Sunday, March 18, 2012

Anonymous OS උගුල

පසුගිය 12වන දා ලොව ප්‍රකට Anonymous හැකර් කණ්ඩායමේ නමින් මෙහෙයුම් පද්ධතියක් අන්තර්ජාලයට එක්වුණා. මෙය මුලින්ම SourceForge අඩවියේ පළවුණු අතර සුවිශාල ලෙස ප්‍රචලිත්වයක් අත් කරගත්තා. අධ්‍යාපනික බෙදාහැරීමක් වශයෙන් සලකුණු කොට තිබුණු එහි වැඩිදුරටත් සඳහන් වූයේ වෙබ් අඩවිවල ආරක්‍ෂාව බිඳහෙලිය හැකි යෙදුම් එහි අඩංගු බවයි. නමුත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එය තම වෙබ් අවකාශයෙන් ඉවත්කිරීමට Sourceforge පරිපාලකයන් කටයුතු කළේ එහි විනිවිදභාවය පැහැදිලි නොමැති බව ප්‍රකාශයට පත්කරමිනි. කෙසේ වුවද නොබෝ වේලාවකින් විවිධ අඩවි කීපයක් තුලම බාගත කරගත හැකි පරිද්දෙන් Anonymous OS පළවිණි.


ලොවපුරා නොයෙකුත් සමාගම් විවිධ මතවාද ගොඩනගන්නට වූහ. වෙබ් ජාලය බිඳහෙලීමට ඇනොනිමස් සූදානම් වන  බව කෙනෙකු මත පලකරද්දී තවකෙකු කියාසිටියේ මෙය ඇනොනිමස් ජාලය ලොවපුරා ව්‍යාප්තකිරීමේ උත්සාහයක් බවයි. ඒවා එසේ වෙද්දී, තම නිල Twitter පිටුව මගින් මෙම මෙහෙයුම් පද්ධතිය පිළිබඳ ප්‍රකාශයක් නිකුත්කරමින් Anonymous කණ්ඩායම දන්වා සිටියේ එය තමන් විසින් නිකුත්කරණ ලද්දක් නොවන බවත් එය භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.

නව MATE Desktop Environment යොදා ඇති මෙම ව්‍යාජ මෙහෙයුම් පද්ධතිය නිමවා ඇත්තේ Ubuntu 11.10 සංස්කරණය ඇසුරෙනි. තවද එය තුල Trojan වැඩසටහන් අඩංගු බවද ප්‍රකාශයට පත්විණි.


Anonymous Operating System පලවීමත් සමග කෙතරම් අනවබෝධයක් ඇතිවීද යත් ලොවපුරා විසිරී සිටින සමහරක් ඇනොනිමස් සාමාජිකයින් පවා මෙය අත්හදාබලන්නට ගොස් හොඳ පාඩමක් ඉගෙන ඇති බවද වාර්තාවේ. ඉතින් එවැනි තත්වයකදී මෙය download කරගැනීමට නිකුත්වී දින 2ක් ගතවන්නටත් මත්තෙන් ලක්‍ෂ 3කටත් ආසන්න පිරිසක් විසින් බාගතකරගත් බව ඇසීමෙන් පුදුමයට පත්විය යුතු නැත. එය කෙසේවුවත් ඇනොනිමස් නාමය ඇඟේ ගාගන්නට දඟලන අයටත් දුරදිග නොබලා කටයුතු කරන කාට කාටත්: AOS කාලයකට මතක හිටින පාඩමක් වනු ඇත.

13 comments:

meka honda post ekak!!!!!
habai meka educational ekak kiyala thama mata aranchiya!!!1
eka aththada????

thawath anonymous la hadapu OS thiyenawaada???

නියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

මේවට අහුවෙන්නේ ඉතින් මෙලෝ හසරක් නොදන්න හැක් කියන වචනේ මහා ලොකු එකක් කියල හිතන අය තමා. වින්ඩෝස් 7 වල නම වෙනස් කරලා ඕ.එස් එකක් ගහන්න යන්නේ විනාඩි 30යි.ඒ වැඩේ පොඩි එකෙකුටත් කරන්න පුළුවනි.

බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට.

@Anonymous: Anonymous විදිහට comment දානවට අපෙත් වැඩි කැමැත්තක් නෑ. ඊළඟපාරවත් මොකක් හරි නමකින් comment එකක් දාන්ඩ. ;)

@Faizel: මේ OS එකත් පේනවිදිහට ඔය Anonymous කණ්ඩායමේ වැඩක් නෙවේ, වෙනකාගෙද වැඩක්. අනික @ලකී කිව්ව වගේ නම වෙනස් කරකර හදන එවුවා හොයන එකේ වැඩකුත් නෑ.

@හෙළයේ ඉතිහාසය: බ්ලොග් එක හොඳයි. දිගටම කරගෙන යන්ඩ

@ලකී: දැන් කාලෙ වැඩියෙන්ම ඉන්න ඒ විදිහට හිතන අයතමා. හැක් කියන වචනෙ ගහගන්ඩ නොකරන දෙයක් නෑ.. බොහොම ස්තූතියි ඔබතුමාගෙ අදහස් දැක්වීමට.

hodha vadakk.....
thanks apiwa danuwatt karanawata

@Ruwan: ස්තූතියි. දිගටම අපිත් එක්ක සම්බන්ධවෙලා ඉන්ඩ ;)

@Inika: දැන් නම් හොයාගන්ඩත් අමාරුවෙයි. Download Links ගොඩක් අයින්කරලා. :D Torrents එකක් දෙකක් තියෙයි. ඕනනම් බලන්ඩ හැබැයි ඔන්න කීවෙනෑ කියන්ඩෙපා. :P

@Indika Sir
අපිනම් ඉල්ලගෙන කන්න කැමති නෑ

මාත් බාන්න පටන් ගත්තා මේක දැක්කම වෙලාවට කනෙක්ෂන් ස්ලෝ නිසා ඉවරයක් කරගන්න බැරිවුනා.... වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්ඩෝ

ස්ලෝ කනෙක්ෂන් දෙන්නෙ අපේ ආරක්සාවටනෙ :P. හරි. ඔන්න අයින් කරා

මේ පොස්ටුව නම් වැරදි මතයන් මතයි ලියවිලා තියෙනෙන් , ඊටත් සමරුන්ගේ කොමෙන්ට් බැලුවම හිනා යනවා, සමහර විට මේ පොස්ටුවෙන් ඕක ගැන අහල ලොකුවෙන් කොමෙන්ට් දීල තියෙන බවත් තේරෙනවා , වින්ඩෝස් වෙනස් කොරල වෙන ඔ . ඇස හදන්න , හනේද කියන්නේ ,

ඒ කොමෙන් හරි , ඇනොනිමස් ගෘප් එක ට්විටර් වලින් කිව කියල කියන්න බහ මොකද ඇනොනිමස් කියන්නේ අදහසක් නිසා එක එක යට එක කොටස් වලට කඩා ගන්න බහ .

ඒ වගේම මැල්වෙයා තියෙනවා කියල කතාව බොහෝ දෙනා කිසිම පදනමක්ල් නැතිව කියපු කතවක් ,
ඇනොනිමස් OS එක ගැන සේකුරිටි රෙපොර්ට් එකක් නිකුත් කරලා තිබුන ප්‍රසිද්ද Security සමාගම් මගින් ,

කොහොම උනත් හොද කතා බහට ලක් වෙන පොස්ටුවක් !

Comment එකක් දාන්න