කෙටි විරාමයකට අවසර ~ගිමන්හල~ ඔන්න කාලයක සිට බලා සිටි සීමාවාසික සේවා කාලය හෙටින් ආරම්භ වෙනවා.වසරකට ආසන්න කාලයක් බ්ලොග් ලිවීමෙන් හා කියවීමෙන් විශාල සතුටක් හා දැනුමක් මෙන්ම අගනා මිතුරන් රැසක් හඳුනා ගන්නට ලැබුනා.ඉතින් ඉදිරියට ලිවීමට මෙන්ම කියවීමටද කාලයක් ලැබේවි කියල හිතන්න අමාරුයි.හැකියාවක් ලැබුනොත් කෙටියෙන් හෝ යමක් ලියන්නම්.කලාතුරකින් හෝ බ්ලොග් කියවීමට පැමිණියත් යමක් පවසා යන්නට නම් නොහැකි වේවි. ඒ ගැන අමනාප නොවන්න.සීමාවාසික කාලයෙන් පසු නැවතත් සුපුරුදු ...
ඇති වෙලාද? (Fed Up) ~ගිමන්හල~ ඔයාලට මතක ඇති මිට මාස දෙකකට විතර කලින් ගොඩක් වැදගත් මාතෘකාවක් ඔස්සේ ලිපි 4ක දීර්ඝ කතා බහක් කලා. ඒ තරබාරු කම ගැන.ඒකෙ අන්තිම ලිපිය වුන සතියෙන් බර අඩු කරගන්න කැමතිද? (General Motors: Weight Loss Diet Program) ලිපියේ උපදෙස් පිලිපැදපු ගොඩක් අයට තමන්ගෙ හොල්ලන්න බැරිව තිබ්බ බර අඩු කර ගන්න පුලුවන් වුනා.පහත තියෙන්නේ ඒ ලිපි 4.1. මහත අයට විශේෂයි (ස්ථූලත්ව - ...
අඳුරු පාශාණය....! ~ගිමන්හල~ පැයක් පමණ එකම ඉරියව්වෙන් සිටි නිසා කකුලක් හිරි වැටී ඇත. නමුත් දුරදක්නයෙන් ඇස ඉවතට ගැනීමට ධනුශ්කට හිත ඉඩ නොදේ.මාස ගණනක් පුරාවට තමා නිශ්ඵල ව්‍යායාමයක යෙදී සිටිනවා වත්දෝ වත් දැයි වැනි සිතුවිල්ලක් දැන් දැන් ඔහුගේ හිතේ එබිකම් කරන්නට පටන් ගෙන ඇත. ඔහුට සිය සඟයාගේ වදන්ද විටෙන් විට සිතට නැගෙයි."උඹෙත් මනස්ගාතනෙ, සම්මතයෙන් පිට කල්පනා කරනව කියල ඔහොම මෝඩ වැඩ කරල ඇති පලේ ...
මිතුරේ...... ~ගිමන්හල~ "උඹට විකාරද සහන්? උඹ මොනවා කියනවද කියල මට හිතා ගන්න බෑ! අනික මම කොහොමද උඹ කියන දේ කරන්නෙ? මම හැමදාමත් ජීවනීව දැක්කෙ මගෙම සහෝදරියක් විදිහට. බෑ මචං උඹ වෙන ඕනෙ දෙයක් ඉල්ලපං ඔය දේ මට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි"සහන්ට සජීව ගෙන් ලැබුනේ බලපොරොත්තු වූ පිලිතුරමය. මිතුරාට පිටුපා සුසුමක් හෙලූ සහන්"මම දන්නවා මචං. එත් උඹ දන්නවා මට මේ උදවුව්ව ඉල්ලන්න වෙන ...
මනස වනසන භින්නෝන්මාදය (schizophrenia) ~ගිමන්හල~ කලින් ලිපියෙන්......නදීශා..! බණ්ඩාර..! කාන්ති..! මේ කවුද? මෙයාලට මොකද වෙලා තියෙන්නෙ?මේ අය ගැන කියෙව්වෙ නැත්නම් මෙතනින් ගිහින් කියවලා එන්න.කවුද මේ..? මොකද මෙයාලට වෙලා තියෙන්නෙ..?නදීශා - පවුලෙ එකම දරුවා මුරණ්ඩු ලමයෙක් නෙවෙයි. වැඩි කතා බහක් නෑ නිවිච්ච ලමය,තනියම තමා හැදුනේ. වැඩි යාලුවො ආශ්‍රයකුත් නැහැ, තනිව සිනාසේ, ඇයටම පමණක් පෙනෙන පෙම්වතෙක් සිටී, ඇයගේ ලෝකය ඔහුයි...බණ්ඩාර - යකෙකුට මෙන් කේන්ති යයි, නින්ද අඩුය, තනිවම ...
දිනකට එළවළු හෝ පලතුරු වේල් 5ක් (5 Servings per Day) ~ගිමන්හල~ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දවසකට කෑම ගන්න පුලුවන් නිශ්චිත ප්‍රමාණයක් තියෙනවද? එක වේලකට කන්න හොඳ දේවල් මොනවාද? කොච්චර ප්‍රමාණ වලින්ද?මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරක් විදිහට තමයි මේ දිනකට එළවළු හෝ පලතුරු වේල් 5ක් කියන පිළිවෙළ හඳුන්වා දීල තියෙන්නෙ.ඇයි අපි මෙහෙම එළවළු හෝ පලතුරු වේල් 5ක් ගන්නෙ? මොනවද එයින් ලැබෙන වාසි?1. දැනට කරල තියෙන පර්යේෂණ වල ප්‍රතිඵල අනුව දිනකට එළවළු ...
දැවෙන ජීවිත ~ගිමන්හල~ ශීලා කෝ මෙතන තිබ්බ කොළපාට ෆ්යිල් එක? අනෙ අම්මප මේ ගෙදර කිසි දෙයක් පිලිවෙලට තියා ගන්න බැහැනෙ!"මොකද අනේ කෑ ගහන්නෙ! මේ හොද්ද ලිපෙන් බාල මම ඇවිත් හොයල දෙන්නම්, ඔයා ලෑස්ති වෙන්නකො" ශීලා කුස්සියේ සිටම කෑ ගැසුවාය. සෑමදාම උදෑසනට ජයතිස්සගේ මේ කලබලය දැන් ඇයට පුරුදුය."මේ තියෙන්නෙ අනේ, ඔයාම ඒක තව ෆයිල් එකක් ඇතුලට දාල වහලා""හරි හරි ඔන්න ඔය ෆයිල් ඔක්කොම බෑග් ...
සීනි වැඩි වෙන්න කලින්! ~ගිමන්හල~ සීනි ගැන තනි මාතෘකාවක් ලෙස කතා නොකලත් අපි මේ ගැන කිහිප විටක් සවිස්තරාත්මකව කතා කරල තියෙනවා කලින් ලිපි වලින්. ප්‍රධාන වශයෙන් දියවැඩියාව රෝගය පිළිබඳව, එයින් කිහිපයක් තමයි පහත දක්වලා තියෙන්නෙ.කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් කියවන්න පුලුවන්.සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - දියවැඩියාව (DIABETES MELLITUS)සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීමසුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 3 ( අවසාන කොටස ...
ඔයාටත් හෙම්බිරිස්සාවද ( Common Cold ) ~ගිමන්හල~ දින කීපයකින් දැකිය නොහැකි වූ සිය මිතුරාව බැලීමට රන්ජන් ඔහුගේ නිවස බලා පිටත් විය."මොකෝ රන්ජන් පාඩම් කරන්න ආවෙ නැත්තෙ?""කියල වැඩක් නෑ මචෝ මේ හෙම්බිරිස්සාවක් හැදිල මට එපා වෙලා ඉන්නෙ, දැන් සතියක් විතර.""ඔව් මට මතකයි උඹ මැච් එක ගහන්න එනකොටත් හොටු බේර බේරනෙ හිටියෙ."ඔව් බං ඊට පස්සෙ දවසෙ ගිනි ගන්න උණ ගත්තනෙ., ඒ මදිවට අම්බානකට ගුටි කාල වගේ මුලු අස්ථි පංජරේම ...
දීපාවලී සැමරුම ~ගිමන්හල~ මාස 3කට පමණ පෙර බාහිර රෝගී අංශයේ රෝගීන් පිරී ඉතිරී ගිය එක් උදයක අවසන් රෝගියා ලෙස ඔහු මාහට පළමු වරට මුණගැසිණි. ඔහු නමින් අරුල්දාස්ය, 40 අවුරුදු වියැතිය."ඩොක්ටර්, ඉන්න බෑ ඔලුවෙ කැක්කුම. මම බොන බේත් හින්ද්ද දන්නෙ නෑ.""මොනවටද බේත් බොන්නෙ?""ඩොක්ටර් මට මොලේ පිළිකාවක් තියෙනවනෙ. ඒකට ඔපරේශන් එකකුත් කලා. මහරගමත් හිටියා. දැන් බදුල්ල මහ ඉස්පිරිතාලෙ පිළිකා ක්ලිනික් එකෙන් මාසෙන් මාසෙට බේත් ගන්නවා.""විනාඩියක ...
මිතුරු පෙම ~ගිමන්හල~ සෙමෙන් සෙමෙන් විවර කල දෙනෙතට අයුබෝවන් කී උදෑසන සෞම්‍ය හිරු එළිය සහන්ට ඇති කලේ ප්‍රමෝදයකි. "හප්පා එලාම් සද්දයක් නැතිව නැගිට්ටහම තියන සනීපෙ"අතපය දිග හැරි සහන් ජනේලය දෙස හැරී යලි ගුලි වූවේ කල්පනාවකට වැටෙමිනි.ඊයේ දින ලියූ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයෙන් උසස් පෙළ විභාගය හමාර විය. ඒ සමඟම අතිශය අවිවේකී වසර දෙකක නිමාවද ලැබුවේ සහන්ගේ සිතට ඉගිලී යන තරමේ නිදහසක් මෝදු කරවමිනි.විභාගය ...
හොර ඇඟට ලෙඩ ගොඩයි ~ගිමන්හල~ අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ හතර වෙනි පියවර ගැන තමයි මේ කතා කරන්න යන්නෙ.ඔක්කෝටම කලින් අපි අපේ එදිනෙදා ජීවිතෙන් එක දවසක් ගම්මු. උදේ නැගිටිනව, මූණ කට හෝදගෙන ලෑස්ති වෙලා උදේට කාල හෝ නැතිව වැඩට/ඉස්කෝලෙට/ටියුශන් එකට යනව දවල් කෑමට ඉන්න තැනින් නැගිටල ගිහින් කාල ආයෙත් ඉඳ ගන්නවා.හවසට ගෙදර ඇවිත් ඇඟපත හෝදගෙන තේකක් එහෙම බීල ටීවී ...
බර ගානටද? ~ගිමන්හල~ බර අඩු කර ගැනීම ගැන අපි මීට කලින් ගොඩක් විස්තරාත්මකව කතා කලානෙ.ඒ ලිපිවලදි සමහර තැන් වල සඳහන් කල ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index - BMI) ඔයාලට මතක ඇති. ඒ ගැන අද පොඩ්ඩක් වෙනම කතා කරමු.මොකක්ද මේ ශරීර ස්කන්ධ දර්ශකය කියන්නෙ?සිරුරේ උසට ගැලපෙන බර තියෙනවද කියන එකයි මේ දර්ශකයෙන් මනින්නෙ. සිරුරේ මේද ප්‍රතිශතයට මේ අගය ගොඩක් දුරට සමාන වෙනව.දැන් අපි ...
ශාපය....! ~ගිමන්හල~ පැය 3ක පමණ දීර්ඝ බස් ගමන හමාර කරමින් බසයෙන් බැස ගත් තුශාර අත පය හිරි ඇර ගත්තේය. කුඩා අඩිපාරකට මුහුනලා පිහිටි ගරා වැටෙමින් තිබූ පොල් අතු හෙවිල්ලන ලද කුඩා මඩුව බස් නැවතුමක් යැයි ඔහු අනුමාන කලේය. නුවර.එලියේ සිටද හැතැප්ම 20ක් පමණ දුරින් පිහිටි ප්‍රාථමික වෛද්‍යය මධ්යයස්ථානයක වෛද්‍යයවරයා ලෙස පළමු පත් වීම ලැබූ තුශාර වැඩ භාර ගැනීමට නියමිත දිනට සතියක් ...
සමට වින කරන පොතු කබර රෝගය - සොරයිසිස් (Psoriasis) ~ගිමන්හල~ සිය පෙම්වතිය දැකීමට යාමට කඩිමුඩියේ සැරසෙමින් සිටි ගයාන් ඔහු ඇඳ සිටි තද නිල් පැහැති කමිසය මත වැටී තිබූ සුදු පැහැති කුඩු වැනි යමක් දැක්කේය.එසැණින් හිස කෙස් ඔසවා හිසකෙස් වල පිටත මායිම බැලූ ඔහු කම්පාවට පත් විය."ෂිහ් මේ කරුමෙ ආයෙත් හැදිල"පවසමින් ගයාන් එම පෙදෙසේ තිබූ සුදු පැහැති කොටස් සූරා දමන්නට විය. එසේ කර දණහිස හා වැලමිට දෙස බැලූ ඔහු එවායේද මතු ...
(නො)දුටු සතුට ~ගිමන්හල~ “ඉක්මන් කරන්නකො සුජා දැන් වෑන් එක ඇවිල්ලත් ඇති.”අසංකගේ නොඉවසිල්ල සුජාතාට සිනහ පහල කරයි.“පොඩි එකෙක් වගේනෙ , මෙයාට තියන හදිස්සිය පුතාගෙ කෑම එක කවාගන්න කල් පොඩ්ඩක් ඉන්න” අසංක හා සුජාතා විනෝද චාරිකාවක යෙදෙන්නේ වසර දෙකකින් පමණය. නොපෙන්වා සිටියමුත් අසංකටත් වඩා එහි ආසාව ඇත්තේ සුජාතාටය. පුතුගේ වැඩ සඳහාම කාලය ගත කරමින් එකාකාරී දිවියක් ගත කරමින් සිටි ඇයට මෙම විනෝද චාරිකාව ඉඩෝර සමයක ...
සිහින දේශය ~ගිමන්හල~ 2027ක් වූ ජනවාරි 21ක් වූ අද දින ශ්‍රීලංකා මධ්‍යම පාලක කමිටුවේ පළමු නියමුවා වන මා සිය ධූරයෙන් විශ්‍රාම ගැනිමට සැරසෙමි. දෙවරක්ම මධ්‍යම පාලක කමිටුව මගින් මා මෙම තනතුරට තෝරා ගැනීම පිලිබඳ අද මම අතිශයින් සතුටට පත් වෙමි . මක් නිසාද ශ්‍රීලංකාව ලෝකයේ ප්රබලතම රටක් බවට පත් වූ අමරනීය දශකයක එහි නියමුවා වීමට ලැබීම නිසාය.අප රටේ අනාගත පරපුරට අප ආ ගමන් ...
ගිලන් හදවතට අත්වැලක් - 1 ~ගිමන්හල~ වෙනදාට වඩා අද මදක් වෙනස් අකාරයකට ලිපියක් ගෙන එන්න තමයි මේ ආරම්භය ගන්න යන්නෙ. මීට වසර කීපයකට පෙර එනම් තෙවන වසර වෛද්‍යය ශිෂ්‍යයෙක්ව සිටියදී ගොඩක් වටිනා සමාජ සත්කාරයකට සම්මාදම් වීමේ අවස්ථාවක් ලැබුනා. රාගම (උතුරු කොළඹ ) ශික්ෂණ රෝහලේ K. තිරුමාවලවන් කායික රෝග විශේෂඥ වෛද්යයතුමන්ගේ උපදෙස් හා අනුශාසකත්වය යටතේ එවකට ආධුනික කායික රෝග විශේෂඥ වෛද්යයවරයෙකුව සිට දැනට බිබිල මූලික රෝහලේ සේවය ...
කොලෙස්ටෙරෝල් වැඩි වෙලාද? ~ගිමන්හල~ පෙශර්, සීනි, හාට් ඇටෑක්, ..... මේ වචන සෙට් එක අතරේ නිතරම කියවෙන වචනයක් තමයි මේ කොලෙස්ටෙරෝල්. නිතර කිව්වට වැඩි දෙනෙක් මේ ගැන හොයල බල්න්නෙ නැහැ නේද?මොනවද මේ කොලෙස්ටෙරෝල්?කොලෙස්ටෙරෝල් කියන්නෙ අපේ සිරුරට අවශ්‍ය, අපේ සිරුර ගොඩනැගී තියෙන සෛල වල බිත්තියේ සංඝටක් වන ඉටි වගේ ද්‍රව්‍යයක්. මෙය නිපදවීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපේ සිරුර තුලම නිපදවීම, ඒ කියන්නේ අපේ අක්මාව සියල්ලක්ම වාගේ ...
මකා දැමූ දේවල් ගොඩ ගන්නේ මෙහෙමයි ( Easy File Recovery) ~ගිමන්හල~ අපිට සමහර වෙලාවට අතපසු වීම් වෙනවා . සමහර වෙලාවට දෙලෝ රත් වෙන අතපසු වීමුත් වෙනවා නේද?එකක් තමයි අතපසු වීමෙන් පරිගණකයේ තියෙන ලිපිගොනු ඩිලීට් (Delete) වීම. ( ප්රතිචක්රිකරණ බදුනට (Recycle bin) නොගොස් නැවත ලබා ගත නොහැකි වන ලෙස මැකී යාම.)සාදා නිම කල Powerpont/word/Exel ෆයිලයක්, බාගත කර ගත් චිත්‍රපටයක්, පැරණි දුර්ලභ ඡායාරූප ගොනුවක්. මෙවැන්නක් අත්වැරදීමකින් ඔබ අතින් මැකී ගියොත් ඔබ මොකද කරන්නෙ?අන්න ...