මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (දෙවැනි කොටස) Jangun ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට පිරිනමනු ලබන පදක්කම් පිළිබඳව, ඔබට යම් අවබෝධයක් ලබාදීමටයි, මේ ලිපි පෙළ ලියන්නේ. පසුගිය ලිපියෙන්, පදක්කම් වර්ගීකරණය, පිරිනැමීමේ පිළිවෙත් සහ වීර පදක්කම් පිළිබඳව ඔබට සරල අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා.පසුගිය ලිපියේදී අපි සාකච්ඡා කළා මේ පදක්කම් වර්ගීකරණය කර ඇති ආකාරය. අද අපි බලමු වීර පදක්කම් ලෙස සැලකෙන පදක්කම් වලට පසුව එන […] ...
අවුරුදු දෙකයි, පියවර දෙසීයයි, ලක්ෂ එකහමාරයි! – Oh! Dear….. Two years have gone eh!……. Jangun පුද්ගලයකුගේ හෝ ආයතනයක ප්‍රගතිය පිළිබඳව මනින්න කොපමණ මිණුම් දඬු තිබෙනවාද? ඒ හැම මිණුම් දණ්ඩකටම වඩා හොඳම මිණුම් දණ්ඩ වන්නේ, ඒ පුද්ගලයා හෝ ආයතනය සතු මානව සබඳතා කියලයි, මටනම් හිතෙන්නේ. මා හිතුවේ, විශ්‍රාම දිවිය ඇරඹු පසු, මගේ මානව සබඳතා බොහොමයක් ගිලිහීයනු ඇති කියායි. මොන බොරුද. අදත් යුද හමුදාවේ බොහෝ දෙනෙක්, නොකඩවා මා සමග මිත්‍ර සබඳතාව […] ...
බලුකිරි සමාජයේ බලු වැඩ – බluකිri.com The Ugliest Sri lankan Online Community Jangun කොපි කිරීම අද ඊයේ සිට සිදුවන දෙයක් නොවෙයි නොවැ. ඉස්කෝලේ යන කාලෙත් කරන වැඩක් නොවැ. නමුත් ප්‍රසිද්ධියේ කොපි කිරීම පුද්ගලයකුගේ පහත් ජන්ම ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමක්. මම මේ අඩවියේ පළ කරන ලද ලිපි රාශියක් කිසිදු ලැජ්ජාවක්, හිරිකිතයක්, නැතුව අමු අමුවේ කොපිකර පළ කිරීමට බලුකිරි කාරයෝ සමත්වී ඇත. මේ බව මට මුලින්ම දැනුම් දුන්නේ වටරවුම ලියන මුදියන්සේ. ඊට පස්සේ [...] ...
කෝ ගන්නවා තමුසෙලාගේ රේඩියෝ ලයිසන් ටී.වී. ලයිසන් Jangun අපි අහපු වෑර්ලස් ලිපි මාලාවට ඌන පූරණයකි. මම ඔබෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අද කවුරු හරි රජයේ නිලධාරියෙක් හෝ, ඔබේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි හෝ, පොලීසිය හෝ, පැමිණ ඔබෙන් ඇහුවොත් කෝ රේඩියෝ ලයිසන් කෝ ටී.වී. ලයිසන් කියලා, ඒ පුද්ගලයාට දෙන ඔබේ පිළිතුර වන්නේ ළඟම රෝහලකට ගිහින් මොලය පරීක්ෂා කරගන්න කියන්න එක නේද. ඒ වගේම ඔබත් [...] ...
තුවක්කුවක කට වැසීම Jangun පතරොමක කතාව 2 ලිපියෙන් පස්සේ හරී ගෙන් ඉල්ලීමක් ආවා ට්‍රේසර් බුලට් ගැන ලියන්න කියලා. ඒ වගේම බීට්ල්ගෙන් ඉල්ලීමක් ආවා තුවක්කු වලට සවිකරන සයිලන්සර් ගැන ලියන්න කියලා. ඔන්න ඒ ඉල්ලීම් දෙකම එකවර ඉටුකරනවා. රයිෆලයකින් හෝ පිස්තෝලයකින් හෝ රිවෝල්වරයකින් හෝ වෙඩිල්ලක් තැබීමේදී පිටවන හඬ, සහ යන්තමින් හෝ පිටවන දුම,අවම කරගත හැකිනම්, රහසිගතව යම් වෙඩි තැබීමක් කිරීමට හැකිවනවා. එවිට අවට පරිසරයේ සිටින අය ...
ටෝනි! ඇයි ටෝනි ඔයා ගියේ? Jangun ටෝනි ඇයි ඔයා ගියේ?……….. ඔයාට හිතුනද අපිට ඔයාව අමතකයි කියලා. නැහැ ටෝනි. මගේ දරුවන් පල්ල, මේ ලියන්නේ ඇස් දෙකේ කඳුලුත් තියාගෙන. පපුවේ ගිනි ගුලියක් තියාගෙන. ඔයාව කොහොමද අපිට අමතක වෙන්නේ ටෝනි, මේ මෑත කාලේ ඔයා දකින්න නොලැබුණා කියලා. ඔයා අපේ සිහින කුමාරයෙක් වුනේ, අපි අටේ නවයේ පන්තිවල ඉගෙන ගන්න කාලෙනේ. හිරිමල් වියේදීම ඔයා අපට […] ...
අහෝ ‘පොළොව’ ට්වින්කල් ට්වින්කල් Jangun යාලුවෙක් මිත්‍රයෙක් උදව්වක් උපකාරයක් ඉල්ලුවොත් බෙල්ල කඩාගෙන හරි එය ඉෂ්ඨ කර දීම මා සතු හොඳ (හොඳ? ) පුරුද්දක්. පසුගිය මාස දෙක තුළ, එකම යාළුවාට, දෙවරක්, එකම උදව්ව කරන්න සිදුවුනා. හැබැයි ඒ උදව්ව නිසා මගේ තුන්දොස් සෑහෙන්න ඇවිස්සුනා. මෙන්න මේකයි සිද්ධිය. පළමුවැනි ජවනිකාව දන්නවා නොවැ අර කොම්බු ලකුණ දරණ නාලිකාව………..අන්න හරි. ඒක තමයි. ඒගොල්ලෝ අර ‘ට්වින්කල් [...] ...
ඔන්න කතන්දර මෙන්න කතන්දර Jangun හ්ම්…………හුඟ දවසකින් කතන්දරයක් දෙකක් කියන්න බැරිවුණා. මට මතක හැටියට අන්තිමට කතන්දර කිව්වේ පහුගිය ජනාධිපතිවරණය දවස්වල. මේ දවස්වල මා ජාලය පීරමින් ඉන්නේ, ඔබට හමුදා දැණුම ලබාදෙන ලිපි කීපයක් ඉදිරිපත් කරන්නයි. ඒ අතරතුරේ දැකගන්නට ලැබුන කතන්දර කීපයක් මෙලෙස ඔබවෙත ගෙන එනවා. සාජන්ලා හමුදාවේ සාමාන්‍ය සෙබළුන් දෙදෙනෙක්, අහම්බෙන් දක්වන ලද දක්ෂතා නිසා, එකවරම සැරයන් නිළයට […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (හතරවැනි කොටස) – Battle Appreciation and Plan (Part Four) Jangun කොහොමද සැපදුක්? මාත් එක්ක යුද්දෙට යන්න ලෑස්තිවෙන නිසා හිතට බයක් චකිතයක් එහෙම දැනෙනවද? එහෙම නැත්නම්, කවදද ‘ඔපරේෂන් ගර්ල් ලිෆ්ට්’ හෙවත්, කෙල්ල ඉස්සීමේ මෙහෙයුම කරන්නේ කියලා, ඇඟිලි ගනිමින්ද ඉන්නේ……..? ඔපරේෂන් එක සාර්ථක කරගන්න නම්, ඉතා හොඳ සැලැස්මක් තිබිය යුතුයි. නිකං ආවට ගියාට කෙල්ල උස්සන්න ගියොත්, කෙල්ලගෙ පැත්තේ අය, අපේ බෙල්ල ගලෝලා අතට දෙයි, ‘යන ගමන් […] ...
20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (දෙවැනි කොටස) Expedition ‘Kon Tiki’ (Part Two) Jangun අපේ කතා නායකයා වන තෝර් හෙයඩල් ඉපදුනේ 1914 ඔක්තෝබර් මස 6 වැනිදා, නොර්වේ රාජ්‍යයේ, ‘ලාර්වික්’ නමැති ප්‍රදේශයේදී. ඔහු සත්ත්ව විද්‍යාව සහ භූගෝල විද්‍යාව පිලිබඳ උගතකු මෙන්ම මානව විද්‍යාඥයකු ද වුනා. මුළු ලෝකය පුරාම ඔහුගේ නාමය පැතිර ගියේ, 1947 වර්ෂයේදී ඔහු සිදුකල ත්‍රාසජනක සාගර චාරිකාව නිසයි. එහි ඇති විශේෂත්වය කුමක්ද? එහි ඇති විශේෂත්වය වන්නේ නූතන යුගයේ මිනිසකු, වසර දහස් ගණනක් පැරණි ...
හදිසියේ හමුවුනා Jangun ඊයේ පෙරේදා දිනයක මා සහ මගේ දූවරුන්ද බිරිඳද බැලීමට පැමිණි මගේ බාලම අක්කා, (මට අක්කලා තිදෙනෙක් ඉන්නවා) ඉතා පැරණි ඡායාරූපයක් මගේ අත තැබුවාය. එය සොඳුරු මතකයක් මෙන්ම සිතට වේදනාවක්ද ඇති කරවන ඡායාරූපයක් විය. මගේ අක්කාට අනුව මෙය 1958 වසරේදී ගන්නාලද ඡායාරූපයකි. මේ ඡායාරූපයේ දිග පළල මා දක්වා තිබෙනවා. මෙවැනි ප්‍රමාණයෙන් (සෙ.මී. 8.5 ක් දිග සෙ.මී. 6 ක් පළල) අද ඡායාරූප ...
මේ අරයගෙ මල්ලිලා Jangun ඉබ්බගෙයි හාවගෙයි කතාව වගේම ඉබ්බා අහසින් යන්න ගිහින් කට නිසා මැරුණ හැටිත් අපි හොඳට දන්න කතා. කොක්කු දෙන්නගේ හොටවල් වල රැඳුණු කෝටුවේ එල්ලිලා යද්දී, පිට්ටනියක සෙල්ලම් කරමින් හිටිය කොල්ලෝ පිරිසකගේ හූව ඉවසන්න බැරුව, කට ඇරිය නිසානේ ඒ ඉබ්බා මැරුණේ. මේ එයාගේ මල්ලිලාගේ කතා. සමහරවිට ඔබ මේවා මීට පෙර අසා ඇති. කෙසේ වෙතත් මතකයට නැගුන නිසයි ලියන්නේ. ඔන්න ඉතින් අර ඉබ්බා ...
යුද්ධ කරන්නම ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න. Jangun මෙලොව තුල අතීතයේදීත් තිබුණු, වර්තමානයේත් තිබෙන, අනාගතයේත් අනිවාර්යයෙන්ම තිබෙනු ඇතැයි සිතෙන යුද්ධ කිරීම, මානව වර්ගයා මෙලොවෙන් තුරන් වනතුරුම පවතීයැයි සිතිය හැකියි. සමහරවිට ලෝකය විනාශ වන්නේද එවැනි යුද්ධයකින් නොවෙයි කියා කිව හැක්කේ කාටද? බොහෝ දෙනෙකු සිතන්නේ නවීන යුද ගුවන් යානා, යුද ටැංකි, යුද නැව්, විශාල භට පිරිස් තිබේනම් යුද්ධය පහසුවෙන් ජයගත හැකිවෙයි කියායි. එහෙත් ඇත්ත තත්වය [...] ...
සැඟවුණු මරුවා (දෙවැනි කොටස) – The Sniper (Part Two) Jangun සැඟවුණු මරුවා පළමුවැනි කොටසෙන් මා ඔබට ස්නයිපර් හෙවත් සැඟවුණු තුවක්කුකරුවන් පිළිබඳව මූලික කරුණු විස්තර කළා. අද එහි තවදුරටත් ගැඹුරට ඔබව කැඳවාගෙන යන්නයි උත්සාහ කරන්නේ. සැඟවුණු තුවක්කුකරුවා මෙලොවට බිහිවීම පිලිබඳ දීර්ඝ ඉතිහාසයක් තියනවා. මා එය සංක්ෂිප්තව ඉදිරිපත් කරන්නම්. ස්නයිපර්ගේ යටගියාව 19 වැනි සියවසේ මුල් භාගයේදී රටවල් අතර යුද්ධ වලදී යොදන ලද එක උපක්‍රමයක් තිබුනා. [...] ...
අපි දැකපු කාර් (හතරවැනි කොටස) Vintage Cars in Our Time (Part Four) Jangun මේ පරණ කාර් ලිපි මාලාව මෙතරම් ජනප්‍රියවේ යයි මා මුලින් සිතුවේ නැහැ. නමුත් බොහොමයක් දෙනා මේ ලිපි මාලාව අගය කර තිබෙන අතරම, තමන්ගේ දැණුමද, ලිපි වලට දක්වන ප්‍රතිචාර ලෙස එක්කිරීම නිසා, ලිපි මාලාවට ආලෝකයක් ලැබුණා. මීට කලින් ලියවුන කොටස් තුන කියවා නැති අයට, පළමුවැනි කොටස මෙතැනින්ද, දෙවැනි කොටස මෙතැනින්ද, තුන්වැනි කොටස මෙතැනින්ද, කියවන්න […] ...
රිවෝල්වරය / පිස්තෝලය. මොකක්ද වෙනස? (දෙවැනි කොටස) Jangun රිවෝල්වරය සහ පිස්තෝලය අතර වෙනස ඔබ වෙත ගෙන එම සඳහා මා ඉදිරිපත් කරන ලිපි වලින්, දෙවැනි හෙවත් අවසාන කොටසයි මේ. මේ ලිපියේදී මා ඔබවෙත ගෙන එන්නේ, රිවෝල්වරය පිලිබඳ තොරතුරු ස්වල්පයක් සමග රිවෝල්වරය සහ පිස්තෝලය තාක්ෂණික වශයෙන් සංසන්දනය කිරීමක්. මේ ලිපියේ පළමුවැනි කොටසේදී මා සඳහන් කල ආකාරයර රිවෝල්වරයට වඩා අද ලෝකයේ ජනප්‍රියව පවතින්නේ පිස්තොලයයි. නමුත් රිවෝල්වරය සදාකාලයටම ඉවත දමියහැකි අවියක් නොවේ. ...
හේතුහාමි පොහොර ගැහුවා වගේ Jangun ඉතා කාරුණික ඉල්ලීමයි. මේ ලිපිය ගැන අදහස් දැක්වීමේදී වර්තමාන සමාජයේ කුණුහරප වශයෙන් සම්මත වචන නොයොදන ලෙස ඉල්ලනවා. එවනි වචන සහිත ප්‍රතිචාර සංස්කරණය කොට පලකිරීමට සිදුවන බවද දන්වනවා. හේතුහාමි රජරට ප්‍රදේශයේ ගොවි මහතෙක්. ඔහුගේ වැඩ කඩිසරයි. එමෙන්ම ඔහු නිතරම කෙටි මං ඔස්සේ තම වැඩ කටයුතු කරගන්න දක්ෂයි. ඔහු හේනේ පැල් රැකලා උදේම එනකොට, ඔහුගේ බිරිඳ නොවරදවාම කන්න උයලා, ගෙයි දොරකඩ කුල්ල ...
පුළුවන්නම් වරෙන්කො අපේ පැත්තෙන් යන්ඩ (පළමුවැනි කොටස) – The Deadly Game ‘Ambush’ (Part One) Jangun අපි කොච්චර හොඳින් හිටියත් අපට හතුරුකම් කරන අය ඉන්නවා. අපි පාරේ අයින් වෙලා ගියත්, ඇඟේ හැප්පිලා ගෝරි දාගන්න එන අයත් ඉන්නවා. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි අපිත් මග රැකලා ඉඳලා උන්දලාගේ කොන්ද හරහා පොලු පාරක් දීලා පැනලා දුවන්නේ. වෙනත් වචන වලින් කියනවනම් රැක සිට පහර දීමක් කරන්නේ. හිතේ හයිය තියන අය අභියෝග කරනවා ‘පුළුවන්නම් [...] ...
බුදු අම්මෝ…… මෙන්න පෑනෙන් වෙඩි තියනවෝ………! The Pen Pistol Jangun පෑන කියන උපකරණය තිබෙන්නේ ලියන්න මිසක් වෙඩි තියන්න නෙවෙයි කියලා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හැබැයි එක්තරා කියමනක් තිබෙනවා ‘පෑන කඩුවට වඩා බලවත්’ කියලා. එයින් අදහස් කරන්නේ, අවි ආයුධ රැගෙන සටන් කිරීමට මිනිසා යොමු කිරීමට වඩා, බලවත් […] ...
හමුදාවයි පොලීසියයි මුලින් බෝලෙ දාලා පස්සේ පන්දම අල්ලනවා – Latest Innovations in Warfare Technology Jangun ත්‍රස්තවාදය කිසි දිනක ලෝකයෙන් සම්පූර්ණයෙන් තුරන් කළ නොහැකි සමාජ පිළිලයක්. සමහරුන්ට නම් එය ජීවන මාර්ගයක්. එකක් ඉවර වනවිට තවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් පටන් ගන්න අයට උඩගෙඩි දෙමින්, ඒ කටයුතු සඳහා යම් යම් කණ්ඩායම් උසිගන්වන මෙන්ම, ඔවුන්ව දඩමීමා කරගනිමින්, තම පටු අභිමතාර්ථ ඉෂ්ට කරගන්නටත්, ආයුධ වෙළඳාම වැඩි දියුණු කරගන්නන්ටත් මාන බලන, ජාත්‍යන්තර සංවිධානද, මේ අතර ඉන්නවා. අසීමිත පීඩනයට [...] ...