මට යන්න ඕනි... සඳ නැති සඳ මට යන්න ඕනි,හැමදෙනාගෙන්ම ඈත් වෙලාහැම දේකින්ම ඈත් වෙලාමට යන්න ඕනි..මගේ හිත රිදුනමමම අඬනකොටමගේ ලඟින් ඉන්න කවුරුත් නෑප්රශ්න වලින් හෙම්බත් වෙලාඔලුව පුපුරන්න තරම් කකියනකොටවාරු වෙන්න උරහිසක් දෙන්න මට කවුරුත් නෑඉතින් ඇයි මම තව ඉන්නේ..???මට යන්න ඕනි..වාහනේක හැප්පිලාලේ ගොඩක් මැද,වස බෝතලේක තියෙන දේ අන්තිම බින්දුවට එනකල් බීලාකොහොමහරි කමක් නෑමට ඉක්මනට යන්න ඕනි..මොකක්ද මේ කාලකන්ණි ජීවිතේ තේරුම...???:( :( :( :( :( :( :( ...
රොමෑන්ටික් ඔපෙරා සඳ නැති සඳ කවුරු හරි ඔයාගෙන් මෙහෙම ඇහුවොත්,"ඔයා කැමතිම ගායකයා කවුද?"ඔයා මොකද කියන්නේ?සමහරු නම් එක පයින් උත්තර දේවි.සමහරු ටික වෙලාවක් කල්පනා කරලා උත්තරයක් දේවි.සමහරු කියයි මම අරයටයි මෙයාටයි දෙන්නටම එහෙම නැත්නම් තුන්දෙනාටම කැමතියි කියලා.(අරයයි මෙයයි කිව්වේ ගායකයෝ හොඳද? හි හි :ඩී)ඒ වුනාට කවුරු හරි මගෙන් එහෙම ඇහුවොත් කල්පනා කරන්න දෙයක් නෑ මම කියන්නේ එකම එක්කෙනෙක් ගේ නම."කසුන් කල්හාර"මම සංගීතය ගැන මහා ලොකු දැනුමක් ...
පොත් දෙකක් සහ හිත් දෙකක්... සඳ නැති සඳ පොතක් කියවන්න හොඳම කාලය තමයි රෑ.ප්‍රමුදිට හිතෙන්නේ එහෙමයි.තමන්ටම ඇහෙන තමන්ගෙම හදවතේ ගැස්මයි,ඔරලෝසු කටු කැරකෙනකොට ඇහෙන ටික් ටික් සද්දෙයි අතරේ අත් දෙකට පොතකුත් තුරුල් කරන් වෙනම ලෝකෙකට යන්න තියෙනවනම් ප්‍රමුදිට වෙන මොනවත් ඕනි නෑ... ප්‍රමුදි දැන් ඉන්නේ වෙනම ලෝකෙක.මේ ලෝකේ ඉන්නේ හමුදා සෙබළුන්.මේ පුංචි රට රැකගන්න ලේ,කඳුළු,දහදිය හෙලන,හෙලපු හමුදා සෙබළුන්.“කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා”ප්‍රමුදිගේ අත්දෙකේ රැඳිලා තියෙන පොත තමයි ඒ.ශ්‍රී ...
විවාහයට පෙර - රුධිර පොරොන්දම් සඳ නැති සඳ විවාහ වෙන්න කලින් ගොඩක් දෙනා පොරොන්දම් එහෙම බලනවනේ.එහෙම බලන්න ඕනි තවත් වැදගත් පොරොන්දම් වර්ගයක් තමා රුධිර පොරොන්දම කියන්නේ.හැබැයි මේ පොරොන්දම හඳහනේ නම් නෑ.දැන් ඔයාලා බලයි මේ ළමයා මොනවා ගැනද මේ කියවන්නේ කියලා.පොඩ්ඩක් ඉන්න.ඒ ගැන විස්තර කරන්න තමයි මම මේ හදන්නේ.අපි හැමෝම දන්නවා රෝග වර්ග කොටස් දෙකකට බෙදෙනවා.1.බෝ වන රෝග2.බෝ නොවන රෝග.තැලසීමියාව වැටෙන්නේ උඩ කොටස් දෙකෙන් බෝ නොවන රෝග කියන කොටසට.කෙනෙකුගෙන් ...
ඉස්කෝලෙදි - ඇගයීම් සඳ නැති සඳ මේ කියන්න යන්නේ ඉස්කෝලෙදි වුන කතාවක්.එතකොට මම 11 වසරේ.අපේ පන්තිය හදලා තිබුනේ තුන් දෙනා තුන් දෙනා ඉන්න පේලි හැටියට.ඔන්න දවසක් උදේම විද්‍යාව මිස් පණිවිඩයක් එවලා තිබුන අද ඇගයීමක් දෙනවා ඒ නිසා හොඳට පාඩම බලාගන්න කියලා.අයියෝ ඒ දවස්වල මට නම් ඇගයීම් තරම් එපා කරපු ජාතියක් නම් ලොවෙත් නෑ.ඇගයීම් කරන්නේ ළමයගේ සාධන මට්ටම බලාගන්න කියලා කියනවනේ..ඉතින් කොහොමහරි පණිවිඩේ ආවා විතරයි අපිත් හෝ ...
අම්මා. සඳ නැති සඳ සෑමදාම හිත් අහසේතුන් තිස් පැය නිදිවරමින්නිබඳ එලිය විහිදුවමින්ලඟින් සිටින,මඟ පෙන්වනසඳකට වැඩියෙන් වටිනානුඹයි මගේ පහන් තරුව...නෙත් පුපුරා වාන් දැමුවකඳුළු කැටිති,මගේ දෑසින් දෑසට ගෙනසිනහව පමණක් දෙතොලට කැන්දන් ආ..හද පතුලේ කැකෑරිච්ච ටොන් ගානක සුසුමන් පොදීපපුවට ගෙනසැනසුම මගේ ආත්මයේ සතපා ලූනුඹයි මිහිරි පිරිත් ස්වරය...මිනිස් කමේ දර සෑයෙන්නැගෙනා දුම් රොටු වල විෂපෙනහළු වල දැවටෙන්නට ඉඩ නොදුන්නනුඹයි එකම ලඳ මෙලොවේ,විසල් බෝ රුකක් වී මට සෙවණ දුන්න......ප.ලි ...
සකස්කඩ සඳ නැති සඳ "සකස්කඩ නොකී කට - උගේ කට හුඹස් කට"කියලා කියමනක් හැමෝම අහල ඇතිනේ.අහලා තිබුනට කියවලා නම් නැතුව ඇති මයෙ හිතේ. ;)ඇත්තටම මොකක්ද මේ සකස්කඩ කියන්නේ?සකස්කඩ ගැන බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ මෙහෙම කියනවා."සකස්කඩ යනු සංස්කෘත පද බහුල මිශ්‍ර භාෂායෙන් රචිත බුද්ධ චරිතයෙකි.මෙය දොරකඩ අස්න වෙනුවට සත් දවසේ පිරිත් කීමේදී භාවිත වූවක් බව අග රතන සූත්‍රය සඳහන් කොට යොදා ඇති වාක්‍ය ඛණ්ඩයෙන් පෙනේ.එහෙත් ...
නුඹයි මමයි - 2 සඳ නැති සඳ වෙලාව හරියටම දහයයි තිස් නවයයි.ඔයාගෙන් කිසිම සද්දයක් නෑ තාම.වෙනවා නවය හමාර,දහය වෙනකොට "මොකද කරන්නේ?" කියලා අහන ඔයා අද නිශ්ශබ්ධයි."මෙලාකට ඔන්ලයින් ද දන්නේ නෑ"මම ටක් ටක් ගාලා ලැප් එක ඔන් කරගෙන මූණු පොතට ලොග් වෙනවා.ම්හු..ඔන්ලයිනුත් නෑ.එහෙනම් මෙයා මොකද කරන්නේ මෙච්චර වෙලා??දැන් නම් පොඩි බයකුත් එනවා හිතට.කරදරයක්වත්ද? නෑ එහෙම වෙන්න විදිහක් නෑ.මැසේජ් එකක් දානවද? "R u ok?" මම ටයිප් කරනවා..එක්කෝ ඕනි නෑ.මතක් ...
සැකයි මට ඔබෙ කුමරි බඹසර. සඳ නැති සඳ සින්දු අහන්න ඉතින් අපි කවුරු කවුරුත් කැමතියිනේ.එක එක්කෙනා කැමති එක එක ජාතියේ සින්දු වලට.හැබැයි ප්‍රමුදි නම් වැඩිපුර කැමති අහලා ඉවරවුනාට පස්සේ හිතන්න යමක් ඉතුරු කරන සින්දු වලට මේ කියන්න යන සින්දුවත් ඒ වගේ සින්දුවක්.දවසක් මහ පාන්දර දෙකට විතර පාඩම් කරලා කම්මැලි හිතුන වෙලාවක අමරසිරි පීරිස් සර් ගේ සින්දු හොය හොයා යූ ටියුබ් එක පීරනකොට අහම්බෙන් වගේ තමා මේ සින්දුව දැක්කේ.මේ ...
බුදු දහම Vs මාරයා සඳ නැති සඳ මාතෘකාව නම් එච්චර හරි නැද්ද මන්දා..කොහොම වුනත් වැඩි වැල් වටාරම් නැතුව මම කතාවට බහින්නම්කො.බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ ගැන නොදන්නා කෙනෙක් මේ ලංකාවේ ඉන්න බෑ නෙ.අත දරුවොයි පොඩි බබාලයි ඇරෙන්න.ඉතින් බලංගොඩ හාමුදුරුවන්ගේ ජීවිතය ගැන උන්වහන්සේගේම වචන වලින් කියවුන දේවල් වලින් ලියවුන පොතක් තියෙනවා.මේ තියෙන්නේ ඒ පොත.මේ පොත හරිම රසවත්.එක හුස්මට කියවන් යන්න තරම් රසවත්.අපිට පෙනෙන වගේම නොපෙනෙන ලෝකය ගැනත් අලුත් විදිහට ...
මර්වින් සහ ඩෙංගු! සඳ නැති සඳ ("ආචාර්ය" මර්වින් සිල්වා ඇමැති තුමාට ඩෙංගු හැදිල ලු...)මුඛයේ දතක් නරක් වීරිදුම් දෙමින්දුගඳ හමන විටඑය ගලවා ඉවත් කල යුතුය..එසේ ඉවත් කිරීමට කිසිවෙකු නැතිනම්ස්වාභාවිකව වත්එම දතහැලී යා යුතුමය..... ...
එකමත් එක දවසක අපාය... සඳ නැති සඳ එසඳ,යම රජ සෙමින් සෙමින් අඩි තබමින්අපායට පැමිණඅසුන් ගන්නා ලදී...තීක්ෂණ නෙත් යුවලදිවයයිඅපායේ අඳුරු අහුමුලු සියල්ල සිසාරා...කිමෙක්ද මේ අරුමය..??නඩු විභාග කිරීමට ඇත්තේඑකම එක අයෙකු පිලිබඳ පමණි..ලෝ සතුන් මෙතරම් ඉක්මනින්කෙසේ නම් යහමගට හැරුනිද...??සුදෝ සුදු වතින් සැරසීදත් තිස් දෙකම පෙන්වා හිනැහෙනඉදිරියට නෙරූ බඩගෙඩියක් ඇති.................."රජ තුමනි මේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකි"ආරම්භ විය නඩු විභාගය........දූෂණ,වංචා,අල්ලස්,අපචාර....රුධිරය!!තත්පරෙන් තත්පරය,විනාඩියෙන් විනාඩිය,පැයෙන් පැය ගෙවී යයි..නිමක් නැත..අහෝ! නිමක්
ටෙලිවිසොන් සඳ නැති සඳ දෑස් අයා කෙලින් නොබලන්න,,ඔබේ දෑස් මෙන්මආත්මයදපිලිස්සී විනාශ වී යනු ඇත........................................
එක් සත්‍ය කතාවක්...! සඳ නැති සඳ වසත් සමේ පළමු පැයේරෝස පැහැති කම්මුල් මතසොඳුරු යොවුන් මල් සමයේහාදු තැවරුණ යි.කෝපි මල් පෙළක් වාගේ සිනහව නැඟුන යි....වේයන් කෑ ලෑලි දොරෙන්වහලේ පොල් අතු අතරින්අගහිඟකම්,නැති බැරිකම් එබිකම් කෙරුවයි,අහස දෙබෑ කරගෙන ගියයකඩ කුරුල්ලෙකුගේ පිටේගෙදර බුදුන් නොරටක වැලි කතරට වැඩියයි...ප්‍රේත,යක්ෂ විමාන වල අරක් ගත්ත පිශාචයන්සුර කුමරුන් වෙස් අරගෙන පොළොවට ආවයි,ඒ සෙන්ට්,පව්ඩර් සුවඳටකෝල,කොමල බැලුම් වලටබාල,බොළඳ,නොඉඳුල් හදවත කිති කැවුනයි....මද පවනේ පිපී වැනුනරෝස මලක පෙති එක ...
මම දන්නේ නෑ....... සඳ නැති සඳ නොහිතන විදිහට අහම්බෙන් අපිට මුණගැහෙන සමහරු අපේ ජීවිත වලට මේ තරම් කිට්ටු වෙන්නේ ඇයි?සංසාරේ කවදා හරි ඒ අයව අපිට මුණ ගැහිලා තියෙන නිසාද? නැත්නම් වෙන හේතුවක් නිසාද? මම දන්නේ නෑ....ඔයත් මට මුණගැහුනේ අහම්බෙන්.ඒත් ඒ ටික කාලෙට ඔයා කියන කෙනාට මගේ ජීවිතේ කොච්චර වැදගත්කමක් හිමිවුනාද කියලා කියන්න මට වචන නෑ.මට ඔයා ගැන දැනෙන්නේ එහෙමයි.ඒත් ඔයාට...??ඔයාට කොහොම දැනෙනවද කියලා මම දන්නේ නෑ.....කොච්චර ...
මව් පිය නැති සඳ... සඳ නැති සඳ අහසේ තරු පිරිලා.දඩයක්කාරයා,ගෝනුස්සා,තව එකී මෙකී නොකී ගොඩක් තරු රටා.හත්දින්නත් තරු පොකුරත් තියෙනවා.කෙනෙක් ඒ තරු පොකුරේ තරු හතම දකින එක අසුබයි ලු.වෑන් එකෙන් බැහැලා යන ගමන් උඩ බලාගෙන මම තරු හතම හොයන්න උත්සාහ කළා.ම්හු..තරු හයයි පෙන්නේ.අනිත් තරුව කොහේ ගියාද....??"ළමයෝ,හරියට පාර බලාගෙන ඇවිදින්න.අතක් පයක් කැඩුනොත් එහෙම කාට කියන්නද?"මල් පෝච්චියක හැප්පිලා වැටෙන්න ගිය මගේ අතින් අල්ලාගෙන අම්මා කිව්වා.මම මොනවත් නොකියා එයාගේ අතින් අල්ලගෙනම ...
නුඹයි මමයි.... සඳ නැති සඳ වෙලාව හරියටම 11.53..තත්පරෙන් තත්පරේ ගතවෙනවා.මම ෆෝන් එක දිහා ඔහේ බලන් ඉන්නවා."එයා මට wish කරන එකක් නෑ.එයාට අමතක වෙලා ඇති.එකනේ කලින් නිදාගන්න ගියේ"හිතේ කැකෑරෙන වේදනාව කඳුළු බින්දු දෙක තුනක් වෙලා ඇස් අගට එනවා."කමක් නෑ ඕනි දෙයක්,birth day එකක් අමතක වෙනවා කියන්නේ මහ ලොකු දෙයක්යැයි.මටත් සමහර වෙලාවට එහෙම වෙන්නේ"මම මගේම හිත හදාගන්න උත්සහ කරනවා."අනික ඉතින් මම මොකටද එහෙම දුක් වෙන්නේ.එයාට ඕනි නැත්නම් ...