අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ට..... සංවේදී (Sanwedi) මේ ආදරණීය අවවාදය අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ටයි.....උසස් පෙළ කඩඉම තරණය කර, වෛද්‍ය විද්‍යාලයේ හෝ ඉංජිනේරු පීඨයේ දොරකඩ අභියස සිටින ආදරණීය දරුවනි,ඔබ දැවැන්ත ජයග්‍රහණයක් ලැබ ඇති බව අවිවාදිතයි...එහෙත් මේ ටිකත් මතක තබාගන්න...වෛද්‍ය හෝ ඉංජිනේරු යනු සමාජයට සේවය සලසන දැඩි සමාජ වගකීමකින් යුත් තවත් එක් වෘත්තියක් පමණි. එය ආඩම්බර වීමට හෝ ඔලුව උදුම්මාගැනීම්ට තරම් කාරණයක් නොවේ.තමන් යටතේ සේවය කරන අහිංසකයන්ගේ දුක, කඳුළ, ...
මගේ හිතවත් බැචාලා වෙතටයි සංවේදී (Sanwedi) කැම්පස් එකේ මාස 6ක් (පළවෙනි මාස 6) මාත් එක්ක එක කාමරේ හිටපු වෙන ෆැකල්ටියක පොරක් සහ ඒ වගේ ගොඩක් දෙනෙක් (හැමෝම මගේ බැචාලා කියන එවුන්) මගේ බ්ලොග් එකේ 'කට්ට් කෑම' සටහන ගැන හෙනටම අවුල් ගිහිල්ලා.මට මැසේජ් කරනව හෝ ගාලා "උඹ කෑවයි කියන කටු මොන කටුද? උඹට වඩා කටු කන උන් ඕන තරම් ඉන්නවා. හැබැයි උන්ට ලියන්න බෑ. උඹ නිකං පොරක් ...
බැහැලා බැහැලා දැන්නම් බැහැලා... සංවේදී (Sanwedi) දැන් නම් මගේ දේශප්‍රේමී උණ හොඳටම බැහැලා ය. දේශප්‍රේමයෙන් ඔද වැටී, දේශීය නිෂ්පාදකයා නගා සිටුවීමේ පරම පවිත්‍ර උත්තුංග චේතනාව පෙරදැරි කරගෙන, දේශීය (යයි කියාගත්, චීනයෙන් කොටස් ගෙන්වා එකළස් කරන) සමාගමකින් මිළදී ගත් මෝටර් රථයක් නිසා ය.ඉතා සුළු අනතුරකට ලක්ව (ඩීමෝ බට්ටෙක් අතුල්ලාගෙන යාම නිසා) ඉදිරිපස Passenger Side දොරේ තහඩුව ටිකක් ඇතුළට එබුණි.එවෙලේම වීදුරුව පහත් කරන්නට උත්සාහ කළෙමි. මෝටරය කැරකෙන බව ...
වාහනයක් ගන්නවා නම් අද හෙටම ගන්න වෙයි... සංවේදී (Sanwedi) ඔබත් තමන්ගේම කියා වාහනයක් මිළදී ගැනීමට සිහින මවන්නෙක්ද..? එසේනම් ප්‍රමාද නොවන්න. චුයින්ගම් සමුළුව අවසන් වීමට පෙර එය යථාර්ථයක් බවට පත් කිරීමට දැඩි උත්සාහයක් ගන්න. නැතිනම් එය සදාකාලික සිහිනයක්ම පමණක් වනු ඇත.මේ දිනවල මදක් පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ වාහනවල මිළ සීඝ්‍ර ලෙස පහත යාමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මාස කිහිපයකට ප්‍රථම රු. ලක්ෂ 23ක් පමණ වූ වසර 2000-2001 පමණ නිපදවූ ...
පොත් සංවේදී (Sanwedi) "කාලා...කාලා...විනාශ කරලා...ඇයි මේක වහල තියන්නෙ නැත්තෙ...?" තාත්තාගේ කටහඬේ තියෙන්නෙ තරහකට වඩා වේදනාවක්. මම කම්පියුටරෙන් ඇස් දෙක අමාරුවෙන් ගලවගෙන හැරිලා බැලුවා.අයියෝ මේ මොන අපරාදයක්ද...? තාත්තා පණටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු පොත් දුසිම් ගණනක් මීයො කාල විනාශ කරල. මම දැන් පාවිච්චි කරන කාමරය ඉස්සර අපේ ගෙදර පුස්තකාල කාමරය. ඔව්. තාත්තගෙ පෞද්ගලික පුස්තකාලය. දැන් ඒක මගෙ බුක්තියට සරි වුනත් ලොකු බිත්ති කබඩ් එකක් ...
ගෝණි බිල්ලන්ට ඌණ පූර්ණයක් සංවේදී (Sanwedi) කළින් සටහන මාතලන් තැබූ සටහනට ඌණ පූර්ණයක් වන අතර මෙය එම ඌණ පූර්ණයට ඌණ පූර්ණයකි.ගෝණිබිල්ලා ඇඳුමට සිය භාර්යාවන් / දියණියන් රිංගවන්නට වැඩිපුරම කැසිල්ලක් ඇත්තේ නූගත් මුස්ලිම්වරුන්ටය.දිනක් මා කළින් සේවය කළ සරසවියේ අප දෙපාර්තමෙන්තුවේ සේවයට වාර්තා කර තිබුණේ මා සහ මුස්ලිම් ජාතික තරුණ ආධුනික කථිකාචාර්යවරිය වන සඛීනා අක්කා පමණකි. මා උසස්වීමක් සමඟ වෙනත් විශ්වවිද්‍යාලයකට පත්වීමක් ලැබ තිබුණෙන් මා පැවැත්වූ ඇතැම් දේශන ...
ඈත පලාත්වල ජීවිත - 2 සංවේදී (Sanwedi) මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර පාසැල්වල පරිගණක විද්‍යාගාර පිහිටුවන්න උදවු කරන්න. මේ සඳහා අපි තෝරගත්තෙ ඌව පළාතෙ අති දුෂ්කර පාසැල්. ප්‍රසිද්ධ මෘදුකාංක සමාගමකින් භාවිතයෙන් ඉවත් කළත්, හොඳ තත්වයේ පරිගණක මේ ව්‍යපෘතියට ආධාර වශයෙන් ලැබුණ. (අරමුණ බදු වලින් නිදහස් වෙන එක වුනත් ප්‍රතිඵලය හොඳ දෙයක්)මට අධීක්ෂණය කරන්න ලැබුණෙ මොණරාගල දිස්ත්‍රික්කයෙ බඩල්කුඹුර ප්‍රාදේශිකයට අයත් ...
වෙනස සංවේදී (Sanwedi) මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ ඉගෙන ගන්න කාලෙ පරිගණක විද්‍යාගාර තියෙන විවිධ මට්ටමේ පාසැල් කිහිපයකටම පාසල පවත්වන වෙලාවන්හිදීම යන්න සිද්ධ වුනා. මගේ අම්මයි තාත්තායි දෙන්නම පාසල් ගුරුවරු, එයාලගෙ සහ තාත්තගෙ මිත්‍ර විදුහල්පතිවරු යටතේ පාලනය වන පාසැල් වලට. එහිදී මම දැක්ක ඉතාම කණගාටුදායක දෙයක් තමයි, විදුහල්පතිවරු විද්‍යාගාර සහ ඒවගෙ පරිගණක සිසුන්ට පාවිච්චි කරන්න දෙන්නෙ පූජා භාණ්ඩ විදියට, අනවශ්‍ය ප්‍රවේසමෙන්, කැඩෙයි කියල හරිම ...
පසුතැවීම සංවේදී (Sanwedi) ගුරු ජීවිතයේ මා කම්පනයට පත්වූ තවත් දවසක් අද. මේ තරම් ගැඹුරු ලෙස ඒ හැඟීම අන්තිමට අත් වින්දෙ 2011.12.01 වැනිදා සිදුවූ මේ සිදුවීමෙන්*. අද හවස 3ට විතර මට ගෙදරින් කෝල් එකක් ආවා. අම්ම කතා කළේ."ඔයාව හම්බෙන්න කවුද ඇවිත්. ෆෝන් එක දෙන්නම්...?""හලෝ... .... මහත්තය නේද?""ඔව්.""ඔබතුමා කවුන්සලින් කරනව නේද? මම මගෙ පුතත් එක්ක ආවෙ ගාල්ලෙ ඉඳල. පුතා මේ පාර ඒ.ලෙවල් ලියනව."මොකක් හරි වයර් ...
අනුන්ට කැපූ නෝන්ඩියේ තමා වැටීම සංවේදී (Sanwedi) පහුගිය දවසක මගේ ගමේ හොඳම යාළුවා බැන්දා. මනමාලිත් මේ පළාතෙම කෙනෙක් නිසා වෙඩිමයි, දෙවෙනි ගමනයි දෙකම තිබුණෙ මම තුමා වාසය කරන නගර පොජ්ජෙම හෝටල් 2ක තමා. සාමාන්‍යයෙන් මම මාසෙකට නිවාඩු කිහිපයක්ම ගන්නවා, පර්යේෂණ වලට අවශ්‍ය උපදෙස් ගන්න මහාචාර්යවරු හම්බෙන්න අගනුචර විශ්වවිද්‍යාලවලට යන්න. යාළුවගෙ වෙඩිම තිබුන මාසෙත් මෙහෙම සෑහෙන්න නිවාඩු ගන්ඩ සිද්ද වුනා. ඔයින් මෙයින් මගෙන් කෙරෙන්න ඕන දේශන ආදී රාජකාරිත් ...
එහෙනම් ඒක කරගෙන ඉන්ඩ..... සංවේදී (Sanwedi) මේක ඇත්ත කතාවක්ලු....අපේ සිරි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ කාර්යාලයක ලිපි ගොණු පවත්වාගෙන යන්න අවශ්‍ය කෙනෙකුට ඇබෑර්තුවක් තිබුණලු. මේක දැනගෙන ප්‍රදේශයේ උගත් තරුණයො සෑහෙන්න ආවලු සම්මුඛ පරීක්ෂණේට....ඒ අතරෙ උපාධිධාරියෙකුත් හිටියලු...මෙයාට උපාධියෙ පන්ති සාමාර්ථයක් එහෙමත් තිබුණලු...ඒ කියන්නෙ ක්ලාස් පාස් එකක්...විශ්වවිද්‍යාලෙ ගිය අය දන්නව ඇති ක්ලාස් එකක් ගහන්න සෑහෙන්ඩ අමාරුයි. (කැම්පස් කොල්ලො කියන විදියට පට්ටම දරුණු ගේමක් දෙන්ඩ ඕනා) ඒකට ඉතින් හැම විෂයටම ...
ආ...වැවද...? මම සල්ලිවලට ගත්තා....! සංවේදී (Sanwedi) එවක මම අගනුවර මෘදුකාංග සමාගමක සේවය කළෙමි. මේ සිද්ධිය මා එයට සම්බන්ධවීමට ප්‍රථම සිදුවූවකි. රාත්‍රියක නිදිවරන විට ඇදුනු කතාවකි. මෙය කියු ජ්‍යේෂ්ඨ සඟයා කෙප්ප කෙළින හාදයෙක් නම් නොවේ. වැව් බැඳි රාජ්‍යයේ ප්‍රමුඛපෙලේ ව්‍යාපාරික සමාගමකට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් අප ආයතනය විසින් සම්පාදනය කර ඇත. එහි ප්රමුඛ ව්‍යාපාරයක් වනුයේ ස්වේත වර්ණ මලක නම් දරන හෝටලයකි. (එනමින් බස් ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය ගායකයෙකු ...
අප්පච්චිට මල් මිටක්... සංවේදී (Sanwedi) කාලෙකට පස්සෙ ගොඩක් අධ්‍යාත්මිකව හැඟීම්බර වුණු දවසක්. ලංකාවෙ නාලිකා දුසිමක දැනට විකාශය වෙන ටෙලිනාට්‍ය අතුරින් මම බලන එකම එක, ස්වර්ණවාහිනියෙ 'අප්පච්චි'.ආචාර්ය කේමදාසයන්ට පසුව මා කැමතිම සංගීතය කසුන් කල්හාරගේ සංගීතයත් එක්ක...එකම හේතුව ජීවිතය ගැන ගැඹුරින් කතාකිරීම.....කසුන්ගෙ සංගීතය එහි අධ්‍යාත්මික භාවමය රසය තවත් උද්දීපනය කරනවා... විශේෂත්වය තමයි, මේක මුළදි මට පෙන්නන්න බැරිව තිබුණු එකක්. කොහොමත් මට ගෑණු ටෙලි පෙන්නන්න බැහැ ඉස්සර ඉඳලම.ඒත් ...
බාප්පලාගේ බලාපොරොත්තු කඩකිරීමේ සතුට සංවේදී (Sanwedi) මහමග රිය පදවන (ලොකුම ලොකු හැර) ලොකු කුඩා කාටත් හිසරදයක් වූ, කාගේත් පොදු සතුරෙක් සිටින බව තමන්ගේම කියා කුමක් හෝ වාහනයක් ඇති සියල්ලෝම දනිති. ඒ බාප්පලා හෙවත් ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ය. ඉහත ප්‍රකාශය පිළිබඳව ජීවිතේට අනුන්ගේවත් වාහනයක් පදවා නැති අය මෙසේ කියනු ඇත. "ඔවුන් සිටින්නේ නීතිය ආරක්ෂා කර එමගින් මහජනයාගේ ජීවිත සුරක්ෂිත කිරීමටය. කොටින්ම ඔවුන් නැත්නම් ලංකාවේ රියැදුරන්ගේ විනය මීටත් වඩා ...
Extrasensory Perception (ESP) යනු යථාර්තයක්ද? මායාවක්ද? (සංවේදීගේ අත්දැකීම් ඇසුරින්) සංවේදී (Sanwedi) සටහන තැබීමට කළින් කාරුණික මතක් කිරීමක් කරනු කැමැත්තෙමි. එනම් උග්‍ර භෞතිකවාදී අදහස් දරන අයට මෙය කිසිසේත්ම ඉන්ද්‍රීය ගෝචර සංකල්පයක් නොවන හෙයින්, ඔවුන් මෙය කියවීමට සිය වටිනා කාලය මිඩංගු නොකළ යුතු මනාය. සෘජුවම කිවහොත්, විශ්වයේ පවතින්නේ මිනිස් සිරිරේ භෞතික සංවේදන ඉන්ද්‍රියන් වන ඇස, කණ, නාසය, දිව හා චර්මය යනාදියට සහ විද්‍යාත්මක උපකරණ හෝ ගණිතයමය අභ්‍යුනය, තර්කනයට හසු වන්නා වූ බලවේගයන් පමණක්මැයි ...
පාඩම් කරන හැටි.... සංවේදී (Sanwedi) ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න ...
මේ දවස්වල එක්තරා රටක..... සංවේදී (Sanwedi) පෙනෙන තෙක් මානයේ ඇත්තේ ගිණියම් වූ වැලි තලාවයි...ඒ ශුෂ්ක කාන්තාරය හැර වෙන පිළිසරණක් නැති පීඩිත වූ ගෝත්‍රික ජන කොඨ්ඨාශයක්....රත් වී කැකෑරෙන ලෙය ඔවුන් දරදඬු මිනිසුන් කිරීමට සමත්වී ඇත. ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය හිඟ කමින් අපිරිසිදු කමින්ද, එයින්ම පැණ නැගුණු රෝග පීඩා, ආසාධන වලින්ද පීඩිත වී සිටින ඔවුන්ට ඇති ජීවත් වීමේ අරගලය මදිවට ඒ මරු කතරම සිය ජීවිත තෝතැන්න ...
පුනර්භවය පට්ටපල් බොරුවක්....? සංවේදී (Sanwedi) පුනර්භවය පට්ටපල් බොරුවක් කියනා හිතවත් භෞතිකවාදී සොයුරාට සහ ලංකාවේ භෞතිකවාදීන්ට / සමාජවාදීන්ට ආදරයෙන්...පර්යේෂකයින් ලෝකය පුරාම සොයාගත් පුනර්භව සාධක 11,000 කට අධික ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා. විශේෂත්වය වන්නේ මේ පර්යේෂණ කරලා තියෙන අය සියල්ලන්ම බටහිර අබෞද්ධ පර්යේෂකයින්. ඇතැම් අය උපතින්ම භක්තිමත් ක්‍රිස්තු භක්තිකයන්. පුනර්භවයක් නැත කියන්න තිබෙන්නේ තර්කනය පමණයි. නමුත් එවැන්නක් තිබෙනවා කියන්නට ලොව පිළිගත් පර්යේෂයින් විසින් පර්යේෂණ පත්‍රිකා 8,000 කට ...
ෂෙරීෆ් (Sheriff) සංවේදී (Sanwedi) ෂෙරීෆ් යනු මගේ කැම්පස් බැචෙකි. නමුත් ෆැකල්ටිය වෙනස් ය. ඔහුගේ මවුබස සිංහලය. නමුත් ඔහු මුස්ලිම් ජාතිකයෙකි. බලාගෙන යනකොට ෆැකල්ටිය විතරක් නොව, ඔහුත් මමත් අතර තවත් වෙනස්කම්ද රාශියකි. මිනිසුන් අතර විවිධ සමානකම් මෙන්ම වෙනස්කම් ද ඇත. එය යම් කෙනෙකු හෙළා දැකීමට තරම් නොවේ. මෙය තේරුම් ගත නොහැකි වූ තැන ගැටළු මතුවේ. ඇත්ත වශයෙන්ම මේ සටහන පාවොච්චාරණයකි. මන්ද මමද එවැනි වරදක් කර, ...
මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද...? සංවේදී (Sanwedi) මම ශිෂ්‍යයෙක් විදියට විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මට හොඳ යෙහෙළියෝ 3 දෙනෙක් හිටිය. හැබැයි ඒ තුන්දෙනා ගැන මට දැනුනෙ සම්පූර්ණයෙන්ම වෙනස් තුන් විදියකටයි.ඉන් එක්කෙනෙක් මම කවදහරි මගේ ආදරවන්තිය වෙයි කියල අවුරුදු 2 1/2 කට අධික කාලයක් බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනා. මෙයා මම D කියලා හඳුන්වන්නම්. දෙවැන්නා මගේ හොඳම මිතුරිය. එයාගෙන් මම කවදාවත් හීනෙන්වත් එහෙම එකක් බලාපොරොත්තු වුනේ නෑ. ඒක මගේ ...