මා මෛත්‍රීට ඡන්දය නොදෙන්නේ ඇයි? සංවේදී (Sanwedi) මාස 9කට දිගු විරාමයකට පසුව, 100 වන සටහන ලෙස මෙවැනි සටහනක් තැබීමට සිදුවීම ගැන මා සිත තුළ සියුම් පශ්චාත්තාපයක් උපදී. එසේ වුවද, මෙය කිව යුතුමය.('පොදු සතුරාට එරෙහි සැබෑ ජනතා සටන අල කරනවා', 'එකම ස්වර්ණමය අවස්ථාවට පයින් ගහනවා' වැනි කතා කියන්නට පෙර කරුණාකර ලිපිය හා එහි සපයා ඇති සබැඳියන් ගෙන් යොමු කෙරෙන ලිපි කියවා බලන මෙන් කාරුණිකව ආයාචනා කරමි. මෙය පෞද්ගලිකව ...
රාජ්‍ය සම්මාන මා(ෆි)යාව සංවේදී (Sanwedi) මගේ පියාගේ කෘතියක් රාජ්‍ය සම්මානයක් උදෙසා නිර්දේශ වී ඇති බව අහම්බයෙන් දැනගන්නට ලැබුණි. (Link)මුළදී මා එය විශ්වාස නොකළත් (ඔහුගේ කුසලතාවය පිළිබඳ අවිශ්වාසයක් නිසා නොව, රටේ ක්‍රමය පිළිබඳව ඇති සුපහන් සංවේගය හේතුවෙන්) එය සත්‍යයක් බව දැනගන්නට ලැබුණි. මේ ඒ පිළිබඳව උදම් ඇනීමක් නොව, කලාකරුවෙකුගේ ජයග්‍රහණයක කැටිව ඇති, මතුපිටින් ලොවට නොපෙනෙන කටුක යථාර්ථය පිළිබඳ හෙළිදරව්වක් යයි කිවහොත් වඩාත් නිවැරදිය.'පළමු දඩයම' මෑතකදී ග්රන්ථයක් ...
My3 ගේ සොහොයුරන් Vs උපාලි විජේවර්ධන සංවේදී (Sanwedi) My3 ගේ සොහොයුරන්, කීර්තිමත් ව්‍යාපාරික උපාලි විජේවර්ධන හා සමකළ හැකි විශිෂ්ඨ ව්‍යාපාරිකයින් බව මහත්තයෙක් කියයි.මට තියෙන ප්‍රශ්න මේවායි:උපාලි විජේවර්ධන මහතා, මෙරට (අන්ත දුගී ජනතාවගේ පවා) සුවහසක් වූ හුදී ජනයාගේ බත්පතෙන් කප්පම් ගත්තේ නැත. තේරෙන භාෂාවෙන් කියන්නේ නම් රටේ සෑම පුරවැසියෙකුටම දිනපතාම අත්‍යවශ්‍යෙන්ම වුවමනා වන පරිභෝජන ද්‍රවය නිෂ්පාදනය කළේ හෝ විකුණුවේ නැත. තම නිෂ්පාදන ගන්නට මිනිසුන්ට බලපෑම් කළේ නැත.උපාලි විජේවර්ධන මහතාගේ ...
ඇත්තටම මෛත්‍රීපාලට රට හදන්නට බැරිද? සංවේදී (Sanwedi) මෙය මාගේ අවසන් දේශපාලන විශ්ලේශනයයි. (අනේ සාදු...!)(මිනිස් සංහතියේ ප්‍රගමණය උදෙසා සහ විද්‍යාත්මක ප්‍රජාවේ උන්නතිය උදෙසා මීට වඩා වැදගත්, බලපෑම් සහගත රාජකාරියක් මට පැවැරී ඇති බව විද්‍යුත් ලිපියක් මගින් දැනට මා පර්යේෂණයන්හි නිරතව සිටින විශ්වවිද්‍යාලය දැන්වීම ඊට එකම හේතුවයි.)මුළින්ම ටිකක් ලේ පිරිසිදු කරගෙන ඉඳිමු. 6% සටන කාලයේදී මට ප්‍රවාහන පහසුකම් සැපයීමට සුදු වෑන් රියක් එවන බවට බොහෝ විද්‍යුත් පණිවුඩ වලින් කියැවුනු ...
ගමරාළගේ වංගෙඩිය නොහොත් 'ලොකු හොරා වානා...පොඩි හොරා ඕනා' තියරිය සංවේදී (Sanwedi) මෛත්‍රී යනු ජාතිය ව්‍යසනයෙන් ගලවාගන්නට පහළ වූ දියසෙන් කුමරු යයි උද්දාමයට පත් ජනතාව වෙත ලියා තබන වග නම්...මෙන්න මේකත් ඔය නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක හිතලා බලනු මැනවි..මහින්ද 2005 බලයට එන්න කළිනුයි, ඇවිත් ටික කළක් යනකනුයි කල්කිරියාව සහ ඊට කලකට පසු වෙනස් වූ අයුරු මදක් සිතා බලන්න.මහින්ද මල්ලිලා එළියට දැම්මෙ සෑහෙන කාලයක් ගොසින්, කල් යල් බලා ය. එතකම් කිසිම කෙනෙක් ඔවුන් ...
ඔබේ දැනුම් පොතට.... සංවේදී (Sanwedi) ඇතැම්විට ඔබ විද්‍යා සිසුවෙක් හෝ විද්යාවීදී උපාධිධාරියෙක් නොවනවා ඇති. එහෙත්....ඔබ මහරගම පිළිකා රෝහළට වරක් හෝ ගොස් තිබෙනවාද? ඒ අසරණයින් දිනක් හෝ වැඩිපුර ජීවත් වීමේ බලාපොරොත්තු සඵල කරගන්නේ මේ උදාර මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගය නිසා බව ඔබ මොහොතකටවත් සිතුවාද?ලොව විශාලතම නොබෙල් පවුල(රාජපක්ෂ පවුල ගැන දන්නා බොහෝ දෙනා මේ ගැන නොදන්නවා ඇති. :D )කියුරි පවුල.1. ආචාර්ය ඉයුජින් කියුරි (පියරේ කියුරිගේ පියා) - නොබෙල් ...
තවත් එක් සංවේදී සත්‍ය කතාවක්… සංවේදී (Sanwedi) ඇදුරන් (විශේෂයෙන් සරසවි) යනු 'බෝඩ් එකට' උගන්වා යන, සිසුන්ගේ සිතුම් පැතුම් කිසිදා ස්ඵර්ශ නොකරන, මුදල් මත්තේම නැහෙන අසංවේදී නරුමයන් යයි සිතා සිටින අය කරුණාකර මෙය කියවන්න.දේශන ශාලාවේ සිටි සියගණනක් වූ සිසුන් අතුරින් එක් කඩවසම් පිරිමි ළමයෙක් ළඟ මගේ අවධානය රැදුනා…Multimedia තිරයේ සිදුවන වෙනස් කම් වලට ඔහු දැක්වූයේ එපමණ හොඳ ප්‍රතිචාර නොවෙන අතරම ඊට වඩා ඔහුට වැදගත් වුනේ දේශනය record කර ...
නොදුටු ගුරුවරු සංවේදී (Sanwedi) පිටිසර පාසලක සිට 5 වසර ශිෂ්‍යත්වය සමත් වී නගරයේ ලොකු කොලීජියකට පැමිණි කොළු ගැටයෙක්, පරිගණක විද්‍යාගාරයේ ලොකු පන්තිවල අයියලා ඉගෙන ගන්නවා බලා සිටියේ කවදා තමන්ට මේ වාසනාව උදා වේදැයි නොඉවසීමෙන්. කෙසේ වෙතත් පොඩි එකාගේ ආශාව මුදුන්පත් කරගැනීමට තවත් වසර ගණනාවක්ම ගත වුනා.දැන් පීරියඩ් එකේ කොච්චර වෙලාවක් ගියාද..? ඒත් අනේ කොම්පියුටර් ටීචර් උගන්නන පාටක් නෑනේ...බලාගෙන හිටියා හරියන්නේ නෑ...ගියා ටීචර් ළඟට....ගිහින් කිව්ව ...
ආදරණීය ගුරුතුමණි..... සංවේදී (Sanwedi) මගේ දෑස...මේ ලොව කිසිදු මනුෂ්‍යයකු විසින් නොදැකිය යුතු දෑ දැක්මට තරම් පව් කර ඇත.උගත්, දක්ෂ ඉන්ජිනේරුවන් විසින් සැලසුම් කරන ලද විෂවායු කුටීර දැක ඇත්තෙමි...උගත් වෛද්‍යවරුන් විසින් නිපදවූ විෂ,පුහුණු හෙදියන් විසින් එන්නත් කරනු ලැබූ දරුවන් දැක ඇත්තෙමි.කරුණාකර මීට පසු ඔබේ ශිෂ්‍යයන්ට මිනිසත්කම උගන්වන්න... සටහන. ජර්මනියේ උසස් විද්‍යාලයක පුවරුවක, එක්තරා උදෑසනක මෙසේ සඳහන් කොට තිබුනේ කතෘ අඥාතව ය.වධක කඳවුරකින් අනූනවයෙන් පණ බේරාගත්තෙකු ...
ලාංකික විද්‍යාඥයා සහ මාර්ග බාදකය සංවේදී (Sanwedi) අසල්වැසි රටේ ජන නායකයන් ලෙසට අති අග්‍රගණ්‍ය විද්‍යාඥයන් සහ විශේෂඥ ඉන්ජිනේරුවරුන් නම් කෙරෙද්දී, හැමදාමත් අපේ රටේ එවැනි තැන්වලට මුසා බස් තෙපලීම සිය වෘත්තීයේම කොටසක් වන නීතීඥයන්ම පත් වීමට, ජනතාව අතර වීරයන් මැවීමේ පරම වරප්‍රසාදය ලද අපේ මාධ්‍යවේදීන් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය.පහත දැක්වෙනුයේ මගේ සත්‍ය අත්දැකීමකි. මා පැවසූ කරුණු වල යථාර්ථවදීභාවය මෙය කියවා පසක් කර ගනු මැනවි.ගාලු පාරේ කොළඹ දෙසට ධාවනය වූ නගරාන්තර ...