පූස් පැටවු සංවේදී (Sanwedi) විසි පස් වෙනි සංවේදී දිගහැරුම.මේ අඩවියෙන් සංවේදී හදවත් තියෙන අයගෙ හිත් තවතවත් සංවේදී බවෙන් පුරවාලන්නට මිසක් කම්පා කරන්නට කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. දහස් වාරයක් සමාවන්න. අද කියන්න වෙලා තියෙන්නෙ ගොඩක් දුක හිතෙන සිදුවීමක්. මේක ඒ ජාතියේ පලමුවෙනි සහ අන්තිම සටහන කරන්න පුළුවන් උපරිම උත්සාහ කරනවා.දුක හිතෙන ෆේස්බුක් පෝස්ට් එකක්වත් ශෙය්‍යා(ර්) කරන්නෙ නැත්තෙ මම අත්විඳින දුක වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා. ...
ඊනියා රොබෝ සංවේදී (Sanwedi) මා කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවකු නිර්මාණය කර තිබෙනු දැක මගේ සමාජවාදී මිතුරකු මෙසේ කීය: "ඔයාලා වගේ අයගෙන් මේ රටට සත 5ක වැඩක් නෑ. රටේ සල්ලි වලින් රටට වැඩදායී යමක් කලොත් නරකද?"මේ ගැන ඔබේ කාරුණික අදහස් උදෙක්ම බලාපොරොත්තු වෙමි.මගේ පෞද්ගලික අදහස් දැක්වීම:මෙම චෝදනාවම මගේ ගුරුදේවයන් වන ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතාටද එල්ල වූ බව දනිමි. ඔහුගේ බිම් බෝම්බ ඉවත්කරන රොබෝ යන්ත්‍රය මෙවැන්නන් ...
පිට්ටුව සංවේදී (Sanwedi) කැම්පස්චල කැන්ටිමේ බත් එක කලක් ගියාම බල්ලෙකුටවත් කන්න බැරි බව දන්නවනේ. කොච්චර රසද කියනවනම් ඇස් වහගෙන එළවලු 4 ජාතියක් වෙන වෙනම කාලා බැලුවොත් කියන්න බැහැ මොකද්ද කෑවේ කියලා...ඇයි ඔක්කොම එක රහ, ඒ කියන්නේ පිරිසිදු ජලීය H2O වල තියෙන රසනේ..ඉතින් මේ කාලෙ කොල්ලෙක් ගෙදර ගියාම ගේන බත් එක නම් දිව්‍ය භෝජන පරාදයි. සමහර විට ගෙනාපු එකාටවත් කන්න ඉතුරු වෙන්නෙ නෑ. ලෙහන ...
සෙමා සංවේදී (Sanwedi) සෙමා යනු මගේ බැචෙකි. එහෙත් ඔහු සතු 'සෙමක්' නොවීය. නම මුලකුරු සමග ඉක්මනට කියැවීමෙදී මෙසේ ශබ්ද වන නිසා ඔහුට ඒ නමින් අමතන්නට හිතවත්ම අය හුරුවූහ.ඔහු නිකම්ම නිකම් බැචෙක් නොව අප සරසවියේ සියලු පීඨවල, සියලු බැච් වල සිසුන් ඒකමතිකව පිළිගත් නිළ නොළත් ශිෂ්‍ය නායක විය. නිළ නොළත් වූයේ අප විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් (පමණක් නොව ආචාර්ය සංගම් පවා) සපුරා තහනම් වීම නිසා ...
ඉතින් අවසරයි සමු දෙන්නට.... සංවේදී (Sanwedi) සංවේදී සේවය කරන සරසවියේ සංවේදීගෙ සහය ආචාර්ය මණ්ඩලයේ සොයුරෙක් හා සොයුරියක් (ඉතිරි වෙලා හිටිය එකම සොයුරිය) අද සරසවියට සමු දීලා පාසල් ගුරු සේවය වැළඳ ගන්නවා. මේ ඒ වෙනුවෙන් සංවේදී මුහුණු පොතේ තියපු සටහන. මේ ඉල්ලීම සහ වදන් පෙළගැස්ම සමස්ත ගුරු පරපුරටම වැදගත් වේවි සහ උපහාරයක් වේවි කියලා හිතුන නිසා මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා. "අද දින නිල වශයෙන් අප ...
මදුරු දඟරය සංවේදී (Sanwedi) එදින මා සරසවියට ගියේ පර්යේෂණය පිළිබඳ මහාචාර්යතුමාගෙන් උපදෙස් ගැනීමටය. පසුදාට පර්යේෂණ පත්‍රිකාවක් භාරදීමට නියමිතව තිබූ හෙයින් ගෙදර නොගොස් පිළියන්දල නගරයේ මිතුරකුගේ නවාතැනක එදින රාත්‍රිය ගත කිරීමට තීරණය කළෙමි.කිසිවකුට කරදරයක් නොවන පරිදි, වැඩ අවසන් කළද තවමත් භාවිතයට නොගත් මුළුතැන්ගෙයි මම ලැප්ටොප් පරිගණකය අටවාගෙන වැඩ ආරම්භ කළෙමි.මා අඩ අඳුරේ සිටියේ ගැඹුරු කල්පනාවකය. සංකීර්ණ සෛධාන්තයක් සාධනය කරමිනි.නවාතැනේ නිත්‍ය සාමාජික සොයුරෙක් කාමරයට එබී බලා ...
අපේ අල්ලපු ගෙදර මලයගෙ වැඩ හෙවත් ලංකාවේ පළමු සබ්මැරීනය සංවේදී (Sanwedi) (මේක මගේම වෙනත් බ්ලොග් අඩවියක තියපු සටහනක්.) අපේ අල්ලපු ගෙදර ඉන්නවා සාගර විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්.දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර."අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?" සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්. කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) ...
මූ දැනටම මෙහෙමනම් ලොකු වුනාම කොහොම වෙයිද...? සංවේදී (Sanwedi) 50 වැනි සංවේදී සටහන.සෙල්ලම් බඩු පොළොවේ ගහන පොඩි එකා ඇත්තටම මොන වගේ වෙයිද...?මේ ළඟදි තාත්තගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා වුවමනාවකට. වැඩිය දැකල නැති අමුතු දර්ශනයක් දැකල මම පුදුම වුනා. පොඩි ළමයි නැති, තරුණ ළමයි ඉන්න ඒ ගෙදර කැබිනෙට්ටුවෙ (පාර්ලිමේන්තුවෙ තියෙනව වගෙ එකක් තමයි. හරයක් නැති සෝබන බඩු පුරවල.), ඒ කියන්නෙ ෂෝ කේස් එකේ ඔය සම්මාන, සමරු ඵලක, විසිතුරු බඩු එක්කම සෙල්ලම් ...
ඛේදවාචකය සංවේදී (Sanwedi) මේ දැවී අළුවී ගියේ දැව, ප්ලාස්ටික්, යකඩ වලින් නිමැවූ තවත් එක්තරා උපකරණ එකතුවක් නොවේ... මේ රටේ වටිනාම මිනිසුන් දෙදහසකගේ වටිනාම ජීවිත කාලයෙන් වසර කිහිපයකි....එය හුදෙක් භෞතික හානියකට ලඝු කරන අයට නරුමයන් යයි පරිභව කරන්නට නොපැකිළෙමි....ඒ වදන් කිහිපය, සිදුවූ ඛේදවාචකය විස්තර කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දනිමි. මන්ද, මා මෙය නම් කරන්නේ මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම ඛේදවාචකය ලෙසට බැවිනි. එය අතිශයෝක්තියක් ...
වෙඩි කෑ උන් වෙනුවෙන් ධනපතියාගේ සටහන සංවේදී (Sanwedi) මම සමාජවාදියෙක් නොවෙමි.යූ.ඇන්.පී. කාරයෙක්ද නොවෙමි.එහෙත්......මා කන හැම බත් ඇටයක් පාසා ඔවුන්ගේ දහදිය බවට හැරවූ රුහිරු ගැබ්ව ඇති බව....සමහර විට ඔවුන්ට කිසිදින හිමි නොවූ , දරුවන්ටවත් හිමි නොවන, මා ලැබූ වරප්‍රසාදවලට ඔවුන් දහදියෙන්, කඳුලෙන්, සුසුමෙන් දායක වූ බව....සරසවි බිමේදී 'සර්' කියා මා ලබන සෑම ආදරණීය ආමන්ත්රණයක්ම ලැබෙන්නේ මා කිසිදිනක විඳ නැති තරම් දුක් කම්කටොළු විඳි මුවකින් බව....ඔවුන්ගේ එකම වස්තුව වූ දරුවන්ගේ ...
බුදුන් පොරක්ද...? සංවේදී (Sanwedi) "බුදුන් පොරක්ද...?" එක්තරා හේතුවාදියෙක් මීට වසර කිහිපයකට පෙර මගෙන් ඇසීය.මේ පැණයට එවෙළේ පිළිතුරක් දීමට තරම් දාර්ශනික දැනුමක් මට එකළ නොවීය.නමුත් මේ ප්‍රශ්නයට මම එතැන් සිට වසර ගණනක් පිළිතුරු සෙවුවෙමි.ඒ අනුව උපතින් නොමිළේ ලැබූ තිබුණත් කිසිදු ඉන්ටරස්ට් එකක් නොතිබූ මම බෞද්ධ දර්ශනය අධ්‍යයනය කරන්නට පෙළඹුනෙමි.පහත සංවාදය මා කියවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය.වරක් බුදුන් අඹරේ දිලෙන තාරකාවක් පෙන්වා එක්තරා භික්ෂුවකගෙන් මෙසේ ඇසීය: "ඔබ ...
වචන දුසිමක් කළ විප්ලවයක්..... සංවේදී (Sanwedi) මූනිඡ්ඡාවට හොඳ කියනවාට වඩා ඇත්ත කීම කෙතරම් අගනේදැයි තහවුරු කරන සිදුවීමක් අද සිදුවිය. සෙමෙස්තරයේ අවසන් දේශනයේදී, සිය ආචාර්යවරයා ගැන ඇගයීමක් කිරීමට සිසුනට අවස්ථාවක් හිමිවේ. දේශන මාලාව ගැන සිය අවංක අදහස්, ලිඛිතව නමුත් නිර්ණාමිකව සඳහන් කිරීමට කඩදාසි කැබැල්ලක් ඔවුන්ට ලැබේ.මා අවසන් වරට දේශනය කළේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වෛකල්පිත විෂයයකි. සිසුන් ඉහත කී ඇගයීම් පත්‍රිකා මත සිය අදහස් දක්වා තිබුණි. බහුතරය ...
සමාජවාදය බලෙන් ඇඟේ ගැසීම සංවේදී (Sanwedi) ආයෙත් ඉල්ලගෙන කන්න හදන්නෙ. පාඩුවෙ ඉන්න බැරුව. සමහරු අවවාද දීපු විදියට බල්ලෝ, පූසො ගැන නොලියා ආගම, දර්ශනය ගැන ලියල. :D මේ වීඩියෝව මාරයි..මෙයා මාර දැනුම් සම්භාරයක් තියෙන අසාමාන්‍ය ගණයේ විද්වතෙක් කියා මගේ මිත්‍ර සමාජවාදී වෛද්‍යවරයෙක් මට මෙයා ආදර්ශයට ගන්න කියලා නිර්දේශ කරනවා...මම සම්පූර්ණ වීඩියෝව බැලුවා..මට නම් ගන්න දෙයක් නෑ ඇත්තටම...මිනිස්සු වැඩිපුර ආගමික වෙන එක එයාලට (සහ සමහරවිට ඔබටත්) ලොකු ප්‍රශ්නයක් ...
ඉගිල්ලෙන මාළු සංවේදී ඇසින්... (21+) සංවේදී (Sanwedi) පිටපත ලැබී මාස 1 1/2ක් පමණ ගතවුවද නිවී සැනසිල්ලේ 'ඉගිල්ලෙන මාළුවෝ' නැරඹීමට විවේකයක් සොයාගත්තේ ඊයේ සවසය.දෙගිඩියාවකින් තොරවම කිව හැක්කේ සංස්කෘතික, ආගමික, ඊනියා දේශප්‍රේමී තිමිර පට ලිහා බැලූ කල එය මෑත කාලයේ සිනමාවට එකතු වූ අති විශිෂ්ට නිර්මාණයක් බවය. මෙයින් රටේ ආරක්ෂක අංශවලට අවමානයක් වනවා යයි කීම හුදෙක් ප්‍රලාඵයකි. කෙළින්ම කියනවානම් එම පදනමක් නැති උපකල්පනය මත පදනම්ව එය ප්‍රදර්ශනය කිරීම තහනම් ...
උණුසුම් ගල් කැටය සංවේදී (Sanwedi) එක්තරා දුප්පත් මිනිසෙකුට හදිසියේම දැනගන්නට ලැබුණා වාසනාවන්ත ගල් කැටයක් ගැන. (මේක තියෙන බව දන්න නමුත් කවුරුවත් තවම සොයාගෙන තිබුණෙ නෑ.) තියෙන්නෙ එක්තරා වෙරළ තීරයක. පෙනුමෙන් ඉතා වටකුරු, කළු පැහැති, සුමට මතුපිටක් තියෙනවාලු. මේක හඳුනගන්න තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මේක උණුසුම්.ඉතින් මෙයා තීරණය කළාලු මේක කොහොමහරි හොයාගන්න. ඔහු මුහුදු වෙරළට ගිහින් සැක කටයුතු වටකුරු, කළු පැහැ ගල් කැට අතට අරගෙන බැලුවා ...
කාල යන්ත්‍රය සහ භෞතිකවාදියෝ සංවේදී (Sanwedi) ඔන්න ඉතින් අපේ හේතුවාදී, භෞතිකවාදී අති පණ්ඩිත මල්ලිලා දෙන්නෙකුට දවසක් හම්බුණාලු කාල යන්ත්‍රයක් (Time Machine). නොදන්න අයට දැන ගන්නයි කියන්නෙ, හේතුවාදීන් කියන්නේ භෞතික පැහැදිලි කිරීමක් කරන්න බැරි, විද්‍යාත්මක උපකරණවලට අහුවෙන්නෙ නැති සේරම මිත්‍යාවන් කියලා ෂුවර් පිටම කියන මහා ප්‍රාඥයෝ නේ. එයාල ගැන තවත් කියනවනම් එයාලගෙ අසාමාන්‍ය බුද්ධි මට්ටමට (අයින්ස්ටයිනුත් පරාදයි!) ඔය ආගම් වගේ සිල්ලර කෑලි ගෝචර වෙන්නේ නැති නිසා එයාල ...
එක්තරා ඓශ්චර්යමත් රටක... සංවේදී (Sanwedi) වර්ෂ 1933වෙතයි,ආචාර්ය ෆර්ඩිනන්ඩ් පො(ර්)ෂ,මෝටර් රථ ඉංජිනේරු නිර්මාණ ශිල්පී, ජර්මනිය.මහත්මයාණෙනි,ජර්මනියේ ජනතාවගේ පාලකයා ලෙසට මට මගේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් භාවිත කරනවා දැකීමට අවශ්‍යයි.ඔබ ඒ සඳහා වෝල්ක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව අරඹන්න. ඒ සඳහා සියලු පහසුකම් හා ප්‍රතිපාදන මගේ රටවැසියන් වෙනුවෙන් සලසා දෙමි.ස්තුතියි.මීට,ඇඩොල්ෆ් හිට්ලර්.* * * * * * * * * * * * * * * * * * ...
ඈත පළාත්වල ජීවිත.... සංවේදී (Sanwedi) මේ කතාව කියවගෙන යනකොට ඔබට සිනා පහළ වේවි නිතැතින්ම...කමක් නෑ ඒක ස්වාභාවිකයි, නමුත් පස්සෙ හරි ටිකක් හිතල බලන්න අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි නේද කියලා මොහොතකට හරි....අපි උපහාසයෙන් බැලුවේ අපේම රටේ අපේම වැඩිහිටියෝ, දරුවෝ පිරිසක් දිහා...කැත්ත, උදැල්ල, ගිණි ගහණ අව්ව, වැස්ස, වන සිවුපාවා එක්ක ඔට්ටු වෙලා රටට බත, ධාන්‍ය සපයන උත්තමයන්ට.... ඒ නිසා කරුණාකරලා මේක කියවලා හීන් හිනාවක් දාලා මේ ...
පොල් ගැසීම සංවේදී (Sanwedi) මේ කතාව මට කිව්වේ මම කලින් වැඩකරපු සොෆ්ට්වෙයා කම්පැනියෙ අපේ අයි.ටී. මැනේජර් සුදේශ්, අපි දෙන්නා 'අර්ජන්ට්' ප්‍රොජෙක්ට් එකකට නයිට් එකක් අදිද්දි.(ඒ කොම්පැනියෙ හැමදාම ඉතින් 'අර්ජන්ට්' තමා. හදිස්සියක් නැති කස්ටෙක්ගෙ ප්‍රොජෙක්ට් එකක් ආසාවටවත් හොයා ගන්න නෑ ! ඉතින් කාපන්කො පරිප්පුව!!). සුදේශ් කළින් හිටියෙ මැද පෙරදිග රටක. ඉදිකිරීම් ඉංජිනේරු සමාගමක අයි.ටී. සෙක්ෂන් එකේ.මේ සමාගමට ලැබුණලු මහා පරිමාණ ජල නළ එලීමේ ව්‍යාපෘති රාජයෙක්. ...
තෙරිපැහැ හිමියන්ගේ මහා පාවාදීම...! සංවේදී (Sanwedi) දේශපාලන අරමුණුවලින් තොරව රටේ ජනතාව වෙනුවෙන් තම දිවිකැප කරන්නට, වදනක් හෝ තම පුද්ගලික වාසිය නොසලකා තෙපලන්නට හිතැ'ති කිසිවකුත් මිහිපිට, සුවිශේෂයෙන්ම මේ ලක් දෙරණ නැතුවා සේය. මහා මානව හිතවාදීන් වන සමාජවාදීන් සමාජ සේවය කරන්නේත්, අසාධාරණයට එරෙහිව හඬ නගන්නේත්, මිථ්‍යාවට එරෙහි වන්නේත් ජනයාගේ සිත දිනාගෙන එනයින් කවදා හෝ තම දේශපාලන දර්ශනය ඔවුන් මත පටවා තමන්ට පාලන බලය ගැනීමටය. ව්‍යාපාරිකයෝ සමාජ සේවය කරන්නේ ...