ආයෙමත් නියඟලා පිපිලා.. සඳ නැති සඳ (කලකට පසු ගෙදර ආ විට වැස්සෙන් පණ ලබා ලියලා ඇති වැට දිගේ තැනින් තැන පිපී ඇති නියඟලා මල් දුටු විට ඔබව සිහියට නැඟුනි)නියඟලා පිපිලා,අකල් වැස්සෙන් පන ලබාතිබුනාටත් වඩා රතුවටආයෙමත් නියඟලා පිපිලා..අර තරම් දරුණු නියගයකට හසුවපාට පිච්චී,පෙති හැලී ඇද වැටුණු,සිප ගන්නට පොළොවක් ද අහිමි වූ..ඒත්..හරිම පුදුමයිතිබුනාටත් වඩා රතුවට,නියඟලා පිපීහිනැහෙයි..පිච්ච මල් වාගේ සුවඳ නැති බව නම් හැබැයි,ඒ වුනත්නියඟලා මල දබුදු පුදට අකැප ...
අද කාලේ ඉගෙන ගත්තේ නැතුවට හොඳ job එකක් කරන්න බැරි කමක් නෑ.... සඳ නැති සඳ ලොකු දුව පාසල් ඇරී ගෙදර ආවා ය.වෙනදා මෙන් නොව අද නම් ඇගේ හැසිරීම නම් ටිකක් අමුතු බව මට නිකමට වගේ සිතුනි.ආ වෙලේ පටන් එහාට මෙහාට ඇවිදිනවා ය.එක එක තැන් වලට වී බරටම කල්පනා කරනවා ය.කන්නාඩිය ඉස්සරහට වී ශරීරය දෙස බලාගත් වනම බලා සිටිනවා ය.උදෑසන "අඹ සෙවණේ" යොවුන් දියණිවරුන් සිටින මව් වරුන්ට දුන් උපදෙස් සිහිපත් කරගත් මම ඇය අසලට ගොස් ආදරයෙන් ...
සරසවි කුරුටු ගී සඳ නැති සඳ මට මතකයි අදට හරියටම අවුරුද්දකුයි මාස පහකුයි දවස දෙකකට කලින්,ඒ කියන්නේ 2011 ජුනි 22 වෙනිදා මම මූණු පොතේ මේ විදිහට සටහනක් ටයිප් කළා."J'pura..my sweet dream..I got my letter today...:))"එදා තමයි අවුරුදු දෙකක මහන්සිය ඵල දරලා මම තේරෙන කාලේ ඉඳං දැක්ක හීනේ හැබෑ වුනා කියන සුබ පණිවිඩේ ගත්ත ලියුම ආවේ.සරසවි වරම් ලබා ගැනීම බහුතරයක් පාසල් සිසුන්ගේ හීනයක්............අපේ රටේ සරසවි අතරින් ජ'පුර ...
මලාලා ශ්‍රී ලාංකිකයෙක් වූවා නම්... සඳ නැති සඳ මලාලා යුසෆියා නම් පුංචි කෙල්ල අපේ කාලයේ වීරවරියකි.අයුක්තියට,අසාධාරණයට එරෙහිව නැගී සිටීමට වයසවත් ගැහැණුකමවත් බාධාවක් නොවන බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූ ඇය කොතරම් දේවල් සිදුවුවද බොරුවට නිදාගෙන සිටින අපේ රටේ බහුතරයකට මහඟු ආදර්ශයක් මෙන්ම පවත්නා ලෝකය වඩා යහපත් ස්ථානයක් ස්ථානයක් කිරීමට සුළුවෙන් හෝ සිහින දකින පිරිසකට මහඟු උත්තේජනයක් ද සැපයූවා ය.පාකිස්තානයේ තලේබාන්වරුන්ට එරෙහිව හඬ නැගීමේ වරදට වෙඩි කන්නට වූ මලාලාගේ ජීවිතය ...
තාත්තා සහ SMS සඳ නැති සඳ පුතාලා වැඩිපුරම ආදරේ අම්මාට යැයි ද දෝණිලා වැඩිපුර ආදරේ තාත්තලාට යැයි ද කියා ඉස්සර කාලේ ඉඳන්ම එක එක්කෙනා කියන්නෝ ය.ඒ කතාවේ ඇත්තකුත් ඇතැයි කියා මට ද සිතෙන්නේ ය.මොකද කියන්නේ නම් මම ද අම්මාට ද පණ ඇර ආදරය කලත් ඊට වඩා අඩු තරමින් දශම බාගයක,කාලක හෝ ආදරයක් තාත්තා කෙරෙහි මගේ සිත තුල පවතිනවා යැයි මටම සිතෙන නිසා ය.අපේ ගෙදරට මුලින්ම දුරකතනයක් ...
ප්රභාකරන් අයියා වෙතටයි.. සඳ නැති සඳ සෙත් වේවා..!!ඉතින් අයියේ,අයියාගේ සැප දුක් කෙසේද..?? අයියා කොහේ හිටියත් මෙහේ වෙන ඒවා පෙනෙනවා නම් මෙහේ හිටියාට වඩා සතුටින් ඉන්නවා ඇතැයි අපිට සිතෙන්නේ ය.අපිට මේ දවස්වල අයියාව නිතර දෙවේලේ මතක් වෙනවා ය.තකහනියේ ලිපියක් ලියන්නට හිතුනේ එබැවින් ය.අයියා අර කොහේවත් නැති මාවිල් ආරුවක් වසා දමා ඉල්ලන් කෑවේ බොරුවට ය.තව ටිකක් දවස් ඉවසන් හිටියානම් සිංහල අයගේ ද සහාය ඇතුවම අයියාට ඊලම ද මොකක්ද ...
පිච්ච මල - හිත නිවෙන්න..!! සඳ නැති සඳ අපි ජීවත් වෙන්නේ හිත නිවෙන දේවල් වලට වඩා හිත තැවෙන,දූෂණය වෙන දේවල් අහන දකින ලෝකෙක.ඔයා,මම අපි වැඩි දෙනෙක් වැඩිහරියක් දුවන්නේ නිස්සාර දේවල් පස්සේ.ඒවා පස්සේ දුවලා ඇදගෙන වැටිලා හිත හොඳටම රිදුන වෙලාවලට අපි කියනවා "මේ හැමදෙයක් ම මායාවක්" කියලා.ඒ වුනාට හිත ටිකක් හරි ගිය ගමන් ආයෙම අර නිස්සාර දේවල් පස්සෙම දුවනවා.ආයේ හිත රිදුනම අර විදිහට හිතනවා.අපිට යමක් ඉෂ්ට කරගන්න බාරයක් වෙන්න ...
නූතන දේශප්‍රේමියෙකුගේ කවිය. සඳ නැති සඳ හිරිහැරයක් ය මේ හදවත,"සැළලිහිණියා" ගයන "ස්වාධීන" ගායනාවෙනස් අයුරින් දැනෙන,දකින අසන දෑ ගැනනිරතුරුවම නොහොඹිනා තර්ක ගෙනෙනාදේශද්රෝහී හදවතකි මෙය.ඉතින්,පපු කුහරයට අත දමා,උල් නියවලින් ග්‍රහණය කර,නහර වැල් වලින් වෙන්කර,ශරීරයෙන් පිටතට ගත්තෙමිමළඉලව් හදවත..තවම ලබ් ඩබ් හඬින් ගැහෙන නිසාඅනතුරුව,මාගම්පුර වරායේකරදියෙහි ගිල්වා හුස්ම හිර කොට,ලක්විජය බලාගාරයේ ගල අඟුරු දුමට අල්ලා කර කොට,නෙළුම් පොකුණේ රුව තිබූපත්තර කොළයකින් ඔතා,දක්ෂිණ අධිවේගී මාර්ගය අසලවලක් කපා වල දැම්මෙමි.දැන් "දේශප්‍රේමී " පුරවැසියෙක් ...
වැලිඔයට ආ නංගිලා. සඳ නැති සඳ ගෑනු ළමයි, පොඩි දේත් මහා ලොකුවට හිතට ගන්න.පොඩි දේටත් ඇස් වල කඳුළු පුරවගන්න (පිරිමි ළමයි කියන හැටියට නම් හැම එකටම ටැප් එක ඇර ගන්න) හැකරැල්ලෙක් වගේ පොඩි සතෙක් කකුල් දෙක ළඟ දැක්කොත් මහා හයියෙන් කෑ ගහන,පොඩි සද්දයකටත් ලොකුවට බය වෙන ජාතියක්.සමහරු නම් කෙල්ලොන්ගේ හරි ඇඩ් එක කියල කියන්නෙත් එක නේ.එහෙව් කෙල්ලෝ තුවක්කු අතේ තියාගෙන අනිත්ගෑනු ළමයි ලස්සනට හදාගන්න උත්සහ කරන ...
විකුණුන කඳුළු කැට හෙවත් අහිංසකයන්ගේ ආරාමය සඳ නැති සඳ " සූරියකන්ද ගම,විමලාවතී නම,අවුරුදු හතළිහයි,ගොවිතැන රැකියාවයි,පැමිණිල්ලක් කරන්නටයි හනිකට ආවේආගිය අතක් නෑ..මගේ කොළු පැටියා..හොයලා දෙන්න පොලිසියේ හාමුදුරුවනේ..කපලා කෙස් කොටට හිස පීරා වමටඇඳලා ගියේ පාසල් ඇඳුමයි උදයේ..වැඳලා කියමි පොලිසියේ හාමුදුරුවනේ.සොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..දන්නා කියන හතුරෙක් නම් නෑ අපටසන්නාසියෙක් අල්ලාගෙන ගියාවදවැඳලා කියමි පොලීසියේ හාමුදුරුවනේසොයලා දෙන්න මගේ අසරණ කොළු පැටියා..තොරතුරු අසන්නට ගිය මුත් පාසලටගස් ගල් වෙලා ගුරුවරු ගොළු වී හිටියාඅහලා බලන්නේ ...
බැලුම්ගලට ගලක් සඳ නැති සඳ බැලුම්ගලක් මුදුනට නැ0ගම වටේ පිටේ හැමදේම පේනවා. ස්වාභාවිකත්වයෙන් පරිපූර්ණ අපේ රටේ බැලුම්ගල් ගොඩක් තිබුනට දැන් ඕවට නැගල වටේ පිටේ වෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න අවදානමක් තියෙනවනම් අනිත් අයවත් දැනුවත් කරන්න තරම් වෙලාවක් අපිට නෑ.එහෙම තිබුනත් අපි ඒක කරන්නෙත් නෑ.අන්තිමට වෙන්නේ මේ සමාජයේ අනිත් අය විතරක් නෙවේ අපි අපිත් වල්මත් වෙන එක.ඒ වුනාට දැන් අපිට එහෙම බැලුම්ගලක් තියෙනවා.තියෙන්නේ රේඩියෝ අවකාශයේ.සතියේ දවස්වල ...
බණ්ඩේ මාමා ගේ හා ගොන්දු මාමා ගේ අපා සවාරිය - 2 සඳ නැති සඳ මෙතෙක් කතාව :සුදු බණ්ඩා මාමා එක පාරට අපාගස්ථ වෙයි.ඒ සෝකය දරා ගැනීමට නොහැකි වූ ගොන්දු මාමා ද එම චිතකයටම පැන දැවී අළුවී යයි.අනතුරුව අපායට සම්ප්‍රාප්ත වන මේ දෙපල අභියෝගතා පරීක්ෂණයකට ලිවීමෙන් අනතුරුව ඊළඟ දඬුවමට මුහුණ දීමට සූදානම් වෙයි.කෙටි කතාව එහෙම ය.සම්පූර්ණ කතාව මෙහෙම ය.එතැන් සිට..."කෝ මේ ජයා..මී ජයෝ මේකලා දෙන්නව අරන් ගිහින් අර වංකගිරියට අතහැර එනු..""යහපති යමරජ තුමනි""දැන් තොපි දෙන්නම ...
බණ්ඩේ මාමා ගේ ගොන්දු මාමාගේ අපා සවාරිය... 1 සඳ නැති සඳ ඉතින් අවසානයේ සුදු බණ්ඩේ මාමා මළේය.සමහරක් නොසන්ඩාල කැම්පස් කොල්ලන් කෙල්ලන්,උසස් පෙළ ලියූ කොල්ලන් කෙල්ලන් හා උන්ගේ දෙමාපියන් කියන විදිහට නම් සුදු බණ්ඩේ ට වැදුනේ උන්දලාගේ සාපයන් ය.එහෙත් එය පට්ටපල් බොරුවක් බව මහරාළ විසින් මරණය සිදුවූ විගස පත් කල පංච පුද්ගල කමිටු වාර්තාව මඟින් අනාවරණය විය.සිදු වී ඇත්තේ අන් කිසිවක් නොව සරසවි ආචාර්ය වරුන්ගේ අරගලය නිසා සමස්ථ සරසවි ශිෂ්‍ය ප්‍රජාවට සිදුවන ...
මනමේ,සිංහබාහු ගැන නොදත් කතාවක්. සඳ නැති සඳ ඔයාලා හැමෝම දන්නවනේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා ගැන.මනමේ,සිංහබාහු,ලෝමහංස,මහාසාර,රත්තරන් වගේ වටිනා කියන නාට්‍ය කන්දරාවක් වගේම සිංහල නවකතාවේ අමතක කරන්න බැරි චරිත දෙකක් වන දෙවොන්දරෝ සං හා නොරිකෝ සං නිර්මාණය කල ඒ වගේම "ධර්මිෂ්ට සමාජය" පොත ලිව්වා කියලා ඒ කාලේ ආණ්ඩුවේ මැරයන්ගෙන් ගුටි කාපු මහාචාර්ය තුමා..එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් කියලත් ඔයාල දන්නවනේ.ඉතින් මේ කාලේ,ඒ කියන්නේ 1956 දවසක එතුමා විශ්ව විද්‍යාලයේ ඉඳං ...
නිලූක - කාට නැතත් උඹ අපට ආඩම්බරයක් අයියේ..!!! සඳ නැති සඳ ලංකාවේ අපිට සතුටු වෙන්න කියල අද වෙනකොට ඉතුරු වෙලා තියෙන්නේ මොනවද..?? මොනවත් නෑ.අපිට මොනාද කියන්න පුළුවන් අපේ රට ගැන,අපේ රටේ අධ්‍යාපනය සුපිරි කියන්නද?අපේ රටේ නීතිය හැමෝටම සමව ක්‍රියාත්මක වෙනවා කියල කියන්නද? අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා කියලා කියන්නද? අපේ රටේ තරුණියන්ට විතරක් නෙවේ තරුණයෙක්ටවත් ආරක්ෂාවක් ඇතුව පාරක බැහැලා යන්න පුළුවන් කියලා කියන්න පුලුවන්ද? බෑ..එදා වගේ තවමත් අපි අර රජතුමා ...
සුද්ද සිංහල - කුණුහරුපයක් හෙම නොවේ.. සඳ නැති සඳ මම මේක දැක්කේ මූණු පොතේ සැරිසරනකොට..ඒ වෙලාවේ මට හිතුනා මේක බ්ලොග් එකේ දාලා ඔයාලටත් කියවන්න දෙන්න ඕනි කියලා.බලාගෙන යනකොට සුද්ද සිංහල කියන දේ අපි තේරුම් අරන් තියෙන්නේ වැරදි විදිහටනේ නේද...??එහෙනම් ඔන්න කියවන්නකෝ.තේරුම තියනවා පහල..ඇත්තෝ කති බොති සුකතිනැත්තෝ සුත්ත පිට පෙරලා බලති.එබැවින් හෙළුව වනන්නෝ පකට පුඟුලෝය |||||||||||||||||||||ඇති අය (මිල මුදල්) කති,බොති,සුව පහසුව වාසය කරති.නැති අය සූත්‍ර පිටකය පෙරලා බලති.එම නිසා නියම ...
නිමාව... සඳ නැති සඳ මම ඈත බලා හිඳිමි.වලාකුළු රහිත ආකාශය හරියටම මගේ හිත වගේ හිස්..!!!!......!!!!!!වෙනදා වගේම සියුම් රැල්ලක් දිව විත් ඔබේත් මගේත් දෙපා අතර දැවටෙයි.වෙනදා වගේම හිරු රැස් ඔබේත් මගේත් ගත සිප ගනියි.වෙනදා වගේමයි.එසේනම් වෙනදා නොදැනුනු දැඩි උණුසුමක් මගේ සම පමණක් නොව ඇට මිඳුළු පසාරු කරමින් විනිවිඳීන්නේ කෙසේද?වෙනදා නොතිබුණ නිහැඬියාවක් අප දෙදෙනා අතරට පැමිණියේ කෙසේද...???“ඉතින්....”ඔබේ හඬ මහා සයුරේ හෝ හඬ සමග දැවටී ඇත.මම වටහා ...
කෙල්ලන් බාගෙට ඇඳන් යාම හා ස්ත්‍රී දූෂණ.. සඳ නැති සඳ ECP පෝස්ට් එකෙන් පසු මේ මාසයට නැවත පෝස්ට් නොලියන්නෙමි යැයි තීරණය කර සිටි මට ඒ අදහස වෙනස් කරගන්නට වූයේ දැන් ස්වල්ප වෙලාවකට පෙර මූණු පොතේ ජායාරූපයක් ලෙස සංසරණය වූ අදහසක් දැකීමෙනි.මෙය කියවන ඔබද බොහෝ විට එම පින්තූරය දැක ඇතුවා විය හැක.සමහර විට මේ කියවන ඔබද එය තමන්ගේ වෝල් වලට එක්කරගෙන සමස්ත යුවතියන්ටම වේසියෝ,හු**යෝ ද ඇතුළුව නා නා ප්‍රකාර නම් වලින් ...
ECP - හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගන්නේ කෙසේද...?? සඳ නැති සඳ සාමාන්‍ය දැනීම කියලා අපි හිතාගෙන ඉන්නේ මොන වගේ දේවල් ගැනද?ලෝකේ ලොකුම කන්ද,ලෝකේ ලොකුම රට,ලෝකේ ලොකුම දිය ඇල්ල...??ඔව්,මේවත් සාමාන්‍ය දැනීම තමයි.මේවත් දැනගෙන ඉන්න ඕනි.ඒත් අපේ එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් අපි දැනගතයුතුම දේවල් වලින් අපි දන්නේ කොච්චර ප්‍රමාණයක්ද...??මම අද කියන්නේ යන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන.කලින් දාපු තැලසීමියා පෝස්ට් එක වගේම මේ පෝස්ට් එක ලියන්නත් මම කරුණු හොයාගත්තේ හිමන්ෂි උත්පලා හේමචන්ද්‍ර අක්කාගෙන්.ඉතින් අක්කට ...
පෙර කල කරුම..! සඳ නැති සඳ “මේකනම් මහා කරුමයක්” “පෙර කරපු කරුම තමා ඉතින්” මේ නිතර දෙවේලේ අපිට ඇහෙන ඒ වගේම අපිට වුනත් දුකක් කරදරයක් වුනාම,ඒ වගේම වෙන කෙනෙකුගේ දුකක් දැක්කම අපිටත් නොදැනීම කියවෙන දේවල්.ඇත්තටම ඇයි අපි එහෙම කියන්නේ?අපි හිතනවා,පිලිගන්නවා අපට මේ ජීවිතයේදී විඳින්න වෙන සමහර දේවල් ඒ ව්දිහට සිද්ධ වෙන්නේ අපි පෙර භවයන් වල කියපු කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදිහට කියලා.ඉතින් මම අද ඔයාලට කියන්න ...