නිලධාරියාගේ තෙල් සාත්තුව Jangun මේ කියන්න යන්නේ ඇත්තටම සිදුවූ හාස්‍යය මෙන්ම කනදාටුවත් මුසුවූ සිදුවීම් දෙකක්. මේ කතා දෙකේම කතා නායකයා වන්නේ අද ජීවතුන් අතර නැති මේජර් වරයෙක් ඔහු මියගියේ කිසියම් රෝගී තත්වයක් උත්සන්න වීමෙන්. මේ නිලධාරියා අඩි 6 කට මඳක් වැඩි උසකින් යුත් කඩවසම් පෙනුමකින්ද යුත් දක්ෂ නිලධාරියෙක්. ඔහු ඉතා නීතිගරුකයි. මම ලුතිතන් නිලයේ සිටියදී, මෙම නිලධාරියා එවකට සේවය කරමින් සිටි මරදන්කඩවල ප්‍රදේශයේ කඳවුරකට යන්නට ...
අපි දෙන්නේ ඔක්කොම සුන්නද්දූලි වෙලා යන්ඩ. . . හරිද?. . (දෙවැනි කොටස) – WMD and NBC Warfare (Part Two) Jangun අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ ලිපියේ පළමුවැනි කොටසෙන් මා ඔබට සරල හැඳින්වීමක් කළා, සමූල ඝාතක අවි කියන්නේ මොනවාද කියා. මේ ලිපි මාලාව ආරම්භ කරන්නට හේතු වුනේ, උතුරු/දකුණු කොරියා දෙක අතර ඇතිවූ උණුසුම් යුද තත්වයයි. ලිපියේ දෙවැනි කොටස ඔබවෙත ගෙන එන්නට ප්‍රමාද වුනේ මා සෑහෙන දුරට අවිවේකීව සිටි නිසයි. අනෙක් කරුණ මෙවැනි ලිපියකදී ලියන තාක්ෂණික [...] ...
හදිස්සියෙන් ලියන්න හිතුනා – A Memory Flashback Jangun අද, මට, අහම්බෙන්, මගේ මෝටර් රථයේ ගුවන්විදුලි යන්ත්‍රයෙන්, පැරණි ඉංග්‍රීසි ගීතයක් අහන්න ලැබුනා. ‘O My Darling knock three times’ නමැති ඒ ගීතය, මා යලිත් මගේ අතීතයට රැගෙන ගියා. මේ ගීතය මා මුලින්ම ඇසුවේ, 1972 දී පමණ, මා උසස් පෙළ අවසන් කරමින් සිටියදී බවයි මතකය. එවකට අපට තිබුනේ, ගුවන්විදුලිය පමණයි. සෑම ඉරිදාවකම, පෙරවරු 8 – 9 […] ...
උතුරේ සංචාරයක් (පළමුවැනි කොටස) Jangun යුද්දෙන් පස්සේ වවුනියාව සහ වැලිඔය පැත්තේ ගිහින් ආවත්, උතුරට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පසුගිය දෙසැම්බර් 17 – 18 දෙදින තුළ, උතුරේ සංචාරයක යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. මේ කළින් සැළසුම් කළ සංචාරයක් නොවේ. හිතුනා ගියා. නමුත් සංචාරය සාර්ථකව කරන්න හැකිවුනා. යුද හමුදාවේ දැනට සේවයේ යේදී ඉන්න යාලු මිත්තරයන්ගෙන්, විශාල උපකාරයක් ලැබුණා. අපේ සම්පූර්ණ පිරිස […] ...
පැට්‍රෝල් ගහන්නැතුව පැට්‍රෝල් යමුද? (3 වන කොටස) ………………………. Let’s Learn Military Patrolling (Part 3) Jangun පැට්‍රෝල් යාමේ කතන්දරේ ගැන, මා හිතුවාට වඩා ඔබේ උනන්දුවක් දකින්නට ලැබීම සතුටක්. සෑහෙන පිරිසක්, ඊළඟ කොටස ඉක්මණින් කියවන්න අවශ්‍ය බව කියා තිබුණා. නමුත් ඉතින් පරිවර්තන කටයුතු මෙන්ම මාධ්‍ය රූප සැකසීමත්, ටිකක් වෙහෙසකර නිසා තමයි, මේ විදිහට දින කීපයක් ගතවුණේ. හොඳයි, අදත් අපි වැඩි චූර්ණිකා නැතුව, පැට්‍රෝල් යාම පටන් ගම්මු. හැබැයි, පහුගිය කොටස් දෙක කියවලා […] ...
දියුණුව Jangun 1970 – යුද හමුදාවේ සෑම ලිපිකරුවකුටම පාහේ ටයිප් රයිටරයක් සපයා තිබුණි. ඔවුහු දිනපතා වෙහෙසවී තම කාර්යාලයීය කටයුතුවල නියැලී සිටියහ. කලට වෙලාවට ලිපි කටයුතු නිම කළහ. 2010 – යුද හමුදාවේ සෑම ලිපිකරුවකුටම පාහේ අන්තර්ජාල පහසුකම් සහිත ඩෙස්ක්ටොප් පරිගණක සපයා ඇත. නමුත් කිසිදු ලිපි ලේඛනයක් හෝ වාර්තා සැකසීමේ කටයුතු කලට වෙලාවට සිදු නොවීම ගැන සියලු දෙනා පුදුම වෙති. 1970 – සම්පූර්ණ ස්වයංක්‍රීය ...
පුළුවන්නම් වරෙන්කො අපේ පැත්තෙන් යන්ඩ (දෙවැනි කොටස) – The Deadly Game ‘Ambush’ (Part Two) Jangun බලු කිරි කාරයන්ගේ බලු වැඩ නිසා මේ ලිපිය සකස් කිරීම පසෙක තබා, ‘බලුකිරි හෙවත් ජරා ඔන්ලයින් සමාජය’ ගැන කෙටි ලිපියක් ලියන්න වුණා. ඒ පිලිබඳ අදහස් හා උපදෙස් ලබාදුන් ඔබ සියළු දෙනාට මුලින්ම හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා. පසුගිය ලිපියෙන් අපි කතා කලේ රැකසිට පහරදීමකදී විශේෂයෙන් ප්‍රයෝජනයට ගන්නා බෝම්බ සහ ආයුධ පිළිබඳවයි. සමහරවිට ඔබ [...] ...
සාහිත්‍යකරණය සහ මට්ටම් පොලු බාස්ලා Jangun පුරුෂයකු සතු සුවිශේෂී පරම සුන්දර ජෛව ක්‍රියාවක් වන, ලෝකාස්වාද රතියෙහි යෙදීමට තරම් ලිංගික ශක්තිය නැති තැනැත්තා, ‘නපුංසකයා’ ලෙස හැඳින්වීම වරදක් නොවෙයිනේ. එමෙන්ම සාමාන්‍ය සමාජ ව්‍යවහාරයේදී, ඍජුව අදහස් ප්‍රකාශ කළ නොහැකි තැනැත්තාද, එක්තරා නපුංසක ගණයකට දැමීමේ වරදක් ඇතැයි මම නොසිතමි. එවැනි සාහිත්‍ය භාෂා ඥානයෙන් නපුංසක තත්වයට පත්වුවකු, අච්චාරු භාෂාවෙන් ලියන ලද ප්රලාපයක් දැකීමෙන් පසු, […] ...
පින්තූර තුනක් Jangun මා දන්නවා, ඔබ, ‘අළු යට ගිණි හෙවත් අතයට සෙල්ලම්‘ ලිපියේ, ඊළඟ කොටස බලාපොරොත්තුවෙන් සිටින බව. නමුත්, ඒ කොටස සංස්කරණය ඉතා දුෂ්කර සහ, වගකීමෙන් කලයුතු කාර්යයක්. එය නුදුරේදීම එළිදක්වන්නම්. තවමත් මා තරමක් කාර්ය බහුලවයි ඉන්නේ. ඒ නිසා, මෙවැනි සරළ ලිපි ඉදිරිපත් කිරීමට පමණයි, අවකාශ තිබෙන්නේ. මා සමහර බ්ලොග් ලිපිවල, ඔබට කියා ඇති, මට අක්කලා […] ...
අපේ කාලයේ තුවක්කු 4 Jangun කොහොමද? .303 රයිෆලයෙන් වෙඩි තැබීමෙන් පසු ඔබ සනීපෙන් ඉන්නවද? හරියට තුවක්කුව අල්ල නොගත්තොත් උර ඇටය (Coller Bone) කැඩෙනවා. මම පාසල් ශිෂ්‍ය භටයකු කාලේ එහෙම වෙනවා මම දැක තිබෙනවා. එයට හේතුව උරහිසට හේත්තු වන පරිදි නිසි ලෙස රයිෆලය තබා නොගැනීමයි. රයිෆලයේ මිට (butt) සහ උරහිස අතර පරතරයක් සිටිනසේ රයිෆලය අල්ල ගත්තොත් එවැනි අනතුරු වෙනවා. දැනට තිබෙන පාසල් කාන්තා ශිෂ්‍යභට සාමාජිකයන්ටනම් මේ රයිෆලය ...
අපි අහපු වෑර්ලස් (තුන්වැනි කොටස) -Vintage Radio Sets (Part Three) Jangun අපි අහපු වෑර්ලස් ලිපි මාලාවේ, පළමු වැනි සහ දෙවැනි කොටස් වලට, ඔබේ ඉහල ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන ඔබට ස්තුතිවන්ත වන අතර, ඔබේ දැණුමට යමක් එක්කරන අතරම, ඔබේ මතකයද, අතීතයට ගෙනයන්නට හැකිවීම සතුටක්. මේ කොටසේදීත්, වෑල්ව් රේඩියෝ සම්බන්ධ තවත් තොරතුරු සහ, රේඩියෝවට තැටි ධාවන යන්ත්‍රය සම්බන්ධවීම ඇතුළුව, තවත් කරුණු කියන්නට බලාපොරොත්තු වෙනවා. මේ කොටසේදී, මා [...] ...
ලොව හෙල්ලූ ගොපල්ලෝ – The Cowboys Jangun ලෝක සිනමාව පිලිබඳ ඇල්මක් තිබෙන සියලු දෙනා කව්බෝයි හෙවත් ගොපල්ලන් ගේ ජීවන රටාව පසුබිම් කරගනිමින් නිපදවූ චිත්‍රපට නරඹා ඇති. කාලෙන් කාලෙට යම් යම් තේමාවන් පදනම් කරගනිමින් චිත්‍රපටි නිපදවීම ලෝක ප්රවනතාවක්. යුද්ධය පසුබිම් කරහත් චිත්‍රපටි, (ද ලෝන්ගස්ට් ඩේ වැනි) අද්භූත හෝ මාරක කතා පසුබිම් කරගත් චිත්‍රපටි, (ඩ්රැකියුලා, හැරී පොටර් වැනි ) ත්‍රාසය පදනම් කරගත් චිත්‍රපටි, (මිෂන් [...] ...
අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (තුන්වැනි කොටස) The Battle Tank (Part Three) Jangun යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමත්, යුද්ධයක් කරනවා වගේ වැඩක්. මොකද, මේ සඳහා ලිපි විශාල ගණනක් කියවන්න වෙනවා. ඒ ලිපි වලින් අවශ්‍ය කොටස් තෝරාගෙන, පරිවර්තනය කරලා, සංස්කරණය කරලා, අවශ්‍ය පින්තූර සහ වීඩියෝ හොයාගෙන, ඒවත් සංස්කරණය කරලා, අවසාන පිටපත හදනවා කියන්නේ, ඉතිං යුද්ධයක් තමයි. මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් ඕනෙ කියලා කතාවක් […] ...
හෑ. . . දන්නෙම නැතුව සීයෙක් වෙලානේ මම Jangun සාමාන්‍යයෙන් මා මේ බ්ලොග් අඩවියේ ලියන ලිපි ගණන පෙන්වන දර්ශකය දෙස බලන්නේ කලාතුරකිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ, ලියන ලිපි ගණන පිළිබඳව නොව, මා වැඩි අවධානය යොමු කරන්නේ, ලිපි වල අන්තර්ගතය පිළිබඳව වීම නිසාය. මා අවසන් වරට ප්‍රකාශයට පත්කළ ඔයා බ්‍රිගේඩියර් ද, කමඩොර් ද, ග්රූප් කැප්ටන් ද, යන ලිපියේ දෙවැනි සහ අවසාන කොටස සැකසීමෙන් පසු එහි අවසන් සංස්කරණය කරමින් සිටියදී ලිපි දර්ශකය ...
හමුදාවේ හොරණෑ හඬ Jangun මේ ලිපිය ලිවීමේ අදහස මගේ ඔලුවට ඇතුළු කලේ හරී. පසුගිය ලිපිය (අපේ කාලයේ තුවක්කු 5) සමග, මා බ්ලොග් පිටුවේ පැති පුවරුවේ ප්‍රදර්ශනය කල, යුදහමුදා බෑග් පයිප් වාදිකාවගේ පින්තූරය නිසයි, මේ මාතෘකාවට මුල පිරුණේ. ඉතින් අලුත් මාතෘකාවක් ලබාදුන්නට හරීට ස්තුති කරමින් ලිපිය පටන්ගන්නවා බියුගල් එක යනු තඹ හෝ පිත්තල වලින් නිර්මාණය කරන ලද නලාවක්. එය පිඹින පැත්තේ කෙලවර සිට, ශබ්දය පිටවන ...
ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ………………………….. ඔන්න මම කියලා දෙනවා…. (තුන්වැනි කොටස) Jangun ඉතින් කොහොමද? මේ ලිපි මාලාව, ඔබේ සිත තදින්ම පැහැරගත් බව, බොහොමයක් ප්‍රතිචාර වලින් පෙනෙනවා. ලිපියේ මීට පෙර කොටස්, තවමත් කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතනින් සහ දෙවැනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. මා සිතා සිටියාට වඩා බොහොමයක් කරුණු ගැන, ඔබ දක්වන උනන්දුව ගැනත්, ඔබට ස්තුතිවන්ත වෙනවා. සමහර පාඨකයන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට සිදුව තිබෙන නිසා, කලින් සිතා […] ...
මෙන්න තවත් පරපුටුවෙක් Jangun බලුකිරි ඩොට් කොම් නමැති අසික්ෂිත ජාලගත සමාජය විසින් මගේ ලිපි අමු අමුවේ කොපි කිරීම පිළිබඳ ලිපිය ඔබ කියවන්න ඇතිනේ. ඒ සමගම අප හිතවත් Gayan 540 මහතා, මගේ ලිපි කොපි කරන තවත් පරපුටුවකු ගැන තොරතුරු දී තිබුනා. ඔබට සමහරවිට මතක ඇති, මම කලකට පෙර, ඉන පටි පැළඳීම ගැන ලියා තිබුන ලිපිය. (2012 මැයි මස 2 [...] ...
මහනුවරට අලුත් මහපාරක් ඕනෙද? How to resolve vehicle congestion in Kandy Jangun අංක A 26, මහනුවර – මහියංගණය ප්‍රධාන මාර්ගයේ, මහනුවර නගරයේ, ශ්‍රී දළදා මාලිගාව අසළින් වැටී තිබෙන කොටස, 1998 වර්ෂයේ සිට මේ දක්වා වසා දමා තිබෙනවා. මෙයට හේතුව වූයේ 1998 ජනවාරි මස 25 වැනි දින LTTE සංවිධානය විසින් ශ්‍රී දළදා මාළිගාව වෙත එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයයි. මෙම සිද්ධියෙන් පසු ආරක්ෂක පියවරක් වශයෙන්, මෙම මාර්ගය වසා […] ...
පැට්‍රෝල් ගහන්නැතුව පැට්‍රෝල් යමුද? (2 වන කොටස) ………………………. Let’s Learn Military Patrolling (Part Two) Jangun මතකයි නේද අපි හමුදාවේ ක්‍රමේට පැට්‍රෝල් යන්ඩ කතාවුණා? ඔන්න එහෙනම් අද පැට්‍රෝල් යනවා. පරිස්සමෙන් යමු ඈ. තවම ආධුනිකයොනේ. ඒ නිසා මම දෙන උපදෙස්, අකුරටම පිළිපදින්න ඕනේ. ඊට පිටින් ගිහිල්ලා, ඇඟපතේ කෑලි අඩුවුණා කියලා කියන්ඩ එහෙම එපා ඔන්න. එක්කෝ ඔන්න ඔහේ එකතැන ඉඳගෙන පැට්‍රෝල් යමුද? ඈ……. ඔච්චර තද වෙනවද එහෙම කිව්වම. ඕකනේ කියන්නේ කියන දේ […] ...
ආයෙමත් ඔන්න කතන්දර එකතුවක් Jangun මේ දවස්වල බ්ලොග් ලියන එක බොහොම පරිස්සමෙන් කරන්න වෙලා තියෙන්නේ. පහුගිය ජනවාරියෙන් පස්සේ, අපේ රටේ වෙච්ච දේශපාලන පෙරළිය, ‘රට පෙරළිය’ කියලා කියන තැනට ඇවිත් වගේ. මේ දවස්වල, කොයි මොහොතේ මොකක් වෙයිද කියලා කියන්න බැරි තත්වයක් තියෙන්නේ. ඒ අස්සේ, මම ලියාගෙන ආව ‘පැට්‍රොල් කතා මාලාව‘ අවසන් කිරීම, ටිකක් කල්දාන්න තීරණය කළා. මොකද, මේ දවස්වල එවැනි […] ...