් මහත් අස්වැසිල්ලක් ලෙස දැනේ. අප නිවස පිහිටා තිබෙන්නේ මාතර නගරයෙන් කිලෝමීටර කිහිපයක් දුරිනි. මෙසේ දැඩි ලෙස වෙහෙසට පත්වූ දිනෙක ගෙදර යාමට බසයට ගොඩවැදුනෙමි. එය ලංගම බසයකි. එම මාර්ගයේ ගමන් ගන්නා අවසන් බසය වූ හෙයින්ද, මට අවිවේකී වුවද බහුතරයකට විවෙකී වූ ඉරිදාවක් වූ හෙයින්ද මට කරදරයක් නැතුවම ...