ජීවන වියදම සංවේදී (Sanwedi) ජීවන වියදම පිළිබඳව මනා වැටහීමක් ලැබීමට නම් අගනුවර (සරසවි පරිශ්‍රයෙන් පරිබාහිරව සාමාන්‍ය ජනයා ගැවසෙන පරිසරයක.) ටික දිනක් හෝ ගත කළ යුතුය. අද උදෑසන මා පිළියන්දල බෝකුන්දර නගරයේ දිලිඳු ආපන ශාලාවකට ගොඩ වැදී උදෑසන අහර පිණිස, අල්ලක ප්‍රමාණයකට නොවැඩි තුනී පොල් රොටී 4ක් හා සීනි නොයෙදූ කහට කෝප්පයක් ගතිමි. (තිබූ කුසගින්නේ තරමට එයද කැළණි පාළම යටින් පොල් ලෙල්ලක් ගියා හා සමානය!) ...
මිනිසෙකුට ආගමක් අවශ්‍යමද....? සංවේදී (Sanwedi) (මෙහි එන එකදු සිදුවීමක් හෝ චරිතයක් මන: කල්පිත නොවේ.)සිදුවීම 1නිද්‍රාශීලීව, ඝන අන්ධකාරයේ වෙළී තිබු ගම්මානය සලිත වී ගියේ හෙණ හඬින් පුපුරා ගිගුම් දුන් වෙඩි හඬෙනි."අර අහිංසකයට වෙඩි තියන්න ඇති අර නරුමයෝ." තාත්තා කීවේ ශෝක භරිත හඬිනි."කවුද ලැම්බට් මුදලාලිටද..?" ඒ අම්මාය. ඇගේ හඬද ඉකි බිඳින ස්වරයකි."ඔව්. අරුන් මුදලාලිගෙන් උන්ගෙ සංවිධානෙ වැඩවලට සල්ලි ඉල්ලුවලු. මට ඊයෙ හවස කිව්ව.""ඒ අහිංසකයට කොයින්ද ඔය දුප්පත් ...
අයි ඈම් ප්‍රවුඩ් ටු බී අ රැෂනලිස්ට් සංවේදී (Sanwedi) ඔන්න අපිනම් ඉතින් ආගමක් අදහන්නෙ නෑ. මොකද අපි ආගම් අදහන අයට වඩා ගොඩක් බුද්ධිමත්නෙ.ඔය ආගමික නායකයො කියන බුද්ධ, ජේසු, නබි වගේ අයට වඩා බොහොම බුද්ධිමත් කාල් මාක්ස්, ලෙනින්, කොවූර් වගේ අයගෙ පෙන්වා දීම් පිළිගන්න අය.කොටින්ම බුදුන්ට මාක්ස් එක්ක හැරෙන්න්වත් බෑ. මාක්ස්වාදීන් වන අපි නම් 'කලෙක්ටිව් වර්ක්ස් ඔෆ් මාක්ස් ඇන්ඩ් එන්ගල්ස්' තියෙන දෙයක් හැර වෙන කිසිම දෙයක් පරම සත්‍යය විදියට පිළිගන්නෙ ...
හලාල් නොවූ මිනිසත්කම සංවේදී (Sanwedi) පටු මං මාවත් රාශියක් ඔස්සේ රිය පදවා මම වෙහෙසට පත්වී සිටියෙමි. වැලිගම නගරය පසු කර කිලෝමීටර 3ක් පමණ ඇතුළට මා ගමන් කරන්නට ඇත. පාර පුරා ඉබාගාතේ යන එළු රෑන මට නිතැතින්ම මතකයට ගෙන ආවේ කරුණාරත්න දිවුල්ගනේගේ 'රාමලාන් සඳ බලන්න එන්න පාතිමා' ගීතයයි.දැන් මා පැමිණ සිටින්නේ තුං-මං සන්ධියකටයි. මා මිතුරියගේ මංගල ආරාධනා පත්‍රය ගෙන ආවේ හොඳ වෙලාවටය. මේ කළබළ අස්සේ මට ...
ඛේදවාචකයේ අතුරු කතා සංවේදී (Sanwedi) මා ඉදිරියේ බුර බුරා නැගෙන ගින්නකි. තත්පර කිහිපයකට පෙර මා සිටියේ මේ ගොඩනැගිල්ල තුළ බව ඇදහීමටවත් නොහැකිය...සතර දෙසින්ම ඇසෙන්නේ අඳෝනාය."අනේ මගේ සහතික ටික...""මොන සහතිකද?""මම ජීවිත කාලෙම නව නිපැයුම් වලින් දිනපු ඒවා. කුටියෙ බිත්තියෙ අලවල තිබුනෙ"පළාතම දෙදරවමින් මහා පිපුරුම් හඬක් ඇසේ..."ඒ මගේ ෆ්‍රිජ් එක..මම අඳුනන කඩේකින් ඉල්ලන් ආවේ..."යෝගට් ආදී ආහාර නිෂ්පාදන ප්‍රදර්ශනයට තබා තිබූ දැවැන්ත ප්‍රදර්ශක ශීතකරණය මට එකෙණෙහිම සිහිවිය.කෝ මගේ ...
පිරිමින්ගේ විවාහය ගැන බමුණු මත සංවේදී (Sanwedi) අපේ ලොකු අම්මගෙ දුවෙක් බැන්දා ගිය සතියේ. ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ නෑදෑයො කස්ටිය එකතු වෙලා ලොකු කයිවාරුවක් පටන් ගත්තා. දන්නවනේ ඉතින් ඔය වගේ වෙලාවට ඇදෙන කතා. අවිවාහකයින්ට විවාහ යෝජනා ඉදිරිපත් වෙන්න ඊට වඩා හොඳ අවස්ථාවක් තවත් නෑනේ.ඉතින් පවුලේ දැනට ඉතිරි වෙලා ඉන්න තනිකඩයො ටිකත් අමාරුවේ දාලා එළවලා දාන්න තමයි මෙයාලගෙ කල්පනාව. අනේ ඉතින් (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) මේ සැරේ ඔය අවාසනාවට ගොදුරු ...
අඩුජාති බල්ලා සංවේදී (Sanwedi) මේ ළඟදී මගේ නැගෙණිය ඇගේ යෙහෙළියකගේ නිවසට ගොස් සිටියදී හොඳ පෙනුමැ'ති සුනඛ පෝතකයෙක් (බලු තඩියෙක්) ආවේලු. මා මෙන්ම සතුන්ට ඉතා ලැදි මගේ නංගි කාරි බල්ලා සුරතල් කරන්නට ගියේ ලු. එවිට නිවැසි වෛද්‍ය සිසු මිතුරිය ඇය වලකමින්..."ඕකව වැඩිය ගණන් ගන්න එපා...ඌ අඩුජාති බල්ලා...!" කීවේලු..!පුදුමයට පත්වූ ඇය අසා ඇත්තේ එසේ කියන්නේ ඇයි? කියා ය. එහිදී ඇයට විස්තර කර දී ඇත්තේ ඌ ඔවුන්ගේ ...
අතිශය භයංකර හෙළිදරවු කිරීමක්.... සංවේදී (Sanwedi) මා පසුගිය සරසවි ඇදුරන්ගේ වර්ජනය පැවති කාලසීමාවේදී ඒ සඳහා 'බැහැලාම' වැඩ කළ අයෙක් බව ඔබ දනී. ඒ මා රාජ්‍ය විරෝධියෙක් හෝ එන්. ජී.ඕ කාරයෙක් නිසා නොව ජාතික සරසවියක ආචාර්යවරයෙක් ලෙසට මා දිවි දිනූ නිදහස් අධ්‍යාපනය රැකගැනීම වස් මාගේ යුතුකම් කොටස ඉටුකිරීමට බව මගේ අවංක හදවත දනී. මීට මාස 6කට පමණ ඉහතදී FUTA මගින් සංවිධානය කරන ලද ඒ මහා ජාතික සටනේදී ...
ජෝන් මාමා සංවේදී (Sanwedi) මේ ළඟදී මම නිවාඩුවකට මහ ගෙදර ගියෙමි. අපේ මහගෙදර තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර, තරමක් පිටිසර, එහෙත් සුන්දර ගම්මානයක කඳු නැග්මක මැද හරියේ හුදකලාවය. මා කුඩා කල හැදුනේ මෙහිදී ය. දැන් පාළු ස්වභාවයක් ඉසිලුවත්, එකල පවුල් කිහිපයක් (මගේ ලොකු අම්මලාගේ) සහ ළමෝ ළපටි දස දෙනෙක්ගෙන් මේ අභිමානවත් නිවස පිරී ඉතිරී තිබුණි. දැන් එහි වාසය කරන්නෝ අපේ ලොකුම ලොකු අම්මාත්, ඇගේ අවිවාහක ...
තාවකාලික සමුගැන්ම...... සංවේදී (Sanwedi) "කවුරුහරි ගිහින් වයිට්බොර්ඩ් මාකර් එකක් ගේන්න....ඉක්මනට...!" මම තරහෙන් කෑ ගහල කියන්නෙ මගෙ සහය ආචාර්ය මණ්ඩලයට..."ශිහ්...හිතට ආපු අදහස අමතක වෙන්ට කලින් ලියන්න විදියක් නෑනේ..." ඩිමෝ මල්ලි කෙනෙක් කෝල් එකක් ගන්නව ඔෆිස් එකට...එයා දුවගෙන එනව...පෑන් මිටියකුත් අරගෙන...එහා තියෙන මැත්ස් බිල්ඩින් එකේ අපේ ඔෆිස් එකේ ඉඳල එයාට එන්න ගතවෙන්නෙ මිනිත්තු භාගයක් විතරයි...කොහොමත් එයා අඩි හයක් විතර උසයි...දිග අඩි තියල එනව ඇති...සමහර වෙලාවට කළබලේ ...
උන්ටම ගිය රටක්....! සංවේදී (Sanwedi) ප්රභූවරයෙක් මහමග වඩින කල ලේන්සුව අතට ගෙන කාණුවට බැස, දෙකට නැමී 'හාමුදුරුවනේ' යයි කී කලක් තිබුණි. මා සිතා සිටියේ ඒ යුගය අවසන් බවය. එහෙත් ඊයේ අපරභාගයේ සන්ධ්‍යා කාලයේ සිදුවූ එක්තරා අත්දැකීමක් හේතුවෙන් මගේ ඒ කල්පිතය බිඳී ගියේ ය.වෙහෙසරකර දිනක නිමාව සනිටුහන් වෙද්දී මා රියට ගොඩවූයේ නිවස බලා යාමටය.වාහනය මාතර - කතරගම ප්‍රධාන මාර්ගයෙන් ඇතුළ් මාර්ගයට දමා වැඩි දුරක් යාමට මත්තෙන් ...
පින් අනුමෝදනාව සංවේදී (Sanwedi) සෑහෙන කාලෙකින් ලබැඳි මිතුරෙක් කතා කළා..වෙන කවුරුවත් නෙමෙ...ෂෙරීෆ් (එයා ගැන මේකෙ වෙනම තැනක ලියැවිල තියෙනව. ලින්ක් එකක් දාන්න විදියක් නෑ කවුද ගෝතයෙක් 'ස්පෑම්' කියල රිපොර්ට් කරන්න අරන්. තරහ ගන්න දෙයක් නෑ. ස්වයංක්‍රීය ඒජන්ත ගෝතයා වෙන්නත් පුළුවන්.) මතකයන් ආයෙත් අවුරුදු කිහිපයක් අතීතයට ගියා. පුංචි, නමුත් කිසිදා අමතක නොවන සිදුවීමක් ඒත් එක්කම මතකෙට ආවා. මේක වුනේ වෙසක් කාලෙක වුනත් සුදුසු කාලෙ - ...
දැන් හැදෙන ළමයි සංවේදී (Sanwedi) මේ ළඟදි දවසක මහාචාර්යතුමා හම්බවෙන්න ලී ඉරන පැත්තෙ විස්සවිජ්ජාලෙට ගියා. එතුමා මහා මීටිමකට හිරවෙලා කියල දැනුම් දුන්න නිසා 'ගොඩ' කියලා නම් දරාපු ආපනශාලාවට වෙලා ටිකක් හිටියා.ටික වෙලාවකින් දිවා ආහාර වෙලාව ආවා. මොහොතකින් මුළු ශාලාවම එකම හිස් ගොඩක්. මම ඈඳි ගත්ත තැනම එහෙමම හිටිද්දි කළු පාට ටී ෂර්ට් ඇඳගත්ත සරසවි මානව-මානවිකාවන් මං හිටපු මේසෙ වටේටම පිරුණා. එයාල එකම බැච් එකේ අය. ...
සත්තු සංවේදී (Sanwedi) පින්බර පෝය දවසේ සිත නිවෙන වැඩක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අප නිවසේ වසර ගණනාවක් අඛණ්ඩව පවත්වාගෙන ගිය 'ලේන් ලෑල්ල' පුළුල් කරන්න.මේ ඉන්නේ එය අළුතින් විවෘත කර නොබෝ වේලාවකින් එහි ගොඩ වැදුණු අමුත්තෙක්.නගරයට තරමක් ආසන්න වුවත්, ලේනුන්, දඬු ලේනුන් විතරක් නොවෙයි විවිධ වර්ගවල අලංකාර පක්ෂීන් මෙහි දිනපතාම පැමිණෙනවා. ඒ අතර ගිරවුන්, කොට්ටෝරුවන්, සුදු රෙදි හොරුන් ඇටි කුකුළු පවුලක් වරදින්නේ නෑ. ...
මේක ලියන එකාගේ ජීවන අන්දරය (අන්දරේ නොවෙයි) සංවේදී (Sanwedi) අවවාදයයිමෙය කයිවාරු, පුරාජේරු, වැල්වටාරම් හා ස්වයං වර්නණා වලින් අනූන ය.එහෙයින් මෙය කියවා ඔබේ වටිනා කාලය නාස්තිකර ගැනීම ගැන පසුව මට දොස් නොකියන්න.මා මෙය සටහන් කර තබන්නේ මා (ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා) සිදුකරන අතිවිශාල සමාජ මෙහෙවර හේතුවෙන් මා යම් දිනක ජාතික වීරයෙක් ලෙසට නම් කරන්නට ඉඩ ඇති නිසාත්,එවිට මා ජීවතුන් අතර නැති වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාත්ය. එදාට මා ...
හේතුවාදියෝ සංවේදී (Sanwedi) හේතුවාදී සංගමයේ රැස්වීමක් ගැන පුවත්පතක දැකලා මේ ගැන ලියන්න හිතුනා. හේතුවාදීන් කියලා කියන්නේ මේ ලෝකේ අධ්‍යාත්මික බලවේග තියෙනවා කියලා විශ්වාස නොකරන අය. මේ අය පිළිගන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අහුවෙන හෝ ගණිතමය වශයෙන් සාධනය කරන්න පුළුවන් 'පරම සත්‍යය' විතරයි. මේ අදහස් ලංකාවේ ගොඩක්ම ප්රවලිත කළේ මහාචාර්ය ඒබ්‍රහම් කොවුර් (Abraham Kovoor) මහතා. එතුමාගේ අනුගාමිකයින් තමයි අර රැස්වීම කැඳවලා තියෙන්නේ. ලංකාවේ ඉහලම පෙළේ ...
ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය සංවේදී (Sanwedi) දර්ශනය, ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය කියන්නෙ එකක් නොවෙයි, 4ක්. ඒක තේරුම් ගන්න බැරි අය තමයි මේව හරි ලොකුවට අල්ලගෙන දඟලන්නෙ. (දෙගොල්ලොම, ආගම් අදහන අයයි, මොකක් හරි අල්ලගෙන ආගම් වලට පහර ගහන්න බලාගෙන ඉන්න අයයි.).දර්ශනය කියන්නෙ යම් ආගමක අධ්‍යාත්මික හර පද්ධතිය. උදාහරණයක් ලෙසට බෞද්ධ දර්ශනයේ නම් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වගේ තාර්කික සංකල්ප.ආගම කියන්නෙ තමන්ගෙ ආගමික ශ්රාස්තෘවරයගෙ රූපයක් හදාගෙන ...
කාට කියන්නද මේ අවනඩුව....? සංවේදී (Sanwedi) (හිතේ දුකට ලියැවෙන ඒවා.)මේ දවස්වල රෑ දෙගොඩහරියක් වෙනකම් රිචර්ච් එකක වැඩ නිසා උදේට මැරුවා වගේ නින්ද යනවා. අද උදේ ඇහැරෙනකොට 9.00ට කිට්ටුයි. මලලසේකර..10ට මගේ ලෙක්චර් එකක්. සාමාන්‍යයෙන් මට පැය භාගයක් විතර ස්ලීප් ඉන(ර්)ෂියා (නිදි මරගාතේ) තිබුනත් වෙලාව දැක්ක ගමන් ඒක කොහෙද නැතුව ගියා.ඉක්මනට ලෑස්ති වෙලා යාන්තම් 9.30 ට විතර ගෙදරින් පිටත් වුනා. යනකොට මගදි කෝල් එකක් ආවා. කැම්පස් එකේ යාලුවෙක්ගෙන්. ...
කාටවත්ම නොකී මගේ ප්‍රේම වෘත්තාන්තය සංවේදී (Sanwedi) එක අතකට මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලත් හිතෙනවා. කෙනෙක්ගෙ අතිශයින් පෞද්ගලික ජීවිතේ දේවල් තව කෙනෙකුට හෙළි කරන එක. ඇත්තටම මේක කියවන කෙනෙකුට ගන්න කිසිම දෙයක් නෑ. නමුත් පුරා අවුරුදු 5ක් මම මේක හිතේ තදකරගෙන හිටියා. මාව හොඳින්ම තේරුම් ගෙන සිටිනවා යයි මා විශ්වාස කරන හිතවත්ම මිතුරු මිතුරියන්වත් මේ කතාව මෙච්චර විස්තරාත්මකව අදවන තුරුම දැනගෙන හිටියෙ නෑ. එහෙනම් ඇයි මම ...
ගුරු සිත සලිත කළ ගැමි සුවඳ සංවේදී (Sanwedi) කලකට පසු අද යළිත් අතිශයින් සංවේදී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. අවුලකට ඇත්තේ එහි ප්‍රතිඵලය සිත් තැවුලකින් කෙළවර වීමයි. ප්‍රථම උපාධියේ අවසන් විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් මාතර නගරයේ පුද්ගලික පන්තියක් ආරම්භ කළෙමි. ඉලෙක්ට්‍රොනික් හා රොබෝ උන්මත්තකයකු වූ මගේ පාඨමාලාව 'ක්ෂුද්රපාලක පරිගණක වැඩසටහන්ගතකරණය හා රොබෝ තාක්ෂණය' නම් විය. ඉතා කෙටි ශීර්ෂයකින් යුත් නිසාදෝ එය අතිශයින් ජනප්‍රිය විය. කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් ...