Anonymous OS උගුල VITS Skylight පසුගිය 12වන දා ලොව ප්‍රකට Anonymous හැකර් කණ්ඩායමේ නමින් මෙහෙයුම් පද්ධතියක් අන්තර්ජාලයට එක්වුණා. මෙය මුලින්ම SourceForge අඩවියේ පළවුණු අතර සුවිශාල ලෙස ප්‍රචලිත්වයක් අත් කරගත්තා. අධ්‍යාපනික බෙදාහැරීමක් වශයෙන් සලකුණු කොට තිබුණු එහි වැඩිදුරටත් සඳහන් වූයේ වෙබ් අඩවිවල ආරක්ෂාව බිඳහෙලිය හැකි යෙදුම් එහි අඩංගු බවයි. නමුත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එය තම වෙබ් අවකාශයෙන් ඉවත්කිරීමට Sourceforge පරිපාලකයන් කටයුතු කළේ එහි විනිවිදභාවය පැහැදිලි ...
Panoramic කැමරා බෝලය VITS Skylight පරිදර්ශක(Panoramic) ඡායාරූප ගැනීම තවදුරටත් සංකීර්ණ කාර්යයක් නොවේ. දැන් එය බෝලයක් විසිකිරීම තරම් සරල කර්යයකි. මේ සදහන් කරන්නට යන නව නිර්මාණයේ ඇති විශේෂත්වය වන්නෙ මෙමගින් ගනු ලබන පින්තූර සාමාන්‍ය Panoramic ඡායරූප ගැනීමක් නොවීමයි. බර්ලින් නුවර Technische Universtität විශ්ව විද්‍යාලයෙහි උපාධිදාරී Jonas Pfeil විසින් මෙම අපූරු කැමරාව නිර්මණය කර තිබේ. බැලුබැල්මට පාපන්දුවක් සේ පෙනෙන මෙම බෝලය මත ස්ථීර ලෙස නාභිගත කරන ලද ...
Compression හා Decompression ගැන යමක්... VITS Skylight සම්පීඩනය කිරීම මඟින් බලාපොරොත්තුවන්නේ ගොනුවක් ගබඩාකිරීමේදී අත්පත් කරගන්නා අවකාශයේ ප්‍රමාණය අවම කිරීම ය. File එකක් නිර්මාණයවන්නේ මෘදුකාංගයකට හෝ පරිගණක පරිශීලකයාට තේරුම්ගත හැකි, භාවිත කළ හැකි ආකෘතියකටය. පරිගණනයේ සාමාන්‍ය රීතියක් හැටියට file size එක හැකිතාක් අවම ලෙස තබාගන්නා ලෙසයි බොහෝ මෘදුකාංග ක්‍රියාකරන්නේ. ඒ අනුව යම්යම් file format තරමක්දුරට සම්පීඩිත තත්වයේ පවතිනවා.ගොනුවක දත්ත ආකෘතිගත කර ඇත්තේ අදාල මෘදුකාංගයකට කියවා තේරුම්ගත හැකි ආකාරයකටය.සම්පීඩනය ...
Right Click මෙනුවට කැමති වැඩසටහනක් VITS Skylight වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද.මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor වැඩසටහන විවෘත කරගන්න.මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell ...
වැළලීගිය ඇපල් සිහිනය VITS Skylight Apple ඉතිහාසය විදහාපාන ලොව විශාලතම සහ දුලබම අයිතමයන් ගොනුව මෑතකදී අනාවරණය විය. 1976 සිට මෑතකාලය දක්වා දිවයන මෙම එකතුවට හිමිකම්පාන්නේ එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් සරසවියයි. නමුත් අදටත් එය මහජනයාගෙන් වසන්කර තබාගැනීමට ඔවුන් ක්‍රියා කරතිබෙන්නේ මෙම දුර්ලබ එකතුවට ජනතාපැමිණීමෙන් වියහැකි හානි පිළිබඳ සැලකීමෙන් බව සඳහන්වේ.ලිපිලේඛන, දෘඩාංග, මෘදුකාංග, පටිගතකරන ලද සම්මුඛසාකච්ඡා ආදිය ඇතුලත් මෙම එකතුව සරසවිය වෙත ලැබුණේ Apple සමාගම විසින් 1997දී කළ ...
Data Compression VITS Skylight පරිගණකය භාවිත කිරීමේදී විශාල ගොනු කුඩා ගොනු බවට පත්කිරීමේ ඉන්ද්‍රජාල හැකියාවෙන් යුත් විවිධ පරිගණක වැඩසටහන් ඔබට මුණගැසී ඇතිවාට සැක නැත. Winzip, WinRAR, CABARC, PowerArchiver, Total Commander, 7zip ආදී විවිධ නම්වලින් අපේ පිහිටට එන මෙම මෘදුකාංග පොදුවේ දත්ත සම්පීඩක ලෙස හඳුන්වමු.කිසියම් තොරතුරු සමූහයක් හැකිතාක් එහි අර්ථය නොවෙනස්වන පරිදි අවම ඉඩ ප්‍රමාණයකින් (අවම bit ප්‍රමාණයකින්) නිරූපණය කිරීම දත්ත සම්පීඩනය ලෙස අර්ථදැක්විය හැක.උදාහරණයක් ...
Moblile World Congress 2012 වතගොත VITS Skylight මොබයිල් ලෝකයේ දැවැන්තම උළෙලක් වන Moblile World Congress (MWC) 2012 උත්සවය පසුගිය සතියේ පැවැත්වුණා. ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දින 4ක් මුළුල්ලේ පැවති මෙම අති දැවැන්ත ප්‍රදර්ශනය සඳහා මොබයිල් ලෝකයේ දැවැන්තයින් ඇතුළු 60,000 කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයක් වාර්තාවුණා. මෙම ප්‍රදර්ශනයේදී බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වුණු සමාගම් කිහිපයක නවතම නිපැයුම් ගැන විස්තර කිහිපයකි මේ:SAMSUNG සැම්සන්ග් සමාගමේ නවතම ගැලැක්සි නෝට් ටැබ්ලටය වන Galaxy Note 10.1 මෙම ...
Megapixel 41ක කැමරාවක් සහිත Smartphone එකක් හඳුන්වාදෙයි VITS Skylight ලෝකයේ ස්මාර්ට් ෆෝන් නිෂ්පාදනයෙන් තුන්වන ස්ථානයේ පසුවන Nokia සමාගම තම සමාගම විසින් නොබෝදිනකින්ම වෙළඳපලට ඉදිරිපත්කිරීමට බලාපොරොත්තුවන නවතම ස්මාර්ට්ෆෝනයක් ප්‍රකාශයට පත්කරයි. Nokia 808 PureView නමින් දැනට හැඳින්වෙන මෙම Smartphone එකෙහි සුවිශේෂි ගුණාංග අතුරින් ප්රමුඛ ස්ථානයේ පසුවන්නේ එහි ඩිජිටල් කැමරාවයි. කැමරාවෙහි විශේෂ ගුණාංග 3ක් මේවනවිට ප්‍රකාශයට පත්ව තිබෙනවා. එනම්:මෙගාපික්සල් 41ක ධාරිතාවකින්යුත් සෙන්සර්Carl Zeiss ප්‍රකාශ තාක්ෂණයනවතම Pixel Oversampling තාක්ෂණයක්Nokia 808 PureView ඇසුරින් ලබාගන්නා ...
FACEBOOK වැහෙන කතාව - ඇත්ත නැත්ත VITS Skylight 2012 මාර්තු 15 (බ්‍රහස්පතින්දා) දිනෙන් මත්තට ෆේස්බුක් සමාජජාලය වසාදැමීමට එම සමාගම තීරණය කර ඇතැයි යන්න පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුනු කතාවකි. තමන් නිතිපතා භාවිත කරනු ලබන ෆේස්බුක් ජාලය හිටිහැටියේම වසාදැමෙන බව ඇසීමෙන් පුදුමයට හා කම්පාවටපත් පිරිස සුළුපටු නොවේ. මන්දයත් මිලියන 845 ඉක්මවූ ලොවපුරා ජනකායක් රොදබැඳ ෆේස්බුක් අඩවිය වෙත පිවිසීමට පුරුදු පුහුණු කරගෙන සිටින්නෝ බැවිනි. ෆේස්බුක් වසාදැමෙන බව ලොවම මවිත ...
පරිගණක සංකේතනාමයන් - X අකුරෙන් VITS Skylight XසංකේතනාමයතේරුමසටහනXAGXML Accessibility GuidelinesXML ඇසුරින් දත්ත නිරූපණයේදී සැලකියයුතු උපදෙස්මාලාවක්XAMLeXtensible Application Markup Languageපරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන ලද භාෂාවකි. XMLට සමානතා දක්වයිXDMX Window Display ManagerX Window පද්ධතියේ ස්ථාපිත display manager වැඩසටහනXCBLXML Common Business Librarye-business සඳහා XML නිර්දේශන සමූහයකිXHTMLeXtensible Hypertext Markup LanguageXML මත පදනම් වෙමින් HTML හි වැඩිදියුණු කරනලද සංස්කරණයක්XILPX Interactive ListProcX
ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාවට ඔවදනක් VITS Skylight ගොඩක්දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා වයිරස්, ස්පෑම්, ට්‍රෝජන් වැනි දේවල් වලින් ආරක්ෂා වන්නේ කොහොමද කියන එක. නමුත් ඉස්සර අපි ඒවාගෙන් ආරක්ෂා කරගැනීමට වෙහසුනේ අපගේ පරිගණකයයි. නමුත් දැන් පරිගණකය විතරක් නෙවෙයි ඒ වගේ නරක වැඩසටහන්වලින් අන්තර්ජාලයේ ගිණුම් පවා දැන් ආරක්ෂා කරගැනීමට සිදු වෙලා. ඒකට හොඳම උදාහරණය තමා ඔබගේ මුහුණු පොතේ ගිණුම.ඉතින් මුහුණු පොතේ ඉන්න අයට දැන් නිතර නිතරම නරක වැඩසටහන්වලින් තමන්ගෙ මුහුණු ...
මොකක්ද මේ CISCO ? VITS Skylight පරිගණක ජාලගතකරණයේදී නිතර අසන්නට ලැබෙන වචනයක් තමයි Cisco කියන්නෙ. ජාලකරණය ගැන උනන්දුවක් දැක්වුවත් නොදැක්වුවත් Cisco ගැන නම් අසා නොමැති අයෙක් සොයාගන්නටත් නැතිතරම්.Cisco කියන්නෙ සමාගමක්. පරිගණක ජාලකරණය හා සම්බන්ධ උපාංග නිපදවීමයි එහි කර්මාන්තය.මේ සමාගම ආරම්භ වන්නේ 1984 දී Cisco Systems නමින් ලෙන් බොසැක් සහ සැන්ඩි ලර්නර් විසින්. Cisco Systems හි පළමු නිෂ්පාදනය වන්නේ එකල භාවිත කළ විවිධ ජාලකරණ ප්‍රොටෝකෝල බොහෝමයකට අනුකූලතාව ...
Web Feeds ගැන යමක්... VITS Skylight ලෝක ව්‍යාප්ත ජාලයේ වැදගත් යැයි හැඟෙන වෙබ් අඩවි වල නිතිපතා පලකරන කරුණු කාරණා, පුවත් ආදිය බලාකියාගැනීමට කොයිකවුරුත් කැමතියි. නමුත් බොහෝ වෙබ් අඩවි වලට අලුත් කරුණු එක්වීමට යම් කාලයක් ගතවෙනවා. එම උණුසුම් තොරතුරු ජාලයට එක් කළ මොහොතේම දැනගැනීමට නම් ඔබ කුමක් කළයුතුද? සාම්ප්‍රදායික ක්‍රමයට නම් සාමාන්‍යෙයන් දිනකට හෝ සතියකට වරක්වත් තමන්ගේ ප්‍රියතම වෙබ් අඩවි වලට ඇතුල් වී එහි අලුත් කරුණු ...
Shutdown විධානය නවත්වමු! VITS Skylight මෙම ලිපියෙන් කියාදීමට සූදානම් වන්නේ පරිගණක වෙත් ලබා දුන් Shutdown විධානය නවත්වන ආකාරයි.වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් පරිගණකයක් Shutdown කිරීම, විශේෂ උපදෙස් මාලාවක් ක්‍රියාත්මක වීම මඟින් සම්පූර්ණය වන ක්‍රියාවලියකි. එනිසා හදිසියේම කලින් ලබා දුන් Shutdown විධානය නවතාලීමට නම් ඒ වන විටත් පරිගණකය තුල ක්‍රියාත්මක වෙමින් පවතින Shutdown වීමේ විධාන පෙල නවතා එය ආපස්සට පිහිටවිය යුතුය. මෙය කිරීම සඳහා විශේෂ විධානයක් අවශ්‍ය ...
ජීමේල් සීඝ්‍රගාමී කරගන්නා අයුරු VITS Skylight නිදහස් ඉ-මේල් සේවයක් වන GMail පාවිච්චි කරන පුද්ගලයන් හට නිරන්තරයෙන්ම අත් විඳින්නට වන කරදරයක් වන්නේ මුල් පිටුව ඉක්මනින් විවෘත නොවීමයි. තමාගේ ගිණුමට ලොග් වීමට තැත් කිරීමේදී Loading...... හෝ “Oops... the system was unable to perform your operation. Please try again in a few seconds”. යනාදී වැකි පෙන්වයි. නැතිනම් හිස් පිටුවක් පෙන්වයි. දැන් ඉතින් එම දෝෂය ඉවත් වන තෙක් සිටිනවා හැර ...
විකිපීඩියා ඉංග්‍රීසි විශ්වකෝෂය පැය 24ක් වසා දැමේ. ගූගල් සමාගම ද විරෝධයට එක්වෙයි. VITS Skylight ජනවාරි 18 දින UTC වේලාවෙන් 05:00: එනම් ශ්‍රී ලංකා වේලාවෙන් 11:00 ට පමණ ඉංග්‍රීසි විකීපීඩියා සංස්කරණය තාවකාලිකව අත්හිටුවීමට එහි පරිපාලකයන් තීරණයකරති. ඇමරිකානු නියෝජිත මධ්‍ය මණ්ඩලය(එනම් පාර්ලිමේන්තුව) විසින් සම්මත කිරීමට යෝජනා කරනු ලැබ ඇති SOPA(Stop Online Piracy Act) පනතට හා එම සෙනේට් මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති PIPA(PROTECT IP Act) පනතට විරෝධය පළකිරීම මෙහි අරමුණවී ඇත. බුද්ධිමය හිමිකම් පිළිබඳ නීතිමය ...
WWW උප්පති කතාව VITS Skylight World Wide Web නැත්නම් ලෝක ව්‍යාප්ත ජාලය කියන්නෙ අන්තර්ජාලයේ මෘදුකාංගමය සේවාවක්. ඔයගොල්ලො දැන් මේ ලිපිය කියවන්නෙත් මේ සේවාවේ පිහිටෙන් තමයි. අන්තර්ජාලයේ මුතුන්මිත්තා ලෙස සැලකෙන්නේ 1969 සිට පැවතගෙන ආ ARPANET (Advanced Research Projects Agency NETwork) පරිගණක ජාලයයි. එය ඇසුරෙන් අන්තර්ජාලය නිල වශයෙන් නිර්මාණය වුණේ 1982 දි: වින්ටන් සර්ෆ් සහ රොබට් කාන් කියන පරිගණක පර්යේක්ෂකයන් 1973 දී ඉදිරිපත් කළ TCP/IP කියන ප්‍රොටෝකෝලවල ...
ස්මාට්ෆෝන් හොරු ඇල්ලීම VITS Skylight ස්මාට්ෆෝන් වර්ගයේ ජංගම දුරකතනයක් නැති වූ විට එය තිබෙන තැන සොයාගැනීමට, කොතැනක තිබුනත් ලොක් කිරීම හෝ එහි ඇති දත්ත මකා දැමීමට පුළුවන් මෘදුකාංග දැන් නිපදවා තිබේ. මෙම මෘදුකාංගය ඇන්ටිතෙෆ්ට් නමින් හැඳින් වේ. මෙම මෘදුකාංගය ඇන්ටිතෙෆ්ට් නමින් හැඳින් වේ. මෙම මෘදුකාංගය ස්මාට්ෆෝන් එකේ ඉන්ස්ට්‍රෝල් කරගනා විටදී රහස් අංකයක් ඉල්ලා සිටියි. යම්හෙයකින් දුරකතනය නැතිවුවහොත් එය ලොක් කිරීමට හෝ ඩේටා ඩිලීට් කිරීමට හෝ ...
Harddisk ඉතුරු වුනේ ඇයි? VITS Skylight බොහෝ පරිගණක වල අවම වශයෙන් ස්ථිර මතක 2ක් ඇත. එක් කොටසක් ROM මතකය ලෙස දෘඩාංග චිපයන් තුල අඩංගු වන අතර අනෙක් කොටස දෘඩතැටිය (harddisk) තුල අඩංගු වෙනවා. මෙතනදී ස්ථිර මතකය ලෙස අපි හැඳින්වූයේ විදුලිය විසන්ධි වූ විට ද නොවෙනස්ව පවතින මතකය(non-volatile memory) පිළිබඳවයි.වත්මන් පරිගණක අතිබහුතරය තුළ ප්‍රධාන මතකය දෘඩ තැටියයි. අනෙකුත් උපාංග වලට සාපේක්ෂව විශාලතම ධාරිතාවය ඇත්තේ ද දෘඩතැටියටයි. ...
Boot-time Error Messages තේරුම් ගෙන පිලියම් යොදමු ! VITS Skylight පරිගණකයක් ක්‍රියාත්මක වීමේදී පරිගණකය සිය පද්ධති විමසා බැලීමේ පරීක්ෂා(self test) ගණනාවක් සම්පූර්ණ කරයි (BIOS මගින්). එහිදී මුලින්ම වන්නේ මවුපුවරුව හා සම්බන්ධ පරිගණක උපාංග හඳුනාගෙන පරික්ෂා කිරීමයි. මෙම අවස්ථාවේදී මතුවිය හැකි ගැටලු කිහිපයක් පිළිබඳව විමසා බලමු.පරිගණක තිරයේ දිස්විය හැකි දෝෂ පණිවුඩ: පණිවුඩය හේතුව පිළියම් Non system disk or disk error. පරිගණකය මෙහෙයුම් පද්ධතිය නොවන වෙනත් ඩිස්ක් එකකින් බූට් වීමට වෙර දැරීම. ...