නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...? සංවේදී (Sanwedi) මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් ...
අගනුවර දේපළ මිළට ගන්නේ බලාගෙනයි... සංවේදී (Sanwedi) මේ ළඟදී අප හිතවතකු ඉතා දුක් මහන්සියෙන් හම්බකරගත් රුපියල් මිලියන ගණනක මුදලක් මරු කටට යා නොදී වලකා ගත්තේ අනූ නවයෙනි. මෙන්න ඒ ත්‍රාසජනක කතාපුවත..!රු. ලක්ෂ 45ක මිළකට සුපිරි සහසුකම් සපිරි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ යයි යන ආරංචියට ඔහු එහි ගියේය. පුවත සැබෑවකි. නිවස පිහිටා තිබෙන ස්ථානය අනුව සහ නිවසේ වටිනාකම අනුව බැලූ බැල්මටම එය ගජ වාසියක් බව ඕනෑම කෙනෙකුට ...
ගුරුවරු මෙහෙමයි සංවේදී (Sanwedi) මගේ අම්මා ගුරුවරියක්. ගම්බද ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ හරිම දුප්පත් අහිංසක ළමයි. මේ සිදුවීම වෙලා දැන් මාසයක් විතර ඇති.හය වසරෙ ගැහැණු ළමයෙක් ඇවිල්ල අසනීපයි කියල ගෙදර යන්න අවසර ඉල්ලුවලු. මොකද්ද අසනීපෙ කියල ඇහුවම බඩේ අමාරුවක්ලු. ගෙදර තියෙන්නෙ හැතැප්ම 6ක් විතර ඈත නිසාත්, එක්ක යන්න කවුරුවත් නැති නිසාත් එයාව නිදහස් කරල නෑ.ටික වෙලාවකින් පණිවුඩයක් එනවලු එයා සුදු ගවුම නාස්ති කරගෙන ...
වීරප්පන් සංවේදී (Sanwedi) ඒ ඔහුගෙ කැම්පස් එකේ කාඩ් එක. ඒ ඔහු දෙමළ නිසා නෙමෙයි. සෑහෙන්න කළු නිසා ය. හමෙන් කළු වුනත් හදවතින් සුදුම සුදු එකෙකි. මේ සටහන ඒ නිසාවෙන්.අපි ෆස්ට් ඉයර් එකේ ඉන්නකොට ඉන්දියාවෙ රොබින් හුඩ් නමින් හැඳින්වුනු ප්‍රසිද්ධ කොල්ලකාරයෙක් වෙඩි කා මැරුණි. මූට දමන්නට කාඩ් එකක් සොයමින් සිටි අපේ උන්ට එය ඉබ්බා දියේ දැමීමක් විය. අනේ මේ අහිංසකයගෙ කාඩ් එක විදියට ඒ ...
අපේ රටේ වැසියන්ගෙ සාමාන්‍ය දැනුම සංවේදී (Sanwedi) අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.අවුරුද්දට සාමාන්‍ය පෙළ ගණිතය උගන්නපු ගුරුතුමාගෙ ගෙදර ගියෙමි. මේ එහෙදි අහපු කතාවක්.(ඇත්තම සිද්ධියක්)විද්වත් සුහද කතාවට සහභාගී වී සිටින්නේ සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකයෙක්, එවැනිම සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ වියතුන් යයි කියාගත් ගුරු භවතුන් කිහිපදෙනෙක් හා අපේ ගණිත ගුරුතුමා ය.අප ගණිත ගුරුතුමාද හොඳ කලා රසිකයෙකි. අර්ථ රසයෙන් අනූන ගීත විචාරය කිරීම කතාබහේ මාතෘකාව විය.ආචාර්ය අමරදේවයන් ...
ඉරුණු නෝට්ටුව සංවේදී (Sanwedi) මා අත තිබුණු ඉරුණු නෝට්ටුව මට පැටවූයේ කවුරුන්දැයි මා මතක් කර බැලූ මුත් සිහියට නො එයි. අද දවසේ කිහිප තැනකින්ම මුදල් ගනුදෙනු කළ බැවින් නිශ්චිත තීරණයකට එලැඹිය නොහැකි විය. ඉතිරි මුදල් එවෙලේම පරික්ෂාකර බලා භාරගැනීමේ පුරුද්දක් නොමැති වීම ගැන මම මටම දොස් පවරා ගතිමි. මීට පෙරද කටුබැද්ද හන්දියේ එක්තරා හෝටලයක් සහ බස් කොන්ස්තරවරුන් රැසක් මට රු. දහස් ගනණින් හිතාමතාම වංචා ...
කට්ට කෑම සංවේදී (Sanwedi) දැන් මාස කීපයකට කලින් සරසවියෙන් පිටවෙච්ච මගේ දරුවෙක් ජීවිතය ගැන කළකිරුණු ස්වරයෙන් මෙසේ කියයි... "සර්. රස්සාවක් නම් හම්බුනා. ඒත් සෑහෙන්න දුක් විඳින්න වෙලා. හරිහමන් පඩියකුත් නැහැ. සොච්චම් පඩිය ගැන හිතෙනකොට මොකටද මෙච්චර ඉගෙන ගත්තේ කියල හිතෙනවා. කැම්පස් ගියපු නැති අපේ වයසෙ උන් ජොබ් පර්මනන්ට් වෙලා පවුල් පන්සල් වෙලා පිළිවෙළකට ඉන්නවා....අපි කවද්ද ගෙදර මිනිස්සුන්ට සලකන්නෙ සර්...?"මම සිනාසී මෙසේ කීමි...."පුතා. ඔයා දන්නවද, ...
කාලය මැවු වෙනසක අරුමේ... සංවේදී (Sanwedi) සාමාන්‍යයෙන් මම ප්‍රකෝපකාරීව හෝ කළහකාරීව හැසිරෙන කෙනෙක් නොවෙමි. එහෙත් බලවත් අසාධාරණය හමුවේ මගේ ඉවසීමේ සීමාවන් දෙගොඩ තලාගිය විට මා හැසිරෙන ආකාරය ගැන විවේචන තිබේ. එම හැසිරීම මගේ උගත්කමට නොගැලපෙන බව බහුතරයක් මිතුරන්ගේ මතය වුවද එය මා තුළ තවමත් යම් තාක් දුරට පවතින දුර්වලතාවයක් බව පිළිගනු නොකැමැත්තෙමි. බොහෝ විට මා එසේ කිරීම ගැන පශ්චාත්තාප නොවන අතර ඒ ගැන වැඩිදුර කල්පනා කිරීම ...
කඩ්ඩ ඇණයක් වෙලා තියෙන්නෙ ඇයි...? සංවේදී (Sanwedi) කළින් සටහන කියවපු හෙන්රි කියල ඉංග්‍රීසි ගුරුභවතෙක් අදහස් දැක්වුව මෙහෙම."මම දන්න විදියට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙ එකාට ගුරුවරයෙක්වත් ඕනේ නෑ ඉගෙන ගන්න. අප අවට පහසුකම් තියෙනව නමුත් අවංක චේතනාවක් නෑ. කැපවීමක් නෑ. ඉංග්‍රීසි ගැන දරන ආකල්පය හොඳ නෑ.නිකං හිතලා බලාපං, අවුරුදු ගානක් ඉස්කෝලෙදි ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඉංග්‍රීසි බැරි උන් හින්දි කතා කරන ලස්සන අර ෆිල්ම් බලලම..."ඒ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.මේ ටිකත් එකතු ...
නුදුටු කා(ර්)ල් මාක්ස්..... සංවේදී (Sanwedi) කා(ර්)ල් මා(ර්)ක්ස් යනු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකි. මිනිසා ආගමේ වහලෙක් විය යුතු නැති බව ඔහුගේ දැක්ම විය. සම්ප්‍රදායට පටහැණි, ගතානුගතික නොවන නව නිවහල් චින්තන ධාරාවකට යොමුවීමට මිනිසාට ආගම මගින් පනවා ඇති සීමාවන් බාධා පමුණුවන බව ඔහු අවංකව විශ්වාස කළේය. එය සත්‍යයකි. දෙවියන් පිළිබඳ සංකල්පය හා පල්ලියේ බලපෑම බලය සහිත මතවාද සමග ගැටෙමින් සිතීමේ නිම් වළලු ප්‍රසාරණය කළ නොහැකිය. (විශ්වයේ පරම බලවේගය වන ...
ඉන්ටර්නල්ද? එක්ටර්නල්ද? සංවේදී (Sanwedi) මේ සටහන තබන්නට හේතුවූයේ මෙන්න මේ අදහස් දැක්වීම යි.සරලවම එහි කියන්නට යත්න දරන්නේ, බාහිර උපාධිධාරියාට වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් 'සම තැන දීම' අසාධාරණ බවයි. කරුණාකර සටහන අවසන් වන තුරු මගේ ආකල්පය ගැන අවසන් තීරණයකට එන්න එපා.රජයේ විශ්වවිද්‍යාලයක පූර්ණකාලීනව උපාධියක් හදාරණ කෙනෙක්ගේ ජීවන අත්දැකීම් වෙනස්. මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විශ්ව-විද්‍යාලයක් (Univers-ity) වන නිසා. එයින් ලැබෙන්නේ අද්විතීය විශ්වීය (Universal) දැනුමක්. ...
කිසිදා වැඩිහිටියෙකු නොවන 'පොඩි එකා' සංවේදී (Sanwedi) අප සමාජයට කෙතරම් වැඩිහිටි චරිත වුවද ගෙදරට තවමත් නොදරුවන්ය. මිතුරන් සමඟ කෙටි ගමනක් යාමට සූදානම් වූ විට 'මූදෙ නාන්න යන්න එපා', 'වාහනේ හයියෙන් යන්න එපා' වැනි උපදෙස් අදටත් නොඅඩුව ලැබේ. ආශ්‍රය කරන්නේ කවුරුන් සමගදැයි තවමත් සොයා බලයි. ඇඳිරි වැටුනු පසුත් ගෙදරට වාර්තා කර නොමැති නම් ජංගම දුරකථනයට නිවනක් නොමැත. ගියේ දුර ගමනක් නම් ගමනාන්තයට සුවෙන් ළඟා වෙමින් පවතීද?, ගෙදරට ගොඩ ...
මාරු කාසි සංවේදී (Sanwedi) කාසි රු.1000ක් බාර දුන් විට බැංකුවෙන් රු. 1200ක් (පුවතක්)මෙහෙම කළාම කොන්දොස්තර මේන් කියලා ඉතුරු දෙයි කියලද හිතන් ඉන්නේ...? මහ මෝඩම කතාවක්නේ....ඕකෙන් වෙන්නේ මීස්සුන්ට ගානට දෙන්න තියෙන මාරු කාසි ටිකත් බැංකුවට දීලා ඉතුරු ඉල්ලලා බස් කොන්දොස්තරට තවතවත් පිංසෙන්ඩු වෙන්න වෙන එකයි. එයාලා දෙන්නෙ නැත්තේ නැති නිසා නොවෙයි..හොර කමට..වරක් මට ඉතුරු රු.34/= ඉල්ලගන්න කොළඹ-මාතර බස් එකක කොන්දොස්තරට 6 පාරක් මතක් කරන්න සිද්ධ ...
විශ්වාසය සංවේදී (Sanwedi) මා කොහෙදෝ රස්තියාදුවක් ගසා නේවාසිකාගාරයට ගොඩ වැදුනා පමණකි."මචං ප්‍රොෆා," (ඒ මගෙ කැම්පස් එකේ කාඩ් එක.) "උඹට ගර්ල්ස් හොස්ට්රල් එකෙන් කෝල් එකක්...""මට...? උඹට හොඳටම ෂුවර්ද..? ඇයි යකෝ මේ තනිකඩ මට මොකා කතාකරන්නද...?""හලෝ ප්‍රොෆෙසර්.." එහා පැත්තේන් නුහුරු සිංහලෙන් කවුදෝ කෙල්ලක් අමතනු ඇසේ."ඔව්, කවුද..?""මම නාදියා කතා කරන්නේ. මට ලොකු උදවුවක් ඕනේ.""හ්ම්....කියමු බලන්න.""මේකයි. අද හිෂාම් (ඇගේ පෙම්වතා) මාව බලන්න ආව. එයාට නවතින්න තැනක් හොයාගන්න ...
ගිණි තියාගත් හිමිනම සහ හෘද සාක්ෂිය සංවේදී (Sanwedi) ගව ඝාතනය මුල් කරගත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන හිමිනමක් ගිණි තබාගෙන අපවත් වී ඇත.උන්වහන්සේගේ ක්‍රියාව පිළිබඳ අංශු මාත්රයකදු එකඟතාවක් මා තුළ නොමැත්තේ වුවද, එම පුවත මා කම්පනයකට පත්කළේ මන්ද...?මා ශෝකයට පත්වූයේ මේ රටේ ඉතාම අතලොස්සක් වූ, සිය හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන මනුෂ්‍යයෙකු නිකරුනේ අකාලයේ මිය යෑම නිසා මිස අන් කිසිදු හේතුවක් නිසා නොවේ.මා මෙසේ කියනා විට "මේ වගේ මෝඩයෙක් මැරිල ...
ජීවන සුනාමිය සංවේදී (Sanwedi) ජීවිතයේ වාසනාව හා අවාසනාව සදා අප සමග නොවුවත්, ඒ ද්විත්වයම කිසිදා අප හැර නොයන බව මට තදින් විශ්වාස කිරීමට සිදුවී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අත්විඳීමට සිදුවූ විශ්වාස කිරීමට තරම් නොහැකි එක පිට එක පැමිණි දුක්, කම්කටොළු මැදින් මා සොයා ආ වාසනාව නිසාය. විටෙක මා තරම් අවාසනාවන්තයෙකු මේ මිහිපිට නොමැති යයි හැඟුනිද, ඒ අවාසනාවම මට ජීවිතයේ නොසිතූ විරූ ජයග්‍රහණ ළඟා ...
මෙවැන්නන්ට කුමක් කරමුද...? සංවේදී (Sanwedi) මම මේ කියන සිද්ධිය සිදු වී තවම පැය කිහිපයක් පමණි ගත වී ඇත්තේ.මා සේවය කරන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේය. එහි ආචාර්යවරයෙක්මි. මාතර නගරයට ස්චයංක්රීය මාර්ග පාලන සංඥා (Traffic Lights) හඳුන්වා දෙන ලද්දේ මේ මෑතකදි. ඒ නිසාම මිනිස්සුන්ට වැඩිය හුරු නැත.ඊයෙ සවස මා Traffic Light එකක වාහනය නවතාගෙන සිටිනවිට වම් පැත්තේ තිබුණ ඉතාම සීමිත ඉඩ ඔස්සේ මෝටර් බයිසිකලයක් පැමිණ මගේ වාහනේ රියදුරු අසුනට ...
දශක දෙකකට පෙර අද වන් දවසක.... සංවේදී (Sanwedi) ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ඇවිල්ලා....හරියටම ලෝක ළමා දිනේදීම...සමහරු මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලත් අර්ථකථනය කරාවි.සමහරු මේකට අම්මලාගේ විභාගේ කියලත් කියනව. ඒ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ?තරඟකාරීබව උපරිම නිසා ළමයින්ට වැරදි ආදර්ශ දීල හරි කොහොමහරි තමන්ගෙ ළමය මේ කඩඉමෙන් පන්නගන්නනෙ ගොඩක් දෙමාපියො උත්සාහ කරන්නෙ. පාස් උනාටම මදි, ටවුමෙ ලොකුම ඉස්කෝලෙට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබන්නත් ඕනෙ. ඒ විතරක්නම් මදෑ, අහවලාගෙ ළමයට වඩා ...
ලබන මාසෙ පඩියෙන් බඳිමු...? සංවේදී (Sanwedi) මේ කතාව මට කිවුවෙ මගෙ මහාචාර්යතුමා. අපේ යම් යම් අඩුපාඩු පෙන්වලා දෙන්න ඔහු පාවිච්චි කරන්නෙ අපූරු උපක්‍රමයක්. ඒ තමයි උපහාස කතා. හාස්‍යොත්පාදක කතා විදියට ඔහු මේවා තැනට සුදුසු ලෙස පැවසුවාට, අපි හඬනගලා සිනාසුනාට මේවායේ ගැබ් වෙලා තියෙන සියුම් උපහාසය ඇත්තටම එල්ල වෙලා තියෙන්නෙ අන්තිමට බලාගෙන ගියාම අපිටමයි. මේකත් එහෙම එකක්. වැඩ කල් දමන්න අපි තරම් රුසියො මේ ලෝකෙ තවත් නැතුව ...
මගේ මංගල දැන්වීම සංවේදී (Sanwedi) දැන් අවුරුදු 1 1/2 ක් තිස්සේ ගෙදරින් හැමදාමත් බත් එකක් ඔතල දෙනවා දවල්ට කන්න. මම පොඩි කාලේ ඉඳලම කෑම ඔතාගෙන එන කොළේ පවා අකුරක් නෑර කියවලා තමයි කුණු කූඩෙට දාන්නෙ කියල ගෙදර අය දන්නවා. ගොඩක් වෙලාවට මංගල දැන්වීම් පිටුවෙන් තමයි මගෙ කෑම එක එතෙන්නෙ. පුදුමෙ කියන්නෙ මේ අවුරුදු 1 1/2 ට එහෙම අවස්ථා අඩු ගානෙ 100ක්වත් තිබුණත්, මනාලියෝ තියෙන පිටුවක් ...