මනුදම් රකින්නෝ....! ~ගිමන්හල~ අව් රැසින් දිලිසෙන ගේට්ටු රාජයා දවහවල උනුසුම තවත් වැඩි කරන්නේ යැයි විමලදාසට සිතේ. අතින් මුහුනෙන් බේරෙන දහඩිය පිස දැමූ ඔහු යලි ගේට්ටුවට තට්ටු කලේය.එවර නම් සාර්ථකය. කවුරුන් හෝ ගේට්ටුව අසලට පැමිනේ.ගේට්ටුවේ කුඩා දොරටුව විවර කරගෙන පැමිනි මැදිවියේ ගැහැණිය,"කවුරු හම්බ වෙන්නද" ඇසුවේ හිසේ සිට පාදාන්තය දක්වා නොරුස්සනා සුලු බැල්මක් හෙලමිනි.නංගිල ගෙදර වැඩට අලුත් කෙනෙක් අරන් වගේ."මම සුසිල නෝනගේ අයියා, කෝ ගෙදර ...
දීපාවලී සැමරුම ~ගිමන්හල~ මාස 3කට පමණ පෙර බාහිර රෝගී අංශයේ රෝගීන් පිරී ඉතිරී ගිය එක් උදයක අවසන් රෝගියා ලෙස ඔහු මාහට පළමු වරට මුණගැසිණි. ඔහු නමින් අරුල්දාස්ය, 40 අවුරුදු වියැතිය."ඩොක්ටර්, ඉන්න බෑ ඔලුවෙ කැක්කුම. මම බොන බේත් හින්ද්ද දන්නෙ නෑ.""මොනවටද බේත් බොන්නෙ?""ඩොක්ටර් මට මොලේ පිළිකාවක් තියෙනවනෙ. ඒකට ඔපරේශන් එකකුත් කලා. මහරගමත් හිටියා. දැන් බදුල්ල මහ ඉස්පිරිතාලෙ පිළිකා ක්ලිනික් එකෙන් මාසෙන් මාසෙට බේත් ගන්නවා.""විනාඩියක ...
ප්‍රෙෂර් වලට සීනි වලට බේත් බොනවද? ~ගිමන්හල~ ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 ලිපිමාලාවෙ අවසන් පියවර තමයි මේ. "ඔබට ලබා දෙන ප්‍රතිකාර හා උපදෙස් නිවැරැදිව පිළිපැදීම."මුලින් රෝගියෙක් එක්ක ඇති වුන පොඩි සංවාදයක් කියල ඉන්නම්.මේ බාහිර රෝගී අංශයට ආව වයස අවුරුදු 62 ක් විතර වෙන අම්ම කෙනෙක්. ඔලුව කැරකෙනව වගේ කියල සීනියි, පෙශර් එකයි බලා ගන්න ඇවිත් "ලේ වල සීනි ප්‍රමාණය නම් ටිකක් ...
දුස්සාධ්‍ය රෝග වලින් බේරීමේ මග ~ගිමන්හල~ දුස්සාධ්‍ය රෝග එහෙමත් නැත්නම් බෝ නොවන රෝග කියන්නෙ මොනවද කියලත් ඒවායින් බේරෙන්න අපි ගතයුතු පියවර 11ක් ගැනත් කලින් ලිපියෙන් අපි කතා කලා.බැලුවෙ නැති අයට මෙතනින් ගිහින් ඒ ලිපිය කියවන්න පුලුවන්අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases)අද ඉඳන් අපි මේ පියවර 11 ගැන වෙන වෙනම විස්තරාත්මකව කතා කරමු පළමු පියවර - දුම්පානය නැවැත්වීම.කිසිම පුද්ගලයෙක් කිසිම හේතුවකට දුම්පානය කිරීම අනුමත ...
ඇති වෙලාද? (Fed Up) ~ගිමන්හල~ ඔයාලට මතක ඇති මිට මාස දෙකකට විතර කලින් ගොඩක් වැදගත් මාතෘකාවක් ඔස්සේ ලිපි 4ක දීර්ඝ කතා බහක් කලා. ඒ තරබාරු කම ගැන.ඒකෙ අන්තිම ලිපිය වුන සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program) ලිපියේ උපදෙස් පිලිපැදපු ගොඩක් අයට තමන්ගෙ හොල්ලන්න බැරිව තිබ්බ බර අඩු කර ගන්න පුලුවන් වුනා.පහත තියෙන්නේ ඒ ලිපි 4.1. මහත අයට විශේෂයි (ස්ථූලත්ව - ...
පොඩි මල්ලීට ~ගිමන්හල~ අද නම් පොඩි උපුටා ගැනීමක් තමයි කරන්න යන්නෙ. ඒ 1972 දී පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියන ලද "පොඩි මල්ලියෙ" නම් කාව්‍ය ග්‍රන්ථයේ කවි පෙලක්.මේ කවි ටික ඇහැ ගැහුනෙ, මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින් රචිත "ආදරය දැනෙන්න ජීවත් වෙන්න" කෘතියේ පෙරවදනින්. මම හිතන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් මෙතුමන්ගෙ එක දේශනයක් හරි අහලා ඇති. ජීවිතයේ අපිටත් නොදැනීම වැරදෙන, වැරදුන තැන් ගැන ඉතා ඉවසීමෙන් ...
බඩ දැවිල්ල භයානකද? - ගැස්ට්‍රයිටිස් (Gastritis) ~ගිමන්හල~ සඳුදා උදෑසන බාහිර රෝගී අංශය යනු සතියේ කාර්යය බහුලම හෝරා කිහිපයයි.පළමු රෝගියා කාමරයට ඇතුලු විය. මවත් සමඟ පැමිණ සිටි ඇය, වයස අවුරුදු 16ක් 18ක් පමණ විය හැකි යැයි අනුමාන කලෙමි.එය නිවරැදිය. ඇය රැගෙන ආ බාහිර රෝගී අංශ තුණ්ඩුවෙහි වයස අවුරුදු 18ක් ලෙස සඳහන් වී තිබිණ.මුහුණෙන් තරමක් තදබල අපහසුවකින් පෙළෙමින් සිටින බව දැකිය හැක."මොකක්ද අසනීපෙ?""අනේ ඩොක්ට, දැන් දවස් තුනක හතරක ඉදන්ම ...
තෘප්තිය ~ගිමන්හල~ තව බොහෝ දුර යා යුතුය ....සියලු අංගෝපාංගයන්ගෙන් යුක්ත මොන්ටෙරෝ රථය පැදවීම කිසිඳු වෙහෙසකර කටයුත්තක් නොවුනද නිරන්තර සිත රැඳී අතෘප්තිකර බව ඔහුව වෙහෙසකරවයි. ඇස් දෙඅත් දෙපා වාහනය හොදින් හැසුරුවද සිත නම් එක් තැනක නොවීය, එය අතීතය අවුස්සමින් හේතූන් සොයයි.යන්තම් කරඳඩු උස් මහත් වූ වයසේ සිට ඔහුව පෙලුවේ මේ අතෘප්තිකර බවමය. ඉන් මිදීමට ඔහු නොකල දෙයක් නැත, මුලින්ඔහු සිතුවේ තමාට ඇත්තේ මුදල් ...
නොපෙනෙන මාරයන් - සැකසූ ආහාර හා සිසිල් බීම (silent killers - junk foods and soda) ~ගිමන්හල~ ගියවර ලිපි දෙකෙන් අපි කතා කලේ සිරුරේ බර වැඩි විමට හේතු, එහි භයානකත්වය හා වර්තමානයේ බහුතරයක් තරබාරු බවින් පෙලීමට සැබැ වගකිවයුත්තන් කවුද කියන එක. පහතින් එම ලිපි වෙත යොමු වෙන්න පුලුවන්.මහත අයට විශේෂයි (ස්ථූලත්ව - Obesity)මහත මට්ටු කරන්නේ කෑම පාලනයෙන්ද? ව්‍යායාමයෙන් ද?කෙලින්ම අපි ගියවර නැවැත්වූ තැනින් කතාව පටන් ගමු.2002 වසරේදී ලෝක සෞඛ්‍යය සංවිධානය (WHO) TRS-91 6 යන ලියවිල්ලක් එලි දක්වනවා. ...
මිනිත්තු දහය ~ගිමන්හල~ වලාකුළු දෙකක් අතරින් රිංගා ගත් සැඳෑ හිරු රැස් කදම්බයක් අහසේ සිට කඳු හිස මතට අපූරු ආලෝක ස්ථම්භයක් තනා ඇත."අර බලන්නකො දේශාන්, මීදුම අස්සෙන් කන්දට ඉර එලිය වැටිල තියෙන ලස්සන"මහීමා පොඩි එකෙකු මෙන් කෑගසයි. කොළඹ පරිසරයෙන් මිදී පිටිසර සෞම්‍ය සුන්දරත්වය දකින ඇයට දැනෙන සතුට ඉහිලුම් නොදෙන තරම් ය. "ඔයා තාම නියම ලස්සන දැක්කෙ නෑ" දේශාන් ආඩම්බර සිනහවක් මුව රඳවාගෙන පවසයි."මොනාද අනේ!! ...
දිරියක වරුණ ~ගිමන්හල~ "උසස් පෙල ප්‍රතිඵල අද අන්තර්ජාලයට" දවල් ප්රවෘත්ති අසමින් සිටි රංබණ්ඩාගේ දැහැන බිදින."මේ.. ඇහුනද විභාග ප්‍රතිඵල දාලය කියන්නෙ, ලොකු කොලුව ගියාද බලන්න""හ්ම්ම්..." බිරිඳගෙන් ලැබුන ප්‍රතිචාරය එපමණය."මොකද මේ පාරත් මදිද?" රංබණ්ඩා ඇසුවේ බිඳුණු හඬිනි."විභාගෙ නම් පාස්ලු, විශ්වවිද්‍යාලෙ යන්න ලකුණු මදිය කියන්නෙ.""එහෙමද?"රංබණ්ඩා යලි කල්පනාවට වැටිණ. වෙහෙස මාන්සි වි පාඩම් වැඩ කල ලොකු පුතා කෙරෙහි ඔහු වැඩි බලාපොරොත්තු තබා සිටියේය. ඒ නිසාම ඉගෙනුම් වැඩ ...
විටමින් දී දරුවන් හැදීම ~ගිමන්හල~ උදෑසනම පළමුවෙන් බාහිර රෝගී අංශයට ඇතුල් වූවේ වයස අවුද්දක පමණ දරුවෙකු වඩා ගත් මවකි."ඉඳගන්න, මොකක්ද අමාරුව?""ඩොක්ටර් මේ ළමය කන්නෙම නැහැනෙ, බරත් හොදටම මදි කියල මිඩ් වයිෆ් නෝන කිව්ව. අනේ ඩොක්ටර් විටමින් මොනව හරි ලියල දෙන්නකො"පෙනුමෙන් දරුවා ක්‍රියාශීලීය, කෙසඟ සිරුරකට හිමිකම් කීවද රෝගී බවක් නොමැත."බබාව පොඩ්ඩක් ඇඳෙන් තියන්න බලන්න."මූලික පරීක්ෂා වලට අනුව උපතින් පිහිටන හදවත් රෝග හෝ වෙනත් සින්ඩ්රොමික ලක්ෂණයන් දැකිය ...
මකා දැමූ දේවල් ගොඩ ගන්නේ මෙහෙමයි ( Easy File Recovery) ~ගිමන්හල~ අපිට සමහර වෙලාවට අතපසු වීම් වෙනවා . සමහර වෙලාවට දෙලෝ රත් වෙන අතපසු වීමුත් වෙනවා නේද?එකක් තමයි අතපසු වීමෙන් පරිගණකයේ තියෙන ලිපිගොනු ඩිලීට් (Delete) වීම. ( ප්රතිචක්රිකරණ බදුනට (Recycle bin) නොගොස් නැවත ලබා ගත නොහැකි වන ලෙස මැකී යාම.)සාදා නිම කල Powerpont/word/Exel ෆයිලයක්, බාගත කර ගත් චිත්‍රපටයක්, පැරණි දුර්ලභ ඡායාරූප ගොනුවක්. මෙවැන්නක් අත්වැරදීමකින් ඔබ අතින් මැකී ගියොත් ඔබ මොකද කරන්නෙ?අන්න ...