අතීතයේ මා පෙම්බැඳි ලියන්ටයි......!!! සඳ නැති සඳ මේ කියන්න යන්නේ ගීතයක් ගැන. දුකෙන් ඉන්න වෙලාවක මගේ හිත සුවපත් කරන්න සමත් වුන ගීතයක් ගැන. ගායනය වගේම සංගීතය අපි කොයි කවුරුත් හොඳට දන්නා කියන කස්සා හෙවත් කසුන් කල්හාර ගේ. පද රචනය ඔහුගේ සුපිරි ගීත රාශියක් සඳහා පෑනෙන් සහය වුන චාමින්ද රත්නසූරිය ගේ.ඔබ ආදරය කරලා තියෙනවද? අනිවාර්යයෙන්ම ඔව් නේද..? එතකොට ආදරයත් එක්කම එන විරහ වේදනාව..?? එකටත් අනිවාර්යෙන්ම ඔව් කියන පිළිතුර ...
තම්බිලා වෙත ආදරයෙනි...!! සඳ නැති සඳ උඹලාගෙන් බහුතරයක් කතා කරන්නේ දෙමළ.ඒත් උඹලා ප්රභාකරන් වගේ දෙමළ කතා කරන උන් ට වෙනම රටක් ඉල්ලුවේ නෑ.ඒ වෙනුවෙන් යුද්ධ කරන්න ගියෙත් නෑ.කොටින්ම උඹලා ප්රභාකරන් ට කිසිම සහයෝගයක් දුන්නේ නෑ.ඒ නිසා උඹලට උතුරු පලාතෙන් යන්න වුනා.උඹලගේ මිනිස්සු ගණනාවකගේ ජීවිත නැති වෙනවා බලාගෙන ඉන්න වුනා.ඒත් ත්රස්තවාදයට සහයෝගයක් උඹලා දුන්නේ නෑ.ඒ වෙනුවට තුවාන් නිසාම් මුතාලිෆ් වගේ "හම්බයෝ" ත්රස්තවාදීන්ට විරුද්ධව සටන් කරලා ජීවිත පූජා ...
පෙම්බර අර්ජුන මාමියා වෙතටයි..!! සඳ නැති සඳ බලාගෙන යනකොට මාමියා තරම් සිරා පොරක් ලොවෙත් නැත්තේ ය.ලොවි ගහෙත් නැත්තේ ය.මේ රටේ සිටින මුදලට නොවිකුනුණ එකම ක්‍රීඩකයා වන්නේ මාමියා ය.ඒ කාලේ අද තරම් මාමිලාට පෙනී සිටින්නට ඇඩ් නොතිබුන එකත් දැන් මේ ඇඩ් නැගලා යන කාලයේ මාමියා ක්‍රීඩා නොකිරීමත් නම් වෙනම කතාවල් දෙකක් ය.එහෙම නොවුනානම් ඉතින් අනේ මන්දා ය.ඒ කෙසේ වෙතත් 96 මාමියා ඇතුළු කණ්ඩායම බොක්කෙන් ම සෙල්ලම් කළෝ ය.ඒ ...
"නම මොහොමඩ් කියල නේද කිවේ..?" "නෑ නෑ.මොහොමඩ් නෙවේ මෙන්ඩිස්." සඳ නැති සඳ මේ වනාහී කෑලි කැපෙනා ඝන කළුවරකින් යුතු වූ රාත්‍රී ජාමය යි. එක් පසෙකින් ඇඟ ලේ හිරිවට්ටන සුළු රැහැයියන්ගේ නාදය යි. අනෙක් පසින් කිසියම් රහසක් කොඳුරන්නාක් මෙන් ගස් වල හැපී දිව එන මද පවන යි.මෙවන් රාත්‍රී කාලයන් වඩා උචිත වන්නේ ඉහින් කනින් පොරවාගෙන වකුටු වී නිදාගැනීමට වුවත් අද දින නම් නින්ද මා අසලට එන ලකුණකුදු පෙනෙන්නට නැත.නෙත් පියාගන්නා වාරයක් වාරයක් පාසා ...
ලෝක තරුණ සමුළුව - WCY 2014 සඳ නැති සඳ මේ කියන්න යන කතාවේ පලවෙනි කොටස අපේ නාඩියා ලියලා තිබුනා.ඒ post එක මෙතනින් ගිහින් බලන්න පුළුවන්.ඔය නාඩියාට වගේ volunteering කිව ගමන් එතෙන්ට ඇදිලා යන සිරිතක් මටත් තියෙනවා.ඒ නිසා මේ පාර ලෝක තරුණ සමුළුවට volunteers ලා ගන්නවා කියලා ආරංචි වුන ගමන්ම මාත් එතෙන්ට ගියා.මම වැඩ කලේ crowd control team එකේ සාමාජිකයෙක් විදිහට.සමාරම්භක උළෙල තිබුනේ හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේ.සමුළුවට සහභාගී ...
ප්‍රේමය ම ආත්මය කොට ගත් ඇය හෙවත් මගේ අම්මා.. සඳ නැති සඳ එදවස,සීතලම සීතල දෙසැම්බරයේ දර සොයාගන්නත් අපහසු කාලයකවිදුලිය නොතිබූ කුස්සියේ ලිප මත වතුර මුට්ටියක් තබා උණු කොටමාරුවෙන් මාරුවට, අයියාත්,තාත්තාත්,මාත් උණු දියෙන් නහවා ඊට පසුහීත ජලයෙන් ගත දොවාගැහි ගැහි ගෙට ආමහාමායා ඇය..අලුත් අවුරුදු සමයේඇඳුම් ගන්නට සාප්පු ගානේ යන කලඅපට ගැලපෙන ඇඳුම් පමණක්තෝර තෝරා මිලදී ගන්නාකොයි තරම් ඇවිටිලි කලත්තමන්ට කියා එකදු ඇඳුමක් නොගන්නාසිරි කතම වෙයි ඇය..මා 10 වසරේ උගනිමින් ඉන්නා විටතාත්තා ද අසනීපව ...
ඇවිල්ලා ඇවිල්ලා කැම්පස් සින්ඩියක් ඇවිල්ලා.. සඳ නැති සඳ උසස් පෙළ ලියල කැම්පස් යනවා කියන එක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වගේම එයාලගේ දෙමව්පියන්ගෙත් හිත් වල තියෙන ලොකු හීනයක්.හැබැයි තත්වය එහෙම තිබුනට කැම්පස් එකක කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කියල කිව්වම ඒ කෙනා දීලා වපර ඇහින් බලන පිරිසකුත් සමාජය ඇතුලේ ඉන්නවා.එයාලගේ හිත් වල තියෙන්නේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කියන්නේ ජෙප්පොන්ට කඩේ යන,හැම අටමඟලකටම බෝඩ් ලෑලි උස්සගෙන කෑ කෝ ගහන,පෙළපාලි යන පිරිසක් හැටියට.මේකට ප්‍රධානම හේතුව ...
උඹට පිස්සු ජෙයපාලන්. සඳ නැති සඳ අනේ මන්දා ජෙයපාලන්ඇත්තටම උඹට පිස්සු ද ගිය තැනක ගිය විදිහට ඉන්නේ නැතුවඅහවල් රෙද්දකට මෙහෙට ආවද..??මැරුණ උන් මැරුණාඅම්ම වුනත් තාත්ත වුනත් කවුරු වුනත්මැරුණ උන් මැරිලා ඉවරයි.උඹ සොහොන ලඟට ගියා කියලමොකද උන් ආපහු නැගිටිනවද..??අපිට මේ පිටරටකටපැනගන්න බැරුව ඉන්නවාඋඹ පිටරටක ඉඳලත්ආපහු එනවා.අනේ මන්දා බංඋඹට මොලේ අමාරුවක් එහෙම තියෙනවද?ගිලෙන්න ආවමනැවක ඉන්න මීයොත් පනිනවා මුහුදටඑහෙව් එකේගොඩබිමක ඉඳලාගිලෙන නැවක් ඇතුලට එන එකාටපිස්සෙක් නොකිය වෙන මොනවා කියන්නද ...
ඒ දැනෙන ලේ පුසුඹ....!!! සඳ නැති සඳ මේ නොවැම්බරයේ ප්‍රථම වැස්සයි ;පලාගෙන අහස,ඇද හැලෙන විටදොඹ ගෙඩි තරම් ලොකු වැහි බින්දු,ඇඳ සිටින ස්වීටරය ගලවාසීතලේ ගැහෙමින්,අම්මාගේ නෙක විද ඇනුම් බැනුම් ද නොතකාමිදුලට බැස,නෙත් තදින් පියාගෙන,දෑත් විහිදවමි දෙපසට.කම්මුල් කපාගෙනඇදී එන ජල ධාරාවේදැනෙන්නේ කඳුළු රස..අවියෙන් මෙන්ම බූට් සපත්තුවෙන්දවනසන්නට නොහැකි වූ හඬවල් රැසක් මුමුණ මුමුණා හමාවිත් ඇඟේ හැප්පෙයි,දෙකන් පතුලට වදිනනොවැම්බරයේ සීතලම සීතල සුළඟට ඉව කරමිදැනෙන්නේ ලේ පුසුඹ...විරුවන්ගේ ලැම පොහොර වී,ඔවුන් සැතපෙන වලවල් ...
මගේ වරදට සමාව දෙනවා නේද අයියේහ්..?? (මානවකට පිළිතුරක්) සඳ නැති සඳ රංග අයියාගේ ලිපියආදරණීය රංග අයියා වෙතටයිඅනේ අයියෙ මට ඔයා එවපු ලියුමේ තිබුන දේවල් අදහගන්නවත් බෑ.මගේ හිත හත් කඩකට ටිකක් අඩුවෙන් පැලී ගියාද මන්දා.මට තේරෙනවා අයියගේ හිතේ තියෙන වේදනාව.අයිය මට කැමති වුනේ මගේ ඉස්කෝලෙට තියෙන තැන නිසාවත් තමන් යාලු වෙලා ඉන්නේ "විශාකා එකේ" කෙල්ලෙක් එක්ක කියල යාළුවො එක්ක කියවන්නවත් නෙවෙයි කියල මම දන්නවා මගේ ඉස්කෝලේ නම නිසා.විශාකා කියන්නේ බුදු සසුනේ අග්‍ර ...
තාත්තේ..මම හැමදාම ආදරෙයි....!!! සඳ නැති සඳ තාත්තා ගැන කීමට බොහෝ දේ ඇතත් ඒ සියල්ල අකුරු කිරීමට මට හැකියාවක් නොමැත.ඒ බොහෝ දේ ඇත්තේ හදවතේ තැන්පත් වූ හැඟීමක් ලෙසින් වන නිසා ය.මා සාමාන්‍ය පෙළ විභාගය ලියන තෙක්ම අප ජීවත් වූවේ ආණමඩුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක ය.විදුලිය ජල පහසුකම් කිසිවක් එහි නොවී ය.හැමදාම හවසට කලගෙඩි දෙකක් පාපැදියේ තබා ගන්නා තාත්තා කිලෝමීටරයක් දෙකක් පමණ දුර ගෙවා ගමේ නල ලිඳ කරා ගොස් ...
ටෙම්පල් ට්‍රී චැට් සඳ නැති සඳ "මේ ඔයා නිදි ද..??"ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපතිතුමාගෙන් ඇසුවා ය.එතුමාගෙන් පිළිතුරක් නොමැති තැන හැරී බැලූ ඇයට දකින්නට ලැබුනේ යහනේ අනිත් පසට හැරී කොට්ටයක් ද තුරුළු කරගෙන සුවසේ නිදන ජනාධිපතිතුමා ය. "මේ මනුස්සයෝ නැගිටිනවා.."ඔලුවට නැඟ ආ කේන්තිය වාවාගත නොහැකි වූ තැන ශිරන්ති රාජපක්ෂ මැතිණිය ජනාධිපති තුමාගේ දෙවුරින් අල්ලා හොලවන්නට පටන් ගත්තා ය."ඇයි ඇයි..මොකද වුනේ..? හොරු ඇවිල්ලද..?"ජනාධිපතිතුමා නිදිගැට කඩන්නට පටන් ගත්තේ ය.රාජපක්ෂ මැතිණිය ...
මේ ඩේ ස්පෙෂල්..!! අපි නිදහසේ ආදරය කරමු ද..?? සඳ නැති සඳ "අපේ කාලේ නම් මෙහෙම නෑ.අද කාලේ එවුන් ට මගුල් විසේ ඉහට ගහල"මේ දවස්වල අපේ වැඩිහිටි පරම්පරාවේ අය නිතරම කියන දෙයක් තමා මේ.ඇත්තටම ඒ කාලේ පරම්පරාව මාර හොඳයි ද..? අපේ කාලේ පරම්පරාව මාර නරකයි ද..?ඒ කාලේ හිටියේ ශුද්ධවන්තයෝ ද..??ටිකක් හිතල බලමු.ඇත්තටම අද කාලේ කොල්ලෙක් ට කෙල්ලෙක් ගේ අතින් අල්ලාගෙන පාරේ බැහැල යන්න පුලුවන්ද..?මොන පිස්සු ද වටේ පිටේ ඉන්න වැඩිහිටියෝ උන් දෙන්න ...
උඹ නැතිව මම...... සඳ නැති සඳ ~වර්තමානය~" උඹ මගේ හොඳම යාලුවා වෙලත් ඇයි..ඇයි බං මට මෙහෙම කලේ..??මම හිතුවේ ඒකි මහා පාරේ දෙනෝ දාහක් සෙනඟ මැද මට කෑගහයි කියල.නෑ..ඒ කටහඬේ තිබුනේ තරහක් නෙවේ මහා දුකක්.අපි ගොඩක් විශ්වාස කරන කෙනෙක් අපිට ද්‍රෝහී වෙලා කියල දැන ගත්තම අපිට ඇති වෙන හැඟීම මොකක්ද..??අන්න ඒ දේ ඒකිගේ කටහඬේ විතරක් නෙවේ මූණෙත් අඩුවක් නැතිවම තැවරිලා."මං..මං.."මම මොනා කියන්නද..?? කොහොමත් මම වැරදිකාරයෙක්.නිදහසට කරුණු කියන්න ...
කෙල්ලෙක් ගේ වටිනාම දේ මොකක්ද...?? සඳ නැති සඳ ඒ මාර ප්‍රශ්නයක්..ගෑල් ළමයෙක් ඉපදුන දා ඉඳං ම පරිස්සම් කරන්නේ මොකෝ..??ඒකි පිරිමි ළමයෙක් ට වඩා දුර්වල නිසා ද..??නැත්නම් පිරිමි ළමයිට තරම් උන් ට මොලේ නැද්ද..??ඇත්තටම මොකෝ..??නෑ ඕයි..ඒ මොන බොරු කතා දඒ මොකක්වත් නිසා නෙවේ.උන් ට තියෙනවලු නේද අර කන්‍යා පටලේ ද මොකක්ද එකක්..??ඒකලු උන්ට තියෙන වටිනාම දේ.අර ආත්මීය නවකතා වලත් තියෙන්නේ"මම මගේ වටිනාම දේ එයාට දුන්න" කියල.බැරි වෙලා හරි ඕක ...
අර සේනා මේ සේනා හා අපි. සඳ නැති සඳ පූර්විකාවවිශ්වවිද්යාලයේ සංගමයක් මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවද ඇතුළුව තවත් රටවල් 8 කගේ සහභාගිත්වයෙන් හැඩ ගැන්වුන සංස්කෘතික උළෙලක් පසුගිය දා පැවැත්විණි.විශේෂත්වය වූවේ "මිහිඳු මෙත් සෙවනේ" වාසය කරන ආබාධිත රණවිරු සොයුරන් පිරිසක් ද මෙයට ආරාධනා ලැබ සිටීමයි.මා සිතනා අන්දමට ඔවුන් ගෙන් බහුතරය එනම් 80% පමණ අවුරුදු 30 ට අඩු හිරිමල් යෞවනයන් ය.ඔවුන්ගෙන් ඇතැමෙකුට දෑස් පෙනීම අහිමි ය.සමහරුන් ගේ දෙපා සිදී ගොසිනි.දෑත් ...
ලස්සන වසිලිස්සා හෙවත් මගෙ සුට්ටි කාලේ සඳ නැති සඳ පුංචි කාලේ කියන්නේ හැමෝගෙම ආදරේ මැද්දේ කාලේ ගෙවන බොහොම සුන්දර වකවානුවක් නේ.ඒ කාලේ වෙච්ච හැමදේම මතක නැතුවට ලස්සන ළමා කාලයක් මටත් තිබුන කියල මතකයි.ඔය කාලේ මතක් වෙනකොට කිසිම ආයාසයක් නැතුව මතක් වෙන දෙයක් තමා "ලස්සන වසිලිස්සා" කියන්නේ.නම කිව්වම එයා කවුද කියල අමුතුවෙන් හඳුන්වලා දෙන්න වෙන එකක් නෑ කියල මම හිතනවා.ඒ පොතේ පිටු අස්සේ තියෙන්නේ මගෙ සුට්ටි කාලේ.හවසට තාත්තගේ ඔඩොක්කුවට පැනල ...
එන්න..අපි ඇය දෙසත් බලමු..!! සඳ නැති සඳ ජිවිතේ අපි හැමෝටම ලස්සන හීන තියනවා.... තාවකාලික ජිවිතේ අපි කරන කියන දේවල් වලින් අන්තිමේ අපිට ඉතිරි වෙන්නේ අපි අනිත් අය වෙනුවෙන් කරන දේවල් විතරමයි...ලැබිලා තියන ජිවිතේ අපි යහපත් දෙයක් වෙනුවෙන් එක රුපියලක් වත් වෙන් කරනවා නම් මොනවා නැතත් අපිට හිතේ සතුටින් ඒ දවසවත් ගත කරන්න පුළුවන් වෙයි..අන්තර්ජාලය කියනකොට අපිට ඉස්සර වෙලාම මතක් වෙන තැනක් වෙන්නේ මුණු පොත.... සයිබරයේ යාළුවො ගොඩක් ...
ගෙදරට ආ මනාලයා.... සඳ නැති සඳ හරිම ලස්සන දවසක්.එහෙන් කුකුල්ලු කුක් කුක් ගානවා.ගස් වැල් මඳ සුළඟට සෙලවෙනවා.කුරුල්ලෝ කෑම සොයා පියඹනවා.මේ වගේ දේවල් අහන්න දකින්න අපි කොච්චර වාසනාවන්තද..." අක්කේ අන්න කට්ටිය ආව" නංගි මාව කෙනිත්තුවා.ටික වෙලාවකට පස්සේ අම්ම අතට දුන්න බුලත් හෙප්පුවත් අරගෙන බිම බලාගෙන හෙමින් හෙමින් මම ගියා එයා ලඟට.එයා වාඩිවෙලා හිටිය පුටුවෙන් නැගිට්ටා.බිම බලාගෙන හිටිය නිසා මුලින්ම දැක්කේ එයා දාගෙන හිටිය සපත්තු දෙක.මූණ පෙන්න තරම් ...
රුමේෂ්... සඳ නැති සඳ එක්සෑම් ළඟ නිසා මේ ටිකේ පාඩම් කරන්න කැම්පස් ගිහින් එනකොට රෑ 8 පහුවෙනවා.ඊයෙත් එහෙමයි.ආව ගමන තාත්තට කෝල් එකක් ගත්තේ හැමදාම එයත් එක්ක විනාඩියක් හරි කතා කලේ නැත්නම් දවස අසම්පූර්ණයි වගේ දැනෙන නිසා."අපි අද දානේ ගෙදරක ගියා පුතේ""කොහෙද අප්පා..?? හොඳට කන්න ඇති නේද දෙන්නා..??" මම හයියෙන් හිනා වුනා."රුමේෂ් ගේ දානේ.ඔයාට මතක් වුනේ නැද්ද..??"අර හිනාව මගේ උගුරේ එහෙමම හිර වුනා.වචනෙකින් දෙකකින් කෝල් ...