හොංකොං නායකත්වයක් නැති රැල්ල පාලකයන්ටත් ප්‍රශ්නයක් Milinda Prashna 2019/08/28 – ලංකාදීප ස්වාධීනත්වය පතා හොංකොං නගරයේ දිගින් දිගටම විරෝධතා ඇවිලෙමින් තිබේ. පසුගිය දා ගුවන් ගමන් නතර කෙරිණ. හොංකොං වැසියෝ චීනය සමග කරන අරගලයට ප්‍රකට සටන් ශූරයෙකු වූ බෲස් ලී ගේ දර්ශනය එකතු වී ඇති බව ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් ආයතනය පෙන්වා දී ඇත. අයිතිවාසිකම් උදෙසා කරගෙන යන දැවැන්ත අරගල තුළින් මතුවන දෘෂ්ඨිවාදය හදුනා ගැනීමට මෙය එක්තරා අවස්ථාවකි. බෲස් ලී ...
ශ්‍රී ලාංකේය දේශපාලනය සුපිළිපන් තැනකට Milinda Prashna 2019/08/14 – ලංකාදීප යහපත් සමාජයක් බිහිකර ගැනීමේ උදාර අපේක්ෂාව නැවත නැවතත් සිහිපත් කිරීමට නිකිණි පොහොය දිනය තවත් අවස්ථාවකි. පළමුවැනි ධර්ම සංගායනාව පවත්වන්නේ නිකිණි පොහොය දිනකය. බුද්ධ ධර්මය අභියෝග එල්ල වූ මොහොතේ මහා ධර්ම සංගායනාවක් කරන්නට තීරණය කර ඇති අතර කාෂ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණ. සතර පෙර නිමිති දැක බෝසතානෝ ගිහිගෙය අතහැර ගියේ ද අද වැනි නිකිණි ...
ඉන්ධන වාහනයට ඉන්දියාව සමුදෙයි Milinda Prashna 2019/08/07 – ලංකාදීප ඉලෙක්ටි්රක් වාහන පරිහරණය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් වන ජාතික සැලැස්මක් ඉන්දියාව ක්‍රියාත්මක කරමින් සිටී. පසුගියදා ප්‍රකාශයට පත් කළ එරට අයවැය ලේඛනය අනුව ඉන්දියාව විදුලි බලයෙන් ධාවනය වන වාහන නිෂ්පාදනය කරන ප්රමුඛ ස්ථානයක් බවට පත් කරවන අභිලාශය අනාවරණය කරයි. දැනට ලෝකයේ වැඩිම ඉලෙක්ටි්රක් එනම් විදුලිය බලයෙන් ධාවනය වන වාහන නිපදවන රට චීනයයි. මගී බස් රථ පවා සම්පූර්ණයෙන් ...
ජනපති අපේක්ෂකයනි! බලයට එන්න කලින් ලැබෙන බලය ගැන කියන්න Milinda Prashna 2019/07/31- ලංකාදීප දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බලතල සීමා බරපතල ලෙස සීමා කර තිබේ. බලතල අඩු කිරීම ගැන විවිධ පාර්ශව දක්වන අදහස් ගැන හැඟීමක් ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නට සූදානම් වී සිටින දේශපාලන පක්ෂ වලට හෝ අපේක්ෂකයන්ට නැත. බලය නැති ධුරයකට තරඟ කරනු සඳහා විශාල අරගලයක් ඇරඹෙමින් තිබේ. ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා නිසි බලය රහිතව ධුරය ගෙන ...
ඔරලෝසුවත් විසිවෙයිද? Milinda Prashna 2019/07/24 – ලංකාදීප වෙලාවට වැඩ කිරීම නූතන සමාජයේ අනිවාර්ය කටයුත්තකි. කලින් නියම කරගත් පරිදි හරියටම කාර්යයයෙහි නිරත නොවන සමාජයක් අසමත් යැයි පිලිගැනීමක් තිබේ. නමුත් නෝර්වේ රාජ්‍යයෙහි කුඩා දූපතක වැසියෝ වෙලාවට වැඩ කිරීම අනවශ්‍ය බව පෙන්වා දෙති. ඔවුහු පසුගියදා මහජන පෙත්සමක් අත්සන් කළහ. තමන් ජීවත්වන කුඩා දූපතෙන් කාලය මනින ඒකකය ඉවත් කරන සේ යෝජනා කරති. මෙකී දූපත පිහිටා ඇත්තේ නෝර්වේ ...
සංවර්ධනයෙන් ඉහළයි එහෙත් විනයෙන් බිංදුවයි Milinda Prashna 2019/07/17 – ලංකාදීප දැවැන්ත ප්‍රයත්නයකින් සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටකි. නමුත් කාන්තාවකට තනිව මහ මග ගමන් කරන්නට පුලූවන්කමත් නැත. සාමය, සෞභාග්‍යය හා යස ඉසුරින් පිරි සිරිමත් රටක් බව ප්‍රකාශ වන නමුත් පැවැත්ම ඉතා කණගාටුදායකය. ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටින ප්රපාතය ගැන පුලූල් සමාජ සාකච්ඡාවක් අවශ්‍ය වී තිබේ. විශාල ගොඩනැගිලි හා හොඳ මංමාවත් රටක දියුණුව මනින මිනුම් දණ්ඩ ...
සැකය වෛරය වෙනුවට සුහදත්වය මෛත්‍රීය ගොඩනගමු Milinda Prashna 2019/07/10 – ලංකාදීප සිරිමත් පැවැත්මක තිබුණ රට අසෝබන තැනකට තල්ලූවෙමින් තිබේ. බෙදීම් ඉතාම නරක අන්දමට සමාජය හසුරුවන්නට සූදානම් බව නිරීක්ෂණය කළ හැකිය. අප සියළු දෙනා දකින්නේ අවලස්සන තාරා පැටවුන්ය. ජාතිය, ආගම අනුව කොන් කිරීම සහ සමච්චල් කර පැත්තකට කිරීම ඉතා පහසුවෙන් සිදුවෙයි. අවලස්සන තාරාවා අවසානයේ දී අඟ පසඟ වැඩුණ පසු හංසයෙකු සේ ඉගිල යන්නට බැරි නැත. මෑත කාලය තුළ ...
නස්රුදීන්ගේ එල්ලා මැරීම Milinda Prashna 2019/07/03 – ලංකාදීප නස්රුදීන් ගේ උපහාසාත්මක කතා ලෝක ප්රකටය. දහ තුන්වැනි සියවසේ දී ඔහු ජීවත් වූ ප්‍රදේශය දැන් තුර්කිය ට අයත්ය. එකල එහි විසූ පාලකයා නගරයට අනවශ්‍ය මිනිසුන් පැමිණීම වලකනු සඳහා නගර ද්වාරයේ එල්ලූම් ගසක් ස්ථාපිත කළේය. මිනිසුන් සත්‍යගරුක විය යුතු බව කියා සිටි හෙතෙම නගරයට ඇතුළුවන අයගෙන් ප්‍රශ්න අසා ඔහු හෝ ඇය අසත්‍ය ප්‍රකාශ කරන බව ඒත්තු ගියහොත් ...
දඩයමට එරෙහිව මාධ්‍ය එකතුව Milinda Prashna 2019/06/26 – ලංකාදීප රුසියාවේ ප්‍රධාන පුවත් පත් තුනක් එකම දවසේ එකම ප්‍රධාන සිරස්තලය සහිතව පසුගිය දා නිකුත් විය. එයින් නතර නොවූ අතර ඒකාබද්ධ කතුවැකියක් පළ කළේය. එම විශේෂ සිද්ධිය රුසියානු භාෂාව නොදන්නා ලෝක වාසින් ගේ අවධානයට ලක් කරන්නට බටහිර මාධ්‍ය සමත් විය. මෙම වාර්තාකරණයට බලපෑ හේතුව රුසියාවේ ප්‍රකට ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමයි. එකී වාර්තාකරණය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානය වහාම ...
රාජ්‍යයක් නොකළයුතු කරුණු 3ක් ගැන වියට්නාමයෙන් පාඩමක් Milinda Prashna 2019/06/12 – ලංකාදීප වියට්නාමය ලෝකයේ බලවත් ජාතීන්ගෙන් සෑහෙන බැට කෑ රාජ්‍යයකි. ප්‍රංශය, ජපානය හා ඇමරිකාව යනාදී වශයෙන් රටවල් වියට්නාමය යටත් කරගෙන සිටියේය. ස්වකීය අධිරාජ්‍යවාදී ඒකාධිපති පාලනය පෙරලා නිදහස් රටක් ගොඩනගා ගන්නට වියට්නාමය සූදානම් වන විට මෙකී රටවල් වියට්නාමය යටත් කරගන්නට ප්රයත්න දැරීය. අසල්වැසි චීනය සමග පවා අඛණ්ඩව වියවුල් සහගත තත්ත්ව වල පැටලී සිටියහ. කිසිම රටකට යටත් වෙන්නට සූදානම් නොවූ ...
දේශපාලන නාරාවළෙන් ගොඩගන්න සම්මුතියකට ඒන්න බැරි ඇයි? Milinda Prashna 2019/06/05 – ලංකාදීප මුහුණ සමග අමනාප වන අප නාසයෙන් පලිගැනීමට දක්ෂයෝ වෙති. පැරණි උපහැරණ එයට සාක්ෂි දරයි. වර්තමානයේ ස්වභාවය ද එය, නැවත නැවතත් සනාථ කරන බව පෙනේ. ‘‘දෙසිය විසි පස් දෙනාම එකයි’’ යන මතය ගොඩනැගෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. දෙසිය විසි පහ යනුවෙන් දක්වන කණ්ඩායම පාර්ලිමේන්තුවට පත්ව සිටින මහජන නියෝජිතයන් බව සැලකිය යුතුය. නියමාර්ථයෙන් ප්‍රශ්න කළහොත් දේශපාලන නායකයෝ සියළුම දෙනා ...
නඩු යන්නෝ වැනසෙන්නෝ Milinda Prashna 2019/05/29 – ලංකාදීප නඩු යන්නෝ වැනසෙන්නෝ යනුවෙන් ජන ව්‍යවහාරයක් තිබේ. නඩුවක පැටලීම ව්‍යසනයක් යැයි එකල තහවුරු වන්නට ඇත. අදට ද විවාදාත්මකය. අධිකරණය අරභයා එක්තරා භීතියක් තිබේ. එය අනව්යශ්යය. ගෞරවයක් තිබිය යුතුය. එය වෙනත් කාරණයකි. හැම දෙයකටම සීමාවක් තිබේ. අද වන විට අධිකරණයේ නඩු පවරන ස්වභාවය රට තුළ සුලබය. අධිකරණයෙන් තීරණය කළ යුතු දෙයටත් නැති දෙයටත් නඩු පැවැරීමට නැඹුරු වී ...
නිසි කලට මැතිවරණ? Milinda Prashna 2019 /05 /22 – ලංකාදීප නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයක වැදගත් ලක්ෂණයකි. තමන්ට කැමැති මහජන නියෝජිතයන් පත් කරගැනීම ජනතාවගේ පරම අයිතියකි. මැතිවරණයකින් පොදු ජනතාවට ස්වකීය අභිලාශය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. ව්‍යවස්ථාව අනුව මැතිවරණ පැවැත්විය යුතු කාල වකවානු නිශ්චිතව දක්වා ඇත. එය උල්ලංඝනය කිරීම සුදුසු නැත. ඉතාම හොඳ පාලනයක් යටතේ ඉතාම විශිෂ්ඨ පාලකයෙකු පවා ඡන්දය ප්‍රකාශ කිරීමට පොදු ...
වෙසක් මාසේ බුද්ධ භාෂිතය හැදාරමු Milinda Prashna 2019 05 15 – ලංකාදීප වෙසක් මාසය බුද්ධ භාෂිතය හැදෑරිය යුතු වකවානුවකි. පංචශීලයෙහි සමාදන් වූ බෞද්ධයෝ බොරු නොකියති. පංච ශීලය ගිහියෙකු ආරක්ෂා කරන අවම ප්‍රතිපදාවකි. බොරු කීම හා අසත්‍ය ආරංචි පැතිරවීම යන කරුණු දෙකම එකම ගනයේ ලා සැලකිය යුතු වැරදිය. පාස්කු ඉරිදා දිනයේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව, ඉනික්බිතිව ආරක්ෂක අංශ කළ සෝදිසි මෙහෙයුම් වල දී සොයාගත් අවි ආයුධ ...
වගකීම් වලින් මාරුවෙන ලංකාවේ දේශපාලකයෝ Milinda Prashna 2019/05/08 – ලංකාදීප තනතුරක් යනු වගකීමකි. වැටුප් ලබන තනතුරු තිබේ. වැටුප් නොලබන ගරු සේවා තනතුරු ඇත. සේවාවක් කරන නමුත් දීමනා ගෙවන තනතුරු ද තිබේ. ගෙවන මිල කෙබදු නමුත් තනතුරකට පත් වන පුද්ගලයෙකුගෙන් අපේක්ෂා කරන යුතුකමක් තිබේ. වගකීම් සම්භාරයක් ඇත. පත්වීම් ලිපියකින් කරුණු වගන්ති සහිතව පවරන වගකීම කෙසේ වෙතත් නිරායාසයෙන් සෑම පුද්ගලයෙකුටම ජන සමාජය හා බැදුණු යුතුකමක් හා වගකීමක් තිබේ. ...
අවධානයෙන් සිටිය යුතු හෝරාවක් Milinda Prashna \ 2019/04/24 – ලංකාදීප ත්රස්තවාදයට තැනක් නොතැනක් නැත. රැයක් හෝ දවාලක් ගැන වෙනසක් නොමැත. අලූත් අවුරුදු නිවාඩුවට පසු එළැඹුන පළමු පාස්කු ඉරිදා රටට ඉතාම අවාසනාවන්ත දවසක් බවට පත් කළේය. මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවක් බව මාධ්‍ය වාර්තා කර තිබේ. දේවස්ථානයට රැස්වී සාමය හා සමාදානය ප්‍රාර්ථනා කළ අහිංසක ජනතාව බිලිගෙන ඇති අතර ප්‍රධාන දේව මෙහෙයට පසු තරු හෝටල්වලට පැමිණි පිරිසක් ද ...
විකටයෝ පාලකයෝවීම Milinda Prashna 2019/04/17 – ලංකාදීප වොලෝඩිමයර් සැලැන්ස්කි යුක්රේනයේ නම් දැරූ විකට නළුවෙකි. ප්‍රකට රූපවාහිනී ප්‍රහසන වැඩසටහනක ප්‍රධාන නළුවා වූ අතර ‘‘ජනතා සේවකයා’’ නමින් වූ එම වැඩසටහන රට තුළ පවතින ක්‍රමය හාස්‍යයට ලක් කළේය. ජනප්‍රියත්වයට පත් හෙතෙම ජනාධිපතිවරණයට තරග කරන තෙක් අලූත් ප්රවේශයකය. සැලැන්ස්කි තවත් දින හතරකින් එරට ජනාධිපතිවරයා බවට පත් වෙන්නට බැරි නැත. ජනාධිපතිවරණ පූර්ව ඡන්ද විමසීමේදී සෑහෙන ඡන්ද ප්‍රමාණයක් ...
බිංදුවෙන් පටන් ගැනෙන අලූත් ආරම්භයකට යමු Milinda Prashna සිංහල හා දෙමල අලූත් අවුරුද්දට කලින් ගතකරන කාර්ය බහුල දින කිහිපයක් ගෙවී යමින් තිබේ. අලූත් අවුරුදු උදාව හා එහි උත්සව සිරිය ගැන අප්‍රමාණ සිහින ඇති නමුත් බහුතර ජන කොටසකට එම සිහින සාක්ෂාත් කරගැනීමට හැකියාවක් නැත. යතාර්ථය එයයි. අතට ලැබෙන ආදායම යුතුකම් ඉටු කරන්නට ප්‍රමාණවත් නොවේ. රට තුළ ඇති නැති පරතරය දරුණු ලෙස වර්ධනය වී ඇත. සමාජ පරිවර්තනයක් තුළින් අලූත් ...
යුද සමයේ තිබූ අහේනිය යුද්ධයෙන් පසු සමනය වුණාද? Milinda Prashna 2019/04/03 – ලංකාදීප සියළු විපාක වලට හේතුව යුද්ධය යැයි සාප කරන ලද යුගයක් තිබුණි. යුද්ධය අවසන් කරන තෙක් ඉවසන්න. ජනතා ප්‍රශ්න වලට එකල ලැබුණ ජනප්‍රිය පොදු උත්තරයක් විය. වෙඩි හඞ නතර වී වසර දහයක් ගත වී තිබේ. දශක තුනක කාලයක් පැවැති යුද්ධයෙන් රටට සිදුවූ හානිය අති විශාලය. ආපසු හැරී බලන විට, යුද්ධයක් තිබුණ කාල වකවානුව මෙන් තුනෙන් එකක කාලයක් ...
රෝග නිවාරණයට මාත්‍රාවෙන් අඩුබෙහෙත් Milinda Prashna 2019/03/27 – ලංකාදීප නිදුක් නිරෝගී බව අප සියළුම දෙනාගේ ප්‍රාර්ථනයයි. රෝගී වූ පසු එය සුවපත් කරගන්නා තෙක් ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවෙයි. වහා නිසි ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්ය. සුදුසු වෛද්‍යවරයෙකු මුණ ගැසී පරීක්ෂා කිරීමෙන් පසු රෝගියාට අවශ්‍ය ඖෂධ නියම කෙරේ. ඒවා නියම කරන ලද පරිදි නිසි මාත්‍රාවට ලබා ගැනීම ඉතාම වැදගත්ය. රෝගීන්ට ලැබෙන ඖෂධ ගැන අලූත් අර්බුදයක් මතු ...