කප්රුකෙන් කරලියට Prabuge පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පිටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් කළෙත් මංම තමයි.පිටුව හදන්න මහන්සි වුණු දමින්ත කෞශල් අයියටයි,එච්.කේ.පීරිස් අයියටයි විශේෂයෙන් ස්තූති කරන්නත් ඕනි.මේක කියවල බලල කොහොමද කියන්නකෝ. මගේ තියන අඩුපාඩු හදා ගන්නත් එක්ක ඔයාල පොඩි comment එකක් දාන්න ඔන්න අමතක කරන්නත් එපා හොදේ.යට තියන ලින්ක් එකෙන් ගියොත් ...
ලෝකයේ දුප්පත්ම ජනාධිපති..... Prabuge ඔහු නමින් "ජෝස් මුජීකා"ය.[José Mujica] වෙනත් ලෙසකින් කිවහොත් ඔහු උරුගුවේ රාජ්‍යයේ ජනාධිපතිවරයාය. නමුත් ඔහු ලොව පුරා ගෞරවයට ලක්ව සිටින්නේ මේ කිසි අයුරකින් නොව ලොව "දුප්පත්ම" නැතහොත් ලොව "වඩාත් ත්‍යාගශීලී" ජනාධිපතිවරයා ලෙසිනි. ඒ අන් කිසිවක් නිසා නොව ඔහු සිය මාසික වැටුපෙන් 90%ක්ම ජනතාවගේ සුභසාධන කටයුතු සඳහා යොදවන බැවිනි.ඔහු හට විශාල වත්කමක් නැත. ඔහු හට ඇති විශාලතම වත්කම නම් ඔහු හට හිමි ...
අපේ රටේ අප්‍රකට වීරයෙක්. Prabuge සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය.තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතර Billy Mills නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්නලදි. ප්‍රථම ...
සේද මාවතේ වැළලී ගිය ජේසුස් වහන්සේගේ බෞද්ධ පිය සටහන් Prabuge සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ගය හරහාය.ඉතින් මෙම බටහිර ලෝකයට විවෘත වන එක දොරටුවක් ලෙස සලකන ප්ලස්තීනය ලොක ඉතිහසයේ එක නොමැකෙන ආගමික සළකුණක් බිහි කළ භූමියක් විය.එහි උපන් එක බුද්ධිමත් දරුවෙකු තමන්ගේ ආගම් මූලය සොයාගෙන සේද මවත ඔස්සේ ඉන්දියාවට පැමිණේ.ඔහු නමින් ජේසුස් නම් ...
කොළඹ පොළොව බුමුතුරුණක් කළේ අපියි... Prabuge මගේ මේ ලිපිය හොඳට පැහැදිලිව කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්නhttp://www.dinamina.lk/epaper/art.asp?id=2012/10/10/pg26_0&pt=p&h=http://www.dinamina.lk/epaper/?id=26&tday=2012/10/10
ජීවිතය කියන්නේ අභියෝගයක් Prabuge ජීවිතය කියන්නේ අභියෝගයක්.හිතන්න ඒ අභියෝගය භාරගන්න ඔයාලා කොච්චර දුරට ලෑස්තිද කියලා.ඉතින් මං මේ කියන්නෙත් එහෙම ජීවිතේ අභියෝග නොසැලී භාරගත්, ඒවා ජයගත්ත මිනිස්සු කිහිප දෙනෙක් ගැනයි.මේ පුංචි කතා ටිකක් විතරයි.ඒත් මේ චරිතවලින් ගන්න තියන දේ නම් කිසිසේත්ම පුංචි නෑ.සාවදානව කියවල බලන්න.ඔබටත් කවදක හරි මේවගේ කෙනෙක් වෙන්න බැරිකමක් නම් නෑ.එහෙනම් ඒකට අවශ්‍යවන්නේ එකම දෙයයි.ඒ මොකක්ද කියල ඔයාලටම තෙරෙවි මේ පුංචි කතා ටික ...
අපි දන්නෙත් නැති අපේ ඔලිම්පික් ශූරයෝ.... Prabuge රන් 15 යි රිදී 14 යි ලෝකඩ 1 යි ලෝකයේම 1ලෝකයේ රටවල් සමූහයක සහභාගිත්වයෙන් පවත්වන ඉහළම තරගාවලිය "ඔලිම්පික්" යනුවෙන් හැඳින්වේ.වසර හතරකට වරක් පවත්වන මෙම තරගාවලිය ක්‍රීඩා සහ වෙනත් ක්ෂේත්රවලින් පැවැත්වේ.ක්‍රීඩා ක්ෂේත්රයෙන් පවත්වන ඔලිම්පික් තරගයට කාගේත් වැඩි අවධානය යොමුවී ඇති බව කවුරුත් දන්නා දෙයකි.1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී ඩන්කන් වයිට් විසින් කඩුලුමතින් (400 මී) දිවීමේ තරගයකින් රිදී පදක්කමක් ඔලිම්පික් තරගයකදී ශ්‍රී ...
මහේලගේ අපි නොදුටු පැත්ත Prabuge වසර 3කට පෙර ,දිනක් ක්‍රිස්ටිනා ජයවර්ධනගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණි. ඒ පකිස්තානයේ සංචාරයක නිරත වී සිටි ඇගේ සැමියා මහේල ජයවර්ධනගෙන්ය." කට්ටියක් අපිට වෙඩි තියනවා " ....ක්‍රිස්ටිනාට ඉන් අනතුරුව ඇසුණේ වෙඩි හඩවල් පමණි. ඇගේ නෙතගින් කදුළු වැගිරුණේ ඇයටත් නොදැනුවත්වය.ඒ මහේලගේ දිවියේ කටුකම බියකරුම දිනයයි. ක්‍රිකට් ලොවේ තම සමීපතම සගයා කුමාර සංගක්කාරද මරණයෙන් බේරිමට උත්සහ දරන ආකාරය ඔහු දුටුවේය.ඔහු පසු කලෙක මිතුරන් ...
I can never get that photo back Prabuge අන්තර්ජාලය කියන දේ අපි හැමෝම මේ වෙනකොට භාවිත කරනවා. ඒකට වයස් භේදයක් නෑ. හැමෝටම අන්තර්ජාලය කියන දේ ගොඩක් උදව් වෙනව වගේම තමයි ඒ තුළින් අන්තර්ජාලය නොමනා භාවිතයටත් බොහොමයක් දෙනා පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි අන්තර්ජාලය එක්ක ගනුදෙනු කරන අයට FB ACCOUNT එකක් නැතිවෙන්නෙ එහෙමත් වෙලාවක. මෙතැනදි ගොඩදෙනෙක්ට යාළුවො හම්බවෙනව වගේම තමයි මේ හින්ද රට වටේ තියෙන කරදර පටලවගන්න වෙලාවලුත් ...
අක්කෙක් එනවා ඔන්න නංගි ගෙට ගනින් Prabuge කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක් විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක් ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල ...
මගේ වැයික්කිය හැදුනෙ මෙහෙමයි.... Prabuge ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවලදියි.මගේ වැයික්කියේ තියන සමහර දේවල් ඔයාලට අලුත් අත්දැකීමක් වේවි කියල හිතනව.ඉතින් එන්න මගේ වැයික්කියට.ගොඩ වැදිලා මගේ වැයික්කියේ දාල තියන සෙල්ලම් කොහොමද කියල අදහසක් දෙකක් දාන්නත් ඔන්න අමතක කරන්න එපා හෙදේ..මෙහෙම එකක් හදන්න මාව අවුස්සපු දිනමිණේ ධනුවටත් ඔන්න ස්තූති පාරක් නොදැන්මොත් ...
ලොව ප්‍රථම මවුසය Prabuge 1968 දී අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැති පරිගණක සමුළු වේදී 192kbක අතිශය ප්‍රථමික ධාරිතාවක් ඇති මේන්-ෆ්‍රේම් පරිගණකයක් සැතපුම් 25ක් ඈත සිට ක්‍රියා කර නරඹන්නන් විශ්මයට පත් කළ මවුසයේ නිර්මාපකයා ඩග්ලස් එන්ගල්බාට් වන මොහුයි.මවුසය ද ඇතුළුව පරිගණක ආශ්රිත නිර්මාණ 200කට පමණ පේටන් බලපත්‍ර මොහු සතුයි.ඒ සෑම නිර්මණයකම විශේෂත්වය යුසර් ෆ්‍රෙන්ඩ්ලි එනම් භාවිත කරන්නට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි වීම විශේෂත්වයකි.මුල්ම මවුසය නිපදවීමට ...
අහිංසක ජීවිත දෙකක් විනාස කළ කරුම සිද්ධියක්... Prabuge ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔවුන්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙළ ආරම්භ වීමත් සමඟ තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔවුන්ගේ අදරයේ සිමාවෙන්වලින් ඔබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිණීමට නොහැකි වුවේය..එදින මොවුන් දෙදනා පන්ති අවසන් වේලාව පැමිණෙන තුරු ලැගුම්හලක ගත කළේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ ...
ගිලෙන මගී නැව බේරාගත්තාට එංගලන්තයේ දී සම්මාන Prabuge පැපුවානිව්ගිනියා මුහුදේ ගිලෙමින් තිබූ මගී නැවක ජීවිත 246 බේරා ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ශ්‍රී ලංකික කපිතාන් වරයෙකු එංගලන්තයේ දී ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා ඇත. 2012 ලොයිඩ්ස්වල ජාත්‍යන්තර සම්මාන උලෙළේ ‘Amver Assisted Rescue at Sea Award’සම්මානය ලැබූ කපිතාන් විමර්ශන ෂෙරෝස් විදානගමගේ ටෙහ් චයිනා නැවිගේෂන් සමාගමේ Mv-Kwangtung නැවේ කපිතාන් වරයාවේ. එංගලන්තයේ ලන්ඩන් නුවර ලොංචස්ටර් හෝටලයේ දී සැප්තැම්බර් 26 දින එරට නාවික කටයුතු ...
ලෝකයේ වැඩිම වයස ඇති අවිවාහක මෙනවියගේ කතාව! Prabuge ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113යි. ඇය වාමන ගැහැනියක් හෙවත් ඉතා කුඩා ශරීරයක් ඇති ගැහැනියක්. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී. ඉන්දියන් ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101යි. එහෙත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113ක් බවයි.ගිනස් ලෝක වාර්තා පොතට අනුව ලොව වියපත්ව වාමන මනුෂ්‍යයා වන්නේ ලොවෙල් ඩෙෆොරස්ට් මේසන් (Lowell De forest Mason). ...
හිතට වදින කතාවක් Prabuge මේ පුංචි කතාවෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.ඔයාලම කියවල බලන්නකෝ මේ කතාව කොයිතරම් අත්තද කියලා.
වකුගඩුවලට හිතකර ආහාර Prabuge ආයුර්වේද වෛද්‍ය ක්රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, තඹ, ගෙන්දගම්, පල්මානික්කන්, විවිධ රත්නවර්ග, නවරත්න, ඛනිජ වර්ග හා කණේරු, නියඟලා, වච්චනාවි, වැනි විෂ සහිත පැලෑටි වර්ග උපයෝගී කරගෙනය. මේ සෑම ද්‍රව්‍යයක්ම, ශෝධන හා මාරණ යන නමින් ක්‍රම දෙකකම ඒවායේ ඇති විෂ අයින් කරනු ලැබේ. එවිට ඒවා අමෘතය ...
උපන් ලප හෙළි කරන රහස්.... Prabuge උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක් අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි.උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්රකාශනය වන ක්‍රමයක් ලෙසද මතයක් පවතී. උපන් ලප හෙළිකරන රහස් පිළිබඳ අද අපි ...
මේක තමයි අපේ වෙනස..... Prabuge ඔන්න ඉතින් මගේ දෙවෙනි වැඩේ තමයි මේක.කොකා කෝලා ලිපියට නම් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා.කොහොම උණත් ලිපියක් විදියට මේක සාර්ථකද කියලා ඔයාලම කියවල බලන්නකෝ.හොඳ නරක ගැනත් කියන්න අමතක කරන්න එපා.ඔයාලගේ අදහස් මාව ගොඩාක් දිරිමත් කරනවා.හොඳ වගේම නරකත් කියන්න.මට හදාගන්න.ඒක ඊළඟ ලිපිය ලියනකොට මට ශක්තියක් වේවි. මේ පහතින් තියන ලින්ක් එකෙන් ගියාම හොදට ලිපිය කියවන්න පුළුවන් ඔයාලට...http://www.dinamina.lk/epaper/art.asp?id=2012/08/23/pg29_0&pt=p&h= http://www.dinamina.lk/epaper/?id=29&tday=2012/08/23 ...
ඇස්ට්‍රා මාගරින් කන්නේ බලාගෙනයි Prabuge මේ තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක්.ඔයාලම කියවල බලන්නකෝ අපි ළමයින්ට දෙන්නේ නොදැනුවත්වම වස නේද.මේක කියවල ළමයින්ට ඇස්ට්‍රා දෙනකොට දෙපාරක් හිතල බලන්න. ...