ලුණු නැතිවම බැරිද? ~ගිමන්හල~ අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ හයවෙනි වෙනි පියවර ගැන තමයි මේ කතා කරන්න යන්නෙ.ලුණු!ගොඩක් වෙලාවට අපේ කෑම වල රස තීරණය කරන තීරණාත්මකම සාධකය නේද!"හප්පෝ කටේ තියන්න බෑ, ලුණු වැඩියි නේද?""අද ලුණු දැම්මෙ නැද්ද?" ගෘහණියන්ට නිතර ඇහෙන නෝක්කඩු දෙකක්. මෙහෙම අඩු වැඩි වෙන ලුණු අපේ සිරුරට බලපාන්නෙ කොහොමද?ලුණු වල අඩංගු සෝඩියම් අයන අපේ සිරුරේ කාර්යය ...
ප්‍රතිප්‍රහාරය (විද්‍යා ප්‍රබන්ධය ) ~ගිමන්හල~ "මහත්තයව හම්බවෙන්නෙ කවුද ඇවිත්""කවුද මේ වෙලාවෙ?කියවමින් සිටි ලිපියෙන් ඇස් ඉවතට ගනිමින් ජයදේව ඇසීය. "අනේ මන්දා, ටයිකෝට් දා ගත්ත කට්ටියක්""හොඳයි මම එන්නම් කියන්න""ගෙදරකට එන වෙලාවක්ද මේක, රෑ 12ටත් වෙලා" ඔහු හනික අමුත්තන් ඉදිරියට යාමට සුදුසු ඇඳුමක් හැඳ ගනිමින් සිතීය.සාලයට පැමිණි ඔහුට දැකගත හැකි වූවේ හොඳින් හැඳ පැලඳ ගත් විදේශිකයන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකිකයෙකි."සමාවෙන්න මහාචාර්යතුමා මේ වෙලාවෙ කරදර කරන්න වුනාට, මම රාජ්‍ය ...
බර ගානටද? ~ගිමන්හල~ බර අඩු කර ගැනීම ගැන අපි මීට කලින් ගොඩක් විස්තරාත්මකව කතා කලානෙ.ඒ ලිපිවලදි සමහර තැන් වල සඳහන් කල ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index - BMI) ඔයාලට මතක ඇති. ඒ ගැන අද පොඩ්ඩක් වෙනම කතා කරමු.මොකක්ද මේ ශරීර ස්කන්ධ දර්ශකය කියන්නෙ?සිරුරේ උසට ගැලපෙන බර තියෙනවද කියන එකයි මේ දර්ශකයෙන් මනින්නෙ. සිරුරේ මේද ප්‍රතිශතයට මේ අගය ගොඩක් දුරට සමාන වෙනව.දැන් අපි ...
හිත හොඳයි නම් ලෙඩ අඩුයි ~ගිමන්හල~ මේ ගැන වඩාත් විස්තර ඇතිව වඩාත් රසවත් ලිපිකීපයකින් අපි කතා කලා මතක ඇති. කියවන්න බැරි වුන අය පහල යොමු ඔස්සේ ගිහින් බලල එන්න. (කියවපු අයටත් නැවත මතක් වෙන්න කියවල එන්න, ජීවිතයට පොඩි තල්ලුවක් ලැබේවි)දැවෙන ජීවිතනිවුණ ජීවිතඔයාටත් ස්ට්‍රෙස්ද?(මානසික පීඩනය) නිවරැදි විවේකයක්මානසික ආතතියත් එක්ක අපේ සිරුර කොයි තරම් දුර්වල වෙනවද කියන එක දැන් ඔයාලට හොඳින් වැටහෙනවනේඉතිං ඒ ලිපිවල අන්තර්ගතයේ සාරාංශයක් තමයි අද ...
හොර ඇඟට ලෙඩ ගොඩයි ~ගිමන්හල~ අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ හතර වෙනි පියවර ගැන තමයි මේ කතා කරන්න යන්නෙ.ඔක්කෝටම කලින් අපි අපේ එදිනෙදා ජීවිතෙන් එක දවසක් ගම්මු. උදේ නැගිටිනව, මූණ කට හෝදගෙන ලෑස්ති වෙලා උදේට කාල හෝ නැතිව වැඩට/ඉස්කෝලෙට/ටියුශන් එකට යනව දවල් කෑමට ඉන්න තැනින් නැගිටල ගිහින් කාල ආයෙත් ඉඳ ගන්නවා.හවසට ගෙදර ඇවිත් ඇඟපත හෝදගෙන තේකක් එහෙම බීල ටීවී ...
සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program) ~ගිමන්හල~ බර වැඩි වීම නැත්නම් තරබාරු බව පිළිබඳව ලිපි තුනක් ඔයාල දැන් කියවල තියෙනව. කියෙව්වෙ නැති අයට පහල දක්වල තියෙන යොමුවෙන් ගිහින් බලන්න පුළුවන් 1. මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)2. මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?3 නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda)ඔයාලට දැන් තේරෙනවා හෙමින් හෙමින් ඇඟට පතට නොදැනී අපි ...
පොඩි මල්ලීට ~ගිමන්හල~ අද නම් පොඩි උපුටා ගැනීමක් තමයි කරන්න යන්නෙ. ඒ 1972 දී පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියන ලද "පොඩි මල්ලියෙ" නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි පෙලක්.මේ කවි ටික ඇහැ ගැහුනෙ, මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් රචිත "ආදරය දැනෙන්න ජීවත් වෙන්න" කෘතියේ පෙරවදනින්. මම හිතන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් මෙතුමන්ගෙ එක දේශනයක් හරි අහලා ඇති. ජීවිතයේ අපිටත් නොදැනීම වැරදෙන, වැරදුන තැන් ගැන ඉතා ඉවසීමෙන් ...
දුස්සාධ්‍ය රෝග වලින් බේරීමේ මග ~ගිමන්හල~ දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා.බැලුවෙ නැති අයට මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු පළමු පියවර - දුම්පානය නැවැත්වීම.කිසිම පුද්ගලයෙක් කිසිම හේතුවකට දුම්පානය කිරීම අනුමත ...
හැමෝටම නොමිලේ ලිපි සැකසුම් මෘදුකාංගයක් (100% free office package) ~ගිමන්හල~ මේ දවස් වල හැමෝටම වගේ මුදල් අතින් අමාරු කාලයක් නේද? ඉතිං පරිගණක ආශ්රිත ලිපි කටයුතු වල යෙදෙන හැමෝටම මේ ගැටලුව තියෙනවා. ගොඩක් මෘදුකාංග වල මිල පහුගිය කාලෙ ඉතා විශාල වශයෙන් ඉහල ගියා.හැබැයි ඉතිං අපේ ගොඩක් අය නීත්‍යානුකූල නොවන ක්‍රම වලිනුත් මෘදුකාංග පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන කොට නීති ගැටලු ලොකුවට නැති උනත් විශ්වාසනීය නොවන මෘදුකාංග වලින් අපේ පරිගණක වලට ...
ගිලන් හදවතට අත්වැලක් - 2 (අවසාන කොටස) ~ගිමන්හල~ පළමු කොටස කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.ගිලන් හදවතට අත්වැලක් - 1අද එතැන් සිට ලිපියේ දෙවන හා අවසාන කොටස....සති 8 කට පසු ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කල හැකිද? මේ වන විට ඔබට දැඩි සංකූලතා නොමැති නම්, ඔබගේ හෘදය වස්තුවේ කැලල බොහෝ දුරට සුවතාවයට පත් වී ඇත. මින් ඔබ්බට ඔබගේ සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් කෙරෙහි ක්‍රමයෙන් යොමුවිය හැක.එය පහත ආකාරයට සිදු කල හැක.01. ...
විටමින් දී දරුවන් හැදීම ~ගිමන්හල~ උදෑසනම පළමුවෙන් බාහිර රෝගී අංශයට ඇතුල් වූවේ වයස අවුද්දක පමණ දරුවෙකු වඩා ගත් මවකි."ඉඳගන්න, මොකක්ද අමාරුව?""ඩොක්ටර් මේ ළමය කන්නෙම නැහැනෙ, බරත් හොදටම මදි කියල මිඩ් වයිෆ් නෝන කිව්ව. අනේ ඩොක්ටර් විටමින් මොනව හරි ලියල දෙන්නකො"පෙනුමෙන් දරුවා ක්‍රියාශීලීය, කෙසඟ සිරුරකට හිමිකම් කීවද රෝගී බවක් නොමැත."බබාව පොඩ්ඩක් ඇඳෙන් තියන්න බලන්න."මූලික පරීක්ෂා වලට අනුව උපතින් පිහිටන හදවත් රෝග හෝ වෙනත් සින්ඩ්රොමික ලක්ෂණයන් දැකිය ...
ගිමන්හල 2.0 ~ගිමන්හල~ ගිමන්හලට අන්තිමට පෝස්ට් එකක් දාල අවුරුදු 4ක් වෙනවා. ඒවගේම ගිමන්හල බ්ලොග් එකට. දැන් අවුරුදු දහයක් සම්පූර්ණයි. හරියටම 2012 ජූනි 6 තමයි පළවෙනි පෝස්ට් එක දැම්මෙ. ඊට පස්සෙ මට පුලුවන් වුනා ලිපි 80 කට වැඩි ගාණකින් ඔයාලත් එක්ක කතාබහ කරන්න. හැබැයි 2016 න් පස්සෙ වගේ ලිපි ලියන්න ලැබුණෙ ගොඩක් අඩුවෙන්. පලමු පත්වීමත් එක්ක දිගින් දිගටම කර්යබහුල වුනා. ඒ කොහොම වුනත් ඔයාලත් ...
ඉදින් යනු මැන නුඹේ ලොව වෙත ~ගිමන්හල~ දෑස මානේ නැඟූ හසරැල්ගොලු වෙලා අද හැංගිලා ..නොපෙනෙනා දුරකට යවා හිතඇයිද නුඹ මෙහි තනි වෙලා ..නිහඞ අරණක කෙළි දෙලෙන් අපිගෙවූ යාමය පහු වෙලා ..ඉදින් යනු මැන නුඹේ ලොව වෙතසොයුරු පෙම නිමලව තියා .. ...
දිරියක වරුණ ~ගිමන්හල~ "උසස් පෙල ප්‍රතිඵල අද අන්තර්ජාලයට" දවල් ප්රවෘත්ති අසමින් සිටි රංබණ්ඩාගේ දැහැන බිදින."මේ.. ඇහුනද විභාග ප්‍රතිඵල දාලය කියන්නෙ, ලොකු කොලුව ගියාද බලන්න""හ්ම්ම්..." බිරිඳගෙන් ලැබුන ප්‍රතිචාරය එපමණය."මොකද මේ පාරත් මදිද?" රංබණ්ඩා ඇසුවේ බිඳුණු හඬිනි."විභාගෙ නම් පාස්ලු, විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදිය කියන්නෙ.""එහෙමද?"රංබණ්ඩා යලි කල්පනාවට වැටිණ. වෙහෙස මාන්සි වි පාඩම් වැඩ කල ලොකු පුතා කෙරෙහි ඔහු වැඩි බලාපොරොත්තු තබා සිටියේය. ඒ නිසාම ඉගෙනුම් වැඩ ...
නිවාඩුව....! ~ගිමන්හල~ බනිස් කන්න බෑ අම්මේ..! මට බත් ඕනෑ!චමත්ගේ හැඬුම්බර හඬ ඔහු හැබෑවටම බඩගින්නේ පෙලේයැයි නයෝමිට හැඟවීය."ඉන්ටවල් එකටත් පාන් පෙති දෙකක් කාපු ගමන්නෙ" ඒත් දැන් ගෙදර ගිහින් එන්න වෙලාවකුත් නැහැ" නයෝමි අත් ඔරලෝසුව දෙස බලමින් සිතීය."දැන් ගෙදර ගිහින් එන්න වෙලාවකුත් නැහැනෙ පුතා. තව විනාඩි 10න් පංතිය පටන් ගන්නවනෙ හොඳ පුතා වගේ මේක කාල කිරි පැකට් එක බොන්නකෝ, පංතිය ඉවර වෙලා ගෙදර ගිය ...
මුලාව....! ~ගිමන්හල~ දිලූ - ඒයි! හිරුණි අන්න අර බෝයි!! අදත් ඉන්නව shop එක ඉස්සරහා, උඹ දිහා තමයි බලන්නෙ හොරෙන් හොරෙන්ජීවනී - කොල්ල නම් හැන්ඩියා, ඒ shop එකත් උගෙද කොහෙද! සල්ලි කාරයෙක් වෙන්න ඇති..හිරුණි - ඇත්තටම මගෙ දිහාද බං බැලුවෙ??? උඹල ලණුවක් දෙන්න හදනවද කොහෙද!දිලූ - අපි මොකටද බං උඹට ලණු දෙන්නෙ! උඹ දිහා තමයි බැලුවෙ... -------------------------------------------ජීවනී - අද නැහැනෙ බංහිරුණි - ඒක ...
ඉගෙනීම රසවත් කරගමු! - 2 (නිදිමත පරදවමු) ~ගිමන්හල~ සාර්ථක නිවරැදි ආරම්භයක් (ඉගෙනීම රසවත් කරගමු! - 1) අරගෙන පාඩම් කරගෙන යනකොට ඔන්න ඕකට හරස් වෙන්න එන හතුරෝ ඉන්නවනෙ නේද? ඔය හතුරු හමුදාවෙ ප්‍රමුඛයෙක් තමයි 'නිදිමත'. මහන්සි වෙලා පාඩම් කරන, කරපු ඕනෑම කෙනෙක් හොඳ හැටි දන්නවනෙ ඔය හතුරගෙ තරම.පොත අතට අරන් පිටුවක් කියවන්න හම්බවෙන්නෙ නැහැ අහලකවත් හිටියෙ නැති නිදිමතක් අපිව හොයාගෙන එනව. ඉතිං අපිත් ඇස් ලොකු කරගෙන, නලල දෙපැත්ත ...
කළුවලා පරදා....! ~ගිමන්හල~ දින දෙකක් තිස්සේ නොනවත්වා ඇද හැලුන ධාරාණිපාත වර්ශාව චුරු චුරු වැස්සකට හැරී ඇත. පිලේ ඇන තියාගෙන වැස්ස දෙස බලා සිටි කළුබණ්ඩාට වැස්සේ හඬ ගෙන ආවේ කුසීත කාලකණ්ණි හැඟීමකි. "අන්න අහරයට වෙයන්" ඇඟේ දැවටෙන්නට ආ කළුබණ්ඩාගේ බාල දරුවා ඔහුගේ හඬින් ගැස්සී ගේ තුලට දිව ගියාය. "පුතේ අප්පච්චිට කරදර නොකර මෙන්න මෙහාට වෙලා ඉඳින්" හීන්මැණිකා කුස්සියේ සිට කෑ ගැසුවාය. තමා වැස්සත් ...
ඔබත් එන්න ගිමන්හලට! ~ගිමන්හල~ ගිමන්හල කිව්වහම ඉතින් කොයි කාටත් හිතට ගතට සුවයක් දැනෙන තැනක්නේ නේද? ආදි කාලෙ, ඒ කිව්වෙ රථ වාහන මුකුත් නොතිබුන කාලෙ ඔය ලොකු පොඩි හැමෝම ගමන් බිමන් ගියේ පයින්නෙ. ඉතිං ඇවිදල ඇවිදල මහන්සි දැනෙනකොට හරි රැයක් ගත කරන්න හරි කාටත් පිහිටට තියෙන්න ගිමන්හල.අද කාලෙ ජීවත් වෙන හැමෝම හති වැටුන උදවිය. මොකද, ලොකු පොඩි, ගැහැණු පිරිමි බේදයක් නැතිව හැමෝම මොකද්දෝ ඉවරයක් නැති ...
දයාබර නැගණියට....! ~ගිමන්හල~ සිනා පිරුණු කෙළි කවට කතාවටවිරාමයක් තැබුවේ මන්දෝපෙර මෙන් සෙල්ලම් ගීත ගයන්නටපුංචි නංගියේ හිත නැතිදෝආල හැඟුම් පූදින මල් සමයකඔය නෙතු අබියස හීන මැවෙයිපොතින් පතින් ගිලිහී කවියක් ගැන හිතන්නෙපා නුඹෙ මග වැරදෙයිඉති අතරින් නැගි පුංචි කැකුළකින්පිච්ච මලක් පිපුණම සුවඳයිසිහින අතර නොරැඳී දිරි ගත්තොත්නංගියෙ ජීවිතයම සුවඳයි! ...