අහෝ…..පිච්චර් නැති ලැච්චර්………….! Oh………! No Picture………Only Lecture….! Jangun මේ කතන්දරේ ලියන්න හිටියේ ටික දිනකට ඉහතදී. නමුත් මගේ බ්ලොග් කෙටුම්පත් ගොනුවේ ලිපි රාශියක් ගොඩගැහිලා තියනවා. 2013 මැද භාගයේදී කළ කෙටුම්පතකුත් තවම පෝලිමේ තියනවා. එක දිගටම හමුදා කතා ලියනකොටත් ලිවීමත් කියවීමත් එපාවෙනවා නේද? ඒ නිසා සාමාන්‍ය කතා කීපයක් කියලා ඊට පස්සේ යමු හමුදා ලිපියකට. එහෙම හොඳයි නේද? ඉතිං හා කියන්ඩකෝ. අප්පේ………….. ඇති යන්තං. (පින්තූරය ගත්තේ මෙතනින්) […] ...
ඇයි අනේ අඳිනකොට පැනලා අඳින්නේ Jangun මා දන්නවා ඔබ බලාසිටින බව ‘අපි දෙන්නේ සුන්නද්දූලි වෙලා යන්ඩ’ ලිපියේ ඊළඟ කොටස එනතුරු කියලා. නමුත් මේ දිනවල මා ගෙවන්නේ ඉතාම කාර්ය බහුල කාලයක්. ඒ නිසා ඉක්මනින්ම ඒ ලිපියේ ඊළඟ කොටස ඔබ වෙත ගෙනඒම අපහසුයි. මේක පුංචි කතාවක්. ඊයේ පෙරේදා අපේ ගමේ අවුරුදු උත්සවය තිබුනා. ‘ලංකාදීප’ පත්තරේ ඔන්න ලොකු විස්තරයක් තිබුනා මගේ නමත් එක්ක. අම්මෝ [...] ...
රන බළලුව සොයාගතිමි (පළමුවැනි කොටස) Jangun ජොනී ශ්‍රී වර්ණසිංහ නමැති ලේඛකයා විසින් රචිත, ‘රණ බළලුව’ නමැති නවකතාව පිළිබඳව, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියන ලද කෙටි ලිපියක්, පසුගිය නොවැම්බර් මාසයේ දී, මේ අඩවියේ පළවුනා ඔබට මතකද? මතක නැති අයට, මෙතනින් එය කියවා බැලිය හැකියි. එම ලිපිය කියවූ, දැනට විදෙස් ගතව සිටින මහතකු, තමන්ට කිසිදු ප්‍රසිද්ධියක් අවශ්‍ය නොවන බවත්, තම පියා සතුව […] ...
වැට ගහන්නෝ, වැට රකින්නෝ සහ වැට කඩන්නෝ (පළමුවැනි කොටස) Jangun තමන්ගේ ඉඩම වටේට වැටක් ගහගන්න එක අනාදිමත් කාලයක ඉඳලා මිනිසා විසින් කරන ආරක්ෂාකාරී පියවරක් නොවැ. හැබැයි ඉතිං පනින එකා ඔය කොයි වැටත් පනිනවා. දැකලා තියනවද දඬු වැට කියන එක. දඬු වැට කියන්නේ, හේන් ගොවිතැනේදී, හේන වටා ඉදිකරන වැට. හේන සඳහා තෝරාගත් බිමේ තිබෙන විශාල ගස්, කපා ගිනි තැබීමෙන් පසු ඉතිරිවන, විශාල අතු සහ කඳන් […] ...
ගිනි කෑම සාධාරණද? Jangun ගිනි කනවා කියන යෙදුම, අපි කුඩා කාලයේ අහපු දෙයක්. මෙහිදී, ගිනි කෑම යනුවෙන් අදහස් කරන්නේ, නීතීඥයන් විසින්, තම සේවාදායකයන්ගෙන් ගාස්තු අයකිරීමයි. ඉතා ඈත අතීතයේ සිට, නීතීඥ ගාස්තු පිළිබඳව, මහජනතාවගේ මැසිවිලි අසන්නට ලැබෙනවා. ඉස්සර ලංකාවේ හිටිය සමහර නීතීඥවරු, ඉඩම් ඔප්පුවක් ලියන්න ගියාම, කරුණු නොතේරෙන අහිංසක ගැමියන්ගෙන්, ‘මුද්දර ගාස්තු’ යනුවෙන් එක වරක් සහ stamp fees යනුවෙන් […] ...
ඔයා සපත්තු පොලිෂ් කරන්නේ කොහොමද? Jangun අපි කුඩා දරුවන් කාලයේ ලංකාවේ ජනගහනයෙන් සපත්තු පළඳින්නට ඇත්තේ 50% කට මඳක් වැඩියෙන් වෙන්න ඇති කියා මට හිතෙනවා. ඒ කාලයේදී පාරේ තොටේ යනවිට සපත්තු සෙරෙප්පු කිසිවක් නැතිව ගමන් කරන අය ඕනෑ තරම් දකින්න ලැබුනා. අදනම් එකේ අනික්පැත්තයි තියෙන්නේ. අද 99% ක් දෙනා සපත්තු සෙරෙප්පු පළඳිනවා. ශ්‍රී ලංකාවේ මිලියන 22 ක් පමණ වන ජනගහනය වසරකට සපත්තු / සෙරෙප්පු කුට්ටම් මිලියන 50 ...
මේ අඩවිය දැකලා තියනවද? Jangun තරමක් වෙනස් ආකාරයේ තොරතුරු ඇතුළත් බ්ලොග් අඩවියක්, මා දැනට මාස කීපයකට පෙර සිට කියවනවා. මා හිතනවා තවමත් ඒ අඩවිය ප්‍රමාණවත් තරමින් පාඨක අවධානයට ලක්වී නැතැයි කියා. අපේ පැරණි අභිචාර විධි පිළිබඳව විශේෂ අධ්‍යයනයක යෙදෙන විශ්ව විද්‍යාල සිසුන්ට, ආචාර්ය උපාධියක් සඳහා නිබන්ධනයකට සුදුසු මාතෘකාවක් සොයන කෙනෙකුට, ලංකාවේ පැරණි දේව ඇදහිලි පිබඳ කරුණු සොයන […] ...
මගේ පුස්තකාලයෙන් – A Glimps from My Library Jangun මගේ පුස්තකාලයෙන් තවත් පොතක් ඔබට හඳුන්වාදෙන්නට සිතුනා. කාලීනව මෙවැනි පොත් ඔබ වෙත හඳුන්වා දෙන්නේ ඔබේ කියවීමේ රුචිය සහ දැණුම වර්ධනය කිරීමේ අරමුණින් යුක්තවයි. මේ පොත ඉතා අගනා ඓතිහාසික, සමාජ විද්‍යාත්මක, ආර්ථික, මෙන්ම සංග්‍රාමික තොරතුරු රැසක් හෙළිකරන මහාර්ඝ ග්රන්ථ රත්නයක් ලෙස හඳුන්වන්නට කැමතියි. මේ පොතට පාදක වන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත් කාලවකවානුවක් වූ මහනුවර යුගයයි. […] ...
එහෙනං නොදැවී 60 ක් ගැහුවා ඈ………. Oh Dear!….I am not out 60 Jangun ජීවිත සටහනක් ලියන්න මිනිසුන් පෙළඹෙන්නේ විවිධ හේතු නිසා. නමුත් සෑම මිනිසාම කිසියම් ජීවිත සටහනක් තැබීම නම් වැදගත්. ආත්ම කථනය කියන්නේ බොහොම පරෙස්සමෙන් කළයුතු දෙයක්. ආත්ම කථනය මගේ වුනාට එයින් අන් කවරකුට හෝ හානියක් වනවානම් එය අසාධාරණයි. ඒ නිසා මේ සටහන තබන්නේ බොහොම පරෙස්සමෙන් කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි. 60 වැනි උපන්දිනය සමරන අද දවසේ […] ...
හමුදා පොතේ කියලා තියෙන්නේ මෙන්න මෙහෙමයි…….. – The Crowd Dispersal Jangun පසුගිය දිනවල, වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම, අප හැමදෙනාගේම සිත්වල බලවත් කම්පනයක් ඇතිකළ බව නොරහසක්. මේ සිද්ධිය නිසා, සමස්ත ශ්‍රී ලංකා යුද හමුදාව කෙරෙහිම, පින්තුරය ගත්තේ මෙතනින් මහජනතාව තුළ කිසියම් අප්‍රසාදයක් ඇතිවීමත් නොරහසක්. දැන් මේ සිද්ධිය පිළිබඳව විවිධ පාර්ශව විසින් විවිධ දෘෂ්ටි කෝණ වලින් අදහස් දැක්වීම් සිදුකෙරෙනවා. මා දුටු ආකාරයට මේ පිළිබඳව වැඩිම පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් […] ...
මොනවද අනේ ඔය එල්ලගෙන ඉන්නේ (පළමුවැනි කොටස) Jangun බලන්නකෝ මේ පින්තූරේ ඉන්න හමුදා නිළධාරියාගේ නිළ ඇඳුමේ එල්ලගෙන ඉන්න පදක්කම් ගොඩ. ඒ මදිවට පපුවේ දකුණු පැත්තේ තවත් මොනවද පාට පාට කෑලි වගයක් ගහගෙන ඉන්නවා. ඔබත් දැකලා ඇති ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිළධාරීන් තම නිළ ඇඳුමේ මෙවැනි දේවල් එල්ලාගෙන ඉන්න හැටි. පොදුවේ සලකා බැලුවොත්, ඔබෙන් සෑහෙන දෙනෙක් දන්නවා, ඒ තියෙන්නේ පදක්කම් කියලා කියන්න. […] ...
අපේ වාර්ෂික සංචාරේ Jangun මම මීට කලිනුත් ලිපි දෙකක් ලියලා තියනවා, අපේ වාර්ෂික සංචාරය ගැන. පළමුවැනි ලිපිය මෙතනින් සහ දෙවැනි ලිපිය මෙතනින් බලන්න පුළුවන්. සෑම අවුරුද්දකම, පෙබරවාරි හතර වැනිදා, ඒ කියන්නේ ජාතික නිදහස් දිනයේදී, අපේ පුංචි ජනාවාසයේ ඉන්න මහජනතාවගේ, සුබසිද්ධිය වෙනුවෙන් පවත්වාගෙන යන, සුබසාධක සංගමයෙන්, චාරිකාවක් යනවා. මේ රූපයේ තියෙන්නේ අපේ සමිතියේ ලාංඡනය. සමිතියේ නම, එක්සත් සුබසාධක සමිතිය. […] ...
ගුරුවරුන්ට තහනම්……..! Jangun බස්නාහිර මහ ඇමතිතුමා කියනවා ගුරුවරියන්ගේ බුරිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කියලා. නැටුම් වලදී සිසුවියන්ගේ බුරිත් එපාලු. ඌව මහ ඇමති කියනවා, ගුරුවරුන්ට පාසල් වෙලාව තුළ, ජංගම දුරකථන පාවිච්චිය තහනම්ලු. පාවිච්චි කළොත් මාරුවීමක් දෙනවලු. ඉතුරු පළාත්වල මහා ඇමතිතුමන්ලාත්, දැන්ම තම තමන්ගේ තහනම් නියෝග ටික ගුරුවරුන්ට දුන්නානම් හොඳයි. එතකොට අධ්‍යාපන අමාත්‍යංශයට පුළුවන්, ඔය ඔක්කොම නියෝග […] ...
යුද්ධ කරන්නෝ සහ නොකරන්නෝ (පළමුවැනි කොටස)…………….. Combatants and Non Combatants (Part One) Jangun යුද්ධයක් කරනකොට රටක මුළු හමුදාවම යුද්ධ කරනවද එහෙම නැත්නම් යුද්ධ නොකරණ අයත් ඉන්නවද? හැබෑටම මේ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? මේ ලිපිය ලියන්න හිතුනේ, පහුගිය දිනක, එක්තරා බ්ලොග් අඩවියක, සියල්ල දත් වර්ගයේ මෝඩ ඇනෝවකු විසින් දමා තිබුන, දෙකොනින් හිනායන කමෙන්ට් එකක් නිසා. ඔහුගේ අදහස අනුව, ශ්‍රී ලංකාවේ පසුගිය සමයේ තිබුන බෙදුම්වාදී යුද්ධයේදී, ලක්ෂ දෙකක් පමණ […] ...
සංග්‍රාමයේ පියසටහන් (තුන්වැනි කොටස) Milestones of Warfare (Part Three) Jangun 50 weapons that changed Warfare නමැති කෘතිය ඇසුරෙනි සංග්‍රාමයේ පියසටහන් ලිපි මාලාව පිළිබඳව ලැබෙන පාඨක ප්‍රතිචාර වලින් පෙනීයන්නේ, සංග්‍රාමය නමැති විෂයය පිළිබඳව උනන්දුවක් දක්වන, සෑහෙන පිරිසක් සිටින බවයි. ලිපි මාලාවේ පළමුවැනි කොටස මෙන්ම දෙවැනි කොටස කෙරෙහිත් සෑහෙන පාඨක අවධානයක් ලැබී තිබුණා. මෙවැනි ලිපි වලින්, ඓතිහාසික තොරතුරු ඔබවෙත ගෙන ඒමක් […] ...
ඔයාට ජර්මනියෙන් තෑගි ඕනෙද……? – Do you want gifts from Germany? Jangun දන්නවද වැඩක්. මට මගේ ජංගම දුරකතනයට ලැබුනානේ කෙටි පණිවිඩයක්, මට තෑග්ගක් ලැබෙන්ඩ තියනවා, වහාම ඇමතුමක් දෙන්ඩ කියලා. පණිවිඩේ ආව නොම්මරේ මුලට තියෙන්නේ 0037, හොයලා බැලින්නං, ඒ නොම්මරේ අයිති ජර්මනියට. හප්පොච්චියේ…………………..අපේ හත්මුතු පරම්පරාවේ එකෙකුටවත් ආයෙ පිටරටින් තෑග්ගක් තියා, කඩල ගොට්ටක් වත් හම්බවෙලා තියන එකක්යැ. පණිවිඩේ ආවේ රෑ වෙලා. අම්මපා දවාලක නම් එවෙලේම මම යනවා ජර්මනියට. […] ...
චිකේ….. මටමනේ වෙන්නේ…………… Is this Murphy’s Law Jangun පින්තූරේ දැක්කගමන් හිතාගන්න පුළුවන් නේද? ඔව් ඔව්, එව්වා කතාවක් තමා. ඇයි අර, අරයට හොඳනම්, එතකොට අර, මෙයා, ඔව් ඔව්, අන්න එයාට හොඳනම්, අර…..මේ මේ, අනික් එක්කෙනාට හොඳනම්, මමත් එකක් ලිව්වම මොකද එව්වා ගැන? ඔව්වට කොහෙද අනේ වයස බලපාන්නේ. මොකද මේ සිද්ධිය වුණේ වයස නිසාම නෙවෙයිනේ. මගේ තියන කම්මැලිකමයි නොසැළකිල්ලයි නිසා. බලන්ඩකො මේ පින්තූරේ ඉන්න […] ...
පැට්‍රෝල් ගහන්නැතුව පැට්‍රෝල් යමුද? (1 වන කොටස) ………………………. Let’s Learn Military Patrolling (Part One) Jangun අපිට හමුදා තොරතුරු මොකවත් කතාකරන්න බැරිවුණා නේද කාලෙකින්? මං හිතන්නේ, අන්තිමට කතාකරේ……………හරි හරි මතක් වුණා, ෆීල්ඩ් මාර්ෂල් කතන්දරේ නේ. කෝ අනේ. තවම ඒ තනතුර දුන්නේ නැහැනේ. බලමුකෝ දින 100 ට පෙර ඒකත් කෙරෙයිද නොකෙරෙයිද කියලා. ඕනේ කුදයක් ගහගන්නේ නැතෑ. අපිට මොකද. හරි, එහෙනම් බහිමුද අද කතාවට? අම්මපා පැට්‍රෝල් නොගහා කොහොමද පැට්‍රෝල් යන්නේ? පැට්‍රෝල් […] ...
එන්න බලන්න බේබදු මැජික් Jangun හප්පෝ……….යන්ඩ යන්ඩ ඔය පොඩි ළමයි ඔක්කොම යන්ඩ. මේක ලොකුම ලොකු ළමයින්ට විතරයි. ඔන්න නොකිව්වයි කියන්ඩනම් එපා……… මෙව්වා බලලා බේබදුකමට හුරුවුණා කියලා. මෙව්වා ඉතින්, අපි වගේ, අ/මද්‍යප විශේෂඥයින්ට පමණක් සීමාවූ දේවල්. බ්ලොග් කියවන සකල සත්වයා කෙරෙහි පහළවූ මහා කරුණාව නිසයි, කියලා දෙන්ඩ හිතුවේ. ඔය දැන් මෙතන ඉන්න ලොකු ළමයි අතරින්, හැදිච්ච දෙමව්පියන්ගේ නැහැදිච්ච ළමයි […] ...
සෝ ෆා සෝ ගුඩ්? සෝෆා නෝ ගුඩ්…… So far so good? Sofa no good! Jangun ඉංග්‍රීසි භාෂාවේදී so far so good කියන්නේ, මෙච්චර වෙලා කියපු කරපු දේවල් තේරුණා නේද? එහෙමත් නැත්නම්, යම්කිසි කාර්ය භාරයක, ව්‍යාපෘතියක, ‘මෙතෙක් අවසන් කළ දේ ගැන ගැටළුවක් නැහැ නේද’ කියන තේරුමෙන් නේද? මට අද කියන්න තියෙන්නේ, sofa no good කියලා. ඒ කියමන කළින් කිව්ව එකට වඩා වෙනස් බව පෙනෙනවානේ. මෙන්න මේකයි කතන්දරේ. අපේ ලොකු […] ...